නිසල සඳ නුඹ

By kidurangana

4.4K 837 311

මන්දාරම් අහසටත් තිබුනා කියන්නට එක් කතාවක්. .. More

පලමු පරිච්ඡේදය. .
දෙවන පරිච්ඡේදය.
තුන් වන පරිච්ඡේදය
සිව් වන පරිච්ඡේදය.
පස්වන පරිච්ඡේදය ..
හය වැනි පරිච්ඡේදය
හත්වැනි පරිච්ඡේදය.
අටවැනි පරිච්ඡේදය.
නමවන පරිච්ඡේදය. ..
දහවන පරිච්ඡේදය.
එකොළොස් වන පරිච්ඡේදය.
දොළොස්වන වන පරිච්ඡේදය.

දහතුන් වන පරිච්ඡේදය.

306 54 19
By kidurangana

මෙය මාගේ මනඃකල්පිතයක් පමණි. සැබෑ ජීවිතයේ අයවලුන් හා ඒහා සබැදි ස්ථාන මෙම කථාංගයට කිසිදු සබදතාවක් නොමැති බැවින් ඒවා සම්බන්ධ කර නොගන්න.

මට කෑ ගැස්සුන. ....   මට කයිවාරුකම් ගගහා ඉරෝෂ  නෝන  අඩිය  තියල තිබ්බෙම දියසෙවල පිරැණු ගලක් උඩට වෙනකොට මම  ඉස්සර උනා. ....  ලිස්සල යන්න ගිය ඉරෝෂ නෝන  අන්තිමේට මගෙ අත්දෙකට මදිඋනා. .... 

 "  තමුසෙට කොහෙන්ද හයියක් මාව අල්ලන්න...... ෂිට්. ......."

   "එහ්................

  " ..  ජබොස්. ................."

************************************

     මම තදින් හුස්මක්  අල්ලගත්ත..... .

  කීං. ............."

කන අගුල්වැටෙන සද්දෙත් එක්කම මම ඇල්ල පහල වල ගැඹුරට යන්න  උනා.... මම වැටුන ......    ..... සීතලයි... වේදනාවයි....... වල ගැඹුරැ නැති උනත් කකුලෙන් දැනෙන වේදනාවයි ගැහෙන සීතලයි එක්ක උඩට එන්න මම වතුර එක්ක පොරබැදුව. ...උඹ කොහොම හරි  ගොඩට යන්න  ඕන.... ......  මගෙ හිතට මමම හයියක් දුන්න  ..... තනිකකකුලට බර දුන්න මම හුස්මත්  එක්කම වතුරෙන්  උඩට ආව වෙනකොට  මගෙ ඇස්  එක මොහොතකට  වැටෙන වැහිබින්දු අස්සෙන් ම   ඉරෝෂ  නෝනව හෙව්ව. ........  ඉරෝෂ  නෝන  නෑ..... යන්න ගිහින්...  ඇත්තටම  මන් හිතන්නේ බයටම බංගලාවට දුවන්න ඇති     .....  ...... .  මෙච්චර  වෙලාම  අමාරැවෙන් හිරකරන්  උන්න  හුස්ම  පොද නිදහස් වෙලා යන්න යද්දි ගැහෙන පපුවට පණ නගින්න මම හරි වේගෙන්  හුස්ම  ඇල්ලුවා වගේම සීතලට කෙන්ඩා පෙරලෙන්න හැදුව අත් දෙකට වාරැ අරන් ගොඩට පීනුවා. ... ....... මම  එහෙමම පොලොවෙ වැතිරැන. .... කලු ගැහුන අහසත්....බර වැහිකැට ත් එක්ක හැපුනු හුලංසැරත් ඇරැණ කොට මාත් එක්ක තනිරකින්න  උන්න තණකොල පදුරු එන්න එන්නම බර උන වැහි කැට වලට නටන්න ගනිද්දී  මම නැගිට්ට. ..... කකුලත් ගල් ගැහිල වගේ.... මට ඒතරම්ම  වේදනාවක් දැනුනෙ නෑ.... මොකද  සීතලටම හිරිවැටිල ගිහින්
......         

"  අ.... ම්ම්ම්ම්. ..මාහ්. ....   ගෙ...ද...ර.....
ගෙ..ද..ර .. ය...න්න...  ඕන.....  මට... ගෙදර යන්න ඕන.  .

