SITHTHARA

Per mickey_aurora

39.9K 8.5K 4.3K

ආදරයෙන් පින්තාරූ කල පැස්ටල් සිහිනය 🎨🖌️ ගවේෂ් × පෘථිවි !!! කතාවෙහි භාවිතා කර ඇති සියළුම ගීත නිර්මාණ වල අයිති... Més

Chapter 01
Chapter 02
Chapter 03
Chapter 04
Chapter 05
Chapter 06
Chapter 07
Chapter 08
Chapter 09
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 37
Chapter 38
Chapter 39
Chapter 40
Chapter 41
Chapter 42
Chapter 43
Chapter 44
Chapter 45
Chapter 46
Chapter 47
Chapter 48
Chapter 49
Chapter 50
Chapter 51
Chapter 52
Chapter 53
Chapter 54
Chapter 55
Chapter 56
Chapter 57
Chapter 58
Chapter 59
Chapter 60
Chapter 61
Chapter 62
Chapter 63
Chapter 64
Chapter 65
Chapter 66
Chapter 67
Chapter 68
Chapter 69
Chapter 70
Chapter 71
Chapter 72
Chapter 73
Chapter 74
Chapter 75
Chapter 76
Chapter 77
Chapter 78
Chapter 79
Final Chapter

Chapter 16

511 111 33
Per mickey_aurora

සුන්දර සෙනසුරා දවසේ උදේ පාන්දරම මන් කැම්පස් යන්නැතුව ගෙදර නැවතුනා. දැන් ඉතින් ලෙක්චර්ස් නෑනේ. ගියත් එකයි නැතත් එකයි. හැබැයි තව සතියකින් විතර එක දිගට ඔතන පැල් බැදගන්නම වෙනවා....
ඊට කලින් ප්‍රොජෙක්ට් එක ඉවර කරගන්න ඕන.  නැත්තං රෙපා ඇවිත් කන්නේ අපේ ඔළු ටික.

පවිරුවානම් කැම්පස් එකට ගියා මහා ශිෂ්‍ය සංගමේ බැනර් එකක් ගහනවා ඒක අදින්න ඕන කියලා. ඌ හෙන ඇක්ටිව් සමාජිකයා ඉතින්. උද්ගෝෂණයක් එහෙම සෙට් උනාම උට පාර්ටි වගේ.... මඩයත් කැම්පස් එකට යන්න ඇති අනිවාරෙන්ම. ඌ ඉතින් ස්ටුඩියෝ එකටම නාකි වෙන එකානේ. ගෙමිදු ගැනනම් දන්නෑ. අරංචියක්වත් නෑ.

මන් ඩ්‍රෝවින් එක අදින්න තෝරගත්තේ නාරංගල කන්ද. කලිනුත් මන් එහෙ ගිහින් තියන නිසා මට ලේසි වෙයි කියලා හිතනවා. හැබයි ඉතින් බදුල්ලේ යන්න ඕන. දුරයි තමා ඒත් ටයිම් එක තියෙනවනේ. මන් නැගලා තියෙන කදු වලින් ලේසිම සහ ලස්සනම කන්දක් නිසා ඒක තෝරගත්තේ. උපරිම පැයක් යයි උඩටම යන්න. වෙලාවේ හැටියට මට ඒක තමා සෙට් වෙනම පොට් එක.

මම හෙට නාරංගල යන්න ඕනි නිසා බඩුපැක් කරන්න පටන් ගත්තා. මේ පාර මන් ඩිසයිඩ් කරේ කන්ද උඩ හදන්න ගිහින් අතෑරලා දාපු චෛත්‍යය අදින්න. ඒකත් මට ඕනි night portrait එකක් විදිහට අදින්න. මොකද එතෙන්ට අකුණු ගහනවා. එතකොට මාරම ලස්සනයි. හැබැයි ටිකාක් රිස්ක්....
මට ඕනි ඒ වීව් එක ඇස් දෙකට අයෙත් ෆීල් කරගන්න. ඒක එසේ මෙසේ වැඩක් නෙවේ. අපිට ඩ්‍රෝවින් එක්කට උනත් පණ දෙන්න නැචුරල් ෆීලින් එකක් ඕනි. ආර්ටිස් කෙනෙක්ට රහ බලන්නේ නැතුව අවුට් පුට් එකක් දෙන්න අමාරුයි. මන් දන්න තරමින්...
මේක රෑක නවතින්න ඕන වැඩක් නිසා මට මගේ කැම්පින් අයිටම්ස් ටික ඕනි වෙනවා අනිවාරෙන්. ඉවසිල්ලක් නෑ යනකම්.

