"ඕක සිහියෙන් කරපන් පෘථිවි බලපං ඔක්කොම තින්ත බිමනේ.. තොට මදන යකා ගහලද උදේ ඉදන් පිස්සු කෙලින්නේ.. මන් ඊයේ රෑ ඉදලා නෝට් කරන් ඉන්නේ... ඇත්ත කියපං මොකක්ද කරේ.. නැත්තම් කවුරුහරි මොනවහරි කිව්වද.. සිහියෙන් වැඩක් කරන්න බැරිනම් පලයං යන්න මෙතනින්"
"යනවා තමා මෙතන ලගින්න ආවේ නෑ රෙද්ද"
මන් එහෙම්ම තින්ත පින්සල බිම පොළවේ ගහලා පවිරුටත් රවාගෙන ක්ලාස් රූම් එකෙන් එලියට ආවා.. මට දැන් හේතු නැතුව තරහා යනවා.. ඔලුවත් එක්ක අවුල් වෙලා තියෙන්නේ.. මේලෝ සිහියක් නැතුව බිත්ති පේන්ට් කරලා ඔලුවේ ඉදන් පේන්ට්ස් ගෑවිලා.. ඔක්කොටම කලින් නාගන්න- නාන්න- එක්කෝ ඕන්නෑ!
අපි දැන් ඉන්නේ අර ඉස්කෝලේ.. උදේ පාන්දරම ටීම් එකත් එක්ක පන්සල් පාර දිගේ පයින්ම ආවා.. හිතුවට වඩා ස්කූල් එක මාරම පොඩි.. ඉරිදා දවසක් නිසා ළමයි කවුරුත් නෑ.. හෙටනේ එයාලා එන්නේ.. මුළු ස්කූල් එකටම බිල්ඩින් තුනක් වගේ තියෙනවා ඒවත් හරියට නෑ දිරාපත් වෙලා.. ඒ උනාට මාරම ලස්සනයි වටපිටාව.. ඒ වගේම පුදුම සීතලයි.. හැම තැනම එක එක ජාතියේ පැල හදලා ග්‍රීන් හවුස් එක්කුත් තියෙනවා.. එක කොනක තිබ්බා බෝලයක් වගේ ලොකු සිමෙන්ති ටැංකියකුත්..
අපේ උන් ආව වෙලේ ඉදලා දාගෙන වැඩ.. කොල්ලෝ වහලවල් වල නැගලා සුද්ද කරනවා.. කෙල්ලෝ ටික ඩෙස් පුටු පේන්ට් කරනවා.. සෙට් එකක් බිත්ති පේන්ට් කරනවා.. ඒ අස්සේ අපේ ෆැකල්ටියේ උන් බිත්ති වල ඩ්‍රෝවින් අදිනවා.. ඉන්ජෝ කැඩිච්ච බල්බ් අනම් මනන් හදලා කරන්ට් එක අදිනවා.. ඇග්‍රි සෙට් එක ළමයින්ගේ වගාවක් අස්සට වෙලා ඒවගේ අඩුපාඩු බලනවා.. කට්ටිය බෙදාගෙන කරගෙන වැඩ..
අපි එනවා කියලා දන්න නිසා ගමේ ස්කෝලේ ළමයින්ගේ අම්මලා තාත්තලා පවා ඇවිත් අපිට උදව් කරන්න ගත්තා.. අපිව බලන්න කියලා වතු වල මිනිස්සු පවා ඇවිත් ගියා.. එයාලට මෙහෙම මිනිස්සු එන එකත් අලුත් දෙයක් වගේ.. ගමේ හිටියේ මාර හොද මිනිස්සු.. සල්ලි අතින් දුප්පත් උනාට මනුස්සකම අහස උසට.. මහ ලොකු සල්ලියක් නැතත් අපිට කන්න පවා එක එක ජාති හදන් ඇවිල්ලා තිබ්බා.. දන්නවා වගේ අපිත් එක්ක කතාව.. අපේ උනුත් එහෙමයි.. මුළු ස්කූල් එකම අපේ සද්ද වලින් පිරිලා ඉතිරිලා..
මන් එහෙම්ම පවිරු එක්ක තරහ වෙලා පිබ පිබ පඩිපෙලක් දිගේ පල්ලට යනකොට වයර් වගයක් උස්සන් ගවේෂ් අයියා එනවා දැකලා ආව වේගෙන්ම යූ ටර්න් එකක් ගහලා ආපු පාරෙම ගියා.. ගිය පයින්ම මන් අපහු එනවා දැකලා ජනේලේ අස්සෙන් පවිරුවා ඇස් හීනි කරලා බලනකොට ඌවත් පහු කරගෙන කොනේම තිබ්බ බිල්ඩිම අස්සට රිංග ගත්තා.. මන් අඩියට දෙකට යනකොට අර හෝල් එක අස්සේ ගෙම්බයි මඩයයි හෝස් එකක් අල්ලන් බිම හෝදනවා.. ඩෙස් පුටු ඔක්කොම එලියේ...
"ඔයත් ආවද ඒයී? අපි දෙන්නට මේ හෝල් එක හෝදන්න කියලා පවිරුයි තිවාන් අයියයි කිව්වා.. මකුළු දැල් ඔක්කොම කඩලා තියෙන්නේ.."
