SITHTHARA | COMPLETED

By mickey_aurora

64.2K 12.1K 4.5K

ආදරයෙන් පින්තාරූ කල පැස්ටල් සිහිනය 🎨🖌️ ගවේෂ් × පෘථිවි !!! කතාවෙහි භාවිතා කර ඇති සියළුම ගීත නිර්මාණ වල අයිති... More

Chapter 01
Chapter 02
Chapter 03
Chapter 04
Chapter 05
Chapter 06
Chapter 07
Chapter 08
Chapter 09
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 37
Chapter 38
Chapter 39
Chapter 40
Chapter 41
Chapter 42
Chapter 43
Chapter 44
Chapter 45
Chapter 46
Chapter 47
Chapter 48
Chapter 49
Chapter 50
Chapter 51
Chapter 52
Chapter 53
Chapter 54
Chapter 55
Chapter 56
Chapter 57
Chapter 58
Chapter 59
Chapter 60
Chapter 61
Chapter 62
Chapter 63
Chapter 64
Chapter 65
Chapter 66
Chapter 67
Chapter 68
Chapter 69
Chapter 70
Chapter 71
Chapter 72
Chapter 73
Chapter 74
Chapter 75
Chapter 76
Chapter 77
Chapter 78
Chapter 79
Final Chapter

Chapter 28

808 149 36
By mickey_aurora

"තව කන්නකෝ සුදු මහත්තයා.."

"ඇචි ඇචි දෝණී ඔය පරිප්පු චුච්චක් විචර දාන්නකෝ.."

"කටේ කෑම තියන් කියවන්න එපා බං"

දෝණි ආච්චි අද උයලා තිබ්බේ මන් ආසම කෑම ජාති ටික.. මන් ඉතින් ඇති ඇති ගගා තව දාගෙන කෑවා.. පුදුම රසයිනේ අනේ.. කාලෙකින් එයාගේ කෑම කන්න හම්බුන එකේ බුරිය උල් වෙන්නම කනවා.. ඊයෙත් කාලා ඉස්මුරුත්තාවට ආවා.. සැලෙන්නෑ අදත් කනවා.. අපේ තවිරු අයියත් යුනිෆෝම් එක දාගෙනම ඇවිත් කෑම මේසෙන් වාඩි උනා.. එයා ඉතින් ටිකක් ඩාන් ඩූන් උනාට වෙලාවට කලාවට වැඩ කරන මනුස්සයනේ.. කාලෙකින් මෙහෙම හැමෝමත් එක්ක එකතු වෙලා කන්න පුළුවන් වෙච්ච නිසා පට්ට හැපි මට...

"දෙන්නා දැන්ම යනවනම් මන් දාගෙන යන්නම්.."

"කමක් නෑ බයික් එකේ යන්නම්..."

අපරාදේ පොලිස් ජිප් එකේ යන්න තිබ්බ චාන්ස් එක.. පවිරුටත් බයික්කෙම ඕනිනේ යන්න.. දැන් ඔය තවිරු අයියා අපිව එක්කන් යන්නද අහන්නේ ටවුන් එකට.. මොකද මායි පවිරුයි කුකුලත් අතේ තියන් උදේ පාන්දරම කන්න ආවේ දවල් වෙන්න කලින් ගෙදරින් පැනගන්න.. අපි ප්ලෑන් කරේ මඩයයි ගෙම්බයි එක්ක ගිහින් රවුමක් දාලා කොහෙන් හරි දවල්ටත්  කාලා එන්න රෑ වෙලා එන්න... ලැබූ නිදහස උපරිමෙන් විදින්න ඕනිනේ...