ඉස්සර මට කෑම්පින් යන්න තියා බස් එකේවත් යන්න සල්ලි තිබ්බේ නෑ. හැබැයි ඩ්‍රෝවින් කරලා කරලා මන් හොයාගත්තු සල්ලි වලින් මට ඕනි කරන හැම දෙයක්ම ටික ටික ගත්තා. ටෙන්ට් එකක්, මිනි ගෑස් එකක්, ලෑම්ප් එකක්, ස්ලීපින් බෑග් එකක් වගේම හොද ජාතියේ ට්‍රැවලින් බෑග් එක්කුත් තියනවා මට. වියදම් කරානම් වියදම් කරේ ඒ වගේ දේකට තමා. මන් කැම්පස් ආව මුල් කාලේ ඉදලම මේ විදිහට කෑම්පින් කරලා ඩ්‍රෝවින් කරන්න හොදට හුරු වෙලා හිටියේ. නිවාසේ ඉන්න කාලේ මේවා නෑනේ. ස්කූල් එකෙන් ගිය ට්‍රිප් විතරයි. අනික මන් ඒ කාලේ ස්පෝර්ට් එකක්වත් කරපු මිනිහෙක් නෙවේ. ස්කවුට් කරන්න හිතුනත් වියදම නිසා කරේ නෑ.
මන් දහ අටෙන් පස්සේ එලියට ආවත් හරි මුලින්ම කරන්න ගත්තේ ඩ්‍රෝවින් කරලා හම්බ කරන එක. අතට කීයක් හරි එකතු වෙච්ච ගමන් කැන්වස් එක උස්සන් තනියම ට්‍රැවල් කරපු එක තමා කරේ. දැන්නම් මට ටුවරිසම් කරන්න පුළුවන් තරමේ දැනුමක් තියෙනවා.

ටැවලින් බෑග් එක හදලා මන් ඊට පස්සේ ලෑස්ති උනේ පේන්ටින් අයිටම්ස් ටික පැක් කරන්න. මන් ටූල්ස් ටික වෙන වෙනම පැක් කරලා බොක්ස් එක්කට දාගත්තා. කැන්වස් එකයි සෙකන්ඩ් හෑන්ඩ් කැන්වස් එක්කුයි අරගෙන ඒක පරිස්සම් කරගන්න ඕනි නිසා පත්තර කොළවලින් ඔතලා සෙලෝටේප් ගැහුවා. ඊට පස්සේ කලර්ස් ටිකත් ඇරේන්ජ් කරගෙන ඇදුම් ටිකත් හදා ගත්තා.

"හුටා....!!!"

මන් කැන්වස් ස්ටෑන්ඩ් එක අකුලන්න යනකොට එක කකුලක් ගාවින් ඇණයක් පැනලා දෙකට මැදින් ගියා. දැන් ඉතින් පලකෝ අලුත් එකක් ගන්න. මන් ගාව තියෙන අනික් ඒවා වුඩ්න් ස්ටෑන්ඩ්ස්. ඒවා අකුලන්න බෑ. මේකත් මන් අරන් දැන් අවුරුද්දකට වැඩී. ගන්න පුළුවන් උපරිම වැඩක් ගත්ත නිසා දුක නෑ. මට දැන් ඔක්කොම පැත්තක දාලා ස්ටෑන්ඩ් එකක් ගන්න යන්න වෙනවා.

ඒක හවසට ගන්න යනවා කියලා හිතාගෙන මන් රූම් එක අස් කරලා ටයිල් එක මොප් කරන්න හිතාගත්තා. මට මාස ගානකින් මොප් කරන්න බැරි උනා. පේන්ට්ස් හැලිලා වෙනම ලුක් එකක් තියෙන්නේ. කැත නෑ අප්පා මටනම් හරී ලස්සනයි... හැබැයි පවිරුනම් කියන්නේ මඩ වගුරක් වගේ කියලා.

