HUNTED 🔆 [ Zhanyi ]

By HashiHiru

1.1K 201 144

නුහුරු මිහිරෙන් ඔබේ නෙතු දිලී පියවිලා ... සිත පුරා පෑව හද පුදා වින්ද ආදරෙත් සැගවූවා...... . . . . . . . Star... More

🔆1 HUNTED🔆

1.1K 201 144
By HashiHiru

🔆 මේක ගැන කිව්වොත් ෆ්‍රෙන්ඩ්ලි ටොප් කෙනෙක් එක්ක පට්ට ගුප්ත , නපුරු බොටම් කෙනෙක් 😊 ..මගේ කතාවල ටොප්ගෙ ගතිගුණ එකින් එකට වෙනස් නේ..... මෙතනත් ටොප් වෙනස් වෙනව ගොඩක් දුරට..... ඔයාලට මතකනේ ශාන් එක විදියක් තිසෙව් තව විදියක්......මෙතන ශනුක.... එයාගෙ චරිතෙ මන් මවන්නෙ ෆනී , සොෆ්ට් විදියට 😊❤ 

🔆 මෙහි එන සියළු දෑ ප්‍රබන්ධයන් වන අතර මෙහි එන නම්  වලට සැබෑ ජිවිතයේ චරිත වල කිසිදු සම්බන්ධයක් නොමැත.....

🔆 මෙහි එන ප්‍රදේශයන් , ග්‍රාමයන් වැනි දෑ සියල්ල ප්‍රබන්ධයන් වේ.....

🔆 කිසිදු ආගමකට ජාතියකට අපහාසයක් සිදු කිරීම  මාගෙ අරමුණ නොවේ.....

🔆 මෙතනත් මවන්නෙ අහිංසක ආදරයක්...... 🤣 කලින් කතාවටත් කිව්වා ඕක....( මෙහෙමයි අරූ අහිංසක නොවුනට උන්ගෙ ලව් එක අහිංසකයි 🤣)

🔆 #Horror#

🔆
🔆
🔆
🔆
🔆
🔆
🔆
🔆

ශනුක අරුණෝද්‍ය ඒකනායක.....
Colombo university Art student .....
Age - 22

නිදුක් සහස්න එදිරිසිංහ....
Dancing Teacher ...
Age - 28

🔆

🔆

🔆

🔆

🔆

කවුළු පියන් පත් වහන්න සදළු තලාවේ....
ඔබ දුරයි නෙතට මා සිටිනා ලබැදි තලාවේ....

විලක දුරක මල් පිපුනේ අපට නොවේමැයි...
ඔරු පාරු ඇවිත් බලා යාවි විල් දිය ගැඹුරුයි....
මල් සුවද උරා ඇදී යන්නෙ බඹරුන් කෝමෙයි....
සදළු තලාවට පැල්පත දුර නම් බෝමැයි....

කිරි සිනා සලන සදවත අහසෙම රැදුනාවේ....
ඉගිමරණ තරු කැලුම් අහසට නොම පෙනුනාවේ....
සිත ඈත අරන් යන විමනේ සදළු තලාවේ.....
කවුළු පියන් වසනු මැනවි නෙතුකැන් හමුවේ.......
.
.
.
.
පොළොන්නරු දිස්ත්‍රික්කයේ , ප්‍රධාන නගරයෙනුත් සෑහෙන ඈතකට වන්නට පිහිටි දුෂ්කර ගම්මානයක් වුන සපුගස්කන්ද ප්‍රදේශයේ ,ප්‍රාදේශීය රෝහල ඉදිරිපිට තරුණයෙකු බලා සිටින්නට උනේ දෙදුරුම් කන අහසින් පිහි පහරවල් වැනි වැසි බිදු බිම පතිත වන්නට ගනිද්දි.....

වැව් පුරවා යන තරමේ වර්ෂාවක් ඇද හැලෙන්නට මෙන් පරිසරය ගුප්ත බවක් උහුලද්දි මහා හඩින් අකුණක් දෙකක් කන අසලම පුපුරා යන්නට වුනෙ පරිසරයේ තිබෙන්නට වූ ගුප්ත පෙනුම වඩ වඩාත්  වැඩි කරමිනි...

සපුගස්කන්ද ප්‍රාදේශීය රෝහල ඉදිරිපිට කළු කුඩයක් ඉහලාගෙන බලා සිටි තරුණයා මදකට හරි ගැස්සෙන්නට වුනේ මහ හඩින් වැදුනු පරණ තාලේ මෝටර් රථයක නලා හඩක් නිසාවෙනි.....

කල්පනා දැහැනෙන් මිදී මෝටර් රථයට බැල්මක් හෙලූ ඔහු කුඩය සමග ඉදිරියට ඇවිද යන්නට වුනේ ප්‍රාදේශිය රෝහල දෙසටය...

ඔහු නමින්..... ශනුක අරුණෝද්ය ඒකනායක.......

' මතක තියාගන්න ආරූ  ! අපිට මේ ලොකේ හැම මනුස්සයගෙම කතාවක් ඇතුලෙ සුදු චරිතයක් වෙන්න බෑ..... කාගේහරි කතාවක අපිත් කලු චරිතයක් !'

ඔහුගේ දෙසවන් අසල දෝංකාර දෙද්දි මහා වර්ෂාව මධ්‍යයේ ඔහු ඉදිරියට ඇවිද ගොස් කුඩය හකුලා රෝහල් කොරිඩෝව ඉදිරියේ නතර වන්නට වුනේ දුරකථනය අතට රැගෙන.....

' ඒ අම්මගෙ ජිවිතේට කරදරයක් වුනොත්....වගකීම උඹම භාරගනින්....'

' අරකාගෙයි උඹගෙයි වෙනසක් නෑ ශනුක  !'

වෙව්ලන දෑගිලි අතර හිරකරගත් දුරකථනය දෙස බලාහිදි ඔහු වේගයෙන් නළල රෝහල් කොරිඩෝවෙ කණුවක වද්දගනට වුනේ මහත් ආවේගයෙන්....

නමුත් නැවත තමන්ගෙ හිත පත්ලෙන් එකගතාවයකට පැමිණි තරුණයා දුරකථයෙන් කිසියම් අයෙකු අමතන්නට වුනා......

" ඩොක්ටර් අයිම් ශනුක  ඒකනායක..... හ්ම්ම්..... කිව්ව විදියට වැඩේ කරන්න.... අද රෑම අකවුන්ට් එකට ගාන වැටේවි....."

දුරකථනය විසන්ධි කළ ඔහු හිස් හැගීමකින් අහස දෙස බලන්නට වුනා..... ධාරාණිපාත වර්ෂාවක්..... සපුගස්කන්ද ගම්මානෙට ආ දා ඉදන් ඇද වැටුණු දරුණුම වර්ෂාවදැයි සැකයක් ශනුකගෙ හිතට මතු උනා..... දුහුවිලි පොළව තෙමීගෙන යන වර්ෂාව අතරින් තෙමුණ දුහුවිලි වල සුවද.......

ශනුක  ගැඹුරු සුසුමක් ගත්තෙ ඔහුට යම් කිසි ප්‍රාණවත් බවක් දැනෙද්දි..... 

විනාඩි කිහිපයක් වර්ෂාව දෙස බලා හිදි ඔහු කොරිඩෝ එක දිගෙ ප්‍රසව වාට්ටුව දෙසට ඇවිද යන්නට වුනේ දෘඪ පෙනුමක් ආරෝපණය කරගනිමිනි.... මෙතරම් වෙලා මුහුණෙන් දිස් වූ පරාජිත පෙනුම සගවාගෙන ඔහු ගැඹුරු පෙනුමකින් ඒ දෙසට ගමන් කළේ හැද සිටි කළු පැහැ කලිසමේ සාක්කු දෙකට අත් හොවා ගනිමිනි....

" ඩොක්ටර් .....මොනවද මේ කියන්නෙ....??"

" අපිට මීට වඩා කරන්න දෙයක් නැහැ...."

" ඩොක්ටර් !! මොකක් හරි කරන්න.... මෙවෙලේ කොහොමද අපි කොළඹ එක්කන් යන්නෙ.....අනේ තේරුම් ගන්නකෝ...මේ මහ රෑ මොකද්ද අපි කරන්නේ........"

" අයිම් සොරි මිස්ටර් අශේන් .... මීට වඩා අපිට කරන්න දෙයක් නැහැ......හොස්පිටල් එකට ඇම්බියුලන්ස් එකක් නැහැ ! පොළොන්නරුව බේස් හොස්පිටල්  එකට වත් නොගෙනිච්චොත්....... අම්මගෙ ජිවිතේ තියෙන්නෙ වැට උඩ..... "

" අනේ ! නදී !!!"

ප්‍රසව කාමරය ඉදිරිපිට රැස්ව සිටි කිහිප දෙනාගෙ මුහුණු අදුරු වලාවකින් වැසී යද්දි හැඩි දැඩි පිරිමියෙක් බිමට කඩා වැටෙන්නට වුනේ එතන රැදී සිටි වෛද්‍යවරයා නැවත පිටව යද්දී.....

එ සිදුවීම දෙස බලාගෙනම ඒ දෙසට පියමං මනින්නට වූ ශනුක  එතැනට ළගා වද්දීම ඔහුව දුටු මැදි වයසක කාන්තාවක් වියරුවෙන් මෙන් ඔහු දෙසට පැමිණ ශනුකගෙ කොපුල හරහා වේගවත් පහරක් එල්ල කලේ වැදුණු පහරට ශනුක හිස පසෙකට හරවාගනිද්දී........

" උඹ...... කාලකණ්නියා....උඹ තමයි සේරටම මුල....!! මට මගෙ මල්ලිවත් නැති කලා.....! මගෙ නංගිවත් නැති කරන්නද උඹ හදන්නෙ.....!!"

එම කාන්තාව කෑගසනවාට වඩා බෙරිහන්දෙද්දි ශනුක  කට කොනින් සින්හවක් නගමින් බලන්නට වුනේ බිම වැටී සිටි පිරිමියා දිහා..... අසරණකමට ඔහුගෙ දෑස් වලින් කදුළු වැගිරෙන්නට වුනේ ප්‍රසව කාමරය තුල ජිවිතයත් මරණයත් අතර සටන් කරන තම බිරිදව සිහි වීමෙන්.....

" උඹට හොදක් වෙන්නෑ....ශනුක ...!!"

කේන්තියෙන් ගුගුළ කාන්තාව එතැනම හඩා වැටෙද්දි බිම හිදගෙන සිටි පිරිමියා ඇකිළුණු උරහිස් සමග ශනුක  අසලට ඇවිද එන්නට වුනේ හිස් බැල්මකින්..... ශනුක දෙස බලා සිටි ඔහු ශනුක ඉදිරියේ බිම දණ ගසන්නට වුනේ ශනුක  ඔහු දෙස බලාගෙන තම කළු කොණ්ඩය අතින් සකස් කරද්දී....