"එන්ඩඋබත්මේකටඋදව්කරන්නලේසිඑතකොට"
කටේ මොනවදෝ පුරවගෙන මඩය මොකක්හරි කිව්වත් මට තේරුනේ නෑ.. ඌ කියන ඒවා කවුරුත් ගණන් ගන්නෑනේ.. කටෙන් එකයි ජම්බූ.. මූ හෝල් එක ඉස්සරහා තියන පොඩි ගහෙන් ජම්බු කඩන් ඇවිත් හෝදන්නේ නැතුවම කටේ ඔබා ගන්නවා.. ඊයා ඇටත් එක්කද කොහෙද කන්නේ.. මම ගෙම්බට උදව් කරන්න කියලා ස්ලිපර්ස් දෙක ගලවලා ඩෙනිමත් උඩට උස්සන් හෝල් එක ඇතුලට ආවා..
"දැන් තියෙන්නේ ඩෙටෝල් දාලා අතුල්ලන්න.. අර අතනින් ඉදල් තුනක් අරන් එන්න ඒයි එකෙන් කරන්න ලේසී"
මන් බිත්තිය මුල්ලේ තිබ්බ ඉදල් තුනක් අරන් ඇවිල්ලා දෙකක් අරුන් දෙන්නට දුන්නා.. ඊට පස්සේ තුන්දෙනාම තුන්පැත්තේ ඉදලා හෝල් එකට ඩෙටෝල් හලලා අතුල්ලන්න ගත්තා.. මන් බිම අතුල්ලනවට වඩා කරේ ඉදල අරන් එකම තැන කූරූ ගහපු එක..
"මොකක් හරි කේස් එකක්ද හලෝ? ඉදුවර අයියා මොනවහරි කිව්වද?"
ටික වෙලාවක් මගේ වටේ රවුමට කැරකිලා වැඩත් පැත්තක දමලා ගෙම්බා උගේ ඇස් දෙකත් එක්ක ලොකු කරගෙන අහනකොට පයින් එකක් දෙන්න හිතුනා පල්ලයහා පේන ඇලට වැටෙන්න.. ආවා මෙතන ඉදුවරයෙක් මතක් කරගෙන..
"එහෙම ලබ්බක් නෑ.."
"නැත්තේ කොහෙද අවුලක් නම් තියෙනවා වගේ.. මූණත් එක්ක රතු වෙලා තොලත් ඉදිමිලා.. ඇලජික් මොනවහරි කෑවද"
"කෑවා කට-ක්-ඉස්සෝ මම"
"ඉස්සෝ තිබ්බද බත් එකේ? අපිට තිබ්බේ නෑනේ.. අසාධාරණයිනේ.. අහන්ඩ ඕන තිවාන් අයියගෙන්"
"උබට තිබ්බේ නැති උනාට මට තිබ්බා මන් පරක්කු වෙලානේ කෑවේ"
"ඉතින් ඇලජික් කියලා දැනගෙන කෑවේ ඇයි අප්පා..."
"රෝස පාටට තියෙනකොට කැවුනා මට"
"අඩේ.... රෝස පාට ඉස්සෝ ඉන්නවද පෘථිවියා.. මටත් කන්ඩෝන.. රහයිද බං"
"රහයි රහයි රෝස පාට නිසා රෝස මල් රහයි.. පලයං හුත්තෝ යන්න කන බනේමයි තොට"
මන් උටත් රවලා ගිනි කසයා වගේ හෝල් එක අතුල්ලගෙන අතුල්ලගෙන ගියා.. මට දැන් ඕන ලොකුම ලොකු වලක් හාරන් එකේ වැලලිලා යන්න.. ඒත් ඒක ප්‍රායෝගික මදි නිසා ඊට වඩා ලේසියෙන් සූසයිඩ් කරගන්න විදිහක් කල්පනා කරන්න ගත්තා.. මන් කාපු ඇලජික් කෑම එක ගැන උබලා දැනගත්තොත් මට රෙදිත් නෑ..
සියලු ප්‍රශ්න අමතක වෙලා යන්න පිස්සෙක් වගේ බිම අතුල්ල අතුල්ල ඉද්දි මගේ ඇගට වතුර පාරක් වැදුනා.. පාඩුවේ වැඩක් කරන්න නෑ.. මට මල පනින්න ගියේ තප්පරයයි.. මඩයා අතින් හෝස් එක වැරදිලා ඉස්සිලා.. එකෙන් මගේ ෂර්ට් එකේ ඉදලම තෙමුනා.. මට දැන් උදේ ඉදලා පොඩ්ඩ ඇත්තන් නගින ලෙඩක් තියෙනවනේ.. ආව තරහට බිම තිබ්බ වතුරට කකුලෙන් ගැහුවා උගේ ඩෙනිම හේදිලා ගියා.. ඌත් අතාරින්නේ නැතුව අනික් පැත්තට මට වතුර ගහකොට ඒක ගිහින් ගෙම්බට වැදුනා... ඌ ඒක සෙල්ලමක අරගෙන බිම තිබ්බ හෝස් එක අරන් මඩයට අල්ලනකොට විසාල සබ්දයක් ඇහුනා..
"අයියෝ....!!!! මෝඩ ගෙමිදුවා..!!! මාව තෙමුනා බුරුවෝ..!!!"