  
   මම  දුවන්න ගත්ත   ..... හිතින්. ... මොකද මට දුවන්න ඕන උනත් දැනටමත් වැටෙන වැහිකැට වල සීතලයි... හුලං සැරයි  ....    මාව හෙම්බත්  කරල තිබුන ....  .... ඒ උනත්  මම  ඇවිද්ද. ....  වේදනාව කොහොම  උනත් එන්න එන්නම තදගහන වැස්ස හෝ ගාල සැඩවෙන්න  ගනිද්දී වේදනාවට වඩා මට ගෙදර යන්න ඕන කරා. .... ... ...  තව ටික දුරයි    .... ඉක්මන්  කරපන් දැහැන්      .. ..... ඉක්මන් කරපන්......  මම දුවාගන්න පුලුවන් තරම් දුවන්න ගත්ත...... ඇවිදලම  පදුරැපැගිලා වැලිකැට මතුඋන අඩිපාරේන්  පේන තරම් දුරට මම දිව්ව. .......   ඒ උනත් කොයිතරම් දුරටද. .. ....  මන්දන්නෑ කොයි තරම් දුරට මට දුවාගන්න පුලුවන් උනාද කියන්න. ...... අදුරැ කරැවල මැද්දෙන්   මීදුම  ඇවිත් තියෙන එලියත් මකාදාන යන්න යද්දි ඈතින් ඇදුන තේ පදුරැ ටිකත් මගෙ ඇස් මානෙන් මැකිල යන්න ගියා. ....  මම  ආපිට බැලුව. .. තත්පර ගානකට උඩදි අඩිදහයක් දොලහක්වත් පේන මානෙ තිබුන අඩිපාර මැකෙන්නම ... උන් තැනක්වත් නැතිවෙන්නම මීදුම අරක්ගෙන  තිබුන වගේම මම අතට  දැනුන ගස් කදට හේත්තු උනා. .. .ඒකත්  අතගාලම හොයාගෙන . .... ඇස්  දෙක පෙනුනත් මම දැන් අන්ධයෙක් ගානට වැටිල ..... තව ටික දුරක්  ටිකම ටික යාගන්න පුළුවන් උනානම්....... මට වැලිපාරට යන්න තිබුණා. 
..  . ......  ....   මට බයයි ..... අවුරුදු විස්සක කොල්ලෙක් උනත් මට මාවම නොපෙනන තැනදි   ....  .... මට බය හිතුන. .......  තනිවෙන්න...... මට මහ හුගක්  බය හිතුන. ........  මගෙ කන් වලට තාමත් චුරැ චුරැ  ගගා වැටෙන වැහිකැට වල සද්දෙ විතරක්  ඇහෙනකොට..  ඇස් දෙක පියාන උන්න මම තවත් ඇහි කෙවනි තද කරගත්ත..... ඇරියත් වැඩක් නෑ. .... මම දන්නවා. .......     ......          ....... .

     සී. ... ත. ...ල. යි....යි.... 

    මගෙ කටහඩ වෙව්ලනව......  . ...   හකුපාද හිරවෙනතරමටම ... තත්කෙදි එකට හැප්පෙන තරමටම මට සීතල දැනුන     ........ මම අත්දෙකට පිබින්න ගත්ත      ..... ඒ උනත් වැඩක් නෑ. ..... මගෙ කටටම පණක් නැතිකොට කොහෙ පිබින්න ද..... . .... උදේ වෙනකන්. .... මීදුම ටිකක්වත් අහක් වෙනකන්   ඉවසපන් දැහැන්. .... ඉර එලිය වැටුනම මගෙ තාරැව මේ පපුවට ගුලිකරගත්තම මේ සීතල යන්න යාවි... .........    අන්තිමේට මම මගෙම අත හපාගත්ත වගේම ගහ මුල ගුලිඋනා       .........  ඒත් කව්රැහරි එනවනම්. .......කව්රැම හරි. .... ඒවි නේද   ...   මම මගෙන්ම  ඇහුවා  ...........ඉරෝෂ නෝන මන් ගැන කියන්න ඇතිනෙ නේද ..... මට එහෙම හිතුන ...  නෑ ඇත්තටම බොරැවට උනත් මම මාවම  සන්සුන්  කරගන්න හැදුව. ..... ..... .....  .........

.................

..............   ම්ම්ම්ම් හ්. .......... ම්ම්ම්ම් හ්ම්ම්ම්. ..       ..............

   හීනයක්. .... නෑ  මම තාමත් නිදි නෑ......    මට වැරදිල.......  කව්ද. . ... .....  මීට විනාඩි ගානකට කලියෙන් වැටුන වැහකඩෝර   නැවතිල. ........  ඒ  උනත් තාමත් පොද වැස්ස මැද්දෙ ගුලිවෙලා උන්න මම  ඇස් දෙක බලෙන්ම ඇරන්  හිටිය. ... මට බයයි පියාගන්න. ..  .....  ඇස් ඇරගන්නම බැරිවෙයි කියල.....     ..  මීදුම යි. ......  ඒක අලුපාට නෑ කලුපාටට හැරිල.....  රෑ වෙලා. ....... ඇස් ඇරන්  හිටියත් පියාන උන්න ගානටම අදුර ඇවිත් මගෙ ඇස් පියන්  වෙලල තිබුන. .... එලියක් . ........   ඇත්තටම ඒක  .... එලියක්. ........  මීදුම  කපාන  මගෙ ඇස්   දෙකට වැදුනෙ හරි තද  එලියක් වෙද්දී  එක තත්පරේටකට මට හිතුන  ඒක හීනයක් කියල..... ..  

