රන්දුණු POV
අසිහියෙන් වගේ ඉඳපු මැණික්වත් වාහනේට දාගත්ත මං රකිත්ට කෝල් කරෙත් බීච් එකට වරෙන් කියල විතරයි....හේතුව කියල ඌත් පිස්සු කෙලියොත් මොනවා කරන්නද....අනික අපි හරියට දන්නෙ නෑනෙ ඒ අරවින්දිමද කියල....වෙන්නත් පුලුවන් නොවෙන්නත් පුලුවන්....
"මහත්තයා මගෙ සුද්දි....ඒ සුද්දි නෙවේ වෙන්නැති මහත්තයා...."
"කලබල නොවී ඉන්නකො බබා....අපි හරියටම දන්නෙ නෑනෙ...."
"කලබල නොවී කොහොමද....ඒ මගෙ නංගි...!!! "
අත් දෙකත් එක්ක වෙවුලද්දි පුලුවන් තරම් වේගෙන් වාහනේ අරන් ගිය මං වාහනේ නවත්තලා මැණික් එක්කම බැස්සා....මගෙ අතේ එල්ලුන කොල්ලා කෑගහද්දි වෙනදටනම් කෑගහන්න එපා කියල මම සැර කරත් අද එයා ඉන්න පීඩනේ දන්න හින්දම මම පාඩුවෙ හිටියා....
"මචන් මොකද්ද සීන් එක ඇයි මෙතනට එන්න කීවෙ....සුද්දා...."
"රකිත් කලබල නොකර වරෙන්....මට දෙන්නෙක් කන්ට්‍රෝල් කරන්න බෑ...."
ඒත් එක්කම රකිත්ගෙ වාහනෙත් අපි ගාවින් නවත්තද්දි කලබල නොකර වරෙන් කියල ඌට කලින්ම කියපු මං එහෙමම ගියෙ ඔෆිසර් කියපු දිහාවට....එතන පොලිසියෙන් දෙතුන් දෙනෙක් හිටියා වෙද්දි වටේ මිනිස්සුත් කීප දෙනෙක් එකතු වෙලා හිටියා....
"ඉන්ස්පෙක්ටර්..."
"අහ් මිස්ට අධිකාරි....බොඩි එක උදේ තමයි වෙරළට ගහගෙන ඇවිත් තියෙන්නෙ....පොඩ්ඩක් බලන්න මේ ඔයාල හොයන ගෑනු ලමයද කියල...."
මැණික් මගෙ අත මිරිකන් අල්ලන් ඉඳිද්දි අනිත් පැත්තෙන් රකිත් මගෙ ගාවට ආවා....
"මචන් මෙතන මොකද්ද වෙන්නෙ....ඔෆිසර් මොකද්ද මේ කියන්නෙ...."
බොඩි එක වහල තිබ්බ රෙද්ද අයින් අරල බලන්න තරම් හයියක් අනිත් දෙන්නටම නෑ කියල තේරෙද්දි රකිත්ට මැණික්ව අල්ලගන්න කියපු මං බොඩි එකේ මූණ හරියට කිට්‍ටු උනා....
'දෙවියනේ මේ අරවින්දි නම් වෙන්න එපා...'
දෙවියන්ට කිය කියම හිතට හයිය ගත්ත මං රෙද්ද අහකට කරා වගේම අහක් කර සැනින් මාව වෙරළෙම ඉන්ද උනා....
"අ...අර...වින්දි...."
""සුද්දියේ....!!! මගෙ සුද්දි....අනේ...හ්....රත්තරනේ නැගිටපන්....මගෙ සුද්දී....හ්...මහත්තයා....හ්..."
"සුදු නෝනා....සුදු නෝනා කතාකරපන්....උඹට බෑ මාව දාල යන්න....නැගිටපන්....සුදු නෝනා....අපේ පුතා උඹ එනකල් බලා ඉන්නවා....සුදු නෝනා නැගිටපන්...."
හිතට දැනුන ශොක් එකත් එක්ක මම එහෙමම ඉඳිද්දි කඩාගෙන ආව මැණික් යටිගිරියෙන් බෙරිහන් දුන්නා වෙද්දි අරවින්දිව බදාගෙන විලාප තිබ්බා....ටික වෙලාවක් පාඩුවෙ බලාහිටපු රකිත් පිස්සුවෙන් වගේ මැණික්ව අයින් කරල බොඩි එක හොලව හොලව කියවන්න ගත්තා....ඌ අඬන්නෑ කෑගහන්නෑ ඌ කියනවනවා....
