My Mafia Man

By Mrs_wang_kavi

15 2 2

Fanfiction Min Yoongi × Girl More

2. he is not okay

1. stranger

11 1 1
By Mrs_wang_kavi

මුළු සෝල් නගරයම වැස්සකට සූදානම් වෙද්දි ජූවොන් ක්ලිනික් එක වහල එලියට බහින්නෙ ගෙදර යන්න බලාගෙන.

ජූවොන් කියන්නෙ සෝල් වල ඩොක්ටර් කෙනෙක්, ප්‍රයිවට් ක්ලිනික් එක්කුත් කෙල්ලට තියනව. ඔම්ම අප්ප දෙන්නම නැති උන ගෑනු ළමයෙක්. ජූවොන් ජීවත් උනේ තනියෙන්. ප්‍රයිවට් ක්ලිනික් එකෙන් පොඩ්ඩක් එහාට වෙන්න තිබ්බ අපාට්මන්ට් එකේ. ඉතින් මහ දුරක් නැති නිසා හැමදාම වැඩ කරන අය යවල අන්තිමට දොරවල් ලොක් කරන්න උනේ කෙල්ලට. අදත් කෙල්ල සේරම ඉවර කල්ලා හිමිං එලියට බැහැල දොරත් ලොක් කරන් යන්න පිටත් උනා. ටිකක් දුර යද්දි එකපාරම තද සීතලකුත් එක්ක ලොකු වැස්සක් පටන්ගත්තෙ ජූවොන්ට කොහාට දුවන්නද කියල හිතාගන්න බැරිවෙද්දි. කෙල්ල එහෙම්ම ඔලුව හැරුන අතේ දුවං යද්දි වතුර විදගෙන ඩිෆෙන්ඩර් එකක් ගිහින් එතන තිබ්බ බිත්තියෙ හැප්පුනේ මඩ වතුරෙන් කෙල්ලව නෑවිල යද්දි.

ආයිශ් මුගෙ හැල්මොනි-දෙවියනේ හැප්පුන නේද!

කෙල්ල තරහ මරහ අමතක කල්ලා වැස්සෙම එතනට ළං වෙලා බැලුව. කාර් එක ඇතුල පේන්නැති වෙන්න වින්ඩෝව් සේරම බ්ලැක් කල්ලා තිබුනා. ඒ අස්සෙන් සද්දෙට ඩිෆෙන්ඩර් එකේ එලාම් එකකුත් වැදෙන්න අරන් තිබුන

අනේ කවුරුත් නැද්ද...ප්ලීස් උදව් කරන්න. කවුරු හරි ඩොක්ට කෙනෙක්ට කතා කරන්න

වැස්ස නිසා කාටවත්ම කෙල්ල කෑගහපු බවක් ඇහුනෙ නෑ. ඒ වගේම දැන් පාරෙ බල්ලෙක්වත් නැති වෙලාව. අනික් කාරනේ තමා කෙල්ලට දැනුයි මතක් උනේ එයා ඩොක්ට කෙනෙක් කියල. කෙල්ල වෙව්ල වෙව්ල වාහනේ අනිත් පැත්තෙ ඩ්‍රයිවින් ඩෝ එක ගාවට ගියා. ඒක යාන්තමට ඇරිල තිබුනෙ වැදුන පාරෙ සැරට. කොහොමහරි ඇදල ඇදල දොර ඇරගත්ත කෙල්ලගෙ ඇඟට ඒ ශීට් එකේ උන්න මනුස්සට වැටුන.

දෙයියනේ මං මොකද කරන්නෙ?

කෙල්ල දහ අතේ කල්පනා කරල හිමීට අර ඇඟට වැටුන මනුස්සයව ශීට් එකට හේත්තු කරා. ඩ්‍රයිවින් ශීට් එකට එහා පැත්තෙ ඉඳපු මනුස්සය ගාඩ් කෙනෙක් වගේ. කෙල්ල හිමිං නහය ගාවට අත තියල නාඩි බැලුවත් ඒ මොකුත් වැඩ නෑ. කෙල්ලට වැඩි වෙලා යන්න කලින් තේරුම් ගියා ඒ කෙනා මැරිල කියල. කෙල්ල ඇඟට වැටුන මනුස්සය බැලුවම ඒ මනුස්සයව ලේ වලින් නෑවිල ගිහින්. එයා ලාවට හුස්ම ගන්නව. වැඩි වෙලාවක් යන්න කලින් කෙල්ලට තේරුනා මෙතන තවත් හිටියොත් මේ මනුස්සයත් මැරෙනව කියල. ජූවෝන් ඉක්මනට වැස්සෙම අර මනුස්සයවත් අරන් අතුරු පාරකට පැනගත්තෙ අනතුරක සේයාවක් ඉව වැටෙද්දි. ඒ එක්කම කෙල්ල දැක්කෙ තව ඩිෆෙන්ඩර් වගයක් එතනට වේගෙන් එනව.

බොස් සුගා පැනගන

එතන උන්න එකෙක් කෑගහල කිව්ව. ඒ එක්කම එතනිං තව එකෙක් එලියට බැස්ස. මැදිවයසෙ පෙනුමක් තිබ්බ මනුස්සය හොඳට වටපිට බලද්දි කෙල්ල සුගාවත් වාරු කරන් තව පොඩ්ඩක් අස්සට උනා. සුගාට හොඳටම අමාරුයි.

