මම ඇහැරුනේ මගේ නහයට දැනුන මේ ලෝකේ තියන සුවදවල් අතරින් මම ආසම සුවදක් වෙන පෑන්කේක් සුවදට.කෙලින්ම කිව්වොත් පෑන්කේක් කියන්නේ ආගමක් නම් මම එය අදහන දෙවියා හරි කවුරුහරි වෙමි.ඇදෙන් රෝල් වෙලා ගිහින් බිම වැටිලා පුපත් ඇනගෙන මම වංගු නැතුව බැලුවෙ ඔරලෝසුව දිහා.යසයි යසයි බේසිකයෝ උබ නැගිටපු වෙලාව,යකෝ දවල් දොලහටත් කිට්ටු වෙලා.හෙ හෙ..මේකනේ අනේ,මම ඔය හිමිදිරි වෘක පැටියෙක් නෙවෙයිනේ.අනික මං අහන්නේ කාටද පුලුවන් මහ පාන්දර ඇහැරෙන්න.මං නම් කියන්නේ ඔය උදේ පාන්දරම නැගිටලා යැයි යැයි ගාන්න පුලුවන් මොලේ අමාරුකාරයොන්ටම විතරයි.
මම හරිනේ?? ආ නැද්ද ??
(හරි හරි ඉතින් කෑගහන්න එපා අම්මට මේක අදාල නෑ අප්පා)
කොහොමහරි ඉතින් ඇනුන පුපත් අතගාගෙන නිදිමරගාතෙම මම බඩගාගෙන වගේ ගිහින් බාතෲම් එකට වැදිලා හොට් වෝටර් ශවර් එක ඇරලා නාලා සුන්දර මලක් වගේ සුවද ගගහා එලියට ආවා.ආපු ගමන් ටාර් ගාලා ශෝටකුයි ආම් කට් ස්කිනි එකකුයි දාගෙන මගේ පෑන් කේක් ලව් එක හොයන් පහලට දිව්වා.
"ආ සුදු පුතා,හොදට නිදාගත්තනේ??" මගේ අම්මා ඇහුවා.
මගේ අම්මා තමයි මීදුම් සහස්‍රා සූරියආරච්චි.ඉතින් එයා ගැන කිව්වොත් කලු පාට ඉන ලගට දිග කඩාහැලෙන කොන්ඩයක් තියන ටිකක් මිටි කෙට්ටු කෙනෙක්.එයාට තියෙන්නේ හරි කාරුණික හදවතක්.ඒ වගේම එයා තදින් ඉන්න වෙලාවලුත් තියනවා.අම්මටත් තිබුනෙ මට වගේම හරි ලස්සන කොළ පාට ඇස් දෙකක්.මම දැකපු ලස්සනම කෙනා තමා මගේ අම්මා.මං ඉතින් හරි ආදරෙයි අනේ අපේ කොළ ඇස් කෙල්ලට.
"ඔව් අම්මා...මැරිලා වගේ නින්ද ගියානේ..".....කෝ තාත්තා ??"
"අහ්...තාත්තා උදේම ඇල්ෆා භාතිය ගේ වැඩ වගයකට ගියා.සුදු පුතා ඔයා ඇවිත් කන්න.ඔයාට පෑන්කේක් කීයක් ඕනද?" අම්මා උත්තර දුන්නා.
"හරි එහෙනම් හයක් විතර"
මම එහෙම කියලා අම්මා කෑම එක දුන්නට පස්සේ ඒක ගිලින්න පටන් ගත්තා.
ඇත්තටම අපි පහුගිය කාලේ එල්පිස් වල ගමක ඉදලා ඔරිගන් වල සැන්ටාසියාවේ තියන අයිල්ස් නිම්නයේ පදිංචියට ගියා.එහෙදී මගේ තාත්තා ඇල්ෆා කෙනෙක් විදියට හිටියේ.ඒත් ලොකු කාලයක් අපිට ඉන්න හම්බුනේ නෑ.සතුරු කණ්ඩායමක් පහර දුන්න නිසා අපිට අපේ ජීවිත බේරගන්න දුවන්න සිද්ධ වුණා.ජීවිත ගලවගත්ත අපේ ඉතුරු අය ලෝකෙ වටේම තියන අනික් වෘක කණ්ඩායම් වලට බැදෙන්න ගියා.