'මේ කෙල්ල මොනවද මේ කරගත්තෙ....මොනවද අපි මේ දකින්නෙ...'
"සුද්දීහ්....අනේ නැගිටපන් නංගී....මහ...ත්තයා මගෙ...කෙල්ල....ඒකිට නැගි...ටින්න කියන්න...මහ...."
හරි සිහියට ආව මං ඉන්දවිලා ඉඳපු තැනින් නැගිටලා මැණික්ව මට වාරු කරගත්තා වෙද්දි හූල්ල හූල්ල අඬපු කොල්ලට එහෙමම මගෙ අතේම සිහි නැති උනා....
"සුදු නෝනා නැගිටපන් යකෝ නැගිටපන්....ඇයි උඹ...මෙ...ච්..චර හිතුව..ක්කාර උනේ....නැගිට...පන් ...මගෙ මැණිකේ..."
බොඩි එක හොලව හොලව කෑගහපු රකිත් අන්තිමේ වෙරළෙ ඉඳගත්තා වෙද්දි ඒකා කෙස් වලින් ඇද ඇද ඇඬුවා...මට තේරෙන්නෑ මේ දෙන්නව කොහොම කන්ට්‍රොල් කරන්නද කියල....
"මිස්ට අධිකාරි...අවර් ඩිපස්ට් සිම්පති....දැන් කාගෙ කවුද කියල අයිඩෙන්ටිෆයි කරගත්ත හින්දා මෙතනින් බොඩි එක අයින් කරල හොස්පිට්ල් එකට ගෙනියන්න ඕනි....ඔබතුමාලත් හොස්පිට්ල් එකට ඇවිත් බොඩි එක භාරගන්න...."
රකිත්ව වටවෙලා ඉඳපු මිනිස්සු දෙන්නෙක් ඉදිරිපත් වෙලා අල්ලගනිද්දි පොලිසියෙන් අරවින්දිගෙ බොඩි එක අරන් ගියා....තාමත් සිහිය නැතිව ඉන්න මැණික්ව වාහනෙන් තිබ්බ මං රකිත්වත් වාරු කරගෙන දාගෙන කෙළින්ම හොස්පිට්ල් එකට වාහනේ හැරෙව්වා....මේ වෙච්ච දේවල් හීනයක් වගේ....
ඇයි මේ ළමයි මෙච්චර මෝඩ තීරණ ගන්නෙ....ජීවිතේක වටිනාකම නොතේරෙන්නෙ ඇයි....අරවින්දිට වැරදුණා ඒක හරි....හැබැයි එයාට තිබ්බා ඒ වැරැද්දෙන් පන්නරයක් අරන් ජීවිතේ ඉතුරු කාලෙ හරියට ගෙවන්න ...දැන් හැමදේම වෙලා ඉවරයි....අරවින්දි ආයෙත් අපි ගාවට එන්නෙ නෑ.....එයා හැමදේකින්ම නිදහස් වෙලා යන්නම ගිහින්....
හොස්පිට්ල් එකට ඇවිත් බහිද්දි රකිත්ගෙ මූණෙන් කිසි හැඟීමක් පේන්නෙ නැති වෙන්නෙ මට තේරුනා මූ ඉන්නෙ පොඩ්ඩක්වත් හොඳින් නෙවෙයි කියල....දුක උපරිම උනාම ගලක් වෙන එක උගෙ හැටියක්....මැණික්ට තවමත් සිහිය නොආව හින්දම දැනුන බය තව වැඩිවෙද්දි රකිත්ට වාඩි වෙල ඉන්න කියපු මං කොල්ලව අරන් ඩොක්ට කෙනෙක් හොයාගෙන දිව්වා....
