"Prithvi... තමුසේ කොහොමද මෙහෙට ආවේ...!!"
"ස්-සොරි-සොරි සැගා අ-යියේ මේ වැරදි-ලා....
"වැරදිලා...? වට්..?
මන් ඇවිල්ලා තියෙන්නේ වැරදි රූම් එක්කට... දෙයියනේ කවුරුත් නෙවේ හිටියේ සැගා අයියා... සුදු දෙමළා... එයා ලොකු ග්ලාස් වින්ඩෝ එකක් ඇරගෙන එකෙන් එලියට අත් දෙකත් දාගෙන ෂර්ට් එකක්වත් නැතුව සිගරට් එකක් බොනවා.. මීට වැඩිය හොදයි මාව මී කතුරකට අහු උනානම්.. ඇග පුරාම ටැටූස්.. මන් කවදාවත් හිතුවේ නෑ අපේ කැම්පස් එකේ මෙහෙම ටැටූ ගහන් ඉන්න කෙනෙක් ඉදී කියලා.. ඒවා එලියට පේන ටැටූස් නෙවේ.. ඇරත් මන් මේ මනුස්සයව කාලෙකින් දැක්කමද කොහෙද.. මතක විදිහට අන්තිමට දැක්කේ exhibition එක ඉවර වෙලා ආෆ්ටර් පාර්ටි එකේදි... අඩුම එක්සෑම් ලියන්න ඇවිත් ඉන්නවත් දැක්කේ නෑ.. අදනම් මට රජ කෑමක් හම්බෙයි වගෙ... ලිස්සලා යන්නෝ...
මන් ඉක්මනට ඇස් කරකවලා වටපිට බැලුවා.. කොමහරි මන් මේ හිරවුනේ හරි තනි අදුරු කාමරේක... වින්ඩෝ එකෙන් ඇතුලට එන එලිය විතරයි.. බිත්තිවල ඉදලම බ්ලැක් කලර් පේන්ට් එකක් ගිහින් තිබ්බේ.. වැම්පයර් වයිබ් එකක් තියෙන්නේ.. හරිම අපිළිවෙලයි.. හැමතැනම එක එක දේවල් බිම වැටිලා... ශූස්, බෑග්ස්, ෂර්ට්ස්, ග්ලාසස් තැන් තැන්වල... පිස්සන් කොටුවක් වගේ.. මුල්ලේ තිබ්බ බෙඩ් එකේ ඩුවට් එකත් බිම වැටිලා ඒක උඩ තව ටවල් එක්කුත් තියෙනවා.. හැම තැනම ලිකර් බොට්ල්ස්.. පර්ෆියුම් හතර පහක සුවද මික්ස් වෙලා එන සැරට ඔලුවත් එක්ක කැරකෙන්න වගේ.. කවුද හිතන්නේ කැෆේ එකක් උඩ මෙහෙම දෙයක් තියෙයි කියලා.. මෙතන ටෝටලි අනෙක්ස්පෙක්ටඩ් කෝ ඉන්සිඩන්ට් එකක් උනේ..
සැගා අයියා මගේ උඩ ඉදන් පල්ලට බලලා අඩියට දෙකට සිගරට් එකත් වින්ඩෝ එකෙන් එලියට දමලා ගහලා ආවා.. ඇදුමක් දාගනින්කෝ අයියේ...
"අම්.... මේ- මන් මේ යන්නම්.."
"Wait..!!! කවුද ගෙන්නුවේ මෙතෙන්ට තමුසෙව...?"
