සියපත්

By lyz_8105

55.1K 8.6K 1.6K

"සියපත් මට නෙළුම් මලක්....හරියට පිපිලවත් නැති තවම පෙති විහිදන්න හිතන ළපටි නෙළුම් පොහොට්ටුවක්...." මතකයට හැකිය... More

01 කොටස
02 කොටස
03 කොටස
04 කොටස
05 කොටස
06 කොටස
07 කොටස
08 කොටස
09 කොටස
10 කොටස
11 කොටස
12 කොටස
13 කොටස
14 කොටස
15 කොටස
16 කොටස
17 කොටස
18 කොටස
19 කොටස
20 කොටස
21 කොටස
22 කොටස
23 කොටස
24 කොටස
25 කොටස
26 කොටස
27 කොටස
29 කොටස
30 කොටස
31 කොටස
32 කොටස
33 කොටස
34 කොටස
35 කොටස
36 කොටස
37 කොටස
38 කොටස
39 කොටස
40 කොටස
41 කොටස
42 කොටස
43 කොටස
44 කොටස
45 කොටස
46 කොටස
47 කොටස
48 කොටස
49 කොටස
50 කොටස
51 කොටස
52 කොටස
53 කොටස
54 කොටස
55 කොටස
56 කොටස
57 කොටස
58 කොටස

28 කොටස

830 139 35
By lyz_8105

එදා රකිත් අයියත් එක්කත් කතා කරල ආවට පස්සෙ අපි සුද්දිගෙ ෆෝන් එක බලෙන්ම ඉල්ලන් චෙක් කරා....මේ කෙල්ල නම්බර් එක සේව් කරල නොතිබුණ හින්දා කවුද කෙනා කියල හොයා ගන්න බැරි උනත් නම්බර් එක දීලා කෙනාව හොයාගන්නවා කියල මහත්තයා සැර කරපු පාර සවින්දිද කාගෙද යාලුවෙක් කිව්වා....එතනින් එහාට කොච්චර ඇහුවත් උත්තරේ ඒකම උනු එකයි චැට් වල තිබුණු දේවල් එච්චර හොඳ තත්වෙ නොතිබුණු එකයි සේරම අල්ලලා මහත්තයාට කේන්ති යද්දි එවෙලෙම රකිත් අයියට එන්න කියල ෆෝන් එක අරන් යන්න කිව්වා....කවදාවත් නැතුව සුද්දිට හොඳටම කෑගැහුවා.....අන්තිමේ අහක ඉඳපු මමත් බැනුම් අහලයි සිද්දිය සමතෙකට පත් උනේ....සුද්දි සතියක් විතරම අපි එක්ක තරහ වෙලා හිටියා...මහත්තයා කිව්වා කමක් නෑ ඔහෙ හිටපුදෙන් කියල....දැන් උනත් සුද්දි ඒ හැටි ඇයි හොඳයියක් නෑ අපි එක්ක....

මේ සිද්දියෙන් මට එක දෙයක් හොඳට තේරුණා....අපේ සුද්දිට හොඳක් නරකක් තේරුම් කරල දෙන්න බෑ ...එයා කරන්නෙම එයාට ඕනි දේ....එයාගෙ මතේ...අපි කොච්චර මේක කරන්න එපා මේක හොඳ නෑ කියල කට කැඩෙනකල් කීවත් එයා නෙවේ ගනන් ගන්නෙ....

"මහත්තයා සුද්දි තාම කතා කරන්නෑනෙ හරියට..."

"කතා කරන්නැත්තන් නිකන් ඉන්න කියන්න බබා....අරවින්දි අපේ නංගි තමයි හැබැයි දෙයක් කීවම අහන්න බැරි උන්ගෙන් මට වැඩක් නෑ...ඔයත් කල්පනා නොකර ඔයාගෙ වැඩක් බලාගන්න....කතා කරන දවසක කතා කරයි....එයාට අපි නරකක් කරේ නෑනෙ..."

මහත්තයා කියන දේ ඇත්ත....සුද්දිට දවසක තේරෙයි අපි මොකක්ද කියන්නෙ කියල....එදා වෙනකොට එයා ජීවිතේ වරද්ද නොගෙන හිටියොත් හොඳටම ඇති මට....