මැණික්ට සිහිය එන්න පැය කීපයක් යද්දි ඩොක්ටර්ලා කිව්වෙ දැනුන ශොක් එක වැඩි හින්දයි එහෙම වෙලා තියෙන්නෙ කියල....රකිත් බලාගත්ත අතේ බලාගෙන....මේ මොන විදිහෙ අවනඩුවක්ද කියන්න මටවත් තේරෙන්නෙ නෑ.....හොස්පිට්ල් එකේ බේබි රූම් එකේ අලුත් ඉපදිච්ච පැටියා ඉන්නකොට ඩෙත් බොඩි එකක් විදිහට දරුවගෙ අම්මව අරන් ආවා....දරුවගෙ මාමා සිහිය නැතුව ඇඳක් උඩ....අප්පච්චි වෙන්න පොර කාපු එකා හැඟීමක් නැති මූණෙන් ඔහේ ඉඳගෙන ඉන්නවා....
මං දන්නෑ රකිත් මෙවෙලෙ මොනවා හිතනවද කියල....හැබැයි ඌ වැටෙන්න ඕනි උපරිම වැටිලා කියල මූණෙන්ම පේනවා....අරවින්දිට ආදරේ කරපු තරමට ඌව ගොඩගන්න සෑහෙන අමාරු වෙයි....
කල්පනා ලෝකෙ ඉඳපු මං ගැස්සිලා ගියෙ මගෙ අතින් අල්ලපු සීතල අතක් හින්දා වෙද්දි එකපාරම බලපු මං දැක්කෙ කඳුලු පිරිච්ච ඇස් වලින් මා දිහා බලා ඉන්නෙ මැණික්....
"මහත්තයා ඒක නරක හීනයක් නේද....මගෙ සුද්දි හොඳින්නෙ නේද...කියන්නකො... කෝ මගෙ සුද්දි...."
"මැණික්...."
"මහත්....තයා ඇයි....ඇයි ඒකි එහෙම දෙයක් කරගත්තෙ....අනේ මහත්තයා මට දරාග...න්න බෑ....මගෙ නංගි.....මහත්ත..යා මගෙ නංගිව ගෙනැත් දෙ...න්නකෝ...හ්...."
ඇඳේ ඉඳගෙනම මාව බලාගත්ත කොල්ලා ආයෙම අඬන්න ගද්දි ඒකව සනසගන්න බැරුව මම පුදුමාකාර විදිහට අසරණ උනා....ගෙනැත් දෙන්න පුලුවන් දෙයක් නම් ලෝකෙ පෙරලල හරි ගෙනැත් දෙනවා මගෙ මැණික....ඒත් අරවින්දිව කොහොමද මං ආපහු ගේන්නෙ....මං කොහොමද බන් උඹේ හිත හදන්නෙ....
"මචන් රන්දුණු බොඩි එක දැන් භාරගන්න පුලුවන්ලු.....උඹ පලයන් මම කොල්ලව බලන්නම්...."
"රකිත්....මේ අහපන් මගෙ එකා....උඹට අඬන්න ඕනි නම් අඬපන්....ඔහොම ඉන්න එපා යකෝ....උඹ මනුස්සයෙක් ගල් ගෙඩියක් නෙවෙයි...."
_________________________________________
සියපත් POV
මහත්තයා මගෙ සුද්දි භාරගන්න ගියා....කට පුරා සුද්දියේ කිව්ව ඒකිට මං කොහොමද මිනිය කියන්නෙ....මට බෑ.....පණ තිබ්බා නැතා ඒකි හැමදාම මගෙ සුද්දි...
හිතුවක්කාර උනාම බැන්නා...අප්පා නොදන්න පැටියෙක් බඩට ඇවිත් කියල දැනගත්ත දවසෙ පලවෙනි පාරට මං ඒකිට ගැහුවා...ඒ උනත් ඒකි මොනවා කරත් මම කාටත් වඩා ඒකිට ආදරේ කරා....ඒකිත් හරි මගෙ පණත් හරි.....කොච්චර රණ්ඩු උනත් හිත රිදෙන වචන කීවත් දවසක් ගතවෙන්නත් කලින් ඒ සේරම අමතක කරල දාන මං ඒකි එක්ක සමාදාන උනා....මගෙ මොන වැඩේ තිබ්බා මම ඒකි ගැන හොයල බැලුවා....
මං දන්නෑ මගෙ සුද්දියේ මගෙන් උඹට අඩුවක් උනාද කියල...මේ අයියගෙ ආදරේ උඹට දැනුනෙ නැද්ද කියල....මම දැනුවත්ව උඹට වරදක් කරේ නෑ බන්....ඇයි අපිව දාල සදහටම යන්න ගියෙ....ඇයි....ඇයි එහෙම කරේ....
