"මහත්තයා අන්නාසි ගෙනාවෙ නෑද...."
"ඔය බෑග් එකේ නැද්ද මැණික්....නැත්තන් අමතක වෙලා....ඇයි බන් වෙන පලතුරු නෑ වගේ අන්නාසියක්ම හොයන්නෙ....කාපන්කො ඔය ඇපල් මිදි එහෙම තියෙන්නෙ....කෙසෙලුත් තියෙන්නෙ මේ...."
"මම නෙවේ අනේ සුද්දිනෙ පෙරේතකමේ නටන්නෙ...ගෙනැත් දුන්නැත්තන් මූණ එල්ලන් තරහ පිරිමහනවා....ආසා දේවල් ගෙනැත් දෙන්නෑ හිර කරලා ගගා රටේ නැති දේවල් කියනවා....ඒවා අහන් ඉන්නවට වඩා හොඳයි ඉල්ලන දෙයක් ගෙනැත් දෙන එක...."
"ඔය අඹ වගේකුත් තිබ්බා නේද....මිල්ක් ශේක් එකක් හදන්නකො බබා හැමෝටම....අන්නාසි නැති උනාට කමක් නෑ ඕක බොන්න කියහන්...."
මහත්තයා අද ගෙදරට බඩු ගේන්න ගියා...මමත් යන්න හිටියට කැම්පස් එකේ වැඩ වගයක් තිබුණු හින්දා යන්න උනේ නෑ...ඒ ටික කරල ඉවර වෙද්දිම වගේ මහත්තයත් එද්දි අපි දෙන්නම එකතු වෙලා ගෙනා බඩු ටික අස් කරන්න ගත්තා....එදා තාත්තව හම්බෙලා ආපු දවසෙන් පස්සෙ මහත්තයා දිගටම හිටියෙ මෙහෙ....එහෙ ගෙදර ගියෙම නෑ....යන්නෙත් නෑලු....තාත්ත දැන් අපි ගැන දන්න හින්දා තවත් හැංඟි හැංඟි ඉන්න ඕන්නෑ කියල මහත්තයා කියන්නෙ....එයා බය නෑ පොඩ්ඩක්වත්....කොච්චර උනත් මට නම් බයක් දැනෙනවා....තාත්තා එහෙම ලේසියෙන් මහත්තයට ඕනි දේ කරන්න ඉඩ දෙන එකක් නෑ කියලමයි මට හිතෙන්නෙ....එන දේකට එන විදිහට මූණ දෙනවා...වෙන මොනවා කරන්නද....
කල්පනා කර කරම මිල්ක් ශේක් එක හදපු මං මහත්තයගෙ එක එයාගෙ අතටම දීලා සුද්දිගෙ කෝප්පෙත් අරගෙන කාමරේට ගියා....එක්සෑම් ලඟ හින්දා දැන් කෙල්ල පාඩම් කරනවා....කොයි වෙලේ බැලුවත් පොතක් අතේමයි....පාඩම් නම් කරනවා ඒ උනත් ක්ලාස් වල දෙන ටෙස්ට් වලට ලකුණු නෑ ඒ තරම්....මං නම් කියන්නෙම පාස්ට් පේපර්ස් කරන්න කියල....කියන දෙයක් අහන කෙනෙක් නෙවේනෙ එයාට ඕනි දේ විතරයි කරන්නෙ....අනික කොයි වෙලෙත් ඔහොම පොතේම ඇලිලා ඉන්න ගිහින් මෙයා අසනීප වෙනව ළඟදිම ඒක මට ශුවර්....දැන් කීප පාරක්ම කලන්තෙ දැම්මා අපි ගෙදර ඉන්නකොටම....ඩොක්ට ගාවට යන් කීවට ඒ එන්නෙත් නෑ තියෙන හිතුවක්කාරකමට....
"සුද්දි මේක බීලා පාඩම් කරන්න...."
"මොනවද...."
"මිල්ක් ශේක් එකක්...බීලා ඉන්නකො..."
"තියල යන්න බොන්න බැරියැ...."
"තියල යන්න නෙවේ බීලා ඉන්නවා....කන්නෙත් නෑ බොන්නෙත් නෑ....ඇදිලා ගිහින් දැන්....ඔහොම පුලුවන්ද...පාඩම් කරන දෙයක් ඔලුවට යන්නත් හරියට කාලා බීලා ඉන්න ඕනි...."
