සඳට පෙම් බඳින්නම්... 🖤🌙
126
⚡🖤⚡♥️⚡🖤⚡♥️⚡🖤⚡♥️⚡🖤⚡
සඳලුතලයට වී උරුවම් බාමින් සිටියේ කවුරුන්දැයි නුරායා වටහාගත්තේ ඒ සිවුරුවම් හඬෙහි වූ ස්වරයෙනි. එය නදීෂ්ටම උරුම වූ තාලයකි. එනිසයි නුරායා ඔහුට නොපෙනුනත් ගස්සාගෙනම විත් රූපවාහිනිය ඉදිරියේ වූ ඔහුට පිටුපා අසුන්ගත හැකි සෝෆාවේ අසුන්ගත්තේ. කල්පනාව දුර ඈතට ගියේ, නදීෂ්ගෙන් ගැලවෙන්නේ කෙසේදැයි කියා සිතාගත නොහැකි වූ නිසාවෙනි. මේ මොහොත වනවිට තමා ගැලවිය නොහැකි ලෙස ඔහුගේ උඟුලට හසුවී සිටින බව නම් නොරහසකි. නමුත් කරබාගෙන සිට ඵලක් නැත. නමුත් ගැලවෙන්නේ කෙසේදැයි කියාත් අදහසක් නැත.
මුළු ඔළුවම අවුල් ජාලයක් වද්දී නුරායාගේ දෙනෙත් ඉදිරියේ එහෙ මෙහෙ ගියේ අතැඟිලි කීපයකි. මොහොතකට ඒ රදීෂ් බව සිතුනත්, ඊළඟ මොහොතේම ඒ ඔහු නොවන බව වැටහුනේ, තම දෙනෙත් අභියස එහෙ මෙහෙ යන අතැඟිලි දකුණතක වූ නිසාවෙනි. එසේනම් නිසැකවම මේ නදීෂ් ය.
"මොකෝ... බර කල්පනාවක?" නදීෂ් විමසුවේ නුරායා අසලින්ම අසුන්ගෙන සිනාසෙමිනි. විටෙක ඔහුගේ සිතටත් එන්නේ අමුතුම සිතුවිලිය. ඈ නිහඬව සිටින විට දී ඇයව ඇවිස්සීමට සිත දුන්නත්, ඈ කතා කරන විට ඇයව නිහඬ කරවීමටමයි සිතෙන්නේ. නදීෂ් නම් අවුල් ජාලයකි. නුරායා තද රැවුමක් පමණක් ඔහු දෙසට හෙළා නැවත වතාවක් තම කල්පනාව ආරම්භ කළේ මෙවැනි පහත් මිනිහෙක් සමඟ තමාට කතා කළ යුතු යමක් නොවූ නිසයි.
සිනාසෙමින්ම සෝෆාව මතට තම පාද ගත් නදීෂ් ඒවා නුරායාගේ දෙපා මතින් තැබුවේ ඈ නම් ඔහු දෙස රවා බලද්දීයි.
"මොකද රවන්නේ ආහ්?" නුරායා නිකට මතින් තම යටිපතුල තබමින් ඔහු විමසුවේ ඇහි බැමක් ඔසවමිනි.
"මසාජ් කරනවා..." නදීෂ්ගේ නියෝගය එලෙස පිටවුණේ ඔහු නැවත වතාවක් තම පාදය ඇයගේ දෙපා මතින් තැබූ පසුයි.
