මන් වොෂ් රූම් එකට රිංගලා කොමඩ් එක වහලා පියන උඩ ඉදගෙන පුළුවන් තරම් මාව කන්ට්රෝල් කරගන්න බැලුවා... ඕනවටත් වඩා මට කේන්ති ගිහාම මාළුවෙක් ගොඩදැම්මා වගේ මාව වෙව්ලනවා.. ඒක පොඩි කාලේ ඉදලම එහෙමයි.. මන් අත් දෙක ඉස්සරහට අරන් බැලුවා.. කුඩු නැති සික් කාරයෙක්ගේ වගේ.. මන් කොච්චර අත් දෙක එකට තද කරලා මිරික ගත්තත් වෙව්ලන එක නැවතුනේ නෑ.. ඒක ලේසියෙන් එහෙම නවතින්නෙත් නෑ.. මේකත් වෙලාවකට මහා කරුම ලෙඩක්..
මට ඒ අස්සේ ඇඩෙන්න වගේ.. එහෙන් ඉදුවරයගේ මල කරදරේ.. ඌත් මාව මොකක් හරි විදිහකින් අල්ලන් එල්ලෙන්නමයි හදන්නේ.. හේතු නැත්තං ඌ හේතු හදනවා.. කාලයක් සද්ද නැතුව ඉදලා එකපාරටම මොකක් හරි මගුලක් උස්සන් එනවා.. අනික් පැත්තෙන් අර රංජියා එක්ක ප්‍රශ්නයක් දාගෙන බේරුනා විතරයි.. එහෙන් එක්සෑම් එනවා.. මට ඒක ගානක්වත් නෑ තාම... අලි මදිවට කොටි කියලා දැන් අලුත් ප්‍රශ්නයක්... බිල්ඩින් ගවේසාන්..
මට කවදාවත් මේ ප්‍රශ්න වලින් පැනලා යන්න බැරි වෙයිද දන්නෑ? තනි මන් කොච්චරක් කියලා මේ දේවල් ඉවසන්නද..? ඇයි මේ ප්‍රශ්න වල ඉවරයක් නැත්තේ...? කී දාහක් දේවල් මන් හිතේ හිරකරන් ඉන්නද..? තවත් මන් මේ දේවල් හන්ගං ඉන්න ඕනිමද..? හැමෝම ගැන හිතලා මන් කොච්චර කල් මේවා හංගන්නද..?
එක්කො මන් ඉදුවරගේ ඇත්ත හැමෝටම කියනවද.?මනුස්සයෙක් ඔලුවට අත හෝදනකම් කට වහන් ඉන්නව කියන්නේ සාමාන්‍යයෙන් කොල්ලෙක්ට නෙවේ කාට උනත් ඒක කරන්න අමාරු දෙයක්.. ඒ පරයා නිසා මන් මෙච්චර කාලෙකට පුළුවන් තරම් ඉවසලා ඇති.. ඒ කියලා මන් තව කොච්චර ඉවසන්නද.. මේ ජරා පක්කු ඔක්කොම එක වැර අල්ලලා බෙල්ල මිරිකලා- ශිට්...!!!
මෙච්චර කල් මන් සද්ද නැතුව හිටියනේ.. බලාගෙන ඉදපං ඉදුවර.. කොකාට වාරයක් එනවා වගේම තිත්තයත් වාරයක් එනවනේ.. අන්න එදාට අපි බලමු..
මන් ඉක්මනට මූණ දෙපැත්තේ බේරෙන කදුළු කමිස උරහිස දෙපැත්තේ පිහා ගත්තා.. අත් දෙක වෙව්ලන ගතියත් ටික ටික අඩු උනා.. මන් එහෙම්ම නැගිටලා දොර ඇරගෙන ඇවිත් සින්ක් පෝලිම ලගට ඇවිදගෙන ආවා.. ඒ අස්සේ එකදිගට පවිරුගෙනුයි, මඩයගෙමුයි, ගෙමිදුවගෙමුයි, අර සේව් කරපු නැති නම්බර් එකෙනුයි දිගට හරහට කෝල් එනවා.. මට දැන් ඒ එකක් වත් ආන්සර් කරන්න තරම් මූඩ් එකක් නෑ.