උදේ පාන්දර මගේ තියෙන සිරියාවන්තම ඉවසගන්න බැරුව තවිරු අයියා අතපුරා රුපියල් දහදහක්ම දුන්නා ඕනි දෙයක් අරන් ඕනි දෙයක් කන්න කියලා.. මෙන්න කොල්ලෝ.. කාලෙකින් ආව නිසා කුමාරයට සැලකිල්ල වැඩී.. ඒක හම්බෙච්ච වෙලේ ඉදලා ගෙදරින් එලියට යනකම් මට ඉවසිල්ලක් නැතුව හිටියේ... දුන්නේ වියදම් කරන්නනේ..

අද එලියට ගියාම පෘථිවි ගානේ සැමටම ආහාර වේලක්.. ටෙක්නිකලි තවිරු අයියාගේ සාදර අනුග්‍රහයෙන්..

කෝමහරි තවිරු අයියා අපිටත් පරක්කු වෙලා කන්න වාඩි වෙලා අපිටත් කලින් කාලා නැගිට්ටා.. හරි කලබලේ පරක්කු වෙලා කියලා... පිස්සුනේ අනේ එයාටත්... රජයේ සේවකයෝ කවද්ද වෙලාවට වැඩ කරේ..

තවිරු අයියා තමා යුනිෆෝම් එකෙන් මන් දැක්ක හැන්ඩ්සම්ම පොලිස් කාරයා තමා.. අපේ පවිරුගෙම ෆොටෝ කොපි එක වගේ... හැබැයි ජිම් ගිහින් හොදට ඇගපත හදාගෙන ඉන්නේ.. මාව උනත් තනි අතින් උස්සයි.. මීනූ ආච්චි කියන විදිහට එයාට ඉතින් හරි වදේලු කෙල්ලොන්ගෙන් එහෙම... අපි නොදන්නවා ඈ එව්වා.. දවසක් අර දියානත් මෙයාව දැකලා මැරෙන්න හැදුවා.. කාටද ඉතින් ආස හිතෙන්නේ නැත්තේ කිරි ටොයියා වගේ යුනිෆෝම් එක්කුත් දාලා ගැම්මට හැගර් එකක් ගිලලා වගේ ඇවිදිනකොට.. කවදහරි හිතුනොත් බැදගන්නවා සුදු මහත්තයවා... මට බැරියෑ මාසේකට සැරයක් කරගෙන එන තුවාල වලට බෙහෙත් දදා පාඩුවේ චිත්‍රයක් ඇදගෙන ඉන්න... කලින් ඕක හිතුනනම් මෙඩිකල් කොලේජ් යනවා..

ඒ අස්සේ එයා කොහෙදෝ වොච් එක දාගෙන පිස්සෙක් වගේ එහෙ මෙහෙ ඇවිදලා හොයාගත්තා.. ඒ අතින් බැලුවොත් එයා පවිරුට වඩා හාත්පසින්ම වෙනස්.. මන් වගේමයි දෙයක් දාපු තැන අමතක වෙන පිළිවලක් නැති සුපිරි ඩයල් එකක්.. ඒ නිසා ටිකක් ගැලපෙන්නෙත් නෑ අනේ... මන් හොයන්නේ නොගැලපෙන මිනිස්සුනේ.. ඊට පස්සේ ඩයල් එකට කෝල් එකක් ආව නිසා මීනූ ආච්චිටත් උම්මා ගොඩක් දීලා මගේ කොන්ඩේත් අවුස්සලා සින් ගාලා මිසින් උනා.. අම්මපල්ලා දැන් කාලේ හැදෙන ඕ අයි සීලා..

මායි පවිරුයි හිමීට කාලා ඉවර උනා... මන් කිචන් එකට වෙලා පිගාන හෝද හෝද ඉද්දි මීනූ ආච්චි අමුතු ලයින් එකක් දාගෙන ඇවිත් එලියට ගිහාම කොහෙන් හරි තව මොනවහරි කන්න කියලා සල්ලි දුන්නා... මම ගත්තේ නෑ.. මොකද අපිට දැන්ටමත් විසාල ඩොනේෂන් එකක් ලැබිලනේ තියෙන්නේ.. ඕන්නම් ඒකෙන් ගෙදෙට්ට බඩු ගෙනල්ලා දාන්නත් පුළුවන්.. මට සල්ලි දෙන්න හදනවා දැකලා පවිරුවා මූනත් ඇදකරගෙන ගියා උඩ තට්ටුවට.. උගේ තියෙන ඉරිසියාව.. ඔහොම ඇද කරන්න ගියොත් ඔය මූණ ලගදිම ඇද වෙලාම තියෙයි..

