"පෘථිවියා ඕක සිහියෙන් කරපංකෝ බං බාගයක් බිම"
අපි හිටියේ sculpture ස්ටූඩියෝ එකේ මැටි අනන ගමන්. පොඩි ටේබල් එකක් උඩට මැට්ට දාගෙන අන්ඩ නැති ස්ටූල් එක්ක ඉදගෙන එක දිගට පැය ගානක් මැටි පදම් කරනවා කියන්නේ කරන්න ලේසි වැඩක් නෙවේ. සාමාන්‍යයෙන් කැම්පස් එකට පදම් මැට්ට හම්බුනාට අපිට ප්‍රැක්ටිස් වෙන්න කවලම් එකත් එවනවා.
පවිරුවානම් රෙපා එක්ක පිටිපස්සටම වෙලා හිටියේ. උන් දෙන්නා මොකක්ද ආර්ට් ගැලරියක් අල්ලන් සෑහෙන වෙලාවක් කයිය. මේ එක්සෑම් අස්සේ දාගනින්කෝ අලුත් මගුලක්. පන්න පන්න ගහන්නේ මං. අනික උන්දෙන්නා කියවන්න ගියාම ගෑණු දෙන්නා වගේ. රෙපාටත් උගේ කොක්ක අමතකයි ඌ ගාව ඉද්දි.
මන් ගෙමිදුවා එක්ක තරහා නිසා ඌව උදේ පාන්දරම හැලුවා. ඒත් ඉතින් එල්ලි එල්ලි ආවා මන් ගනන් ගත්තේ නෑ. දැන් ඉන්නවා පැත්තකට වෙලා අනංගයා වගේ කෙල්ලෝ ටික වට කරන් මැටි අන අන.
අද උදේ පාන්දර මායි පවිරුයි ගෙම්බයි තව ප්‍රොජෙක්ට් එකට ඩ්‍රෝවින් සිලෙක්ට් කරගත්ත අපේ සෙට් එකත් එක්ක පේන්ටින් ඩිපාර්ට්මන්ට් එකට ගිහින් ෆයිනල් ප්‍රොජෙක්ට් ටික ඇපෲ කරගෙන ආවා. මඩයා මූර්ති සෙට් එකත් එක්ක මූර්ති ඩිපාර්ට්මන්ට් එකට ගිහින් උන්ගේ වැඩේ කරන් ඇවිත් තිබ්බා. ඊට පස්සේ අපි කෙලින්ම ආවේ ආට් ස්ටූඩියෝ එකට.
දැන් ආව වෙලේ ඉදලා මායි මඩයයි මැටි පදම් කරනවා. මේවා තග දාලා හරියට අනන්න ඕන. නැත්තං sculpture portrait එක හැදුවම පුපුරනවා. එකදිගට රටාවට අතේ ඇලේන්නේ නැති වෙන පදම වෙනකම්ම අනන්න ඕන. මේම පදම් කරන මැටි වලින් හදන්නේ මූර්ති ආලේඛ්‍ය. අපේ ස්ටූඩියෝ එක වටේම ඇවිද්දොත් මියුසියම් වලවත් නැති මාරම ක්‍රියේටිව් sculpture ටිකක් බලා ගන්න පුළුවන්.
මඩයා තමා මෙහෙ ඉන්න පොඩි ඩාවින්චි. උට අපේ සීනියර්ස්ලා කතා කරන්නෙත් පොඩි ඩාවින්චි කියලා. මූර්ති නම් මොහොමඩ් මොහොමඩ්නම් මූර්ති. මොනවා නැතත් උගේ කටු කන්න හැමදාම සෙට් වෙන්නේ මට. 'ඇනේ පුචුවියෝ වරෙන්කෝ උබච හොදච මැචි අනන්න පුළුවන්' කිව්වම මාත් යනවා උගේ පස්සේ ගොනා වගේ. මටත් හොදට මූර්ති ආලේබ්‍ය පුළුවන් ඌත් එක්කම ඉදලා. දැනුම බෝ වෙනවා.