" මගෙ...නදී...බේරගන්න.....උඹට... වදින්නම්.....!!"

එපමණයි..... ඔහුගෙ මුවින් පිටවුන අවසාන වාක්‍ය එපමණක් පමණක්ම වෙද්දි නෝන්ඩි සිනහවක් සමග ශනුක  තම දෙපා අසල දණ ගසා සිටි පිරිමියාගෙ මුහුණට ලන් වන්නට වුනා.....

" සල්ලි වලට කරන්න බැරි මිනියකට පණ දෙන එක විතරයි මිස්ටර් අශේන් ....."

" මගෙ.....නදී !!"

" මට දරුවා ඕනේ....!!"

" පාහරයා.....!"

කලින් වර ශනුකට  කනේ පහරක් ගසන්නට වූ කාන්තාව කේන්තියෙන් ගුගුරද්දි ශනුකගේ  ඉදිරිපිට දණ ගසාගෙන හිදි පිරිමියා වේගෙන් හිස සලන්නට වුනා....

" දෙන්නම්...! දරුවා දෙන්නම්.... මගේ ගෑනි බේරගන්න ශනුක  .....මන් උඹට වදින්න.......ම්!"

කට කොනින් සිනහවක් නැගූ ශනුක  දුරකථනය කනට තබාගෙන එතැනින් පසෙකට ඇවිදින්නට වුනේ ඔහුගෙ ඇමතුමෙන්  විනාඩි කිහිපයකට පසු සපුගස්කන්ද ප්‍රාදේශීය රෝහල දෙවනත් කරමින් වේගයෙන් පැමිණි නවීන පන්නයේ ගිලන් රථයක් රෝහල ඉදිරිපිට නවතාලද්දී.....

වෛද්‍ය වරුන් සහ හෙදියන් යුහුසුළුව සිහිසුන්ව ජිවිතයත් මරණයත් අතර සටන් කරන නදුනි හංසිකා එදිරිසිංහ නමැති කාන්තාව ට්‍රොලියක තබාගෙන ගිලන් රථය වෙත රැගෙන යන්නට වුනේ   ඇයව දුටු විගස ශනුකට කලින් වර  බැන වැදුන කාන්තාව පපුවටත් අත තබාගෙන හඩන්නට ගනිද්දි.....

ශනුක ඉදිරිපිට දණින් වැටූ පිරිමියා සැනසුම් සුසුමක් හෙලද්දි ශනුක  ඔහු දෙස බැලුවෙ සාක්කු වලට අත් හොවා ගනිමින්.....

" එයා තව පැයක් යන්න කලින් කොළඹ නවලෝක හොස්පිටල් එකේ පෞද්ගලික වාට්ටුවක ට්‍රීට්මන්ස්  ගනිවී...."

එම පිරිමියා හිස් බැල්මකින් ශනුක  දෙස බලන්නට වුනා.....

" පොරොන්දුව ඉශ්ට කරන්න..... ජිවිතේ දෙන්න වගේම දුන්න ජිවිතේ ගන්නත් මට පුලුවන් ......!"

ශනුකගෙ දෑස් අනුකම්පා විරහිතව ගුගුරද්දී එම පිරිමියා හිස් බැල්මක් ඔහු වෙත පා කරමින් රෝහල තුලට පියමං මනින්නට වුනා......

" උඹ යකෙක් කියල දන්නව නම්..... උඹව මන් එළවල දාන්නෙ එදා උඹ ගෙට වැදුන දවසෙම ශනුක ....!"

අත බැදි ඔරලෝසුවෙන් වෙලාව බැලූ ශනුක  ගැස්සුනෙ නැවතත් ගිය වර තමන්ට පහර දුන් ඒ ගැහැණියම නැවත කෑ ගසන්නට පටන් ගනිද්දි....

" උඹ පොළගෙක්.....! පන්න පන්න දස්ට කරන....අරූටත් වඩා හපන් පොළගෙක් උඹ....."

" එහෙනම්..... මේ පොළගව මතක තියාගන්න .... මිසිස් අරුණි හසරංගා එදිරිසිංහ.....අපි ආයෙ ජිවිතේට මුණ නොගැහෙන්නත් පුලුවන් ......!"

ප්‍රසව කාමරයේ සිට පැමිණෙන පිරිමියා දෙස බලාගෙන ඔහු මුමුණන්නට වුනේ සිනහවක් සමගින්.....

නිල් පැහැති පැනල් රෙද්දක ඔතන ලද දවසක් වත් වයසක් නැති  මොහොතකට කලින් මෙලොව එලිය දුටු කුඩා බිළිදෙකු අත් අතරෙ තුරුළු කරගෙන එම පිරිමියා මතුවද්දී අර කාන්තාව තවත් වියරුවෙන් ශනුක  දෙස බලා හිදින්නට වුනා....

කිරි කැටියා මහ හඩින් කෑ ගසන්නට වුනත් ඇදහැලෙන අධික වර්ෂාව නිසා බිළිදාගෙ හඩ නෑසී යද්දී ශනුකට දැනුනේ  තමන්ගෙ දෙපා වෙව්ලන බවක්....සියොළගම පණ නැතිවී යන බවක් ඔහුට දැනෙද්දී නිල් පැහැ පැනල් රෙද්දක ගුලි වී සිටි කිරි කැටියා දෙස ඔහු බලා හිදින්නට වුනේ පපුව පාරගෙන යන තරමේ වේදනාවකින්.....

කිරි කැටියා අත් අතර රදවාගෙන සිටි හැඩි දැඩි පිරිමියා බිළිදාගේ හිසෙන් හාදුවක් තියන්නට වුනේ මුල්ම සහ අවසාන වතාවට වෙන්න ඇති...සමහර විට....!

බිළිදා අසලට ලන් වූ ශනුක  තම දෑගිලි වලින් බිළිදාගෙ නිකට අල්වා හිස මදක් පසෙකට කරමින් දකුණු කන පිටුපස තියුණුව නිරීක්ෂණය කරන්නට වුනා.... කිරි කැටියාගෙ කන පිටුපස සටහන් වී  තිබූ නෙලුම් මලක හැඩය ගත් උපන් ලපය දෙස බලා හිදි ඔහුගෙ දෑස් බලාපොරොත්තු සහගත ලෙස දැල්වෙද්දී ඔහු බිළින්දාව තම අත් අතරට උදුරාගන්නට වුනේ තම සත්‍ය පියාගෙන් වෙන් කරමින්.....

" ආයෙ මේ දරුවා හොයන්න ලෑස්ති වෙන්න එපා ! ඌ හැදෙන්නෙ මන් ළග..... දරුවා හොයාගෙන එකෙක් හරි ආවොත් දරුවව මන් ඉපදුණු රටේ වත් තියන්නෑ !!"

" මගෙ....දරුවා....කොහෙද උඹ ගෙනියන්නේ.....ශනුක .."

" උඹල එකෙක්ට වත් නොපෙනෙන දිහාවකට.... විශේෂයෙන්ම මේ ගමේ කාලක්ණ්නි  එකෙක්ගෙ වත් හෙවනැල්ලක් නොවැටෙන දිහාවකට.... මේ දරුවට මේ ගමේ පස් පාගන්න මන් ඉඩ තියන්නෙ නැ ! "

ශනුකගෙ වදන් හමුවේ අද දවසේ කීවෙනිදෝ වතාවට හැඩි දැඩි පිරිමියාගෙ දෑස් කදුළෙන් පුපුරා යද්දි සියල්ලන්ම බැල්මක් පමණක් හෙලූ ශනුක  කිරි කැටියා පපුවට තුරුළු කරගෙන කොරිඩෝව දිගේ ඇවිද යන්නට වුනි.....

වේගවත්ව අඩි තබමින් ප්‍රසව කාමරයෙන් හැකි තාක් දුරකට ඇවිද ආ ඔහු මදකට නතර වි තම අත් අතර ගුලි වී සිටින බිලිදා දෙස බලන්නට වුනි.....

" මට හරිම ලෝබයි...! රන්..."

ඔහුගෙ දෙතොල් මුමුණන්නට වුනේ ඔහුගෙ දෑස් කදුළින් තෙත් වෙද්දී..... කිසිවක් නොදන්නා කිරි කැටියා මහ හඩින් කෑ ගසා තම මවගේ ක්ෂීර බලාපොරොත්තු වද්දි ඔහුව පරිස්සමට පපුවට ගුලි කරගත් ශනික කළු කුඩය  ඉහළාගෙන එලියට බසින්නට හැදුවත් ඔහු නැවතුනේ ඔහු දෙසම බලා හිදින එක්තරා රුවක් අභියස......

" උඹ දරුවා ගත්තා එහෙනම්..."

තරමක වයසක් කිව හැකි ශනුක දෙසම බලා හිදි කාන්තාවක්  මුමුණද්දි ඔහු  ඇය දෙස බලා හිදීයේ කට කොනේ සිනහවක් සමගින්....

" මන් ශනුක අරුණෝද්ය  ඒකනායක ! රටම දන්න කෝටිපතියෙක්ගෙ පුතෙක්..... !"

එම කාන්තාව දෑස් හකුළුවන්නට වුනා....

" ඔය මොනව කලත් රන්ට ඉරණමෙන් ගැළවීමක් නෑ..... ඌ ඉපදුණු දා පටන් අරූගෙ වහලෙක්..... !"

" මට හරි ලැජ්ජයි  තමුසෙලා ගැන.... "

ඇය නැවතත් දෑස් හකුළවමින් බිලිදා දෙස බලන්නට වුනි.....

" උඹ ඔය දරුවව කොහේ ගෙනියන්නද කල්පනාව "

" මේ ගමේ එකෙක්ගෙ වත් බැල්මක් නොවැටෙන රටකට මන් ඌව ගෙනියනව....ඔස්ට්‍රෙලියා , ෆින්ලන්ඩ් , අමෙරිකා , ඉන්ග්ලන්ඩ් , නිව් සීලන්ඩ් , කැනඩා .........? මේ ගමේ මෝඩ මිනිස්සු එකෙක්ට වත් එන්න හිතාගන්න වත් බැරි තැනකට..... "

ශනුක වියරුවෙන් මිමිණුවත් එම කාන්තාව නම් එය පිලිගත් බවක් පෙනුනෙ නැහැ....

" ඉරණමෙන් ගැළවෙන්න සක්කරයට වත් බෑ බං...... හැබැයි උඹ මේකව මොන රටට එක්ක ගියත් උඹ කොළඹට යන පමාවට ඕකගෙ පණ ටික ගීන් තියෙයි කොළුවෝ..... ඕකා තාම ඉපදිලා පැයක් වත් නෑ......"

ශනුකගෙ සිත මදක් සසල වුනත් පිටතින් කිසිවක් නොපෙන්වූ ඔහු දරුවා පපුවට තුරුළු කරගත්තා......

