GOLDEN [JUNGKOOK FF]

By Lilianaxx07

845 142 36

සමහර මිනිසුන්ට පොරොන්දු දෙන්න ගොඩක් ලේසි ඇති.. ඒ පොරොන්දුවක වටිනාකම දන්නේ නැති නිසයි.. එයාලා නොදන්නවා වුණාට ඒ... More

DISCLAIMER
3 DIMENSIONS
CLOSER TO YOU - 01
CLOSER TO YOU - 02
SEVEN - 01
SEVEN - 02
STANDING NEXT TO YOU - 01
STANDING NEXT TO YOU - 02
YES OR NO
PLEASE DON'T CHANGE - 01
PLEASE DON'T CHANGE - 02
HATE YOU - 01
HATE YOU - 02
SOMEBODY - 01
SOMEBODY - 02
TOO SAD TO DANCE - 01
SHOT GLASS OF TEARS - 01
SHOT GLASS OF TEARS - 02
GOLDEN

TOO SAD TO DANCE - 02

16 5 0
By Lilianaxx07


"සර්! පාර්සල් එකක් ඇවිත්"

"පාර්සල් එකක්? කාගෙන්ද?"

"සදහනක් නම් නෑ.. බා‍ර දීලා ගිහින් තිබුණා.."

"හ්ම්. ඕක ගිහින් චෙක් කරන්න දෙන්න.."

"ඕකේ සර්"

'

'

'

'

'

"ජන්කුකා.. ඔයා මොකක්ද මේ කරන්නේ?" ටේ බ්‍රේක් එකක් ලැබුණු වෙලාවේ ඇහුවේ ප්‍රැක්ටිස් කරන්න ආපු වෙලාවේ ඉදන්ම අසිහියෙන් ඉන්න ජන්කුක්ව දැකලයි..

"මොකක්ද හ්‍යුන්ග්?"

"මොන සිහියෙන්ද ඉන්නෙ ආ? දැනටමත් කී පාරක් නම් හොබී හ්‍යුන්ගෙන් බැනුම් අහගත්තද? ඔයා ඩාන්ස් කරන්නෙ ස්‍ටෙප්සුත් අමතක වෙලා වගේ"

"එ- එහෙම නෑ හ්‍යුන්ග්.. ඊලග පාර හරියට ඩාන්ස් කරන්නම්"

"Jungkook-ahh.. Aren't you Too sad to dance?"

"හ්‍- හ්‍යුන්ග්?"

"ඔයා මේ ගත්ත තීරණේ ගැන දුකක් නැද්ද?"

"දුක් වෙන්න ඕනි නෑනෙ ටේ හ්‍යුන්ග්, මේකෙන් අපි හැමෝටම හොදක් වෙනවනම්"

"හැමෝටම හොදක් වුණත් ඔයාටයි නාරිට-"

"අපි ඒ ගැන කතා නොකර ඉමු හ්‍යුන්ග්"

"ඒත්-"

*Ring* *Ring*

ෆෝන් එක රින්ග් වෙනවත් එක්ක ටේ බැලුවේ කෝලර් අයි ඩී එක දිහා..

"හෙලෝ, කියන්න ජූන් හ්‍යුන්ග්.."
"හරි අපි එන්නම්"

"ඇයි හ්‍යුන්ග්?"

"චෙයාමන් එක්ක මීටින් එකක් පටන් ගන්නවලු, ඒකට එන්න කිව්වා.."

ප්‍රැක්ටිස් රූම් එකේ ඉතුරු වෙලා හිටපු ටේත් ජන්කුක් එක්ක ගියේ කන්ෆරන්ස් රූම් එකට..

~

~

~

~

~

~

"නාරියා~ ඔයා ඊයේ රෑ කියන්නෙවත් නැතුවනෙ ආවේ"

"ඔව් ඔන්නි.. ඔයාට කරදර කරන්න ඕනි නෑ කියලා හිතුවා.."