මේ වෙලාවේ හැමෝම තම තමන්ගේ වැඩ වල. ඒත් මටනම් ආව වේලේ ඉදලා සිහිය අවුට් ගිහින් තියෙන්නේ. දැන් දෙතුම් පාරක්ම මඩයාගෙන් බැනුමුත් ඇහුවා. ඇයි ඉතින් සිහි නැති වෙන වැඩ කරගෙනනේ ඉන්නේ මම. අනික අද උදේ නැගිටින්නත් පරක්කු උනා. ඒවටත් එක්ක උදේ පාන්දර ඉදලා කන පැලෙන්න බැනුම් අහන් ඉන්නේ පවිරුගෙන්.
මගේ ජිවිතේ කොච්චර එකාකාරීද කියනවනම් දවස පටන් ගන්නෙත් පවිරුගෙන් බැනුම් අහලා ඉවර වෙන්නෙත් පවිරුගෙන් බැනුම් අහලා. එතකොට දවස මැද ගෙවෙන්නේ මන් ඉල්ලං කන වැඩවලින්.
කැම්පස් ආවත් හරි මටනම් නරක කාලයක් උදා වෙලා තියෙන්නේ.
අද මම මෝඩයා වගේ තිබ්බ එකම වයිට් කලර් ෂර්ට් එක ඇදන් ආවේ. ගන්න දෙයක් නෑ මඩ එකේ. මේක ගෙමිදුවගෙන් උස්සපු එකක් උට ලොකු වැඩී කියලා. එප්‍රන් එක නැත්තං අද යන්න නෙවේ වෙන්නේ. සමහරක් දවස් වලට මන් හොස්ටල් එකට ගිහින් ඇදුම් හෝදලා වේලලා ඇදන් යන්නේ.
අපේ පවිරු කියන විදිහට මන් මෙහෙම පාටයි මැටියි නාගන්නේ මෙලෝ සිහියක් නැතිකම නිසා කිව්වට මන් නම් හිතන්නේ කැපවීම නිසා කියලා. හත් පොලේම ගාගෙන හරි වැඩේ හරියට වෙනවනම් එච්චරයිනේ..
"උබ මොකක්ද දැන් ෆයිනල් ප්‍රොජෙක්ට් එකට කරන්ඩ හිතං ඉන්නේ"
"තීම් එකට nature ගත්තා. කන්සෙප්ට් එක තාම හිතලා නෑ?"
"මන් හිතුවේ උබ හිස්ටෝරිකල් එකක් ගයි කියලා. මොකද එකපාරට nature?"
"කාලෙකින් මට ඇවිදින්න යන්න බැරි උනානේ. මේ පාර යන්නෝනි"
"උබ ගිය මාසෙත් කැන්වස් එකක් උස්සන් කන්දක් නගින්ඩ ගියානේ. උබත් මැරිලා හමුනොත් හම්බෙන්නේ කැලයක් මැදින් දමා. ඔන්න ඔය නූල් බෝලෙයි ඉටි රෝලයි දීපං"
මට කතා කරන්න තරම් මහ ලොකු මූඩ් එකක් තිබ්බේ නෑ. වෙනදට මෙතන දෙක වෙනකම් කෑ ගහලා නැත්තං. කෝමත් ගොන් වැඩක් කරලා අල උනාම මට සමාන්‍යය තත්ත්වෙන එන්න දවසක් වත් යනවා. එතකන් හොම්බ බිම උලාගෙන ඇනේ හුනේ ගාන් හූල්ලන එක තමා මගේ වැඩේ. මන් මොහොමඩයට නූල් බොලේයි ඉටි රෝලයි දීලා ආපහු පාඩුවේ මන් කර කර හිටිය වැඩේ පටන් ගත්තා.
" උබ තාම ඒ ගැන හිතනවද?"
"ඒ කිව්වේ?"
"ගවේෂ් අයියගේ සිද්දිය, උබ උදේ ඉදලා හැංගි හැංගි දැගලනවා මං දැක්කා. දැනුත් බලපංකෝ උබේ මූණේ හැටි. උබ කවදා වෙනකම් හැංගි මුත්තං කරන්ඩද?"
