| අපේ යාලු පුංචි භූතයා | Ongo...

By t_Sukii_7

19.4K 2.1K 3.3K

| දෛවයට හැකිනම් වෙන් කරන්න. අපිට ඇයි බැරි ආයෙ ආයෙත් හමුවෙන්න | ❝ දන්නවද නුඹ, මා මතක් කරලම හුස්ම ගත් පළවෙනි ද... More

පිවිසුම 💭
පළමුවන සිහිනය 💭
දෙවන සිහිනය 💭
තෙවන සිහිනය 💭
හතරවන සිහිනය 💭
පස්වන සිහිනය 💭
හයවන සිහිනය 💭
සත්වන සිහිනය 💭
අටවන සිහිනය 💭
නවවන සිහිනය 💭
දහවන සිහිනය 💭
එකොළොස්වන සිහිනය 💭
දොළොස්වන සිහිනය 💭
දහතුන්වන සිහිනය 💭
දාහතරවන සිහිනය 💭
පහළොස්වන සිහිනය 💭 bonus
දහසයවන සිහිනය 💭
දාහත්වන සිහිනය 💭
දහඅට වන සිහිනය 💭
දහනව වන සිහිනය 💭
විසි වෙනි සිහිනය 💭
විසි එක් වන සිහිනය 💭
විසි දෙවන සිහිනය 💭
විසි තුන්වන සිහිනය 💭
විසි හතරවන සිහිනය 💭
විසි පස්වන සිහිනය 💭
විසි හය වන සිහිනය 💭
විසි හත්වන සිහිනය 💭
විසි අට වන සිහිනය 💭
විසි නව වන සිහිනය 💭
තිස්වෙනි සිහිනය 💭
තිස් එක්වෙනි සිහිනය 💭
තිස් දෙවෙනි සිහිනය 💭
තිස් හතරවැනි සිහිනය 💭
තිස් පස්වැනි සිහිනය 💭
තිස් හයවැනි සිහිනය 💭
තිස් හත් වන සිහිනය 💭
තිස් අටවන සිහිනය 💭
තිස් නව වන සිහිනය 💭
හතළිස් වන සිහිනය 💭
හතලිස් එක් වන සිහිනය 💭
හතලිස් දෙවන සිහිනය 💭
හතලිස් තුන්වන සිහිනය 💭
හතලිස් හතරවන සිහිනය 💭
හතලිස් පස්වන සිහිනය 💭

තිස් තුන්වෙනි සිහිනය 💭

275 39 104
By t_Sukii_7

කුණාටුව ඉවර වෙලා සැනසිලිදායක හුළගක් හැමුවා....

මෙච්චර වෙලා කිසිම රිද්මයක් නැතුව ගැහුන හදවතට පුංචි නිදහසක් දීලා මෙවාන් අයියා යන්න යද්දි මාව පහු කරගෙන ක්ලාස් එකේ ළමයි එහේ මෙහේ යන්න ගත්තා...ළමයින්ගෙ ඝෝසාවයි වාහන හෝන් සද්දෙයි එක්ක මන් පියවි සිහියට ආවා. මන් හිතන්නෙ ඉන්ටවල් එකට ක්ලාස් ඉවර කරලා...හරි සිහියට ආව තප්පරේම මන් වෙලාව බැලුවා...එකයි තිස් පහයි...

දෙයියනේ! අභී අයියා මම එනකන් බලන් ඇති...එහෙම්ම මම යන්න හැරුණා....ඒත්,,

අනික් පැත්ත හැරුණ මාව එහෙම්ම හැප්පුනේ කලුගල් පර්වතයක් වගේ ඇගක...එයාගෙ පපුවෙම මූණ ඇන ගත්ත මම ඔලුව උස්සලා බැලුවේ නලල අතගගා...

"අ..අ...අභී අයියේ..!"

දැන් ටිකකට කලින් ක්ලාස් එකේ ඉන්නෙ කියපු අයියා ඉන්ටවල් දීලා ඊළග තප්පරේ මගේ පිටිපස්සෙ හිටගෙන ඉදලා කියලා තේරුණාම මන් ගල් ගැහුනා වගේ උනා...මට වචන පවා පැටලුනා...මෙවාන් අයියා එකපාරම යන්න ගිය හේතුව මගෙ ඇස් ඉස්සරහම පේන්න තියෙද්දි මගෙ දිහා බලාගෙන ගිනිගන්න ඒ ඇස් දිහා මම ලොකු උන ඇස් වලින් බලන් හිටියා උනත් ඊලග මොහොතෙ මාත් පෙන්නුවේ තරහක්.....හ්ම්ප්....උදේ මට බැනලා මෙතන.....එයා මන් එක්ක තරහ වෙයිද කියලා හිතුණත් මම නෙමෙයි එයා එක්ක හිනා උනේ...

වෙනදට මන් ඉස්සරහ ලස්සනට දිලිසෙන ඒ ඇස් වල කුතුහලය...කේන්තිය...බය...පිරිලා තිබුණා...දැන් ඩිංගකට කලින් මන් එක්ක කතා කරපු ආක්ෂ අයියා නෙමෙයි ඒ හිටියෙ වෙනකොට එයාගෙ ඇස් වල බැල්ම දරාගන්න බැරි උන මම කලබලෙන් බිම බලාගත්තා...

"ඌ මොකද කිව්වෙ සුදු බෝලේ....?"

