Sandata Pem Bandinnam | සඳට ප...

By Apsara_Kumarasinghe

6.4K 671 34

ඉතිං සඳ.., මා නුඹට පෙම් කරන්නෙමි.. ඔබේ අඳුරු පැත්තටත්, ඔබේ අඳුරු ආවාට වලටත්, වෙනසක් නොකරම... මගේ සඳ.., මා නු... More

පෙර සටහන
100
101
102
103
104
105
106
107
108
109
110
111
112
113
114
115
116
🎉
117
118
119
120
121
122
123
124
125
126
127
128
129
130
131
132
133
134
136
137
138
139
140
141
142
143
144
145
146
147
148
149
150
151
152
153
පසුවදන

135

88 11 0
By Apsara_Kumarasinghe

සඳට පෙම් බඳින්නම්... 🖤🌙
135

⚡🖤⚡♥️⚡🖤⚡♥️⚡🖤⚡♥️⚡🖤⚡

දින ගණනාවක් ගත වූයේ සේපාලිකාගේ විභාගය ළං කරමිනි. ඈ නම් මෙවර බියෙන් ගැහුනේ එක්වරක් අසාර්ථක වූ නිසා සිතට දැනෙන භීතිය නිසයි.

"ලොකූ... ඒලෙවෙල් ඕක.. මිනියක් මරන තැනක් නෙවෙයි.. තමුසේ බයවෙන්නේ හරියට තමුසෙව මරන්න ගෙනියනවා වගේනේ..." අරවින්ද සේපාලිකාට බැන වැදුනේ උණු උණුවෙන්ම කිරිබත් ගුලියක් අනා ඇයගේ මුවට දමමිනි.

"ඒ වුණාට.. එක පාර..ක්"

"එකපාරක් වැරදුනු මිනිස්සු ආයේ නැගිටිනවා දැකලා නැද්ද ආහ්? මම ම කොච්චර නම් එක්සෑම්ස් රිපීඩ් ගහලා තියෙනවද.. එහෙම තමයි... වැටි වැටි නැගිටින්න ඕනේ" අරවින්ද තවත් බත් කටක් සේපාලිකාගේ මුවෙහි එබුවේ ලුණු මිරිස් ද යහමින් දමායි.

"ඕයි... ඔහොම කිරිබත් කෑවොත් මේකි ගිහින් නිදාගනියි විචාර ලියන එක පැත්තක දාලා.." එක්වරම කොහින්දෝ මන්දා නිවසට කඩාගෙන පැන්න ජනිත් කෑ ගෑවේ සේපාලිකාව , අරලියාව පමණක් නොව අරවින්දවත් බය කරමිනි.

"ඔහොම ගෙවල්වලට පනින සිරිතක් තියෙනවද යකෝ?" අරවින්ද කෑ ගැසුවේ ජනිත් හටයි. "කෝ බයික් එක?"

"එහෙම තමයි සප්‍රයිස් කරන්න එද්දී සද්ද බද්ද දාන් එන්න බෑනේ... ඒ මටත් කවනවකෝ අයියේ කිරිබත් කටක්" ජනිත් කටත් ඇරගෙන සේපාලිකාවත් තල්ලු කරමින් පැන්නේ අරවින්ද අසලටයි. "අපෝ... දෙන්න එපා අයියේ... ඊටපස්සේ ඔෆිස් ගිහින් නිදාගනියි.." සේපාලිකා කෑ ගෑවේ ඔහුව පැත්තකට අදිමින්.

"අනේ මේ... ගිහින් බෑග් එක ආපහු චෙක් කරනවා ලොකූ.... අයිඩී කාඩ්, විභාග අංක එහෙම ඔක්කොම අරන් යනවා හරිද? කවකටු පෙට්ටි, ඇටකටු සෙට් ඔක්කොම දාගෙන යනවා.. නැත්නම් ගියාට පස්සේ මූට එන්න වෙයි පිටිපස්සෙන් හලාගෙන ගියපු කෑල්ලි ටික අහුල අහුල..." ජනිත් කියවද්දී සේපාලිකා ඔහුටත් ගස්සාගෙනම කාමරයට ගියෙන් අරවින්ද ද සිනාසෙමින්ම ජනිත්ගේ කටට එබුවේ කිරිබත් කටකි.