මන් හිමින් සීරුවේ මාරු වෙලා යන්න හදද්දි සැගා අයියා මගේ කොලර් එකෙන් තදින් අල්ලගත්තා.. අර නුහුරු සිංහලෙන් වචන පටලලා බර කරලා කතා කරනකොට මට කෙලත් ගිලුනා.. මේ යකාට මන් හොරකම් කරන්න ආවා වගේ පේනවද දන්නෑ.. ටී ෂර්ට් එකේ කොලර් එකට බෙල්ලත් හිරවෙලා තියෙන්නේ.. මන් දගලන්න දගලන්න ඒක තව බෙල්ලට හිර වෙනවා.. අපි කොච්චර ලං වෙලා හිටියද කිව්වොත් එයා තරහින් ගන්න හුස්ම මගේ මූණේ වදිනවා.. මුට මොන යකා ගැහුවද දන්නෑ..
"ක්-හැහ්-හැහ් බෙල්-"
"JUST STOP THIS SAGA....!!!!"
ඒත් එක්කම දොරත් කැඩෙන්න වගේ ඇරගෙන කෑ ගහගෙන ඇතුලට ආවේ ගවේෂ් අයියා.. අපි දෙන්නම ගැස්සිලා ගියා සද්දෙට.. මෙයත් මෙහෙද.. ඒ එක්කම පිටිපස්සෙන් තිවාන් අයියයි, පවිරුයි, මඩයයි, ගෙම්බයි, ජේඩ් අයියයි, නිර්වාන් අයියයි දුවගෙන ඇතුලට ආවා... පරම්පරාවම මෙහෙ... උන් ඔක්කොම පුදුම වෙලා වගේ බලන් ඉන්නවා...
"මූ කොහොමද මෙහෙට ආවේ....!!!"
සැගා අයියා කෑ ගහලා මගේ කොලර් එක ඇදලා මාව පස්සහට තල්ලුවෙන්න අතෑරියා.. මන් එහෙම්ම පෙන්දා වගේ ඉස්සරහට විසි වෙලා ගිහින් වැටෙන්න ගියත් ගවේෂ් අයියා පැනපු ගමන් මගේ අත් දෙකෙන් වැටෙන්න නොදී අල්ලගත්තා.. තව පොඩ්ඩෙන් බිම..
"හැමෝම එලියට....!!!"
ගවේෂ් අයියා සැගා අයියා දිහා අමුතු විදිහට බාලාගෙන අපි හැමෝටම එලියට යන්න කිව්වා.. මාවත් අත් දෙකෙන් ඇදලා පස්සට තල්ලු කරා.. ගෙමිදුයි තිවාන් අයියයි පැන්න ගමන් මාව ඉක්මනට අල්ලගත්තා.. මාව සෙල්ලම් බඩුව වගේ අතින් අතට මාරු වෙනවා.. පවිරුවත් ඉන්නේ මුකුත් හිතාගන්න බැරුව.. ඌ ඉක්මනට මගේ ෂර්ට් එක හදලා තදින් අත අල්ලගත්තා.. තිවාන් අයියා මගේ උරහිසින් අත තියලා දැන් ෂේප් වගේ මාව හිමීට හෙල්ලුවා..
ඊට පස්සේ අපි බැලුවේ අර දෙන්නා දිහා.. උන් දෙන්නා දැන් මරාගන්නද මේ යන්නේ..
"ගවී... සැග් කන්ෆියුස් වෙන්න ඇති එකපාරටම.. අපි දැන් යමු එළියට.."
ඒ එක්කම පස්සහින් හිටිය නිර්වාන් අයියා අපිවත් එහාට කරගෙන ගිහින් ගවේෂ් අයියගේ අතින් අල්ලලා පස්සට ඇද්දා.. ගවේෂ් අයියා පස්සහවත් හැරෙන්නේ නැතුව අල්ලපු අත ගසලා වගේ ඇදලා ගත්තා..
"නෑ චූටී බාප්පේ මට ටිකක් කතාරන්න විතරයි ඕනී.."
ගවේෂ් අයියා නෝමල් විදිහට කිව්වත් තාමත් සැගා අයියගේ මූණෙන් එහාට ඇස් ගත්තේ නෑ... සැගා අයියත් ගේමටම වගේ හෙල්ලේන්නේ නැතුව බලන් ඉන්නවා..