ආක්ෂ අයියා මාව අතින් ඇදගෙන ක්ලාස් එකේ ළමයි අඩු හරියකට ඇවිත් මගෙන් ඇහුවේ පුදුම කලබලේකින්...දැන් ටිකකට කලින් හිටපු තරහ පෙනුම නැති කරගෙන එයා හරිම නිවුණු හඩකින් මගෙන් එහෙම අහද්දි ඇත්තමයි මගෙ බයත් යන්තම් අඩු වෙලා ගියා.

"උඹ කතා කරලා වරෙන්...මන් අරහෙන් ඉන්නම්" විශාක අයියා අභී අයියගෙ පිටට තට්ටුවක් දාලා අරහෙන් ඉන්නම් කියලා යන්න ගියා...

මන් ඉන්නෙ බය වෙලා කියලා තේරුණ හින්දාමද මන්දා එයා නිවුණ කටහඬකින් මෙවාන් අයියා මොකද කිව්වෙ ඇහුවත් මොකද එයාගෙ හිත ඇතුළෙ මෙවාන් අයියා එක්ක ලොකු කේන්තියක් තියෙන හැටි මන් ඒ ඇස් වලින් දැක්කා...මට කරදරයක් වෙන කෙනෙක් ගැන ඔච්චර තරහක් ඇති වෙන්න තරම් අයියා මන් ගැන හිතනවා වෙනකොට තප්පරෙන් තප්පරේ එයා වෙනුවෙන් මගෙ පපුව ගැහෙන හඬ වැඩි උනා....මන් හනිකට පපුව හරියෙන් ෂර්ට් එක මිරිකලා අල්ලගත්තා...අපි දෙන්නගෙම ඇස් තිබුණෙ එකට යාවෙලා වෙද්දි මොහොතකට මට මුළු ලෝකෙම අමතක වෙලා ගියා.

මගෙ අනික් අත තවමත් තිබුණෙ ඒ අත් අතර රැදිලා....එයාගෙ අත ගින්දර වගේ රස්නෙයි....ඒත් මගෙ අත සීතලට හුරුයි....මගේ අතින් අල්ලගෙන හිටපු ඒ අතේ නහරත් ඉලිප්පිලා පේන තරමට තදින් එයා මගේ අත අල්ලන් හිටියා උනත් මෙවාන් අයියා මගේ අත අල්ලනකොට දැනුන විදියෙ අප්‍රසන්න හැගීමක්....වේදනාවක්...මට නොදැනුනේ ඇයි කියලා මන් හිතුවා....එයා පේන මානෙ මට දැනුනෙ පුදුම ආරක්ෂාවක්....ඉතින් මගෙ පපුව එයාගෙ ආරක්ෂාවම හොයනවා වගේ දැනුනා....නුහුරු උනත් පපුව ගැහෙන මේ රිද්මෙට මම ආස කරා...ඒ වෙනස මට හොඳටම දැනුනා...

"අභී..අයියේ..."

"ඔව් ඔව් අයියා තමයි....ඌ මොකද කිව්වෙ?!!!"

එයා ටිකක් තදින් එහෙම කිව්වම මන් ලොකු හුස්මක් ගත්තා... ඔන්න දැන් මගෙ හදවත යකාගෙ කම්මල වගේ....මොකද මේ වෙන්නෙ....ඒ අස්සෙ මගෙ හීනෙ හිටපු අයියව මට මතක් උනා....මන් හොයපු ඒ රූපේ ලග මගේ හදවත ගැහෙන වේගෙටම ඇයි ආක්ෂ අයියා ලගදි මගෙ හදවත ගැහෙන්නෙ?? තාමත් මන් ඒ ගැන හිතනවා.

එයා අයියා තමයි කියද්දි මන් එයාට රැව්වත් මොකද මෙවාන් අයියා මොනවද ඇහුවේ අහනකොටම තවත් එහෙම බලන් ඉන්න බැරුව මන් අහක බලාගත්තා. මේ කුකුළ් කේන්ති කාරයට මන් මොනවද කියන්නෙ....මන් උත්තර හෙව්වා....ඇත්ත කිව්වොත් අයියා මෙතන යකා නටනවා...බොරු කිව්වොත්, ඒත් අන්තිමට ප්‍රශ්නයක්...මට එයාව නැති කරගන්න බැරි බයක් හිතට ආවා. ඉතින් මන් ඇත්තම කියන්න හිතුවා.

"එ...එදා කියපු දේ ගැන මොකද කියන්නෙ ඇහුවා...එයා මට...."

අන්තිම වචන ටික කටට නොඑනකොට මන් ඇස් උස්සලා හොරෙන් එයා දිහා බැලුවා....එයා තවමත් මගේ ඇස් දිහාම බලාගෙන වෙනකොට කියන්න ආපු දේත් මට අමතක උනා...

"ඉතින් එයා මොකක්ද...?"

"එ...එයා මට...ක්...කැමති ලු...."

අයියා දිහාම බලාගෙන මන් එහෙම කියද්දි මන් දැක්කා අයියගෙ ඇස් යන්තම් ගැස්සුනා...ගැටගහ හරි මන් මන් මුළු විස්තරේම අයියට කිව්වම තද කරලා අල්ලන් හිටපු මගෙ අත අතෑරුණා. ඒත් තවමත් මගේ අත ඒ අත අස්සෙ රැදිලා තියෙද්දි මන් හෙමින් සැරේ එයාගෙන් මගෙ අත ඇදලා ගලවගත්තම එයා මගේ අත දිහා බැලුවා...තප්පරෙන් ආයෙම ඒ ඇස් මගෙ දිහාවට හැරුණා....එයා දැන් ප්‍රශ්න පත්තරයක් අහනවා...මන් ලේස්ති උනේ ඒවට උත්තර දෙන්න...