"කෝ නිශා?" ජනිත් විමසුවේ මුළුතැන්ගෙයටත් හිස පොවමිනි.

"මෙච්චර උදෙන් ඒ ගෙදරින් පැනගන්න පුළුවන්ද ජනිත් එයාට?" අරවින්ද මිමිණුවේ අසාවට මෙන් කිරිබත් ඉල්ලූ අරලියා හටත් කටක් කවමිනි.

"ආ.... එහෙම කියලා බෑ.. මම හිතුවේ මෙතන ඇවිල්ලා මහා ගෙදර තුල්සි වගේ අර තසිම කරකවලා ඔළුවේ ගහලා ආශිර්වාද කරයි කියලා.. ඒවා දැන් ඒකිගේ යුතුකම් ගෙදර ලොකු ලේලි විදිහට.." අරවින්ද නැවතත් සිනාසෙන්නට ගත්තේ මේවා නිරාශාට ඇසුනා නම් ජනිත් ගුටි කන ආකාරය මවා බලායි.

"නෑනේ හින්දි සීන් එකේ ටිකයි ඉන්නේ.. ෆුල් කොරියන් සීන් එකේනේ ඉන්නේ.. හ්වයිටින්ග් ගායි ඇවිත් ඉතිං..." අරවින්ද පැවසුවේ තවත් බත් කටක් කාටද මන්දා අනමිනි.

"හයි මොකක්? යකෝ දැන් උඹටත් කොරියන් පුළුවන්ද?" ජනිත් අරවින්දගෙන් ඈත් වූයේ ඔහු වෙනස් වී ඇති ආකාරය සිතාගත නොහැකිවයි. අරවින්ද නම් සිනාසුනේ ජනිත්ගේ ප්‍රතිචාරයටයි.

"හයියෝ.... හ්වයිටින්ග් කියන්නේ ඉංග්ලිෂ් වලින් ෆයිටින් කියනවා වගේ අනේ... ඕක දන්නැද්ද ජනිත් අයියේ ඔයා..." අරලියා ජනිත් හට පහදා දීමට උත්සාහ කළෙන් ජනිත් ඈ දෙසත් බැලුවේ කටත් ඇරගෙනයි.

"යකෝ ඒ පාර මේ ගෙදරම එවුන්ට කොරියන් පුළුවන්නේ...!" ජනිත් කෑ ගසද්දී අරවින්ද සහ අරලියා සිනාසුනේ ජනිත්ටයි.

"මම හරි... කවුද මාව ගෙනිහින් දාන්නේ?" සේපාලිකා කාමරයේ සිට පැමිණියෙ තම බෑගයත් රැගෙනයි.

"ගෙනිහින් දාන්නේ කවුද අහන්නේ? වෙන කවුද මම! ජනිත් උඹට ඕනේම නම් පිටිපස්සෙන් වරෙන්" අරවින්ද සේපාලිකාට රවා දිව ගියේ අත සෝදාගැනීමටයි. ඉතිං ජනිත් ඔහුට ඉඩ දුන්නේ ඔහුගේ වගකීම අකුරටම ඉටු කරන්නට ඉඩ සාදා දෙමිනි.

"හොඳට ලියන්න ලොකූ..." පාසල වෙතට පැමිණියාට පසුව අරවින්ද තම නැගණියගේ හිස පිරිමැද ඇයට සුභ පැතුවා. සේපාලිකා පාසල ඉදිරිපිටම අරවින්දට දණ නමා වැන්දේ දෙනෙත්වලට කඳුළු කැට ද මෝදුවද්දීයි. ඉතිං තම මව මෙන්ම පියා ද ඔහුයි. ඔහුට වැන්දාට වරදක් නැත. අරවින්ද ඇයට හදවතින්ම ආශිර්වාද කළේ එක්වරම ඔවුන් අසලින් ත්‍රීරොද රථයක් නවත්තද්දීයි.

"දෙයියනේ වෙලාවට මම ආවේ.. ලොකූ...." නිරාශා ත්‍රීරෝද රථයෙන් බිමට බැස සේපාලිකාට කෑ ගැසුවේ තම මුදල් පසුම්බිය අදිමිනි. "මං දෙන්නම්.. කීයද අයියේ?" අරවින්ද නිරාශා හට සේපාලිකා හා කතා කිරීමට ඉඩ සලසා දෙමින් ත්‍රීරෝද රථයට මුදල් ගෙවීම සිදුකළේ සිය කැමැත්තෙන්.

