SITHTHARA | COMPLETED

Bởi mickey_aurora

56.3K 10.7K 4.4K

ආදරයෙන් පින්තාරූ කල පැස්ටල් සිහිනය 🎨🖌️ ගවේෂ් × පෘථිවි !!! කතාවෙහි භාවිතා කර ඇති සියළුම ගීත නිර්මාණ වල අයිති... Xem Thêm

Chapter 01
Chapter 02
Chapter 03
Chapter 04
Chapter 05
Chapter 06
Chapter 07
Chapter 08
Chapter 09
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 37
Chapter 38
Chapter 39
Chapter 41
Chapter 42
Chapter 43
Chapter 44
Chapter 45
Chapter 46
Chapter 47
Chapter 48
Chapter 49
Chapter 50
Chapter 51
Chapter 52
Chapter 53
Chapter 54
Chapter 55
Chapter 56
Chapter 57
Chapter 58
Chapter 59
Chapter 60
Chapter 61
Chapter 62
Chapter 63
Chapter 64
Chapter 65
Chapter 66
Chapter 67
Chapter 68
Chapter 69
Chapter 70
Chapter 71
Chapter 72
Chapter 73
Chapter 74
Chapter 75
Chapter 76
Chapter 77
Chapter 78
Chapter 79
Final Chapter

Chapter 40

722 144 74
Bởi mickey_aurora

"මොකද හලෝ ඔයාලා කෑ ගහන්නේ? මොකක්ද කුඩු උනේ?

මහා දිත්ත්ව සංග්‍රාමය මැද්දට සැගා අයියගේ පිටිපස්සෙන් ගෙමිදුවා බිත්තරයක් වගේ ඇවිදගෙන ආවා.. ස්ථාන පරීක්ෂක තුමා වගේ ඌ තුන් දෙනා දිහා මාරුවෙන් මාරුවට බලනවා.. ඇත්තටම බලන්නම වටිනවා..

මම ඇද්ද පාර ගවේෂ් අයියගේ කොණ්ඩේ ඇවිස්සිලා ෂර්ට් එකත් පොඩ්ඩක් ඉරිලා.. මම බාච්චුව වගේ ඇදන් හිටිය අලි පත ෂර්ට් එක කරෙන් පල්ලටම වැටිලා.. සැගා අයියා හයියෙන් හුස්ම ගන්න ගමන් කේන්තිය පාලනේ කරගන්නවා.. යුද්ධයක අවසානේ වගේ.. මන් ඉක්මනට උගුර පාදලා කොණ්ඩේ හදාගත්තා.. ඇහුනද දන්නෑ කියපු දේවල්..

"මේ මග් එකක් නේද?"

ගෙම්බා බිම වැටිලා තියන මග් එකේ කෑල්ලක් අල්ලන්න යනකොට සැගා අයියා පැන්න ගමන් ඌව අතින් ඇදලා පස්සට කරා..

"මොලේ හොද නැද්ද?? injured වෙයි"

"ඉන්නකෝ අනේ.. මට මේ මග් වගේ එකක් දැකලා හුරුයිනේ"

පස්සට ඇදිලා ආව ගෙම්බා සැගාගෙන් අත ගසලා වගේ අරගෙන දෙකට තුනට නැමිලා මග් එකේ කෑලී ටික ඇස් වලින් එකතු කරනකොට මාත් හොදට බැලුවා... ඔව්මයි දැකලා පුරුදුයි.

"ඒයි මේ පෘථිවි මේ වගේ මග් එකක් නේද මේ අවුරුද්දේ මගේ බර්ත්ඩේ එකට හම්බුනේ.. අර ගාර්ෆීල්ඩ් හිටියේ.. මේකත් ඒකම තමා"

"අර නෝ නේම් ගිෆ්ට් එකද?

මන්  ඔලුවත් කස කස කල්පනා කරද්දි මතක් උනා.. ඔව් නේන්නම් ඒක වගේමයි.