"එදා කියපු දේ කිව්වෙ මොකක්ද....කවද්ද ඌ කලින් එහෙම ඇහුවේ?"

හරිනෙ...කැමතියි කියනෙකටත් කලින් එයාගෙ හිත අල්ලගත්තේ මෙවාන් අයියා කලින් කවද්ද කැමැත්ත ඇහුවේ කියලා වෙනකොට එයාට ඒ ගැන නොකියන්න හිතපු එක ගැන මගෙ හිතේ දුකක් ඇති උනා...

"එ..එදා...මට කලන්තෙ දාපු දවසෙ"

මට පසුතැවීමක් දැනුනා. මන් බිම බලාගෙනම මට කලන්තෙ දාපු දවසෙ මෙවාන් අයියා මගෙන් අහපු බව කියද්දි විනාඩියක් දෙකක් යනකනුත් අයියගෙන් සද්දයක් නැති වෙනකොට මන් ඇස් උස්සලා එයා දිහා බැලුවා....

"හ්ම්ම්...දැන් ක්ලාස් එකට යන්න...."

මගෙ හිතට ආවේ බයක්....ඇයි මන් එයාට කිව්වෙ නැත්තෙ කියලා අහයි කියලා මන් හිතුවා....මට කලින් වගේ සැර කරයි කියලා හරි මන් බලාගෙන හිටියා...ඒ මුකුත්ම නැතුව මට ක්ලාස් එකට යන්න කියපු එයා මාව එතන දාලා යන්න යද්දි මට මොකක්ද උනා...එයාට එහෙම යන්න දෙන්න බෑ වගේ හිතුනා...මගෙ හිත වේගෙන් වේගෙන් වැඩ කරන්න ගත්තා. අන්තිමට...මලානික කටහඬත් එක්ක එහෙම කියපු අයියා යන්න හැරුණා...

"ම්..මන් මෙවාන් අයියට....හිතලා බලන්නම් කිව්වා..."

මන් කියපු දේ හරි හෝ වැරදි වේවා මට ඕන උනා එයාගෙ ප්‍රතිචාරය බලන්න. ඉතින් මන් තඩි බොරුවක් කිව්වා. එයාගෙ හිතේ ඇත්තටම මන් ගැන වෙනස් හැගීමක් ද තියෙන්නෙ දැනගන්න මගෙ ඔලුවට ආපු මෝඩම අදහස මන් එළියට දැම්මා...

ජීවිතේට මෙවාන් අයියා වගේ කෙනෙක් එක්ක යාලු වෙන්න තියා හිතන්නවත් අකමැති මම හිතලා බලන්නම් කිව්ව බව කීවම යන්න ගිය එයා මට අඩි දෙකක් එහායින් එහෙමම නැවතුනා...මට දැනුනේ බයක්....මන් නිදාගෙන හිටපු කොටියෙක් අවදි කරගත්තද කියලත් මට හිතුනා...

එයාගෙ අත් මිට මෙල උනා...මට පිටුපාලා ඉන්න එයාව තරහටම වෙව්ලුවා මන් දැක්කා.

"මොකක්ද කිව්වෙ තමුසෙ....??"

හරින ඔය කරේ සිහින!! මම මොනවහරි කිව්වද....ඔව් මම කිව්වා නේන්නම්.....පළවෙනි වතාවට අයියා මට ඒ විදියට කතා කරා...ඒ නපුරු ඇස් මගෙ මූණටම එබිලා එහෙම අහද්දි නම් මට ඇත්තටම බය හිතුනා..

"අ...අයි.යේ....හික්..."

මගෙ කටින් හීන් ඉකියක් පිට උනා....

"තමුන්ට කරදර කරන්න හිතපු එකත් එක්කද යාලු වෙන්න හිතුවේ...ආ.....තමුන් වෙන ඕන එකෙක් එක යාලු වෙනවා සිහින....හැබැයි උගෙ හුළගක් වත් වදින්න දෙන්නෙ නෑ මන්."

එයාගෙ වචන මාව ගොලු කරා...වචනයක් කියාගන්න බැරුව වචන අහුලපු මම යන්තම් අයියේ කියලා කියාගත්තා උනත් එයාගෙ වචන දරගන්න බැරි තරම් පපුවට දැනෙද්දි හෝ ගාලා මට ඇඩුණා....

මගෙ ඇස් වලින් කදුලු බේරුණා...

"ඇත්තටමද කිව්වේ අරූට කැමති වෙන්නම් කියලා...!?"

මන් අඩ අඩම ඔලුව වේගෙන් දෙපැත්තට වැනුවේ කවදාවත් මගේ හිතේ එහෙම හැගීමක් ඇති නොවෙන බව කියන්න වෙනකොට එයාගෙ මූණෙ හීන් හිනාවක් ඇදෙනවා මන් දැක්කා...

"උඹ මාව පරීක්ෂා කරනවද සුදු බෝලෙ?"

මන් කදුලු බේරුණ ඇස් අත්ලෙන් පිහදාන ගමන්ම වේගෙන් ඔලුව දෙපැත්තට වැනුවම එයා හිනා උනා....දෙයියනේ මන් එහෙම කිව්වට මන් එයාට දශමයක්වත් කැමති නෑ....එයාට තරහ ගිය එක සාධාරණයි. ඉතින් එයාට මන් කොහොමද මේ කදුලු වල වැරැද්ද පටවන්නෙ. එහෙම උනත් වාන් දාලා වගේ මට ඇඩෙද්දි දෙතුන් පාරක් වටපිට බලපු අයියා අත මිටි කරලා ලග තිබුණ බිත්තියට ගැහුවා.

