⛓️ᗪᗩᑎGEᖇ (Oᑎ GOIᑎG)

By Senikook

614 100 73

"තමුන්ගෙ හ්‍යුන් තමන්ට වෛර කරනවා ජන්කුක්.මොකද තමුන් තමයි ඒ තුන්දෙනාගෙ මරණෙට වගකියන්න ඕනේ.😠😠😠." සහෝදර බැදීම... More

⛓️ Chapter 01 ⛓️
⛓️ Chapter 02 ⛓️
⛓️ Chapter 03 ⛓️
⛓️ Chapter 04 ⛓️
⛓️ Chapter 05 ⛓️
⛓️ Chapter 07 ⛓️

⛓️ Chapter 06 ⛓️

57 14 11
By Senikook

ජන්කුක්ව අල්ලගත්ත වී කොල්ලව අල්ලගෙන ඉන්න ගමන්ම ජන්කුක්ගෙ නළලට තමන්ගෙ අත තිබ්බා.

" ඔයා ගොඩක් රස්නෙයි කූ."

වී එහෙම කියන ගමන් ජන්කුක්ව ලිවින් රූම් එකේ තිබ්බ සෝෆා එකකින් ඉන්දෙව්වට මොකද ඉන්දෙව්ව ගමන් ජන්කුක් හැදුවෙ නැගිටින්න.හැබැයි වුනේ ජන්කුක් ආයෙ සෝෆා එකට වැටුන එක.

" මට ප්‍රශ්නයක් නෑ ."

" ප්‍රශ්නයක් නැත්තෙ කොහෙද හිටගෙන ඉන්නවත් පණක් නෑ.මන් එනකන් මෙතනට වෙලා ඉදගෙනම ඉන්න."

වී එහෙම කියලා තමන්ගෙ රූම් එකට ගිහින් ඇද උඩ තිබ්බ ටී එක ඇදගන්න ගමන් ආයෙ ලිවින් රූම් එකට ආවෙ රූම් එකේ කබඩ් එකක තිබ්බ thermometer එකත් අරන්.

වී ලිවින් රූම් එකට එනකොට ජන්කුක් හිටියෙ සෝෆා එකේ ගුලි වෙලා.
වී Thermometer එක තියලා බැලුවෙ  ජන්කුක්ට උණ තියෙනවද කියලා.

" ප්‍රශ්නයක් නෑ කියන්නෙ 103 ට උණනේ පොඩි එකෝ.ඩොක්ටර් කෙනෙක් වෙලත් තමන් ගැන බලාගන්න බැරිද ? "

වී එහෙම කියන ගමන් thermometer එක ටේබල් එක උඩින් තියලා ආයෙ ජන්කුක් ගාවට එනකොට ජන්කුක් හිටියෙ කලින්ටත් වඩා සෝෆා එකේ ගුලි වෙලා.
වී ජන්කුක්ගෙ ලගට ආවා ගමන් ජන්කුක් කරේ තමන්ගෙ හ්‍යුන්ගෙ අතින් අල්ලපු එක.

" හ්‍යුන්.🥺🥺🥺 "

ජන්කුක් ඇස් වල කදුලු පුරවගෙන තමන්ගෙ හ්‍යුන් දිහා බලන ගමන්

" හ්‍යුන් මට බෑ.🥺🥺🥺 "

ජන්කුක් එහෙම කියන ගමන් තමන්ගෙ හ්‍යුන්ට තුරුල් වෙනකොට වී කරේ කොල්ලගෙ ඔලුව අතගාපු එක.

" ඉක්මනට ඕක අඩුවෙයි කූ.පැරසිටමෝල් එකක් බීලා බලමු කුකී.බැරි වුනොත් acetaminophen දෙන්න වෙනවා.මන් දන්නවා කූ ඔයා බෙහෙත් බොන්න ආස නෑ කියලා.ඒත් බොන්නම වෙනව."

වී එහෙම කියලා ජන්කුක්ව තමන්ගෙන් ඈත් කරන්න හැදුවත් ජන්කුක් තවත් තමන්ගෙ හ්‍යුන්ට ලන් වුනා.