"මට ලැජ්ජයි බං"
"ඒක එච්චර හිතන්ඩ එපා බං. බිව්ව නිසානේ එහෙම හැසිරුනේ. ඌ උනත් ඒක තේරුම් ගයි"
"හොද සිහියෙනුත් කරේ නාගත්ත එකනේ බං"
"ඒකනම් උබට පුරුදු වැඩේනේ. උබ මුලින්ම ඔය සිද්දිය ඔලුවෙන් අතු ගාලා දාපන්. අර උබ ඇන්දයි කියන ඩ්‍රෝවින් එක මෙලහකටත් ගවේෂ් අයියා ගාවනම් වෙන කරන්ඩ දෙයක් නෑනේ. අනික ඒක කෝමත් උට දෙන්නනේ ගෙනාවේ"
"නෑ මං අන්තිම වෙලේ හිත වෙනස් කරගත්තා. මට ඒක දෙන්න ලැජ්ජා හිතුනා. අනික ඒක මහ බොලද වැඩක්නේ. එහෙම දෙයක් දෙන එක අවුල් වගේ දැනුනා. මට පුදුම තරහක් එන්නේ ඌ එක්ක. උට වැඩක් නෑනේ එක හොරකම් කරන්න. ගිහින් මෙන්න මෙහෙම බෙල්ල මිරිකන්න හිතෙනවා".
"ඔය මැටි ටික හරියට අනපන් ඕවා පලි නෑනේ උබේ ගොබ්බ වැඩ වලට. දැන්ද උබට බොලදයි කියලා තේරෙන්නේ. අර හොස්පිටල් එකේ හම්බුන පොඩි එකා කිව්වා කියලා සමාව ගන්ඩ ඕක ලෑස්ති කරගත්තෙ උබනේ. අපි කියන එව්වා අහන්ඩ බෑ. කිරිසප්පයෝ කියන ඒවා හොදට අහන්ඩ පුළුවන්. ලැජ්ජ නෑනේ"
"මට ඕනි උනේ සරලම දෙයක් කරන්න. ඒකයි එයාගෙන් ඇහුවේ"
"ඒ නිසා උබ පොඩි එකා කිව්ව චිත්‍රයක් ඇදලා සොරි කියලා ලිව්වා"
"හුම්ම්"
"ඊයා බන්. හිතාගන්න බැරි දේවල් උබත් කරන්නේ. ඒ ඩ්‍රෝවින් එක ගවේෂ් අයියා ගාවම තිබිච්චාවේ උබ-"
"යමං යමං ඕපන් එකට තේ එකක් ගහන්න. තොපි දෙන්නා එවලේ ඉදලා අනනවනේ. මහන්සිත් ඇතිනේ"
තියන ස්ටූල්ස් ඔක්කොම ජරාස් බරාස් ගාලා එහාට මෙහාට ඇදලා දාලා ලොකූ සාකාච්චවක හිටිය මායි මඩයයි මැද්දට කෑ ගහගෙන පැන්නේ පවිරුවා. කට්ටිය ඔක්කොම වැඩ නවත්තලා දාලා කන්න යන්න ලෑස්තිය. කොල්ලෝ ටික නම් එලියට පැනලත් ඉවරයි ඒ ඩිංගට. උන්ටත් කන්න තියෙනවානම් අනේ මන්දා.
මටනම් දැන් ඕපන් එකට යන්න බෑ. අර ගවේසාන් කොහෙට හරි වෙලා ඇති. මට මූණ දෙන්න විදිහක් නැතුව ඉන්නේ. උදේ ඉදලා බොහොම අමාරුවෙන් හැංගි හැංගි හිටියේ. ඔතෙන්ට ගියා කියන්නේ ආයේ අතේ මාට්ටු. අනික දැන් දොළහයි වෙලාව. මේ වෙලාවට උන් කෝමත් එලි බහිනවා.
හැබැයි මේක මේ තාවකාලික පසු බැසීමක් විතරයි.
"මට දැන්ම බඩගිනි නෑ. උබලා පලයල්ලා..... මන් මේ ටික සීල් කරලා එන්නම්"
මන් ෂේප් එකේ මඩයා ගාව තිබ්බ නූල් බෝලේ උදුරලා ගත්තා. අනික මේ ටිකේ ටිකක් මගේ වෙලාවත් හොද නැති එකේ මෙහෙම ඉන්න එක ඇගට ගුණයි. පවිරුවා අත රිගෑරලා දිවත් හපාගෙන චටාස් ගාලා පාරක් දුන්නා ඔලුවට. දැක්කනේ මාව තේරුම් ගන්න පුළුවන් යාළුවොද මට ඉන්නේ. නෑ!!!