"ඔව් ඔව් ඒයී.. ඒක වගේම තමා.. මගේ ආසම කාටුන් මග් එක"

"ක්හ්ම්.. තමුසෙලා- මේ ක්ලීන් කරනවා හරී මේ... අපි මේ... යමු ගෙමිදු"

සැගා අයියා එකපාරටම මොකක් හරි මතක් වෙලා වගේ කලබලෙන් ගෙමිදුවත් ඇදගෙන යන්න හැදුවා.. මන් බැලුවේ බිම තිබ්බ මග් එක දිහා.. කෑලී කෑලී හැමතැනම.. ගෙමිදුවාගේ බර්ත්ඩේ තිබ්බේ එක ජනවාරි පළවෙනිදා.. එහෙම බැලුවම ඉතින් ඌ අපිටත් වඩා අවුරුද්දක් බාලයි... බැජ් එකේ කිරි කැටියා.. බර්ත්ඩේ එක දවසේ අපේ බැජ් එකේ උන් සෙට් එකම එදා උගේ ගෙදර ගියා.. මම තමා රෑ එහෙ ඉදලා උගේ ගිෆ්ට් ඔක්කොම කැඩුවේ.. එතනත් මේ වගේම ගාර්ෆිල්ඩ් මග් එකක් තිබ්බා.. උගේ ආසම කාර්ටූන් එක තමා ඒක.. ඒත් from whom තිබ්බේ නැති නිසා අපිට හිතාගන්න බැරි උනා කාගෙන්ද කියලා.. ඒ කියලා එක එකාගෙන් අහන්න ඈ..
හැබැයි ගැලපෙනම ගිෆ්ට් එක උට.. තිබ්බ ගිෆ්ට් ඔක්කොටම වඩා ඌ ආස උනේ ඒකට.. මන් ඕකට චාකෝල් පෙන්සිල් සෙට් එකක්ම දුන්නා... ඒත් පගයට ලොකු උනේ අර කොහෙවත් යන ගාර්ෆිර්ඩ් මග් එක.. පොර ඔය කියන කාටුන් එක ටිවී එකෙනුත් බලනවා යූ ටියුබ් එකෙනුත් බලනවා දෙපාර දෙපාර.. අනික ඒකෙ තියෙන සමහරක් ඩයලොග්ස් උට කටපාඩම්..

"මේක උබේ මග් එක කියලද කිව්වේ සැගා? කවදා ඉදලද උබ මේ පොඩි උන්ගේ මග් වලින් බොන්න ගත්තේ?"

ගවේෂ් අයියා ඉනටත් අත තියාගෙන මූණත් ඇඹුල් කරගෙන බිම තිබ්බ මග් එකේ කෑලි දිහා බැලුවා.. මාත් හිතුවේ එක තමා.. ගමක් උනත් අත් දෙකට අරන් පොඩි කරන්න පුළුවන් මැර සීන් එකේ ඉන්න සයිලන්ට් පොරක් මේ වගේ තැඹිලි පාට බබා උක්කුන් මග් එක්කින් තේ බොනවා කියනකොට හරි අමුතුයි වගේ.. ඔන්න ගෙමිදුවනම් කමක් නෑ ඌ කොහොමත් බබානේ... මන් හිතුවේ මූ වතුර බොන්නෙත් නයිකි මග් එක්කින් කියලා.. මෙහෙමයි අපි හැමෝගෙම ඇග ඇතුලේ සැග උන කුඩා දරුවෙක් ඉන්නවා තමා.. ඒත් සැගා අයියගේ විදිහත් එක්ක........

"නැහැ නැහැ මගේ නෙවේ!!!! මේක මේ සර්වන්ට්ගේ බබාගේ"

"මොන සර්වන්ට්ද? මෙහෙ ඉන්නේ ඔක්කොම වයසක-"

"තමුසෙලා දෙන්නා මේ.. මේ කුස්සිය ක්ලීන් එනවා.. කෑ ගහන එව්වා ලිවින් රූම් එකටම ඇහෙනවා.. ෆයිට් වෙන්න ඕන්නම් ගෙදරින් just go!!!"

සැගා අයියා එකපාරටම කෑ ගහලා අපි දෙන්නට ඇගිල්ල දික් කරලා වචන පටල පටල තර්ජනේ කරලා අරූව හුලං පෙත්තක් වගේ ඇදගෙන ගියා.. පව් අරූ..  බෝංචි වගේ තියෙන අත කැඩිලවත් යයි..

"ඇහිදිනවා ඉතින්!!!"

