"පුංචප්පු! නැගිටපන්.. තෝ ඊයෙත් දවල් වෙනකම් නිදාගත්තා. නැගිටපිය වතුර බාල්දියක් ගෙනල්ලා හලන්න කලින්."
"තා චුට්ටයි..."
"මුන්ව හදන්න බැ. දැන් අර මිනිස්සු එද්දි කුණු කෙලත් පෙරාගෙන හිටපන්"
"ම්ම්ම් හ්හ්ම්ම්ම්.."
.
.
.
.
.
"නැගිටපිය.."
*චටාස්*
"ආව් අම්මා..." මං පස්සත් අත ගාගෙන නැගිට්ටෙ අම්මගෙ හනසු පාරෙන්. ඒ නැගිට්ටත් බැන බැන යනවා. ආ...
මේ අවුරුද්දක් හින්ද මමයි දුක් විදින්නෙ. නිවාඩුවක් හම්බුනා ඒකෙව්ත් නිදහසක් නැ. ඊයෙ තුත්තිරිගහමුලින් කිය්ල නෑදැයො සෙට් එකක් ආවා. උන්ගෙ පොඩි උන් එක්ක වැලි සෙල්ලම් කරන්නත් වුනා. අදත් මොකෙක් හරි එනව. ශිට්. මොකාද බන් මේ අවුරුද්ද හොයාගත්ත එකා. ඇයි බන් සූර්‍යයා උබ මීනෙන් මේශෙට යද්දි අපිටත් වද දීගෙනම යන්නෙ. සද්ද නැතුව පලයන්කො. ඔක්කොමට කලින් නැකැත් හොයාගත්ත පගය මොකාද ඒකෙත් නෑගම් යාමක් දැම්ම එකා මොකාද!?
මේ මුලු සමාජෙත් එක්කම මට තරහයි.
මං කොන්ඩෙ ඇදගන්න ගමන් ඉද්දි අම්මා ආයෙම හනස්ස උස්සන් ආවා. නැගිටලනෙ ඉන්නෙ ආයෙ ගහන්නද යන්නෙ.. මං මොකටත් වකුටු වුනා.
" ආ.."
අම්මා මගෙ ඇගේ රුපියල් පන්සියක් ගැහැව්වා.
" කඩේට ගිහින් ලෙමන් පෆ් ලොකු පැකට් එකක් අරන් වරෙන් ඉක්මනට"
පේනවනෙ කඩේ යවන්න තමා මාව තියාන ඉන්නෙ. ඇයි යකො අර නන්ගි කියල එකියක් ඉන්නෙ එකිට කියපියව්කො. කරන ඇති වැඩකුත් නැ පොඩි උට්ටි.
මං අර මාසෙකින් විතර හොදල නැති මගෙ දුබුරු පාට කමිසෙත් දාගෙන කුනු කෙලත් අතින් පිහ පිහම බාටා දෙකත් දාන් කඩේට යන්න එලියට බැස්සා. ගමේ එවුන් එක්ක සිරික්කියකුත් දාන් කමල ඇන්ටිට ඇහැක් ගහල නිම්නා අක්කගෙ පුපට මගින් කඩාගත්ත කෝට්ටෙන් ගැහැව්වා. මේව අපිට සාමාන්‍යයි බ්‍රො. ඒකිත් ඇඹරිල යන්නං මල්ලියා ගෑවා. ඒකි මට කැමති ද කොහෙ. ඉන්න ගමන් වචනෙ දාල බලන්නෝනෙ. අව්ලක් නෑනෙ අක්කගෙ ඉස්සරහ සහ පස්සා පාර්ට් ඔක්කොම ලොකුයි. හැඩයි මූන පොඩ්ඩක් ඇදයි. කමක් නැ අපි මුනෙන් නෙමෙනෙ වැඩ ගන්නෙ. එකිට උයන්න පුලුවන්ද දන්නැ. අම්ම කැමති වෙයිද මේකිට.. ඔක්කොටම කලින් අප්පච්චිව කැමති කරගන්න එපැයි.