"කරදර කරන්නෙ ඕනි නෑ? කෝ බලන්න මොන කටින්ද ඕක කිව්වේ කියලා.."

"ඔන්නී!"

"හරි හරි පිස්සු කෙල්ල.. අද ටීවී ස්ටේශන් එකට යනවද?"

"හ්ම්ම්"

"එහෙනම් දැන් ඇහැරෙන්න.. මං ඔයාම ආසම කෑම හැදුවේ.. කාලා පරිස්සමින් යන්න, මං දැන් යනවා"

"හරි ඔන්නි"

ඇදේ පෙරලිලා හිටපු නාරිගෙ ඔලුව අතගාලා ගියපු නාබිගෙ කා' එකේ සද්දෙ නාරිට ඇහුණා.. නාබි ගිය සැණින්ම නාරිගෙ හිනාවත් අතුරුදහන් වුණේ හිතින් නාබිගෙන් සමාව ඉල්ලන ගමනුයි..

අනාගතය දකින්න පුලුවන් කමක් තිබුණනම් නාබි අද හොස්පිට්ල් නොයා ඉන්න තිබුණා.. ඒත් අවාසනාවකට හෝ කාටවත් එහෙම හැකියාවක් තිබුණේ නෑ..

_

_

_

_

"Good Afternoon everyone! එහෙනම් මීටින් එක ස්ටාට් කරමු"

හැමෝටම ග්‍රීට් කළාට පස්සෙ යුන්ෂික් එයාගෙ ශීට් එකෙන් වාඩි වුනේ මීටින් එක පටන් අරගෙනයි.. මේ අතරේ සිදුවෙන කිසිම දෙයක් ගැන දැනීමක් නොතිබුණු හැමෝගෙම අවධානය යොමුවෙලා තිබුණේ සම්පූර්ණයෙන්ම මීටින් එකටයි..

පැයකට පසු....

"ඒ වගේම බීටීඑස් ලගෙ අලුත් ඇල්බම් එක රිලීස් කරාට පස්සෙ වර්ල්ට් ටුවර් එක පටන් ගන්නවා..ඒ ගමන්ම ප්‍රමෝශන් ටිකත් වෙ-"

මැනේජර් කියන්න ගියපු දේ අතරමග නැවතුණේ මීටින් රූම් එකේ දොර ඇරුණු නිසයි.. ඒ වගේම එතන පෙනී සිටියේ මේ වෙලාවෙ කිසිම කෙනෙක් බලාපොරොත්තු නොවුණු අයයි..

"පාක් යුන්ෂික්, නීති විරෝධී මහාපරිමාණ මත්ද්‍රව්‍ය ව්‍යාපාරයක් පවත්වාගෙන යාම සහ මත්ද්‍රව්‍ය වෙළදාමේ නිරතවීම සම්බන්ධයෙන් ඔබව පොලිස් අත්අඩංගුවට ගන්නවා.."

මීටින් රූම් එකට ආපු ප්‍රධාන පොලිස් නිලධරයා එහෙම කිව්වේ පොලිස් වරෙන්තුවත් ඉදිරියට පෙනිවමිනි..

ඒ එක්කම මේ වගේ දෙයක් කිසි විටකත් බලාපොරොත්තු නොවුනු බීටීඑස්ලගෙ අලුත් ඇල්බම් එක ගැන කතා කරමින් හිටපු අයිඩල්ස්ලා, මැනේජර්ස්ලා, නිශ්පාදකයෝ හැමෝම තම තමන් අසුන්ගෙන හිටි තැන්වලින් නැගිටුණේ නිරායාසයෙන්මයි..

ඒ වගේම යුන්ෂික් පවා නැගී සිටියේ හිත ඇතුළෙන් කලබල වෙලා බව පිටතට නොපෙන්වන්න උත්සහයක නිරත වෙන අතරයි..

"මේ වගේ චෝදනාවක් කරන්න ඔයාලට සාක්ෂි තියෙනවද?"