අනිවාරෙන් මන් පරක්කු නිසා අරුන් ටික මාව දාගෙන හොයනවා ඇති.. ඒ නිසා මන් පවිරුවට මැසේජ් එකක් දැම්මා ලයිබ්‍රි එකට ගියා ටිකකින් එන්නම් කියලා... මන් දන්නවා ඌ කොහොමත් ඕක විශ්වාස කරන්නෑ කියලා... ඒත් අඩුම තරමේ මට තනියම ඉන්න ඕනි කියන එක ඌ තේරුම් ගයිනේ...
මන් ටැප් එක ඇරලා නෑවිලා යන්නම මූණත් හෝදගෙන බැක්ටු නෝමල් චරිතෙට ඇවිත් එලියට ආවා.. දැන් මෙහෙම යන්න බෑ අරුන් ගාවට.. මූණත් එක්ක රතු වෙලා හෙම්බිරිස්සාවටත් වගේ... ඒ නිසා ඒ ගතිය ඇරිලා යනකම් ටිකක් වෙලා ඉන්න හිතලා මන් වොෂ් රූම් එක ඉස්සරහ සමර් හට් එකට ඇවිත් ඉදගත්තා.. මම මෙහෙම ඉන්නවා පවිරුවා දැක්කොත් ඌ කෙලින්ම ගිහින් ගහන්නේ උගේ ආදරණීය රෙපාට.. අන්තිමේට හැමෝම ගැන හිතලා තීරණේ ගත්ත උට වෙන්නේ මන් නිසා මැරුම් කන්න..
මූඩ් එක ෆික්ස් වෙන්නත් එක්ක මන් මගේ කුටු කුටු නොකියාව එළියට ඇදලා අරුන්ගෙන් තියෙන මැසේජ් වත් බලන්නේ නැතුව නයි ගේම් එක ගහන්න ගත්තා... මන් මේ ගේම් එකේ එක්ස්පරට් කෙනෙක්.. කාටවත් බැරි උනා තාම මාව බීට් කරන්න මේකෙන්.. ස්ට්‍රෙස් රිලීස් කරන්න මන් රෙකමන්ඩ් කරන හොදම ගේම් එක.. මොකද මේක ප්ලේ කරද්දි වෙනම ස්ට්‍රෙස් එකක් එනවනේ..
ටික වෙලාවක් ෆෝන් එකේ සිහියෙන් නයාට කව කව හිටියා.. මට කාලෙකින් උට හරියට කවන්නත් බැරි උනානේ.. ඒ අස්සේ මට කවුරුහරි බලන් ඉන්නවා වගෙත් දැනුනා.. මොකද මට හොද ඉවක් තියෙනවා එහෙන් මෙහෙන් ඩාං ඩූං උනාට... මන් පොඩ්ඩක් ඔලුව උස්සලා ඇන්ටනාව දාලා බැලුවා සතර දිසාවටම..
කවුරුත් නෙවේ ඒ ගවේෂ් අයියා... මූ නම් යන යන තැන ඉන්නවා.. එක්කෝ මගේ වෙලාව හොදනෑ.. එහෙම නැත්තං උගේ වෙලාව හොදනෑ.. ඩයල් එක දැල් වැටට එහා උන්ගේ වොෂ් රූම් එකේ ඉදලා මන් දිහා බලාගෙන ෆෝන් එක ඔබනවා...