"මන්ද?"

"නැත්තං මන්ද? මේක තමුසෙගෙ යාළුවගේ සර්වන්ට්ගේ බබාගේ මග් එකනේ.. මට අදාලම නෑ"

"ඒත් මේක- යන්නේ කොහෙද- ඒ උදව් කරලා යනවා!!! පෘථිවි!!!"

මන් ගවේෂ් අයියව කුස්සියේ තනි කරලා සාලෙට ආවා.. මන් යනකොට සෙට් එකම එකතු වෙලා නිව්ස් බලනවා.. පුදුමයි.. තිවාන් අයියත් ඇවිල්ලා.. මන් එයාට හිනාවක් දාලා සෝෆා එකේ ඉදගත්තා.. වැඩිය කා එක්කවත් සෙනෙහස පාගෙන යන්න ඕන්නෑ.. අන්තිමට-

"දේශපාලනේ නිසා තමා මේ සේරම.. ඒ මගේ අයියා නෙවේ කවුරු උනත් වැරැද්ද වැරැද්දම තමා"

නිර්වාන් අයියා නිව්ස් දාගෙන රටේ ලොකේ ඉන්න හැමෝටම බනිනවා.. මට මතක් වෙන්නෙ මීනු ආච්චිව.. එයා වගේමයි.. නිව්ස් බැලුවොත් ඉවරයි!!!

"ඉතින් චූටී බාප්පේ ඔයාට පුළුවන් ඇතුළට ගිහින් සිස්ටම් එක චේන්ජ් කරන්න"

"පිස්සුද ජේ.. මට ඕවා එපා උනේ ඔයාලගේ වයසෙදි.. ෆයිනල් ප්‍රෙජෙක්‍ට් එකෙන් මට මුළු ලංකාවම තිත්තෙටම එපා උනා"

"මොකක්ද ඔයාගේ ෆයිනල් ප්‍රොජෙක්ට් එක නිර්වාන් චූටී බාප්පේ?"

ඔන්න ඉතින් කේලම් අහන ගෙම්බව මතු උනා.. ඌට ඉතින් ඕන එකයි එපා එකයි ඔක්කොම දැනගන්න ඕනනේ..

"යුනි එකේ මගේ ෆයිනල් ප්‍රෙජෙක්‍ට් එක"

මගේ ඇස් නලලට ගියා.. මේ මනුස්සයා කැම්පස් ගියා කියලා මන් දන්නෑනේ..

"වාව්...!!! ඔයා කැම්පස් ගියා හලෝ? කොහෙද ගියේ? මොකක්ද ෆීල්ඩ් එක?"

මට පැනනැගුන ප්‍රශ්නේ ගෙමිදුවා පිටින් ගිය නිසා මාත් හොදට හරි බරි ගැහිලා ඉදගත්තා

"ගියා ගියා දරුවෝ.. ඔයාලගේ යුනි එකට තමා.. ෆීල්ඩ් එකනම් Agriculture and economic plantation management"

"ඇග්‍රි කරලා ඇයි ඒ ෆීල්ඩ් එකෙන් ගියේ නැත්තේ? ඇයි අතෑරියේ?"

කේලම් අහන්න තියෙන ආසාවට මාත් ප්‍රශ්නයක් දාලා ෂේප් එකේ නිර්වාන් අයියට කිට්ටු උනා.. මට ඕනි මනස පොඩ්ඩක් නිදහස් කරගන්න.. මන් වගේම කේලම් අහන්න අනික් පැත්තෙන් ගෙමිදුවා ආවා.. අනික් අයනම් 'අපිනම් ඕවා දන්නවා' වගේ අවදානේ දෙන්නැතුව පාඩුවේ නිවුස් බලනවා.. ජේඩ් අයියා 'උබලත් අවුස්සගත්තේ මරු කට කියලා' ලුක් එකක් දැම්මා..