හොද වැඩේ දියතලාවට.. ආවා මෙතන රිංගන්න
"අනේ සොරි සොරි දියානා ඔයා එනවා දැක්කේ නෑ හලෝ"
"සොරිය තියාගෙන ඉදගන්නවා මෝඩයෝ ටික.. බලනවා මගේ ඇදුම.. මන් ආවේ එන්න කියන්න"
"මොකටදකියලාපාඩුවෙයන්ඩ"
"ඊයා මොහොමඩ් චික්!! තමුසෙලාට එන්න කිව්වා බෙලිමල් බොන්න.. මෝඩ සත්තු"
දියානා කොටට කොටේ තියන බලු නකුට්ටත් ගස්සගෙන ඇග පිහද පිහද පිබ පිබ ගියා.. එනවා කියලා දන්නවනම් ගහන්නේ මඩ වතුර.. තෝ නිසා තමා මේ සේරම.. ආවා මෙතන අනුන්ගේ- අනුන්ගේ- අනුන්ගේ තමා මගෙ නම් නෙවේ මට මොකෝ!!
අයියෝ මට දැන් පල්ලට යන්න බෑ.. එතන ගවේෂ් අයියා ඇති.. මන් කොහොමද දෙයියනේ මූණ දෙන්නේ.. ඊයෙනම් කොල්ලො ටික වොෂෲම් ආව ගමන් රෙදි ටිකත් අරගෙන හොරෙන් පැනලා ගිහින් ඉහේ ඉදන් පොරවගෙන නිදාගත්තා.. පාර දිගේ එද්දිත් පවිරුට කවර් වෙලා ආවා.. ඔතෙන්ට ගියොත් ආයේ මාව දකීද දන්නෑ.. අනේ මන්දා පෘථිවියා උබේ වෙලාව හොදටම හොද නෑ.. මන් කොහොමද දැන් සමාජෙට මුහුණ දෙන්නේ.. දැන් අපිරිසිදු කොල්ලෙක් වෙලා ඉවරයි..
"පුතුවියා.."
හිත මීට වඩා පාලනේ කරගන්න ඕන.. ආයෙත් බෝඩිමට ගියාම භාවනා කරන්න පටන් ගන්නවා... හිතුනොත් යෝගා ක්ලාස් එක්කට යනවා.. අර සන්තුෂා හැමවෙලේම කියන්නේ යෝගා කරාම සිත කය සංවර වෙනවා කියලා.. කැම්පස් ගිහින් වැඩි විස්තර අහගන්න ඕන..
" පෘථිවියා"
මෙහෙම මට මහන වෙන්න බැරි වෙයිද? එතකොට ගවේෂ් අයියා මට ඇවිත් වදි.. නෑ එක්කෝ කාල යන්ත්‍රේ හොයාගත්තොත් පැය අටකට විතර රිවයින් කරලා කරපු කියපු දේවල් වෙනස් කරලා ගේමක් ගහගන්න බැරිවෙයිද දන්නෑ.
""පුතුවී!!!! පෘථිවි !!!""""
"යාහ්...!!! මොකද කන අස්සේ බෙරිහන්දෙන්නේ තොපි"
"ඔයාට දැන් කිපාරක් කතා කරාද අනේ.. එන්න අරවා බොන්න යන්න"
"මට ඕනී අරකක් නෑ උබලා පලයල්ලා"
"වරෙන් බං පව්වා මැරෙන්ඩ හදනවා ඊට පස්සේ එක්කන් ආවේ නෑ කියලා.. වරෙන් වරෙන්"
ගෙමිදුවයි මඩයයි ඉදලත් පැත්තක දාලා මගේ අත් දෙකෙ දෙපැත්තෙන් අල්ලන් බලෙන්ම එලියට ඇදගෙන ආවා.. මන් අමාරුවෙන් ස්ලිපර්ස් දෙකත් දාගෙන උන් එක්ක මරන්න ගෙනියන හරකා වගේ ඇදිලා ආවා...
මේ දුක් කාටදැයි... මේ දුක් කාගෙදැයි... නුඹ දන්නවා ඇතී... සිත මගේ.... ''''
"යමු යමු හලෝ බෙලිමල් දෙන්නේ"
අපි එනකොට අපේ අසූවක් විතර සේනාව ඇන්ටිලා දෙන්නෙක් වට කරගෙන ලෝකේ නැති පච කිය කිය බෙලිමල් බොනවා.. ඒවා බොන්න ගානට කපපු කිතුල් හකුරුත් තියෙනවා.. මේවා ඉතින් වෙසක් එකට හරි පොසොන් එකට හරි දන්සැල් වලින් බොනවා මිසක් කොළඹදි බොන්න හම්බෙන්නෑනේ.. ගවේෂ් අයියා පේන්න හිටියේ නැති නිසා වටපිට පිට බලලා ශේප් එකේ බෙලිමල් ටිකක් කප් එක්කට දාගෙන හකුරු කෑල්ලක් අරන් ගෙමිදුවා පස්සෙන් කඩියෙක් වගේ ගියා..