"ගවී ප්ලීස් කම් අවුට්.."
තිවාන් අයියත් මගේ උරහිස උඩින් තියන් හිටිය අත හිමීට අතෑරලා නිර්වාන් අයියව පොඩ්ඩක් එහාට කරලා ගිහින් ගවේෂ් අයියට කතා කරා.. මෙයාලා ඔක්කොටම ඕනි මේ දෙන්නව වෙන් කරන්න.. ජේඩ් අයියත් අමුතුවට මූණ හදාගෙන ඉන්නේ.. එයාලා අතර තියෙන්නේ පුදුම ටෙන්ෂන් එකක්.. අපි මෙතන පිටස්තරයෝ ටික වගේ එයාලගේ ඩ්‍රාමා එක බලන් ඉන්නවා..
මොකක් නමුත් මෙයාලා අතර සිද්ද වෙලා වගේ..
"නෝ තිවාන්... මට සැග් එක්ක කතා කරන්න විතරයි ඕනී... ජස්ට් ලීව් අස් අලෝන්.."
ගවේෂ් අයියා වලියක් අදින්නෑ වගේ සීන් එකෙන් එයාටත් යන්න කිව්වම අපි ඔක්කොම මූණෙන් මූණ බලාගත්තා.. තිවාන් අයියා නිර්වාන් අයියට ලාවට ඔලුව නමලා අපිවත් එළියට ඇදගෙන ආවා.. ජේඩ් අයියා ගවේෂ් අයියගේ පිටට තට්ටු කරලා රහසින් මොනවද කියලා ආවා..
දැන් ඒ දෙන්නා ඇතුළේ තනියම.. මටනම් ඒක හොද විදිහට දැනුනේ නෑ.. මගේ ඉන්වෙස්ටිගේෂන් දැනුම අනුව සැගා අයියා ගවේෂ් අයියා එක්ක මොකක් හරි ලෙඩක් දාගෙනවගේ...
ඊට පස්සේ අපිව එක්කන් තිවාන් අයියා ගියේ ඉස්සල්ලා ගෙමිදු අරින්න ගිය ඩෝ එක ගාවට... එයා ඩෝ එක ඇරියම අපි ඔක්කොම ඇතුලට ආවා.. මේක නිකන් ප්‍රයිවට් රූම් එකක් වගේ... දොර ඇරලා ඇතුලට එනකොටම පේන්නේ ලොකු ග්ලාස් වෝල් එකක්.. එකෙන් ලොකුවට මුහුද පේනවා.. රූම් එක මැද ලොකු සෝෆා එක්කුයි කොට ග්ලාස් ටේබල් එක්කුයි තියෙනවා.. රූම් එකේ කොනේම බැල්කනියකට යන්න ඩෝ එකක්.. එකනම් ඇරලා දාලා.. බිත්තියේ අගල් පනස් හතරේ විතර තඩි ටීවී එකක්.. එච්චරම තමා.. අපි එහෙම්ම ඇවිත් සෝෆා එකේ ඉදගත්තා..
"පෘථිවි අවුලක් නෑනේද ඔයාට.. අපේ සැගා ටිකක් මේ දවස් වල අසණීපෙන් ඉන්නේ.. එකපාරටම රූම් එකේ ඔයාව දැක්කම කන්ෆියුස් වෙන්න ඇති.."