"අඩේ ආක්ෂ!!! උඹට පිස්සු හැදිලද??" මම අත් දෙකෙන්ම මගෙ කන් දෙක තද කරලා වහගෙන ඇස් දෙක පොඩි කරගත්තා....මන් කන් දෙක වහගත්තා උනත් මට ඇහුනා අපිට ටිකක් එහායින් හිටපු විශාක අයියත් කෑ ගැහුවා...

"අඩන්නෙපා කිව්වා නේද...!?"

එයා ගහපු පාර රිදුනෙ එයාට වඩා මගෙ පපුවට වෙද්දි මගෙ කටින් ආයෙම සද්දෙන් ඉකියක් පිට උනා....මන් මගේ තොල් දෙක එකට තද කරගත්තා....මගෙ ඇස්, ඇතුළට ගිලා බහින තරම් තද කරලා පියාගෙන හිටපු මාව ඊළග තප්පරේම උණුහුමකට ඇදිලා ගියා...

"කෝ ඉතින් නාඩා ඉදින්.....දැන් ඔක්කොම හරි..."

අයියා මාව එයාගෙ පපුව අස්සට ඇදලා අරගත්තා...මගෙ ඔලුව පුරා එයාගෙ ඇගිලි දුවනවා වගේ දැනෙනකොට මන් හෙමින් සැරේ ඇස් ඇරියා....හිතුවා වගේම මන් හිටියේ ඒ පපුව අස්සට තද වෙලා....හරියටම බදානොගත්ත උනත් ඒ වැළදගැනීමම මට නිවෙන්න තරම් ඇති උනා...මන් ඒ ගැහෙන පපුවට ඔලුව ගහගෙන ඔහේ හිටියා...

ඒ පපුව ගැහෙන රිද්මෙ මගේ හිතට ඒත්තු ගැන්නුවේම, අයියා මට කැමතියි කියන සිතුවිල්ල වෙද්දි මම එයාගෙ හදගැස්ම කියවයි කියලා මතක් උනා වගේ ආයෙම මාව මෑත් කරපු එයා කලබලෙන් එහෙ මෙහෙ බැලුවා...එයා කලබල උනා...ඊටත් වඩා ඒ මන් අකමැති ඇති කියල වගේම කවුරුහරි ආවොත් හරි නැති හින්දා බව මන් තේරුම් ගත්තා....ඒත් ඒ පපුව අස්සට ගුලි උන තප්පරේට මන් ඒ උණුහුමට ලෝභ වෙන්න ගත්තා.

එයා ගොඩක් කලබලෙන්....එහෙ මෙහෙ දුවන එයාගෙ කකුල් කලබලකාරී හැසිරීමක් පෙන්නද්දි සැරින් සැරේ ඔලුව පිටිපස්ස ගසන ගමන් වටපිට බලන එයා දිහා මන් ඔහේ බලන් හිටියා...

"ඇයි අයියා මන් ගැන ඔච්චර වදවෙන්නෙ.?"

"මොකද මන් තමුන් ගැන හිතනවා.......,,

ම්..මන් කිව්වෙ මන් ඔයාගෙ අම්මට පොරොන්දු උනා....ඔයාව බලාගන්නවා කියලා..."

මන් ගැන මෙච්චර වද වෙන්නෙ ඇයි ඇහුව අනික් පැත්තට මන් ගැන හිතනවා කියපු එයාම ඒ කියාපු කතාව ඊළග තප්පරේ වෙනස් කරා...මන් දන්නවා හිතනවා කියලා ඒත් මන් හොයන්නෙ ඒ ඇයි කියලා....ඉතින් ඒකට උත්තරේ උනේ අපේ අම්මට උන පොරොන්දුව වෙද්දි කලින් මගෙ මූණෙ ඇදීගෙන ආව හිනාව ආයෙම මැකිලා ගියා...

"හ්ම්ම්...ඒ නිසාද...?"

මගෙ පපුව රිදීගෙන ගියා...අපේ අම්මට පොරොන්දු උන නිසා තමයි එයා මාව පරිස්සම් කරන්නෙ කියද්දි මට ගොඩක් රිදුනා...අපි හම්බඋන පළවෙනි දවසෙ ඉදන්ම මාව පරිස්සම් කරේ එයා නෙමෙයි ගානට එයා එහෙම කියද්දි අයියා ඒ කිව්වෙ බොරුවක් කියලා එවෙලේ මගේ මෝඩ මොළේට නොඑද්දි එයා කිව්ව දේ ඒ විදියටම මන් පිළිගත්තා.

"අයියේ...ම්..මන් විහිලුවක් කරේ...ම්...මන් එයාට කැමති නෑ"

ඉතින් කැමති නැත්නම් එච්චරයිනෙ. ඇයි මන් මේ බය වෙලා. එයාට මන් මොනවද මේ ඔප්පු කරන්න යන්නෙ. ඇයි එයා මන් ගැන වැරදියට හිතනවට මන් මෙච්චර බය...එයාව පරීක්ෂා කරන්න ගිහින් අන්තිමට උනේ මන් මාවම පරීක්ෂා කරගත්තා වගේ වැඩක් වෙනකොට එයා යන්තම් හිනා වෙන ගමන් මගෙ පැත්තට හැරුණා...මන් කුතුහලෙන් බලන් හිටියා උනත් එයා මොනවද කියන්න යන්නෙ කියන බය මාව වෙලා ගත්තා...

"ඇස් රතු වෙන විහිලු කරන්නෙපා සුදු බෝලෙ!!"