කල්පනා කර කරම කඩේ ලගටත් ඇවිත්. කඩේ ළඟ සුප්පා වාහනයක් නතර කරල තිබ්බා. ඒකෙ අස්සෙ කිපදෙනෙක් ඉන්නවත් එක්ක. ඒක දිහා බලන් එන්න ගිහින් කඩෙ දොරකොඩම මාව ගලක වගෙ මොකේක හරි හැප්පුන කියහන්කො. සල බලං සද්දෙකුත් ඇහුනා මොනවහරි වැටුනා. මං බැලුව මොකක්ද වුනේ කියල.
අම්මට හුඩු පර සුද්දෙක් වගෙ එකෙක් මා දිහා බලන් ඉන්නවා කන්න වගේ. උට තරහ ගිහින්ද කොහෙද. බුදු අම්මො මුගෙ ඇස් ලස්සනයි ඒයි. මට නිකම් අමුතු ලැජ්ජාවක් ආවා ඇස් දිහා බැලුවම. සුද්දෙක්ගෙ ඇස් තිබ්බෙ. එව්වයෙ පාට නම් මොකක්ද මන්දා.. උගෙ කොන්ඩෙ නම් ඈතින් එන හුලගට මූනට වැටිලා කට ළගත් වදිනවා. ඩ්‍රාම එකක්ද ඩො මේක. ලස්සන සුද්දෙක්නෙ මූ. මේ ගමේ මං මෙහෙම එකෙක් කලින් දැකල නෑනෙ. ආ නෑගමක් ආව එකෙක් වෙන්ඩැ. කව්ද යකෝ පර සුද්දම්ගෙ නෑයො මෙහේ ඉන්න. පට්ට හැන්ඩ්සම් අය්‍යෝ
ඒත් ඇයි මේ පගා ඔරවන් ඉන්නෙ. හරිනෙ ඉතින් මගෙ කකුල් පාමුල මූ කඩෙන් ගත්ත බඩුද කොහෙද ඔක්කොම වැටිලා. මං අර කාර් එක දිහා බලන්නෙ ආවෙ. මම මහ ගොන් පාට හිනාවක් දැම්මා.
රුපියල් පන්සිය සාක්කුවෙ දාගෙන අරුට බඩු ටික ඇහිදල දෙන්න මම නැමුනා. ඌත් මා එක්කම බිමට නැමුනා. " උඩ බලන්ද අයිසෙ යන්නෙ?"
ටහුඩු. පර සුද්දට සිංහල හොඳට පුලුවන්නෙ. මම ඌ දිහා බැලුවා. උගෙ ඇස් ඒපාර නම් කොන්ඩෙන් වැහිලා ගිහිල්ලා. ඒ කොණ්ඩෙ තඹ පාටයි. අව්ව වැටිලා දිලිසෙනවා. ලස්සනයි බන්.
මං ඌව බැලිල්ල පැත්තකින් දාලා බඩු ටික ඇහිදින්න උදව් කළා. " නෑ බන් පුක බලාන ආවෙ මං.."
මං කිව්වම අරු මං දිහා බැලුවද කොහෙද. ඒත් මුකුත් කිව්වෙ නෑ. මම බඩු එකින් එක ඇහින්දා. යකෝ මුන් යන ගෙදරට මාසෙක්ට විතර බඩු අරන්නෙ. එතන කිලෝ පහේ හාල් කොට්ට දෙකයි, මාරි බිස්කට්, ක්‍රිම් කැකර්, ලෙමන් පෆ්, තේ කොල, සබන් , දත්බේත්, සිද්දාලේප, නුඩ්ල්ස්, පැස්ටා, තුනපහ, මිරිස් කුඩු එකී මෙකී නොකී කුළු බඩු, වැලි තලප, කේක් පෙට්ටියක්, සොසේජස්, මුරුක්කු පැකට් දෙකක්, අලිය බීම බෝතලෙයි, කොකාකෝලා, ජින්ජර් බියර්.. ඔය හැම මගුලක්ම තිබ්බා. තව පැත්තකින් එලවලු මල්ලත් වැටිල තිබ්බා. ඒක නම් එහෙම්මම හිටල බිම ..ඒ නිසා එලවලු අහුලම්න නෑ.