මහත්තයා ඔෆිස් එකට යන ගමන්ම මාව කැම්පස් එකට දාගෙන යද්දි මම එහෙමම ලෙක්චර් හෝල් එකට එන්න ආවා....සුද්දි අද ඉස්කෝලෙ ගියෙ නෑ....ඇහුවම හේතු කියන්නෑනෙ ඇඟට කඩා පනිනවා මිසක්....සේරටම හේතුව මෙයාගෙ අර ඉන්නවා කියන යාලුවො....මට වෙලාවකට හිතෙනව ඔය කෙල්ලන්ව හම්බෙලා කතා කරල බලන්නත් ...කවුද දන්නෙ මොන මොන ජාතියෙ ලමයිද කියල....මේකිත් ගමේ ඉඳන් ආවට වැදගත් පාටට ඉන්න හින්දා කාණ්ඩෙට ඇදල ගන්න ඇති.....හොඳක් නරකක් කියල දුන්නට අහන්නෙ නෑනෙ නහරයක් වැඩිනෙ දැන්....යාලුවො කියන දේ තමයි අදහන්නෙ....මේ එළදෙනව ගමේ ඉස්කෝලෙම තියාගෙන ඉගැන්නුවනම් එකක්....ඒත් වැඩක් නෑ දවසක ඒලෙවල් ඉවර කරල කැම්පස් එක්කට ගියත් මෙහෙම මෝඩයෙක් වගේ නටයිනෙ....ඉගෙන ගන්න මොලේ තිබ්බට වැඩක් නෑ හොඳ නරක තෝරා බේරා ගන්න මොලයක් නැත්තන්....වැඩේ කියන්නෙ අපේ එකීට හොඳ නරක කියා දුන්නත් ඒක ගනන් නොගන්න එකනෙ....

ලෙක්චර් ඉවර වෙනකකුත් මගෙ ඔලුවෙ වැඩ කරේ සුද්දිගෙ හැසිරීම....

"මචන් සියපතා මොකෝ කල්පනාව ...ආයෙ එකෙක්ට අනින්න වත්ද...."

"අහ් කසුන්....මම බැලුවා ඒත් කවුද කියල...."

කසුන් කැම්පස් එකේ මට හම්බුනු හොඳ යාලුවෙක්....යාලුවො ඇත්තෙම නැති මගෙ ජීවිතේට හම්බුනු මං වගේම හිතන පතන හොඳ කොල්ලෙක් කසුන්....මහත්තයාත් කසුන් එක්ක කතා කරල තියෙනවා.... හැබැයි කසුන් හිතන් ඉන්නෙ මහත්තයා මගෙ අයියා කියල....මහත්තයා කිව්වා වැඩි විස්තර කාටවත් කියන්න ඕන්නෑ කියල....අපි දන්නෑනෙ මිනිස්සුන්ගෙ හැටි....කොච්චර හොඳ කෙනෙක් උනත් අපේ වගේ සම්බන්දතා ගැන දකින විදිහ වෙනස් වෙන්න පුලුවන්නෙ....ඒ හින්දා හැමදේම කියන්න යන එකෙන් වෙන්නෙ අනවශ්‍ය ප්‍රශ්න ඇති වෙන එක කියල මහත්තයා කිව්වා....

"අඩෝ මේ මං කියන්නමයි හිටියෙ කොහෙද බැරිවුනානෙ මේ ඒවා මේවා හින්දා... එදා උඹලගෙ අයියා දැකල අපේ කෙල්ලො මැරෙන්න හැදුවනෙ....තවත් උන්ගෙ ඔලුවල ඉන්නෙ උඹලගෙ අයියා...අද උදෙත් උඹ එද්දි එකියක් කුටු කුටු ගානව ඇහුනා සියපත්ගෙ අයියා ආයෙ එන එකක් නැද්ද දන්නෑ කියල..."

"පිස්සු අප්පා ඒ ගොල්ලන්ට...අපෙ අයියට පාර්ට්නර් කෙනෙක් ඉන්නවා....ඒ හින්දා දැඟලුවට වැඩක් නෑ...."