තිවාන් අයියා එහෙම කියලා මට ඉස්සරහින්ම තිබ්බ සෝෆා එකේ ඉදගත්තා.. සෝෆා ටික එක ලගටම වගේ තිබ්බ නිසා ලොකු පරතරයක් අපි අතර තිබ්බේ නෑ.. මැද තිබ්බ පොඩි ග්ලාස් ටේබල් එකට විතරයි අපි වෙන් උනේ.. ඒ එක්කම ජේඩ්න් අයියත් ඇවිත් ඒ සෝෆා එකේ කකුලේ ඉදගෙන තිවාන් අයියගේ උරහිස උඩින් අතක් දාගත්තා.. මට එහාපැත්තෙන් පවිරුවා ඉදගත්තා ඊට පස්සේ මඩයා.. නිර්වාන් අයිය අන්තිමට වගේ ඇවිත් ඉදගන්නේ නැතුව ඉනටත් අත්දෙක තියාගෙන අපි දිහා බලන් ඉන්නවා..
"අහ්.. එකට අවුලක් නෑ තිවාන් අයියේ..."
මන් ඉතින් හිනා වෙලා තාමත් රිදෙන බෙල්ල පොඩ්ඩක් අතගාලා කිසි අවුලන් නෑ වගේ හැසිරුනා.. ඒත් මට තාමත් හිතා ගන්න බෑ ඉස්සර වෙලා මොකද උනේ කියලා.
"අම් රියලි සොරි කොල්ලෝ.. ඔයා පල්ල පික්චර්ස් බලද්දි මමයි කිව්වේ යාළුවොන්ටත් ඔයා බලනකම් අපි උඩට යමු කියලා.. සැගා ටිකක් මේ දවස් වල ටිකක්... අසනීපෙන් නිසයි එහෙම උනේ.. වෙච්ච දේවල් අමතක කරලා දාන්නකෝ.."
නිර්වාන් අයියා එහෙම කිව්වම මායි පවිරුයි මූණෙන් මූණ බලන් ගොන්පහේ හිනාවක් දැම්මා.. අනේ මට නම් උගේ අසනීප පාටක් තිබ්බේ නෑ..තිවාන් අයියයි ජේඩ් අයියයි ඔලුව වනනවා නිර්වාන් අයියගේ කතාවට.. අපි හාවෝනේ ඕවා පිළිගන්න.. අනිවාරෙන් සැගා අයියා අලුත්ම ලෙඩක් දාගන්න ඇති.. ඒක ඉතින් එයාට පුරුදු නැති දෙයක් ඈ..
"ඕල් රයිට්... මූඩ් චේන්ජ් වෙන්න අපි මොනවහරි කමු..."
නිර්වාන් අයියා ක්ලැප් එකක් ගහලා අපි ඔක්කොගෙම අවදානේ ගත්තා... එයාලා සෑහෙන්න ට්‍රයි කරනවා මෙතන කිසි දෙයක් උනේ නෑ වගේ ඉන්න..
"අන්න ඒකනම් හොදම අදහසක් චූටී බාප්පේ.. මන් නම් සෑහෙන්න බඩගින්නේ ඉන්නේ... මට දැන් ඔයාව උනත් පෙරලගෙන කන්න පුළුවන්"
ජේඩ් අයියා පොත්ත වගේ තියෙන බඩ අත ගගා කියනකොට හැමෝම ලාවට හිනා උනා... මම ඇරෙන්න...
මන් බලන් ඉන්නේ අර දෙන්නා එනකම්.. උන් දෙන්නා මරාගයිද..
"Ok gentlemen... Give me a five minutes"
නිර්වාන් අයියා මඩයගේ කොන්ඩෙත් අවුස්සලා tv එකත් ඔන් කරලා දොරත් ඇරන් එලියට ගියා.. ඒත් එක්කම ඇතුලට ගෙම්බා ආවා.. මූ කොහෙද මෙච්චර වෙලා ඉදල හිටියේ... මට අමතක උනානේ කොහෙ ගියත් මුට නොපෙනී යාමේ බලයක් තියෙනවා කියලා..