"ආව්වා"
"බොරුව දාන්නේ නැතුව වරෙන් යන්න උබට බෙහෙත් බොන්න තියෙනවා"
"හරි ඉතින් මං බොන්නම් අනේ. මට මෙහෙට මොනවහරි අරන් එන්න"
මන් පවිරුට රවලා නූල් බොලෙන් නූල් ලිහන්න පටන් ගත්තා. ඇයි යකෝ කිසි කෙනෙක් නෑ මාව තේරුම් ගන්න. අහිංසක නිසානේ මේ හැමදෙයක්ම.
මන් මෙතන ඉදලා මේ වැඩේ ඉවරයක් කරලම දානවා. අනික දැන් තියෙන්නේ ගානට පදම් කරපු මැට්ට නූල් කැල්ලකින් සමාන කුට්ටි වලට කපලා ඉටි කොළවල ඔතලා සීල් කරන්න විතරයි. ඊට පස්සේ අයේ කරන්න දෙයක් නෑ කොල්ලා කෙලින්ම ෆ්‍රී.
"මූ මේ ගවේෂ් අයියා ඉන්න නිසා එන්ඩ බෑ කියන්නේ බං. මුට ලැජ්ජයි කියන්නේ"
ඔන්න ඔන්න මඩයා පාව දෙන්න පටන් ගත්තා. ඕකනේ මුන් තුන් දෙනා එක්ක ප්‍රශ්න කතා කරන්න බැරි. අරූ මුට කියනවා මූ අරූට කියනවා පත්තරේ දැම්මා වගේ ඊට පස්සේ. මන් උටත් රවලා මැට්ට කුට්ටි කරන්න පටන් ගත්තා. එතකොටම පවිරුවා මගේ කනින් ඇදලා හොල්ලන්න ගත්තා.
"අනේ අම්මෝ උබට ලැජ්ජාවකුත් තියෙනවද බං. අදනේ දන්නේ. අනේ මේ බොරු මරිසි නැතුව වරෙන් යන්න. ඕක ඇවිත් කරමු. වරෙන් වරෙන්. අර ගෙමිදුවටත් කතා කරපං ඌ අවුලෙන් ඉන්නේ තෝ නිසා. කෝ ඉතින්"
"කනෙන් අදින්න එපා හුත්ත. හරි හරි එන්නම්. හැබැයි ගෙම්බත් එක්කනම් කතාවක් නෑ හරී"
"හරි වරෙන්කෝ මොකක් හරි. මඩයා වරෙන් වරෙන්. ඔය ඒප්‍රන් එක ගලවපං පෘථිවි"
"හිටපං ඉතිං වේග බට්ටා කියලා හිතුවද"
..................................................
මේ ගෙවෙන්නේ කැම්පස් එකේ ෆයිනල් බීතිකා සීසන් එක. ෆයිනල් ප්‍රොජෙක්ට්ක්ස්, ෆයිනල් එක්සෑම්ස්, ෆයිනල් තීසිස්, ප්‍රැක්ටිකල්ස් කියන එකී නොකී ඔක්කොම මලමගුල් තියෙන අමාරුම කාලේ තමා මේ. විශේෂයෙන්ම ඇකඩමික් විතරක් ජීවිතේ කරගන්න වෙන සීසන් එකක් මේක.
මේ දවස් වල කැම්පස් එකේ උන් ඇවිදින්නෙත් හීනෙන් වගේ. පිටින් කවුරුත් කැම්පස් එකට ආවොත් හිතයි මේ ආවේ පිස්සන් කොටුවකටද කියලා. ඒ තරම් ආතල්. සමහරක් වෙලාවට බැම්මවල් උඩත් කොල්ලෝ නිදි. කවුරුත් මුකුත් කියන්නෙත් නෑ ගනන් ගන්නෙත් නෑ.
අපිත් පුදුම කරුමයක් තමා කැම්පස් ආවා කියලා ගෙවන්නේ.