කවදාවත් කදුලු නොදැකපු ඒ ඇස් දිලිසෙනවා දකිද්දි මගෙ පපුව රිදීගෙන ආවා....අනේ.....මන් තද කරලා මගෙ පපුව අල්ලගත්තා....

මමමයි එයාට ඒ වගේ දෙයක් කිව්වේ....ඒත් ඇයි මට මෙච්චරම රිදෙන්නෙ....මන්.....මන් අයියට.....නෑ එහෙම වෙන්න බෑ....මට මොකද මේ වෙලා තියෙන්නෙ....!

"අද මම ඌ එක්ක දෙකෙන් එකක් බේරගන්නම්..,,

"යමන් විශාක!!"

මෙවාන් අයියා එක්ක බේරගන්නම් කියපු අයියම විශාක අයියට යමු කියලා මට කතා කරන්නෙත් නැතුවම සැනින් යන්න යද්දි මාත් පස්සෙන් ආවා. මන් ඇවිද්දා උනාට දිව්වා කිව්වොත් හරි.....වේගෙන් ඇවිදගෙන යන අයියව අල්ලගන්න මන් එයාගෙ පස්සෙන් ඇවිදින ගමන් දිව්වා.... ළමයි බලන් ඉන්නවා ඇති කියලවත් ගානක් නැති උන මන් මාවත් ගනන් නොගෙන ඔහේ ඇවිදගෙනන යන ආක්ෂ අයියා පස්සෙම ආවා...

"තේරුම් ගන්නකො අයියේ මන් විහිලුවක් කරේ!"

"ඔය තරහ නිවුනම ඔක්කොම ඇරිලා යයි සුදු චූටි...මේ මුට පිස්සුනේ!!"

මන් අඩන්න ඔන්න මෙන්න විශාක අයියට අභී අයියට තේරුම් කරන්න කියද්දි මගේ හිත හදන්න හිතාගෙනද මන්දා විශාක අයියා මැද්දට පැන්නා....

"ඒ උනාට..."

"මමනේ කියන්නෙ, බත් හැලිය ඉදෙනකන් විතරයි ඔය තරහා"

"අයියා කියනෙකක් තමයි!"

පන්තිය ලගට වෙනකන් ආපු එයා විශාක අයියට යමු කියලා මාව පන්තිය ගාව තනිකරලා යද්දි මන් බලන් හිටියා...අපේ ක්ලාස් තිබුණෙ පහළම තට්ටුවේ හෝල් වල වෙනකොට අයියගෙ ක්ලාස් තුන්වෙනි තට්ටුවේ තිබුණේ...එයා අපේ ක්ලාස් එක ගාවින් නොපෙනී යනකන්ම මන් බලාගෙන හිටියා...ඒත් එයා නෙමෙයි ආපිට හැරුණෙ. විශාක අයියත් මගෙ උරහිසට පොඩි තට්ටුවක් දාලා ඇස් වලින් කිව්වේ ඔක්කොම හරියයි කියලා වෙනකොට මන් ඒ වචන වලට යන්තම් මවාගත්ත හිනාවක් දුන්නම එයත් ආක්ෂ අයියා පස්සෙම යන්න ගියා. මගෙ මූණ දුකෙන්ම බිමට හැරවුණා....කාටවත් නොපෙනීම ඇස් දෙකෙන් වැටුණ කදුලු බින්දු දෙකක් සිමෙන්ති මැදපු පොළවට වැටිලා විසිරුණා මන් බලාගෙන...

මන් ආයෙ ඔලුව ඉස්සුවේ මගෙ ඉස්සරහ නැවතුන කකුල් දෙක හින්දා වෙනකොට මට ඒ කකුල් අදුනගන්න ගිය වෙලාව තප්පරේකටත් චුට්ටක් අඩු උනා....ඒ සැනින් මන් ඔලුව උස්සලා බැලුවා....

"අඩන්නෙපා කිව්වා නේද!?...ඔය ඇස් වලින් කදුලු බින්දුවක් වැටුණත් මේ පපුවට බර දැනෙනවා...ඒ හින්දා නාඩා ඉන්න... ඉවර වෙලා මන් එනකන් යන්න එපා.!"

දිලිසෙන කදුලු අස්සෙන් මගෙ ඇස් හිනා උනා මට දැනුනා...එයාගෙ වචන වල බරට මගෙ පපුව උඩ කලු ගලක් තිබ්බා වගේ වෙනකොට මනුස්සයෙක්ට මෙච්චරම කෙනෙක් ගැන වදවෙන්න පුළුවන් ද කියලා මට හිතුණා...

.

.

.

.

"පොඩි එකා පව් බං..!!"

සිහිනව පන්තිය ගාවින් දාලා මායි විශාකයි එහෙමම ආවේ ක්ලාස් එකට. මන් හිටියෙ හිත හොදින් නෙමෙයි වෙනකොට මගේ පස්සෙන් කියව කියව ආව විශාකයා ගෙ වචන ඔහේ කන් වලට ඇහුනා විතරක් උනා...

"මන් දන්නවා උඹත් වැරදි නෑ!!"

පොඩි එකා පව් කිව්ව ඌම මාත් වැරදි නෑ කියලා මගෙ පැත්තත් ගානට ෂේප් කරා.

"මන් හදන්නෙ ඒකව පරිස්සම් කරගන්න විශාක!!" මන් උඹට කිව්වනෙ මන් දැකපු හීනෙ ගැන!"

සිහිනව ක්ලාස් එකේ දාලා ආවත් මොකද මගෙ හිත නම් තිබුණෙම සිහින ලග...අද පාඩම අහගෙන ඉදලත් ඉවරයි ඉතින්...මේ මෙවාන් කාරයානම් පුදුම වදයක් උනා.