" කූ පැට්ටො අහන්නකෝ."

වී එහෙම කියලා ජන්කුක්ව ඈත් කරන්න හැදුවත් ඒ වෙලාවෙ තමා ජන්කුක් අමාරුවෙන් වගේ හුස්ම ගන්න ගත්තෙ.ජන්කුක් අමාරුවෙන් වගේ හුස්ම ගත්ත එක තේරුන නිසා ජන්කුක්ව බලෙන්ම වගේ තමන්ගෙන් ඈත් කරපු වී ජන්කුක්ගෙ කම්මුල් දෙකෙන් තමන්ගෙ අත් දෙක තියාගත්තා .

" ජන්කුක්  ලුක් ඇට් මී.ජස්ට් රිලැක්ස් බේබී."

ජන්කුක් තමන්ගෙ හ්‍යුන් දිහා බලාගෙන හිටියෙ ඇස් වල කදුලු පුරවගෙන .ජන්කුක් කියන්නෙ ස්ට්‍රෝන් කෙනෙක් වුනත් ඕනම කෙනෙක්ට වීක්නස් එකක් තියෙනවා .
කොල්ල ඩොක්ටර් කෙනෙක් වුනාට මොකද බෙහෙත් බොන්නවත් කැමති නෑ.ඒ වගේම ජන්කුක් කැමති ත
තමන්ගෙ ඇගට කැනියුලා , ඉන්ජෙක්ෂන් ගහණවට.කොල්
කොල්ලගෙ පොඩි කාලෙ ඉදන් තිබ්බෙ ඒවාට ලොකු බයක්.හැබැයි මේ වෙලාවෙ කොල්ලගෙ ඇස් වලින් කදුලු ආවේ හුස්ම ගන්න අමාරු වෙච්ච නිසා.කොල්ල කොච්චර අමාරුවෙන් හුස්ම ගත්තද කිව්වොත් වී අහන කිසිම දේකටවත් කොල්ලට උත්තර දීගන්න බැරි වුනා.

" කූ ජස්ට් බ්‍රීත් ඕකේ.මාව ෆ්ලෝ කරන්න පැට්ටෝ.ජස්ට් inhale and exhale "

වී ජන්කුක්ගෙ උරහිසෙන් අත තියාගන්න ගමන් එහෙම කියනකොට ජන්කුක් තමන්ගෙ හ්‍යුන්ව ඒ විදිහටම ෆ්ලෝ කරා.
විනාඩි පහක් විතර යනකොට ජන්කුක් හුස්ම ගන්න විදිහ නෝමල් වුනත් ජන්කුක් කලින් වගේම නෝමල් විදිහට හුස්ම ගත්තෙ නෑ.

" මොකක්ද කූ වුනේ ? ඊයේ රෑත් ඔයා හොදින්නේ හිටියෙ ."

ජන්කුක් මුකුත් කියන්නෙ නැතුව  ආයෙ තමන්ගෙ හ්‍යුන්ට තුරුල් වෙලා ඇස් දෙක වහගන්නකොට වී ජන්කුක් ඔලුව අත ගෑවා.

" හ්‍යුන් ඉන්නවනේ මැණික.මුලින් ටැබ්ලට් එකක් බීලා බලමු අපි.හැබැයි කූ උණ අඩු වුනේ නැත්තන් සේලයින් එකක් දෙන්න වෙනවා.ඔයා දන්නවනේ කූ ඒක කරන්නම ඕනේ කියන එක.
හ්‍යුන් ටැප්ලට් ටික අරන් එනකන් ඔහොම නෑ."

වී එහෙම කිව්වට ජන්කුක්ගෙන් කිසිම රිඇක්ශන් එකක් නැති නිසා වී ජන්කුක්ව තමන්ගෙන් ඈත් කරලා බැලුවා.

" ආශ් පොඩ්ඩෝ දැන්ම නිදාගෙන හරියන්නෙ නෑ."