අපි දෙන්නා ටිකක් ඈතින් තිබ්බ අඹ ගහක් වටේට හදලා තිබ්බ සිමෙන්ති බැම්ම උඩින් ඉදගත්තා.. මන් හතර වටේ ඇස් යැව්වේ 'අරයා' ඉන්නවද බලන්න.. පේන්න නෑ.. පවිරුවානම් මේනකා අක්කා එක්ක ඇඹරි ඇඹරි කතාව.. මඩයා අර බෙලිමල් ගෙනාව ඇන්ටිලා දෙන්නා ගාවින් හෙල්ලෙනවා බොරු..
දර්ශන පථය ප්‍රීඩාකාරී නැති නිසා සාමෙන් සතුටෙන් බෙලිමල් බොනකොට ගෙමිදුවා උගේ උරහිසින් මගේ උරහිසට තට්ටුවක් දාලා ඇස් වලින් අර බෝල ටැන්කිය තිබ්බ පැත්ත පෙන්නකොට මාත් ඇස් හීනී කරලා බැලුවා..
ගවේෂ් අයියා සැගා අයියට අතින් පයින් මොනවදෝ ලොකු දෙයක් කියවනවා.. සැගා අයියත් ඔලුව වන වන ඉන්නවා කියන කියන වචනයක් ගානේ.. මේ මනුස්සයා දැක්කා විතරයි පපුවේ පැත්තක් පිච්චිලා ගියා..
"මොකද දන්නෑනේද ඒයී"
"උබට වැඩක් නෑනේ පාඩුවේ ඉදපං"
මන් ගෙමිදුවට එහෙම කිව්වත් මගේ ඇස් එතනින් එහාට ආයේ ගියේ නෑ.. මන් එයා දිහාම බලාගෙන හිටියා.. උසට උසේ පොල් ගහ වගේ ඉදගෙන අත් දෙක එහෙ මෙහෙ කර කර කතා කරනකොට පොඩි මෙව්වා එක්කුත් තියෙනවා.. ඒත් කොහොමද දෙයියනේ මන් මේ මනුස්සයට ආයෙත් මුණ දෙන්නේ..
පලවෙනි පාරනම් අහම්බෙන් කිස් කරේ.. ඒත් මොකක්ද ඊයේ උනේ? ඇයි මට එයා දිහා දියානා බලද්දි තරහ ගියේ? තරහට මිනිස්සු කට කනවද? එක්කෝ මට පිස්සුද?
සමහරක් විට මගේ තරුණ සිතේ තුරුණු සිතුවිලි පහල වෙලා වාන් දාන්නැති.. මේවා නිකන් mcq වලට වඩා අමාරු ප්‍රශ්න..
හැබැයි කිස් කරද්දිනම් ඩයල් එකගෙන් අර කියනවා වගේ ස්ටෝබරි රහල් ආවේ නෑනේ තොල් වලින්.. මන් හිතුවේ ලිප් කිස් කරාම රසක් එනවා ඇති කියලා.. ඒත් මගේ තොල් දෙකත් මිරිස් කාල වගේ දෑවා විතරනේ..
හදිස්සියේ හරි එයා 'ඇයි උබව මාව කිස් කරේ' කියල අහයිද? හැබැයි මෙහෙම දේකුත් තියෙනවා ඔකෙන් මට ප්‍රශ්නයක් වෙන්නේ නෑ.. මොකද මන් එයාගේ අකමැත්තෙන් කරපු දෙයක් නෙවේනේ.. එයත් දාගෙන අනික්පැත්තට මගේ කට කෑවනේ ලොලි පොප් කනවා වගේ.. කෝමත් මට කැමති කියලා ඉන්ඩිරෙක්ට් කොච්චර කියලා තියෙනවද.. අනික මට උනත් ඉවසීමේ සීමාවක් තියෙනවා.. එහෙම ඇදුමක් වත් හරියට නැතුව මූණ අස්සට වෙලා හුස්ම පිබිනකොට නගින්නැතුව තියෙයි ඈ..
"ෂිට්!!!"
"ඇයි ඒයී?"
"නෑ මුකුත් නෑ"
උදේ ඉදලා අපි දෙන්නා කීප වතාවක්ම මූණෙන් මූණ හම්බුනත් ඒ හැම වෙලේම මම මගෑරලා ගියා.. ගවේෂ් අයියගේ මූණේ වෙනදා නැති අමුතු එලියක් තිබ්බත් එයා ඊයේ අර වගේ දෙයක් උනේ නෑ වගේ හැසිරුනා.. කොයිම වෙලාවකවත් වෙනදා දානවා වගේ පැණි හිනාවක්වත් දාගෙන වාතයක් වෙන්න ආවේ නෑ.. උදේ ඉදල ටීම් එකත් එක්ක බඩු ඇද ඇද එයාගේ පාඩුවේ වැඩ කරනවා විතරයි දැක්කේ..
ඒක මට එක අතකට පහසුවක් වගේම එක අතකට අපහසුයි වගේ... මන් කියන්නේ එයා ඇවිත් මගෙන් ඒක අහන්න ඕන්නෑ.. ඒත් වෙනදා වගේ මගේ පස්සෙන් වදයක් වගේ ආවනම් ඕක අමතක කරන්න හරි තිබ්බා කියලත් හිතෙනවා.. නෑ එහෙමත් නෑ මෙහෙම හොදයි..