කොහොමහරි ඊයේ වගේ අම්බානක කාලා මට ඉස්මුරුත්තාටව වගේ ආව නිසා ඒ ගතිය ඇරෙනකම්  මන් සාලෙට ගිහින් එහෙම්ම සෝෆා එකේ පතබෑවිලා හිටියා.. මීනූ ආච්චිත් කඩියා වගේ එහෙ මෙහෙ දුවලා එකපාරටම නොපෙනී ගියා... දැන් ඉතින් මන් ඉන්න ඕන අරූ බයික්කේ යතුර අරන් පල්ලට එනකම්..

"යමන්..."

"චූටී පුතා.....!!!! මගේ ක්‍රීම් එක ඉවරයි එද්දි අරන් එනවද කොල්ලෝ..."

ඕකට තමා සල්ලිත් දික් කරන් ආවේ.....!!! මන් සෝෆා එකෙන් කෙලින් වෙන්න හදනකොටම මල හොල්මන වගේ මූණේ මොනවද තලියක් උලාගෙන මීනූ ආච්චි සාලෙට දුවගෙන ආවා.. එයාගේ හැටි ඔහොම තමා.. බියුටි කචල් වැඩ සෑහෙන්න තියෙනවා... ඊයේ මන් බොරුවට පොඩ්ඩක් මූණ අදුරු වෙලා කියලා කිව්ව නිසා බයවෙලා ඉන්නේ... දැනුත් කාපු ගමන් දගලලා තියෙන්නේ මේකට තමා... වෙලාවකට මාවත් අල්ලන් ඕවා මගේ උලනවා...එතකොට සම පැහැපත් වෙලා ලස්සන වෙනවලූ.. ලස්සනට ඉන්නකොට තවිරු අයියා හරි කැමති වෙයිලු.. අන්න එතකොට මාත් කැමති වෙලා අර ඇස් උඩින් තියන පිපිඤ්ඤා කෑලී කටේ දාගෙන කකා චුන් එකේ ඉන්නවා ඕන දෙයක් කරගන්න කියලා..

"අයියෝ අප්පා...!! අයියට කියන්නකෝ.."

"ඒකානං අද ගෙදර එයිද කියලවත් ෂුවර් නෑනේ.. මයේ හොද චුටි එකානේ...  මට ඔහොම හරි දෙයක් අරන් දෙන්න ඉන්නේ උබ විතරනේ..."

"අනේ මටනම් බෑ..!!!"

"අනේ චූටී පුතූ.... ග්‍රැනී පව් නැද්ද...?"

අම්මෝ මෙයාගේ රගපෑම... තවිරු අයියා ඉන්නකම් පවිරු කෙනෙක් ගෙදරත් නෑ වගේ හැසිරෙන්නෙත්.. අන්තිමට ලොක්කා මිසින් වෙද්දි පොඩ්ඩා ලොකු කරන් රගපානවා... රගපෑවිල්ල නම් ටොපේ ටොප් මීනාක්කේ.. අම්මපා වයසට ගියත් ගෑණුන්ගේ මායම් හැට හතර එහෙම්මයි කියලා මීනුගෙන්මයි මන් ඉගන ගත්තේ..