"මට බෑහ්!" නුරායා සැනින් ප්‍රතික්ෂේප කළේ නදීෂ්ගේ දෙපා තම දෙපා මතින් ඉවත් කිරීමට උත්සාහ දරමිනි. "ඒහ්.. වැඩිය සෙල්ලම් දාගෙන එන්න එපා මාත් එක්ක රායා හරිද? කිව්ව දේ කරනවා! නැත්නම් දන්නවනේ මගේ හැටි?" නදීෂ් නැවත වතාවක් තර්ජනය කළෙන් නුරායා කටත් ඇද කරගෙන නදීෂ්ගේ දෙපා සම්භාහනය කිරීම ආරම්භ කළේ ඔහු නම් කට කොනකින් සිනාසෙමින්ම ඈ දෙස බලා සිටිද්දීයි. මුව ඇද කරගෙන නුරායා තම දෙකකුල් සම්භාහනය කරමින් සිටී ආකාරය ඔහුගේ සිත් ගත්තා. එකට තද වී තිබුණු ඇයගේ දෙතොල් දෙස බොහෝ වේලාවක් බලා හිද නදීෂ් මොනා කල්පනා කළා දැ යි දන්නේ ඔහුම පමණි. "තමුසෙගෙත් මාර ගණන් නේ තියෙන්නේ?" ඔහු සිතින් සිතුවායැයි සිතුවත් එය මුවින් පිටවූයේ නොසිතූ මොහොතකය.
"ඔව් මගේ ගණන් තමයි. ඉතිං තමුසෙට මොකද? මේ නදීෂ්.., මම තමුසේ කියන හැමදේම අහගෙන හිටියා කියලා කරේ නගින්න එන්න එපා හරිද?" නුරායා මෙවර තම සිතෙහි පැවති කෝපය පිටකළේ නදීෂ් වෙතිනි.
"ඇයි තෝ මට මොනවා කරන්නද? ආහ්?" එක්වරම නුරායාගේ පපුව මතට තම පාදයක් ගෙනා නදීෂ් නුරායාගේ පියයුරක් පයින් පාගා දැමුවේ ඈ වේදනාවෙන් ඇඹරෙද්දීයි.
"ප්ලී...ස් නදී..ෂ් එපා.. මට..හ් රිදෙනවා..හ්" නුරායා කෙඳිරි ගෑවේ ඔහුගේ පය තම දෑතින් ම අල්ලාගෙන ඔහුව ඈත් කරන්නට උත්සාහ කරමිනි. නමුත් නදීෂ්ගේ මුවෙහි වූ ඒ සිනාව නම් වෙනසක් වූයේ නැත. ඔහු තව තවත් ඇයට රිද්දවමින් නුරායාව සෝෆාවට තද කරමින් ඇයගේ පියයුරු පාගා දැමුවේ ඈ හඬා වැටෙද්දීයි. කෙමෙන් කෙමෙන් ඔහු අසුනින් නැගී සිටිද්දී නුරායාව තව තවත් අසුනට තදවී මිරිකී ගියේ නදීෂ් මොහොතකටත් තම පය ලිහිල් නොකළ නිසාවෙනි. "මේක මතක තියාගනින් බැ-ලි, උඹ මගේ පයට පෑගෙන වැලි කැටයක් තරම්වත් මට වටින්නේ නෑ! අන්න ඒ නිසා.. මාත් එක්ක නටන්න තියාගන්න එපා!! තෝව නැති කරලා දාන්න යන්නේ තත්පරයයි මට. මතකනේ තොට අර වීඩියෝස්? අන්න ඒ නිසා කට වහගෙන හිටපන්" නදීෂ් ඇයගෙන් ඉවත් වූයේ නුරායාගේ පපුවට පා පහරක්ද එල්ල කරගෙනයි. ඈ වේදනාවෙන්ම තම පපුව අල්ලාගත්තේ හඬමිනි. මෙතරම් දරුණු මෘගයෙකු සමඟ එකට වසන්නේ කෙසේදැයි ඈ දැන සිටියේ නැත. ඔහුගෙන් කායිකව මෙන්ම මානසිකව තමන් කෙතරම් නම් හිංසාවට ලක්වෙමින් ගත කරන කාලය අපායකි.
නුරායා තම පියයුරු පිරිමදින්නට ගත්තේ, වේදනාව එසේ හෝ පහකරගැනීමට උත්සාහ දරමිනි. නමුත් ඇයට ඉකිගසා හැඬුනේ අතීතයේ දවසක මේ සෝෆාව මතම ගත වූ ආදරණීය මතකයක් සිහියට පැමිණයි.