"හරි හරි මට නොතේරෙනවා නෙමෙයි බං!!...උඹෙ තැන මන් හිටියත් මමත් ඔහොම හැසිරෙයි"

"එහෙනම් වරෙන් මගුලක් කියවන්නෙ නැතුව"

අන්තිමට කැන්ටිමට ආපු අපි නෙස්කැෆේ එකක් බීලා බන් එකක් කෑවා...කෑවෙ දෙන්නම උනාට ඉතින් ගාන ගියේ මගේ පොතට.....මොනව උනත් උට කන්න බැරි උනේ මන් හින්දා වෙද්දි ඌව බඩගින්නෙ තියන්න හිත නොදුන්න මන් කැන්ටිමට ඇදගෙන ආවා...ඇත්තම කිව්වොත් ඇදිලා ආවේ මම...මූට ඉතින් කන බනේනේ...

"අහ්..අයියලා.....කොහොමද ඉතින්!!"

කැන්ටිම අස්සට රිංගාපු අපි දෙන්න ලගට දුවගෙන ආපු තේව් මල්ලි ඈත තියාගෙන කෑ ගහගෙන ඇවිත් අපි දෙන්නගෙම අවධානෙ ඌට ඇදගත්තා...

"අහ්...තාරා පැටියෝ.....හොදයි වගේ බං"

තේව්, අයියලා කියාගෙන ආව තාලෙටම ඇදලා කරලා තාරා පැටියෝ කියපු විශාකම මගෙ දිහා ඇහැ කොනෙන් බලලා හොදයි වගේ බං කියලා කටේ නොගෑවී බොරුවක් කිව්වා....

මූ හැමදාම පෙරහැර ගියාම තමයි එන්නෙ. හිතුවට ඉතින් කියන්න ගියේ නෑ. මගෙ මස්සිනා පොඩ්ඩනෙ දවසක....කටින් කීයක් දේවල් හිතුවත් මම නෙමෙයි වචනයක් කිව්වේ.... මොකද මන් හිටියේ බුම්මගෙන.... මෙවාන් කාරයගෙ සිහියෙ.

"ඒයි බිළාලයෝ...ආක්ෂ අයියට මොනවා වෙලාද..?"

මට ඇහුණා තේව් රහසින් විශාකට කොදුරනවා...පුදුම කෙදිරිල්ලක් ඒක...මටත් ඇහුණා...මන් ඉතින් මගෙ පාඩුවේ නෙස්කැෆේ කප් එක ඩස්පියට දාලා අත හෝදගන්න අතරට මන් හිතන්නෙ විශාකයා අකුරක් නෑර ඔක්කොම තේව්ගෙ කනේ තිබ්බා....

"අයියේ..මන් සිහිනව හම්බෙලා එන්නම්!"

විශාකයා ඔක්කොම කියලා කට ගන්න උනේ නෑ තේව් සිහිනව බලලා එන්නම් කියාගෙන ක්ලාස් පැත්තට දුවද්දි මාත් විශාක එක්ක පන්තියට ආවා....තේව්ට උදේ ක්ලාස් තිබ්බෙ වෙනහක උනත් හවස ක්ලාස් එකට ඌ මෙහාටම එනවා....ඌ ආපු එකත් හොඳයි.මන් බයේ හිටියේ සිහින ගැන...තේව්වත් සිහිනගෙ හිත හදයිනේ පොඩ්ඩක්......

.

.

.

"හරි ළමයි එහෙනම් අද දුන්න ටියුට් එකේ දහවෙනි පිටුව හරවගන්න. ඊළග සතියෙ ක්ලාස් එකට එන්න කලින් මන් දෙන ප්‍රශ්න වලට උත්තර භාර දීලා ඕන එන්න. නැත්නම් පන්තියට ගන්නෙ නෑ...ඔන්න කලින්ම කිව්වා!"

අර දැක්කනේ...පැය ගාණක් ඉදගෙන පාඩම අහන් ඉන්නවා මදිවට ගෙදර ගිහිල්ලත් කරන්න වැඩ. ක්ලාස් එක පටන් අරගෙන පැය තුනක් ගෙවිලා තිබුණා.....සර් කාරයා පැවරුමක් ගැන කියන ඇහිල්ලෙ සාක්කුවේ තිබ්බ ෆෝන් එක වයිබ්‍රේට් වෙනවා මට දැනුනා..

එක පාරක් වයිබ්‍රේට් උන ෆෝන් එක ආයෙම පාරක් වයිබ්‍රේට් වෙද්දි අතපය තියන් ඉන්න බැරි කමට මම සාක්කුවේ තිබ්බ ෆෝන් එක එළියට ඇද්දා...ඔන් වෙලා තිබුණ ලොක් ස්ක්‍රීන් එකේ වට්සැප් මැසේජ් තුනක් පෙන්නද්දි තප්පරේට ඒ ගොඩට ආයෙම අලුත් එකක් ඇඩ් උනා...මන් ලොක් ස්‍ක්‍රීන් එක ඔන් කරේ කවුද මේ නහරකාරයා කියලා බලන් උනත් නොටිෆිකේෂන් බාර් එකේ පෙන්නපු මැසේජ් එකේ සිහිනගෙ නම දකිද්දි මගේ හිත ගැස්සුනා...