"සිරාවට පව් අපේ ගෝත ගෑණු ටික....ඒවායින් මට කමක් නෑ මගෙ සුදු නෝනට කෙනෙක් නැතුව ඇති නේ...කියපන්කො නැතුව ඇති නේහ්...."

"මම කොහොමද දන්නෙ බන්....කවුද ඔය කියන සුදු නෝනා...."

කසුන් හොඳ කොල්ලා උනාට මහ ඕපාදූප මල්ලක් වෙලාවකට....මම නොදන්න රට වටේ වෙන හැමදේම මා එක්ක කියන්නෙ කසුන්....රොයිටරයක් වගේ ... මහත්තයාට කෙල්ලො බැල්ම දැම්මා කියල දන්නෙත් මම මූ කිව්වමනෙ.....ඒකට නම් මට ඊරිසියා හිතුනා....එයා මගේනේ....එක එක කෙල්ලොන්ට බලන්න දෙන්න බෑ එහෙම....ඒකමයි මම එයාට කෙනෙක් ඉන්නවා කිව්වෙ....දැන් කසුන් ඕක ඒ කෙල්ලන්ගෙ කනේ තියන එක ස්තීරයි කිරි ගහට ඇන්නා වගේ...මහත්තයාගෙ කතාවෙන් පස්සෙ කසුන් කවුදෝ සුදු නෝනෙක් ගැන කියවන්න ගත්තා....

"ඇයි උඹ දැකල නැද්ද බන් ඒකිව....අඩෝ පට්ට කඳ....ඉඟ සුඟ ගත හැකි මිටින....කොණ්ඩෙ දිගයි දණිස්ස ලඟට විතර....පොඩ්ඩක් කැරලියි....සුදුම සුදුයි මාර ලස්සනයි බන්....ඇස් වලින් කැවෙනවා යකෝ දකිද්දි....ආහ් පිස්සු වගේ...."

කසුන් කියාපු විස්තරේ එක්ක මට අපේ සුද්දිවත් ඔලුවට එද්දි ඔලුව ගසපු මං ඒ මනෝවිකාරෙ එලියට විසික් කරල දැම්මා....

"නෑ දැකල නෑ....අපේ කැම්පස් එකේද...."

"අපේ මගුලෙ කොහෙද බන් ලස්සන කෑලි....ඉන්නෙම අම්මණ්ඩිලානෙ....උඹ නැද්ද ටික් ටොක්....ඒකෙ ඉන්නෙ බන් මගෙ සුදු නෝනා....දුක කියන්නෙ දැන් සතියකින් විතර වීඩියෝ එකක් දැම්මෙ නෑ බන් ඒකි....ඇයි දන්නෑ....ඉස්සර දවසට එකක්වත් දානවා...."

කසුන් මෙච්චර වෙලා කියවල තියෙන්නෙ ෆෝන් එකේ දැක්ක කෙල්ලෙක් ගැන වෙද්දි මට මේකාගෙ ඔලුව පැලෙන්න ගහන්න හිතුනා....මම දකින්නෙ කොහෙද ඔය කියන කෙල්ලො මගෙ ෆෝන් එකේ නෑ ඔය කියන ඇප් එක....

"මං ටික් ටොක් නෑ බන්...."

"වරෙන්කො පෙන්නන්න....ඕන් බලපන් මම බොරුද කීවෙ කියල...."

කසුන් පෙන්නපු වීඩියෝ එකට ඔලුව දාපු මං දැක්කෙ හීනෙන්වත් බලාපොරොත්තු උනු දෙයක් නෙවේ....

"සුද්දී..!!"

"මොකී...."

"ආහ් නෑ නෑ මොකුත් නෑ....ත්...තව ඔහොම වීඩියෝ තියෙද කසුන්...."

"මොකද උඹ ගොත ගහන්නෙ....මේක විතරක් නෙවේ තව හෙන ගොඩක් තියේ මේ වගේ....වරෙන්කො පෙන්නන්න....ආසා හිතුනා නේ...බලපන් නිකම්ම නගිනවා..."