"අපෝ ඕන් පටන් ගත්තා...කනක් ඇහෙන්න නෑනෙ ඉතිං...කෝ දෙනවා..."
මම පොඩ්ඩක් සැරෙන් කතා කරාම මිල්ක් ශේක් එක ගත්ත සුද්දි මගෙත් එක්ක තරහ පිරිමහන්න වගේ ඒක එක දිගට බොන්න ගියත් ,
බ්වෑක්..බ්ව්...."
මිල්ක් ශේක් එක එහෙමම තියල අතින් කට වහගත්ත සුද්දි බාත් රූම් එකට දිව්වා වෙද්දි කෙල්ලට වමනෙ දානෙ සද්දෙ කාමරේටත් ඇහුනා....
"සුද්දී...සුද්දි මොකද උනේ....මේ දොර අරින්නකො..."
"වද දෙන්නැතුව යනවකො අයියෙ....මට පාඩුවෙ ඉන්න දෙනවා...."
කේන්තියෙන් පිරිච්ච සුද්දිගෙ කටහඬ බාතෲම් එක ඇතුලෙන් ඇහෙද්දි කොප්පෙත් අරගෙනම මම එලියට ආවා....අනේ මන්දන්නෑ වෙලාවකට හොඳට කතා කරනවා මා එක්ක....ආයෙ පුපුරනවා....ආයෙ අමුත්තෙක් වගේ හැසිරෙනවා....එක එක ඒවා එක්කො කන්න ඉල්ලනවා....ඒක හදල දුන්නම බෑ කියනවා....මූණටම බනිනවා....මේ කෙල්ලට මොනවා වෙලාද මන්දා....ගේ අස්සෙම ඉන්න හින්දා වෙන්නැති ඔය....දැන් මාස දෙක්කටත් කිට්ටුයිනෙ ගේ අස්සටම වෙලා....
"මහත්තයා....ඔයා හවස බිසීද...."
"නෑ බබා....ඇයි...."
"මහත්තයා එහෙනම් අපි සුද්දිව බලෙන් හරි ඩොක්ට කෙනෙක් ලඟට එක්ක යන්කො....කන්නෙ නෑ හරියට කලන්තෙ දානවා එහෙන්....දැන් අන්න මිල්ක් ශේක් එක බීලා වමනෙ ගියා....බලා ඉන්න බෑනෙ මහත්තයා මෙහෙම....අසනීපයක්ද කවුද දන්නෙ...."
"වමනෙ ගියා...දැන්....! ලෑස්ති වෙන්න එහෙනම් මැණික් හවස කොහොම හරි එක්කන් යමු...."
"වෙලාවකට මටත් හිතෙනවා අර රකිත් අයියා කිව්වා වගේ අපි ගාව අපේ කියල දැනුම් තේරුම් තියෙන ගෑනු කෙනෙක් හිටියනම් කොච්චර හොඳද කියල....කෙල්ලන්ගෙ හැමදේම අපිට තේරෙන්නෑ මහත්තයා...උන්ගෙ හැඟීම් උනත් අපිට හරියටම තේරෙන්නෑ තවත් ගෑණියෙක්ටම මිසක්....ඉස්සර උනත් සුද්දි ගැන මට නොදැනෙන නොතේරෙන ගොඩක් දේවල් කියා දුන්නෙ අත්තම්මා...."
"කතාව නම් ඇත්ත තමයි බබා....අත්තම්මාවත් හිටියනම් සුද්දි ඔච්චර නොමග යන්න කලින් අපිට නවත්තගන්න තිබ්බා....එහෙනම් සුද්දි හැරෙද්දි එයා කියයි මොකාටද එන්නෙ කියල....කොහොමහරි දැන් මොනදේ කරන්න ඉන්නෙත් කොල්ලො වෙච්ච අපි විතරනෙ....හවස අරන් යන් බලෙන් හරි....රකිත්ට කියන්න ඕනිද....කීවොත් නම් එයි ඕකා මොන වැඩේ කර කර හිටියත් දාලා...."