මගේ අම්මට තාත්තව මුනගැහිලා තිබුණේ නිවාඩුවක් ගත කරන්න ගිය වෙලාවක. ඉතින් පස්සේ එයාලා කතා වෙලා සැන්ටාසියාවලම පදිංචි වෙන්න තීරණය කරා.
මගේ තාත්තා දැන් ඉන්න කණ්ඩායම් නායකයා,ඒ කිව්වේ ඇල්ෆා භාතිය ට පක්ෂපාතීව වැඩ කරනවා කියලා දිවුරා පොරොන්දු වුණ නිසා අපිට මේ කණ්ඩායමට එකතු වෙන්න පුලුවන් වුනා.නායකයට ගැටලුකාරී අවස්ථාවලදී ඒවා විසදගන්න තාත්තා සාමාන්‍යයෙන් උදව් කරනවා.ඒ වගේම මට දැන ගන්න හම්බුනා ඇල්ෆා භාතිය එයාගේ තනතුරෙන් අයින් වෙලා ඒක එයාගෙ පුතාට දෙනවා කියලා.
ඇත්තම කියනෝනන් මම ටිකක් කලබල වෙලා ඉන්නේ.මොකද හෙට මම අයිල්ස් නිම්නයේ අලුත් පාසලකට යනවා.ඇත්තටම මට තේරෙන්නේ නෑ ඉස්කෝලේ ඉවර කරන්න සති දෙක තුනක් තියන් මං මොන කෙහෙල්මලකට ඒකට යනවද කියලා.මට ඕන ඇල්ෆා රජතුමාගේ මාළිගාවේ සෙබලෙක් වෙන්න විතරයි.අනික ඒකට ශ්‍රේණියක් බලන්නෙත් නැහ්.මේ මිනිසුන්ගෙත් වෙලාවකට තීන්නේ මහ මෝඩ නීතී.
අනිත් එක ඔයාලා බලනවා ඇති ඇයි මම හැම වෙලාවෙම hoodie එකකින් මගේ මූණ වහන් ඉන්නේ කියලා.මොකද මම කැමති නෑ කවුරුවත් මාව පෙනුමෙන් විනිශ්චය කරනවට,මට ඕන මිනිස්සු මගේ මූන මතක තියාගන්නවට වඩා මාව මතක තියාගන්න.එහෙම නැතුව මගේ මූනේ කැලලක් තීන නිසාවත්,මම කැත නිසාවත්,මම මගේ මූණ ගැන ගොඩක් කෙයා කරන නිසාවත් නෙවෙයි.පෞද්ගලිකව මම දකින්නේ පෙනුමෙන් තව කෙනෙක්ව විනිශ්චය කරන මිනිස්සු හරිම නූගත් හාදයෝ විදියට.මොකද පිට රූපේ මොන වගේ උනත් අපි දන්නේ නෑනේ ඒ කෙනාගේ ඇතුලාන්තෙ මොන වගේද කියලා.
ඇත්තටම මම hoodie එක නැතුව ඉන්නවා දැකලා තීන්නේ මගේ පවුලේ අයයි,ළගම යාලුවො දෙතුන් දෙනයි විතරයි.එහෙම hoodie එක දාගෙන හිටියා කියලා මේ අවුරුදු ගානටම මට ඒකෙන් අමුතු ජනප්‍රියත්වයක්වත් මුකුත් ලැබුනේ නෑ.මොකද ඉතින් හැමෝම හිතන්නේ ඒක මහ විකාරයක් කියලනේ.ඒත් ඉතින් මේ ඉස්කෝලෙදි නම් මොනා වෙයිද කියලා හිතාගන්න බැරුව ඉන්නේ..