මූ කොහෙන්දෝ ඉදලා පාත් උන එක අනික් අයට එච්චර ගානක් නෑ.. ඔක්කොම ටීවි එකේ සිහියෙන්.. මන් ඌ දිහා හොදට බැලුවා.. ඌ හොර පූසා වගේ ෂේප් එකේ ඇවිත් මට එහා පැත්තෙන් ඉදගත්තා.. මන් ඔලුව උස්සලා ඇයි කියලා ඇහුවම ඌ ඔලුව දෙපැත්තට වනලා මුකුත් නෑ කියල ටීවි එක දිහා බලාගත්තා.. මඩයයි පවිරුවයි ටිවී එකේ යන තියෙන මැච් එක දිහා කටත් ඇරන් බලන් ඉන්න නිසා සිහියක් නෑ.. අපරාදේ පවිරු දැක්කේ නෑනේ.. පස්සේ උටත් කියලා අල්ලගන්නවා මූව..
අපි ඉතින් මැච් එක බල බල හිටියා..ඊට පස්සේ ටික වෙලාවකින් දොරත් ඇරන් ඇතුලට ආවේ සැගා අයියයි ගවේෂ් අයියයි.. අපි ඔක්කොම එක වැර හැරිලා බැලුවා.. දෙන්නම සද්ද නැතුව ඇවිත් තිවාන් අයියා හිටිය සෝෆා එකේ ඉදගත්තා.. දැන්නම් සැගා අයියා ෂර්ට් එකක් ඇදලා හිටියේ.. අර ටැටූ එකක් වත් පේන්නෑ.. මන් දෙන්නව හොදට ස්කෑන් කරලා බැලුවා අතුරු ප්‍රතිපල බලන්න... මුකුත් තිබ්බේ නෑ.. ඒ අස්සේ ගවේෂ් අයියා මන් දිහා බැලුවම මන් ටක් ගාලා ටිවී එක දිහා බලා ගත්තා..
අපි එයාලා ආව එක වැඩිය ලොකු කරගන්නේ නැතුව මැච් එක බැලුවා.. කට්ටිය ඉතින් මෙතන විස්තර විචාරය.. අරම ගහන්න තිබ්බයි මෙහෙම ගහන්න තිබ්බයි මම මගුලක්... කලින් වෙච්ච දේ එහෙම්ම අමතක වෙලා ගියා හැමෝටම...
මන් කවදාවත් හිතුවේ නෑ අපි හතර දෙනා මේ හතර දෙනා ඉන්න තැනක මෙහෙම ඉදී කියලා.. අපි කෙසේ වෙතත් මම.. ඉස්සර ඉදලම මට සැගා අයියයි ජේඩ් අයියයි ගවේෂ් අයියයි පෙන්නන්නම බෑ.. අනික අපි ෆැකල්ටි දෙකක් නිසා මහලොකුවට හම්බෙලා දැකලා නෑ.. ඉන්ටර් ෆැකල්ට් ඉවෙන්ට් එක්කදි හම්බුනොත් මිසක් කිසිම යාළු කමක් අපි අතරේ තිබ්බේ නෑ.. ඒත් ඒ හැමදේම වෙනස් වෙන්න මාසයක්වත් ගියේ නෑ.. දවස් ගානකින් අපි ඔක්කොම එකට ඉදලා එකම තැන කන්න තරම් සමීප උනා..
ගවේෂ් අයියාට මම සෑහෙන්න ණය උනා... මන් වෙනුවෙන් හොස්පිට්ල් බිල් ගෙවලා ඊට පස්සේ බීලා හාගන්න ගිය වෙලාවේ ගෙදර අරන් ගිහිල්ලා මාව පරිස්සම් කරලා බලාගෙන මම හිතන්නේවත් නැති දේවල් කරා.. මන් ඒ දේවල් උනේ නෑ කියලා හිතන් කොච්චර අමතක කරන්න ගියත් එදා ඉදලා හැම රෑකම මන් මේ දේවල් නොහිතපු නැති දවසක් නැති තරම්..