" ඌව මන් හදනව මලක් වගේ.... හැබැයි පෑගෙන එකෙක්ට රිදෙන තරමට....ගලක් වෙන්නත් මන් ඌට උගන්නනව.....!"

" ඔය දරුවා මෙහාට දුන්න නන්....."

ඇය ගුගුරද්දී කලබල වූ ශනුක  අඩියක් පසුපසට ගෙන තම ඉනෙහි වූ පිස්ටල් එක එලියට ඇද ගන්නට වුනා....

" දරුවට අත තියන ඕනෙ එකෙක්ගෙ ඔළුකට්ට කුඩු වෙන්න තියන්න දෙපාරක් හිතන්නැ...!!"

ඇය සුසුමක් පිට කලා....

" මට දරුවා ඕන්නෑ....උඹ තියාගිං.... මට ......"

ඇයගෙ දෑස් වේදනාවකින් පිරෙන්නට වුනි....

" මට....... ඕනෙ.... රන්ට කරපු පව් හෝදගන්න...... සමහර විට මන්....අම්මා වෙලත්  මගෙ දරුවට කලේ තිරිසනෙක්ටත් අන්ත දේවල් වෙන්න ඇති.."

" ඒක තේරුම් ගත්ත එක හොදයි ...."

ඇය නැවත සුසුමක් පිට කලා......

" දරුවා දියන්.....කොළඹ යන්න කලින් කිරි ඩිංගිත්තක් පොවලා හිටාන්..... නැත්තන් උඹ ඕකව ගෙනියද්දිම ඕකගෙ පණ ටික ගිහින් ඉදී....."

පිටුපස බලමින් ඇය ගුගුලද්දී චීත්තයකට සැහැල්ලු හැට්ටයක් හැද සිටි ' අම්මා 'කෙනෙක් ඇය පසුපසින් ඉදිරියට පැමිණියේ ශනුක  අත සිටි දරුවා සහ අනෙක් අතෙහි තිබූ පිස්ටල් එක දෙසද බලමින්....

" එ ගෑණිගෙ දරුවා ලැබුනෙ ඊයෙ..ඔය දරුවට කිරි ඩිංගිත්තක් දෙන්න ඒ ගැනිට බැරිකමක් නෑ......"

ඇය ගුගුලද්දී ශනුක  ඉදියෙ දෙලොවක් අතරෙ......ඒත් මදකට කිරි ඉල්ලා කෑ ගසන දරුවා දෙස බැලූ ඔහු පිස්ටල් එකත් අතැතිව දරුවා සමග එම ගැහැණිය අසලට ලන් වන්නට වුනි....

" දරුවට කරදරයක් කරන්න හැදුවොත් ගෑනියෙක් කියල බලන්නෑ මන්.....මොකා උනත් මට වැඩක් නැ....."

" උඹ පැහෙන්නැතුව ඒ ගෑනිගෙ අතට දරුවා දීපන්..."

කාන්තව ගුගුරද්දි අවිශ්වාසෙන් මෙන් ගැහැණිය අතට දරුවා දුන් ශනුක  පිස්ටල් එක දික් කර හිදින්නට වුනේ ගැහැණිය දරුවා රැගෙන පැන දුවාවී යන බියෙන්....

" කොහෙද උඹ හැරෙන්නෙ..."

එම ගැහැණිය තම තන පුඩුව මතුකරගනිමින් ශනුකට පිටුපා හැරෙද්දිම ශනුක බෙරිහන් දෙන්නට වුනි..

" ඒ ගෑනිට උඹ ඉස්සරහ තන් දෙක එළියට ගන්න උඹ ඒකිගෙ මිනිහ නෙමෙයිනෙ...."

දෑත් පසුපසට කරගෙන අර කාන්තාව මුමුණද්දී චීත්තයක් හැද සිටි ගැහැණිය කෑ ගසා හඩන බිලිදාගේ මුව තම තන පුඩුවකට ලන් කලේ ලන් වූ පමාවට කිරි කැටියා එය උරා බොන්නට පටන් ගනිද්දී.....

ශනුකගෙ සිත උණුවී යද්දී ඔහු පිස්ටල් එක පහත දමා කණුවකට වාරු වන්නට වුනේ නළල පිරිමැදගනිමින්.....

මහන්සී.....ඔහුටත් මහන්සී හැම දෙයක්ම දරාගෙන......

" රන්ව හදපන්...... ගුණ ධර්ම ඇති පු....."

" රන්ව හදන්න ඕනෙ විදිය උඹ කියල දෙන්න ඕන්නැ......!"

ශනුක කේන්තියෙන් මුමුණද්දී කිරි කැටියා  සුවසේ ගැහැණියකගේ තන පුඩුවේ එල්ලී කිරි උරන්නට වුනි......

" දරුවා බඩ පිරෙන්නම කිරි බිව්වා හාමිනේ...."

කිහිප වෙලාවකට  පසු එම ගැහැණිය කිරි කැටියාව තම ළැමෙන් ඉවත් කරගනිමින් මුමුණද්දී අනෙක් කාන්තාව ශනුක  දෙස බලන්නට වුනා....

" රන්ව අරන් පලයන්...උබට පුලුවන් උපරිමේ කරපන්...."

ගැහැණියගේ අතින් දරුවා අතට ගත් ශනුක  හිස්ම හිස් බැල්මක් පමණක් අනෙක් කාන්තාවට හෙලා කළු කුඩය ඉහලාගෙන ධාරාණිපාත වර්ෂාව මධ්‍යයේම රෝහලේ පසෙක නවතා තිබූ BMW රථයට ගොඩ වන්නට වුනා......

හිතේ හැටියට කිරි බී අවසන් වූ බිළිදා තම රෝස පැහැ දෑස් පියන් පියාගෙන සැප නින්දක වෙද්දී හිතට දැනුන හැගීම් සමුදායක් එක්කම තම අත් අතරෙ මී පැටියෙක් මෙන් ගුලිවී හිදි කිරි කැටියාගෙ මුහුණෙහි අස්සක් මුල්ලක් නෑරම ශනුක දෙතොල් තවරන්නට වුනේ මහත් වූ ලෝබකමකින්......

" මගෙ රන්..... "

ඔහුගේ දෑස් මත කදුළු බිදු දිලිසෙන්නට වුනි....

" ආයෙ මන් ගාවට ආවට පිං "

ඔහු මුමුණන්නට වුනේ නැවතත් කිරි කැටියාගෙ කම්මුලක් මත දෙතොල් තවරමින්.....

ගැඹුරු සුසුමක් වා තලයට මුසු කල ඔහු කිරි කැටියා පපුවට තෙරපාගෙන තනි අතින් වාහනය ස්ටාර්ට් කරන්නට වුනි..... සපුගස්කන්ද ප්‍රාදේශිය රෝහලෙන් එළියට වාහනය රැගෙන ගිය ඔහු වේගයෙන් වාහනය පදවාගෙන යන්නට වුනේ ඇද හැලෙමින් පැවති වර්ෂාව දැඩි වද්දීමයි.....

ප්‍රාදේශීය රෝහලෙන් සැලකිය යුතු දුරක් ගමන් කල පසු හමුවන කලා වැව මතින් වැටුන පාළු පාරක් දිගේ රිය පැදගෙන ගිය ශනුක එක්වරම තිගැස්සෙන්නට වුනේ වාහනය ඉදිරිපිටම පුපුරා ගිය අකුණක් හේතුවෙනි..... එයින් තම පපුවට ගුලි වී සිටි කුඩා දරුවාද ගැස්සී මහ හඩින් අඩන්නට පටන් ගනිද්දී ශනුකට මහා අසරණභාවයක් දැනුනි....

නමුත් කිරි කැටියාව තවත් උණුසුමට තෙරපවාගනිමින් ඔහු තනි අතින් වාහනය වේගයෙන් ඉදිරියට ගෙන යන්නට වුනත් එක්වරම වැව් කණ්ඩියේ  ඉදිරිපසින් කඩා වැටුන විශාල කුඹුක් ගස් කද නිසාවෙන් ඔහු ක්ෂණිකව වාහනයේ තිරිංග තද කරන්න වුනේ අනූ නමයෙන් වාහනය ගස් කදේ නොගැටී බේරෙද්දීමයි.....

සුක්කානමට අත ගුටි කල වැරෙන් පහරක් ගැසූ ඔහු වේගයෙන් සුසුම් ලන්නට වුනේ ඔහුට නගරයෙන් පිටවීමට  මීළගට යාමට තිබෙන එකම මාර්ගය කුමක් හරහා වැටෙන්නක්දැයි සිහි වීමෙනි...

" කාලකණ්නියා....මන් උබව මරනවා...!!"

කෑ ගසා හඩන දරුවාගෙ හිස මෘදුව පිරිමදිමින් ඉදිරිපස බලාගෙන ඔහු වියරුවෙන් කෑ ගසන්නට උනේ ඔහුගෙ හඩට  දරුවා තවත් බයෙන් කෑ ගසද්දී......

විනාඩි කීපයක් තමන්වම සන්සුන් කරගැනීමට වැය කල ඔහු වාහනය පසුපසට ගෙන හරවා නැවත වැව් ඉස්මත්ත දිගේ ආපසු හරවාගෙන යන්නට වුනේය.....

නැවතත් සපුගස්කන්ද ග්‍රාමයටම පැමිණි ඔහු ප්‍රාදේශිය රෝහල පසු කල ගම දිශාවට වැටෙන මාර්ගය දිගේ ගමන් කරන්න වුනි....තරමක ජනග්‍රහණයකින් යුතු වූ ගම පසු කිරීමෙන් පසු ඔහු නැවතත් වියළී ගිය ගස් සහිත කැලෑවක් මැදින් වැටුන පාරක් දිගේ වාහනය ගෙනියන්නට වුනේ නොසන්සුන්බවෙන්....

සපුගස්කන්ද ග්‍රාමයෙන් එපිටට දිවෙන කැලෑ මාර්ගයක් දිගේ කෙමෙන් කෙමෙන් ඉදිරියට ගමන් කළ ඔහු අවසානයේ නාගරාජ දෙවොල යනුවෙන් සදහන් තහඩු කැබැල්ලක් පසු කලේය.... ඔහුගෙ සිතෙහි එකිනෙකට පරස්පර සිතුවිලි හටගෙන එකිනෙක තෙරපෙමින් උඩු දුවද්දී එක්වරම ඉදිරියෙන් පැමිණි වල් ඌරෙකුගේ බදෙහි වාහනය ගැටෙන්නට උනේ කුලප්පු වූ ඌරා මහහඩින් කෑ ගසාගෙන කැලෑව දෙසට දුවද්දී......