සමහරවිට මට මගේ mate වත් එහෙදි හම්බෙයි නෙහ්?...
"සුදු පුතා ඔයා හොදින්ද ?? මම දැන් බලාගෙන ගොඩක් වෙලා ඉදන් ඔයා කල්පනා කරනවා.කොහොමහරි කමක් නෑ,ඔයා දැන් කාලා ඉවර නිසා මගෙන් පැනලා යන්න නම් හිතන්න එපා.හරී???
Let's go shoppppping...."
"මොකාකාකාකාක්.....oh my god අම්මා....අයියෝයෝයෝ...please අනේ මට නම් බෑ අප්පාපාපා..."මම නහයෙන් අඩන්න ගත්තා.
"අනේ අම්මා හුනේ අම්මා නෙවෙයි.අපි යනවා.ඒ නිසා ඉක්මනට ගිහින් ලෑස්තිවෙන්න.අපි ඉක්මනට ගියොත් ඉක්මන්ටම ගෙදර ඉන්න පුලුවන්.
"ආආආඅහ්හ්හ් හා හා හරි හරි.."
මම කුනු කුනු ගගා උඩ තට්ටුවට ඇවිදන් ගියේ අපේ අම්මා එක්ක කියවලා දිනන එක කොහෙත්ම කරන්න බැරි වැඩක් කියලා දන්න හින්දා.විශ්වාස කරන්න මාව,ඔයාට සාමෙන් සතුටින් ගෙදර ඉන්න ඕන නන් අම්මා මොනා කිව්වත් කමක් නෑ දෙපාරක් හිතන්නේ නැතුව ඒ හැම එකටම එකග වෙන්න.අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි මෙව්වා.හුම්...
මම ඉතින් මගේ මූන වැහෙන විදියට තොප්පියක් තියන අත් දිග hoodie එකට,ripped denim එක ඇදලා සුදු ස්නිකර්ස් දෙකක් දාගෙන පොඩියට perfume පාරකුත් දාන් watch එක බැදගන්න ගමන් අම්මා හොයන් පහලට ගියා.
"අහ් ඔයා ආවද? අපි එහෙනන් shoppppping යමූමූමූමූමූමූ..යේ යේ....
එයා උඩ පැන පැන කෑගහන්න ගත්තා.ඔයාලට කියන්න අනේ අපේ අම්මා වෙලාවකට හරියට පොඩි ළමයෙක් වගේ.ඒ අතින් බැලුවම මම හොදයි.ඔව් ඔයා හිතුවා හරියටම හරී.මට shopping කරන එක තරම් එපා වෙන මොකුත් නෑ .ඒකට අපේ ආදරණීය මව් තුමියගේ වැඩේම මාව හරි තාත්තව හරි ඇදගෙන යන එක තමා.හැබැයි ඉතින් අපේ තාත්තාට නම් ඔය වෙලාවට කියන්න හරි අපූරු නිදහසට කාරණාවක් තියනවා."මම ඇල්ෆා භාතියගේ වැඩ වගයකට යන්න ඕනා" යැයි යැයි තමා.
බලන්නකෝ ඉතිම් කොච්චර වාසනාවන්ත වෘකයෙක්ද කියලා.
අපේ අම්මා මාවත් ඇදගෙන ගිහින් කාරෙකේ දොර ඇරලා මාව පැසෙන්ජර් ශීට් එකට තල්ලු කරලා දැම්මා.බලන්නකෝ අනේ ඒ ආදරේ තරම.තව ටිකෙන් කොන්ද ලෙප්ට් වෙනවා.ඊට පස්සෙ එයා ඇවිත් කාර් එක start කරගත්තම මම ලොකුම ලොකු හුස්මකුත් අරං shopping කරන්න ලෑස්ති වුනා.