මට අලුත් පිරිසක් එක්ක අලුත් හැදුනුම් කම් හදාගන්න හරි අමාරුයි... මගේ සමීපම ලෝකේ උනේ පවිරුවගෙයි මඩයගෙයි ගෙම්බගෙයි පවුල විතරයි.. නිවාසේ උන්න කාලේ උනත් මන් වෙනම චරිතයක්.. ඒකේ ඇතුලේ මම හිටියේ හරිම ලාමක අහිංසක ළමයෙක් වගේ... ඒත් ස්කූල් එකට ගියාම සෙල්ලම් කරලා සතියකට සැරයක් බාල්දි දාගන්න ළමයෙක්... හැබැයි කවදාවත් ඒවා නිවාසෙට ආරංචි උනෙත් නෑ.. ඉස්සර ඔෆිස් ඉස්සරහම දන ගහගෙන හිටියේ.. කැම්පස් ඇවිල්ලවත් මට ඒ ගතිය නැති කරගන්න බැරි උනා..
කොහේ හියත් මුන් තුන් දෙනා හරි ලේසියට හැමෝම එක්ක එකතු වෙනවා... ඒත් මන් කරන්නේ මගේ පාඩුවේ පැත්තකට වෙලා මට කතා කරනකම් බලන් ඉන්න එක.. ඒක සමහරක් හිතන්නේ මගේ ලොකු කම කියලා.. ඒත් ඇත්තටම මන් හරි ලැජ්ජයි මිනිස්සු එක්ක හරි හරියට එකතු වෙන්න.. තිවාන් අයිය ගාව ලොකු වෙනසක් මට නොදැනුනාට අනික් තුන් දෙනා ගාව මට ඉන්නත් හරිම නුහුරුයි අපහසුයි වගේ.. ගවේෂ් අයියා එක්ක කෑම්පින් ගිහින් ආවට පස්සෙවත් ඒ ගතිය නැති වෙයි කියලා හිතුවට ඉදලා හිටලා එයාව දැක්කම හුස්ම හිර වෙනවා වගේ.. මන් ඒ ගතියට ආස නෑ.. මන් ආසම පවිරු , මීනූ ආච්චි, තවිරු අයියා එක්ක ඉන්නවගේ දැනෙන සැහැල්ලූ ගතියට..
මන් උඩ බලාගෙන කල්පනා කරද්දි නිර්වාන් අයියා රූම් එකේ දොර ඇරගෙන ආවා.. ඊට පස්සෙන් ආව බොයිස්ලා දෙන්නෙක් අපිට කෑම ටේබල් එකෙන් සර්ව් කරලා ගියා.. බර්ගර්ස්, චිප්ස්, පැස්ටා කොත්තු හෙන හැට හුට හමාරක්.. මේ ටිකට අර දහදහ ඇති වෙයිද දන්නෑ..
"ඔන්න අද මන් ගානේ හැමෝටම පාර්ටි.. කාලා එන්ජෝයි කරන්න.."
නිර්වාන් අයියා අත් දෙකත් දෙපැත්තට කරලා ඔලුව නමලා කියනකොට ගවේෂ් අයියයි සැගා අයියයි ඇරෙන්න ඔක්කොම හිනා වෙලා ක්ලැප් කරලා චියර් කරා... දහදාහා ඉතුරුයි.. නොමිලේ දෙන නිසා කනවා එහෙනම්.. මොනා නැතත් කෑම වලින් ලැජ්ජාව කියන එක අපේ ඇගේවත් ගෑවිලා තිබ්බේ නෑනේ.. හැබැයි වෙනදට වඩා පිළිවලට කන්න ගත්තා.. මොකද ඉන්නේ වෙනදා උන් එක්ක නෙවේනේ.. කට්ටියම කන්න පටන් ගත්තා..