දැන් එද්දිත් මගෑරලා ආව නිසා මේ මනුස්සයට කොමන් සෙන්ස් නැද්ද දන්නෑ පාඩුවේ පැත්තකට වෙලා ඉන්න.. මෙතෙන්ටත් ඇවිත් බලං ඉන්නවා.. උසට උසේ තාප්පේ වගේ හිටියට මන් නම් තමුසෙව ආයේ ගණන් ගන්නෑ.. මොකද අර ඉදුවරයා ආයෙත් අපි එකට ඉන්නවා දැක්කොත් මන් වසලා හමාරයි.. ජේඩා අයියත් ඇවිල්ලා.. ඌ නිකන් අර මොකාද එකාවගේ පිටිපස්සහට වෙලා ඉන්නවා... මට ඌවත් පේන්න බෑ.. ඔක්කොටම හපන් අර සැගා කියන එකා.. ඌනම් මේ ටිකේ පෙන්නම නෑ... එහෙම පේන්නැති තරමටම හොදයි.. මන් දෙන්නටම රවලා මගේ පාඩුවේ ගේම් එක ගහන්න පටන් ගත්තා.. බලන් ඉදලා ඇති උනාම යන්නේ නැතෑ..
ඒත් එක්කම මගේ ෆෝන් එකට ආවේ කෝල් එකක්... අර තාමත් සේව් කරලා නැති නම්බර් එක.. මන් ඔලුව උස්සලා එයා දිහා බැලුවම ෆෝන් එක කනේ ගහන් තාමත් මන් දිහා බලන් ඉන්නවා.. ජේඩ් අයියත් මන් දිහාම බලන් ගවේසාන්ගේ කනට කරලා මොනවදේ කියනවා..
මට දැන් එන්නේ එසේ මේසේ තරහක් නෙවේ.. පුළුවන් තරම් ඈත් වෙන්න හදද්දි මූ පණුවෙක් වගේ ඈදිලාම එනවා.. වැරදිලා හරි මන් හදට හියොත් මූ එතනත් ඉදී කඩයක් හරි දාගෙන.. ඒකනම් මට ෂුවර් ෂොට්.. දැන් මේ කෝල් එක නිසා ගේම් එකත් ලොස්ට්.. ඒ තරහටත් එක්ක මන් ෆෝන් උස්සලා උට පේන්නම එක කට් කරලා සාක්කුවේ දාගෙන ආයෙත් ඒ පැත්තවත් බලන්නේ නැතුව ආවා... මට ඌත් එක්ක කිසි කතාවක් නෑ අය.. වෙච්ච හරිය හොදටම ඇති.. ඕෆ් කරලම දැම්මනම් හරි මේ මගුල..
ඔක්කොටම කලින් මට දැන් ඕන අර ගෙමිදුවව හොයාගන්න... නැට්ට පාගගන්න කලින් ප්‍රශ්නෙට මුල හොයාගන්න එපැයි.. මේ වගේ දේකට ඌව තමා ගැලපෙන්නේ... මන් ආයෙත් ෆෝන් සාක්කුවෙන් අරන් කෝල් එකක් දාලා පවිරුටයි මඩයටයි කියන්නේ නැතුව ඌට බැම්මට එන්න කියලා ෆෝන් එක ඕෆ් කරලා දාලා ඒ පැත්තට ඇවිදගෙන ගියා..
"පුතුවියා ......."
මන් බැම්මට ගිහින් ඉදගෙන විනාඩියක් ගියේ නෑ ගෙම්බත් කොහෙදෝ ඉදලා දුවගෙන ආවා.. මන් උට අතදීලා උඩට නගින්න උදව් කරා..
"ඒයී මොකෝ උනේ ඉදුවර අයියා මොකද කිව්වේ.. මූණත් රතු වෙලානේ පුතුවි... ප්‍රශ්නයක්වත් උනාද? බැන්නේ නෑනේ? ගැහුවේ නෑනේ? අපි කෝල් ගත්තා ආන්ස්වර් කරේ නැත්තේ ඇයි? අරෙහෙ පවිරු හොය-"
"මට ගවේෂ්ගේ ඉන්ස්ටා ඇක් එක පෙන්නපන්"
"ඒත් එකපාරට-"
"ඉක්මනට පෙන්නපං හුත්ත..!!!"
මට දැන් ප්‍රශ්න අහද්දිත් මල පනිනවා... වටේ ඉන්න උන් එක්කත් තරහා යනවා.. ගෙමිදුවා ටග් ගාලා ෆෝන් එක අරන් ඉන්ස්ටා එකට ගියා. මන් ඔය ලබ්බේ වැඩ දන්නෑනේ.. මට ඉන්ස්ටා ඇත්තෙත් නෑ..