සාමාන්‍යයෙන් මන් මේ වගේ වැඩක් කරනකොට ටැබ් එකෙන් යූ ටියුබ් එකේ සින්දුවක් දාගන්නවා නැත්තං රිවීව් එකක් බලනවා. හැබයි මන් බලන්නෙම මිනී මරාගන්න ඇන කොටා ගන්න ඒවා විතරයි. නැත්තං මට බලන මූවි එකක්වත් හිතට හරියට දැනෙන්නෑ. මෙහෙම අහිංසකව හිටියට මන් ඇවිල්ලා අමුතු ජාතියේ මනුස්සයෙක්.

"~ සියළු දෙනාම සාදරයෙන් පිළිගන්නවා අපේ ඉන්සයිඩ් සිනමැක්ස් යූ ටියුබ් චැනල් එකට. අවසානය වෙනකම් හිතාගන්නවත් බැරි කුතුහලයෙන් පිරුනු  අලුත්ම අලුත් සුපිරි මූවී එකක් අද අපි ඔයාලට ගෙනල්ලා තියෙන්නේ. මේ අවුරුද්දේ රිලීස් උන සීරියල් කිලර් ගනයේ අති සුපි- Red bull gives you wings ~"

"ආයිෂ් ලබ්බක් ප්ලේ වෙනවා. රෙඩ් බුල් දෙයි වින්ග්ස් කෙසේවෙතත් ගවේ- ආයීෂ්...!!! මුකුත් නෑ"

පාඩුවේ විඩියෝ එකක් බලන්න නෑ ලබ්බේ ඇප් එකෙත් ඇඩ් එනවා විනාඩියෙන් විනාඩියට. ඇප් එකත් නටනවා වැඩී දැන්.. මන් මොප් එකත් බිම දමලා ගහලා ආවේ ඇඩ් එක ස්කිප් කරන්න. මට ඕක ඉවර වෙනකම් ඉන්න බෑ නැත්තං නලියනවා වගේ.

මට දැන් ඇඩ් එක නිසාම එක්කෙනෙක් මතක් වෙනවා. මේ දවස් වල මගේ යටිහිතේ හොල්මන් කරන අර එපා කරපු මනුස්සයා. මගේ අතිශය ප්‍රථම තුන් කුළුදුල් හාදුවත් පුදන්න උනානේ ඒ මනුස්සයට.
ඇත්තටම අපිට සාමදානෙන් ඉන්න බැයිද? බෑ !!!..... කොහෙත්ම මට ඒ මනුස්සයා එක්ක කිසි සාමයක් ඕන්නෑ.

මන් දන්නෑ කැම්පස් එකේ උන් ඒ මිනිහට එච්චර මැරෙන්න හදන්නේ කියලා. ඒ ඉන්නෙත් සාමාන්‍යය මනුස්සයෙක්. ඔලුව උඩ තියාගන්න තරම් විශේෂයක් තියෙනවද ඇත්තටම???... නෑ!!!
හරි හැන්ඩ්සම් තමා. ඒ කියලා ඌ විතරක් ඈ එහෙම එකෙක්ට ඉන්නේ. අර මෙඩිකල් ෆැකල්ටිය පැත්තේ ගියානම් ලස්සන ඩොට්ට අයියලා පොකුරු පිටින් බලාගන්න තිබ්බා. සැක් අපේ කරුමෙට ඉන්ජොම අපේ අසල් වාසියෝ උනානේ...

හැම ඉන්ජෙක්ම අවුල් නෑ ඉතින්. තිවාන් අයියා එහෙමත් බලන්නකෝ. කොච්චර ලස්සන හිනාවක්ද ඒ මනුස්සයට තියෙන්නේ. දැක්කත් ඇති බඩ පිරෙනවා. නෑ කමට ගවේෂ් පස්සේ වැටිලා හිටියට බලන්නකෝ කිසි කතාවක් අහගන්නේ නැතුව මගේ පූජනීය ගෞරවෙත් හිමි කරගෙන ඉන්න හැටි. අනික බැජ් එකේ ටොප්. මීඩියා ක්ලබ් එකේ ප්‍රසිඩන්ට්. තව මොනවද ඕන.