"ඕන්නෑ මහත්තයා....මේවා කියන්න ගියොත් රකිත් අයියා බයවෙයි....අපි දෙන්නා එක්ක ගිහින් බෙහෙත් ටිකක් අරන් දෙමු...."
________________________________________
"මහත්තයා මොනවද ඔච්චර චෙක් කරන්නෙ...."
"එහෙම තමයි මැණික්....රිපෝට් ආවට පස්සෙ අපිට කතා කරයිනෙ...."
සුද්දි බෑ කියල යුද්ධ කරද්දි හවස බලෙන්ම අපි එයාව හොස්පිට්ල් අරන් ආවා....බලන් ඉන්නවා කියල හැමදාම බලන් ඉන්න බෑනෙ....එකපාර ඔහොම කලන්තෙ දාන්න හේතුවක් තියෙන්න ඕනිනෙ....සුද්දිව චෙක් කරපු ඩොක්ට විස්තර අන්තිමට මොන මොනවදෝ ටෙස්ට් වගේකුත් කරා....මහත්තයා නම් ඕව හොඳට දන්නවා ඇති....උනකට හෙම්බිරිස්සාවකට බෙහෙත් ගත්තට හොස්පිට්ල් වල දේවල් මට ඒ තරම් තේරෙන්නෙ නෑ....සුද්දිගෙ ලේ ගත්තා....තව යූරින් ඔහොම චෙක් කරා මම හිතන්නෙ....අන්තිමට අපිට එලියට යන්න කියල සුද්දිව තනියම තියාගෙනත් චෙක් කරා....ටික වෙලාවක් අපි එලියෙන් වාඩි වෙලා හිටියා....මහත්තයගෙ නම් මූණ හෙන බැරෑරුම් පාටයි....මොනවා කල්පනා කරනවද මන්දා....මට කියන්නෙත් නෑ....
"පේශන් තේජනා ගෙ භාරකාරයො එන්න...."
"ඩොක්ට...."
"ඔයාලා පේශන්ගෙ...."
"අපි එයාගෙ අයියලා...."
ඩොක්ට ඇවිත් කතා කරද්දි මමයි මහත්තයායි දෙන්නම ගියා වෙද්දි ඩොක්ට අපි දෙන්නා දිහාම අමුතු විදිහකට බැලුවා....ඒක තද බැල්මක්...හරියට අපි අයියලා නෙවේ කියල සැක කරනවා වගේ....මට කේන්තිත් ආවා ඒ බලපු විදිහට....
"පේරන්ට්ස්ලා ආවෙ නැද්ද කවුරුත්...."
"දේ ආ නොට් අලයිව් ඩොක්ට...."
"ඔහ් ආම් රියලි සොරි....ඔයාලගෙන් කෙනෙක් එන්න මාව මීට් වෙන්න....අනිත් කෙනා පේශන් ලඟට යන්න...."
මහත්තයා ඩොක්ට මීට් වෙන්න යද්දි මම සුද්දි ගාවට ගියා....කෙල්ලගෙ මූණත් එක්ක මොකදෝ වෙලා...
"සුද්දි ඇයි මේ....."
"අයියේ...."
මම කතා කරද්දි සෑහෙන කාලෙකට පස්සෙ සුද්දි මාව බදාගත්තා....කෙල්ල අඬනවා....ඇයි දෙයියනේ මේ....මගෙත් ඇස් වලට කඳුලු පිරීගෙන එද්දි මම සුද්දිගෙ හිස් මුදුනට හාදුවක් තියල ඔලුව අතගෑවා....
"ඇයි සුද්දියේ මේ....අඬන්නෙ ඇයි....බයවෙන්න එපා දැන් ඩොක්ට චෙක් කරානෙ....බෙහෙත් බීවම සේරම හරියයි....අඬන්න එපා මගෙ සුද්දි චණ්ඩි කෙල්ලෙක්නෙ..."
පුලුවන් විදිහට සුද්දිගෙ හිත හදපු මං කඳුලුත් පිහල කෙල්ලව එක්කන් එලියට ආවා....පව් කොච්චර කීවත් බය වෙලානෙ ඇත්තෙ....මට විශ්වාසයි මගෙ සුද්දිට එහෙම ලොකු අසනීපයක් නැතුව ඇති....අපේ පවුලෙ කාටවක්වත් එහෙම අසනීප තිබ්බෙත් නෑනෙ.....මහත්තයා ගියානෙ ඩොක්ට හම්බෙන්න....එයාට අහගෙන එයිනෙ ඔක්කොම විස්තරේ.....