"හොඳට හිතලා ලියන්න හොඳද.. ප්‍රශ්නේ හරියට කියවන්න මුලින්ම. සමහරවෙලාවට ඔයා හිතන එක නෙවෙයි ප්‍රශ්නේ... අනිවා දෙපාරක් කියවන්න. වතුර බෝතලේ අරන් නේද යන්නේ?" නිරාශා වේගයෙන් වේගයෙන් විමසද්දී සේපාලිකාගේ අතක් ගියේ හිසටයි.

"හයියෝ... වතුර බෝතලේ කුස්සියේ මේසේ උඩ"  අරවින්ද සහ ජනිත් ඇයට රවාගෙන කට ඇරියේ බනින්නටය.

"කමක් නෑ.. මං ළඟ තියෙනව.. මේක ගන්නකෝ.. වතුර බිව්වාමත් උත්තර මතක්වෙනවා... පෑන් පැන්සල් ඔක්කොම ගත්තා නේ...? අයිඩී?"

"ඒවා ඔක්කොම හරි අක්කේ..."

"එහෙනම් හරි.. හ්වයිටින්ග් උරි දොන්ග්සෙන්ග්!" (උරි - අපේ, දොන්ග්සෙන්ග් - බාල සහෝදරයා/ සහෝදරිය) සේපාලිකාගේ දෙකොපුල් මිරිකා, තම අතකුත් මිට මොලවා ඉහලට ඔසවමින් නිරාශා එලෙස කෑ ගසද්දී අරවින්ද සිනාසී ජනිත් දෙස බැලුවේ 'මං කිව්වේ' බැල්මෙනි. ජනිත් නම් දෑතට හිස සැලුවේ මේ කෝළම් ඔහුට රිස්සුවේ නැති නිසයි.

මීළඟට සේපාලිකා ගියේ ජනිත් අසලටයි.

"හොඳට එක්සෑම් කරනවා ලොකූ... මතකනේ මගේ ප්‍රාර්ථනාව.. පහන පත්තු කරද්දී විතරක් නෙවෙයි, මැටි කළෙන් ගහට වතුර හලද්දීත් මම ප්‍රාර්ථනා කළේ ඒකමයි හොඳද?" සේපාලිකා සිනාසුනේ ඒ වදන්වලටයි. "අන්න ඔහොම හිනාවෙලා ප්‍රශ්නවලට උත්තර ලියන්න ඕනේ හරිද? දැන් යන්න.. පරක්කුවෙන්න එපා.." ජනිත් ද ඇයගේ හිස පිරිමැද පැවසුවෙන්, ඈ හිස සලා පිටව ගියේ ඔවුන් සියළුදෙනාටම සමුදීයි.

。☆✼★━━━━━✧・🖤🌙♥・✧━━━━━★✼☆。

කෙසේනමුත් විදුලි වේගයෙන් කාලය නම් ගලාගෙන ගියේ සේපාලිකාගේ විභාගය අවසන් කරමිනි. ඉතිං අවසන් දවසේ ඈ විභාග ශාලාවෙන් පිටව ආවේ සිතේ සැනසීමෙනි. ඉතිං එයත් අවසන් ය. පාසලින් පිටතට එද්දීම ජනිත්ව දුටූ නිසාවෙන් ඈ දිවගියේ ඔහු වෙතටයි. ජනිත් ද සිනාසෙමින්ම ඈ දෙස බලා සිටියේ සතුටිනි. ඈ ඔහු අසලටම පැමිණ ඔහුව වැළඳගත්තේ තමා සිටින්නේ මහා පාරක බවවත් සීමා නොකරමිනි.

"ඒ...හ් අයියා...!" ජනිත් ඈව තම සිරුරෙන් ඈත් කළේ එසේ මුමුණමිනි. සේපාලිකා හිස හරවා වටපිට බලා සෙවූයේ අරවින්දවයි. ඔහු ඉණටත් අත් දෙකක් තබාගෙන බලාගෙන සිටියේ සේපාලිකා සහ ජනිත් දෙසයි.