සැගා අයියනම් මහා එපාම කරපු එකෙක්. මාසෙන් මාසෙට ගෑණු මාරු කරන්නේ. බෑඩ් බෝයී ප්‍රෝ මැක්ස්. යුනි එකේම කීයක් කොකු තිබ්බද ඕකට. එයා ගැනනම් කව්රුත් වැඩිය හොදක් කියන්නේ නෑ. කොණ්ඩෙක් එක්ක වවාගෙන ඉන්න නිසා දැක්කත් බයයි සමහරක් කට්ටිය. මන් නම් බයත් නෑ ණයත් නෑ. මන් ඕකව ඉස්සර ඉදලම සිල්ලරේකටවත් ගණන් ගත්තේ නෑ.

ජේඩා අයියනම් ලාවට හොදයි. හැබැයි සැගාගේ හැම කුප්ප වැඩකටම දෝත බදලා සප් එක දෙනවා. උන්ට තමා කියන්නේ පාප මිත්‍රයෝ කියලා. ඒ අතින් පවිරු කොච්චර හොදද. මන් වැරැද්දක් කරන්න හිතනකොටම ඔලුවට ඇරලා දාලා ඉවරයි..

අනික් එකා ගවේසාන්. ඔක්කොගෙම මහඑකා. සද්ද නැතුව ඉදලා ගේම ගහන්නේ. ඇමතියගේ ඉමේජ් එක තියන්න ඕනි නිසා පිටට පේන්න බොරුවට රගපාගෙන හිටියට මං වගේ අහිංසක කොල්ලෙක් දැක්කත් ඇති මඩවන්න. මෙච්චර කාලෙකට මට කරේ හොදක්ද?? නෑ...!!!
ආපු දවස් වල මට මතකයි සැගා අයියලා මට කැත ජෝක් කරන කොට ඩයල් එක හිනා වෙවී බලන් ඉන්නවා. තිවාන් අයියා හිටියොත් විතරයි මාව ෂේප් කරලා යවන්නේ. මට කොච්චර හතුරුකම් කරලා ඇතිද.

දවසක් පාරේ යනකොට මුන් කාර් එකෙන් මට කපාගෙන ගිහින් මන් එහෙම්ම බොක්කුව පල්ලේ. එදා අත ඩැමේජ් වෙලා මිඩ් එක්සෑම් එකේ ප්‍රැක්ටිකල් එකත් මෙඩිකල් පෙන්නලා බේරගත්තේ. හැබැයි මන් ඒකට පලි ගත්තේ කාසියකින් කාර් එකේ ඩෝ එක බරු ගැහෙන්නම හූරලා.
ආයේ තව දවසක් මන් උඩ බලන් යද්දි ජේඩා කකුල් මාට්ටුවක් දාලා මන් කැම්පස් එකේ තව්තිසාව මැද්දෙම ගෙම්බා පොලේ ගැහුවා වගේ වැටුනේ. එතන හැම ෆැකල්ටියකමවගේ ළමයි හිටියා. මොකද ඒකට පිටිපස්සහා තමා කැම්පස් එකේ හොදම කැන්ටින් එක තියෙන්නේ. එදා නම් මට තව්තිසාවේ වල් කාලම මැරෙන්න හිතුනා.
හැබැයි ඒකට මන් ගත්තේ කැත ජාතියේ පලියක්. ඉන්ජොන්ට උන්ගේ කැල්කියුලේටර් එක කියන්නේ ජීවිතේ වගේ දෙයක්. මන් කරපු කැත වැඩේ කිව්වේ,  කැන්ටිමේ ඉන්න වෙලාවක උන්ව එහා මෙහා වෙනකම් නෝට් කරන් ඉදලා එතන තියන කැල් එකක් උස්සන් ගිහින් ඩස්බින් දැම්ම එක. මට පුදුම ආද්‍යාත්මික සුවයක් දැනුනේ. අදටත් දන්නේ නැතුව ඇති ඒකට මොකක් උනේ කියලා. කැල් එකත් කාගෙද දන්නෑ.... ඌ නිසා මේ වගේ දුක් බර කතා කොච්චර  තියෙනවද මගේ ජිවිතේ.