වී එහෙම කියන ගමන් ජන්කුක්ව නැගිටවන්න හැදුවත් ඒකනම් හැබැයි කොල්ලට කරන්න අමාරු වුනේ.ජන්කුක්ට  හොදටම නින්ද ගිහින් තිබ්බෙ.

" එක්කො නිදාගත්ත එක හොදයි කූ."

වී එහෙම කියන ගමන් නිදාගෙන ඉන්න ජන්කුක්ව උස්සන් ගිහින් තිබ්බෙ ඇද උඩින්.

" ඇත්තටම කූ මොකක්ද ඔයාට වුනේ ? උණ කියන්නෙ නෝමල් දෙයක්.ඇයි හුස්ම ගන්න බැරි වුනේ එකපාරටම.කෝකටත් බ්ලඩ් ටෙස්ට් එකක් කරන එක හොදයි."

වී එහෙම කියන ගමන් ගියේ තමන්ගෙ කබඩ් එකට.කොල්ලා කබඩ් එක ලගට යන ගමන් තමන්ගෙ ෆෝන් එකෙන් කෝල් එකක් ගත්තෙ මාක්ට.
මාක්ට කෝල් එක අරන් අපාට්මන්ට් එකට එන්න කිව්වා වී තමන්ගෙ කබ්ඩ් එක ඇරලා සිලින්ජර් එකක් අතට ගත්තා.

*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
මෙච්චර වෙලා ඇදට වෙලා නිදාගෙන හිටියෙ නැගිටිලා ඇදේ කෙලින් වුනත් මොකද කොල්ලට තාම ඇගට පණක්නම් තිබ්බෙ නෑ.ජන්කුක් අමාරුවෙන් නැගිටිලා වටේ බැලුවෙ තමන් කොහෙද ඉන්නෙ කියලා තෙරුම් ගන්න.ටික වෙලාවක් වටේ බැලුව ජන්කුක්ට පස්සෙ තමා තේරුනේ තමන් ඉන්නෙ තාමත් අපාට්මන්ට් එකේ කියන එක.
ඇදෙන් නැගිට්ට ජන්කුක් ඒ වෙලාවෙ තමා තමන්ගෙ අත දැක්කෙ.
කොල්ලගෙ වම් අතට කැනියුලා එකක් ගහලා තිබ්බෙ.ඒ විතරක් නෙමේ ජන්කුක් දකුණු අතේ කැපුම් පාර තිබ්බ තැනත් බැන්ඩේජ් කරලා තිබ්බෙ.

" කැනියුලා ගහලා තියෙන්නෙ ඇයි ? "

ජන්කුක් එහෙම කියන ගමන් කැනියුලා ගහලා තියන තමන්ගෙ අත දිහා බැලුවා.

" පොඩ්ඩො ඔයා නැගිට්ටද ? "

වී එහෙම කියන ගමන් ජන්කුක් ගාවින් ඇවිත් ඉදගන්නකොට වීගෙ පස්සෙන් තව දෙන්නෙක් ආවා.දෙන්න කවුද කිව්වොත් එක්කෙනෙක් මාක්.අනිත් කෙනා ජිමින් .

වී ජන්කුක් ගාවින් ඉදගෙන ජන්කුක්ගෙ නළලට අත තිබ්බා.

" තාමනම් ඇග රස්නෙයි කූ.තාම උණ තියෙනවා .ඇත්තමයි කූ තාමත් අසනීප වුනාම ඔයා පොඩි එකෙක් වගේම තමා."

" කැනියුලා ගැහුවෙ ඇයි හ්‍යුන් ? සේලයින් දෙන්න තරම් මොකක්ද මට වුනේ ? "

" මට කොහොමත් ඔයාට බොරු කියන්න බෑ ජන්කුක්.ඔයාට එකපාරටම උණ ගන්න හේතුවක් තියෙන්නෙ ඕනේ.මේක බැලුවම ඔයාටම තේරෙයි ඇයි ඔයාට සේලයින් දුන්නෙ කියලා."

