MATHRA ♡' || TAEKOOK NF

By Angel_Yamasakura

13.4K 2.7K 911

දෑතින් අල්ලන්..මේ සංසාර නිම්නේ පුරා.. ළං වී ඉන්නම්.... හැමදාමත්....' ඔබ එක්ක මන්.. මගෙ සංසාර හීනේ පුරා.. තනුව... More

හැදින්වීම ♡'
01 කොටස ♡'
02 කොටස ♡'
03 කොටස ♡'
04 කොටස ♡'
05 කොටස ♡'
06 කොටස ♡'
අනිවාරෙන් බලන්න.!
07 කොටස ♡'
08 කොටස ♡'
10 කොටස ♡'
11 කොටස ♡'
12 කොටස ♡'
13 කොටස ♡'
• නැවත ඇරබුමක දැනුම්දීමක් •
14 කොටස ♡'
15 කොටස ♡'
16 කොටස ♡'
17 කොටස ♡'
18 කොටස ♡'
19 කොටස ♡'
20 කොටස ♡'
21 කොටස ♡'
22 කොටස ♡'
23 කොටස ♡'
24 කොටස ♡'
25 කොටස ♡'
26 කොටස ♡'
27 කොටස ♡'

09 කොටස ♡'

347 84 14
By Angel_Yamasakura


" දිසද ?මොකෝ ළමයො යකෙක් දැක්ක වගේ ඔහොම ඉන්නෙ..?"

මිස් මොනා කියනවද මන්ද...දිසද යකෙක් දැකල තමා ඉන්නෙ..නිකම් යකෙක් නෙවෙයි මේ ඇවිල්ල මහසෝනගෙ පුතා...ආආආආඅ දිලේක්! ඔහේ මට නිදහසේ ඉන්න දෙන්නෙම නැද්ද..!?
හිතාගන්න බෑ පෙන්ස් මේ මොකක්ද වෙන්නෙ කියල..මේ අවතාරෙ කොහෙන්ද මෙතනට ආවෙ..ඒකත් අපේ බයෝ ලැබ් එකට..? අසෝකවයි, වසන්තවයි ඔක්කොමලව මතක් උනා මට...එක්කො කමක් නැනෙ..?මම කොහොමත් එයැයි එක්ක තරහයිනෙ..!

" බැජ් එක ගැන අදහසක් තියෙනවද දිසද..?"

" තාම හිතාගන්න බෑ මිස්.."

" මේ අයිය හව්ස් එකේ වැඩ ටික බලන්නම් කිව්ව..දිසදගෙ තාත්ත මේ අයියාව එව්වෙ.."

සෑ වෑව්!!!! ඒ කියන්නෙ වසන්ත ඔයැයිද මේ අසමජ්ජාති වැඩේ කලේ..හව්ස් එක හදන වැඩේ බලනව මෙයා..? හපොයි හපොයි...බාගෙට පිස්සු හැදෙනව දැන් දිසදට...දැන් ඉතින් මොනා කරන්නද..මම එයා දිහා ආයෙ බැලුවෙ නෑ..නිකම්මවත්...එහෙම්ම ලැබ් එකේ එහා කෙරෝලෙම මේසෙට ගිහින් වාඩි උනා..ආයෙ ඔලුව උස්ස උස්ස බල බල හිටියෙ නෑ, එහෙම්ම පොතට මූන ඔබා ගත්තා...මට දැන් එයැයි දිහා බලන්න ඕන නැ කොහෙත්ම..මූසල කම තියෙන එයැයිගෙ..මතකනෙ ඊයෙ රෑ ඔය ගෝතය දිසදට කිව්ව කතාව..මහ නාකයෙක් ම්ම්හුක්!

ආආහ්! පෙන්ස් ඔයාලට කියන්න දෙයක් තියේ..මේක තමා අපේ පන්තිය හලිද..? හව්ස්මීට් නිසා උගන්නන්නෙ නැනෙ, ඒ නිසා තමා අද අපි බෑග් උඩ පන්තියකින් තියල එහෙම හිටියෙ.. නැත්නම් ඉස්කෝලේ එන දවසට අපි මේ ලැබ් එකෙන් එලියට යන්නෙ වොශෲම් එකටයි,නිකන් ඉන්න වෙලාවට ග්‍රව්න්ඩ් එකටයි විතරයි...නැත්නම් මේක අස්සෙම තමා..කන්න අතහෝදන්නත් ලැබ් එක අස්සෙම සින්ක් එකක් තියේනෙ..ඉතින් අපි වෙන වැඩවලට එලියට යැවෙන්නෙම නෑ..