කොහොමහරි ගවේෂාන්ට දෙහි කප කප මන් ඉක්මනටම රූම් එකත් මොප් කරලා ඉවරයක් කරගත්තා. ඊට පස්සේ ඉදගෙන ප්‍රොජෙක්ට් ෆයිල් එක හදලා ඉවරයක් කරලම දැම්මා. මේවා ඉතින් අන්තිමට කරන්න ඕනි වැඩ. මන් අග ඉදලා මුලට වැඩ කරන මිනිහනේ... අන්තිම මොහොතෙ හදනවට වඩා ලේසි එහෙම.

වැඩේ ඉවර කරලා වෙලාව බලද්දි තමා දැක්කේ දැනටමත් වෙලාව දෙකයි කියලා. මන් එහෙම්ම ටේබල් එකෙන් නැගිටලා කාලා වොෂ් එකක් දාගත්තේ අලුත් ස්ටෑන්ඩ් එකක් ගන්න ටවුන් එකට යන්න. පංචිකාවත්ත හරියේ මන් දන්න අයියා කෙනෙක් ඉන්නවා  සුපිරියට ස්ටෑන්ඩ් හදන.

මන් ඊයේ කැම්පස් එකේ ATM එකෙන් සල්ලි ගත්ත නිසා වීල් එක්කම පංචිකාවත්තට ගියා. මගදි මන් ෆස්ට් එයිඩ් වලට බෙහෙතුත් ගත්තා නාරංගල යන නිසා. තිබ්බ ඒවා ඉවරයි.

විල් එකෙන් බැහැලා සල්ලිත් ගෙවලා තුන හමාර වෙද්දි හරියටම කඩේ හන්දිය ගාවට ආවා. ෂොප් එක තියෙන්නෙ පාර අයිනේ නෙවේ ටිකක් ඇතුලට වෙන්න. ඒ හරියට යනවා කියන්නේ ඉතින් කුඩු ගංජා කාරයෝ ඔක්කොම ඉන්නවා පැල් බැදගෙන.

ට්‍රීං... ට්‍රීංං..

මන් මේන් රෝඩ් එකෙන් ඇතුලට යනවත් එක්කම මගේ කුටු කුටු ෆෝන් එකට කෝල් එකක් ආවා. දන්නැති නම්බර් එකක්. ආන්සර් කරනවද නැද්ද කියලා හිත හිතා පාරෙන් ඇතුලට යනගමන් ආන්සර් කරා

"හෙලෝ....?"

"කොහෙද ඉන්නේ?"

කවුද යකෝ කෝල් අරන් කොහෙද ඉන්නේ අහන්නේ. දෙන්න හිතෙනවා ෆෝන් එකෙන් ආදලා අරන් හොම්බ රිවට් වෙන්නම.

"මේ කවුද? ඇයි අහන්නේ?"

"තමුසෙට මාව අදුර ගන්න බැරිද?"

"ඇයි තමුසේ විශාරද එඩ්වඩ් ජයකොඩිද?"

"තමුසේ මාර මනුස්සයෙක්නේ. මෙහෙම හොයලා බලන මනුස්සයෙක්ට කතා කරන විදිහද ඔය"

"තමුසේ මන් ගැන මොනවට හොයනවද කියලා මන් දන්නවද අයිසේ. ගොන් ආතල් නොදී හිටපං. ආයේ පාරක් කෝල් කරලා වද දෙන්න හැදු-"

"අහ් මල්ලී....."

නාදුනන දුරකතන සගයට දෙහි කප කප මන් අඩියට දෙකට ෂොප් එක ගාවටම ගිහින්. ඒත් මගේ කරුමෙට ඒක වහලා. ඒත් එක්කම අහලා පුරුදු කටහඩක් නිසා කෝල් එකේ අවදානෙන් මන් බිදුනා.

"රංජි අයියා....?"