මම එහෙමම ආවේ චැට් එකට....මැසේජ් ආවේ සනුකයගෙන් වෙද්දි චැට් එකේ මැසේජ් පහකට වඩා තිබුණා. සිහින ගැන උට මොනවද කියන්න තියෙන්නෙ මගෙ පපුවෙ පැත්තක් දැවිල්ල ගත්තා.....මූ මේ අවේලාවේ මොනවද එවන්නෙ. මන් තප්පරේට මැසේජ් ටික කියෙව්වා....

"අඩේහ්....උඹ ක්ලාස් එකකද?"

"ආක්ෂ!!"

"ඉක්මනට පහළට වරෙං"

"සිහිනට කරදරයක්..."

නොතේරෙන බයකින් මගෙ මුලු හිතම වැහිලා යනකොට තුන්වෙනි මැසේජ් එක දැකපු තප්පරේම මන් ඉදගෙන හිටපු තැනිනුත් ඉබේටම නැගිට්ටුනා.....උගන්නන ගමන් හිටපු සර්ගෙ අවධානෙ මගෙ දිහාවට වැටෙද්දි සර්ගෙ ප්‍රශ්න ටිකත් අතරමග නැවතුනා....පන්තියේ හැමෝම හැරුණෙ මගෙ දිහාවට...සර් පවා මන් දිහා බලන් ඉන්නවා. ක්ලාස් එක ඉවර වෙන්නත් තිබුණෙ තව පැය බාගෙකටත් ටිකක් අඩුවෙන්....ඒත් ඒ කිසිම දෙයක් ගැන ගානක් නොතිබුණ මම තප්පරයක් කරන දෙයක් ගැන හිතුවා...

"මොකද ඔය ළමයා!!! ..ප්‍රශ්න ටික අහගන්න ඕන නැද්ද?"

පන්තිය ඇරපු ගමන් එළියට පැනගන්න ලේසි වෙන්න විශාකයි මායි හැමදාම වාඩි උනේ ඉස්සරහ පේළියක. නැතුව ඉගෙනගන්න තිබ්බ උනන්දුවකට එහෙම නෙමෙයි...ඉතින් මන් ඉස්සරහම හිටගෙන ඉද්දි සර් කාරයා ඇතුළු පන්තියම මගෙ දිහා කන්න වගේ බලන් හිටියා. ප්‍රශ්න ටික අහගන්න ඕන නැද්ද අහද්දි මට කියන්න හිතුණත් ඔය ප්‍රශ්න වලට වඩා මේ ප්‍රශ්නෙ බරපතලයි කියලා මන් හිතට ආව ඒ වචන ගිලගත්තා...

"ආක්ෂ උඹ මොකද මේ කරන්නෙ...?"

"උඹ ඉදපන්. මන් ඉක්මනට එන්නම්.."

ඒ අස්සෙ මූණත් අතින් වහගෙන, හිටගෙන ඉන්න මගෙ දිහා බල බල විශාකයා මට බනිද්දි ඌට ඉන්න කිව්ව මන් බෑග් එකට පොත දාන්නවත් වෙලාවක් නැති කොට පොතත් අතට අරගෙන ඩෙස් එකෙන් පැනලා පන්තිය ඉස්සරහට ආවා...

"සර් මට හදිස්සියක්...යන්න ඕන.!"

"හ්ම්ම් හරි..."

අන්තිමේ මන් සර්ට එක්ස්කියුස් කරලා බෑග් එකත් අරන් පන්තියෙන් පැනගත්තා....සර් ආයෙම උගන්නනවා ඇහුණා....කොහෙටද යන්න ඕන කියලා නිනව්වක් නැතුව සිහිනගෙ ක්ලාස් එක ලගට යන්න හිතපු මම අඩියට දෙකට පඩිපෙළ බහිද්දි විශාකයට විස්තරේ කියලා පණිවිඩයක් තනි අතින්ම ටයිප් කරපු මන් සෙන්ඩ් කරලා තප්පරයයි ගියේ මගෙ වේගෙන්ම ආව තවත් ඇගක මාව හැප්පුනා......

මන් හිතන්නෙ ඩිස්ප්ලේ එක ගියා....අතේ තිබුණ ෆෝන් එක බිම වැටෙද්දි මට අරූට හොඳවයින් කියවුනා...

"ෂිට්....පාර බලාගෙන යන්න බැරිද යකෝ ~~"

බිම වැටුණ ෆෝන් එක අහුලලා ගන්න ගමන් අල්ල දිගෑරලා උගෙ දිහාවට දික් කරගෙන මම බැන්නත් මොකද ඒ ඇවිල්ලා හිටියේ සනුකයා...

"මන් උඹව හොයාගෙන ආවේ ආක්ෂ, ඉක්මනට යමං"

ඌ ආවේ මාව හොයාගෙන උනත් ඒත් එක්කම මගෙ ඇස් වලට අහු උන ඒ ඇස් වල තිබුණ බය පිරුණු බැල්මට මගෙ මුළු සර්වාංගෙම වෙව්ලලා යනකොට සනුකයා මට හිතන්නවත් නොදී මාව ඇදගෙන දුවන්න ගත්තා...උගෙ අත අතෑරගත්ත මන් ඌ පස්සෙම පහළට දිව්වා...මට ඕන උනේ එයාව මගෙ ඇස් දෙකට දකින්න වෙනකොට ක්ලාස් එක පේන මානෙ පුරාවට මගෙ ඇස් අරන් ගියා...

"ආක්ෂ!! ඉදපන් මන් එනකන්"

අපිට අඩි දෙක තුනක් පිටිපස්සෙන් මට විශාක ගෙ කටහඬ ඇහුණා.....ක්ලාස් එක ඇරලත් නැති වෙද්දි විශාකයා පන්තියෙන් පැනලා තිබුණා....උඹ මාව මාරයා ලගටවත් තනියම යවන්නෙ නෑ නේද බං.