" මොකක්ද අනේ ඔයාගෙ නම කිව්වෙ? මට මතක හිටින්නෙම නෑ..."

" දිලේක් මිස්..දිලේක් ආරද්‍ය.."


පුෆ්ෆ්ෆ්!!! පුදුමයි ලොකු කමක් නැතුව ඒකට උත්තර දුන්න..මේ අවතාරෙ ලොකු කම් දාන්නෙ දිසදට විතරද දන්නෙ නෑ..අපේ බයෝ මිස් එයැයි එක්ක මොනාද ෆයිල් වගයක් බලනව..මොනාත දන්නෙ නෑ...ටික වෙලාවකින් අනිත් මිස්ල ටිකයි සරුයි ආව..ඊට පස්සෙ ඉතින් අපේ මැත්ස් සරුයි, අවතාරෙයි ලොකු කතාවකට වැන්න..හව්ස් එක හදන ඒව තමා කියවන්නෙ..මොනාද අනේ ඔච්චරම කියවන්නෙ..!? බයෝ මිසුයි, තව හව්ස් එකේ ගෑනු ලමයි ටිකකුයිත් මන් ගාවට ඇවිල්ල බැජ් එක ගැන කතා කරනව..මම ඉතින් ඔය කතාවලට පනින්න ගියෙ නෑ..
බැජ් එක හදන්න හිතාගෙන ආවට දැන් ඔලුවෙ තියෙන්නෙ අර මල අවතාරෙ ගැන...කොහෙන් ගියත් මේක දිසදට වදයක් වෙනවනෙ අප්පාහ්!























" පරිස්සමෙන් පලයන් හරිද!? එක එකා එක්ක මග නතරවෙන්නෙ එහෙම නෑ!"

"හරි හරි ලොක්කො...ඒයි දිසද මම යනව බායි.."

" බායි තේව්.."

තේව්ට ලොකු අවවාදයකුත් දීල අවතාරෙ ඊලගට හැරුන මගෙ පැත්තට..හපෝ මුගෙ මූනෙ හැටි..! මුස්පේන්තුකම බේරෙනව! හිනා පොදක් නෑ මූනෙ..ඒකට තේව්! අන්න කොල්ලො..කොයි වෙලේ බැලුවත් හිනා වෙලා...
අපි හිටියෙ ගේට්ටුව ලග..ඉස්කෝලේ ඇරුන..අර වදේ ඉවර වෙනකල්ම හිටිය...බස් එකේ නිදහසේ යන්න වෙන්නෙ නෑ දිසදට..ඇයි ඉතින් වසන්ත ගියේ මේ අවතාරෙ එක්ක ගෙදර යන්න කියලනෙ..මලාදේ !!!

" එනව මෙහාට!"

එකපාරට මගෙ අතින් ඇදල ලගට අරගෙන මෙයැයි අර කලු ගලක් වගේ තියෙන හෙල්මට් එක ඔලුවෙ ගැහුව..අනේ අම්මප මේ මනුස්සයට තේරෙන්නෙ නැද්ද හැම මිනිහෙක්ම මෙයැයි වගේ අලියෙක් නෙවේ කියල..ඇයි අනේ..! ඒකෙන් ඔලුවට ගැහුවම රිදෙනෝනෙ..!

" නැගපන්! "

" හ්ම්ම්.."

ආයෙ මම මොකුත් කිව්වෙ නෑ පෙන්ස්..මෙයැයි එක්ක වැඩි කතා බහක් දැන් දිසදට එපා..ඇයි අනේ..ඊයෙ රෑ කියපුව තාමත් දිසදට මතක තියේ හුහ්! එයැයිගෙ උරහිසෙන් අල්ලල බයික් එකට නැගල වාඩි උනා..ඒත් මම වාඩි උනාම අත ආයෙ ගත්තෙ නෑ...කොච්චර තරා මරා තිබ්බත් මැරෙන්න ඕන නැනෙ පෙන්ස්..මෙයැයි එක්ක මම කලින් පාරකත් ගියානෙ..ඒ නිසා මෙයැයි යන හැටි දිසද හොදට දන්නෝ..හරියටම කිව්වොත් මෙයැයි යනව නෙවේ ඉගිලෙනව! ඉතින් ඔය යන වෙලාවක දිසදව පාවෙලා ගියොත් එහෙම අසෝකටයි වසන්තටයි ආයෙ දිසද වගේ අහිම්සක හුරතල් බබෙක් හදන්න තමා වෙන්නෙ...ඒ නිසා මම උරහිස තදට අල්ලගෙන අහක බලාගත්ත..මොකද සයිඩ් කණ්නාඩියෙන් මේ අවතාරෙ මගෙ දිහා බලන් ඉන්නව...මම දැක්කෙ ඇස් වෙක විතරයි..එයත් හෙල්මට් දාල...
ඊට පස්සෙ ඉතිම් කිසි කතාවක් නැතුව එයා බයික් එක ස්ටාර්ට් කරල ආවා..මමත් අහක බලාගෙනම හිටිය.....
