කීවෙනි වතාවටදෝ නින්දක වැටෙමින් සිටි බිළිදා නැවත වාරයක් හඩන්නට ගනිද්දි ශනුක ගැඹුරු සුසුමක් පිට කරමින් වාහනය ධාවනය කරන්නට වුනේ පෙරටත් වඩා වේගයෙනි.....කැලෑ මාර්ගය දිගේ ඉදිරියට ගමන් කළ ඔහුගේ දෑස් එකවරම නිලංකාර වී යන්නට වුනේ තමා ඉදිරියේ පෙනීසිටි කළු හැදගත් මනුශ්‍ය රුව හේතුවෙනි...

කීවෙනි වතාවටදෝ නැවතත් ඔහු ක්ෂණිකව තිරිංග යොදද්දීම මාර්ගයෙහි පැවති මඩ නිසාවෙන් ලිස්සා ගිය වාහනය මාර්ගයෙන් පසෙකට පනින්නට වුනි.....

ශනුකගේ හදවත නැවතත් වේගයෙන් ගැහෙන්නට ගනිද්දීම එක්වරම පුපුරා ගිය අකුණක් හේතුවෙන් අදුරු වී තිබූ පලාතම එළිය වීගෙන යද්දී වාහන තිබූ තැනට ඈතින් සිටගෙන අයෙක් තමන් දෙස බලා හිදි බව ඔහුට වැටහුනි....කිසිවක් ගනනට නොගෙන මහ හඩින් කෑ මොර දෙන කිරි කැටියා දෙස බලමින් ඔහු වාහනය නැවතත් පාරට දමා ඉදිරියට රැගෙන යන්නට වුනේ ගැහෙන හදින් යුක්ත්වය...තමන් විතරක් හිදී නම් තමන්ගෙ සිත මෙතරම් දුර්වල නොවන වග ඔහුගෙ සිත පුන පුනා පවසද්දීම පල්ලමක් අතුරෙන් වාහනය ගෙන ගිය ඔහුට රථ්ය තමන්ගෙ පාලනයෙන් ගිලිහී ඇති බවක් හැගී යන්නට විය..... කිසිවක් සිතා ගත නොහී ඔහුගේ දෑත් සුක්කනමෙන් ඉවතට වන්නට වුනේ ඔහුගේ ගෙල දෙපසින් දැනුන වේදනාවකට වන්නට විය....

දරුවාව පපුවට තුරුළු කරගෙන ඔහු තම ගෙල අසල අල්ලාගෙන දගලන්නට වුනි...... එක්වරම ඔහුගේ අතක ඇගිලි දරාගන්නට නොහැකි බලයකින් තම ගෙල වටා එතෙද්දී තම අතම ගෙලෙන් ඉවත් කරගන්නට නොහැකිව ඔහු ඒ මේ අත දගල්ලට වුනේ හුස්ම හිර වන තරමට දැනෙන වේදනාවකිනි...

කෙතරම් උත්සහ කලත් ඔහුට තම දෑගිලි , තම ගෙලෙන්ම දිගහැර ගන්නට නොහැකි වද්දී පාලනයෙන් ගිලිහී තිබූ මෝටර් රථය වේගයෙන් ඉදිරියේ තිබූ විශාල ගසක වැදී අනික් අතට පෙරලෙමින් එතනම පැවති කන්දෙන් පහළට  ඇද වැටෙන්නට වුනේ මහ හඩින් ප්‍රෙටල් ටැංකිය පුපුරා යමිනි.....

" ර......................න් !!!!!"

ශනුකගේ මුවින් පිටවුනේ එපමණකි.....

.
.
.
.

වසර කිහිපයකට පෙර.....

Shanuka p.o.v.

" නෝ නෝ අම්මි.... මේ පාර නම් ඔයාලගෙ මාස දෙකේ කැනඩා ට්‍රිප් එක ඉවර වෙද්දිම මම ගෙදර ....."

"අනේ යන්න චූටි පුතා..... ඔයා ගිය පාරත් කවුද මන්දා රාවණෙක් ගැන හොයන්න ගිහින් එනවා එනවා කියල කිය කිය ඉදල අවුරුද්දක්ම ඉදියෙ එහෙට වෙලා....."

ෆෝන් එක කනට තද කරගෙන මන් හිනාවුනේ කලා වැව් ඉස්මත්තෙ ඉදගෙන හොදට කහට දාලා හදපු තේ එකෙන් උගුරක් බොමින්.....වැව් දිය සිපගෙන එන හුළග....

මන් හුළං පාරට මුහුණ ඇල්ලුවේ දෑස් පියාගෙන අම්මගෙ වචන වල හිනාවෙමින්.....

" රාවණා ගැන හොයනවට වඩා මේක නම් සෑහෙන්න ලේසි වෙයි අම්මි.... රාවණා කියන්නෙ පයිතගරස්ගෙන් එහාට ගිය කෙනෙක් ..... ඔයා දැක්කනෙ එයා ඒ කාලෙ ලියපු කටු සටහන්..... හරි පුදුමයි අම්මී... නූතන ටෙක්නොලජි එකෙන් මෑතකදි හොයාගන්න දේවල් එයා ඒ කාලෙම හොයාගෙන..... එච්චර iQ එකක් තිබ්බ මිනිස්සු ඉදලත් ඇයි අපේ රටට අද මෙහෙම වෙලා තීන්නේ..... ? ප්ලේන් එකක් උඩ යන්නෙ ලිෆ්ට් ඇන්ඩ් ත්‍රස්ට් වලින් කියල හොයාගත්තෙ රයිට් බ්‍රදර්ස් උනාට රාවණා ඊට කලින්....."

" අපෝ අපෝ චූටි පුතා ! මට ඔයාගෙ ලෙසන්ස් අහල එපා වෙලා තීන්නෙ..."

" අම්මිලට ඉතිං අපේ රටේ දෙයක් කිව්වොත් තමයි අහන් ඉන්න අමාරු...."

මන් නෝක්කාඩුවෙන් කිව්වෙ තේ එකේ ඉතුරු මණ්ඩි ටික විසි කරල දාලා.....

" තාත්ති නම් කියන්නෙ දැන් ඕවයින් ඈත් වෙලා රට එන්න කියල චූටි පුතා...."

" බලමු..... කොහොමත් මන් මේ රිසර්ච් එකෙන් පස්සෙ කම්පැනි එක භාරගන්න හිතන් ඉන්නව අම්මි..... තාත්තිත් දැන් වයසයි..."

" අම්මෝ ...තේරුන එක ලොකු දෙයක්....ඒක නෙමෙයි.... දැන් ඉන්න හොටෙල් එකක් හොයාගත්තද ?"

" මන් ඉන්න යන්නෙ ටවුන් එකක් හරියක නෙමෙයි අම්මි...ටිකක් ඇතුළට වෙන්න වගේනේ..... ප්‍රොෆෙසර් මට එයා අදුරන ගමේ ස්කෝලේ  ප්‍රින්සිපල්ට කියල බෝඩිමක් හොයල දුන්නා...බලමු.... "

" චූටි පුතා...එහෙම පිට මිනිස්සු ළග ඉන්නෙ කොහොමද ?"

" අවුලක් නෑ අම්මි....මාස දෙකයිනේ.... මන් ඉක්මනට රිසර්ච් එකේ වැඩ ඉවර කරගෙන එනව...."

" ඒ මිනිස්සු විශ්වාසද චූටි පුතා.... මන් අහන්නේ ඔයාට ආරක්ෂාවක් තියේවිද ?"

" ම්ම්....... මන් ගමට යන්නෙ සාමාන්‍ය පවුලක ඉපදුන සාමාන්‍ය යුනිවර්සිටි ස්ටුඩන්ට් කෙනෙක් විදියට අම්මි.... මන් කන්ටැක් කරගත්ත ප්‍රින්සිසිපල් වත් දන්නෙ නැහැ මන් ශ්‍රී ලන්කන් එයා ලයින් එකේ ඕනර්ගෙ ලිට්ල් සන් කියල .....ම්.."

" ඔයා කරන දේවල් දන්නෙ ඔයාම විතරයි චූටි පුතා....හවුඑවර් පරිස්සමෙන් ඉන්න.... ඊළග පාර සිඩ්නි  ආවම නම් මන් ඔයාට ආයෙ යන්න දෙන්නෙ නැ....!"

" ඕකේ ඕකේ.... ඔයා කියන දෙයක් තමයි ....."

" මන් සාධාරණයිනෙ චූටි පුතා.... මමයි තාත්තියි අයියයි අක්කියි  ඔක්කොම මෙහෙ ඉන්නෙ....ඔයා ලංකාවට වෙලා කරන්නෙ මොනවද කියල අපිවත් දන්නෑ........ඔයා ඊයෙ කියනකන්ම මම දන්නෙ නැහැනෙ ඔයා පොළොන්නරුවෙ යනව කියල ...."

" යස් යස් ඔයා සාධාරණයි අම්මි...!"

" ගියා වගේ නෙමෙයි.... ඔය දකින දකින වැව් වල පනිනව එහෙම නෙමෙයි..... කොළඹ වෙනයි පොළොන්නරුව වෙනයි චූටි පුතා.....ම්ම්.... "

" වැව් වල පනින්නෑ අම්මි.....මන් ඉන්න ගම එහා පැත්තෙම තමයි පොළොන්නරු බීච් එක තීන්නෙ.... ගමේ ඉදන් පයින් යන දුර කියන්නේ බීච් එකට...."

අම්ම හිනාවෙන සද්දයක් ඇහුනෙ මටත් සැනසුම් සුසුමක් පිට වෙද්දි..

" ඇට්ටරකම...!  මන් තියන්නම්..... නවතින තැනට ගිහින් ආයෙ කෝල් එකක් ගන්න..... ඕකේ..."

" යස් අම්මි.... තාත්තිවත් මතක් කලා කියන්නකො.....ම්ම්.... ගොඩ් බ්ලෙස් යූ...."

" ගෝඩ් බ්ලෙස් යූ චූටි පුතා...."

ෆෝන් එක කට් කරල මන් ලොකු හුස්මක් ගත්තෙ ආයෙත් වතාවක් මුහුණෙ ඇවිත් වැදුන සුළං දහරාවක් නිසා......

" මහත්තයා මේ පළාතෙ කෙනෙක් නෙමේ වගේ....?"

මන් පිටිපස්ස හැරෙද්දිම පුංචි පෙට්ටි කඩේ ඇතුලෙ ඉදගෙන ඉදිය මනුස්සයෙක් මගෙන් ඇහුවෙ මන් ලාවට හිනාවක් දෙද්දි.....

" නැහැ අංකල්.....?"

" ම්ම්..... මහත්තයා කොහේ යන්නද මේ ?  වන්දනාවෙ ආව ගමන්ද ?"

" නැහැ නැහැ.... මම කොළඹ කැම්පස් එකෙන්...... පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේන් පොඩි පරීක්ෂණ වගයක් කරගෙන යනව මේ පැත්තෙ දේවාලයක් ගැන..... ඒකට තොරතුරු වගයක් රැස් කරගන්න තමයි මම මේ ආවෙ....?"