........"දැහැන්. .......   දැහැන්. ........"

   

      මට කව්රැහරි කතා කරා. ..... ඒක හරි මහන්සිපාට කටහඩක්  ........කෑ ගහලම   මහන්සි  උන. ...

" .. ...මෙ....... මෙ..හ්ම්. .  හෙ. ...... ම. අහ්.ම........ මෙ....හ්....හෙ. .... .."

     අනෙ යන්න  එපා....  මම මෙහෙ .......

හිත කෑ ගහල එහෙම කීව උනත් මට  කියාගන්න බැරි උනා......  .. ඒ උනත් ඈතට ගිහින් තිබුන එළිය එහෙට මෙහෙට  වෙවී මන් ලගට ආයෙමත් කිට්ටු උනා.....  මට පෙනුනෙම ඇස් කඩන්යනතරමෙ එලිය විතරක් වෙනකොට වැහි චුරැවටත් වඩා කැපුන මීදුම අස්සෙන් මම හරි අමාරැවෙන් ඒ රෑපෙ  අයිතිකාරයා හෙව්වා. .....  ඇත්තටම  මට පැහැදිලිව නොපෙනුන තරම්. .   .....  ලගට එක්කන්ම. .. ඒ කටහඩ පැහැදිලිව ඇහෙනකන්ම ඒ කව්ද කියන්න මට නොතේරැන තරම්. ...

. ...
        .....දැහැන්   ......   . .. ...

    මම  මුලින්ම දැක්කෙ සුරැ සුරැගාල  වැහිකැට දරන්න හදන කුඩේ.......
...  කුඩේට යටින් තිබුන වැහි බේරෙන රේන්කෝට් එක..... ඒක ඇතුලෙ උන්න  මනුස්සයා වත් නොපෙනෙන තරම්. .... ඇත්තටම  මම උත්සාහ කරා  එක තත්පරේටකට හරි මන් ඉස්සරහ  ඉන්න  ප්‍රාණයේ  අයිතිකාරයා අඳුනගන්න......  මට ඕන උනා උඹ මගෙ ඇස් මානෙට ආවට හරි පින් දෙන්න. .  ..     
. ......

     දැහැන් .....   දැහැන්. ......

      ආයෙමත් මගෙ නම..... මන් හිතන්නේ  දෙවනි නෑ තුන් වෙනිවතාව මට ඇහුන ..මම අදුනගත්ත. ....... සීතලටම ඇදුම්දෙන  කන්අඩිය අස්සට වැකුණු  කටහඩ මට  අන්තිමේට අදුනන්න පුලුවන්  උනා......     මොකද  හතරවෙනි  වතාවට ඒ නම විතරක් නෙවෙයි  අයිතිකාරයත්  මන් ඉස්සරහ. .. කොටින්ම මගෙ මූණ  ඉස්සරහ හුස්ම වැටෙන දුරින් උන්න. ......
..

   "   පු..හ්ං. ..චිහ් . ..ම...හ..ත්ත් ....ත
යා....හ්හ්. .... ... .. .."

     "දැහැන්  නගින්න  ...... නගින්න. ..... " 

   මම  ඒ අත් දෙකට මැදිවෙලා.... හිතන්නවත් කාලයක් නොදී පුංචි මහත්තයාගෙ  අත් දෙක හරි බරට මගෙ උරහිසට තද උනා .......

   "ම්ම්ම්ම්. ....."

   මගෙ ලග දන නවාන උන්න පුංචි මහත්තයා පිටිපස්ස හැරිල මට  නගින්න කීව..  ..... ඒකත් කරට......  

    " කිව්වහම අහල නගිනව  මගෙ කර උඩට......... "

      ඇත්තටම මම නැග්ගෙ නෑ ... ...  මට එහෙමට හයියක් තිබුනෙ නෑ. .....    මාව බලෙන්ම කරට ගත්ත  පුංචි මහත්තයා  අතේ තිබුන ටෝච් එකේ එලියෙන්  පාරට අඩිය තිබ්බ.....  .... මේ කලුවරේ මීදුම අස්සෙ පුංචි මහත්තයා කොහොමද ටෝච්  එලියෙන් විතරක් පාර හොයාගන්නෙ. ....  පුංචි මහත්තයාට  මේ ගල්ගොඩේ මාව උස්සන් යන්න පුළුවන්ද. .... .......  මගෙ හිතේ  ප්‍රශ්න ගොඩ ගැහුන. ... ...... 
...... ලණුවක්. ...ඒක ටිකක් හීනි ලණුවක්.....  පුංචි මහත්තයා අතේ තියාන  උන්න ලණුව   දිගේ හරි  පරිස්සමට අඩිය තියද්දි  මම පොඩි එකෙක් ගානට ඒ කරේ එල්ලිලා උන්න  .. ....  .....ඈතින්  තිබුන  වාහනේ ලයිට් එලිය විතරක්ම හරියටම මීදුම  අස්සෙන් මට පෙනුන වෙනකොට  යාන්තමට පියවෙන්න ගිය ඇහිපිහාටු  මම බලෙන්ම  ඇර ගන්න දැගලුවා.........    ....