"අයියෝ පවිරුට බැයිනම් මට කියන්නකෝ දෝණී.. ඔයත් මේ අපේ එක්කනා ගැන දැනගෙනනේ කතා කරන්නේ.. කෝකද ඕනී පපායා එකද ඇවකාඩෝ එකද..? "

මන් සෝෆා එකෙන් පැනලා නැගිට්ටා.. මීනු ආච්චි හෙන දුක මූඩ් එකක් දාන් ඉන්නවා හොල්මන වගේ පවිරු ඉස්සරා හිටගෙන.. මන් ඌව එහාට්ට කරලා මීනූ ආච්චි ඉස්සරහින් හිට ගත්තා.. කන්න බොන්න දෙන මනුස්සයට ක්‍රීම් එකක් අරන් දෙන එක මට මහ ලොකු දෙයක් නෙවේ ආච්චේ... ඔන්න ඔහේ යන එකේ අරන්ම එනවා.. මන් ඉතින් දන්නවනේ එයාගේ ක්‍රීම් ප්‍රඩට්ක්ස් ගැන...

අහට්ට විසික්කා වෙච්ච පවිරුවා ඇස් දෙකත් එක්ක කරකවලා ඕන්න පටන් ගත්තා වගේ ලුක් එකක් දාලා සාලෙන් එලියටම ගියා.. පෑලියාව.. මන් ඉතින් මීනූ ආච්චිගෙන් ගේන්න ඕන දේවල් අහගෙන එයයි මායි බදාගෙන ඉබගෙන ටාර් ගාලා දුවන් ඇවිත් බයික් එකට නැග්ගා.. හෙල්මට් එක දාගන්නකම් වත් ඉන්නැතුව මේ යකා බයික් එක අද්දලා මාව තව පොඩ්ඩෙන් බිම වැටෙනවා... ෆිට්නස් තියෙන නිසා වැටෙන් නැතුව බේරුනා..

අපි කෝමහරි මුලින්ම ගියේ ෆෝන් ෂෝප් එක්කට... පවිරුවට බැක් කවර් එකක් ගන්න ඕන කිව්වා.. මු මාසෙකට සැරයක් ඕකක් ගන්නවා... අනික මේ ඇපල් යූසර්ස්ලාත් වෙනම ලෙවල් එකක්නේ තියෙන්නේ.. එයිට් ප්ලස් එක්කට තමා මෙච්චර මේ සැප දෙන්නේ.. ඒකට මගේ නොකියා කට්ට.. පොලේ ගැහුවට කැඩෙන්නෑ... මුගේ ෆෝන් එකට තදට පිම්බත් ඩිස්ප්ලේ යනවා..
අපි ඒක අරන් කෙලින්ම ගියා කීල්ස් එකට.. ආච්චිගේ ෆේස් පැක් එකයි ක්‍රීම් එකයි ගත්තා.. ඊට පස්සේ දෙන්නම බයික් එකට වෙලා මඩයයි ගෙම්බයි එනකම් කීල්ස් එකේ පාර්ක් එකට වෙලා හිටියා.. යන්නේ කොහෙද කියලවත් අපිට කිසි අයිඩියා එකක් නෑ... අරුන් දෙන්නත් ආවම කතා වෙලා යමු කියලා බැලුවේ..

කොහොමහරි විනාඩි පහකින් විතර අපි ඉන්න තැනට මඩය ගෙම්බව දාගෙන ආවා බයික් එකේ... කැම්පස් එන්න ඕන නිසා මඩයගේ රට තාත්තා උට ගෙයක් අරන් දුන්නේ ගෙම්බලාගේ ලේන් එකෙන්මයි.. ඒකනම් අහඹු සිදුවීමක්.. එතකොට අපි අපි දන්නෙත් නෑ.. ඒ නිසා උන් දෙන්නා යන යන තැන එකට.. අදනම් ගෙම්බා නිකන් රෝස මල වගේ.. ඌ එන්න ලස්සන වෙනවද කොහෙද..

මඩය බයික් එක අපි ගාවම නවත්තලා කකුල් දෙපැත්තට දාලා හෙල්මට් එකේ ග්ලාස් එක උස්ස ගත්තා..