" මහත්තය ඔය කියන්නේ අල්ලපු ගමේ නාගරාජ දේවාලෙ ගැන වෙන්ට ඕනේ....?"

එතනම ඉදිය තව පිරිමි කෙනෙක් කිව්වෙ නෝන්ඩියට වගේ.....

" ආහ් ඔව්..ඔව්.... "

ඒ මිනිස්සු දෙන්නම මූණට මූණ බලන් හිනාවුනේ මන් ඒ දෙන්නා දිහාම මාරුවෙන් මාරුවට බලද්දි....

" කොළඹ රටේ උදවිය කොහොමද ඒ දේවාලෙ ගැන දැනගත්තේ ?"

එතන උන්න සීයා කෙනෙක් ඇහුවෙ...

" කටකතා වෙන්ටැති සේදිරිස් මාමේ..."

ඒ අංකල් කිව්වෙ....

" ඇත්තටම නැහැ... කටකතා නම් නෙමෙයි..... අපි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව එක්ක එකතු වෙලා යට ගිය ගැමි  පුරාවෘත්ත ගැන සමීක්ෂණයක් කරනව මේ දවස් වල..... කොටින්ම කිව්වොත් ම්ම්.......පහුගිය අවුරුද්දෙ අපි කලා රාවණා ගැන ..රාවණාගෙ හැමෝම දන්න කවුද අර රාමාව ඉස්සුවා ගෙනත් හැංගුවා කියන කතාව නෙමෙයි...රාවණාගෙ තිබුන ෆ්ලයින්ග් ටෙක්නොලජි එක ගැන..... රාවණාගෙ ......."

" හහ්හ්හා......හහ්....හම්මො..."

එතන උන්න අංකල් හක හක ගාලා හිනාවෙන්න ගත්තෙ මන් කිසි දෙයක් හිතාගන්න බැරුව බලන් ඉද්දි...

" මොකක් කිව්වා... රාවණා කාවද ළමයො ඉස්සුවැයි කිව්වෙ....?"

" රාවණා කවද්ද මහත්තයෝ රාමාව ඉස්සුවේ...රාවණා කුදලන් ආවෙ සීතව සීතව..... ?"

රාවණා කාව උස්සන් ආවත් මට මොකෝ?

" ආහ්.... සිරියස්ලි... අපි සමීක්ෂණේ කළේ රාවණා ළග තිබුන ටෙක්නොලජි සයිඩ් එක ගැන.... "

" හම්මෝ.... මහත්තය කරන්ඩෙ මාර විහිලු තමයි ...!"

හා........

මන් නළල තෙරපවාගෙන හිස් තේ කෝප්පේ මෙසෙ උඩින් තිබ්බා....

සීතයි රාමයි පැටළුන නිසානේ මේ සේරම.....

" මොකක් උනත් මහත්තයල මේ පාර නම් සමීක්සනේ කරන්ඩෙ රාවණාට හපන් එකෙක් ගැන....."

" ඒ මොකද ඒ ?"

මන් අංකල් දිහාවට හැරුනෙ එහෙම අහමින්.....

" අපි නම් දන්නෑ ඉතිං ... ආරංචි එන හැටියට නම් ඒක සෑහෙන අනුහස් තීන දේවාලයක්.... හොද වගේම නරකත් තියෙනව..."

මන් උනන්දුවෙන් ඒ අංකල් ළගින් ඉදගත්තා.......

" හොද මොනවද ?"

ඒ අංකල් එතන ඉදිය සීයා දිහා බැලුවෙ සීයා උගුර පාදද්දි....

" අහල ගම් හතේම ගෑණු ළමයි ඉල්ලන්ඩ එන්නේ ඕය දේවාලෙට  තමයි ...."

" ඇයි ඒ...දේවාලෙන් සංරක්ශිත ශුක්‍රාණු බෙදනවද ?"

මන් අහද්දිම පෙට්ටි කඩේ ඇතුලෙ එහාට වෙන්න ඉදගෙන ඉදිය පිරිමි ළමයෙක්ගෙ හුස්මත් හිර උනේ ඒ කොල්ලා කට තද කරන් මන් දිහා බලද්දි.....

" නෑ මහත්තයෝ... ආශිර්වාද ඉල්ලගෙන එන්නේ..."

" ඕහෝ ! කොළඹ අය සීනිගම යනව වගේ...."

" දකුණු රටේ දේවලයක් නේද ඒක "

" ම්ම්ම්..... අපේ අම්මත් මාව ඉල්ලන්න ගියේ ඒකට කියන්නේ....."

මන් කිව්වෙ මගේ කොන්ඩෙ අතින් උඩට කරල හදාගනිමින්..... සුරදූතයෙක් නිසානේ මේ සේරම.....

" මහත්තය බෙන්තර ගගෙන් එහාද ?"

" ආහ් නැහැ අංකල්..... මන් දූපතක නෙමෙයි ඉන්නේ........"

" නෑ මහත්තයො මන් ඇහුවෙ ගගෙන් එහාද මෙහාද කියල ..."

" ගගෙන් එහා මුහුදනෙ අංකල්.... මුහුදෙ ඉන්නෙ කොහොමද ?"

" නෑ නෑ දරුවෝ.... මහත්තය දකුණෙද බටහිරේද ?"

" ආහ්..... මන් බස්නාහිර අංකල්...කෙලින් අහන්න එපැයි....."

මන් කිව්වම වයසක උන්දැ තේ කහට උගුරක් බිව්වෙ මන් දිහා බලලා....

" එතකොට නාගරාජ දේවාලෙ නරක මොනවද අංකල් ?"

" නරක ගැන කිව්වොත් නම් ඉතිං ..........."

අංකල් කියන්න හදද්දිම සීයා බොරු මරිසි කැස්සක් දැම්මෙ මටත් ඒක නෝට් වෙද්දි.....

" මොකද උන්දැ.... කහට හිර උනාද ?"

" මට දැන් යන්ඩ වෙලාව හරි ..... අපේ ගෑනි බලා ඉන්නව මාළු කූරි ටික අරන් එනකන්...."

සීයා පුටුවෙන් නැගිටල කොක්කක ගහපු වැව් මාළු වහයක් අරගෙන යන්න  ගියේ මන් අංකල් දිහා බලද්දි.....

දැන් වෙලාවත් දවල් වේගේන එනව.... දොළහට කලින් වත් අර ගෙදරට යාගන්න පුලුවන් උනොත් ඇති..... ආහ් ....උදේ ඉදන් ඩ්‍රයිව් කරන් ඇවිත් මහන්සී....

" සපුගස්කන්ද ගමට තව ගොඩක් දුරද ?"

" අපෝ නෑ මහත්තයෝ..... ඕං ඔය වැව උඩින් යන පාර වැටෙන්නේ කෙලීන්ම පොඩි ටවුන් එකකට.... එතනම තමයි ප්‍රාදේශීය ඉස්පිරිතාලෙ තින්ඩෙ..... "

" ම්ම්......මට යන්න ඕනේ නම් දේවසිරි කියල කලින් සපුගස්කන්ද මහා විද්‍යාලෙ ඉදපු ප්‍රින්සිපල්ගෙ ගෙදරට......"

" ආ..... දේවසිරි මහත්තයලෑ ගෙදර ..... වැව පාස් කරල ගිහින් ඕනෙ කෙනෙක්ගෙන් අහන්නකෝ .... ඔය ගේ ගැන නම් නොදන්න කෙනෙක් නෑ ....... දේවසිරි මහත්තයව නොදන්නව උනත් එයාගෙ පුතාව නම් නොදන්න කෙනෙක් නැතුව ඇති....."

" ඒක නෙමෙයි අංකල්....අංකල් මොකද්ද සපුගස්කන්ද ගමේ තියෙන අවුල..... මන් සෑහෙන කටකතා අහල තියෙනව ඒ ගැන....."

" දැන් මහත්තයා කිව්වෙ කටකතා අහගෙන නෙමෙයි ආවෙ කියල ..."

" ආහ්.... නැහැ ඇත්තටම කටකතා නිසා ආව ගමනක් නෙමෙයි.... මන් එන්න කලින් පොඩ්ඩක් හොයල බලද්දි යූ ටියුබ් වල එහෙම අමුතු අමුතු දේවල් කීපයක් තිබ්බා...ඒකයි බැලුවෙ.."

" මහත්තයා ඇත්තටම ඔය ගමට යන්නෙ මොන අරමුණකින්ද කියල මම නම් දන්නෑ මහත්තයෝ....හැබැයි මන් මේ කියන්ඩෙ මහත්තයා පිටගං කාරයෙක් නිසා ..... ඔය ගම පාස් කොරගෙන යන්ඩ ගියත් ඔය ගමේ නැවතිලා ඉන්ඩ නම් ලේසියෙන් දන්න එකෙක් යන්ඩෙ නෑ මහත්තයෝ..... ඔය ගමේ ජීවත් වෙන්නේ මහා අමුතු මිනිස්සු..... අපේ අම්මලා ඒම නම් කියන්නේ ඒකුන්ට දරුණු සාපයක් වැදිලා කියල..... ඕවා ගැන අපි නම් දන්නෑ මහත්තයෝ....අපි බෞද්ධ ආගම අදහන මිනිස්සු...... "

" සාපයක් ?"

" ඔව්.... ඔය ගමේ මිනිස්සු හරි විකාරයි..... පෝය දාට මුළු ගමම අතුරුදහන් වෙනව කියල කියන්ඩෙ.... හරියටම දන්නෑ..... කොහොම උනත් මහත්තයෝ ඔය ගම ඇතුලෙ පන්සලක් තියා පල්ලියක් වත් හොයාගන්ඩ නෑ..... ඒකුන් අදහන්නෙ මොනවද කියල වත් අපි දන්නැ...."

" දේවාලයක් තීන්නෙ ඒකට වෙන්නැති...."

" අපි නන් දන්නැ මහත්තයො...හැබැයි දන්න එකෙක් නම් ඔය ගමෙන් කසාදයක් වත් කොරගන්නෑ.... කොටින්ම ගෑණියෙක් වත් ගේන්නෑ ඔය ගමෙන්...."

මන් ඒ අංකල්ගෙ මූණ දිහා බලන් ඉදියේ ඒ අංකල් යන්න නැගිටිද්දි.....

" මහත්තයත් පරිස්සමෙන්..... ඔය ගමට  ගිහින් එන්න යන්නෙ එහෙමත්ම මනුස්සයෙක් තමයි ...."

හිනාවෙවී කිව්ව අංකල් යන්න ගියාම මන් කල්පනා කලේ ඇත්තටම ඔය දේවාලෙ ගැන හොයන්න ගත්ත එක මම කරපු හොදම වැඩක් කියල හිතන ගමන්.....