රූම් එක ඉස්සරහම තිබුණු පුටුවල සුද්දි එක්කම වාඩිඋනු මං මහත්තයා එනකල් බලා හිටියා....එයා එන්න පරක්කු වෙන්න වෙන්න අමුතු බයකින් මගෙ හිත පිරීගෙන යනව මට දැනුනා උනත් හිත හයිය කරගත්ත මං දරාගෙන හිටියා....මම බයවෙලා කොහොමද....එතකොට සුද්දිත් තව බය වෙනවා....
පැය භාගයකට විතර පස්සෙ කොරිඩෝ එකේ ඈතින් මතූ වුනු මහත්තයා දැකපු මගෙ හිතට ලොකු සැනසීමක් දැනුනා වෙද්දි සුද්දි එක්කම මම ඉඳගෙන හිටපු තැනින් නැගිට්ටා....
"මහත්තයා මොකද කීවෙ....බයවෙන්න දෙයක් නෑ නේද...."
"ගෙදර යන් මැණික්....අරවින්දි එනවා...."
මහත්තයා කේන්තියෙන්....ඇයි මේ....ලඟට ආවමයි මම දැක්කෙ එයාගෙ ඇස් රතුවෙලා....මා එක්ක කතා කරේ උනත් කේන්තියෙන්.....අපිව ඇදගෙන වගේ හොස්පිට්ල් එකෙන් එලියට අරන් ආව මහත්තයා වාහනේ ස්ටාට් කරල ගත්ත වේගෙට තව පොඩ්ඩෙන් මාව ඉස්සරහට විසික් වෙනවා....
"ශීට් බෙල්ට් එක දාගන්නවා මැණික්...මොන මගුලක්ද කරන්නෙ හැරි හැරී...."
"හ්....හරි මහත්තයා ඇයි මේ....අ...අපි හෙමින් යන්කො...."
"කටවහගෙන මෙන්න මේක අරන් රකිත්ට කෝල් එක්ක අරන් දෙන්න...."
"ඇයි රකිත් අයියා...."
"ප්‍රශ්න නාහා කියපු දේ කරනවා....!!"
මහත්තයා වාහනේ දෙදරන්න කෑගහද්දි මොකක් වෙලාද හිතා ගන්න බැරුව වෙවුලන ඇඟිලි එක්ක ඔට්ටු වෙලා රකිත් අයියට ගත්ත මං ෆෝන් එක මහත්තයා අතට දුන්නා....සුද්දි දැම්මම අඬනවා...
"ශිට්....ෆෝන් එක ආන්ස්වර් කරන්නෙත් නෑ පරයා..."
පලවෙනි පාර ගනිද්දි රකිත් අයියා ෆෝන් එක ගන්නෙ නැති වෙද්දි ස්ටීරින් වීල් එකටත් පාරක් ගහපු මහත්තයා ෆෝන් එක මගෙ උකුලට විසික් කරා....
"ඕන් ඕකාට ආයෙ ගන්න බබා....අරන් ස්පීකර් ඔන් කරන්න...."
මං රකිත් අයියට ආයෙම ගත්තා වෙද්දි ටික වෙලාවක් රින් වුනු ෆෝන් එක ආන්ස්වර් කරා....
"රන්දුණුවා කියපන්....කලිනුත් රින් වෙනවා ඇහුනා මම බාත් රූම් එකේ හිටියෙ...."
"තෝ මොන මගුලෙ හිටියත් මට වැඩක් නෑ.....විනාඩි දහයක් ඇතුලත අපාර්ට්මන්ට් එකට වරෙන්...."
"ඇයි බන්....මං කොහොමත් හවස එන්න හිටියෙ....මොකද්ද කේස් එක...."
"කටවහන් කියපු දේ කරපන් පරයා....මාව ගෙන්නගන්න ලෑස්ති වෙන්න එපා ඔහෙට...."
𝓣𝓸 𝓫𝓮 𝓬𝓸𝓷𝓽𝓲𝓷𝓾𝓮𝓭