" තේ ටිකක් බීල ඉමු දිලේක් පුතා..."

ගෙදරට මාව ගෙනත් දාල අවතාරෙ ආයෙ ගියේ නෑ පෙන්ස්..මෙහෙම නතර වෙලා..අපේ අසෝක තමා නතරකරගත්තෙ..මලාදේ! කයිය ගගහ ඉදල අසෝක ගියා නැගිටල කුස්සියට..දැන් මායි මේ අවතාරෙ විතරයි ඉන්නෙ සාලෙ..බලන්න නම් එපා දිසද වැරදිලාවත්..ඔයාට ඒම උනොත් විසාල කරදරයකට තමා මූන දෙන්න වෙන්නෙ..එහෙන් මේ උත්තමයගෙ කට..හපූ පෙන්නන්න බෑ! ඊයෙ රෑ දිසදට බැන්නෙ..මට මතකයි ඕව හුම්...

" දිසද.."

හප්පට සිරි! කතා කලා නේද මට..ඒගමන මොන කට කැඩිච්ච කතාවක් කියන්නද දන්නෙ නෑ...ඊයෙ නම් මට මානසික ලෙඩෙක් කියලත් කිව්ව, පස්සෙ උනහපුලුව කියලත් කියලනෙ ගියේ..උගුඩුව!
ඕන කෙංගෙඩියක් කියල මම TV එකෙන් ඇස් දෙක එයා දිහාට හැරුන..

" කියන්න අයියෙ.."

" ගියපාර හව්ස් එකේ මොකක්ද හැදුවෙ?"

" නැවක්..."

" ම්ම්ම්...."

" හව්ස් එක කී වෙනි තැනද..?"

"ෆස්ට්"

" ම්ම්ම්.."

බස්සන්ගෙ රජ්ජුරුවො වෙන්ටැති මෙයා...හැම බගුලටම ම්ම්ම් ගාන එකයි, මූනෙ හිනා කදුලක් නැතුව බුම්බන් ඉන්නකොටයි හොදට මැච් වෙනව..මම ආයෙ TV එක දිහා බලාගත්තා..එතනින් එහාට මටත් ඕන නැ පැන පැන කතා කරන්න යන්න....ඕව මගෙන් අහන්නෙ අහගන්න තිබ්බනෙ අද මිස්ලගෙන් ඉස්කෝලේදිම... හව්ස් කුටියෙනුත් ෆස්ට්, හව්ස් එකෙනුත් ෆස්ට්, බැජ් එකෙනුත් ෆස්ට්, පෙරඩ් එකෙනුත් ෆස්ට් ඔක්කොම අපේ හව්ස් එක තමාහ්!...






" බොන්න පුතා.., චූටි බොන්න..."

පුදූඌඌඌඌඌමයි අපේ අසෝකට මේ චූටිව මතල් උනා..නැත්නම් හැම වෙලේම දිලේක් පුතාට විතරනෙ පුද සැලකිලි...
අසෝක කුක්කු පිටි හදල තියෙන්නෙ..මම බෙයා කෙනෙක් ඉන්න මගෙ මග් එකයි, කේක් කෑලි තිබ්බ පිගානෙන් කේක් කෑල්ලකුයි අරගෙන ආයෙ වාඩි උනා..3 යි වෙලාව කාටුන් යනෝ දැන්..

" අපේ මහත්තය තුංග අයියල එක්ක කතා කරල...එයාල ගේ දෙන්න කැමති වෙලා පුතා.."

" ඒක හොදයි ආන්ටි.. ඒ වැඩෙත් ඉක්මනට ඉවරයක් කරන්න ඕනි..."

" ඔව් පුතා...මහත්තය හෙටම ගිහින් ඒ වැඩ ටික කරන් එනව කිව්ව.."