ගිනි තියල දාපං ඕකට

අර මිනිස්සු පිටත් වෙනවත් එක්කම කෙල්ල ඉක්මනට එතනිං යන්න ගත්තා. සුගාටත් ඇවිදගන්නවත් පණක් නැතුව කෙල්ල පස්සෙ ඇදිල ආව.

ඉන්න තව චුට්ටයි මං ඔයාව ගෙදර එක්කන් ගිහින් බෙහෙත් දාන්නම්.

සුගාට ඇස් වහගන්න නොදී කෙල්ල දිගටම අමාරුවෙං කතා කර කර සුගාවත් වාරු කරන් ගේ ඇතුලට ඇවිත් සුගාව රූම් එකෙන් තිබ්බා. සිහියක් පතක් නැතුව සුගා අමාරුවට කෙඳිරිගාද්දි කෙල්ල ඉක්මනට දුවල ගිහින් ඕන කරන ගෙදර තිබුන සේරම අරන් ආව. කෙල්ලට දැං සර්ජරි එකක් කරන්න වෙනව. වෙන ලෙඩෙක්ට වගේ සාමාන්‍ය බවක් කෙල්ලට දැනුනෙ නෑ. සුගා අමාරුවෙන් කෙඳිරිගාද්දි කෙල්ලගෙ පපුවෙ පැත්තක් හිරිවැටිල ගියා.

මං ඔයාට සර්ජරි එකක් කරල බුලට්ස් ටික අරන් දාන්නම් හරිද!

සුගාට නෑහුනත් කෙල්ල කියල සුගාගෙ ශර්ට් එක ගැලෙව්ව. බඩ ගාව ඉඳල උරපත්තගාවට වෙනකල් තිබ්බ බ්ලැක් ටැටූ එකයි ගානට වැඩුන ඇඟයි දකිද්දි ආයෙ කෙල්ලගෙ හුස්ම හිර උනා. ඉක්මනට සුගාව පිරිසිදු කරපු කෙල්ල පපුව ගාවින් බැහැල තියන බුලට් එක අරන් දැම්ම, ඒ වගේම බඩෙත්, උරපත්තෙත්.

දෙවියනේ මේ මනුස්සය කවුද

කෙල්ල සුගාව ෆුල් ක්ලීන් කරල ඔලුවටත් බෙහෙත් දාල ඇඳුම් මාරු කරගත්තා. ඒ කරල බඩගින්නට නූඩ්ල්ස් එකකුත් හදන් කාල කල්ලා ආයෙ සුගාව ඇවිත් බලද්දි සුගා කටකට ගාල වෙව්ලනව. කෙල්ල ඉක්මනට ෆෑන් එක ඕෆ් කල්ලා ටිකක් උණුසුම් ශීට් එකක් කබඩ් එකෙන් අරන් සුගාට පෙරෙව්වා. එහෙටවත් මෙහෙටවත් හැරෙන්නැතුව සුගා ඔහේ නිදාගෙන අමාරුවෙන් හුස්ම ගද්දි ජූවොන් සුගාගෙ සුදුපාටින් කලර් කරල තිබ්බ කොණ්ඩෙ දිගේ ඇඟිලි යවනගමන් කල්පනාවකට වැටුන. කෙල්ල දැක්කෙ කෙල්ල අරන් තිබ්බ සුගාගෙ පර්ස් එක. ඒක ඇරල අයි ඩී එක බැලුව.

"Min yoongi"

කවුරු වෙන්න ඇතිද මේ මනුස්සය, වාහනෙත් ගිනි තියල යන්න තරම්. අනික ඇයි මට හිතට මෙච්චර ළඟ බවක් දැනෙන්නෙ?

සුගාගෙ කෙස් අතරින් ඇඟිලි යවන ගමන් කෙල්ල පර්ස් එක පැත්තකින් තියල කල්පනා කලා





~

හායි ළමයි අර සුගාගෙ කලින් ලියන් ආව එක සෙට් නෑ අනේ. අයින් කල්ලා දැම්ම. මේක දෙන්නම්. දැන් fanfiction වලට nonfiction ෆෑන්ල රිපෝට් ගහනව කියන්නෙ ඇත්තක්ද?

Continue Reading

You'll Also Like

1.9K 356 11
ඉතා අෑත අතීතයේ බෙක්දු කන්දේ වාසය කලා දරැණු යක්ෂයෙක්....එ් මුහුණ දුටු කිසි කෙනෙක් නැවත හුස්ම ගත්තෙ නෑ. එහෙනං එ්ක නිකංම හීනයක් නෙවෙයි.... කලින් මා පැ...
210K 4.4K 47
"You brush past me in the hallway And you don't think I can see ya, do ya? I've been watchin' you for ages And I spend my time tryin' not to feel it"...
2.8K 472 31
ආදරේ කියා පෑවත් බිදෙන හිත්නම් කොතෙකුත් ඇතිද නොකියා කරන මේ ආදරේ ට මොනවා නන් වෙන්න බැයිද සීනිබෝලෙට මන් තරම් වෙන ආදරේ වෙන කෙනෙක් ඉන්නවා ද අසම්මතයක් වී ද...
795K 29.6K 105
The story is about the little girl who has 7 older brothers, honestly, 7 overprotective brothers!! It's a series by the way!!! 😂💜 my first fanfic...