විල් පාර්ක් එකේ රංජි. තව කොල්ලෝ සෙට් එක්කුත් එක්ක මගේ ඉස්සරහා හිටන් ඉන්නවා. මට අමුතු බයක් සෙට් උනත් මන් එක පෙන්නන්නේ නැතුව හිනා වෙලා මගේ කනේ තිබ්බ ෆෝන් එක මන් එහෙම්ම සාක්කුවේ දාගත්තා.

"මොකෝ ආවේලාවේ කොළනියට බැහැලා. මොකක්ද වෙන්නෝන කොල්ලට?"

"අහ්...ම්..මන් මේ වැඩකට ගුණේ අයියගේ ෂොප් එකට ආව පාර. ඒත් ෂොප් එක වහලනේ මන් යන්න කියලා".

"මොකක්ද මල්ලියා වැඩේ.... මේ රංජියා ඉන්නේ එකට තමා. උබලා අපේ මූණු දිහාවත් බලල කතාවක් නෑනේ. කැම්පස් නිසාද ඒ ආ.... කෝ උබේ අනික් එකා... කියපංකෝ මොකක්ද උබට ඕනි"

රංජියා කතා කරනකොට උගේ වටේ හිටිය හිටිය කුඩ්ඩෝ ටිකත් මහා කැත ව්දිහට හයියෙන් හිනා උනා. උන්ගේ ඇස් පවා රතුයි. එතන කඩවල් කීපයක් තිබ්බත් කිසි කෙනෙක් මේ පැත්තවත් බලන්නේ නැතුව තමන්ගේ පාඩුවේ වැඩ. වෑල්ඩින් කරන සද්දේ කඩවල් දෙක තුනකින්ම ඇහෙන නිසා අපි මොනවා කතා කරත් වැඩිය ඇහෙන්නෙත් නෑ. 
පවිරු මට කිව්වා මේ පැත්තට තනියෙන් යන්න එන්න එපා කියලා. දැන් මැරෙන්නැතුව බේරෙන්ම තිබ්නමම් ඇති..

"නෑ ෂේප් රංජි අයියා මං යන්නම්"

මන් ෂේප් එකේ සීන් එකෙන් කැපිලා යන්න හදද්දි රංජියා මගේ අතින් තද කරලා අල්ලලා මූණට ලං උනා. මහ අමුතු සැරක් එන්නේ ඌ ගාව. මට පුදුම අප්පිරියාවක් දැනුනේ. මන් අත ගලවගන්න ට්‍රයි කරද්දි ඌ මගේ අත තවත් තද කරලා අල්ල ගත්ත

"උබට ඔය රෑට රෑට බෝඩිමට රිංගන එකාව විතරයි අල්ලන්න පුළුවන්. අපිත් මෙහෙ වේලෙනවා බං. සුදුවට කිරට ඉද්දි ආසාවේ බෑ"

රංජියා මගේ කන ලගට පාත් වෙලා කොදුරලා වගේ කියපු කතාවට මගේ රතු කට්ට පනින්න ඒ හැටි වෙලාවක් ගියේ නෑ. කවුරු කාට මොන කතාව කිව්වත් පවිරුට අනන් මනන් කියද්දි මට ඉවසන් ඉන්න බෑ. තිරිසනා!!! අපි ගැන මෙච්චර කල් එහෙමද හිතන් ඉදලා තියෙන්නේ...
පවිරුට කවුරුහරි මොනවහරි කිව්වම මට එන්නේ මරාගෙන මැරෙන්න තරම් තරහක්. අච්චර වෙලා ගලවගන්න දගලපු අත මන් එකපාරින් ඇදලා ගලවගෙන උගේ කන හරහා දුන්නා පාරක් රවුමක් කැරකිලා වැටෙන්න. වටේ පිටේ කිසි කෙනෙක් අවදානේ දුන්නේ නෑ. උන්ට මේවා සාමාන්‍යයයි. උන් කැමති නෑ විහින් ලෙඩ දාගන්න.
මන් ගහපු පාරට අරූ වැටෙනවත් එක්කම අර පස්සෙන් හිටිය කුඩ්ඩෝ ටික හයියෙන් කෑ ගහගෙම මගේ පැත්තට ආවා.