"ඕනිවටත් වඩා තියෙනවා මිස්ට යු-න්-ෂි-ක්!"

යුන්ෂික් අහපු දේට උත්තර ලැබුණේ කාගෙන්ද බව බලන්න හැමෝම අවධානය යොමු කළේ දොර දිහාවටයි..

"තමුන්!"

යුන්ෂික් දත්මිටි කමින් මිමිණුවේ සමච්චල් හිනාවක් රදවගෙන තමන් ඉස්සරහට ආපු සන්ග්හූන් දිහා බලාගෙනයි..

"මං කිව්වනෙ මිස්ට.. මේ තමුන්ගෙ අන්තිම කාලෙ කියලා.."

සන්ග්හූන් එහෙම කිව්වේ පොලිස් නිලධරයන් යුන්ෂික්ට බලෙන්ම මාංචු පලන්දන අතරතුරෙයි..

සන්ග්හූන් දිහාවට තියුණු බැල්මක් හෙළා ගෙන හිටි යුන්ෂික්ට ඇහුණේ තමන් වටේ ඉන්න අය කලබලෙන් මුමුණන දේවල්.. මේ වගේ දෙයක් ඒ කිසි කෙනෙක් බලාපොරොත්තු වුණේ නැහැ.. අඩුම තරමේ තමන්ව අහුවෙයි කියලා යුන්ෂික්වත් සැක කළේ නැහැ..

අනිත් බොහෝ දෙනාට නම් තිබුණේ හයිබ්හි අනාගතය ගැන බියක් මෙන්ම අවිශ්වාසයක්..

"මගේ ලෝයර්ට කතා කරනවා!!"

"කළින් වතාවේ වගේ මේ පාරත් ලිස්සලා යන්න පුළුවන් වෙයි කියලා හිතන්න එපා යුන්ෂික්.. මේ වතාවේ අපි පැහැදිලිවම සාක්ශි හොයාගෙනයි තියෙන්නෙ.. ආ තවදෙයක්! තමුන්ගෙ මහලොකු ගැන්ග් එහේ උන් දැනටමත් කූඩුවල කූරු ගණින ගමන් ඉන්නෙ.. තව තමුන්ගෙ බඩු ටිකත් දැනටමත් පොලිස් භාරයේ.. තමුන් විතරයි ඉතුරු වෙලා ඉන්නෙ.. දැන්වත් ඉතින් ජීවිතේ ඉතුරු ටික එහේ ගෙවන්න හිත හදාගන්නවා.. ඔෆිසර්! මෙයාව අරන් යන්න"

"ඕකේ චීෆ්"

"සන්ග්හූන්-ශී, ගොඩක් ස්තූතියි කරපු උදව්වට, එදා ඔයා ෆොටෝස් අප්ලෝඩ් කරපු වෙලාවෙමයි අපිට මූව අල්ලගන්න තිබුණේ"

"වෙල්කම් සර්"

සන්ග්හූන්ටත් අතට අත දීපු පොලිස් චීෆ් යුන්ෂික් සහ අනිත් පොලිස් නිලධරයන් එක්ක බිල්ඩින් එකෙන් පිටතට ගියේ යුන්ෂික්ගෙ කෑ ගැහිලි අතරතුරේමයි.. ඒ වගේම මේ වෙනකොටත් හයිබ් ගොඩනැගිල්ලම වට කරගෙන තිබුණු පොලිස් රථවලට අමතරව මාධ්‍යවේදියන්ද රැස්වෙලා තිබුණේ පොලිස් නිලධරයන්ගෙ හා යුන්ෂික්ගෙ ගමන්මගත් අවහිර කරගෙනමයි..

"මේ මොකක්ද වුණේ?"

"එතකොට ඇත්තටම චෙයාමන්ද මේ දේවල් කරලා තියෙන්නෙ?"