ඒත් මේ ගෙවන ජිවිතේ හරිම සුන්දරයි. අලුත් අලුත් අත්දැකීම් හැමදාම හම්බෙනවා. එකාට එකා වෙනස් අමුතු අමුතු මිනිස්සු හම්බෙනවා. රණ්ඩු වෙනවා යාළු වෙනවා, ගහන්නවා , ඉගනගන්නවා, කන්න පුළුවන් උපරිම කටුත් කනවා. ජීවිතේ ගන්න තියෙන හැම දේම එකම වහලක් යටින් ගන්නවා. එහෙම බැලුවොත් මේක ෆුල් පැකේජ් එකක්.
අපේ කැම්පස් එකත් ගමක් වගේ හරී විශාලයි. මේකේ ඇතුලේ ෆැකල්ටි ගොඩක් තියෙනවා. සාමාන්‍යයෙන් අර මුල්ලේ ඉදලා මේ මුල්ලට යන්නෙත් මොකක් හරි වන්ඩියකින්. ඒ තරම් ලොකු වපසරියක් කැම්පස් එකේ තිබ්බා. තනිකරම වනාන්තරයක් මැද ඉන්නවා වගේ.
අපේ ෆැකල්ටියේ ඉදලා ඕපන් එකට මීටර් තුන් හාරසීයක් ඇවිදන් යන්න ඕන. ඒ යනකොට පොඩි පාලමක් පහු කරලා වත්තක් මැදින් යන්න තියෙන්නේ.
අපි යනකොට තණ ගොල්ලේ එක පොදියට කොල්ලො ටිකක් නිදි. තව කොනක කෙල්ලො කොල්ලෝ ටිකක් වට වෙලා කුප්පි දානවා. තව සෙට් එකක් ගහක් උඩ නැගගෙන රිලව් ඇවිල්ලා වගේ. මේ දවස් වල දන්න කියන උන් උනත් මූණට හම්බුනාම ආගිය තැන් කතා කරන්න තරම් වෙලාවක් නෑ. අපේ ෆැකල්ටියට තාම එක්සෑම් මග ආවට සමහරක් ෆැකල්ටි වලට දැන්ම එක්සෑම් පටන්ගෙන තියෙන්නේ. ඒ නිසා ලව් නිසා හද කම්පා වෙච්ච උන් වගේ පපුවත් අල්ලන් උඩ බලන් කල්පනා කරන උන් හරීයට ඉන්නවා.
අපේ සෙට් එකෙත් මේ දවස් වල කටේම එක්සෑම් එක ගැනයි ප්‍රොජෙක්ට් එක ගැනයි. උන් ඒවා ගැන කියව කියව යන අතරේ මන් ටිෂූ එක්කින් ෂර්ට් එකේ තිබ්බ ක්ලේ පාරවල් පිහ පිහ කට්ටිය පස්සෙන් ගාට ගාට ආවා. පවිරුවටනම් කැම්පස් ආවම රෙපාවනේ ලොකු වෙන්නේ. ඌට කියන්නෙත් ඇසිස්ටන්ට් රෙපා කියලා. උන් දෙන්නා කියව කියව යනවා කෙල්ලෝ ටිකත් වට කරගෙන. මඩයා සුපුනට ටොකු ඇන ඇන කලර් තියරි උගන්නනවා පාර දිගේ.
ඔන්න එතකොටම පර ගෙමිදුවා දෙකට තුනට නැවීගෙන එනවා මගේ පැත්තට. පව් කියලත් හිතෙනවා.
"පුතුවියෝඕ....."
"ඇයි මොකද?"
"තාම තරහද අප්පා..."
"තෝ නිසා මට වෙච්ච හරිය මදිද දැන්"
"සොරි අනේ..."
"උබේ සොරිය තියාගෙන ඉදගනින්"
"මට පාළුයිනේ"
"එහෙනම් ගිහින් ඇට බෝල ගහපං"
"මන් දන්නෑනේ ඇට බෝල ගහන්න"
"දන්නැත්තං නිකං හිටපං."
"යාළු වෙන්නකෝ...."
"ඇගේ ඇලෙන්නැතුව හිටපං"
"මේ.....ඒක නෙවේ"
"ඒ පාර ඇයි?"
"ඔයා.. මේ.. ගවේෂ් අයියා ගැන මොකක්ද හිතන්නේ"
මන් හිතන්නේ මාව පාර මැද්දේ හිට්ට උනා. ගෙමිදුත් මන් එක්කම නැවතුනා. මේ හරියට පුදුම රස්නියක් තියෙන්නේ අප්පා ගස් තිබ්බත්. කුඩයක් වත් ගේන්න බැරි උනා දාඩියත් දානවා.