"මගේ ෆයිනල් ඉයර් එකේ ලාස්ට් ප්‍රොජෙක්ට් එක කරපු ඉන්ස්ටිටියුට් එකට Child fund Japan එකෙන් අපෙ Child fund Sri Lanaka එකට දුන්නා ෆුට් සයිකල් දාහක ඩොනේෂන් එකක්.. ඕක අපි ඩොනේට් කරගන්න සිලෙක්ට් කරන් හිටියේ පුත්තලම, නුවරඑළිය, මුලතිව්, මඩකලපුව වගේ සයිඩ් වල දුෂ්කර පාසල් ළමයින්ට.. ඔයාලා දන්නවද අපිට වෙච්ච බලු වැඩේ?"

"""නෑනේ"""

"බඩු ආවාම බෙවරේජර්ස් රිලීස් කරගන්න බැරුව කන්ටේනර් බොක්ස් එක කොළඹ වරායේ තිබ්බා සති තුනක්.. Fucking god!!! ඊට පස්සේ ඒ ගැන කතා කරන්න ගිහාම තව ටැක්ස් වැඩී කියලා ලක්ෂ පහලොවක් ගෙවන්න කිව්වා.. රේගුවෙන් දුන්නෙම නෑ.. "

"ඩොනේෂන් වලට බෙවරේජස් ගන්නවද?"

"You know this is ලංකාවනේ පෘථිවි.. අපි බැරිම තැන education ඩිපාර්ට්මන් එකට ලිව්වා මේවා ජපන් රජයෙන් free of charge සතයක් වත් ගන්නේ නැතුව දෙන ෆුට් සයිකල් අපිට රිලීස් කරලා දෙන්න කියලා.. ඇරත් ඒ ෆුට් සයිකල් ඔක්කොම ජැපෑන් වල පොඩි ළමයින්ගෙන් ඩොනේෂන් විදිහට හම්බුන ඒවා.. මෙහෙන් ලක්ෂෙකට එහා වටිනාකම.. හබ් එකේ ඉදලා ඩයිනමෝ , ජියර් තියෙන කොලිටිම බඩු ඉතින්.."

"සක්කිලි ආණ්ඩුව"

"That's exactly true පෘථිවි.. ජපානෙන් නිකන් දුන්න එක මුන්ට බැරි උනා නිකන් රිලීස් කරන්න. අන්තිමේට ඉන්ස්ටිටියුට් එකෙන්ම බෙවරේජස් ලක්ෂ දහ අටක් ගෙවලා ලක්ෂ පහලවක විතර ටැක්ස් ගෙවලා රිලීස් කරේ.. ඒ සල්ලි ඔක්කොම අර ළමයි වෙනුවෙන්ම තියාගෙන හිටියේ.. ඊට පස්සේ තමා කැරිම වැඩේ උනේ "

""""ඊටපස්සේ""""

"අන්තිමට ගෙවන්න තියන රෙද්දවල් ඔක්කොම ගෙවලා කන්ටේනර් එක රීලීස් කරගත්තට පස්සේ බෙදන්න තියෙන දවසේ අරූ කෝට් එක්කුයි කලිසමකුයි දාගෙන ආවා.. "

"""කවුද""""

"එවකට අධ්‍යාපන ඇමති.."

"රෙදි ඇදන්ද ආවේ?"

"That's what everyone asked පෘථිවි... නිකන් දුන්න ෆුට් සයිකල් ටිකට මෙහෙ ආණ්ඩුවෙන් කරන්න තියෙන කුපාඩි කම්, බලු වැඩ ඔක්කොම කරලා නිදහස් කරා.. අනික අහිංසක ලමයි වෙනුවෙන් කරපු ඩොනේෂන් එක්කට බදු ගහනවා කියන්නේ මොන shitty වැඩක්ද? අපේ රටේ ආණ්ඩුව තියෙන තැන හිතාගන්න පුළුවන්නේ.."

"ඉතින් ඔයාලා පස්සේ ඕකට කේස් ඇද්දෙවත් නැද්ද හලෝ"

"Why not??? ඇද්දා ඇද්දා.. උන් කිව්වා බෙවරේජස් වලට හේතුව උන් කන්ටේනර් එක බාලා තියෙන්නේ කොළඹ වරායේ චීනෙට අයිති කොටසෙලු.. එතකොට එහෙම බැලුවම ලංකාවට ඇවිල්ලා කන්ටේනර් එකක් බාන පොළෝ කෑල්ල අපිට අයිති නෑ.. Silly excuses!!! එදායින් පස්සේ මන් නෝ ගවර්මන්ට් ජොබ්ස්.. මගේම දෙයක් කරගෙන පාඩුවේ ඉන්නවා.. human management subject එකත් අප්පිරියම උනා"