  ....
..   "  හයියෙන්  අල්ල ගන්න. ...... "

    "හ්ම්ම්ම්. ........"
        ............. 

     ............................ .......

    " දැහැන්. .... දැහැන්. ......   හොදින් නේද. .....   කතා කරන්න. ....."

   " ම්..........සී....ත..ලයිහ්. ..... .."

    මාව වෙව්ලනව. .....   මම උන්නෙ  පුංචි  මහත්තයාගෙ  වාහනේ පිටිපස්සෙ සීට්  එකට බර වෙලා වගේම  වහන්න පුලුවන්  හැම රෙද්දකින්ම එතිලා. ...... ඒත්  මාව වෙව්ලනව. ...............   පුංචි මහත්තයා පිස්සුවෙන් වගේ මාව හැම රෙද්දකින්ම එතුව වගේම   එයා පෝන්  එක සාක්කුවෙන් ඇදල අරගත්ත .... හරි කලබලේට. ...  දෙපාරක්  තුන්පාරක්..... ඊටත් වැඩිය ඇති
.....  බුම්මට්ට මහත්තයාට කෝල් එක  ගන්න බැරැව ගියා. ....මන් දන්නව   එක්කො  පෝන්  එකේ සිග්නල් නැතුව ඇති. ... නැත්තන් බැටරි බැහැල ඇති......

   " ඕ....... ෂිට්. ....... "

මම හිතුව දේ හරිය කියන්න ද මන්දා  එක තත්පරේට පුංචි  මහත්තයාගෙ පෝන් එක  වාහනේ  ඇතුලෙ කෑලි උනා......  

      පුන්...... ..,.චි..    මහ.....අ..ත්ත්...ත...යා ..........ම..ම.... ..අ..... හ් හො ....දි....න්
      

     " උඹ හොදින් ද.....මේ වෙව්ලන අත් පය.... අයිස් වගේ උඹ සීතලයි....... උඹ හොදින් ද. ......."

           පුංචි  මහත්තයා හරි සද්දෙට කියාන ගියා වගේම මගෙ යටි පතුල් අතුල්ලන්න ගත්ත  ........   කිසි හිරිකිතයක් නැතුවම මගෙ යටිපතුල් උනුසුම්  කරන්න දැගලුව. ......  මට  එපා   කියන්නඕන කරත්   ඇරගෙන  ඉන්න  ඕන  කෙරැව  ඇස් දෙක  ඉබේටම බර වෙන්න  හදන කොට   ආයෙ ආයෙමත් මම  ඇස් දෙක පොඩි කරා...........

  "..නි...දි. ...ම...ත..හ්.  යි.......යි.....  හ්. ........................."

මම  ඔලුව වැනුව. ...  පුංචි මහත්තයා නිදාගන්න එපා කිය කිය තාමත් මගෙ කකුල් අත්පය අතුල්ලද්දී   මම පුලුවන්තාක් දරාගන්න හැදුව....  නිදිමත. ...  සීතල   ...... වේදනාව......  මේ හැමදේම. ........
..
...

    "දැහැන්. .... දැහැන් නිදාගන්න එපා....."

.........

    
       ම්ම්ම්ම් හ්..... 

  

   "   පුං...චි. ....ත්....ත....යාහ්. .........   මහ්. ..... ..ම ...ගෙ . ..ඇ...දු...
ම්. ..හ්ම්. ....   කි....ලි....ටු...........හ් වෙ.....ලා....   . ද ...?. "

    පුංචි මහත්තයා හති වැටිල .... කොච්චර  කොහොම අතුල්ලල උනුසුම්  කරන්න දැගලුව  උනත් තාමත් මගෙ අත්පය එහෙමම වෙව්ලද්දී   පුංචි මහත්තයා ඒක අතෑරියා වගේම මගෙ ජර්සියෙ බොත්තන්  ගලවන්න ගත්ත. .... වාහනේ ලයිට් එලියෙන් මටත් වඩා  මම ඒ ඇස්  වලින්  ඒ කලබල ගතිය දැක්ක. ....

    "තෙතයි. ..... අපි ගලවමු. ... නැත්තන් උඹ තව සීතලවෙයි....."

        පුංචි  මහත්තයා මන් ඇදන් උන්න ජර්සිය   ගලවල දැම්ම. ..   ...  ජර්සිය  විතරක් නෙවෙයි මගෙ කමිසෙත් ඇදන් උන්න  බැනියම් කෑල්ලත් එක්කම   ගැලවිල ගියා  ........   ගැලව්වට මොකද  මම  ඉදන් උන්න සීට් එක උඩම  වකුටු උනා. ......  ඒතරම්ම  සීතලයි ...   මාව වෙව්ලනව ........ මම මූණත් එක්කම කකුල් දෙක අස්සෙ ගහගත්ත. .......