මේ ඇහෙන දේවල් අහගෙන ඉන්න හයියක් නැති උනත් මම කාගෙන කසුන් පෙන්නපු හැම වීඩියෝ එකක්ම බැලුවා....මගෙ ඔලුව උඩ අකුණු ගහනවා වගේ....මගෙ පපුව වේගෙන් ගැහෙනවා මට දැනුනා.....ඔලුවට දැනුන පීඩනේ හිතට දැනුන බය මෙච්චරයි කියන්න බෑ....සුද්දි මොනවද මේ කරල තියෙන්නෙ.....කොහෙන්ද මේ වගේ ජරා ඇඳුම්...උඩටත් නැති පහලටත් නැති....කීදෙනෙක් මේකිව ඇස් දෙකෙන් දූෂනය කරල ඇතිද මෙලහකට....මගෙ නංගි ඇයි මෙහෙම....අපි මෙයාව මලක් වගේ හැදුවෙ මෙහෙම සමාජෙට විහිලුවක් වෙන්නද.....

"අඩෝ කොහෙද යන්නෙ බන්....වරෙන් හොඳම ටික තව බැලුවෙත් නෑ...."

ඔලුව හොඳටම අවුල් වෙලා වගේ දැනෙද්දි කසුන් කෑගහනවා ඇහුනත් කැම්පස් එකෙන් එලියටම ආපු මං ඔහේ පාර දිගේ ඇවිද්දා....කොහොමද මම මේවා මහත්තයා එක්ක උනත් කියන්නෙ....අයියා වෙච්ච මට ලැජ්ජයි.....මොනවද මම ඒ දැක්කෙ....කොළඹ ඇවිත් අවුරුද්දක්වත් යන්න කලින් සුද්දි මෙච්චර සංකර උනේ කොහොමද....මේ කෙල්ලට තවම වයස දාහතයි....ලමයි කරන වැඩද මේ....පහුගිය ටිකේම කාමරේ දොර වහන් කරල තියෙන්නෙ මේවා තමයි එහෙනම්....පාඩම් කරන එක නෙවෙයි....

ටර්ම් ටෙස්ට් වලට ලකුණු අඩු ඇයි ඇහුවම හෝල් ක්ලාස් වල උගන්නන ඒවා තේරෙන්නෑ කිව්වා....පහුවදා ඉදන්ම මහත්තයා ගෲප් ක්ලාස් හොයල දුන්නා....එසේ මෙසේ වියදමක් නෙවෙයි මහත්තයා සුද්දි වෙනුවෙන් කරන්නෙ.....ඉල්ලන පමාවට හැමදේම ගෙනැත් දෙනවා තාත්තා වගේ....එහෙම කරන මනුස්සයට මම කොහොමද ගිහින් කියන්නෙ මහත්තයා ඔයාගෙ සල්ලි අපරාදෙ මේකි බාගෙට රෙදි ඇදන් ටික් ටොක් නටලා කියල.....කොහොමද මං කටක් ඇරල කියන්නෙ.....

ගෙදර ගියොත් වෙන්නෙ දසමහ යුද්දයක් ඇවිලෙන එක කියල හොඳටම තේරුන මං කෙලින්ම කැෆේ එක පැත්තට හැරුනා....දැන් ගෙදර ගියොත් අනිවාරෙන් මම සුද්දිට පාරක් දෙකක් ගහනවා....ඒ තරම් මට දැන් කේන්තියි....තරහයි....අඬන්න තරම් කේන්තියි.....සේරම හිතේ තද කරන් කැෆේ එකට ගිය මං වැඩ පටන් ගත්තා....

________________________________________

"මල්ලි මොකෝ බන් උඹ අද අවුලෙන් වගේ....මූණත් මොකදෝ වෙලා...."

"අහ් එහෙම නෑ අයියෙ...කැම්පස් ගිහින් ආව හින්දා පොඩ්ඩක් මහන්සියි දන්නැද්ද...."

සහන් අයියව යන්තම් ශේප් කරපු පාඩුවෙ වැඩ ටික කරගෙන ගියා...මොකෝ මං කියන්නද නඟාගෙ රඟේ හින්දා මේ අවුලෙන් ඉන්නෙ කියල....රට්ටු හිනස්සන්න හොඳයි...

"ආහ්....ආවුවා...."