"මට විඩියෝ එකක් තියෙනවානම් ඒක දාලා දීපන්. ලගදි දාපු එකක්"
"ආහ් මේක තමා අන්තිමට දාලා තියෙන්නේ"
ගෙමිදුවා බය වෙලා වගේ ෆෝන් එක මගේ අතට දුන්නා.. උටත් මන් කෑ ගැහුවනේ.. දැන් නලවන්න වෙලාවක් නෑ.. මට ඕනි මාව ගෙන්නගෙන අරූට බනින්න තරම් ඔය කියන විඩියෝ එකේ තියෙන්නේ මොකක්ද බලන්න.. මන් ගෙමිදුවා දාලා දුන්න විඩියෝ එක ප්ලේ කරලා බැලුවා... ඒ තිබ්බේ බැලූ බැල්මට කිසි ප්‍රශ්නයක් කියන්න බැරි සාමාන්‍ය නාරංගල කන්දේ විඩියෝ එකක්... මාරම ලස්සනයි.. පර්ෆෙක්ට් විදිහට ෂොට්ස් එක අරන් තිබ්බා.. ඒත් ටිකක් බලාගෙන යනකොට තප්පර දෙකක් වගේ පොඩි ටයිම් එක්කට මාත් ඒකේ ඉන්නවා... අර මන් බල්ලව එලවන්න ගිය වෙලාවේ අහක බලන් උඩට එන ටික. එකත් තප්පර දෙකක් වගේ පොඩිම පොඩි වෙලාවක්ට....
එතකොට මේක තමා ඉදුවරයා දැකලා තියෙන්නේ.. මේකේ දැන් අරූට අච්චර නටන්න තරම් තියෙන දේ මට හිතාගන්න බෑ.. මන් හිතුවේ මගේ රෙදි නැති මගුලක්වත් තියෙනවද කියලා.. ඌ එච්චර නටන්න තරම් මෙකේ තියෙන විශේෂත්වේ මොකක්ද? කැප්ෂන් එක්කුත් නෑ.. හෑෂ්ටැග් මුකුත් නෑ.. ආයිෂ්... මට තේරෙන්නෑ.. මන් බොරුවටනේ අර මනුස්සයට ගැස්සුවේ පැද්දුවේ.. කමක් නෑ කොහෙන් හරි ප්‍රශ්නේ ඇති උනේ එයා නිසානේ..
මන් ගෙමිදුට ආපහු ෆෝන් එක දෙන්න යනකොට මගේ අතින් වැරදිලා බල බල හිටිය රීල් එකෙන් බැක් වෙලා එකවුන්ට් එකට ආවා.. ඒත් එකපාරටම මන් දැක්ක ෆොටෝ එකක් නිසා මන් ආයෙත් ගෙමිදුගෙන් ෆෝන් එක උදුරලා ගත්තා... එකවුන්ට් එකේ ටිකක් උඩ පල්ල ගියාට පස්සේ තමා මට පොලව පලාගෙන යන්න හිතුනේ..
ඒ ඇක් එක පුරාම තිබ්බේ එයා තිවාන් අයියා ඇතුළු අනිත් යාළුවෝ සෙට් එකත් එක්ක ට්‍රැවල් කරන්න ගිහින් දාපු ෆොටෝ... නිකන් නාරංගල වගේ නෙවේ වෙන වෙන රටවල් වලට ගිහින් ට්‍රැවල් කරපුවා... සමහරක් ප්ලේසස් ඇවිල්ලා මට යන්න හිතන්නවත් බැරි තැන්.. සෝලෝ ට්‍රැවල් කරපුවා පවා තියෙනවා..