"මේක නම් කම්පැනි එකේ නමට ලොකු කැළලක් වෙයි, කළින් වතාවේ වගේ නෙවේ මේ පාර මොනව වෙයිද මන්ද?"

"මට නම් හිතා ගන්නවත් බෑ, ඒ මනුස්සයයි මෙහෙම කලේ කියලා.. ඒ වගේ කෙනෙක් මෙතන CEO වුණේවත් කොහොමද?"

"හරි දැන් හැමෝම ටිකක් සන්සුන් වෙලා ඉන්න.. වෙන්න තියෙන දේවල්වල්ට අපිට කොහොමත් මුහුණ දෙන්න වෙනවා"

"අපේ රස්සාවලට ප්‍රශ්නයක් වෙයිද? අනික දැන් අයිඩල්ස්ලගෙ ෆෑන් බේස් එක කොහොම හැසිරෙයිද කියලා කියන්න බෑනේ"

"ඩිරෙක්ටර් බෝඩ් එකත් එක්ක කතා කරන්න වෙනවා පුලුවන් තරම් ඉක්මනටම"

හයිබ් ගොඩනැගිල්ල ඇතුළෙ සම්පූර්ණයෙන්ම ඇහෙන්න තිබුණේ මේ වගේ දේවල්.. හැමෝම හිටියේ ගොඩක් කලබල වෙලා.. ආයතනයේ අනාගතය, තම තමන්ගෙ රැකියාවන්, මේ කිසි දෙයක් ගැන කිසිම කෙනෙක්ට නිශ්චිත හැගීමක් තිබුණේ නෑ..

ඒ අතරතුර, මේ සිද්ධිය දැනටමත් ලැව් ගින්නක් වගේ රට පුරාම පැතිරිලයි තිබුණේ.. කාටවත් අදහගන්න බැරි වුණේ මේ දේවල් කළේ රටේ ප්‍රධාන ආයතනයක විධායක නිලධාරියා කියන දේයි.. හරියටම කිව්වොත් යුන්ෂික් කියන්නෙත් මිනිස්සුන්ගෙ ආදරේ දිනාගත්ත කෙනෙක්, බැන්ග් පීඩී වගේ.. ඒත් එක තත්පරේකින් ඒ හැමදේම වෙනස් වෙලා.. දරාගන්න බැරි තරමටම විවේචන දැනටමත් ඔහුට මිනිස්සුන්ගෙන් එල්ල වන ගමනුයි තිබුණේ.. සාමන්‍ය පාතාලකරුවෙක් වුණානම් මෙච්චර දෙයක් නොවෙන්නත් තිබුණා.. ඒත් 'HYBE CEO' යන තනතුර නිසා මිනිසුන්ගෙ අවධානය මේ ප්‍රශ්නය කෙරෙහි වඩාත් යොමුවුණා..

ඒත්,

මේ කලබලකාරී වාතාවරණය මධ්‍යයේ ජන්කුක්ගෙ හිතේ තවමත් දෝංකාර දෙමින් තිබුණේ එක දෙයයි..

"සන්ග්හූන්-ශී, ගොඩක් ස්තූතියි කරපු උදව්වට, එදා ඔයා ෆොටෝස් අප්ලෝඩ් කරපු වෙලාවෙමයි අපිට මූව අල්ලගන්න තිබුණේ"

මේ වචන ඇහුණුම තමන් මෙච්චර කල් හිටියේ වැරදි වැටහීමක කියලා ජන්කුක්ට අමුතුවෙන් තේරුම් කරලා දෙන්න අවශ්‍යතාවක් තිබුණේ නෑ..

ජන්කුක්ගෙ හිත ඇතුළෙන් දැනටමත් වරදකාරී හැගීමක් දලුලන්න පටන් ගෙනයි තිබුණේ..

"ටිකක් ඉන්න!"

සන්ග්හූන් මීටින් රූම් එකෙන් යන්න හදනවත් එක්කම ජන්කුක් එයාට කතා කළේ 'මමද?' කියලා අහන්න වගේ සන්ග්හූන් එයා වෙතටම ඇගිල්ලක් දිගුකරන ගමනුයි..