මන් චිප්ස් කැල්ලක් අරන් සුරුට්ටුවක් වගේ කටේ තියන් මැච් එක දිහා බලන් ඉද්දි මට දැනුනා මන් දිහා කෙනෙක් බලන් ඉන්නවා කියලා.. මන් ෂේප් එකේ ඔලුව හරවලා බලද්දි ගවේෂ් අයියා මට ඇස් වලින් බැල්කනි එක පෙන්නුවා..
මන් බැලුවා.. මුකුත් නෑ...
ඩයල් එක ආයෙත් පෙන්නුවා..
මන් බැලුවා.. ඒත් මුකුත් නෑ..
ආයෙත් පෙන්නුවා...
මන් බැලුවා.. මුකුත් නෑ..
ඒ පාර මල පැනලා වගේ නැගිටලා බැල්කනියට ගියා..
අහ්....!!! මෙයා මට එන්න කියලා කියලා තියෙන්නේ..
මන් ෂේප් එකේ කට්ටිය දිහා බැලුවා.. හැමෝම මැච් එකේ සිහියෙන්.. ඒ අස්සේ පරණ මැච් ගැනත් කියවනවා.. ගෙම්බානම් සද්ද නැතුව ඉන්නවා.. සැගා අයියත් පාඩුවේ ඉන්නවා.. අනික් උන් ඔක්කොම දෙක වෙන්න කෑ ගහනව... මන් කටේ තිබ්බ චිප්ස් එක එහෙම්ම සුප්පු කරලා හපලා හපලා ප්ලේට් එකෙන් තව එකක් අරන් නැගිටලා බැල්කනියට ආවා.. පුදුම මුහුදු හුලගක් තියෙන්නේ... කොණ්ඩෙත් ඇවිස්සෙනවා.. මන් ගිහින් මුහුද පේන්න අත් වැටට වාරු උනා.. කන පිරෙන්න රැල්ලේ සද්දේ ඇහෙනවා.. නහය කඩාගෙන යන්න තරම් මුහුදු හුළග අද සැරයි..
"ඇවකාඩෝද ගාන්නේ..."
"ඇහ්...!!"
ගවේෂ් අයියා මුහුදට පිටුපාලා මට පොඩ්ඩක් එහා පැත්තෙන් අත් වැටට හේත්තු උනා..
"ඇවකාඩෝ.. new advanced fomula, medicated soothing pac for a smooth lustre skin, paraben free-"
"ආයීෂ්...!! තමුසෙට කොහෙන්ද මේක.."
ගවේෂ් අයියා කින්ඩි හිනාවක් දාගෙන උඩ දදා අල්ල අල්ල හිටිය ෆේස් පැක් එක මන් ඉක්මනට අල්ලගත්ත... ලැජ්ජෑවේ බෑ.. මේක මගේ අතින් අර රූම් එක ඇතුලෙදි වැටුනනේ..
"Neveilla Night cream for a glowing skin-"
"යාහ්හ්..!! ඕන්න ඕක මෙහෙමට දෙනවා.."
මන් එයා සාක්කුවෙන් එලියට ඇදලා ගත්ත අනිත් ක්‍රීම් එකත් උදුරලා ගත්තා... මේ මිනිහා පිස්සෙක් වගේ හිනා වෙනවා..
"ලස්සන වෙනනද ගාන්නේ.. තමුසෙට ඕවා ඔනිත් නෑ"
ගවේෂ් අයියා මනමාල හිනාවක් දාලා කියනකොට මට බැල්කනියෙන් පල්ලට පනින්න හිතුනා.. මන් රවලා මුහුද දිහා බලාගත්තා.. ඇස් දෙකත් රිදෙනවා මුහුදු හුලගට..
"මේවා මට නෙවේ මීනූ ආච්චිට.."
"ආච්චිට..? කොහෙ ඉන්න ආච්චියෙක්ද?"
"පවිරුගේ ආච්චිට.. මට නෙවේ.."
මන් තරහින්ම උත්තර දුන්නා.. හුලං සද්දෙට ඇහෙන්නැති නිසා අපි ටිකක් හයියෙන් කතා කරේ..