ඒ වගේම මට තව සප්‍රයිස් එක්කුත් තිබ්බා.. අර ඇඩ්වෙන්චර්ස් කරපු ෆොටෝ අස්සේ මේ මිනිහා තඩි පිට් බුල් බල්ලෙක් බදාගෙන ඉන්න ෆොටෝ හතර පහකුත් තියෙනවා... හෑෂ්ටැග් මයි කියුට් ඒන්ජල් !!
"පස්සට වෙලා ඉන්නව මනුස්සයෝ බල්ලෙක් බල්ලෙක්....!!!"
"මීට කලින් ටෙන්ට් ගහලත් නැතුව ඇතිනේ මන් කියල දෙන්නම්" .
"ටෙන්ට් එක ගහන්න අර උඩටම ගියේ නැත්තේ ඇයි කියලා දන්නවද"
"මේව්වා හොදට අහගෙන ඉගන ගන්නවා.. වයසින් බාල උනාට මන් අත් දැකීම් වලින් සෑහෙන්න පරිණතයි"
"සුද්ද කරලා ඉවරයි. එන්න ටෙන්ට් ගහන විදිහ කියලා දෙන්න"
"කොහෙද ඉතින් මීට කලින් කන්දක් වත් නැග්ග මිනිහෙක්ද තමුසේ..."
මට එයාට කියපු තේරුමක් නැති දේවල් මතක් වීගෙන ආවා... දවසක් තිස්සේ අරූට මාව නිකන් ජෝකර් කෙනෙක් වෙලා තියෙන්නේ... එතකොට මූ මට කරලා තියෙන්නේ තනි බොරුව.. මුල ඉදලම බොරුව.. මන් කොච්චර දේවල් කිව්වද? දන්නේ නෑ කියලා හිතලා ටෙන්ට් එක අරින එකේ ඉදලා දර හොයන්නත් කියලා දුන්නා. එතකොට මූ මගෙන් අරන් තියෙන්නේ ආතල් එකක්ද? මට මතක් උනේ නාරංගල ගිය දවසේ හැම වෙලේම අමුතු හිනාවක් දාගෙන ඔලුව කස කස හිටිය විදිහ.. මට තේරුනා සමහරක් වෙලාවට එයා හිනාව තද කරගෙන ඉන්නවදෝ කියලත්... එතකොට ඌ මගෙන් ගත්තෙත් ආතල් එකක්..
අර ප්‍රශ්නෙත් අමතක කරන්න ගියාත් හරි මේකත් දැක්කම මාව තවත් අවුල් උනා... එක දිගට මෙහෙම පීඩනේ එනකොට මාව ආයෙත් ලාවට වෙව්ලගෙන වගේ එනවා... වෙන වෙලාවක නම් මන් මේකට ගේම ඉල්ලන් යනවා... ඔන්නම් කෑගහලා බනී.. ඒත් දැන් මට දැනෙන්නේ මන් ගැනම ලැජ්ජාවක් සහ කලකිරීමක්..
එක එකා එක එක හේතු හදාගෙන මාව පාවිච්චි කරනවා.. ඇයි මටම මෙහෙම කරන්නෙ?
මන් අම්මෙක් අප්පෙක් නැති අසරණයෙක් නිසාද?
වල් බල්ලන්ටත් බයයි කිව්ව මිනිහා මිනී කන බල්ලෙක් නල්ල මලේ බබෙක් වගේ හුරතල් කරන ෆොටෝ විඩීයෝස් ගොඩක් තිබ්බා.. ගියපු හයිකින් සෝබනේට පඩිපෙල් නැග්ගා වගේ කියලා ඉන්දියා ගිහින් හිමාලෙත් සාමාන්‍ය දුරකට ට්‍රැවල් කරලා තිබ්බා... මට තේරෙන්නෑ මන් මේකට හිනාවෙන්නද අඩන්නද කියලා..
මට අර තිරිසනා නිසා පැරුච්ච හිත තවත් දෙකට තුනට කැඩුනා.. එක මගුලක් ඉවර උනාම තව මගුලක්.. හැමදේකටම සීමාවක් තියෙනවා.. මාත් දැන් එකේ උපරිමේ..