"පරක්කු නෑනේ.. මූ හැට පැයක් ලෑස්ති වෙන්ඩ තියාගත්තම වෙලාවට එන්න බෑනේ.."

"අනේ යනවා හලෝ යන්න..

ගෙම්බා දුන්නා හොද පාරක් මඩයගේ පිටට.. හැබැයි උගේ පාරවල් පොඩ්ඩක්වත් රිදෙන්නෑ.. ඇත්ත ඌ එක්ක ගමනක් යන්න ගිහාම එපා වෙනවා.. දහයක් විතර ඇදලා අන්තිමට නහයෙන් අඩාගෙන එන්නේ ඒකත් හරි නෑ කියලා

"අපි දැන් කොහෙද යන්නේ රත්තරං යාළුවනේ.."

මට දැන් මතු වෙලා තියෙන්නේ කාලීන ගැටළුවක්.. කොහෙද අපි යන්නේ.. උඩ දාගෙන ආවට යන්නේ කොහෙද කියලා කතා උනේ නෑනේ...

"යුනි ගිහින් බාස්කට් බෝල් සෙල්ලම් කරමුද?"

"ආපෝ බෑ බං උබගේ ක්ලබ් එකේ උන් දැක්කොත් ඇදගෙන යයි වෙල්ෆෙයාර් එකේ වැඩ වලට.."

"සත්තු වත්තට යමුකෝ හලෝ.."

"""පිස්සුද""" !!!

ගෙම්බා මගුලක් කතාකරනවා.. ඌට මාර සත්ත්ව ගායක් තියෙන්නේ.. කොහෙහරි යමු කිව්වම සත්තු වත්ත.. අපි ඔක්කොටම කෑ ගැහිලා පිස්සුද ගානකොට වටේ පිටේ උන් ඔක්කොම හැරි හැරි බැලුවා... අනික පවිරුවා කියනවා වගේ යුනි යන්න බෑ... ගියොත් ලෙඩක් සෙට් වෙනවා කොහෙන්හරි..

"පවිරු මල්ලී..."

අපි බයික් දෙකට වෙලා දෙපිල බෙදිලා යන තැන් ගැන වාද කර කර ඉද්දි අහලා පුරුදු කටහඩක් පස්සෙන් ඇහුන නිසා දෙගොල්ලොම එක වැර හැරිලා බැලුවා..

"අහ්... චුටී- නිර්වාන් අයියා.."

තව පොඩ්ඩෙන් පවිරුවට චූටී බාප්පා කියවෙනවා.. මේ අර නල්ලමලේ බිල්ඩින් ගවේසාන්ගේ බාප්පා පොඩ්ඩ..
ඩයල් එක කීල්ස් එකෙන් ලෙසටම ෂොපින් කරලා වගේ.. මලුදෙකක් අතේ.. අපි ඉතින් බයික් වලටම වෙලා හිටියා.. මොකද බැහැලා වදින්න ඈ...

"ආහ්.. අද සෙට් එකම ඉන්නවා නේ.. ඉතින් කොහෙ යන ගමන්ද..?

"ඔව් අයියා.. අපි එක්සෑම් ඉවර උන එකේ පොඩි රවුමක් දාලා එන්න බැලුවේ.."

පවිරුවා ඉතින් සෑහෙන කාලෙක ඉදලා දන්නවා වගේ කතාව.. මම නම් සද්ද වහලා ගොන් හිනාවක් දාන් හිටියා.. එදා වෙච්ච කින්ඩි වැඩේට මට මූණ බලන්නත් ලැජ්ජයී... අරුන් දෙන්නත් දන්නවා වගේ කතාව.. මෙහෙම අදුරන්නැති මිනිස්සු එක්ක කියවන් යන්න එපා කියලා ස්කෝලේ කාලේ කියලා දීපූ නිසා මන් ඒ ප්‍රතිපත්තිය පන්සිල් වගේ රකින නිසා පාඩුවේ බයික්කෙට වෙලා උඩ බලන් හිටියා.. අදත් අහස නිල් පාටයි..