"මේ ගෙම්බෝ"
"ම්ම්"
"අපි ඇයි මිනිස්සුන්ව කිස් කරන්නේ"
"එක එක හේතූ තියෙනවනේ ඒයී.. මේක රහයි නේද?"
"මොනවද හේතු"
"එකක් ආදරේ නිසා නැත්තං අසහනේ නිසා.. හකුරු තමා රසම අප්පා.."
"එහෙනම් මට අසහනේ"
"ඒ මොකෝ?"
"නෑහ්!!! මුකුත් නෑ මට නෙවේ.."
ගෙම්බා පේපර් කප් එක බැම්ම උඩින් තියලා මගේ මූණ දෙපැත්තෙන් අල්ලලා උගේ මට්ටමට ලං කරගෙන හරව හරව බැලුවා.. ඊට පස්සේ නලලත් රැලි කරලා දාර්ශනිකයෙක් වගේ කකුලක් උඩ කකුලක් තියලා ඉදගත්තා..
"කාවද දැන් කිස් කරේ ඉතින්"
"කවුද මම නෑඈඈ.....!!!!!"
"අපි ඉතින් ඇත්ත කතා කරමු පෘථිවියෝ.. ඉතින් ගවේෂ් අයියද පටන් ගත්තේ ඔයාද?"
"මං-නෑ මොකක්!!! ගවේෂ්???"
"හයියෝ ප්‍රශ්නේ තියෙන්නේ තාම ඔයා ඔයාව තේරුම් අරන් නෑ.. වටේ පිටේ ඉන්න මිනිස්සුන්ට තේරෙන දේ ඔයාට තේරෙන්නෑ"
"මට තේර්න්නෑ!!! මොනවා තේරුම් ගන්නද??"
ගෙමිදුවටත් ඒක තේරෙනවා කියන්නේ මන් විතරද මෙතන ගොනා.. අයියෝ මීට වැඩිය හොදයි වලක් කපන් වැලලුනානම්..
"ආදරේ හිතුනම කියන්නෝන නැත්තං අපාරාදේ පුතුවියෝ... ආපහු ඔයා හැරිලා බලනකොට ගෙවිච්ච කාලේ නිකරුණේ ගෙවුනා කියලා හිතෙයි ඒයී.. ඔයාට ඇති අසහනයක් නෑ.. ඒකට කියන්නේ ආදරේ කියලා"
"පිස්සු උබට.. බෙලි මල් බීලා මොලේ වැඩිවෙලා මන් යනවා යන්න.. අර රේඩියෝ ප්‍රෝගෑම් එක්ක වගේ ආදර වදන් කියන් එන්න එපා මටෝවා පේන්න බෑ"
"කොහෙද ඒයි යන්නේ.. මන් තාම කතා කරලා ඉවර නෑ"
"මටෝන දිහාට යනවා කියන දෙයක් තනියම කියාගන්නවා..
සාර්ථක ලෙස හැම එකා එක්කම මන් තරහ වෙවී පුප්ප පුප්ප හිස හැරුනු අතේ ගියා.. තවත් මට ගෙම්බාගේ ගොන් කතා අහන්න උනොත් ඔලුවත් කුරුවල් වෙලා නවතින්නේ.. මට දැන් ඕන මේ කුරිරු ලොකෙන් මිදිලා සාමකාමීව වනගත වෙන්න.. මට ලෞකික සැප වැඩි වෙලා අසහනේ ගහලා තියෙන්නේ.. ආදරේ කියන්නේ ප්‍රෝඩාවක් විතරයි.. අහුවෙන්න හොද නෑ එක එක නැට්ටිච්චොන්ට..
මට අසහනේ එච්චරයි!!!
"කොහෙද යන්නේ"
ඔන්න ආවා ගවේසාන්.. ඉදල ඉදලා කවුරුත්ම නැති තැනට මාට්ටු උනා... දැන් ඉතින් ගහකට නැගලා තමා බෙරෙන්න වෙන්නේ..
"ක්හ්ම්... මේ ගඩාගෙඩි ඇහිදින්න යනවා"
"ඒ මොනවද?"
මන් දන්නවා ඈ කටට ආ පලියට කිව්වට.. මන් ෂේප් එකේ වත්ත වටේ බැලුවා.. ආවත් හරි මම එයාගේ මූණවත් බැලුවේ නෑ.. දැන් කොහොම මූණ දෙන්නද මන්දා.. මන් පාඩුවේ ඉස්සරහට ඇවිදගෙන ගියා.. අපි ඉන්න හරියට උන්ගේ සද්දේ හොදට ඇහෙනවා.. තව ගියොත් ස්කෝලේ පේන්නැති තරමටම වනගත වෙන්න පුළුවන්..
"මේ හරියේ තිබ්බා මො-කද"
ගවේෂ් අයියා එකපාරට මගේ ලගට ඇවිත් ඔලුවට අත දික් කරනකොට මන් ටිකාක් විතර ගැස්සුනා.. මේ කැලයක් මැද මාව මරලා හන්ගලා පැනලා යන්නද දන්නෑනේ..