අපි shopping mall එකට ආවට පස්සේ ,අපේ කොළ ඇස් කෙල්ලගේ කලබලේ කොච්චරද කියනෝනන් කාර් එක නවත්තපු ගමන් ඒකෙන් එලියට පනින්න ගිහින් තව ටිකෙන් හොම්බත් ඇණ ගන්නවා.මම නම් ඉතින් හිමීට කාරෙකෙන් බැහැලා ඇවිත් අම්මා ලගට ගියා.Mall එකට ගිහින් අම්මා කෙලින්ම ගියේ ladies floor එකට .මමත් ඉතින් ඔය hoodie,denim තියන පැත්තට ඔලුව දැම්මා.
දෙයියනේ කියලා පිස්සු හැදෙන පැය දෙක තුනකට පස්සේ මම අරන් තිබ්බේ hoodie තුනකුයි,ඩෙනිම් දෙකකුයි,ශෝටවල් තුනකුයි.ඒකට අපේ අම්මා.හයියෝ කියලා වැඩක් නෑ .ඇදුම්,මේක්අප්,සපත්තු බෑග් දහයක් විතර තිබ්බා.
මෙහ්...අම්මත් එක්ක shopping කරලා නැද්ද??How sad....try කරලා බලන්න.යන ගමන් මිනීපෙට්ටියක් order කරන්න හිතෙයි.
ගෙදර ආපු ගමන් මං කලේ මගේ ජාතික ඇද වෙච්ච පුටු සෙටියට පතබෑවුන එක.අම්මා නන් කුස්සියට ගියා රෑ කෑම ලෑස්ති කරන්න කියලා.
ඉස්සරහ දොර ඇරෙන සද්දෙට හාන්සිවෙලා ඉන්න ගමන්ම ඔලුව දාලා බැලුවේ කවුද කියලා.
"තාත්තේඒඒඒඒ" මම පොඩි එකෙක් වගේ කෑගහගෙන එයාගෙ ඇගට පැන්නා.
"කෝමද සුදූ" එයා හිනාවුණා.
අම්මත් කාමරේට ඇවිත් කෝලෙක් වගේ තාත්තගෙ ඇගේ එල්ලිලා ඉන්න මාව දැකලා හිනාවෙන්න ගත්තා.
"රෑ කෑම ලෑස්තී ඇවිත් කාලා ඉන්න" අම්මා හිනා වෙවීම එහෙම කියලා ගියා.
තාත්තත් ඉතින් මාව හිමීට බිම තියලා ආදරෙන් අන්ධ වුණ බලු කුක්කෙක් වගේ අම්මගේ පස්සෙන් ගියා.තුන්දෙනා එක්ක කයියකුත් දාන් රෑ කෑමත් ඉවර කරලා මං දෙන්නටම උම්මා එකකුත් දීලා උඩට ආවා.
මම එහෙම්ම ඇදට වැටුනේ හෙට දවස මොන වගේ වෙයිද කියලා කල්පනා කරන ගමන්.......
___________________________________
ඔන්න පළවෙනි චැපිය දුන්නා.හිතනවා හොදයි කියලා.ඔයාලගෙ අදහස් කියන්න.
තුන් වෙනි චැප්ටර් එකේ ඉදන් තමා අපේ අනික් ප්‍රධාන චරිතේ එන්නේ.ඒත් පලවෙනි දෙක කියවන්නේ නැතුව ඉන්න එපා.මොකද ඒ චැපි දෙක වැදගත්...
මේක daily දෙන්නනම් බැරි වෙයි...සතියකට එකක් ගානේ වගේ දෙන්නම්.මොකද මම තාම ලියන ගමන් ඉන්නේ...
මේ කතාව ගැන ඔයාලගේ යාලුවොන්ටත් කියලා support එකක් දෙන්න.
ඊලග Chapter එකෙන් හම්බෙමු....
ආදරෙයි පෑන්කේක් එකක් තරම්...
😗💜️
එන්නම් ඈ...චෙරියෝ...😌🦋