"මොකද කියන්නේ කට්ටියම එන්න අද මගේ කැෆේ එකට.. පොඩි ප්ලේ රූම් එක්කුත් තියනවා ඕනී විදිහට ඕනි තරම් වෙලාවක් ජොලියේ ඉන්න පුළුවන්.."

ප්ලේ රූම් කිව්වම ඇයි මගේ ඔලුවට වෙන කුණුහරුප මතක් වෙන්නේ....

"ඒකත් නරකම නෑ අයියා.. එහෙනම් අපි එන්නද..."

"එන්නදත් අහන්නේ.. මන් ඉන්වයිට් කරලා කොච්චර දවස්ද.."

"ලොකේෂන් කොහෙද අයියා.."

"යමු සෙට් එකටම.. වැඩි දුරක් නෑ ඔහොම්ම මේන් රෝඩ් එකට දාලා කෙලින්ම ගිහින් නොල්මිට් එකක් පහු උනාම කෑෆේද ස්ප්‍රිං කියලා ඇති.. අදුර ගන්න පුළුවන් පාරේ අයිනෙම.. මන් වෙහිකල් එක අරන් එන්නම් මගේ පස්සෙම යමු"

සෑහෙන වෙලාවක් ඕපදූප කියවලා අන්තිමේට මගුලේ කැෆේ එක්කින් නැවතුනේ.. අඩුම එකෙක්වත් මගේ ඔපීනියන් එක ඇහුවේ නෑ... පවිරුවා පැන්න ගමන් හා කිව්වා... මන් කොහොමද දෙයියනේ ඔය මිනිහගේ මූණ බලන් ඉන්නේ... ආයෙත් හම්බෙන්නැතිවෙයි කියලා හිතලා හිත හදන් හිටියා.. අන්තිමට කෙලියා තාප්පෙට.. මන් ෂේප් එකේ පෙන්නේ නැති වෙන්න පවිරුවගේ කකුල  කුනිත්තුවා.. ඌට ගානක් නෑ.. මන් දන්නවා ඔය හිතලමයි මාව මගාරින්නේ..

නිර්වාන් අයියා වෙහිකල් එක ගේන්නම් කියලා ගියා.. මුන් දුන් දෙනා සෑහෙම එක්සයිට් වෙලා ඉන්නේ කැෆේ යන්න... අනේ මුන් නම් මහා සාගත කාරයෝ වගේ.. අපරාදේ මන් කැම්පස් යන්න බෑ කිව්වේ... මීට වඩා හොදයි පැය දෙක තුනක් එකදිගට ඉදගෙන කොටේෂන් එකක් හදනවා වෙල්ෆෙයාර් එකට...

අපි කෝමහරි එයාවත් ෆලෝ කරගෙන කැෆේ එක ඉස්සරහට ආවා... ඒක ඉස්සරහම පාර්ක් කරන්න තරම් ඉඩක් තිබ්බා.. අපි බයික් දෙක නවත්තලා බැස්සට පස්සේ නිර්වාන් අයියා කාර් එකෙන් බැහැලා එලියට ආවා.. එයාට තිබ්බේ සුබාරූ ඩබ්ලිව් ආර් එක්ස් එකක්.. ඒකත් හයස්ට් පෆෝමින් රේසින් ඉන්ස්පයර්ඩ් කාර් මොඩල් එක.. මටනම් ඒක දැක්ක ගමන් බයික්කෙන් පනින්න හිතුනා.. මන් ස්පෝර්ට් කාර් වලට වැඩිය ආස නෑ.. හැබැයි දැක්කම ආසයි ඉතින්... බයිසිකලයක්වත් නැති මට මොන සුබාරුද..