"ඔව් ඔයා තමා.. ටිකක් කතා කරන්න පුලුවන්ද?"

ජන්කුක් එහෙම ඇහුවේ තමන් වටේ ඉන්න අය කියවන දේවල් ගැන කිසිම තැකීමක් නොකරයි..

"අනිවාර්යෙන්ම ජන්කුක්-ශී"

සන්ග්හූන් හිනාවෙලා කිව්වේ ජන්කුක්ව අදුරගන්න ගමනුයි.. ඒ එක්කම කොල්ලට නාරිව මතක් වෙලා ලාවට හිනාවක් නොගියමත් නෙවේ..

"එදා යුන්ෂික්ගෙ ෆොටෝස් වගයක් ලීක් කරලා තිබුණේ.. එතකොට ඒක කළේ ඔ- ඔයාද?"

"ඔහ්- ඔව්"

"ඒ කියන්න නාරි නෙවෙයි" ජන්කුක්ට ටිකක් සද්දෙන් එහෙම කියවුණේ නිරායාසයෙන්මයි..

"ඔව් නාරි නම් නෙ- පොඩ්ඩක් ඉන්න! ඔයා කිව්වෙ න්- නාරි කියලද?"

ජන්කුක්ට ඒකට උත්තර දෙන්නවත් සිහියක් තිබුණේ නෑ..

"අපේ චැනල් එකේ නාරිද?"

ජන්කුක්ට ඒකට යන්තමින් ඔලුව වනන්න පුලුවන් වුණා..

"ඔ- ඔයා කොහොමද එයාව දන්නේ?"

"ම- මං එයාගෙ බෝයිෆ්‍රෙන්ඩ්"

"ම්-මොකා?!? බෝයිෆ්‍රෙන්ඩ්?? ඒත්- ඒ කොහොමද? එතකොට ඔයාද එයාගෙ නම්ජාචින්ගු? ඒ නිසාද නාරි එදා මට කිව්වෙ එයාගෙ කොල්ලා මං දන්න කෙනෙක් කියලා.. ඔමෝ! මේක නම් අදහන්නත් බෑ"

"ඒත් දැන් මං එයාගෙ බෝයිෆ්‍රෙන්ඩ් නෙවේ"

"මො- ඒ කිව්වෙ?"

ජන්කුක්ට තමන් ගැනම තිබුණු කේන්තියට බිත්තියට ගැහුවේ සන්ග්හූන් බය කරවන ගමනුයි..

"ඔයා ෆොටෝස් අප්ලෝඩ් කළාට පස්සෙ මොකද වුනේ?"

ජන්කුක් ඇහුවේ කේන්තිය, දුක පුලුවන් තරමින් පාලනය කරගෙනයි..

"යුන්ෂික්ගෙ මිනිස්සු මාව අල්ලගත්තා.."

"කොහොමහරි.. ඒ ෆොටෝස්වලින් පස්සෙ අපේ කම්පැනි එකට ගොඩක් දේවල් වුණා.. මං දන්නෙ නෑ කොහොමද කියලා ඒත් ඒ ෆොටෝස් අප්ලෝඩ් කරපු අකවුන්ට් එක නාරිගෙ ලැප් එකේ තිබිලා මං දැක්-"

"නාරිගෙ ලැප් එකේ? එහෙනම් එයා ඒක හොයාගෙන"

"මොකක්ද?"

‍"අර මිනිස්සු මාව අල්ලගන්නකොට ෆෝන් එක කාර් එකේ වැටුණා.. ඒ මිනිස්සුන්ට මගේ ෆෝන් එක තිබුණද නැද්ද කියන්න වුවමනාවක් තිබුණේ නෑ.. එහෙනම් නාරි අනිවාර්යෙන් මගේ ෆෝන් එක හොයාගන්නැති.. එකේ තිබුණු ඒවා එයාගෙ ලැප් එකට දා ගන්නැති.. ඔයා දකින්න ඇත්තේ ඒක.. පොඩ්ඩක් ඉන්න- එහෙනම් මේ ඔක්කොම කරන්න ඇත්තෙත් නාරිම තමා"

"මොනවද?"