  ." දැහැන්. ......  "

    ම්ම්ම්ම්හ්. .......

   මම ඔලුව  ඉස්සුව. .....  පුංචි මහත්තයා  ඉන්නවා ......
.......ඒ උනාට  මීට තත්පර ගානකට කලින්  ඇදන් හිටිය  ෂර්ට්  එකත් නැතුව........   මේ සීතලේ පුංචි මහත්තයත් කමිසෙ ගලවල දාල ..... 

     

    "මට උඹව බේරගන්න දියන්. ......  "

   දෙපාරක් නොකියම පුංචි මහත්තයා  මාව ඒ පපුවට  ඇදල අරගත්ත. ....... උනුහුම යි. .....  මට  මුලින්ම  දැනුනෙ ඒ පපුවෙ උනුහුම...... 

....පු....පු....

......

" ...   ෂ්.....ෂ් .......ෂ්......   "

       මම උන්නෙ පුංචි මහත්තයාට ඔඩොක්කුවෙ ඒ පපුවට මැදිවෙලා  වෙනකොට නැගිටින්නට හැදුව මාව තවත් ඒ පපුවට තද උනා ......  ....  මම තාමත්  වෙව්ලනව...... මන්දන්නෑ පුංචි මහත්තයාට  දැනුනද කියන්න. ...  ඒ උනත්  එකම එක  තත්පරයකින් මගෙ ඉන වටේ  එතුන  ඒ අත හන්ද මම  ගැස්සිල යන්න ගියා . ......  මම හරියටම ඒ අත්දෙක මැද්දෙ  හිටියෙම පොඩි එකෙක්  ගානට වැටිල    .......   බුම්මට්ට මහත්තයා එයාගෙ කෝටි එකෙන් මාව තවත් වැහුව.....  හරියටම  කීවොත් අපි දෙන්නම වැහිල ගිහින් තිබුන. .....     .....මම අත්දෙක පපුව මැද්දට ගුලිකරගත්ත  ..  ......  මහන්සියි ....... .... ඊටත් වඩා මට දැනුනෙ නිදිමතක්.
..... හුග කාලෙක ඉදලම මට මගහැරැනු නිදිමතක් ....   මගෙ ඇස්  මටත්  හොරෙන් පියවෙන්න  අරගත්ත වෙනකොට නොදැනිම උනත් මම බර උනේ ඒ උරහිසට  ....  ඒ උනුහුමට. .....  මම ඒ බෙල්ල  අස්සට මූණ ඔබාගත්ත. ......   . .....ඒ මහ කියාගන්න බැරි අමුතු හැගීමක්. .....

   "  දැහැන්. ..... දැහැන්. ....... "

    "ම්ම්ම්ම්හ්. ..... "

     "  නිදාගන්න එපා.......මාත් එක්ක කතා කරපන්...............  ..........................  දැහැන්  කන්න  කැමති මොනාද  ....."

    ."මම....... ...ම්ම්ම්ම්හ්ම් ..  කි...රි....බත්. ..... .. .."

     "කිරිබත්.....    එච්චරටම උඹ කැමති ද. ...?"

          හ්ම්ම්ම්. ........

    ඇත්තටම මම  කැමතියි. ..... ඒක රහකට වඩා ඉතුරැ වක්. ... මොකද    එක බතටයි මාලුවකටයි වඩා  පොල් කිරිටිකකටයි හාල් ටිකකට යි පුලුවන්  උනා හරි පහසුවට අපෙ බඩගින්දර  නිවන්න.......  මගෙ කල්පනාව ආයෙමත් නින්දට පාර කැපුව උනත් බුම්මට්ට  මහත්තයා ආයෙම මගෙ නින්ද  කඩල දැම්ම ....

     "දැහැන්   දන්නවද .. උඹේ නමේ තේරැම. ..... දැහැන්  අනුරාග .......   "

...

........"ම්ම්ම්ම්හ්ම්. .........නෑ........  පුංචි  ම........හ....ත්ත.....යාගෙහ්. .... නහ්...නමේ තේ....රැ..ම මො..ක...ක් ද......"

        ඇත්ත  කවදාවත්  මට මගෙ නමේ තේරැම හොයන්න  ඕන වෙලා නෑ
.......  .....  හිතුනෙවත් නැතිතරම් ....... ඒ උනත් පුංචි මහත්තයා මගෙ නමේ තේරැම  ඇහැව්ව    .......

       "මන් දන්නෑ. .......   මගෙ කොහොම උනත් උඹෙ නමට   ..... උඹත් නොදන්නව  උනාට තියෙනවා හරි ලස්සන තේරැමක්....... දවසක   දැනගෙන  උඹම ඇවිත් මට කියපන්. ....."

   .."හ්ම්ම්ම්. .....  "

......මම එහෙමම බෙල්ල  අස්සෙ ඉදන්ම  ඔලුව වැනුව ....  මගෙ නම කොහොම  උනත්  මට හොයන්න හිතුන....  දැනගන්න  ආස හිතුන. .....  ඒ නමේ තේරැම    . ......
......
....