"මන් මොනවා හිතන්නද?"
"මොනමහරි ඉතින්"
"මොනවා හිතන්නද මට ඕකා පේන්න බෑ"
"ඇත්තටමටම එහෙමද?"
".........."
මට හේතුවක් නැතුව දැන් තරහා යාගෙන එන්නේ. අනවශ්‍ය ප්‍රශ්නනේ අහන්නේ. මුටත් ඕන්නැති අලයක් නෑ. මන් නවත්තපු ගමන ආයෙත් යන්න ගත්තා. මූ එක්ක හිටියොත් මාත් පිස්සෙක් වෙයි. මුට ඉස්සරත් ඔය ලෙඩේ තිබ්බා ප්‍රශ්න අසමින් ඉගන ගන්න. දැන්නම් වැඩි ඕනවටත් වඩා.
"පුතුවියා... මන් අහ-"
"උබ මොනවා අහනවද කියන්න මට තේරෙන්නෑ. මේ කතාව මෙතනින් නවත්තපං. මං උබ එක්ක තරහා නෑ. මට පාඩුවේ ඉන්න දීලා දැන් පලයං"
"ප්‍රශ්නයක් ඇහුවම ඇයි මගාරින්නේ"
"කවුද? කවුද? කවුද? දැන් මගෑරියේ"
"ඔයා තමා ඉතින්. මන් ඇහුවේ සාමාන්‍ය ප්‍රශ්නයක්නේ. තරහා යන්න දෙයක් කිව්වේ නෑනේ"
"අහ්හ්!!! උබනම් වදයක් බං"
"හරි ඉතින් උත්තරේ දීලා ඉන්නකෝ"
"ඌ ගැන මුකුත් හිතෙන්නෑ මොකද මගේ කවුරුත් නෙවේනේ. ආව දවසේ ඉදලා හෙනහුරා වගේ මට කෙලවන්නම ආපු එකෙක් කියලා විතරයි මන් දන්නේ. උබට බයෝ එකම ඕන්නම් ඔෆිස් එකෙන් ඉල්ලගනින්. එච්චරයි මන් ඌ ගැන දන්නේ"
"පිතුවියා ඔයයි මායි අදුරගෙන අවුරුදු දෙක්කට දැන් කිට්ටු වෙන්වා. හැබැයි මගේ ඇන්ටනා එකට බොරු කරන්න බෑ කාටවත්. ඔයා කොච්චර දැගලුවත් දවසක ඔයාම එයි මාව හොයාගෙන එන. අන්න එදාට අපි කතා කරමුකෝ ආ"
පුෆ්... මුගේ ගණන්... ගෙමිදුවා තොල් දෙකත් උල් කරගෙන ඇගිල්ලෙන් මගේ පපුවටම ඇන ඇන කියාගෙන ගිහින් ගස්සලා ගියා. වැරදිලා කොල්ලෙක් වෙලා ඉපදිච්චි එකෙක්ද කොහෙදෝ.
මූත් මොනවා කියවනවද මන්දා. මොලේ අමාරුව වැඩිවීගෙන එනවද කොහෙද.
තෝ වගේ එකෙක්ගෙන් ප්‍රශ්න වලට විසදුම් ගන්නනම් මට ආයෙත් විස්කි පාරක් ගහන්න වෙයි. එච්චරම මොලේ අමාරුවක් එන දවසක් තියෙයිද බලමුකෝ.
මන් අතේ තිබ්බ ටිෂූ එක ගුලි කරලා විසික් කරලා අපහු දුවගෙන ගිහින් එක අරගෙන ඇවිත් සමීරයගේ කරට අතදාන් එන්න ආවා.
"කිරි කෝපී එකට හූණා වැටිලා ඒකා තැම්බිලා....
මගේ බඩජාරී කමට ඒක බීලා ප්‍රෙශර් වැඩි උනා....
අයියෝ..... අම්මෝ.... මගේ ප්‍රෙශර් වැඩි උනා...."