"සොරි ඉතිං.. දැක්කේ නෑ මං ඔයාව..." කන් දෙකත් අල්ලගෙන සේපාලිකා පැවසුවේ සිනාසෙමිනි.

"ඔව් ඔව්, උඹලට කොහොමත් ඉස්සරහට මාව පේන්නැතුවම යයි කියලා මට පේනවා" අරවින්ද එසේ පවසමින් ඈ සහ ජනිත් අතෙහි තැබූවේ අයිස්ක්‍රීම් දෙකකි.

"පාස් වෙයිද අයියේ?" සේපාලිකා අයිස්ක්‍රීමයත් පසෙකලා අරවින්දගෙන් විමසුවේ නොසන්සුන් වූ දෑස් එහෙ මෙහෙ කරකවමිනි.

"අනේ මේ... ලොකූ... දැන් ලිව්වනේ.. උඹට තිබ්බේ ලියන වැඩේ විතරයි. දැන් තියෙන්නේ පේපර් බලන මිනිස්සුන්ගේ වැඩේ.. ඒ මිනිස්සු ඕවා කරන්නේ රජයෙන් හෙන පඩියක් අරගෙන. ඒ නිසා උන්ට උන්ගේ රස්සාව කරන්න දීලා කට වහගෙන ඉන්නවා.. ඔන්න අදින් පස්සේ රිසාල්ට්ස් එනකන් පාස් වෙයිද ගගා නටලා ගෙදර එවුන්ගේ ඔළුව අවුල් කළොත් දෙනවා විසික් වෙන්න එකක්" ජනිත් කෑ ගැහුවේ අරවින්දගේ මුවට නම් සිනාවක් ගෙනෙමින්.

"බලන්නකෝ අයියේ... මෙයා මට බං බොලන් කියනවානේ කොච්චර එපා කිව්වත්..." සේපාලිකා මෙවර අරවින්දගේ අතක එල්ලී ජනිත්ව පෙන්නා චෝදනා කළේ අරවින්ද නැවත වතාවක් සිනාසෙද්දීයි.

"මං දන්නෑ ඕවා... යාළුවුණා නම් විසඳගන්න එකයි ඇත්තේ දෙන්නා එක්කම" අරවින්ද තම දෑත් දෙපසට කරමින් පැවසුවේ සේපාලිකාව ද තමාගෙන් ඉවත් කරමිනි.

"කවුද මෙයා එක්ක යාළු..? මේ මම ඔයා එක්ක යාළු නෑ හරිද?" සේපාලිකා නෝක්කාඩු වදන් පැවසුවේ ජනිත් හටයි.

"ආ.. ඒකත් හොඳයි... දැන් වෙන එකක් හොයාගන්න ඕනේ.. කට අඩු එකක්" ජනිත් පැවසුවේ තම අයිස්ක්‍රීමය රස විඳිමිනි.

"මොකක්ද කිව්වේ...? අනේ... අයියේ.... බලන්නකෝ... මෙයා එක්ක බෑ අනේ..." නැවත වතාවක් සේපාලිකා අරවින්දගේ අතෙහි එල්ලුනේ අරවින්ද මෙන්ම ජනිත් ඇයට සිනාසෙද්දීයි.

。☆✼★━━━━━✧・🖤🌙♥・✧━━━━━★✼☆。

"මොකද මේ ගෑනි සද්දයක්වත් නැත්තේ?" නදීෂ් කල්පනා කළේ සෝෆාවට වී රූපවාහිනිය නරඹමින් සාමාන්‍ය අයුරින් සිටිනා නුරායා දෙස බලමිනි. ඔහුට සිතාගත නොහැකි වූවා නුරායාගේ හැසිරීම.