"කොහෙද රිංගුවේ ඔලුවේ ඉදලා මකුළු දැල්.. පේන්ට්ස් හැමතැනම පෘථිවි.. නාගන්න වෙයි ඔයාට"
"නෑ නෑ නෑ!!! නාන්න ඕන්නෑ"
මන් අත් දෙකෙමුත් නාන්න ඕන්නෑ කියලා කියනකොට එයා 'ඇයි' වගේ මූණක් හදාගත්තා..
"හඩ්ඩා වගේ තින්ත නාගෙන ඉන්නද කල්පනාව.. හෙට අර පොඩි එවුන් දැක්කොත් පිස්සෙක් කියලා හිතයි"
ගවේෂ් අයියා කට කොනෙන් හිනා වෙලා මගේ කම්මුලේ තිබ්බ තින්ත පාරක්ද කොහෙද එයාගේ මාපට ගිල්ලෙන් පිහන්න ගත්තා.. ටික වෙලාවක් එයා එක පිහලා මගේ කම්මුලේම අත තියාගෙන අමුතු විදිහට මන් දිහා බලන් ඉන්නකොට ඊයේ වගේ ටෙන්ෂන් එකක් ඇති වෙනවා වගේ දැනුනා..
"ක්හ්ම්... මේ වැඩ ඇති නේද යමු පල්ලට"
මන් එයාගෙ අත හිමීට අයින් කරලා ඕනවටත් වඩා නෝමල් වගේ ඇක්ට් කරන්න ගත්තා.. ඔක්කොම හරි කම්මුල් දෙකට ලේ උනන එකට බෙහෙත් ගන්න ඕනී.. මන් එයාවත් පහු කරන් වේලිච්ච කොලගොඩේ චර්ස් චර්ස් ගාලා අඩිය තියලා පල්ලට බැහැලා ගියා..
"මන් එක්ක ටවුන් එකට ගිහින් එමුද!!"
මන් එහෙම්ම නැවතිලා පිටිපස්ස බැලුවා.. ගවේෂ් අයියා ගහකට අතතියලා පැන පැන වගේ මන් ඉන්න තැනට ආවා.. මන් දැන් හා කියන්නද ඕන?
"බඩු වගයක් ගන්න තියෙනවා එනවද යන්න"
එයා අමුතු සෙල්ලක්කාර කමකින් දෙපැත්තට වැනි වැනි අහනකොට මට බෑ කියන්න කට නැමෙන්නෑ වගේ දැනුනා..
"බලමු"
"බලමු නෙවේ මන් දැන් යන්න හදන්නේ යමු"
"අහ්..!!! අත අත අත කැඩෙයි"
ගවේෂ් අයියා මගේ අතින් ඇදගෙන වත්ත පල්ලට ගිහින් ඉස්කෝලෙට නැගගෙන ආව පඩි දාහ අයෙත් බහින්න ගත්තා.. මන් වැටෙයි කියලාද මන්දා අතිනුත් අල්ලන් ඇදගෙන යනකොට දෙතුන්පාරක්ම මම පැටලිලා වැටෙන්න ගියා.. එක්කෝ එයා අතාරින්න ඕන නැත්තං මම අතාරින්න ඕන..
දැන් කාටවත් කිව්වෙත් නෑ මම ගමනක් යනවා කියලා.. ගිහින් එනටිකට පවිරුවා මගේ හත්දවසත් දීලා තියයිද දන්නෑ..
අපි දෙන්නම පඩිපෙල් බැහැගෙන ඇවිත් ට්‍රැක්ටර් එකක් ලග නැවතුනා.. ගවේෂ් අයියා මට ඇස් වලින් පෙන්නලා නගින්න කිව්වම මාත් වටපිට බලලා නැග්ගා.. මන් මේ මේකක යනවමද කොහෙද..
"පුතාලා අපි කන්දේ පාරේ යන්නේ.. දෙන්නගෙන් එක්කෙනෙක්ටවත් ජර්සි එකක් නැද්ද? එහෙනම් ගොඩක් සීතලයි"
ලොකු අයිස් කැප් එකක් දාලා බෙල්ල වටෙත් සාළුවක් ඔතාගෙන හිටිය ඩ්‍රයිවර් අන්කල් පිටිපස්ස හැරිලා අපෙන් අහනකොට අපි දෙන්නා මූණෙන් මූණ බලාගත්තා.. දෙන්නටම නෑ තමා...
"මේ බෑග් එකේ ලොකු ෂීට් එකක් ඇති අරන් පොරව ගන්න දෙන්නටම ඇති වෙයි.. බයවෙන්න එපා ඕක හෝදලා තියෙන්නේ හරිද"
"අහ්!! තෑන්ක්ස් අන්කල්"
ගවේෂ් අයියා අත් දෙකෙන්ම ඔතලා තියෙන ලොකු පාර්සල් එකක් වගේ එකක් අර අන්කල්ගෙන් ගත්තා.. අන්කල් ඉස්සරහ හැරිලා ට්‍රැක්ටර් එක ස්ටාර්ට් කරලා ගන්නකොට ගවේෂ් අයියා අර පාර්සල් එක දිගෑරලා සේජ් කලර් බූල් බූල් ෂීට් එකක් ඇදලා ගත්තා... ඊට පස්සේ ඒක එහෙම්ම දිගෑරලා මගේ ඔලුවේ ඉදලා පෙරෙව්වා.. මන් දැන් ස්වප්නා වගේ..