සමීරයයි තිමිරයයි තමා අපේ බැජ් එකට ඉන්න එකම නිවුන්නෝ දෙන්නා. පට්ටම ආතල් ඩයල් දෙකක්. ඕන කුප්ප වැඩකට හදවතින්ම සහය දෙනවා. උන් දෙන්නා ටී ට්‍රේ දෙකයි පරාටා ට්‍රේ දෙක්කුයි අරන් මුළු ඕපන් එකටම ඇහෙන්න සංස්කෘතික සින්දුවක් කියාගෙන අපේ ටේබල් එක ලගට ආවා. අවදානෙමයි ඉල්ලන්නනේ. වටේ පිටේ උන් බඩ අල්ලන් හිනාවෙනවා.
වෙනදට ඔහොම ගොන් ආතල් දෙන්නේ මං. ඒත් මේ අහිංසකයගේ හිත බිදිලා හින්දා පැත්තටකට වෙලා හිටියේ. මම හිටියේ අපේ උන් හිටිය ලොකු ටේබල් එක ගාව තිබ්බ සිමෙන්ති බැම්මේ නැගලා කකුල් දෙකත් දෙපැත්තට දිගෑරගෙන. පවිරුනම් දැන් මට වැඩිය අවදානේ දෙන්නේ නෑ. ඌ මං ගැන හොදට දන්නවනේ. අනික එක පාරකට වඩා ඌ කාගෙවත් හිත හදන්න එන්නේ නෑ. හූ තියලා ඇඩුවත් ඇහෙන්නෑ වගේ ඉන්නවා. මඩයයි ගෙම්බයි විතරයි අවදානේ දෙන්නේ.
ඕපන් එකේ මේ වෙලාවට ටිකක් සෙනග. දොළහ කියන්නේ ලගපාත ෆැකල්ටි තුනකට විතර ෆ්‍රී ටයිම් එකක්නේ. මහා ලොකුවටම සෙනගක් නැතත් උළු උඩ යනතරම් සද්දේ ඉතින්.
අපි මෙහෙම කෑම කන්නේ සල්ලි දාලා. සමහරක් උන් රුපියල් විස්සක් දාද්දි තියෙන උන් උපරිම සීයක්වත් දානවා. හැබැයී කීය දැම්මත් ප්‍රශ්නයක් නෑ. කවුරුත් මුකුත් කියන්නෙත් නෑ හොයන්නෙත් නෑ.
අරුන් දෙන්නා බෙරිහං දීගෙන ඇවිත් ට්‍රේ ටික මේසෙන් තිබ්බා විතරයි කපුටෝ වැහුවා වගේ සිං සිං ගාලා ට්‍රේ හතර හිස් උනා. එහෙම තමා. කැම්පස් එක්කට ඇවිත් සවයිව් වෙන්න ඕන්නම් කපුටෙක් වෙන්නම ඕන. මට නම් කන්න පිරියක් නෑ වගේ අද.
"අහ් ඔයාට පරාටයක්"
ගෙමිදුවා කොහෙදෝ ඉදලා දුවන් ඇවිත් මට පරාටයක් දික්කරා. තරහා වෙලා ගියාට උට දැන් අමතකයි ඒක. මේකෙනෙනම් ඉතින් හොදි මුකුත් නෑ. හාෆ් ෂීට් එකක් වගේ ගෙනල්ලා දික් කරේ. ගෙනාව හොදි ප්ලේට් එකේත් කරපිංචා කෑල්ලක් විතරක් ඉතුරු වෙලා තියෙනවා.
මන් ඉතින් ඒක ගත්තට පස්සේ ඌ ඇවිත් මගේ කකුල් දෙක මැද්දට ඇවිත් හේත්තු උනා. මන් බැම්මේ උඩ ඉදගෙන. ඌ බිම ඉදන් හිටගෙන අගුටු මිට්ටා වගේ මගේ කකුල් දෙක අස්සේ. මූට ඉතින් කොහෙ ගියත් පොඩි එකා වගේ අස්සෙම රිංගන්න ඕනනේ.
ගෙමිදුවා උගේ ටී එකෙන් උගුරක් බීලා උස්සලා මට දික් කරා. මන් පරාට එක අනික් අතට අරන් ටී එකෙන් උගුරක් බිව්වා.