ඔව්වා කටකතා විතරයි ..... යූටියුබ් කාරයොත් වීව්ස් ගන්න දගලනව..........

වාහනේට නැගල වාහනේ ස්ටාර්ට් කරන් මන් වැව් බන්ට් එක දිගේ වාහනේ අරන් ගියා..... එතන පෙට්ටි කඩේ ඉදන් සෑහෙන දුරක් බන්ට් එක දිගේ වැටෙනව.....ආසන්න වශයෙන් කිලෝමීටර් දෙකක් වත්..... මොකද බන්ට් එකේ එහා කොනට බන්ට් එකේ මෙහා කොන පේන්නෙ නැතිම තරම්.....

බන්ට් එකෙන් එගොඩ උන ගමන් තිබ්බෙ ප්‍රාදේශීය රෝහල.....ඒකත් ටිකක් පරණ තාලෙ ගොඩනැගිලි කීපයක් එක්ක තමයි තිබුනෙ......

එතනින් හන්දියක් වගේ එකක් ළගට ඇවිත් මන් පාරෙ අයිනට කරල වාහනේ නැවැත්තුවෙ මන් කන්ටැක් කරගත්ත මහ විද්‍යාලෙ ප්‍රින්සිසිපල් මට වට්සැප් කරපු එඩ්‍රස් එක දිහා බලාගෙන......

ම්ම්ම්.......

" එක්ස්කියුස් මී...."

හංදියෙන් යමින් උන්න පිරිමි කෙනෙක්ට මන් කතා කලත් එයා හරිම සාමාන්‍ය විදියට මන් දිහා බැලුවා....අර මනුස්සය කියපු කතාවෙන් මන් ඒත් හිතුවෙ මේ මිනිස්සු යක්කු වගේ දැයි කියල ..... මොන පිස්සුද..... ඔය ඉන්නෙ යස අගේට.....ඒ මිනිහට පිස්සු......

" මහ විද්‍යාලෙ හිටපු ප්‍රින්සිසිපල්ගෙ ගෙදරට යන්නෙ කොහොමද ?"

" දේවසිරි මහත්තය ගැනද ඇහැව්වෙ  ?"

" ඔව් ඔව්..."

" මේ පාරෙ දිගටම ගිහින් ඇළ ලගින් වමට හැරෙන්ඩ මහත්තයො...... ඒ පාරෙ කෙලවරේම ගෙ......පරණ තාලෙ ගෙයක්.... මහත්තයට අදුගන්න පුලුවන් ....."

" ආහ් හරි තැන්ක්ස්...."

මන් ආයෙ ඇවිත් වාහනේට නැගල ඒ මනුස්සය කියපු පාර දිගේ වාහනේ ගෙනිච්චා..... කිව්වත් වගේ අර ගේ හොයාගන්න මට පුලුවන් වෙද්දි මන් ඇරල තිබුන ගේට් එකෙන් ඇතුළට වාහනේ දැම්මා...... ගේට් එක ළග ඉදන් බොරළු අතුරපු මිදුල දිගේ වාහනේ ගෙනිහින් රවුමට හදල තිබුන රත් මල් ගස් පාත්තිය ලගින් මන් වාහනේ නැවැත්තුවෙ වටපිට බලන ගමන්.....

හරි ශෝක් පැත්ත කියල හිතුනා මට..... ගේ වටේට උස ගස් එක්ක .....ම්ම්.... හැබැයි ගේ නම් තීන්නෙ හරි හුදකලාවේ කියල හිතුනා......

මන් වාහනෙන් බහිද්දිම ගෙදර ඉස්සරහ  වැරැන්ඩා එකේ සරමක් ඇදගත්ත අපෙ තාත්තිලගෙ වයස් වල මනුස්සයෙක් හිටගෙන ඉදියෙ මන් දිහා මහා අමුතුවට බලාගෙන...... ඊට පිටිපස්සෙන් එයාගෙ නෝනා හාමු කියන්න පුලුවන් ගැහැණු කෙනෙකුත් ඉදියා.....

ඒ ගෙදර පරණ තාලෙ ගෙයක්....ගේ ඉස්සරහ දැල් දැල් වගේ ගහල ඒක හරි ලස්සනයි ......

" මේ ශනුක ළමයද  එතකොට ?"

මන් එතනට යනවත් එක්කම ඒ අංකල් ඇහුවෙ ගැඹුරු වොයිස් එකකින්.....ඒක කොච්චර ගැඹුරුද කිව්වොත් මට හිතුනා රිසර්ච් එක නවත්තල ආයෙ කොළඹටම යන්න.....

" ඔව්...මම ශනුක අරුණෝද්‍ය ඒකනායක.... ගෙවල් කලම්බු වල...."

" ම්...... කැලුම් මහත්තය කියෙව්වා මට.... ඇතුළට ආවා නන් ?"

ඒ මනුස්සය එහෙම කියල ගෙදර ඉස්තෝප්පුවෙන් ඉදගත්තෙ මන් ඒ ගැහැණු කෙනාටත් හිනාවක් දීලා එතන තිබුන පුටුවක ඉදගනිද්දි...දැක්කම බයත් හිතෙනව ..... ඒක නම් ගමේ අවුලක් නෙමෙයි මේ මිනිස්සුන්ගෙ හැටියක්ද කොහෙද.... හිනා උනාට හිනාවුනෙත් නැ......

මන් පුටුවකින් ඉදගත්තෙ එ ගැහැණු කෙනා උනත් හරීම ලස්සන ප්‍රියමනාප මුහුණකින් මන් දිහා බලාන ඉද්දි..... ඒ මුහුනෙ ප්‍රියමනාප බව දැක්කම මට  කලා වැවට පනින්න හිතෙනව.....

" ඔය ළමයා එහෙන් කීයටද ආවෙ ?"

" පාන්දරම ආවා අංකල්....ට්‍රැෆික් සෙට් වෙන්න කලින් කොළඹින් පැනගන්න එපැයි......"

" පාන්දර කියෙව්වෙ ?"

" පහට විතර අංකල් ....."

" ඔය ළමයා කොළඹ කැම්පස් එකෙද ?"

" ඔව්...."

" මෙහෙ මක්කෙයි කරන්ඩෙ ?"

" ම්ම්.....පොඩි සමීක්ෂණයක් වගේ එකක්......පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව එක්ක එකතු වෙලා මගේ රිසර්ච් එකකට පොඩි තොරතුරු වගයක් ගන්න ආවෙ....."

නඩුකාර උන්න්නාන්සෙ වගේනෙ....මාව හොරෙක් වගේ පේනවද ?අර ගැහැණු කෙනත් බලපු ගමන් රවනව....

" ඔය ළමයා කොළඹ කොහෙද කියෙව්වෙ  ?"

" ආහ්.....කොළඹ කොහෙවත් කියෙව්වෙ නෑ "

නඩුකාර උනන්නාන්සේ මන් දිහා බැලුවෙ බොහොම බැරෑරුම්ව....

" මන් ඇහැව්වෙ ඔය ළමයා කොළඹ කොහේ කියල ?"

" ආ.....ම්ම් කොළඹ තැන කිව්වොත් හරියටම ගංගාරාමෙ හරියෙ.....ගංගාරාමෙ දන්නවනේ අංකල්.... එතනින්  රාමනායක රෝඩ් එකේ...."

" ඔය ළමයගෙ අම්මා අප්පච්චී ?"

" ආහ්......අම්මා....මගෙ අම්මා ටීචර් කෙනෙක්..... තාත්තා නම් පොඩි බිස්නස් එකක් කරගෙන යනව.... "

" මොන බිස්නස් එකක්ද ?"

" මේ...වාහන ....අරගෙන..විකුණනව..."

මන් කිව්වෙ අංකල් ඒ පාර මන් දිහා බලද්දි....

" අපි මේ ගෙදර මීට කලින් නම් කාටවත් කුලියට දීලා නෑ....."

" ආහ් එහෙමද ?"

" කැලුම් මහත්තය ඉල්ලපු නිසයි ඔය ළමයව මෙහෙ නවත්තගන්ඩෙ.... මහත්තයට කන්ඩ බොන්ඩ දෙන්ඩ නම් අපිට බෑ එව්වා මහත්තයම කරගන්ඩ එකයි ඇත්තෙ......"

හපොව්....!

" ආ ඒක ප්‍රශ්නයක් නැ අංකල්....."

" මේ ළමයට යතුර දුන්න නන් ?"

පිටිපස්සෙ ඉදිය ගැහැණු කෙනා  දිහා බලලා කිව්ව අංකල් මන් දිහා උඩ ඉදන් යටටම බැල්මක් දැම්මෙ ඇග කිලි පොලා යන්න.....

අර ගැහැණු කෙනා ඇවිත් යතුර මගේ අතට දීලා උළුවස්සට හේත්තු උන...

" ගැහැණු ළමිස්සියො ඉන්න ගේක පිටස්තරයොන්ව ගෙට වද්දගන්න සිරිතක් අපේ නම් නැ..... ඒ නිසා ළමයට ඉස්සරහ පිට කාමරේ තමයි දෙන්ඩ වෙන්නේ...."

" ආහ් ප්‍රශ්නයක් නැ අංකල්..."

වැඩේමයි ළමිස්සියො උස්සන් යන්න මට......

" ඒ කාමරේට දොරවල් දෙකක් තියෙනව.... එක දොරක් මෙතනට ඇරෙව්වට අපි ඒ දොර ලොක් කරල වහල දාලා තියෙව්වෙ....මහත්තයට යන්ඩ එන්ඩ වෙන්නේ අනික් පැත්තෙ දොරෙන්...."

මන් ඔළුව වැනුවා..... ඒ ගෙදර තනිකරම පරණ තාලෙ ගෙයක්....ඉස්සරහ පිට කාමරයක් එක්ක....මන් ඉදගෙන ඉදිය හරියෙන් දොර පෙනුනා ඒ කාමරේට..ඒත් ඒ දොර වහලාදාලා කියල කියන්නෙ..ඇයිද දන්නෑ.....

" ඔහෝම ගියාම එළියෙන් කාමරේ දොර පෙනෙයි ළමයට.... ඒ පැත්තෙම තමයි දොට්ට පිලට යාගන්ඩ ලැට් එක තින්ඩෙ..... එතනම නාගන්ඩ ෂවර් එකත් ඇති.... "

" හරි අංකල්..... ගොඩක් තෑන්ක්ස්..."

මිනීමරුවෙන් ගෙට ආව ගානට මන් දිහා බලපු ගැහැනු කෙනා ගෙට යන්න ගියේ ඒ අංකලුත් නැගිටල ගෙට යන්න හදද්දි....