Flashback

"සර්! පාර්සල් එකක් ඇවිත්"

"පාර්සල් එකක්? කාගෙන්ද?"

"සදහනක් නම් නෑ.. බා‍ර දීලා ගිහින් තිබුණා.."

"හ්ම්. ඕක ගිහින් චෙක් කරන්න දෙන්න.."

"ඕකේ සර්"

'

'

"ම්- මේ මොනවද? දෙවියනේ"

පොලිස් නිලධරයගෙ කටින් එහෙම පිටවුණේ එයා දකින දේ විශ්වාස කරන්න බැරිවයි..

"චීෆ් චීෆ්!!"

"මොකද මිනිහො කෑ ගහන්නේ?"

"චීෆ්! ඔයා මේක දකින්නම ඕනි"

එහෙම කියපු පොලිස් නිලධරයා, ප්‍රධාන පොලිස් නිලධරයා එක්ක ගියේ කම්පියුටර් රූම් එකටයි..

"මොනවා? මේවා කොහොමද හොයාගත්තේ?"

"අර ලැබුණු පාර්සල් එකේ තිබුණේ පෙන් ඩ්‍රයිව් එකකුයි ෆෝන් එකකුයි, ඒවාවල තමා මේවා තිබුණේ.. මං හිතන්නෙ අර ෆෝන් එකේ අයිතිකාරයා තමා කළින් ෆොටෝස් ලීක් කරලා තිබුණේ.. ඒවා එඩිට් කරපු ඒවා නෙවෙයි, ඇත්ත ඒවා.. මිනිහා දැන් ඇත්තෙ යුන්ෂික්කාරයගෙ ළග"

"එතකොට යුන්ෂික් තමා ඇත්තටම මේවා කරලා තියෙන්නෙ?"

"ඔව් චීෆ්"

"ආයිශ්! මේ පාර්සල් එක ආවේ කොහොමද කියන්න මං දන්නෙත් නෑ, ඒක දැන් වැඩක් නෑ.. දැන්ම ටීම් එක රෙඩි කරන්න, අදම මේක ඉවරයක් කරන්න ඕනි.. මේ කේස් එක මගෙ ඔලුව කෑවේ නෑ විතරයි, යුන්ෂික් කාරයා අද ඉවරයි"

ඔව්, කවුරුත් නොදන්නවා වුණාට සන්ග්හූන් අනුමාණ කළා වගේම පෙන් එකයි, සන්ග්හූන්ගෙ ෆෝන් එකයි පොලිසියට භාරදීලා තිබුණේ නාරිමයි..

එදා නාරිට කන්ෆරන්ස් රූම් එකේ අහම්බෙන් හම්බුනු පෙන් ඩ්‍රයිව් එක අයිති වෙන කාටවත් නෙවේ ඒ ටික වෙලාවකට කළින් ඒ රූම් එකේ මීටින් එකක් ඉවර වෙලා යන ගමින් හිටපු යුන්ෂික්ටමයි..

අහම්බෙන් හෝ පෙන් එක බලපු නාරි දැක්කේ යුන්ෂික්ගෙ ඩීල්ස් වගයක විස්තරයි, යුන්ෂික්ගෙ වැඩ කරගෙන යන පාළු බිල්ඩින් එකේ සැලැස්ම ඇතුළු විස්තර ටිකක්.. සන්ග්හූන් ෆෝන් එකෙන් රෙකෝඩ් කරපු ඒවත් බලපු පොලිසියට යුන්ෂික්ව අල්ලගන්න තව සාක්ශි ඕනි වුණේ නෑ..