.
.
.
*අතීතයේ එක් දවසක්*
රදීෂ් සිටියේ තම දුරකතනයේ යම් කිසි කටයුත්තකට සමවැදීයි. නිවාඩු දිනයක වුවත් ඔහුගේ රාජකාරීවල නිමක් නැත. මෙතෙක් වේලාවක් මුළුතැන්ගෙයට වී ඔහු වෙනුවෙන් අතුරුපසක් සූදානම් කරමින් සිටී නුරායා නා කියාගෙන පැමිණියේ හවස තේ පානය සූදානම් කිරීමේ අරමුණිනි. ඈ ඔහු පසුකොට මුළුතැන්ගෙයට යාමට සැරසුනත්, දුරකතනයේම සිටී රදීෂ් නුරායාගේ අතකින් ඇද ඇයව නැවැත්තුවෙන් නුරායා පුදුමයෙන් ඔහු වෙත ඇදී ගියා. එක්වරම තම දුරකතනය සෝෆාවේ කොනකට විසි කළ රදීෂ් නුරායාව ඉන්දවාගත්තේ තම දෙපා මතයි. ඈ ඔහු දෙසට ආදර බැල්මක් පා කර දෙනෙත් ඔසවා විමසුවේ 'ඇයි ද?' යන්නයි.
"ආදරේට.."
සිහින් හඬින් නුරායාගේ කන්පෙත්තකට හාදු තබමින් එලෙස මිමිණූ රදීෂ් නුරායාගේ ගෙල මතද හාදු තවරන්නට වූයේ, ඈ දෙනෙත් පියා ඒ සුවය විදිද්දීයි. ඒ සමඟම නුරායාට දැනුනේ රදීෂ්ගේ අතක විත් තම ළමැද පිරිමදිනවායි. හීනී හිරියක් සිරුර පුරාම පැතිරෙද්දී, රදීෂ්ගේ උරහිස අල්ලාගෙන සිටී නුරායාගේ අතැඟිලි තව තවත් ඔහුගේ උරහිසටම තද විය. ඔහු තව තවත් ඇයගේ ගෙල සිඹිමින්ම, ඒ රණහසුන් පිරිමදින්නට විය. නුරායා ඔහුගේ දෙපා මත හිඳම ඇඹරෙන්නට ගත්තේ, සිරුරට දැණුනු නුහුරටය.
"මොකෝ ආ..හ් නළියන්නේ?" ඔහු තම හිස ඔසවන්නේම නැතුව ඇයගේ ගෙලෙහි දෙතොල් වද්දමින් මිමිණුවේ සරාගී හඬකිනි.
"අනේ.. දීෂ්..." නුරායා ද සිහින් හඬින් මුමුණන්නට වූයේ, තවත් කාහට හෝ ඇසේයැයි බියෙන් මෙනි.
ඔහු හිස ඔසවා ඈ දෙස බැලුවේ සිනාසීයි. සුදු පැහැති ගවුමකින් සැරසී සිටී නුරායාගේ රණ තිසරුන් පිබිදී ඇති අයුරු රදීෂ්ගේ දෙනෙත්වලට ද අසුවිය. ඔහු හිස ගසාගත්තේ ඇයගේ ළමැදෙයි. නුරායා සිහින් සුසුමක් ඉහළ යවමින්ම රදීෂ්ගේ හිසකෙස් පුරා තම දෙඅත් යැව්වේ ඔහුගේ උණුසුම් සුසුම් වැදීමෙන් පවා තම තිසරුන් උමතු වූ නිසාවෙනි. නුරායාගේ පියයුරු ඉතා සංවේදී බව රදීෂ් හොඳින්ම දන්නා රහසකි. එනිසයි ඔහු ඇයගෙන් මෙවැනි ප්‍රතිචාරයක් බලාපොරොත්තු වූයේ. ඔහු දෑතින්ම ඇයගේ රණහසුන් සුරතල් කරන්නට වූයේ නුරායා සිහින් කෙඳිරියක් ද සමඟින්ම තම දෙපා පවා සෝෆාවට තද කරමින් රදීෂ්ගේ හිසකෙස් වලින් අදිද්දීයි.