" මං අහුලගන්නම්.. ඔයා යන්න.." පර සුද්දා කීවා.
මටත් මොකො බලෙන් දෙන්න යන පුරුද්දක් නෑනෙ මෙ මට. මං නැගිටල කඩේ අස්සට ගියා. මුදලාලි වැනිලා කුප්පි වගයක් බල බලා ඉන්න්ව. කඩේ කීවට මේක ලොකුයි. ෆුඩ්සිටි ස්ටයිල් එකට හදල තියෙන්නෙ. ඉස්සර ඉදලම පුරුද්දට අම්මල ගමේ කඩේ කියල තමා කට පුරා පුරුද්දට කියන්නෙ.
මං ඉතින් බිස්කට් පැකට් එකත් අරන් කැශියර් එක ළඟට ගියම මුදලාලි ආවා. අරු තවම බඩු අහුලනව. පව් කියලත් හිතුනා.
" රශ්.. පුතා වට් හැපන්ඩ්" අර කාර් එක ඇතුලෙ හිටපු අම්මන්ඩියෙක් දුවන් ඇවිල්ලා පර සුද්දගෙන් අහනවා. අරු ශෝටත් ගහන් බිම ඉදන් කොන්ඩෙත් අව්ල් කරන් ඉන්න විදිහට නම් දැන් මට ඌව පේන්නෙම හිගන්නෙක් වගේ. මම සල්ලි දීල ඉතිරු සාක්කුවට දාන් බිස්කට් පැකට් එකත් කිහිල්ලෙ ගහන් එන්න ආවා. ඒත් බෑනෙ අර පර සුද්ද මහා බාදකෙ වගේ හිටගෙනනෙ දොර ළඟ..
"එක්ස්කියුස් මී.." මම සද්දෙන් කිව්වා. පර සුද්දයි උගෙ අම්මයි කියල හිතන්න පුලුවන් කෙනයි මහෙ දිහා බැලුවා. අරු ආයෙ මට ඔරොනව..
" මේ ඉඩියට් ඇගේ හැප්පුනා අම්මා. සෝ එව්රිතින්ග් ෆෝලන්.."
හහ් මේක මටද ඉඩියට් කියන්නෙ.
" අනේ මේ පර සුද්දො.. තෝ මගෙ ගමට ඇවිල්ලා මටම ඉඩිය්ට් ඉඩියට් ගාන්නෙ. උබට උදව් කරන්න හැදුවත් උබනෙ එපා කිව්වෙ. දැන් මගුලක් කියෝනවා. එහෙට වෙයන් පගයා."
"ආහ් හා.. පුංචප්පු කට කට... මේ උබලෑ ගෙ-"
"අනෙ මේ මාමෙ සුද්දෙක් දැක්කම උබටත් අං එනවනෙ.."
මුදලාලියටත් මං බැනලා ආව ගස්සන් එකෙක් දිහාවත් නොබල. ඒ වුනාට මගක් යද්දි තමා මගෙ මෝඩකම තෙරුම් ගියෙ. බොරුවට කෑගැහුව වගේ නෙමේද. නැ නෑ ඌනෙ මට ඉඩියට් ඉඩියට් ගෑවෙ. ඒකා බුද්ධිමත් ද දන්නැ.
මම ආපු පාරෙන් නැතුව කැලෙන් පැනල ඉක්මනට ගෙදරට දුවන් ආවා.
" පුංචො. මොකද මෙච්චර පරක්කු. මං කමලගෙනුත් ඇහුවා උබව. "
"පර සුද්දෙක්ට අහුවුනා." මම බැනියම ගලෝලා විසික් කලා
"මොකක්.. ඔන්න ආයෙම විසික් කලා. තෝ ඕක හෝදන්නෙත් නෑනෙ. බිම දදා පාග පාග ඇදපන්. බලපන් උබේ හඩු ගද.. තොට හොරි හැදිලා නවතින්නෙ.."