එසැණින්ම සැලසුමක් හදපු පොලිස් කණ්ඩායම වැඩට බැස්සෙ පොලිසියේ කාර්යක්ෂම බව හොදින්ම පෙන්වන ගමනුයි..

යුන්ෂික් හයිබ් එකේ රැස්වීම මෙහෙයවන අතරතුරේදී එයාට නොදැනීම, යුන්ෂික්ගෙ පාළු ගොඩනැගිල්ල වටලලා එතන උන්නු අය,මත්ද්‍රව්‍ය එක්කම අල්ලගන්න පුළුවන් වුණේ ඒ කිසි කෙනෙක් මේ වගේ පොලිස් ප්‍රහාරයක් බලාපොරොත්තු නොවුණු නිසයි.. ඒ එක්කම පොලිසියට සන්ග්හූන්වත් හොයා ගන්න පුලුවන් වුණා..

End of Flashback

සන්ග්හූන් කියපු දේවල් අහගෙන හිටපු ජන්කුක්ගෙ ඇස්වලට කදුළු බිදු කිහිපයක් ඉනුවේ වැඩිදුර හොයාබලන්නෙ නැතුව, අඩුම තරමේ නාරිට කතා කරන්නවත් අවස්ථාවක් නොදී එදා තමන් හැසිරුණු විදිහ මතක් වුණු නිසයි..

"ජන්කුක්-ශී, කලබල වෙන්න එපා, අපි නාරිට කතා කරමු"

"එයාට මං කොහොමද මූණ දෙන්නෙවත්?"

"එයා ඔයාට ගොඩක් ආදරෙයි ජන්කුක්ශී.. එයා වෙන කිසිම කෙනෙක්ට ආදරේ කරලත් නෑ කරන්නෙත් නෑ. මං එයාගෙ අවුරුදු ගාණක ඉදන් යාලුවා.,මං ඒක දන්නවා.. තව පරක්කු වෙන්න හොද නෑ ජන්කුක්-ශී.. එයාට ඉක්මනටම කතා කරමු"

කැෆටේරියා එකේ මේසෙක වාඩිවෙලා ජන්කුක් එක්ක කතා කරමින් හිටපු සන්ග්හූන් පුටුවෙන් නැගිට්ටේ ජන්කුක්වත් නැගිට්ටවන්න සලස්වලා..

"ජන්කුකා!!"

සන්ග්හූන්, ජන්කුක් දෙන්නම හිටි තැනම නතර වුණේ ටේ ජන්කුක්ගෙ නම සද්දෙන් කියාගෙන ඒ දෙන්න ඉන්න පැත්තට දුවගෙන ආපු නිසයි..

"හ්‍යුන්ග්? මොකද මේ?"

ජන්කුක් ඇහුවේ ඒ දෙන්න ළගට ඇවිත් හති හලන ටේ ගෙන්..

"ජ- ජන්කුක්! නාබි කෝල් කළා"

"න- නාබි නූනා? ඉතින්?"

"එ- එයා කිව්වා- න- නාරි ගෙදර නෑ කියලා"

"මොනවා?!?"

ජන්කුකයි, සන්ග්හූනුයි ඇහුවේ එකටමයි..

"ගෙ- ගෙදර නෑ කියලනේ කිව්වේ? එයා ස්ටේශන් එකේ හරි කොහේ හරි ඇති"

සන්ග්හූන් කිව්වත් එයා හිතත් කලබල වෙලයි තිබුණේ..

"අ- අනී.. නාරිගෙ ෆෝන් එකත් වැඩ නෑලු.. නාබි හොදටම බය වෙලයි ඉන්නේ.. නාරිගෙ බඩු වගයකුත් ගෙදර නෑලු..-
ජන්කුකා, නාරි ගිහින්!"

ටේ කියපු දේ ඇහුණු සැනින් ජන්කුක්ව ආයෙමත් පුටුවෙ ඉන්දුණේ තමන්ගෙ කකුල් පණ නැති වී ගෙන යන බවක් දැණුනු නිසයි..