මන් එහෙම්ම සෝෆා එකට හොදට හේත්තු උනා.. ඇත්තටම අපේ රටේ ආණ්ඩුව තරම් බලු වැඩ කරන්නේ නැතුව ඇති කිසිම රටක.. මහ ජරා කාලකණ්නි රටක්.. මට හිතාගන්න පුළුවන් ඇයි නිර්වාන් අයියා කිසිම වෙලාවක එයාගේ අයියගේ පවර්ස් අරගෙන රගන්නේ නැත්තේ කියලා.. එක අතකින් ඇමතියොන්ගේ හැම නෑයම නරකම නෑ..

"කවුන්සිල් එකෙන් මොකද කියන්නේ ජේඩා"

තිවාන් අයියා අපේ කතාව ඉවර උන ගමන් ඊයේ ප්‍රශ්නේ ඇදලා ගත්‍තා.. ජේඩ් අයියා ෂේප් එකේ මාව ඇස් වලින් පෙන්නුවා නිකන් 'මූ ඉන්න නිසා කියන්න බෑ වගේ" උගේ හිතේ මන් ඒක දැක්කේ නෑ කියලා.

"ලොකු අවුලක් නෑ බං සති දෙකනේ.. ඇටෙන්ඩන්ස් කේස් එක විතරයි.. ඒකත් ඩිමෝ කෙනෙක් එක්ක කතා කරලා මොනවහරි කරගන්න බලනවා.. දැන් එහෙම ලොකුවට සීයට අසූව බලන්නෑනේ බං"

ජේඩ් අයියා හරි සැහැල්ලුවෙන් එහෙම කියලා ටිවි එක දිහා බලාගත්‍තා.. හන්ගන එවා මන්ම හොයාගන්නම්කෝ..

දවල් වරුවෙම සැගා අයියලා දිහා ඉදලා හවස මන් කෙලින්ම ගිහින් බෝඩිමට රිංග ගත්තා.. රණ්ඩුව ආරංචි වෙලා පවිරුව රෑ ඇවිත් මට බැනලා බැනලා අන්තිමට අරූගේ දත් දෙක ගැලෙව්වට පොඩ්ඩක් හොද කියලා ගියා.. මාස දෙකකින් විතර ගවේෂ් අයියා එක්ක කතා කරලා ආව නිසා වෙනදා තිබ්බ ගිල්ටි ෆීලින් එක ඔලුවෙන් අයින් වෙලා ගියා.. ඒ දවස් ටිකේ බෝඩිමේ හිටියේ නිකන් ඩිප්‍රෙෂන් කාරයෙක් වගේ.. ඒත් මගේ හිතේ තිබ්බ තරහව ලැජ්ජාව ඔක්කොම රිලීස් කරගෙන ආව නිසා ඔලුවට උනත් මාර සහනයක් දැනෙන්නේ..

සැගා අයියලාගේ ගෙදර ඉදලා බෝඩිමට ආවම තමා මට මේ මාස දෙකේ මන් කොහොමද ඉදලා තියෙන්නේ කියලා නෝට් උනේ.. පාළු ගෙදරකවත් නැති මකුළු දැල් හැම තැනම.. බාගෙට නවත්තපු විකාර පේන්ටින් බිමත් එක්ක වැටිලා.. ඉරලා දාපූ කඩදාසි කොල හැමතැනම.. මන් හැමදේම පැත්තක දාලා මුළු බෝඩිමම අස් කරලා දැම්මා.. හිතට සැහැල්ලුයි වගේ.. මෙහෙම වෙනවා කියලා දන්නවනම් මන් ගවේෂ් අයියව මෙච්චර දවසක් මගහරින්නේ නෑනේ.. අඩුම වලිය වෙලාවේ බේරලා යැව්වටවත් තෑන්ක්ස් කරන්න බැරි උනා.. අනේ මොකටද එක්කෝ..