මෙතන ඉදන් ඉදල තේරුමක් නැති නිසා යතුර අතට අරගෙන මන් යන්න නැගිට්ටත් යන්න ගිය අංකල් ආයෙ මන් දිහා බැලුව....එයාගෙ ඇස් කෙලින්ම මගේ ගෙල ළග නතර වෙද්දි මමත් බෙල්ල පහත් කරල ගෙල දිහා බැලුවා....

" ඔය ළමයා ආගමේද?"

" ආහ්....ඔව් මන් කැතලික්...."

අමුතු විදියට මන් දිහා බලලා එයා ඇතුළට ගියේ මන් ඔළුවත් කහ කහ යතුර අරගෙන ඒඅංකල් අත දික් කරපු ගෙදර දකුණු පැත්තට යද්දි...

අච්චර ඉස්සරහ දොර තිබිලත් මේ මිනිහ මාව වටේ යවන හැටි...!

ගෙදර දකුණු පැත්තට ගියාම තදරතුගාපු පඩිය එක්ක තිබුනෙ පිට කාමරේ අනික් දොර.....එතන ගෙයින් පිට තිබුනට හරි නිදහස් කියල හිතුනා මට..... මොකද ඒ පැත්තෙ කෙලින්ම දිගටම තිබුනේ මේ ගෙදර බිත්තිය සහ ජනෙල් දෙකක් විතරයි ....ඒකියන්නෙ මේ පැත්තට වැඩිය ගෙදර ළමිස්සියො එන එකක් නැ....

ගෙදර වත්ත නම් හරිම පිරිසිදුයි.....බිමට බොරළු දාලා හරි ලස්සනට හදල තිබුනා..... එතන මගේ කාමරේ පැත්තට වාහනේ උනත් ගේන්න තරම් ඉඩකඩ තිබුනා...... කොහොමහරි කාමරෙන් පිට තිබුනෙ ටිකක් පොඩි කැලයක් .....

කාමරේ දොර ඇරගෙන මන් ඇතුළට ආවෙ වටපිට බලමින්......

විශාල කාමරයක්....කොහොමත් පරණ ගෙවල් වල කාමර හදන්නෙ එහෙමනේ.....උළු අතුරපු වහලය එක්ක සිසිල් කියල හිතුනා මට.....

මන් කාමරේට ඇවිත් මුලින්ම කාමරේ ජනේලේ ඇරියා....ජනේලේ විවර උනේ ගෙදර ඉදිරි පැත්තට.... එතනට පෙනුනෙම අඹ ගෙඩි පිරිලා තිබ්බ අඹ ගහක්....එතන යට බංකුවක් ගහල බිමට උදුපියලිය වගේ ජාතියක් වවල තිබුනා.....ඒ වත්තම හරි ලස්සනයි .....එකේක ජාතියේ මල් වර්ග පිපිලා ගැහැණු ළමයි ඉන්නව කියපු ගෙයක් නිසා වෙන්න ඇති.....

කාමරේ ඇතුළට හරිම සිසිල් හුලගක් හමාගෙන එද්දි මන් කමරේ දිහා බැලුවා.....

ඇදක් , හිස් අල්මාරියක් මේස දෙකක් පුටුවක් වගේ තිබුනා..... මන් කොහොමත් එකේක වැඩ වලට සෑහෙන ගෙදරින් පිට ඉදල තිය්‍ර්නව මතක ඇති කාලෙක ඉදන්....ඒ නිසාම මන් ළග අත්‍යවශ්‍යම වෙන දේවල් කීපයක්ම තියෙනව ඔහොම රිසර්ච් වලට යද්දි අරගෙන යන්න.... ඒත් ගිය පාර රාවණාගෙ රිසර්ච් එකේදි නම් මන් නැවතිලා ඉදියෙ හරිම කරුණාවන්ත ආච්චි අම්මා කෙනෙක්ගෙ ගෙදර ..... මට තේ එකේ ඉදන් බත් එක වෙනකන්ම ඒ මනුස්සය හදල දෙනව.... ඒකට මුන්....තේ ඔන්නෑ හිනාවෙයංකො මූණ බලලා.....

එව්ව්ව්......

කාර් එක ගෙනත් ඉස්සරහෙන් නවත්තල මගේ බඩු සේරම මන් ගෙනත් කාමරේට අඩුක් කලා..... රෙදි , පොත් පත් අනම් මනම් වලට අමතරව මන් ළග මිනි ෆ්‍රිජ් එකකුයි පොඩි ගෑස් ලිපක් එක්ක සිලින්ඩර් එකක් තිබුනා....

උයාගෙන....ම කනව කියල හිතාගෙන ආපු ගමනක් නෙමෙයි...ඒත් අඩුම වතුර එකක් හරි රත් කරගන්න පුලුවන් නේ....

සේරම කරල කාමරේ පිළිවක් කරගෙන ඉවර වෙද්දි ටිකක් හවස් වෙලා තිබුනා.... ඊට පස්සෙ ඒ පැත්තෙම තිබුන  එළියෙ වොශෲම් එකට ගිහින් මන් නාගෙන කාමරේ දොරත් වහගෙන ඇදට වැටුනා....

උදේ ඉදන් වාහනේ ඇවිත් කොන්දත් එක්ක ලෙප්ට් වෙලා තිබුනේ...ඇස් පියාගන්න පමාවට මට නින්දක් ඇල්ලුව වෙද්දි ආයෙ මන් ඇහැරුනේ ෆෝන් එකට කැලුම් සර්ගෙන් ආව කෝල් එකකින්....

කැලුම් සර් කියන්නෙ සපුගස්කන්ද මහ විද්‍යාලෙ දැන් ප්‍රින්සිසිපල් .....දන්න තරමින් එයා මාත් එක්ක සමීක්ෂණ වලට සපෝර්ට් කරන ප්‍රොෆෙසර් කෙනෙක්ගෙ ඥාති පුතෙක්..... එයා තමයි මට මෙතන කන්ටැක් කරල මාස දෙක ඉන්න හිටින්න හදල දුන්නෙ....

එයා නම් සෑහෙන්න සපෝර්ටිව් කියල මට හිතුනෙ හෙටම එයාව මුණ ගැහෙන්න ඉස්කෝලෙ පැත්තෙ ඇවිත් යන්න කියලත් කිව්ව නිසා.... 

කොහොමත් මගේ රිසර්ච් එක පොඩ්ඩක් බැරෑරුම් ගනයේ එකක් නිසා පාසලක් එක්ක සම්බන්ධතා තියාගන්න එක වටිනව ...

කෝල් එක කට් වෙන්න ඇරල මන් ඈනුමක් හැරියේ ඇදෙන් ඉදගන්න ගමන්....

කාමරේ තිබුන අල්මාරියේ පොඩි මිරර් එකෙන් මට මගේ ප්‍රතිභිභය පෙනෙද්දි මන් කොණ්ඩෙ පොඩ්ඩක් අවුල් කරගත්තා......

අවුලක් නැ....කොල්ලගෙ මූණ දැක්කම ඕනෙ කෙනෙක් ආකර්ෂණය වෙනව.... මේ අවුරුදු ගානටම මට ගර්ල් ෆ්‍රෙන්ඩ් කෙනෙක් නෑ කිව්වොත් නම් බොරුවක්.... අතේ ඇගිලි ගානට මට අෆෙයාර්ස් තිබුනා ස්කෝලෙ කාලේ....ඒත් ස්කූල් අවුට් උනාට පස්සෙ මොකද්ද උනේ කියල හිතාගන්න බෑ....ලව් නොකරන්න ඕනෙ කාලෙ කලා.....කරන්න ඕනෙ කාලේ පොල් ගෑවා වගේ එකක් තමයි දැන් හිතෙන්නේ....

අපෙ අම්මා නම් කියන්නෙ මට ජිවිතේ බරක් පතලක් නෑ කියල ..ඒ කතාවෙ වැරැද්දක් නැහැ..... රත්තරන් හැන්ද කටේ තියන් ඉපදුණු මට සල්ලි හම්බ කරන්න ඕනේ , අරක කරන්න ඔනේ මේක කරන්න ඕනේ කියල ටාගට් එකක් තිබුනෙ නැති තරම්...... ඉපදුන දවසෙ ඉදන් පිටරට හැදුනු වැඩුණු මම ලංකාවට ආවෙ අවුරුදු දහතුනේදි..... ඊට පස්සෙ ලංකාවෙ ස්කෝලෙකට ගිහින් එතනින් ඉගෙන ගෙන ඉස්සරහට යද්දි තමයි මට ශ්‍රී ලංකා ඉතිහාසය කියන සබ්ජෙක්ට් එක ගැන ආස හිතුනේ...   එතන ඉදන් මන් හරිම ආසාවෙන් ඒ ගැන ඉගෙන ගත්තා කිව්වොත් හරි ....ඒක ලේසියෙන් කෙනෙක් කැමති නොවෙන ෆීල්ඩ් එකක්....

මගේ පවුලෙ ඉදියෙ අම්මයි තාත්තයි මගේ ටුවින් අක්කයි මට වඩා අවුරුදු පහක් වැඩිමහල් අයියයි විතරයි ...අයියා බැදල එයාට බබාලා දෙන්නෙක්ම ඉදියා.... මට වයස දහතුනේදි අපි ලංකාවට ආවට ආයෙ වයස දහ අට වගේ වෙද්දි අපේ ෆැමිලි එකම තීරණය කලා සිඩ්නි  වලට යන්න.... ඒත් එතකොට මන් ඒලේවල්ස් කරන්න යන වයස....

ඉතිහාසය එක්ක ගත්තම එතනින් එහාට ගිහින් පුරාවිද්‍යාව කියන සයිඩ් එකට ඇලුම් කරපු නිසාම මන් ලංකාවෙ නතර වෙන්න තීරණය කලා... ආර්ට් ස්ට්‍රීම් එකෙන් ඒලෙවල්ස් කරල මන් යුනිවර්සිටි සිලෙක්ට් වුනේ ඒ අතරේ...ලංකාවෙ ඉදිය මුල් කාලෙ මන් ඉදියෙ කදානෙ ග්‍රෑන්ඩ් මමාලගෙ ගෙදර ....මගේ ආච්චි අම්මා.....!! එයා හිටපු ප්‍රින්සිපල් කෙනෙක්.... අවුරුදු ගානක් එයා එක්ක ඉදල පස්සෙ මම යුනිවර්සිටි සිලෙක්ට් උනාට පස්සෙ අපේ ෆැමිලි එක ලංකාවෙන් යන්න කලින්  තිබුන ගෙදරටම මූව් වුනා.... ෆැමිලි එකේ අය ඉදල හිටල ලංකාවට ඇවිත් යනව එනව..ඒ ඇරෙන්න ගත්තම එයාලාව බලන්න මමත් පිටරට යන අවස්තා තිබුනා....