"Nuu... Today you are arousing me so much..." ඔහු මිමිණුවේ වේගවත් සුසුම් පිටකරමිනි.
"Mmmhh.. You too..hh" නුරායා ද මිමිණුවේ ඔහුගේ ස්වරයෙන්මය. ඒ සමඟම ගවුමට උඩින්ම රදීෂ් ඇයගේ ළමැදට තම දසන් තද කළේ එවර නම් ඇයට යාන්තමට කෑ ගැසෙද්දීයි.
"ආ...හ්" ඇයගේ මුවින් පිටවෙනවාත් සමඟම රදීෂ් ඔහු දසන් තදකළ තැනටම දෙතොල් තද කළේ ඇයව සැනසීමට මෙනි. නුරායා තදින්ම ඔහුව වැළඳගත්තෙන් ඈ ඊට ප්‍රිය කළ බව රදීෂ්ට නොරහසක් වූවෙන් ඔහු නැවත වතාවක් තම දසන් තද කළේ ඇයගේ ළැමටයි.
"රිද්දන්නේ නෑනේද මං නූ?" ඔහු විමසුවේ දයාබර හඬකිනි.
"ම්ම්ම්හ්හ්ම්ම්... රිදෙන්නෑ.. ඔයා...හ් මට රිද්දන්නේ නෑනේ කවදාවත්.." නුරායා සිහින් හඬින් මිමිණුවෙන් රදීෂ් නැවත වතාවක් ගවුමට උඩින්ම ඇයගේ පපුව සිපගත්තේ හරි ආදරයෙනි.
"මං... මේවට ආසයි..." ඔහු සෙමින් මිමිණුවේ ඇයගේ තිසරුන් සිඹිමිනි.
"අනේ...." ඈ හැකිළුණේ කෝළයෙනි.
"මොකද...?"
"මට ලැජ්ජයි..." නුරායා තම මූණ ඔහුගෙන් සඟවමින් මිමිණුවා.
"ඔයා.. මොකටද ලැජ්ජවෙන්නේ? හරි නම් මමනේ ලැජ්ජවෙන්න ඕනේ..." ඔහු සිනාසුනේ ඇයටයි..
"නූ..." සිහින් හඬින් ඇයගේ නම මුමුණමින් රදීෂ් බැලුවේ ඒ අඩවන් වූ දෙනෙත් දෙසයි. ඇය සිටියේ හාදුවක් බලාපොරොත්තුවෙනි. මොහොතක්වත් පමා නොවූ ඔහු ඇයගේ අවැසිය ඉටු කිරීමට ඒ දෙතොල් මත තම දෙතොල් ඇතිරුවා. නමුත් ඒ රණ හසුන් සුරතල් කිරීම නම් ඔහුට අමතක නොවූවා. ඒ දෙතොල් හාදුව අවසන් කළ රදීෂ් නැවත වතාවක් තම හිස ගසාගත්තේ ඇයගේ පපුතලයේයි. ගවුමින් යාන්තමට ඉලිප්පී තිබූ හස තුඩු ඔහු සුසර කිරීම ආරම්භ කළේ ඔහුගේම තාලයකටයි. නුරායා ඒ අති සංවේදී ස්පර්ශයන්ට ඉඩ දෙමින්, ඒවා විඳිමින් ඔහුගේ හිස සීරුවට පිරිමැද්දේ නිවිසැනසිල්ලේය.
"ඔයා.. ගාව සුවඳයි නූ... මට අම්මාව මතක්වෙනවා..." ඔහු සෙමෙන් මිමිණුවත් නුරායා කිසිවක් නොපවසාම ඔහුගේ හිස පිරිමැදීම කරගෙනම ගියේ, සැබැවින්ම කුමක් පවසන්නදැයි ඈ නොදැන සිටී නිසයි.