සතියක් විතර නිවී සැනසිල්ලේ ගෙවිලා ගියා.. ඉදුවරයා ආයේ කැම්පස් එකේ දැක්කෙම නෑ.. අපේ බැජ් එකෙත් හිටිය ෆෝර්ත් ඉයර් සෙට් එක කොන්වකේෂන් වලින් එලි බැස්සා.. දැන් අපිට උඩ එක බැජ් එකයි තියෙන්නේ.. ඒකනම් අවුලක් නෑ කැනපි අයියලා ඉන්නේ.. උන් පට්ට හොදයි.. අර වලිය උනත් බැජ් වල උන් දැනගෙන හිටියේ ඉදුවරට ගැහුවේ ගවේෂ් අයියයි ජේඩ් අයියයි කියලා.. කටින් කොනින් මගේ නමත් ඇදිලා ගියත් කාටවත් සාදාරණ සාක්ෂි තිබ්බේ නෑ මාව එහෙම පොයින්ට් කරලා අල්ල ගන්න.. මේක ඉතින් කැම්පස් එකනේ.. කොහෙන් හරි කොනක් හරි ඇදිලා එනවා ඉතින්..

සතියකින් විතර ගවේෂ් අයියයි ජේඩ් අයියයි ආයෙත් කැම්පස් ආවා.. ඒත් ඉදලා හිටලා වොෂ් රූම් එකේදි හරි ඕපන් එකේදි හරි දකිනවා ඇරෙන්න මන් එයාව වෙනදා වගේ නිතරම දැක්කේ නෑ.. දැන් ඉතින් එයාලා ෆෝර්ත් ඉයර් නිසා වෙනදට වඩා බිසී... අනික දැන් එයාලා තමා සුපර් සීනියර්ස්ලා.. ටිකාක් විතර උඩින් තමා යන්නේ..

"ඔබට අවශ්‍ය මල් පෝච්චි අපෙන් මිලදී ගත හැක!!! පින්තාරු කල සහ නොකළ පෝච්චි ලොකු කුඩා වශයෙන්!!! අප ලග මැටි, පෝසිලේන්, ටයිටේනියම් සහ සෙරමික් යන ඕනෑම වර්ගයක අලංකාර මනබදිනා මල් පෝච්චි ඇත!!! ඔබ අවශ්‍ය නම් සාදාරණ මිලකට තොග වශයෙන් ලබා ගැනීමේ හැකියාව තිබේ!!! ඔබගේ සිතැගි පරිද්දෙන් අවශ්‍ය ආකාරයට නිමවා ගැනීමේ හැකියාව ඇත!!! අදම අමතන්න!!! බින්දුවයි හතයි එකයි බල්ටි පහයි විසිල් දෙකායී!!!!"

මන් හයියෙන් බෙරිහන් දීගෙන තඩි ප්‍රැක්ටිකල් බඩු බොක්ස් එකක් උස්සන් ෆැකල්ටිය පාරේ එන ගමන් හැමෝගෙම අවදානේ ගත්තා.. අහු මුළු වල කල්ලි ගැහිලා ඉන්න අලුතෙන් ආපු ජුන්නියෝ කටවල් වහන් හිනා වෙනවා.. එහෙම තමා නම්කිලා.... මේවා ඉතින් අපි අවුරුදු තුනක් තිස්සේ රන් කරන වැයික්කියනේ.. ඉස්සරහට හොද හොද සෙල්ලම් බලාගන්න පුළුවන්..

"ගන්න ගන්න!!! අපෙනුත්-"

"දැන්වත් ඔය කට වහපංකෝ.. එකක් හරි වැටිලා කුඩු උනොත් කකුල් දෙක කඩනවා තොගේ"

පවිරුවා කුටු කුටු ගාලා බැනගෙන ඉක්මනට අඩිය තියලා මාව මගෑරලා ගියා.. ඌට දැන් ලැජ්ජයිලු මන් එක්ක ඉන්න එක.. වෙන ලබ්බක් නෙවේ පගයා දැන් අලුතෙන් ආව ජුන්නියක් ලයින් කරනවා.. බලං ඉදපං මන් ඕක කරගන්න දෙයිද කියලා..