උඹට පණ ඇරලා ආදරේ කරපු රකිත් අයියා බලා ගත්ත අතේ බලාන ඉන්නවා....උඹේ පුංචි පැටියා....අනේ ඒකාට කවදාවත් අම්මව දකින්න වාසනාවක් නැද්ද බන්....ඇයි උඹ ඔහොම ඒකව දාල ගියෙ....උඹ කොහොමද සුද්දි ඔය තරම් දුෂ්ඨ උනේ.....ඔය තරම් ආත්මාථකාමී උනේ.....ඇයි උඹට ආදරේ කරන අනිත් මිනිස්සු ගැන මොහොතක් නොහිතුවෙ ....ඔය තරම් ආනන්තරීය පවක් කරගන්න තරම් උඹ හිත හදා ගත්තෙ කොහොමද....
මට තේරෙන්නෑ බන් මට තේරෙන්නෑ.....ආයෙ මං සුද්දි කියල කතා කරන්නෙ කාටද....රණ්ඩු වෙන්නෙ කා එක්කද....මට කියල දීලා පලයන්....ආපහු ඇවිත් මට කියල දීලා පලයන්....
ඇයි යකෝ මම මෙච්චර කාලකණ්ණි.....අම්මා අප්පච්චි පොඩි කාලෙම මාව දාලා යන්න ගියා....ඊළඟට අත්තම්මා....දැන් උඹ....ඇයි උඹලා සේරමල මාව තනිකරල යන්න යන්නෙ....ඇයි....මගෙ මොන වරදක්ද උඹල සේරමල මට මෙහෙම කරන්නෙ.....ඇයි මාව මෙහෙම තනිකරේ...
හිත දහස් වාරයක් අඬාවැටෙනවා....ඒ සමානවම ඇස් වලින් කඳුලු වැක්කෙරෙද්දි ඉඳගෙන ඉඳපු ඇඳෙන් නැගිටගත්ත මං කකුල් දෙකට වාරු අරන් හොස්පිට්ල් එකේ බේබි රූම් එක තියෙන පැත්තට ඇවිදන් ගියා....රකිත් අයියා මාව නවත්තන්න හැදුවෙ නෑ එයාත් මගෙ පස්සෙන්ම ආවා....මං දන්නවා රකිත් අයියා ඔය ගලක් වගේ හිටියට පපුව පැලෙනතරම් වේදනාවක් උහුලනවා කියල....එයා සුද්දිට ආදරේ කරපු තරම කොච්චරද දැක්කෙ වටේ හිටපු මමයි මහත්තයායින....
බේබි රූම් එකේ වීදුරුවෙන් පේන පුතාගෙ වීදුරු පෙට්ටිය දිහා ටික වෙලාවක් බලාන ඉඳපු මං එහෙමම බිත්තියට පිට දීලා එතනින් ඉඳගත්තා...
අහිංසකයා දන්නෙ නෑ ඒකාගෙ අම්මා ඒකව දාලා යන්නම ගිහින් කියල....අපිව දාලා යන්නම ගිහින් කියල....අම්මාගෙ උණුහුමක් විඳින්න ඒකා පින් කරල නෑ කියල....තාත්තගෙ උණුහුම උඹට මම මහත්තයා රකිත් අයියා දුන්නත් කෝ පුතේ උඹට මෙතනින් එහාට අම්මෙක්....
උඹේ අම්මා එකක් තරහ වෙන්න එපා පුතේ...ඒකි හරි මෝඩයි.....මෝඩම මෝඩයි....ඒකනෙ මෙච්චර ඉක්මනට ජීවිතේ අතඇරියෙ....ඒකි ප්‍රශ්න වලින් පැනලා ගියා....මගෙ මෝඩ කෙල්ල පැනල ගියා....
බනින්න හේතු දාහක් අතරෙ එකම එක දේකට උඹට ස්තූති කරන්නම් සුද්දියේ....පුතු පැටියව මේ ලෝකෙට ගෙනාවට උඹට පින්....
උඹ කියල හිතාගෙන උඹේ ලේ මම හදාගන්නම්...
ඉන්න තැනක ඉඳන් ඒකා ලොකු වෙන හැටි බලා ඉඳපන්....
𝓣𝓸 𝓫𝓮 𝓬𝓸𝓷𝓽𝓲𝓷𝓾𝓮𝓭