"මේකි මෙහෙම ඉන්න එක නම් ලෙඩක් වගේ... මේකී මොකක්හරි දහන්ගැටයක් ගහනවා.. ඒක තමයි මේකි සද්ද නැතුව පොකිරිස්සි වගේ ඉන්නේ..." නදීෂ්ගේ හිත නැවත වතාවක් එහෙ මෙහෙ අහුමුළුවල ගියේ නුරායාගේ හැසිරීමට හේතුව සොයමිනි. "එදා නිමේෂ් මිනිහා එක්ක කතා කරපු වෙලාවෙත් එහෙම මුකුත් මේකි කිව්වෙත් නෑ... එ නිසා ඌව සැක කරන්නත් බෑ... එහෙනම් ඇයි මේකි මෙහෙම ඉන්නේ?" නදීෂ් නැවත වතාවක් කල්පනා කරමින්ම ඉදගත්තේ නුරායා අසලින් ය.

"මේ.. ඕයි..." ඔහු කකුලකින් නුරායාට ගැසුවත් ඈ නොවේ ඔහුව ගණන් ගත්තේ.

"ඕයි...!"

"මේ... මේ වෙලාවෙවත් කරදර නොකර ඉන්නවද නදීෂ්.. මම ෆිල්ම් එකක් බලනවා. පේනවනේ... දනුෂ්ගේ ෆිල්ම්ස් බලන වෙලාවට මට කරදර කරන්න එපා හරිද. මම රදීෂ්ටත් කියලා තියෙන්නේ..!" නුරායා සැරෙන් පිළිතුරු ලබාදුන්නෙන් නදීෂ් ඈ දෙස බලා සිටියේ මවිත වූ දෙනෙතිනි.

"ආ... ඒ කියන්නේ මේකි ෆිල්ම්ස් බලපු නිසයි මේ ටිකේ සද්දයක් නැත්තේ.. එතකොට යකෝ රදීෂ්ව නෙවෙයි ද මේකිට වටින්නේ දනූෂ් ද? ගෑනුනේ ඉතිං... මාසෙන් මාසෙට එක එක පිරිමි" නදීෂ් කෝපයෙන් තම අසුනින් නැගිට බැල්කනිය වෙතට ගියේ, නුරායාට පාඩමක් උගන්වන්නට අලුත් සැලැස්මක් සිතමිනි.

නුරායා සිත යටින් සිනාසුණේ නදීෂ්ව කෝපගැන්වූ නිසාය.

නමුත් ඈ සිත යටින් සැලසුම් කළේ නිමේෂ් ට කෙසේ හෝ පණිවිඩයක් යවන ආකාරයක් ගැනය. කුඩා පණිවිඩයක් වුවද නිමේෂ්ට මහා තොරතුරු ගොන්නක් බව නුරායා දන්නේ නිමේෂ් රහස් පරීක්ෂකයෙකු මෙන් වැඩ කරනා ආකාරය මධුමිතාගෙන් මීට පෙර බොහෝ අවස්ථාවල නුරායා අසා දැනගෙන සිටී බැවිනි. ඉතිං මේ මොහොතේ මෙලොව යමෙක්ට තමන් හට උදව් කළ හැකි නම් , නිමේෂ් පමණක් බව නුරායා විශ්වාස කළා.

🖤⚡🌙⚡♥️
අරවින්දගේ කිරිබත ගැන නම් ලිව්වේ කෙළ ගිල ගිල ඈ.. ලුණු මිරිස් එකේ උම්මලකඩත් තිබ්බා ලු. ජනිත් කිව්වේ..

Copyright © 2024 by Apsara Kumarasinghe
['සඳට පෙම් බඳින්නම්' කතාවේ සියලුම අයිතිය කර්තෘ වන අප්සරා කුමාරසිංහ, එනම් මා සතු වේ. කතාවේ කිසිදු කොටසක්, කිසිදු අයුරකින් පිටපත් කිරීම තහනම්!]

Continue Reading

You'll Also Like

11.5M 278K 29
#1 & 3 in the "There's A..." series. #2 is on my profile. [Editing] He's popular, I'm a nobody. He's a senior, I'm a freshman. He goes to wild part...
1.5M 25K 20
Suxin followed the original plot and played the green-tea villainess role well. But why can't this duck just die in peace?! -- "Bai Suxin, why are yo...
1.4M 41.5K 32
"Daddy?" "No, he is not your da-" "Well hello, there little baby." ❀❀❀ Phoebe and her daughter Echo were an interesting pair. Always clinging to...
1.6M 71.6K 38
"Hahh." A deep sigh escaped Namae's mouth as soon as she realized that she got transmigrated inside that crazy book she just read earlier. The story...