"කැඩුණා නේද....කෝ අහකට පලයන් කපා ගන්නැතුව....මොන සිහියෙන්ද බන් ඉන්නෙ....කුමාරයියෙ කොස්ස ගෙනෙන්..."

"අප්පට සූටියා මොකෝ මේ කවදාවත් නැතුව...."

කල්පනා කර කරම කෝප්ප වගයක් අහුරන ගමන් ඉඳපු මටත් නොදැනිම අත ලෙස්සලා යද්දි වීදුරු දෙකක්ම මගෙ අතින් බිඳිලා ගියා....ඒවා එකතු කරන්න කියල හදද්දි අතත් කැපිලා යද්දි මාව එහාට කරපු සහන් අයියා තව අයියෙක්ට කතා කරල එතන අස් කරල දැම්මා....මෙච්චර කාලෙකට මගෙ අතින් මෙහෙම දේවල් වෙලා නෑ....සේරම අවුල් වෙලා වගේ දැනෙද්දි මම පැත්තකට ගිහින් ඉඳගත්තා....

"මල්ලි උඹට වැඩ කරන්න බෑ වගේ නම් ගෙදර පලයන්....මම බොසාට කියන්නම්....බලහන් ඔය අතෙන් ලේත් එනවා...."

"අවුලක් නෑ අයියෙ....පොඩ්ඩක් ඉඳල ආයෙ එන්නම්....මේකෙ එච්චර ලේ යන්නෑ ගානක් නෑ...."

"ටිකක් වෙලා ඉඳපු මං අතට රෙදි පටියක් බැඳගෙන ආපහු වැඩට ගියා...."

ටේබල් දෙක්කින් ඕඩර් අරන් ආපු මං රෙඩි වෙලා තිබ්බ ඕඩර් එක්කුත් අදාල ටේබල් එකට ගිහින් දුන්නා....ආපහු එන්න ආවත් කතා කරන සද්දයක් ඇහුන හින්දා බලද්දි දවසක් ආව නාඩගම්කාරයො ටික...අද අර කෙල්ල නෑ...මුන් විතරයි අඩුවට හිටියෙ අද දවසට.....දැන් ඒකත් හරි....

"සර් මොනවද ඕඩර් කරන්නෙ...."

"ඔයාව.....බැයිද...."

"සර් මේක කැෆේ එකක්...."

"ඔහ්...සොරි සොරි....අමතක උනානෙ ඔයාව දැක්කම....කැෆේ එකක් නෙවේ නම්.....පුලුවන්ද...."

මුන් එක්ක කතා කරල තේරුමක් නෑ කියල හිතුන මං ආපහු හැරුනෙ කුමාරයියටවත් ඕඩර් ගන්න කියනවා කියල හිතන් උනත් මගෙ තුවාල අතම අර නාඩගංකාරයෙක් අල්ලගත්ත හින්දා මට එහෙමම නවතින්න උනා.....අදත් පටන් ගත්තා...යකා ආවේස වෙලා ඉන්න වෙලේ මේකා හදන්නෙ දැන් මගෙන් කන්න....

"කොහෙද යන්නෙ....බේබි.....පොඩ්ඩක් කතා කරමු...."

"කතා කරන්නෙ මොනවද මිනිහො.....අත ගනින්...."

හැමදාම යටපත් වෙලා ඉන්න බැරිම වෙලාවක විතරක් එලියට එන මගෙ යක්ෂයා එලි බහිද්දි අර මිනිහව තල්ලු කරපු මං මගෙ අත ඇදල ගත්තා....මමම දන්නෑ මට කොහෙන් එන හයියක්ද කියල.....හැබැයි මට කේන්ති ගිය වෙලේට මම මෙහෙමයි....

"කාටද උඹ සද්ද දාන්නෙ පොඩි එකෝ....උඹ දන්නවද මං කවුද කියල....දැනගනින් මං තෝව බල්ලෙක් වගේ ලඟට ගන්නෙ බල්ලෙක් වගේ....."

මගෙ ටීෂර්ට් එකෙන් ඇදලා ලඟට ගත්ත මිනිහා මූණට එබිලා කෑගහද්දි මට බය නොහිතුනා නෙවෙයි.....හැබැයි ඊට වඩා මේ වෙලේ මගෙ කේන්තිය ලොකු වෙද්දි ඉන්නෙ කොහෙද මං කවුද ඒ හැමදේම අමතක උනු මං දණ නමලා උගෙ කකුල් මැද්දටම දීලා දැම්මා....