වී එහෙම කියන ගමන් ජන්කුක් අතට දුන්නෙ කොල්ලගෙ බ්ලඩ් ටෙස්ට් එකේ රිපෝට් එක.රිපෝට් එක කියවපු ජන්කුක් පුදුම වෙලා වගේ තමන්ගෙ හ්‍යුන් දිහා බැලුවා.

" මගෙ බ්ලඩ් වකට විෂක් එකතු වෙලාද එතකොට ? "

" ඔව්.දැන් ප්‍රශ්නයක් නෑ.ලේ වලට එකතු වුනාට බොඩි එකේම spread  වෙලා නැති නිසා ප්‍රශ්නයක් නෑ කුකී. Antibiotic එකකුයි antidote  එකකුයි දීලා තියෙන්නෙ . ඉක්මන් වෙච්ච නිසා බයවෙන්න දෙයක් නෑ.ඔක්කොටම කලින් කියන්න දැන් මොනාද තියෙන අමාරු කියලා."

" ඇගම රිදෙනව හ්‍යුන්ගී.හරියට නිකන් අනේ මන්දා මට ඒක කියන්න තේරෙන්නෙ නෑ."

"  Food poisoning එකක් කරපු දෙයක්."

" මේක Food poisoning  එකක් නෙමේ ජිමිනා."

වී ජිමින්ගෙ මූණ දිහා බලාගෙන එහෙම කියනකොට ජිමින් පුදුම වෙලා වී දිහා බැලුවා.

" එතකොට උබ කියන්නෙ .කවුරැහරි හිතාමතාව ජන්කුක්ගෙ ඇගට විෂක් ඇතුලු කරලා කියලද ? "

" ඔව්.කවුරුහරි ඕනකමින්මයි මේක කරලා තියෙන්නෙ.අතේ තියෙන කැපුම් පාරෙන් තමා ඇගට ඇවිත් තියෙන්නෙ.
ඔය අතේ තියෙන කැපුම් පාර අද වෙච්ච දෙයක්.විෂ ඇගට ඇතුලු වෙලා වැඩි වෙලාවක් ගිහින් නෑ.
කොහොමද ඕක වුනේ කියන්නෙ ? "

" ඇත්තටම දන්නෙ නෑ හ්‍යුන් ? මන් මැන්ෂන් එකෙන් එළියට ඇවිත් කාර් එකට නගිනකොට තමා දැක්කෙ.ඒත් මන් වැඩිය ඒක ගණන් ගත්තෙ නෑ"

" ඒ කියන්නෙ වී මැන්ෂන් එක ඇතුලෙදි තමා මේක වෙලා තියෙන්නෙ.ඔයා මාත් එක්කමයි ජන්කුක් ඔයා හිටියෙ.එළියට ගියාට පස්සෙ මොනාහරි වුනාද ?"

" එහෙම කියන්න තරම් ලොකු දෙයක් වුනේ නෑ හ්‍යුන්.හැබැයි ගාඩ් කෙනෙක්ගෙ ඇගේ හැප්පුනා."

" කාගෙ ඇගේද ? "

" මූණ බැලුවෙ නෑ මම."

ජන්කුක් ජිමින්ට එහෙම කියන කොට ජිමින් බැලුවෙ මාක් දිහා.

" මාක් ගිහින් හැම CCTV කැමරා එකක්ම චෙක් කරන්න.චෙක් කරලා බලන්න කවුද ගාඩ් කියලා ."

ජිමින් එහෙම කියනකොට මාක් ඔලුව වනලා එතනින් ගියා.

" ජිමින්ශී කොයිවෙලේද ආවෙ ? "

" දැන් ගොඩක් වෙලා කුකී."

ඒ වෙලාවෙ තමා මාක් ආයෙ රූම් එක ඇතුලට ආවේ.රූම් එක ඇතුලට ආව මාක් තමන්ගෙ ෆෝන් එක ජිමින්ට පෙන්නුව.

" ඒ කියන්නෙ ඒක ප්ලෑන් එකක්."

ජිමින් එහෙම කියලා ජන්කුක් දිහා බැලුවත් කොල්ලට ජිමින් කිව්ව දේනම් තේරුනේ නෑ.