   "  නිදාගන්න  එපා. .... උඹට  නැතත් මට පුළුවන්  උඹත්    එක්ක කතා  කරන්න. ......  උඹ අහන් ඉන්නවද....... නැත්තන් මට උත්තර බදිනව ද. ..    ..... ...................................දැහැන් .... උඹට   අකමැතිම පාටක් තියෙනවද.... ..?.."

"  .  ..... අ..සර.....ණපාට.............."

    පුංචි  මහත්තයා මගෙන් ප්‍රශ්න  අහනව.......  මන් දන්නව පුංචි මහත්තයාට ඕන මගෙ නින්දට හරස් වෙන්න..... මාව ඇහැරවන්න. .....   ඒ උනත් මට කරන්න බැරිඋනේම ඒක.... 

   "උඹ විතරක් නෙමේ ඒපාටට කව්රැත් කැමති  නැහැ. ......"

  "..  ඒ....ක....... බො.....රැ.......... කව්ද  කීවෙ......   එහෙම. ....... .  මි....නි.......ස්සු ත..  ම..    න්........ අ....ස.......රණ වෙ.. . නවට කැමති නෑ තමා ....... . ......ඒ උ....නා....ට  ......මි......නිස්......සු........න්ව අ  ....සර..... ණ......  ක .....හරන මි.......නි.....ස්.....සුන්ට ......ඒ....ක අදාල නෑ පුං....චි ....... මහත්.......තයා  ......"
...  

    " දැහැන් දන්නවද    ......    අසරණ  මනුස්සයාට වඩා අසරණයි කියල පිලිගන්න  මනුස්සයා  හුගක්  අසරණ  වෙනවා ........  මොකද  අසරණයි කියල පිළිනොගන්නාතාක් ඒ මනුස්සයා තමන්වම අතඅරින්නෑ....... ...  උඹ හරියටම ඒ වගේ. ..........."   

         

     පුංචි මහත්තයා කියනව වගේ මම එහෙමද...... ඇත්ත  මම කැමති නෑ අසරණ  වෙන්න. ...  මම කැමති නෑ මාවම අසරණ  කරගන්න  . ...  ඒ උනාට  ජීවිතේ හැම දේම එකම එක මිම්මකින් විතරක්  මනින්න පුලුවන්  උනානම් නෑ එහෙම  නෑ. .... හැමදේම  එහෙම  බෑ....   මොන හේතුවකට ද මන්දා   මට කාලයත් එක්ක අමතක කරන්න  ඕන උන  මහ අසරණ  මතකයන්  එලියට එන්න හැදුව. ......   මගෙ හුස්ම නවතින්න ගිය පලවෙනි වතාව මේක නෙවෙයි හන්ද.  .....

   "ම...ටහ්. .... නි....දි....ම.....තයි. ..."

      "උඹෙ  අම්මයි.... උඹෙ පුංචි මැණිකයි ..... උඹ එනකන්  මග බලනව ඇති  දැහැන්  ..... නිදා ගන්න  එපා...... ම්ම්ම්ම්   .... "   
                "හ්ම්ම්ම්. ........පුං..........චි. .ම...මහ්.......හ......ත්යා....හ්. ..... ම....ම....හ්ම්. .....ම.....ම මැ....රෙ...........යි ද. ....?.   .....  තව ....සැ..ර..යක්.  ...මටහ් .... බෑ..හහ්. . ... ............................. අ...ම්....ම. ..ට
.....  ම......ම නැ....තු...ව..හ්.....ත..... තා....රැ....ව බලා....ග...න්න  බෑ...හ්. ..  ම්. ....    ......."