මන් ගෙමිදුට ෆෝන් එක දීලා බැම්මෙන් පැනලා එන්න ආවා. ඌත් මගේ පස්සෙන් මගේ නම කියාගෙන දුවගෙන ආවා... මන් එහෙම්ම කොමන් එකට ගිහින් බෑග් එකත් අරන් ෆැකල්ටියෙන් එලියට බැස්සා... කොමන් එකේ කවුරුත් නෑ. කොල්ලෝ ටික ඔක්කොම එහෙ මෙහෙ වෙලා ඉන්නේ.. මන් බෑග් එකත් අරන් එලියට යද්දි ගෙමිදුවත් මගේ නම කියාගෙන පස්සෙන් දුවන් ආවා.. මට දැන් යන්නේ කොහෙද කියලා සිහියක් නෑ.. යන්න විදිහකුත් නෑ. කිලෝ මීටර් දෙකක් විතර යන්න ඕන ගේට් එකටත්...
"පුතුවි බෝඩිමට යන්නද ඕනී.. ඉන්න මන් පවිරුට ගන්නම්.. ඔහොම කලබල වෙලා බෑනේ.. ඔයා මුකුත් කියන්නෙත් නෑනේ.. ඉන්නකෝ චුට්ටක්"
ගෙමිදුවා දුවන් ඇවිත් මාව අතින් අල්ලලා නවත්තලා මගේ ඉස්සරහම පවිරුට කෝල් එකක් ගත්තා.. මන් එහෙම්ම බෑග් එකත් බිම පොලෙවේ ගහලා ලග තිබ්බ බෙන්ච් එක්ක ඉදගත්තා.
"පවිරු පුතුවි යන්න හදන්නේ ඉක්මනට එනවද?"
"......."
"ෆැකල්ටිය පහු කරලා එන දෙමන් හන්දියේ බෙන්ච් ටික ගාව ඉන්නේ"
"....."
"ඇ-විල්ලම බලන්නකෝ"
ගෙමිදුවත් වචනයක් කියන්නේ නැතුව මන් ලගට වෙලා මන් දිහා බලන් ඉදගෙන හිටියා... මන් හිටියේ වචනයක් කතා කරගන්න බැරි සිහියක.. ඉදුවර අයියා කිව්ව දේවල් වලටත් වඩා මට ගවේෂ් අයියා කරපු බලු වැඩේට උවමනාවටත් වඩා හිත රිදිලා ඉන්නේ.. ටික වෙලාවකින් අපි ඉන්න තැනට මඩයයි පවිරුවයි දුවගෙන ආවා.
"කොහෙද තෝ හිටියේ මෙච්චර වෙලා.. කීයේ ඉදලද මන් තොට කෝල් ගන්නේ.. තොට කෝල් එකක් ආන්ස්වර් කරන්න බැයිද.. බැරිම තැනම මන් වැලිකඩටත් ගියා.. මඩයා බයික් එක අරන් ගේට්ටුවටත් ගියා තෝ හොයන්න.. කොහෙද තෝ හිටියේ මෙච්චර වෙලා කියපං ඉතින්"
"ම-ට බෝඩිමට ය- න්නෝන පවිරු"
යකා ආවේස වෙලා ආව මිනිහා මන් වචනයයි කිව්වේ එකපාරම කූල් ඩවුන් උනා.. මට ඇඩෙනවා.. මන් ඉක්මනට උගේ අතින් ඇදලා ලං කරගෙන ඉනවටේ අත දාලා බඩට මූණ හේත්තු කරන් ඇඩුවා.. මෙච්චර වෙලා හිතේ තිබ්බ පීඩනේ මන් එහෙම්ම එලියට දැම්මා.. මට වෙන නිවෙන්න තැනක් නෑ පත්තු වෙලා ඉන්න හැම වෙලාවෙම.. මන් දන්නෑ මගෙ හිතට හරිම දුකයී.. මහන්සි..
"සි-ත් තමුසේ හො- දින්ද?