"ඔයාට වෙච්ච දේත් එක්ක මට දැන් තමා තේරෙන්නෙ ඒ ගාඩ්ගෙ ප්ලෑන් එක ඔයාව මරන එක නෙමේ.ඔයාව මැන්ෂන් එකෙන් ඈත් කරලා තියෙන එක.
ගාඩ්ගෙ මූණ පේන්නෙ නෑ ජන්කුක් .හැබැයි මට එකක් කියන්න පුලුවන් මේ ඉන්නෙ අපේ ගාඩ් කෙනෙක් නෙමේ.අරූව බේරගත්තෙත් මූම තමා එහෙනම්.මේක ඔයාට කියන්න ඕනේ ජන්කුක් .ටේව ෆ්ලෝ කරපු කෙනා නම යේජුන්.හැබැයි දැන් එයා අපි ගාව නෑ.
මේ ඔක්කොම ප්ලෑන් එකකට වෙච්ච දෙයක්.
ආශ් කලින් මේක තේරුම් ගන්න තිබ්බෙ.මට තිබ්බෙ උදේ ඔයාව කෝල් කරලා ගෙන්නගන්නෙ නැතුව ඉන්න."

" මොකක්ද කියන්නෙ ? ඌ පැනලා ගියා කියලද දැන් මට කියන්නෙ.මෙච්චර ගාඩ්ල ගොඩක් ඉන්නකොට.මාක් තමුසෙලා මොනාද කරේ ඒ වෙලාවේ.😠😠😠😠.
ඌ එළියෙ ඉන්නෙ ටේ හ්‍යුන්ට ඒක ප්‍රශ්නයක් වෙනවා.එයාගෙ ජීවිතේත් අනතුරේ "

ජන්කුක් එහෙම කියන ගමන් ඇදෙන් නැගිටලා යන්න හැදුවත් කොල්ලගෙ ඇගට තාම පණක් තිබ්බෙ නෑ.වී කරේ ජන්කුක්ව ආයෙත් ඇදෙන් ඉන්දවපු එක.

" තාම ඔයාගෙ ඇගට පණක් නෑ ජන්කුක් ."

" මන් යන්න ඕනේ හ්‍යුන්."

" ඔයා කොහෙවත් යන්නෙ නෑ."

" බෑ හ්‍යුන්. මන් යන්නම  ඕනේ"

ජන්කුක් එහෙම කියන ගමන් ඇදෙන් නැගිට්ටට මොකද කොල්ලා ආයෙ ඉන්දවුනේ තමන් දිහා කේන්තියෙන් බලන් ඉන්න ඇස් දෙක දැකලා.

To be continue

ඔන්න ඉතින් තව එකක් දුන්නා.

කවුද දන්නෙ නෑ නේද ජන්කුක් දිහා කේන්තියෙන් බලන් හිටියෙ .

ඉස්සරහට මොනාවෙයිද කියලා බලමුකෝ .
කමෙන්ට් කරන් වෝට් කරන් යන්න.

සරංහේ .
Bunny Queen
💜️💜️💜️💜️

Continue Reading

You'll Also Like

308K 6.8K 35
"That better not be a sticky fingers poster." "And if it is ." "I think I'm the luckiest bloke at Hartley." Heartbreak High season 1-2 Spider x oc
17.8K 1.3K 20
මං ඔයාගේ sex toy එකක් විතරයි ද හියුන්ගී.. එක විනාඩියට වත් මට ආදරේ කරලා නැද්ද ඔයා
36.7K 933 35
All characters belong to Thomas Sanders! Will include other ships such as: Logicality Demus Remile
926 224 13
2090 දී ගොඩක් දේවල් වෙනස් වෙලා තිබුනා . ඒ උනාට අහම්බෙකින් මට මගේ ග්‍රැනීගේ ෆෝන් එක හම්බ උනානේ . මන් හිතන්නේ මගෙ ජීවිතේම වෙනස් වෙන්න හේතු උනේ ඒක වෙන්න...