"එහෙනම් කට්ටියම යමු ඇතුලට"

නිර්වාන් අයියා කාර් කී එක එතෙන්ට දුවගෙන ආව කොල්ලෙක්ට දුන්නා.. අපි නිර්වාන් අයියා පස්සෙන් කැෆේ එක ඇතුලට ආවා.. එලියෙන් බලනකොට නෝර්මල් ලුක් එකක් තිබ්බට ඇතුලට ආවාම අපේ කටත් එක්ක ඇරුනා.. මේකද මෙයා මේ තියෙනවා කිව්ව පොඩි කැෆේ එක.. අප්පා පුදුම පොඩ්ඩ..

මෙයාටත් අර ගවේෂ් අයියට වගේ ලී පිස්සුවද කොහෙද.. මුළු කැෆේ එකම වුඩ්න් ඩිසයින් එකක්.. ඇතුලේ තිබ්බේ යෙලෝ කලර් තීම් එකක්..  හැම දැනම බල්බ් එල්ලලා අමුතුම වයිබ් එකක් තිබ්බේ.. ටේබල් එකේ ඉදලා හැමදේම් වුඩ්න් වලින් හදලා.. වෝල් එක පුරාම තිබ්බේ එද්දාස් නවසිය බර ගනන් වල වගේ කොල්ලුපිටිය, ග්‍රරෑන්පාස්, බොරලැස්ගමුව, බොරැල්ල වගේම මහනුවර ගත්ත අවුරුදු සීයක් විතර පරණයි කියන්න පුළුවන් පින්තූර.. ඒත් එක්කම මගේ ඇස් නැවතුනේ එක වෝල් එකක් පිරෙන්නම තිබ්බ එක පින්තූරෙකට..
මිනෙට් ද සිල්වා.. පිච්ච මල් බිසව... එයා හිටියේ සිල්ක් සාරියක් ඇදලා කොණ්ඩේ මල් ගහලා ඈත බලාගෙන.. මන් ජීවිතේ ආසම චරිතයක්... ලංකාවේ පලවෙනිම වෘත්තීය වාස්තු විද්‍යා විද්‍යාඥවරිය... ලැබෙන්න ඕනි ගරුත්වේ හරියට ලැබෙන්නේ නැතුව වොෂ් රූම් එකක් අස්සේ මැරිලා ගියා... අපරාදේ... මේ වගේ තැනකින් දකින්න හීනෙන් වත් හිතපු නැති කෙනෙක්.. කවුරු උනත් කැෆේ එක ඩිසයින් කරපු කෙනාට ඔරිජිනල් වින්ටේස් ෆ්කේවර් එක ඕනවටත් වඩා තියනවා කියලා මේක දැක්කම තේරෙනවා.. මිනෙට් කියන්නේ මන් දැක්ක හයියම ගැහැණියක් කිව්වොත් හරි.. අද හිටියනම් අපි අදහයි පෙරලගෙන..

"මේ මිනෙට් නේද පුතුවි.."


"ම්ම්ම්.. පට්ට ලස්සනයි..."


"මාත් මාර ආසයී.. අද හිටියනම් කොච්චරද දෙයක්ද නේ.."


"Perfect gems always hidden under the perfect place කියනවනේ ගෙම්බා.. ඒ වගේ තමා... කෝ අරුන් දෙන්නා"


"ඔයා මෙතන මෙලෝ සිහියක් නැතුව හැඩ බල බල ඉන්න නිසා නිර්වාන් අයියා කරදර කරන්න ඕන්නෑ කියලා උඩට එක්කන් ගියා.. පවිරු කිව්වා මේවා බලලා ඉවර උනාම ඔයත් එක්ක එන්න කියලා.."