"නැ -හැ"
මන් තව ටිකක් ඌව තදින් බදාගෙන ඉකි ගහලම ඇඩුවා.. මට දැනුනා ඌ මගේ ඔලුව අතගානවා කියලා.. කවුරුත් මුකුත් කතා කරේ නෑ ආයෙත්.. උනුත් ෂොක් වෙලා ඇත්තේ..ඒ එක්කම ගෙමිදුවත් මට මූට්ටු වෙලා මාව බදාගෙන අඩන්න ගත්තා.. මඩයා මගේ පිට අතගානවා දැනුනා.. ඊට පස්සේ අපි ඔක්කොම එකට වෙලා තදින් බදාගත්තා.. පව් මගේ උන් ටික.. මන් නිසා හැමදාම කරදර.. අරුන් දෙන්නා මාවවයි ගෙම්බවයි ඔලුව අතගගා සනසනවා.. ටික වෙලාවක් අඩලා අඩලා නෝමල් උනාට පස්සේ අපි හතර දෙනා බංකුවේ පෝලීමට ඉදගෙන කතා නැතුව පාර දිහා සෑහෙන වෙලාවක් බලාගෙන හිටියා... අපි කාටවත් කතා කරන්න උවමනාවක් තිබ්බේ නෑ... සැරින් සැරේ ගෙම්බා නහය උඩට අදින සද්දෙයි එතනින් බයික් එකක් දෙකක් එහාට මෙහාට යන සද්දෙයි ඇරෙන්න කුරුල්ලෙක්වත් කෑ ගැහුවේ නෑ..
මට ඕනිත් මෙහෙම ඉන්න.. ප්‍රශ්ණයක් උනාම එකදිගට ඒක කියන් ගිහින් විසදගන්න දතකනවට වඩා අපි හැමෝටම ඕනී හීල් වෙන්න ටික වෙලාවක්.. අඩුම තරමේ ඒ වෙලාවේ පුළුවන් මොකක්ද මේ මට උනේ කියලා හරි හිතන්න... ඒ අතින් මේ වගේ මාව හොදටම තේරුම් ගත්ත යාළු සර්කල් එකක් ලැබෙන්න මන් පට්ටම වාසනාවන්තයි කියලා මට හිතුනා..
"හරි ලෑස්ති වෙයන්කෝ එහෙනම් යන්න... මඩයා මගේ බෑග් එක කොමන් එකේ ඇති.. ඒක ලොකර් එකට දාලා මූවත් අරන් වරෙන් පාර්ක් එකට.. පස්සේ මේවා ගැන කතා කරමු.. මන් මූව බෝඩිමට දාන්නම් උබ මූව ගෙදරට දාපං.."
"හරි පවිරුවා මන් මූව එක්කන් යන්නම්.. මට ගිහින් කෝල් එකක් දාපංකෝ"
"පරිස්සමෙන් පලයල්ලා'
සෑහෙන වෙලාවක් සද්ද නැතුව ඉදලා පවිරුවා තමා කතා කරේ... ඊට පස්සේ ඌ මාව අතින් ඇදලා නැගිට්ටුවා.. මඩයට ගෙමිදුව එක්කන් යන්න කියලා මාව ඇදගෙන වගේ පාර්ක් එක් පැත්තට ගියා.. මාත් උගේ පස්සේ ඇදිලා ගියා..
" පෘථිවි..!!!"
ඒ එක්කම අපි දිහාවට දුවගෙන ආවේ ගවේෂ් අයියා.. කොහෙ ඉදලා හොයාගත්තද දන්නෑ.. ඇවිල්ල ඉන්නෙත් තනියම... උදේ ඉදල එල්ලි එල්ලි හිටිය ජේඩාවත් නෑ... ඇගපුරාම දාඩිය දාලා නිකන් පොර අල්ලලා වගේ.. මට එයාව දැක්ක ගමන් පපුවත් එක්ක රිදෙන්න ගත්තා.. අනේ මේ මනුස්සයනේ මට බොරු කරේ..