  මම ඇහුවේ  සමහරවිට මහ මෝඩ  ප්‍රශ්නයක් වෙන්න ඇති
..... ඒ උනත් මේ තත්පරේත් මගෙ හිතේ දිව්වෙ  ඒ ප්‍රශ්නෙමයි. ... .... මම මැරෙයි ද. ......   හරි සංකීර්ණ තේරැමක් තියෙන සරල උත්තරයක්. .... ඔව්... නැත්තන්  නෑ.....   ඒත් මගෙ අම්මගෙ  උත්තරේ උනේම  ඔතනින්  එකම එක වචනයයි ....ඒ...
......." නෑ.... උඹට  මොකවත් වෙන්නෑ රත්තරනෙ... ...".  ඇත්තටම  මම  නැති උනොත් මගෙ පොඩි එකාව බලාගන්න  අම්මට පුලුවන් වෙයිද. ...   බෑ........  අත්තම්ම ඉන්න කන් වැටිල ඉන්න  ගේ තිබුන  උනත් නැතිඋනදාකට  නැන්ද මගෙ කොල්ලවයි අම්මවයි පාරට දාවි.....  .. ඇත්ත.. මම බයයි.....
........මම නැති  ඒ කටුක අනාගතේ යතාර්ථයක් වෙයි කියල මම බයයි ..... ..          මට මතක ඇති   පුංචි කාලෙ හරි පුංචි කැස්සක් හෙම්බිරිස්සාව ක් හැදුන    උනත්  මම බයඋනා  ...  මම මැරෙයි ද. ...  ඒ ප්‍රශ්නෙට වැඩියෙන්ම මට උත්තර බැන්දෙ මගෙ අම්ම. ......  මම බයඋනා....   මැරෙන්න. ....  මම බයඋනා අප්පච්චිගෙන් ගුටිකන  අම්මව මට බේරගන්න බැරිවෙයි කියල..... මට බය හිතුන  හරි පුංචි දේකටත් අප්පච්චිගෙන් තැලෙන මයෙ අම්ම  මගෙ කරදඩු උස්මහත්  වෙනකන් මයෙලග   ඉදීද කියල
......   කවදාවත් සුදූට මට සීනි බෝලයක් වත් අරන් දෙන්න බැරිවෙයි කියල .....  ඔය වචන ටික මම අම්මගෙන් අවසාන වතාවට අහපු දවස.......  එදා ඉදන්  අද වෙනකන්   මම ඒ වචන ටික  අම්ම  ඉස්සරහ  දිගඅරින් නැතුව ඇති......   

       "තව සැ.....ර..යක්..... .. ඒ කීවෙ........ තව සැරයක් කීවෙ මොකද්ද     ............"

ඒ කටහඩ ගැස්මක් එක්ක රලු වෙලා යද්දී මම ආයෙම  හැකිලුනා.....
    
      අප්පච්චිට පින්සිද්ධ වෙන්න මගෙ හුස්ම  ටික  නවතින්න ගිය දවස.....  ඒ ප්‍රශ්නෙට ඒ වචන ටික හිතටම විතරක් උත්තරයක් වෙද්දී .. මම  කට වහගත්ත...........   තව සැරයක් කීවෙ මොකද්ද කියන එක  පුංචි මහත්තයා හරි බරට මගෙන් ආයෙ ආයෙම  අහනකොට  මම කරේම කට වහගත්ත  එක වෙනකොට මම අමාරැවට වෙව්ලන මගෙ අත හපාගත්ත. .... දෙවනි සැරේටත්. .....  මගෙ ඇස් යන්තමට පියැවිල යන්න යද්දි නින්දෙන්ම මම අත විකාගත්ත උනත් මන්ද මට කිසිම  වේදනාවක්  දැනුනෙ නෑ  .....ඒ උනාට හරි හෙමින් සීරුවේ  වචන ටිකක් මගෙ කනට රහසක් කීව   ..... ..... ඒක  මිමිනුමක්...   හරි යාන්තමට.... ඇහුන . ......

        " my little  moon .......  ..... "
........................be mine  .  

.....   
.......

    ම්හ්ම්  .....     ම්ම්ම්ම්. ...... ම්හ්ම්. .....

    " දැහැන්. ....  ඇස් අරින්න. .... "

   මම කෙදිරි ගෑව...... ඒත් එක්කම  කවුරැහරි මට කතා කරා ඇහුන ...... නෑ ඇත්තටම ඒක  හීනයක් ද මන්දා. ....  අසිහියෙන්  උන්න මට ඇහුන. ....... නින්දෙන්  උන්න මට දැනුන වේදනාවට  ඉබේටම කෙදිරි ගෑවුනා වෙනකොට  මම  හරි බරට ඇලිලා ගිය ඇස් පියන් දෙක දෙකඩ කරා.....     ....එලිවෙලා ද ....මන්දා. ....මට පෙනුනෙ තාමත් ඇඳිරි වැටුන අඩ අදුර  ..... ඒ උනත්  වාහනේ ලයිට් එක තාමත් අපිට එලිය දෙද්දී  අමාරුවෙන් උනත් මම  ඒ බර උන  උරහිසෙන් පොඩ්ඩක්  ඈත් උනා........    ..... මාව ඔතලා. .. ......   මගෙ කකුල් දෙක වෙනකම්ම මාව තිබුන  හැම  රෙද්දකින්ම  කොටින්ම පුංචි මහත්තයාගෙ කමිසෙට පවා මාව මග නොහැරි තිබුන වෙනකොට යන්තමට එහාට මෙහාට  උන පුංචි මහත්තයාගෙ ම කමිසෙ අස්සෙන් මගෙම කලවෙ එලියට ඇවිත් තිබුන. ........මම පොඩ්ඩකට ගැස්සුන. ..... මන් ඇදන් උන්න  කලිසම ගලවල දාල. ....  .... මුලු ඇගටම ඇදගෙන  උන්න යට කලිසම් කොටේ විතරක් ඉතිරි වෙලා තියෙද්දි මට මහ අමුතු ලැජ්ජාවක් දැනුන. .....  ඒ උනත් ඒ  හැමදේම කපාගෙන දැනෙන වේදනාව මටම මාව හරි බරක් කරද්දී මම ආයෙත්  ඒ  බෙල්ල  අස්සට ගුලිවෙන්න හැදුව උනත් මම දැක්ක...... පුංචි මහත්තයාගෙ  බෙල්ල රතු වෙලා   ...මමහ්.....  පුංචි මහත්තයාව  හැපුවද? ..... . ...       . ...........