යුනිවර්සිටි ගියාට පස්සෙ එදා ඉදන් ඩිග්‍රි එක කරගෙන යන ගමන් ඩිග්‍රි එකට අමතරව කරන්න තියෙන හැම වැඩක්ම මන් කලා..... කොටින්ම සමහර සබ්ජෙක්ට්ස් මන් රිපිට්.... එච්චරටම මන් යුනිවර්සිටි එකේ කලේ බාහිර වැඩ.... බාහිර වැඩ වලටත් වඩා මන් කලේ මට ඕනේ වැඩ.... ඒ වැඩ මොන තරම් පුංචි ද කිව්වොත් දැන් ලංකාවෙ පුරාවිද්‍යා ඩිපාර්ට්මන්ට් එකේ මාව නොදන්න කෙනෙක් නැතිම තරම්....

කොටින්ම මන් කලේම අදාලම නැති දේවල්......හරි නිදහසේ මන් ජීවත් උනේ....ඉල්ලන පමාවට දාහක්ද දෙදාහක්ද පන්දාහක්ද ඕනෙ ගානක් මගේ අකවුන්ට් එකට වැටුනා....  ශ්‍රී ලංකන් එයාර් ලයින් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියාගෙ පුතා විදියට මන් ගත කලේ ධනපති ඒත් නිදහස් වටින  ජිවිතයක්...... තාත්තගෙන් පස්සෙ එයාගෙ තැන භාරගන්න එයා හදපු කම්පැනි එක ඉස්සරහට අරගෙන යන්න වගකීම මට තිබුනට මන් දැන් ගත කලේ නිදහස් ජිවිතයක්.....

මගේ අයියා ඉලෙක්ට්‍රොනික් ඉංජිනියර් කෙනෙක්..... මගේ.....ම කියල කිව්වට එයා අපෙ ෆැමිලි එකේ හදාගන්න ගත්ත කෙනෙක්...... අම්මටයි තාත්තටයි මුලින් දරුවො ඉදල නැහැ...ඒ නිසා තාත්තගෙ මල්ලි , බාප්පා එයාලගෙ දරුවෙක් හදාගන්න අම්මටයි තාත්තටයි දීලා තිබුනා... එතනින් අවුරුදු පහකට  පස්සෙ තමයි අම්මි ප්‍රෙග්නට් වෙලා තියෙන්නේ.... ඒ නිසා තමයි කම්පැනි එකේ මීලග උරුමය මම උනේ......  අයියා බැදල අක්කයි බබාලයි එක්ක කලින් ඉදන්ම ඉදියෙ ඔසී වල.....

මගේ ට්වින් අක්කාත් මන් වගේම යුනිවර්සිටි ස්ටුඩන්ට් කෙනෙක්..... එයා ඩේටා සයන්ස් , සයිබර් සෙකියුරටි ෆීල්ඩ් ගැන ඉගෙන ගන්නව....

අම්ම් දැන් සාමාන්‍ය විදියට ගෙදරට වෙලා ඉදියට එයාත් එයාර්  ක්‍රාෆ්ට් ඉංජිනියර් කෙනෙක්... එතනින් තමයි අම්මිගෙයි තාත්තිගෙයි කතාව පටන් අරගෙන තිබුනෙත්......

පවුලෙන් ටිකක් සෙල්ලක්කාර විදියට හැදෙන්නේ මම උනාට තව අවුරුද්දකින් දෙකකින් මට මේ සේරම අත් හැරල ඒ දේවල් වැළදගන්න වෙනව කියල මන් දන්නව..... සෙල්ලක්කාර උනාට මන් නාස්තිකාරයෙක් උනේ නම් නෑ....

පොඩි කාලෙ ඉදන්ම මන් ටිකක් ෆැශනබල් කෙනෙක්..... ඒ නිසාම මගේ පෙනුම ගත්තොත් සෙල්ලක්කාරයි...ඒත් මන් සංයමයක් තියෙන මනුස්සයෙක්.... කියන තරන් සෙල්ලක්කාරත් නෑ.... නැත්තෙත් නෑ......

මට තිබුනේ සාමාන්‍ය දුඹුරු පාට ඇස් දෙකක්.... දිග ඇහිබැමි එක්ක දිග ඇස් පිහාටු...ස්කෝලෙ කාලෙ ගැහැණු ළමයි මට කිව්වෙ මෝචි කියල ...ඒකේ තේරුම නම් මම දන්නෑ... එයාලා කියන විදියට මට තිබුනෙ බෝල කම්මුල් දෙකක්... ඒකට හේතුව මම ජබ්බා වගේ මහත වුන එක..එව්ව්ව් ..... දැන් දැන් ඇග මේන් ටේන් කරල තිබුන නිසා ඇග එහෙම නියමෙට තිබුනත් කම්මුල් නම් තවම ඒ වගේ තමයි .... ආහ් හිනාවෙද්දි කම්මුල් දෙපැත්තෙන් වලවල්  දෙකකුත් හැදෙනව.... ඒ නිසා කැම්පස් එකේදි කාඩ් එක වැටුනෙ ඩිම්පලේ කියල.... මට තිබුනෙ සුදු හමක් ..... කළු පාට කොණ්ඩෙ තැනින් තැනින් පොඩ්ඩක් කලර් කරල තිබුනා....මෙරුන් පාටෙන්....කනක් ෆියරයිස් කරල තිබුනෙ පොඩි කාලෙමයි..ඒ අතරෙ ඉතිං ගිය අවුරුද්දෙ වගේ ඇහිබැමත් විද්දා .....

සමහර විට අර නාකි ජෝඩුව මට එච්චර හොද බැල්මක් නොදෙන්නත් ඇත්තෙ මගේ මූණ දැක්කම වෙන්නත් ඇති.....කුඩුකාරයෙක් කියල හිතුවද දන්නැ....

Cudu නම් ගහන්නෑ nandammee ....!

මන් කොණ්ඩෙ අතින් උඩට කරල හදාගනිමින් ඇදෙන් බැස්සෙ වතුර බෝතලේ අතට අරගෙන..... වෙලාව හවස හතරට විතර ඇති..... මන් එද්දිම බිස්කට් අනම් මනම් ජාති අරගෙන ඇවිත් තිබුන නිසා රෑට කන්න ලොකු දෙයක් ඕනෙ නෑ කියල හිතුනා...... වතුර උගුරක් බිබීම මන් ජනේලේ ළගින් හිටගත්තෙ එළිය බලාගෙන......

ජනේලේ ළගට පෙනුන අඹ ගහ යට කෙනෙක් ඉදගෙන ඉන්නව මන් දකිද්දි මන් උවමනාවෙන් ඒ දිහා බලන් ඉදියා....

" ළමිස්සියො විතරක් නෙමේ අංකල්ට නාඹරයොත් ඉන්නව වගේ..."

මන් හිතුවෙ අඹ ගහ යට ඉදගෙන පොතක් කියවමින් උන්න රුව දිහා බලාගෙන..... නහය දිගේ ලිස්සල ආව ස්පෙක්ස් දෙක උඩට කරගනිමින් තමන්ගෙම ලෝකෙක ඉදන් ඔහු පොතේ ගිලිලා ඉදියේ මන් පොරගේ මූණ දිහා බලන් ඉද්දි.....

අර නඩුකාර උන්නනසේගේ පුතා වෙන්න ඇති....

කියන්න බෑ හැබැයි බැණෙක් වත්ද දන්නැ...

හරි අහිංසක පාටයි..... හැබැයි සැගවුනු නපුරුකමක් තියෙනව ඒ ඇස් වල.... බැලූ බැල්මට කියන්න පුලුවන් .....

මන් වතුර උගුරක් බිලා ඉවර වෙලා මූඩිය වහල බෝතලේ පැත්තකින් තියල ආයෙ ඒ දිහා බලද්දිම මන් දැක්කා කන්නාඩි දාපු නිල් පාට ඇස් දෙකක් මන් දිහා බලන් ඉදියා...

ඒ ළමයට තිබුනෙ නිල් ඇස්.... හරියට වතුර පුරවපු ග්ලාස් එකක් වගේ...

කොල්ලෙක්ට කොල්ලෙක් එක්ක ෆ්‍රෙන්ඩ්ලි වෙන්න මහ ලොකු වෙලාවක් ඕනෙ නෑ මහ ලොකු කාලයක් ඕනෙ නෑ....හේයි බ්‍රෝ කිව්ව ගමන් නතින්ග්.....බට් මේ කොල්ලා නම් ඒ ජාතිය නෙමෙයි කියල මට හිතුනෙ මන් දිහා බලන් ඉදල ආයෙ පොතට ඇස් යොමාගත්ත බැල්මෙන්මයි....

එයා පොත් කියවන කෙනෙක්......!

ආශ්‍රය කරන්න දෙපාරක් හිතන්නම ඕනේ.....!

මොකද එයාලාගෙ සිතීමේ පරාසය ගොඩක් පුළුල්.....

.
.
.
.
.
.
.
.
.
.
.
.
🔆 බායි.....අවුරුදු තෑගි.....

🔆 හේ හේ කතා දහයක් විතර දාලා අන්තිමට ලියන්න එකක් තෝරගන්න මම... දැන් මට බනින්න එපා.....

🔆 නිකේත් × ඒඩන් එක ශෝර්ට් ස්ටෝරි ගනයේ එකක්.... ඒක ඉස්සරහට දෙන්නම්....මේක තමයි ඊළගට මම දෙන ලෝන්ග් ස්ටෝරි එක..මේ අනික් ස්ටෝරි ගැන පසුවට බලමු නේද.... 😶

🔆 මේක කොටස් කීපයක කතාවක් බුබීස්..... ටිකක් සංකීර්ණ ප්ලොට් එකක් වේවි.... මන් සෑහෙන උත්සහ කරනව චරිත වලට බාධා නොවෙන්න මේක ලියන්න.........

Continue Reading

You'll Also Like

27.1K 4.2K 32
"ហង្សមែនទេ?​ត្រឹមតែមួយប៉ប្រិចភ្នែកយើងនឹងធ្វើអោយហង្សមួយនោះបាក់ស្លាប ហើយហង្សដ៍ស្រស់ស្អាតនោះត្រូវស្ថិតក្នុងកម្មសិទ្ធយើងម្នាក់គត់"ជុងហ្គុក "យើងដឹងពីអ្វីទ...
7.3K 1.6K 10
මේ ලෝකේ මන් දැක්ක ලස්සනම ආදරය... ඒ වගේම මගේ ජීවිතේ මට ඉන්න මගෙම සහෝදරයෝ දෙන්නා... මේ එයාලගේ ආදර කතාව කෙටියෙන්.... මම ෆැනි 🤓
8K 1.1K 28
මේක මන් ලිව්ව පලවෙනිම කතාව.. අඩුපාඩු තියෙන්න පුලුවන් ඒවා වැඩිය ගනන් ගන්න එපා..🙊
7K 1K 21
යන්නට නුඹේ සිනහව ළඟ ගිමන්හැර ආයෙත් කපනවා හෙට මං ඩබල් ඉර..!!!!!