ඒත් එක්කම උගෙ යාලුවෙක් පැනලා මගෙ බෙල්ලෙන්ම අල්ලගනිද්දි අනිත් එකා මට ගහන්න පැන්නා වෙද්දි නිකම්ම මගෙ ඇස් පියවුණා.....අද නම් කෑමක් තමයි සියපතෝ...ඒත් හිතපු විදිහට පාර නොවදිද්දි ඇස් ඇරල බලපු මං දැක්කෙ මගෙ දිහා රවාගෙන බලා ඉන්න මහත්තයා....එයා අර මිනිහගෙ අත මිරිකලා වගේ අල්ලගෙන දත් මිටි කාගෙන ඉන්නවා....මහත්තයා කොයි වෙලේද ආවෙ....ඒ මුණ බලන්නත් බය හිතෙද්දි මට නිකම්ම වචන පැටලුණා....

"ම..."

"කට....කටවහගෙන ගිහින් වාහනේට නගිනවා....මේ දැන්....!!! "

මහත්තයාගෙ කට හඬේ සැරටම මාව අල්ලන් ඉඳපු මිනිහත් මාව අතාරිද්දි තත්පරයක්වත් පරක්කු නොවුණු මං එහෙමම ගිහින් වාහනේට නැග්ගා....වීදුරු කට්ටට කැපුන තැනින් හොඳටම ලේ එනවා....කලින් රණ්ඩුවෙදි පෑරෙන්න ඇති....

ආයෙ මං වැඩට ඇවිත් ඉවරයි....අද තමයි අවසානම දවස....කැෆේ එකේ වීදුරු වලින් මම දැක්කා මහත්තයා අර මිනිස්සුන්ට මොන මොනවදෝ කියනවා....මගෙ අතින් ඇදපු එකාගෙ බෙල්ලෙන් අල්ලගත්ත මහත්තයා ඌව බිත්තියකට තද කරද්දි කැෆේ එකේ අයිතිකාරයා වෙච්ච පහන් අයියා ඇවිත් මහත්තයාව ආපිට ඇදලා ගත්තා...අනේ රණ්ඩු වෙන්න එපානෙ....මං හින්දා තමා සේරම....මහත්තයා කිව්වා මට ප්‍රශ්න දාගන්න එපා කියල....මට තිබ්බා තව පොඩ්ඩක් ඉවසන්න....

මහත්තයා රවාගෙන වාහනේ දිහාවට එනවා දැකපු මට තවත් බය හිතුණා...වාහනේට නැගපු එයාගෙ කේන්තියට රතු උනු ඇස් එක්ක නහර පෑදුණු අත් දකිද්දි දවල් ඉඳන් තිබ්බ පීඩනෙයි දැන් දැනුන බයයි සේරම එක්ක මට ඇඬුනා...







𝓣𝓸 𝓫𝓮  𝓬𝓸𝓷𝓽𝓲𝓷𝓾𝓮𝓭

Continue Reading

You'll Also Like

1.6M 113K 43
"Why the fuck you let him touch you!!!"he growled while punching the wall behind me 'I am so scared right now what if he hit me like my father did to...
2M 112K 96
Daksh singh chauhan - the crowned prince and future king of Jodhpur is a multi billionaire and the CEO of Ratore group. He is highly honored and resp...
1.5M 132K 45
✫ 𝐁𝐨𝐨𝐤 𝐎𝐧𝐞 𝐈𝐧 𝐑𝐚𝐭𝐡𝐨𝐫𝐞 𝐆𝐞𝐧'𝐬 𝐋𝐨𝐯𝐞 𝐒𝐚𝐠𝐚 𝐒𝐞𝐫𝐢𝐞𝐬 ⁎⁎⁎⁎⁎⁎⁎⁎⁎⁎⁎ She is shy He is outspoken She is clumsy He is graceful...
271K 7.2K 36
On the surface, Katie Swan appears to be an average girl. She's pretty, athletic, and abnormally intuitive. But when her parents are suddenly murdere...