"ඔයාත් පොරවගන්න"
"මට සීතල හුරුයි"
එයා ට්‍රැක්ටර් එකේ බිම හොදට හරි බරි ගැහිලා ඉදගත්තා.. මම නිකන් කසාද මන්ඩපේ බලෙන් ඉදගස්සවපු මනාල කෑල්ල වගේ හෙල්ලෙන්නේ නැතුව හිටියා.. මෙච්චර හරියක් වෙලත් ලැජ්ජ නැතුව මේ මනුස්සයා එක්ක යන්නේ කොහෙද කියලවත් දන්නැතුව යනවා කියන්නේ මන් ඇත්තටම පිස්සු පකෙක්!!
ටක ටක ගාලා සද්දෙට ට්‍රැක්ටර් එක අද්දන්න ගත්තා.. ඒක අපි ආව පාරෙන්ම තමා යන්න ගත්තේ... පන්සල හරිය පහුවෙනවත් එක්කම කන්දක් වගේ හරියකින් ට්‍රැක්ටර් එක හැරෙව්වා.. පොඩ්ඩක් එහා මෙහා උනොත් ලොකු බෑවුමකින් පල්ලට වැටෙන්න පුළුවන්.. ඈතින් පේන හැම කන්දක්ම මීදුමෙන් වැහිලා හරියට කිසි දෙයක් පේන්නේ නෑ.. ඒ උනාට පරාදීසයක් වගේ ලස්සනයි.. ටිකෙන් ටික ට්‍රැක්ටර් එක ගැස්සි ගැස්සි ඉස්සරහට ඇදෙනවත් එක්කම සීතල එන්න එන්නම වැඩි වෙන්න ගත්තා.. මන් ඇහේ කොණෙන් ගවේෂ් අයියා දිහා බැලුවම එයා අත් දෙකත් එකට තද කරගෙන කටින් හුලං පිඹ පිඹ උණුහුම් වෙන්වා.. මුගෙත් පණ්ඩිත කමනේ වැඩි.. සීතලා නෑ කියලා පොයි කෙලලා මෙතන වෙව්ලනවා..
මන් මගේ සාරි පොට ඔලුවෙන් අයින් කරලා එක පැත්තක් එහෙම්ම අරන් ගවේෂ් අයියගේ උරහිස වටේ දාලා පොරවලා එයාවත් මගේ රෙද්ද අස්සට දාගත්තා.. අහක යන නයෙක් දාගෙන තව ටික්කින් කාගන්න තමා මගේ මේ වෑයම.. අත් දෙක ගුලි කරන් කටින් ඒකට හුලං පිඹ පිඹ හිටිය එයා පුදුම වෙලා වගේ බැලුවා.. මන් ඇස් වලින් මගේ ලගට ටිකක් එන්න කිව්වම එයා එයාගේ පැත්තට ඇගිල්ල දික් කරන් 'මටද එන්න කිව්වේ' වගේ බැලුවා..
මට දැන් නැගීගෙන එනවා.. ඇයි යකෝ වෙන මෙතන කවුරුහරි ඉන්නවා කියලා හිතුවද දන්නෑ.. මන් ඉතින් ඔව් කියන්න ඔලුව තුන්පාරක් උඩ පල්ල හොල්ලද්දි එයා පැන්න ගමන් මගේ අස්සට ගුලි උනා.. ඒකටනම් මාව ටිකක් ගැස්සිලා වගේ ගියා.. මොකද එයා අයිස් කුට්ටියක් තරම් සීතල වෙලා.. තව ටික වෙලාවක් ඉන්න ඇරියනම් මට රත් කරලා තමා ගන්න වෙන්නේ මේ මනුස්සයව..
ටික වෙලාවක් අපි පැද්දි පැද්දි යනකොට මට දැනුනේ එයා ටිකක් වෙව්ලනවා වගේ ගතියක්.. ටික ටික එයා දගලලා මගේ තුරුලට ඇවිත් මගේ උරහිසින් එහෙම්ම ඔලුව තියාගත්තා.. මන් එකපාරටම වෙච්ච දේ හිතාගන්න බැරුව එයාව එහාට තල්ලු කරනකොට පණ නැතුව ගිහින් ට්‍රේලර් එක මැද වැටුනා..
"ම්ම්ම්..."
"ඒයී... මොකද උනේ නැගිටින්න"
"සී-තලයී පෘථිවි"
"හරි ඉතින් නැගිටින්න මේක පෙරව ගමු"
"ම්ම්හු... ම-ට බෑ"
හෙම්බිරිස්සාව හැදුන කටහඩකින් ගවේෂ් අයියා කෙදිරි ගාන්න ගත්ත නිසා මට ටිකක් බය හිතුනා.. මන් කොච්චර නැගිට්ටවන්න ට්‍රයි කරත් එයා ගලක් වගේ ෆ්‍රීස් වෙලා හෙල්ලුනේ වත් නෑ.. මන් ෂීට් එකත් අයින් කරලා එයා ගාව දනගලා යටවෙලා තිබ්බ එයාගේ මූණ මගේ අත් දෙකට ගන්නකොට මාව ඉහේ ඉදලා රත් වෙලා ගියා.. එයාගේ තොල් සුදුම සුදු වෙලා කම්මුල් දෙක රතුවෙලා ඇස් වලින් කදුළු වැක්කෙරෙනවා..