"අනේ.....!!! අර ගවේෂ් අයියනේ. අනේ අපේ දිහාද බලං ඉන්නේ"
"ක්හැ ක්හැ ක්හැ""
"අයියෝ හිර කරගත්තානේ දෙන්න දෙන්න ඕක මට"
එකපාරම අපේ බැජ් එකේ කෑල්ල කියලා හිතං ඉන්න දියානා මිණි කිංකිනි වොයිස් එකෙන් දන්න කියන කෙනෙක්ගේ නමක් කියලා තොදොල් වෙනවා ඇහුන ගමන් මට බීපු තේ උගුරත් පිට උගුරේ ගියා. ගෙමිදුවා මගෙන් තේක ඉල්ලගෙන ඉස්සි ඉස්සි මගේ පිටට ගහනවා.
මන් ඔලුව උස්සලා බලනකොට ගවේෂ් අයියා ඉන්නවා සාක්කු දෙකටත් අත් දෙක දාගෙන අමුතු සෙල්ලක්කාර හිනාවක් දාන් කැන්ටිම ගාව තියන විදුරු රාක්කෙකට හේත්තු වෙලා. අපි අතරේ මීටර් තුන හතරක පරතරයක් තියෙන්නේ. අදනම් ශූස් දාලා නෑ. රතු පාට ලිනන් ෂර්ට් එක්කට කළු පාට පෑන්ට් එකක් ඇදලා ස්ලිපර්ස් දෙකක් දාලා. අනික් උන් ටිකනම් ඉන්නවා ෆැෂන් ෂෝ එක්කට යන්න වගේ.
ඉන්ජෝ ටික ඔක්කොම වගේ සබයට වැඩ්ඩ නිසා සද්දේ එන්න එන්නම වැඩි උනා. තිවාන් අයියයි සැගා අයියයි ජේඩා අයියයි වටවෙලා ලොකු කතාවක්. උන් තාම ඩිසයිඩ් කරනවද කොහෙදෝ කන්නේ මොනවද කියලා.
මන් ඉතින් වෙනදා පුරුද්දට රැව්වට පස්සේ අර යකා මනමාල හිනාවක් දාන් අත් දෙක පපුවට බැදගත්තා. ඇයි මට හිතෙන්නේ මූ මන් දිහාම බලං ඉන්නව කියලා.
'උබ බිම බලාගෙනම ඉදපං පෘථිවි උස්සන්නවත් එපා ඔලුව. ඕකා ලග පාත ඉන්නවා කියන්නේ උබට හුලගෙනුත් උනත් අපලයි. ඒත් මන් මොකටද බිම බලාගෙන ඉන්නේ. උබ ඔලුව උස්සපං පෘථිවි එක පකෙක්ට බය වෙන්න එපා.'
"අඩෝ අදනම් නිකන් නළුවෙක් වගේ බං. මට නම් දුවගෙන ගිහින් ඉබින්න හිතෙනවා"
මේ මොන මල සමයමක්ද? කෙල්ලෝ නේද? හැසිරෙන්න දන්නැද්ද මුං. කලිසං කෑල්ලක් දැක්කත් ඇති අපේ ගැණුන්ට එල්ලීගෙන යන්න. ගහන්න හිතෙනවා පරාටෙන් එකක් විසික් වෙලා යන්න. අච්චර අපේ ෆැකල්ටියෙ කොල්ලෝ වේලී වේලී ඉන්නවා. මුන්ටත් ඕනි අහක යන නයෙක්ම රෙද්ද අස්සේ දාගන්න.
මන් දියානට රැව්වා. ඒකි දැක්කේ නෑ ඒක. ඇයි ඉතින් අරු දිහා ගිලින්න වගේ බලාගෙන ඉන්නවා. මෙලෝ සිහියක් නෑනේ.
ඊටපස්සේ මන් ගවේසාන්ටත් රවාගෙන ඌව කනවා කියලා හිතින් මවාගෙන පරාටේ අරන් දෙකට තුනට නමලා ඔක්කොම එක වැර කටේ ඔබා ගත්තා.
පරාටේ බාගයක් එලියේ.
එතකොටම ඌ කුපාඩි හිනාවක් දාලා පපුව අල්ලගන්නකොට මට තේරුනා මූ එක වෙන විදිහකට ගත්තා කියලා.
දස වලත්ත කෙදි නැති පැස්බරා...!!!!
මට තෝව පේන්නම බෑ....!!!!!
===================================
🌝👉👈