"ඕකව අල්ලලා බාවපං අපේ පොට් එකට #$%&#@ "

බිම වැටිලා හිටිය රංජි මාව අල්ලගන්න කියලා කෑ ගහනකොට මන් පස්ස බලන්නේ නැතුව හැරිලා ෂෝට් කට් එක්කින් දාලා දුවන්න ගත්තා. මන් දන්නෑ මේ කොහෙටද අඩුම යන්නේ කියලවත්. දිව්වෙත් වැරදි පැත්තකටනේ.... අන්තිමට මන් නැවතුනේ තඩිම තඩි තාප්පයක් ලග. දෙපැත්තෙනුත් වට වෙලා යන්න විදිහක් නෑ. මට ආපහු හැරෙන්නත් බෑ.
අදනම් මගෙ වෙලාව අන්තිම නරකයි....

මන් එතනින් පනින්න තැනක් හොයද්දි මගේ ඉස්සරහට දුවගෙන ආවේ අර කුඩ්ඩෝ ටික. උන් ඔක්කොම ආව ගමන් මාව වට කරගත්තා. සෙරප්පු කෑලි දාගෙන යකඩ දම්වැල් දාගෙන බැලූ බැල්මටම කාලකණ්ණි ලුක් එකක් උන්ට තිබ්බේ. එකෙක් නෑ ඇගපත තියෙන. ඇට ගැහිච්ච මන්ද පෝෂණ කාරයෝ සෙට් එකක් වගේ. ඒක තමා රියල්ම මැරයොන්ගේ ලුක් එක. ඔක්කොම එතන පහක්. තනි මං ඇට බෝල ගහන්නද? අම්මෙක් අප්පෙක් නැති චුටි පුතා අද මොනා වෙලා මැරෙයිද දන්නෑ.

"සිහි නැති කරලා අරන් යමන්"

පිටිපස්සෙන් ඉදපු එකෙක් ඉස්සරහ හිටිය එකාට යකඩ බටයක් වගේ එකක් දික්කරාම ඌ එක අරන් ඇවිල්ලා මගේ ඉස්සරහින් හිටගත්තේ කුපාඩි හිනාවක් දාගෙන. මට දැන් ඉහින් කනින් දාඩිය වැක්කෙරෙනවා. මුකුත් කරගන්න බැරි අසරණ කමත් එක්ක මගේ ඔලුවට ආවේ පවිරු විතරයි. අනේ ඌ හිටියනම්.....

අර මිනිහා බටෙන් මගේ ඔළුව හරහා යන්න එකක් ගහන්න යද්දි මන් ඇස් දෙක තද කල්ලා පියාගත්තේ ආත්මෙකටත් දැකලා නැති අම්මවත් සිහි කරගෙන.
එත් තප්පර ගානකින් යකඩ පොල්ල සද්දෙට බිම වැටුනා. ඒක මගේ ඔලුවට වැදුනේ නෑ. මන් ඒ සද්දෙට ඇස් ඇරලා බලනකොට බිම තිබ්බේ බැඩ්මින්ටන් රැකට් බෑග් එකක්. ඒක කරේ කවුද කියලා බලන්න අපි ඔක්කොම එකවැර පිටි පස්ස හැරිලා බැලුවා..

"ත්..තමුන්..?"

=================================

Continua llegint

You'll Also Like

3.3M 209K 91
What will happen when an innocent girl gets trapped in the clutches of a devil mafia? This is the story of Rishabh and Anokhi. Anokhi's life is as...
506K 27.6K 18
𝐒𝐡𝐢𝐯𝐚𝐧𝐲𝐚 𝐑𝐚𝐣𝐩𝐮𝐭 𝐱 𝐑𝐮𝐝𝐫𝐚𝐤𝐬𝐡 𝐑𝐚𝐣𝐩𝐮𝐭 ~By 𝐊𝐚𝐣𝐮ꨄ︎...
3.1K 126 18
31 year-old Louis Tomlinson has been a Drama teacher at the local Catholic Highschool for 5 years, and been in a relationship with Eleanor Calder, Ma...
Our misfortune Per pixwrites

Literatura romàntica

1.2M 15.3K 52
NOT EDITED YET Gracie Owen's a headstrong journalist major rooms with her childhood best friend JJ Anderson for junior year, little does she know she...