"අනෙ යන්නකො අප්පා. හෙන වදයක්නෙ.." මම අම්මට කිව්වත් හරි අප්පච්චි මතුවුනේ මගෙ කනෙන් අල්ලන්.
" වදේ පෙන්නනව මං දැන්. ගිහින් මූන කට හෝදන් වරෙන් ඉක්මනින්. අර මිනිස්සු එනවත් ඇති. පලයන්.."
කොහෙන්දෝ මතුවෙච්ච අප්පච්චි කෑගහල සරමත් උස්සන් සාලෙ පැත්තට ගියා. එයාගෙ කෙස් වලින් වටවෙච්ච තට්ටෙට එරෙව්ව මං.
" කව්ද එන්නෙ අම්මෙ ඔච්චරට ලැහැස්ති වෙන්නෙ.. ගේ බිමත් පිහදලා. ඉස්සරහ පොල් කටු ගෝනිත් අයින් කරලනෙ.."
" ඇයි බන් අර පුත්තලමෙ නැන්දලා. මුන්දලමෙ මහම්මා කියල කියන්නෙ අප්පච්චි.."
"ඇහ්.."
"මතක නැතුවඇති. ඔයා පොඩි කාලෙ නම් මෙහෙ උන්නෙ. උන්ට පොඩි එකෙක් ඉන්නවා. නම මතක නෑ බන්. උබල ඒ කාලෙ සෙල්ලම් කරනව. මට මතකයි හෙලුවැල්ලෙන් ගේ වටේ දුවනවා. දවසක් තොපි දෙන්නා අහවල් එව්වා අල්ල අල්ලත් හිටියා අර වත්ත පල්ලෙහා කජු ගස් අස්සෙ.."
තුවායත් කරට දාන් අම්මා හදල තිබ්බ නිවිච්ච තේ එක එක උගුරට ගහන ගමන් හිටියෙ මං. ඒ කිව්ව එක අහල ඔක්කෝම නහයෙන් ආවා.. කැස්සත් එක්කලා. දනවා යකෝ.
" මොකද බන් මැරෙන්න හදන්නෙ?"
"ඔයා කියන එව්වට මැරෙන්න නෙමේ වැලලෙන්න හිතෙනව.."
"ආඅ.. ඒ පොඩි කාලෙනෙ පුංචො.. උබටත් ඒ කාලෙ දැන් වගේ තමා හෙන විසේ.. හා හා දැන් ඒ කොල්ලත් එක්කලා අහවල් එව්ව අල්ලනව තියා උබට හැරෙන්නවත් බෑ. අවුරුදු ගානක් එංගලන්තෙ ඉගෙනගෙන උපාධි අරන් එන්නෙ ඌ.. ආවම ගරුසරු ඇතුව කතා කරපන්. අපිත් එක්කල වගේ කට කැඩිච්ච කතා නොකියා..."
සිකේ එතනත් සුද්දෙක්නෙ. අද දවස නම් පර සුද්දන්ගෙන් මට අපලයිද කොහෙද.. පොඩ්ඩක් ඉන්න. එතකොට අර කඩේ හිටියෙත් ඒ පර සුද්දද දන්නෑ.
ඒක හිතද්දිත් මාව රත් වෙනව.
මල හට්ටිහුට්ටක් වෙන්න යන්නෙ. මං එලියෙ ලිද ළඟ වට කරල හදල තිබ්බ තැනට ගිහින් නාගන්න ශවර් එක ඇරියා. දුවන් ආව හින්දා දාඩිය ඇගෙන් එකයි.
ඒ නෑවත් අර පර සුද්දගෙ මූණමයි මතක් වෙන්නෙ. දෙයියනෙ මේ එන්නෙ උන් නම් මං මොකද කරන්නෙ.. මට දැනුනෙ මගෙ සායම ඇග දිගේ යන වතුරට හේදිලා යනව වගේ..
.
.
.
.
.
.
පර සුද්දා
රශ්වාන් නිමුතු දසනායක