   
   දැහැන්  .......

බුම්මට්ට   මහත්තයා  ඇහැරිල. .. ඒ කොයි වෙලේද ......  ඒ ඇස් මගෙ ඇස් එක්ක  තේරුම් ගන්න බැරි  හුගාක්  නොතේරැන කතා කියද්දී මම අමාරැවෙන්  උනත්   පණක් නැතිකොට වෙව්ලන කකුලට වාරැ අරන්    ඒ උකුල උඩින්  ෂීට් එකට යන්න තැතනුව......  මගෙ ඇගේ දැවටිල තිබුන පුංචි මහත්තයාගෙ කෝට් එක බිමට වැටුන. .....   සී.....ත....ලයි. ....

        " තාම ගැහෙනව....... .උඹව
පිච්චෙන තරම් රස්නෙයි .... 

    මට උණ......  මම  දන්නවා  ..... ....ඒ උනාට  මම .... මම මොනා කරන්නද. ...පුංචි මහත්තයා මගෙ බෙල්ලට අත තියල  මම පිච්චෙන තරම් රස්නෙයි කියන ගමන් බිමට අතැරැන කෝට් එක  ආයෙමත් මගෙ ඇගට පෙරෙව්ව. ......

   "  මම......තව   චුට්. .ටක්....... මෙ....හෙම  ඉන්න ද. ..... ....?  

     මම  නැගිටින්න හැදුව එක පැත්තක දාල ආයෙම එහෙමම ඉන්න හැදුව      ......   මොකද  උණ වැඩිකමටදෝ මන්ද   මට දැනුනෙ මගෙ පපුව හිරකරනව වගේ  වෙනකොට මම  එහෙමම  ඒ උරහිසට වාරැ උනා..... .....  

 "   පුලුවන්   ....   උඹටම විතරක් පුළුවන්  .............. "

  

    පු......පුංචි  ......ම....ම...හත්තයා. .......

  "   දැහැන්  ......    දැහැන්. ....... මොකද. ... මොකද්ද  අමාරැව. ....කියපන්......  පපුව. ....  පපුව රිදෙනව ද. .....   ...... "

       

    "හුස්ම  ..... හුස්ම  ගන්න අ... අමාරු. ..... . ........"

      මම පපුව මිරික ගත්ත. .....    ඇත්තටම  උනේ හුස්ම හිරකරනව ටත් වඩා  මම බය උන එක වෙනකොට නොදැනිම උනත් මගේ  අත පුංචි මහත්තයාගෙ ඇදුම මිරිකිල යන්න ගියා  වගේම මන් හිතන්නේ මටත් වඩා පුංචි මහත්තයා බය උනා...........  එයා මගෙ පපුව අත ගාන්න ගත්ත. ....  ..  

    
      "    හිමින්......හිමින් ..................හුස්ම  අල්ලපන්. ............ ප්ලීස්. ..... හුස්ම  ගනින් ........... ...මැණික  .   .............  "

        
    උනුසුම්  හුස්ම පොදක්. .....  හරි සැහැල්ලුවෙන් මගෙ පපු කුහර වලට ගලාන ගියා ....    හිරකරපු හුස්ම ටික ආයෙමත්  පොඩ්ඩ පොඩ්ඩ රටාවට හැඩගැහෙන්න ගද්දී  මෙච්චර වෙලාම මගෙ දෙතොලට දැනුන උනුසුමත් යන්න ගියා. ......
....... 

  

😊 කතාව දැම්මා ...

😊අකුරු  අඩු පාඩු ඇති ගනන් ගන්න එපා ලමයිල. ..

  😊 .....මගෙ කතාව කියවන වෝට් කරන හැමෝමටම තෑන්ක්ස්. ...  ගුඩ් නයිට්. .  හ

Continue Reading

You'll Also Like

604K 9.4K 87
A text story set place in the golden trio era! You are the it girl of Slytherin, the glue holding your deranged friend group together, the girl no...
25.4K 605 41
It's the fourth book in the series, and the RA characters are back for another round!
128K 1.3K 113
https://m.shubaow.net/16/16928/ Author: Shixingcao Category: Rebirth through time Release time: 2019-01-25 Latest: Chapter 113 Ji Ling x Shen Mo rebi...
5.3K 798 13
ඔයාලා හිතන්නෙ සල්ලි තියනවනම් සේරම හරි කියලද? මමනම් එහෙම හිතන්නෙ නෑ.. මොකද මට කොච්චර සල්ලි තිබුණත් මගේ හිතට සැනසීම කියන දේ නැති තරම්. - සහස් 🥺❤️