අපි ඉතින් ස්ටූඩියෝ එකේ ඉදලා පරන බඩු අදිනවා.. අපේ බැජ් එකේ කොල්ලෝ ටිකත් බොක්ස් උස්සන් පස්සහින් කයියවල් දාගෙන එනවා.. මන් පෙරමුණේ රාළ වගේ හූ තිය තිය යනවා.. ගෙමිදුවා විතරක් අත් දෙක වන වන 'ඕක මන් ගන්නද හලෝ, ඔයාට බරයිද හලෝ, උදව්වක් දෙන්නද හලෝ' ගගා එනවා.. ඒත් කවුරුත් ඌව ගණන් ගන්නේ නෑ... ඊට පස්සේ වට්ට්ලා දැම්මම රෙපා අපේ බොටුවනේ කන්නේ..

මෙතන අවුරුදු ගානක එක එක වර්ගේ ක්ලේ අයිටම් තියෙනවා.. මේවා අපි තොගේට දීලා කීයක් හරි හම්බ කරගන්න යන්නේ.. මොකද ස්ටූඩියෝ එකෙත් මේවා ගොඩගහන් ඉන්න ඉඩ මදි.. හැබැයි ඉතින් අපේ රේපා ඒ සල්ලි කෙලින්ම ෆන්ඩ් එකට දානවා.. එතකොට ඉතින් මේවා අදිනවට හුලං තමා..

"මැටි, පෝසිලේන්, ටයිටේනියම්!!! සෙරමික්-ගවේෂ්??"

ෆැකල්ට් පාරේ ගවේෂ් අයියා බෙන්ච් එකක් ලග හිටගෙන දියානා එක්ක හෝ ගාලා කතාව.. ඒ දෙන්නව  දැක්කා විතරයි මාව පාර මැදම හිට්ටුනා.. එයාලගේ යාළුවො කවුරුත් නෑ.. දෙන්නම එතන හිටියේ තනියම.. මන් බලාගෙන දියානාත් කොණ්ඩේ කරක කරක ඇඹරි ඇඹරි කතාව.. ඔන්න දැන් මගේ පපුවේ එක පැත්තක් රීදීගෙන එනවා වගේ දැනෙනවා.. ප්‍රෙශර් නගිනවා වගේ..

ඇයි මට හිතෙන්නෙම මේ බොක්ස් එක ගිහින් උන් දෙන්නගේ ඔලුවට අතාරින්න???

අහම්බෙන් වගේ ඇස් කරකනකොට ගවේෂ් අයියත් මාව දැක්කට මාව දන්නෑ වගේ ඇස් හරවලා ආයෙත් දියානා එක්ක හරි හරියට කියවන්න පටන් ගන්න කොට මගේ නළලේ ඉදලා අමුතු දාඩියක් දාලා ඇගත් හිරි වැටුනා.. තෝ මාවද මගෑරියේ බිල්ඩින් ගවේසාන්??

"අඩෝ සේල් එක නැවතුනාද පෘථිවියා!!!"

දහමයා මගේ ඇගේ වැදීගෙන කෑ ගහගෙන යනකොට මන් පියවි සිහියව ආවා.. මන් අඩිය ඉක්මන් කරලා ඉක්මනට එතනින් වාෂ්ප උනා... මාත් ඔටු ලබ්බෙක් වගේ බලන් හිටියා ශික්!! මේ බඩු උස්සන්න ගියාම එපා වෙනවා හුත්ත!!!

"මහනුවර යුගයේ පහතරට සිතුවම් දක්නට ලැබෙන ඓතිහාසික හා පුරාවිද්‍යා වටිනාකමකින් යුත් මිරිස්ස වෙහෙරගල්ල සමුද්‍රගිරි විහාරයේ පිළිමගෙය හා සිතුවම් සංරක්ෂණය කිරීම නිසා මේ වන විට විහාරගේ බිතුසිතුවම් මෙන්න මේ පෙන්වන ආකාරයට....."

"ස්.. පෘථිවි"

"ඇයි?"

"පනිමුද?"