" ලොකු උදව්වක් ආන්ටි..මම හෙට මීගමුවට යන්න ඕනි.."

" දිලේක් පුතාට ඉතින් මම කීපාරක් කිව්වද..ඔය ආන්ටි කෑල්ල කියන්න එපා කියල..අහන්නෙ නැනෙ.."

අපේ අසෝකටත් පිස්සුනෙ..එයැයිට අවතාරෙ ආන්ටි නොකිය ආච්චි කියන්නවෑ..අපේ අසෝක ආන්ටි කියන්න එපා, අහන්නෙ නැනෙ පුතා කිව්වම අවතාරෙ හිනා වෙනව..
හා හා දැන් පෙන්ස්ල අහන්න එපා TV බලනව කිව්ව එකා නේද මේ කියල..ඔව් ඉතිම්..TV එක බලන ගමන් සංවාදෙටත් ඇහුම්කන් දුන්න හීනියට..ඇයි අනේ මේ කතා වෙන්නෙ අවතාරෙ අපේ ගේ ගාව ගෙදරට එන එක ගැනනෙ..අවතාරෙ ආවොත්නම් දිසදගෙ විනාසෙ වගේ තමා..ඒ උනාට අවතාරෙ මේ එනව කියන්නෙ තේව් කොම්ලත් එනව කියන එකනෙ...කොච්චල සෝක්ද පෙන්ස් බෙස්ට ගේ ගාවට එනව කියන්නෙ...ෆුල් ෆන් එකක් ගත්තෑකිනෙ...

" දිලේක් පුතා දැම්ම යනවද..?"

" නෑ.. අද අන්කල් එනකල් ඉන්න වෙනව ආන්ටි.."

" ඒ මොකෝ පුතා වැඩක්ද..?"

" නෑ ආන්ටි...ඊයෙ රෑ මගෙ ගිටාර් එක අන්කල්ගෙ කැබ් එකේ දාල ගියේ..ඒක අරන් යන්න ඕනි..."

ආඅහ්...ඒ කියන්නෙ ඊයෙ මෙයා එනකොටත් රෑ ගිටාර් එක වසන්තගෙ කැබ් එකේ තිබිල තියෙන්නෙ..අර මහලොකු සිංදුවක් කිව්වෙ..සිංදුව ලස්සනයි ඒක වෙනම කතාවක්..ඒත් ගායකයගෙ චරිතෙ හොද නැනෙ..
ආඅ හුටා! දැන් මතක් උනේ..වසන්ත කොලබ යනව කිව්ව නේ..?අසෝකට කියන්න කිව්ව..ආහ් හොදෑඩේ! වසන්ත කොලබ ගියා කියන්නෙ 12 වත් වෙයි එනකොට අද..ඒ කියන්නෙ ගිටාර් එක ගන්න වෙන්නෙ නෑ..එහෙනම් මෙයා දැන් යයිනෙ..දිසද බබා එහෙම හිතාගෙන කුස්සිය පැත්තට යන අසෝකට කෑගහල කිව්වත්, හැරෙන තැපෑලෙන් අවතාරෙ කිව්ව එක නිසා විසාආආල කේන්තියක් ආවෙ!!!!

"අම්මී.....අද තාත්ති කොලබ යනෝ කිව්ව..එන්න ගොඩක් රෑ වෙයි කිව්වාආආ..."

" කමක් නෑ ආන්ටි..මම ඉදල යන්නම්...!"



















~ මාත්‍රා ~



හායි ♡

බායි ♡

SAKURA ♡

Continue Reading

You'll Also Like

2.6K 155 2
"යශෝ" "හ්ම්ම්..." "මම යශෝගෙන් පොඩි ප්‍රශ්නයක් අහන්නද ?" ...
94.2K 2.5K 26
XYRONE VON X HERA MAE♥️
22.4K 710 29
the story takes place in Nevermore where Wednesday meet a tribrid that is Hope's twin sister who was misplaced at birth. her name is Faith Mikaelson...
19.1K 2.9K 27
" මේ තමයි හෙවන් ලේන් එක! රටට සේවය කරන වැදගත් සුරදූතයෝ වගේ ජනතාවක් තමයි එහෙ ජීවත් උනේ. ඒත් ඒගොල්ලන්ගෙ දරුවෝ.. ම්ම් අපි ඒ ගැන වැඩිය කතා නොකර ඉමු. මොකද...