මූගෙනම් අර මනමාල හිනාව එහෙම්මයි..
"එතකොට මේ දවස් ටිකේ පවිරුලා දිහාද ඉන්නේ..? මිස්ටර් තවිරුත් ඉන්නේ එහේ නේද?"
"ඔව් ඔව් ඇහ්- ඔයා දන්නේ කෝමද තවිරු අයියා ගැන..?"
"අහ් මේ- කවුද නොදන්නේ අපේ එරියා එකේ ඕඅයිසී නේ."
"ඒක මිසක්.. කෝමත් මගේ සුදු මහත්තයා ප්‍රසිද්ධයි තමා.."
මන් ඉතින් හෙන ආඩම්බරෙන් මූණ හදාගෙන ක්‍රීම් දෙක නැති අතින් කොලර් එකක් ඉස්සුවා... පිස්සු කොල්ලා නිසා මන් ආඩම්බරෙන් පැලිලා යන්නේ දවසක.. මෙයා උනත් දැනගන්න ඕන මන් ආශ්‍රේ කරන්නේ එසේ මෙසේ අය නෙවේ කියලා..
"ම්ම්ම්.. අහ්- සුදු- මොකක්....!!!!"
"අහ් මගේ කන..... ඔච්චර හයියෙන් කෑ ගහන්නේ මොකද මිනිහෝ මගේ කන් හොදට ඇහෙනවා.."
"ඒ තමුසෙගේ කවුද?"
"ඇයි අහන්නේ.. මගේ කවුරු උනත් තමුසෙට මොකද?"
මුට යකෝ මල පනින්ම දෙයක් කිව්වද මන්.. අර මනමාල හිනාව පේන්නවත් නෑ..
"තමුසෙලා කැම්පෙන් එකක් අස්සේ ගෙවල් ගානේ ගිහින් මොනවද කරන්නේ.. හෙට ඉදලා කැම්පස් එනවා ඒ වැඩ ටික කරගන්න"
ගවේෂ් අයියා අත් වැටෙන් කෙලින් වෙලා අත්දෙක ඉස්සරහට බැදගෙන මරුමුස් මූණක් හදාගත්තා..
"ආ..... හරි කෝලමක්නේ.. ඇයි තමුන් ප්‍රසිඩන්ට්ද? අදාල නැති ඒවට හොට නොදා ඉන්නවා.. අනික මන් නිකන් මෙම්බර් කෙනෙක් විතරයි.. මන් මොකටද ඔක්කොටම කලින් උඩදාගෙන නටන්නේ"
"තමුසෙත් ක්ලබ් එකේ ඉන්නවනම් තමුසෙටත් වගකීමක් තියෙනවා හැම වැඩක්ම වෙනුවෙන් කැප වෙන්න.. තමුසෙගෙ යාළුවා සෙකට්‍රි නේද? ඔහොමද යාළුවට හෙල්ප් කරන්නේ.."
"අනේ මේ ඔයා එන්නෝන්නෑ මට උගන්නන මට පුළුවන් විදිහට ඒක මන් කරන්නම්.. මන් එන්නේ මට ඕනී වෙලාවට"
"මේ තමුසේගේ කට වැඩී හරිද.."
"ඇයි? ඇයි? වැඩී තමා ඔයා අඩු කරන්නද? පාඩුවේ ඉන්නවා හරිද මට කියලා ඔය හක්ක-"
"සිත්රුක......!!!!"
ඉවරයි...
================================
අවුරට එක්සෑම් සීසන් ආවා ළමයිනේ 😪👍
දවසක් හැර දවසක් අප්ඩේට් දෙන්න ට්‍රයි කරන්නම්😗
මේ ගෙවෙන්නේ මට ටිකාක් අමාරු කාලයක් 🙌
Hope you understand !!! 💖 kayy... luv u