"හා"

මායී මඩයයි ලෙක්චර් හෝල් එකේ පිටිම පස්සහ හිටියේ.. ටිකක් විතර කරුවල උනාට කරුවලම නෑ.. සාමාන්‍යයෙන් මෙතන ඒසී එක තියෙන නිසා කවුරුත් ඉදගන්නේ නෑ.. හැබැයි මනෝ ගහන්න ඕනි උනාම ලෙක් එකෙන් පිට යන්න ඕනි උනාම අපි කෙලින්ම අල්ලගන්නේ මේ පොට් එක.. හෝල් එකේ ඉස්සරහ ලොකු ක්‍රවුඩ් එකක් ඉන්න නිසා සර්ට උනත් අපි ගැන ලොකු නෝට් එකක් නෑ.. අරූට බඩගිනි නිසා හෝල් එකෙන් පනිමු කියද්දි මෙච්චර වෙලා වෙන කල්පනාවක හිටිය මාත් ඒකට කැමති උනා.. මොකද මට දැන් එපා වෙලා හිටියේ.. කිසි ලබ්බක් ඔලුවට යන්නෑ

අපි දෙන්නා නෝට් එක රෝල් කරලා එහෙම්ම සාක්කුව අස්සට දාගත්තා.. ඊට පස්සේ ෂේප් එකේ පුටුවෙන් බැහැලා බිම දණ ගහගෙන හෝල් එකේ අන්තිමට තියෙන බැක් ඩෝ එකට යනකම් ගියා.. උස ලී ඩෙස්ක් නිසා දණගහන් යනකොට පේන්නෑ.. කරුමෙට හරි ඇටෙන්ඩන්ස් චෙක් කරොත් තමා කෙලවෙන්නේ.. සමාන්‍යයෙන් ලෙකාලට ක්ෂණික චූන් ආවම ඇටෙන්ඩන්ස් චෙක් කරනවා.. ඊට පස්සේ සයින් සීයක් විතර තියෙද්දි ලෙක් එකේ පනහක් හිටියම උන් අපිව මරාගෙන කනවා..

මට නම් දැන් මෙතන ඉන්න මූඩ් එකජ් ඇත්තෙම නෑ.. මොනා උනත් කමක් නෑ පවිරුවා ෂේප් කරයිනේ.. අපේ වෙලාවට ඩෝ එක ඇරලා තිබ්බ නිසා දණගහගෙනම ලෙක්චර් හෝල් එකෙන් එලියට පැනලා පස්සහා බලන්නේ නැතුව දුවගෙන ආවා...

"අම්මෝ ඩොබී දැන් නිදහස්!!!"

මන් සැනසුම් සුසුමක් හෙළුවත් ඔලුවේ ඉදලා ලේ ටික ආයේ රත් වෙන්න ගියේ තප්පරයයි..

==============================

අද 40 චැපිය💝

මම මේ experiment එකක් කරනවා සහයෝගයක් දක්වන්න ළමයී!!!!👇

⭕මෙතෙක් ඔයාලා කියවපු සිත්තරා නවල් එක ගැන ඔයාගේ  චුට්ටං අයිඩියා එකක් කියාගෙන යන්න.. අඩුම තරමේ නරකයි කියලවත්/ නැත්තං කැමති කැරැක්ටර් එකක් ගැනවත්👉👈
මගෑරලා ගියොත් දෙන්නෑ කතාව මම 😏 (බොරුවට අනේ)⭕

ආතරෙයි බායී 💝😘

Đọc tiếp

Bạn Cũng Sẽ Thích

12.4K 3K 27
සමාවෙයන්... මුල්ම ආදරේ උඹ වෙනුවෙන් ඉතිරි කර නොගත්තට... ඒත් , මගේ අවසානම ආදරේ... උඹ... උඹම විතරයි මගෙ විදූ... _______________________________________...
2.3K 410 9
එන්න අපි යමු සුදු පාට ලෝකයකට ඒකත් සුදු පාටට වෛර කරන සුදු සුරදූතයෙක්ගේ ඇස් වලින්ම 🤍 𝘉𝘠 𝘈𝘒𝘌𝘚𝘏𝘐 𝘙𝘈𝘛𝘏𝘕𝘈𝘠𝘈𝘒𝘈 𓆉︎
4.1M 260K 100
What will happen when an innocent girl gets trapped in the clutches of a devil mafia? This is the story of Rishabh and Anokhi. Anokhi's life is as...
1.1M 86K 39
"Why the fuck you let him touch you!!!"he growled while punching the wall behind me 'I am so scared right now what if he hit me like my father did to...