"නාරි ගිහින්? ඒත් කොහෙද? ජන්කුක් ශී.. මෙතන මොකක්ද වුණේ කියලා හරියටම දැන ගන්න ඕනි.. මං නාරි ගැන පුළුවන් තරම් ඉක්මනට හොයා ගන්න බලන්නම්.. කලබල නොවී ඉන්න"

එහෙම කියපු සන්ග්හූන් දුවලා යන්න හැදුවත් එයාව නැවතුණේ ජන්කුක් එයාගෙ අතින් අල්ලගත්ත නිසයි..

"කුමාවෝ සන්ග්හූන්ශී.."

ජන්කුක් කදුළු පිරුණු ඇස්වලින් කියද්දී සන්ග්හූන් ඔලුව වනලා යන්න ගියා..

"ජන්කුකා.. බය නොවී ඉන්න, මං නාබිව බලන්න ගිහින් එන්නම්.. එයා ගොඩක් බය වෙලා ඉන්නේ"

පැය කිහිපයකට පසු..

ටේ නාබිවත් එක්කගෙන එයාලගේ ඩෝම් එකට ආවේ මේ වෙලාවේ නාබිව තනියෙන් තියන්න බෑ කියලා හිතුණු නිසයි.. අනික කම්පැනි එකේ තිබුණු කලබල එක්ක බීටීඑස්ලා ගැන හොයන්න අද මැනේජර්වත් ආවේ නෑ..

නාබි ආපු වෙලාවෙ ඉදන්ම ජන්කුක් දිහා බැලුවෙවත් නෑ.. නාබිගෙ කදුළු පාරවල් වේලිලා ගිහින් තිබුණා.. කවුරුත් හිටියේ මොන වගේ දෙයක් වෙලා ඇත්ද කියලා අනුමාන කරන්න බැරි තත්වෙකයි..

*Ring* *Ring*

නාබිගෙ ඔලුව අත ගගා හිටපු ටේ කෝලර් අයි ඩී එක දැක්ක ගමන් පුළුවන් තරම් ඉක්මනින් කෝල් එක ආන්සර් කළා..

"සන්ග්හූන්ග්! කියන්න"

සන්ග්හූන් කියපු දේවල් අහගෙන හිටපු ටේගෙ මූණ වෙනස් වෙලා ගියපු විදිහ හැම කෙනෙක්ටම හොදාකාරවම තේරුණා.. සන්ග්හූන්ට මුමුණමින් වගේ හිමින් වචනයක් දෙකක් කියපු ටේ කෝල් එක කට් කලේ අනිත් අයට මේ දේ කොහොම කියන්න ද කියලා තමන්ගෙන්ම ප්‍රශ්න කරන ගමනුයි..

"ට- ටේ, මොකක්ද වෙලා තියෙන්නෙ, කියන්කෝ"

නාබි තමන්ගෙ අත්වලට ගහන ගමන් කියන දේවල් අහගෙන හිටපු ටේ හුස්මක් ගත්තේ මේ දේ කියන්න හිත ශක්තිමත් කරගන්නවා වගෙයි..

ඒ එක්කම නාබිගෙ, ජන්කුක්ගෙ, අනිත් පස්දෙනාගෙම අවධානය ලැබුණේ ටේ වෙතටයි..








Continue Reading

You'll Also Like

4.1K 702 35
"Where's my angel..?"
48.4K 1.4K 83
it's a story of a girl who falls in love with a Korean guy
899 182 10
ආදරය නිසා හිතුවක්කාර වූ යුවතියකගේ කතාවක් .... 🙍‍♀️
2.4K 567 21
කලු පාටට පෙම් බදින ශේවේත වර්ණ කිරිල්ලයකගේ හා නර්තනය ජීවීතය කර ගත් මනුෂ්‍යයකූගේ කතාව ......🌒🖤