ගෙම්බා මට ඇගිල්ල දික් කරලා පෙන්නුවේ වුස්න් ස්ටෙයාර් කේස් එකක්.. කැෆේ එක ඕනවට වඩා ක්‍රවුඩඩ් නැති උනාට හිස් ටේබල් එකක් නැතිම තරම්.. මන් ඉතින්    වෝල් එක දිහේ තියන ඒවා බලා ගෙන ස්ටෙයාර් කේස් එකට ගියා.. අපි දෙන්නම පඩිපෙල් නැගගෙන උඩට ආවා.. මන් ආසම විදිහේ සෝන් එකක් ප්ලේ වෙනවා කැෆේ එකේ.. එඩ් ෂීරන්ගේ තින්කින් අවුට් ලවුට්...

වාව්.. උඩ තට්ටුව වෙනම වයිබ් එකක්.. වින්ටේජ් තීම් එක කෑලේ.. ලොකුම ලොකු ග්ලාස් වෝල් එකෙන් කෙලින්ම බීච් එක පේන්නේ.. මටනම් දැන් මෙතන නටන්න හිතිලා තියෙන්නේ.. මේක නම් තනිකර මොඩ්න් විදිහට ඩිසයින් කරලා තිබ්බේ.. කවුරුත් වැඩිය නෑ.. අපේ උනුත් නෑ.. හරියටම ෆ්ලෝ එක මැද තිබ්බේ බෝල් පූල් එකක්.. මේකනම් මන් ප්ලේ කරන්න ඇත්තටම දන්නෑ.. කෝටු කෑලී දෙකක් අරන් බෝල වලවල් වලට දාලා ගන්නේ මොනවගේ ආතල් එකක්ද.. ඊට වඩා හොදයි කැරම් ගහනවා... නැද්ද දන්නෑ කැරම් බෝඩ් එකක්..
සයිඩ් එකේ බෝලින් වලට හදලා තිබ්බේ.. කෝ දැන් මුන්..

"අතන ඩෝ එකක් තියෙනවා පුතුවි ඒකට ගිහින් බලමුද..."

"ඉතින් බං මේ පැත්තේ කොනේමත් තියනවනේ එකක්"

"කෝකද එතකොට ඒයී.."

"මෙහෙම කරමු උබ මේක බලපං මන් අරක බලන්නම්.."

"ම්ම්ම් හා.."

මායි ගෙම්බයි දෙපැත්තට බෙදිලා ෆ්ලෝර් එකේ දොරවල් දෙක ඇරන් බලලා අපේ උන් හොයන්න ගියා.. කිසි කමකට නැති යාළුවො කියන්නේ මුන්ට තමා.. පවිරුවත් වෙලාවකට මාව මෙහෙම අතරමං කරලා යනවනේ..
අරූට කලින් මන් අර කිව්ව දොර ගාවට ආවා.. මන් ෂේප් එකේ ඒක හිමීට ඇරගෙන ඇතුලට ආවා... අමුතු සුවදක් එනවා-

"බුදුඅම්මෝ.....!!!!"

===========================

මීනූ ආච්චිටනේ ප්‍රතිචාර වැඩි 🌝🙌

පොඩි පොඩි චරිත ගැන අවදානෙන් ඉන්න...

Continue Reading

You'll Also Like

4.2M 266K 102
What will happen when an innocent girl gets trapped in the clutches of a devil mafia? This is the story of Rishabh and Anokhi. Anokhi's life is as...
7.3K 564 36
"I can't lose you again, Serena. If I do, I'll never forgive myself," "You won't lose me. I promise you that," Serena's life hasn't been perfect, but...
4.8K 680 20
ඒ හීනය.... ආදරවන්තයෝ දෙන්නෙක් අතරමං වුන සූරියකාන්ත මල් මිටියාවතක්..... 𝐹𝑒𝒾 𝐹𝑒𝒾 🌻 #1 westcoast Cover credits : @Freya_Celestie
81.7K 3.1K 10
This man if he's Levi's friend then he's also a vampire like him "What do you mean you don't know ?" "Saddly no sir I'm..you see Im blind" "Oh I see...