"අනේ අන්කල් අයියට මොකද වෙලා!!"
මන් හයියෙන් කෑ ගහනකොට අර අන්කල් ට්‍රැක්ටර් එක නවත්තලා බැහැලා පිටිපස්සට ට්‍රේලර් එකට දුවගෙන ආවා..
"පුතේ කොල්ලට සීතල අල්ලලා.. මෙහෙම තියලා බෑ ඉක්මනට ඇග රත් කරේ නැත්තං නරකක් වෙන්න පුළුවන්"
"අනේ ඉතින් කොහොමද රත් කරන්නේ ප්ලීස් කරන දෙයක් ඉක්මනට කරන්න ප්ලීස්"
"හරි පුතා කලබල වෙන්න එපා තව මීටර් දෙසීයක් විතර ඉස්සරහට වෙන්න ගියාම අපේ අක්කෙක්ගේ ගෙදරක් තියෙනවා අපි කොල්ලව එහෙට ගෙනියමු.. අඩන්න එපා පුතේ ඇග ටිකක් රතු උනාම ඕක හරියනවා"
"අනේ අ-න්කල් ඉ-ක්මනට යමුකෝ"
"පුතා මේකෙන් පොරවලා උණුහුම් කරන්නකෝ මන් විනාඩියෙන් එක්කන් යන්නම්"
ඩ්‍රයිවර් අන්කල් පස්සහ කෑල්ලෙන් බැහැලා ගිහින් ආයෙත් ට්‍රැක්ටර් එක ස්ටාර්ට් කරලා කලින්ට වඩා වේගෙන් යන්න ගත්තා.. මන් දැන් ඇඩෙනවා.. මන් එයාව බෙඩ්ෂිට් එකෙන් ඔතලා මගේ ඔඩෙක්කෙන් තියාගත්තා.. මට කවුරුත් මගේ ඉස්සරහා අසනීප වෙලා ඉන්න එක බලන් ඉන්න අමාරුයි.. ලෙඩාට වඩා මානසිකව වැටෙන්නේ මම.. ස්කෝලේ යනකොට එකපාරක් පවිරුටත් මේ වගේ සීතල අල්ලලා වෙව්ලන්න අරන් උට වඩා මන් හයියෙන් ඇඩුවා..
"පෘත්-විහ් සී-ත-යි-නේ"
"හරි තව ටිකයි ඔහොම ඉවසලා ඉන්න මම ඉන්නවනේ"
මට හොදටම ෂුවර් ගවේෂ් අයියා ඉන්නේ හොද සිහියෙන් නෙවේ.. අඩුම වෙව්ලන්නෙත් නෑ නිකන් ගල් වෙලාවගේ.. මන් ටිකෙන් ටික එයාව අත් දෙකට අරන් තුරුළු කරගත්තත් එයාට හෙල්ලෙන්නවත් පණ තිබ්බේ නෑ..
අපි කොමහරි අර කීව්ව ගෙදරට ආවා.. ගවේෂ් අයියව උස්සන එකනම් කරන්න අමාරු වැඩක් උනේ.. ඒත් මන් ඩ්‍රයිවර් අන්කල් එක්ක එකතු වෙලා කෝමහරි ගවේෂ් අයියව අර ගෙදරට එක්කන් ගිහින් කාමරයක් අස්සට දාගත්තා.. ඊට පස්සේ ඒ ගෙදර හිටපු ගෑණු කෙනා උණු වතුර ගෙනත් ගවේෂ් අයියගේ කකුල් අතපය තවනකොට මාත් ඒකට උදව් කරලා.. එයා කෙදිරිගගා මගේ නම මතුර මතුර මෙලෝ සිහියක් නැතුව ඇදේ වැටිලා හිටියා..
"පුතේ මේක වාහනේ තිබ්බේ ඔය පුතාලගේ ෆෝන් එකක් වෙන්නැති කෝල් ආවා ගොඩක්"
අර අන්කල් ගවේෂ් අයියගේ ෆෝන් එක ගෙනල්ලා දුන්නම මන් ඒක අතට ගත්තා.. එලියේ තිබ්බ නිසා එකත් ෆ්‍රීස් වෙලා වගේ සීතලයි.. කෝල් එක සැගා අයියගෙන්..
"හෙලෝ"
"where are you man, අර පොඩි එක එක්ක යනවා කියලා කොහෙද ගියේ දැන් කීයද වෙලාව-"
"සැගා අයියේ මේ මං පෘථිවි"
"ප්‍රිත්වි?? කෝ ගවී?"
"අයියේ මේ අපිට එන්න වෙන්නේ නෑ"
"What? මොකද උනේ ෆෝන් එක දෙනවා ගවීට"
"අ-පිට පොඩි අවුලක් අයියේ"
============================
අවුරුදු කොහොමද ළමයී 🌝❤️
මටනම් ඊයේ නින්දත් නෑ අනේ 😪 අපේ ගෙට උඩ කොල්ලෝ සෙට් එකක් එකතුවෙල පලාතම හෙල්ලෙන්න පාන්දර වෙනකම් සින්දු කියන්න ගත්තා 😒💔
එහෙනම් වෙනස්ම චැපියකින් එන්නම් 🌝🫰