"දවසක අපේ බබාලා මේවගේ එල්ලි එල්ලි ඉදියි නේ නූ?" තවත් මොහොතකින් ඔහු නැවත පැවසුවේ, ඇයගේ පියයුරු ඉඹිමිනි. ඒ සෙනෙහෙබර ඉඹීමක් විය. නුරායා යාන්තමට සිනාසුණේ ඒ සිහින සැබෑ වෙන දිනයක් ගැන ඇයගේ මනස තුළින් ද චිත්‍රණය කරමිනි.
"අපි ගොඩක් බබාලා හදමු.. එතකොට එයාලට තනි නෑනේ අපි නැතිවුණ දවසකටත්..." නැවතත් ඔහු මුමුණන්නට වූවා.
"හ්ම්ම්... හැබැයි... පොරොන්දුවක් වෙන්න දීෂ්" නුරායා සිහින් හඬින් විමසුවෙන් ඔහු හිස ඔසවන්නේ නැතුවම ඈ දෙස බලා දෑස්වලින් කුමක්දැයි විමසුවා.
"මුලින්ම යන්නේ මම... ඊටපස්සේ ඔයා.. අපේ බබාලාව මම නැතිවුණාමත් බලාගන්නවා කියලා පොරොන්දුවෙන්න.." නුරායා එලෙස විමසද්දී ඔහු ඇයගෙන් ඉවත්ව ඈ දෙස බලාසිටියේ තරමක කම්පනාත්මක බැල්මකිනි.
"අනේ.. නූ.. ඇයි මේ වගේ...."
"ප්ලීස්.. රදීෂ්.."
"එහෙම නෙවෙයි... මෙහෙම කරමු.. අපි දෙන්නම එකට යමු.. හාද? බබාලා ලොකු වුණාම අපි දෙන්නම යමු.. එයාලා තනියෙන් ඉන්න තනියම ඉගෙනගනියි.. හා ද?" ඔහු විමසුවේ සුරතල් දරුවෙකු මෙනි.. නුරායා මොහොතක් ඒ දෙනෙත් දෙස බලා හිඳ හිස සැලුවේ සිනාසෙමිනි.
"හ්ම්ම්.." ඔහුගේ හිස පිරිමදිමින් ඈ එය තහවුරු කරද්දී රදීෂ් නැවත වතාවක් ඇයගේ පපුතුරෙහි ම හිස ගසාගත්තේ හදිසියේම ඇතිවූ සංවේදී කතාබහ නිසාය. ඔහු එවැනි කතා බස් ප්‍රිය කළේ නැත.
"ඔයාව මම රැජිනක් වගේ බලාගන්නවා නූ... කවදාවත් රිද්දන්නේ නෑ... ඔයාට මං ගොඩක් ආදරෙයි නූ..."
.
.
.
*වර්තමානය*
නුරායා ඒ අතීතය සිහි කරමින්ම හඬා වැටුනේ, මෙතරම් ආදරය කරන රදීෂ්ම තමන්ට මෙලෙස කරනා බව ඔහු දන්නේ නම් කුමකින් කුමක් වේදැයි සිතමිනි.
"ඔයා රිද්දන්නේ නෑ කිව්වට මට ගොඩක් රිද්දනවා දීෂ්.. මට රිදෙනවා ගොඩක්... මට දැන් දැන් දරාගන්න අමාරුයි මේ දේවල්..." ඈ ඉකිගසමින් තමාටම මුමුණා ගත්තේ තම ළමැද දෑතින්ම මිරිකාගනිමිනි.
🖤⚡🌙⚡♥️
Copyright © 2024 by Apsara Kumarasinghe
['සඳට පෙම් බඳින්නම්' කතාවේ සියලුම අයිතිය කර්තෘ වන අප්සරා කුමාරසිංහ, එනම් මා සතු වේ. කතාවේ කිසිදු කොටසක්, කිසිදු අයුරකින් පිටපත් කිරීම තහනම්!]