" පෘථිවි මට කතා කරන්න ඕන"
ගවේෂ් අයියා ලගට ඇවිත් පවිරුවා ඉන්නවා කියලා ගානක්වත් නැතුව මගේ අතින් අල්ලනකොට මන් අත ගසලා ඇදලා ගත්තා.. බොරුකාරයා.. මට තමුසේ එක්ක කිසි කතාවක් නෑ...
"පව්වා යමං"
මට තවත් මේ මනුස්සයාගේ මූණ බලන්නත් ලැජ්ජයි.. එදා ගමන් ඉවර වෙලා මාව මතක් කර කර හිනා වෙන්නැති... ඒ කිසි දෙයක් නොදන්න පවිරුවා ඉන්නේ කන්ෆියුස් වෙලා.. උට හිතා ගන්න බෑ මොකද වෙන්නේ කියලා... ඌ කී එකත් අතේ තියන් මාරුවෙන් මාරුවට මන් දිහයි ගවේෂ් අයියා දිහයි බලනවා.
" පෘථිවි මන් කියන දේ අහන්න මොකක් හරි ප්‍රශ්නයක්ද මගේ අතින් වැරැද්දක් උනාද? "
ගවේෂ් අයියා මගේ මුණ පුරා ඇස් යවන ගමන් අහනකොට මට අත දිගෑරලා කනට එකක් ගහන්න හිතුනා.. මෙච්චර දෙයක් කරලා නොනදන්න බබා වගේ මොකද උනේ කියලත් අහනවා.. පවිරුව බයික් එකවත් ස්ටාර්ට් කරන්නේ නැතුව හිටගෙන අපේ මූණ් දිහාවල් බලන් ඉන්නවා.. මට දැන් ඌ එක්කත් මල.. තවත් මෙතන එල්ලීගෙන ඉන්නවා..
"පව්වා යමං.. මට බොරුකාරයෝ එක්ක කතාවක් නෑ"
අපි දෙන්නා දිහා ආයෙත් මාරුවෙන් මාරුවට බලලා මුකුත් කියන්නේ නැතුව ඌ බයික් එකට නැගලා ස්ටාර්ට් කරා... වෙන වෙලාවකනම් සිත්රුක කටවහපං කියලා හරි කියනවනේ... මන් හෙල්මට් එකවත් දාගන්නේ නැතුව බයික් එක්ට නැග්ගා..
අපිට යන්න බැරි වෙන්න ගවේෂ් අයියා බයික් එක ඉස්සහර ආවා... මොන නාඩගමක්ද මේ.. සිංහල තේරෙන්නෑ වගේ... පොර හේතුව කියනකම් අතාරින්නෙම නෑ වගේ.. ඉදපංකෝ මන් කියන්නෙත් නෑ.. වැරද්ද කරේ උබනම් උබම වැරැද්ද හොයාගනින්.. නොදන්න විදිහක් නෑනේ..
"අයියේ අයින් වෙන්න.. දැන් ප්‍රශ්නයක් ඇති කරන්න එපා. කතා කරන දෙයක් පස්සේ කතා කරගමු"
මන් ඉන්න තත්ත්වේත් පවිරුවට තේරුන නිසා ඌ දෙපැත්ත බැලන්ස් වෙන්න ගවේෂ් අයියට එහෙම කියලා අයින් වෙනකම් බලන් ඉන්නැතිව බයික් එක රිවස් කරලා අරන් එයාව ගනන් ගන්නැතුව කෙලගෙන ගියා පාර්ක් එකෙන් එලියට...
අපේ හිතවත්කම් පටන් ගත්ත තැනින්ම මම නවත්තනවා... අපිට කිසි හැදුනුම්කමක් ඕන්නෑ. විශේෂයෙන්මන් බොරු කාරයන්ට.. ඌ මගෙන් ගත්ත ආතල් එක ඉවරයි..
මට එක දෙයක් විශ්වාසයි.. ඒ මට තමුසෙගේ හුලගෙනුත් අපලයි...
============================(((
🌝
ලයික් ක්‍රරන්න
ෆලෝව් ක්‍රරන්න
කමෙන්ට් ක්‍රරන්න
ෂෙයා ක්‍රරන්න !!!