"ආක්ෂ මොකද වෙලා තියෙන්නෙ බං! සුදු චූටි හොදින්ද?"

"දන්නෑ බං...මූ කියන්නෙත් නැහැ...රෙද්ද"

සනුකයා දිව්වේ ක්ලාස් එකෙන් එළියේ පාළු පාර දිහාවට වෙද්දි සිහිනට මොකද උනේ කියන බය මගෙ හිත පුරාම හොල්මන් කරා....

"සනුක මට කියපන් මොකද උනේ කියලා!!"

මට අඩියක් ඉස්සරහින් පාර දිගේ දුවාපු සනුකයට කෑ ගහලා සිහිනට උන දේ අහනකොට අපි නැවතුන තැනට ආපු ඌ හති අරින්න ගත්තා...

"ආක්ෂ, උඹ කලබල වෙන්නපා හරිය.."

"කියපන් බං තටමන්නෙ නැතුව..."

පාර අයිනෙම නැවතිලා වෙච්ච දේ ඌ මෙතන කියාගන්න බැරුව තටමද්දි උගේ කොලර් එකත් මගෙ අත් අතරට හිර උනා....

.

.

.

Sihina POV.

"එනවා යන්න මාත් එක්ක...."

ක්ලාස් එක ඉවර වෙනකොට පහට විස්සක් වගේ වෙද්දි ආක්ෂ අයියා එනකන් ඉන්න හිතාගෙන එළියට ආපු මන් ක්ලාස් එකේ දොරකඩ ඉස්සරහදිම කොල්ලො ගොඩකට මැදි උනා.....කොහෙ ගියත් එනවනෙ......මන් හිතන්නෙ ක්ලාස් අරිනකන් බලන් ඉදලා....ළමයිනුත් ගොඩක් එහෙ මෙහෙ ගියා.....මෙතන කලබලයක් ඇති කරන්න බැරි නිසාම මන් පරඩැලක් වගේ එයා පස්සෙම ඇදිලා ගියා.

"මොකක්ද උත්තරේ!?"

අන්තිමට එයා ඇවිත් නතර උනේ පාලු පාරක දෙබොක්කාවක වෙද්දි මගේ වටේටම හය හත් දෙනෙක්ම හිටියා...මම වටේම බලාගෙන ඇවිත් අන්තිමට මගෙ දිහා කටකොනෙ හිනාවෙන් බලන් ඉන්න මෙවාන් අයියා ලග නැවතුනාම මගෙ හිතට පුදුම තරම් තරහක් දැනුනා...

"කෙනෙක් රිද්දලා බලෙන් ගන්න දෙයක් ආදරේ නෙමෙයි මෙවාන් අයියේ...!!"

මන් එයාට තදින් කිව්වම එයා මහ කැත විදියට හිනා උනා..

"හහ්....කොහෙද ඔය කට මෙච්චර දවස් තිබ්බෙ??"

මගේ කම්මුල් දෙපැත්තෙන් තද කරලා අල්ලගෙන එයාගෙ පැත්තට හරවා ගත්තම මගෙ ඇස් වල කදුලු පිරුණා....කකුළුවෙක්ගෙ අණ්ඩකට අහු උනාට වඩා හපන්... එයා මන් දිහා බලන් ඉන්න කෑදරකාර මූණ පේන්නෙ නැති තරමට මගෙ ඇස් බොද වෙලා ගියත් එක පාරම මාව ගැස්සුනා.....මෙවාන් අයියගේ කම්මුලට අත මිට් කරලා වැදුන ඒ සැර පාරට එයාව අඩි දෙක තුනක් විසි වෙලා යද්දි මගේ කම්මුල් දෙකෙන් අල්ලගෙන හිටපු මෙවාන් අයියගෙ අත ගැලවිලා යද්දි මාවත් එහාට තල්ලු උනා...ඒ තරම් ඒක සැර පාරක්....මනුස්සයෙක්ගෙ උපරිම ශක්තියෙන් ගහපු පාරක්....

මන් ඔලුව හරවලා බැලුවා. මගේ එහා පැත්තෙ හිටගෙන හිටියේ මගෙ හෙවණැල්ල වගේ හිටපු ඒ පිරිමි පරානෙ. නෑ.... එයාව හෙවනැල්ලකට සමාන කරන්න බැහැ කියලා හිතුනා... මොකද හෙවනැල්ලත් අපිව අදුරෙදි අතැරලා යන හින්දා...ඒත් මගේ ඉස්සරහ මේ හිටගෙන ඉන්නෙ මොහොතකටවත් මාව තනි නොකරපු ඒ පිරිමියා...

මමත් පිරිමියෙක්...ඒත් ඒ පිරිමියා ඉස්සරහ මන් පොඩි එකෙක් වගේ මට දැනුනා..

"අභී අයියේ...."

මන් බලාගෙන හිටියා...මෙවාන් අයියා දිහා නහර ඉලිප්පෙන තරම් කේන්තියකින් බලාගෙන ඉන්න ආක්ෂ අයියා දිහා මන් කදුලු පිරුණ ඇස් වලින් බලාගෙන හිටියා.....දුකද සතුටද කියලා වෙන් කරන්න බැරි හැගීමක් හිතට දරාගන්න බැරි විදියට දැනෙද්දිත් මන් බලාගෙන හිටියා....

මෙවාන් අයියට ගහපු ආක්ෂ අයියා ඊළග තප්පරේම මන් ඉස්සරහ හිටගනිද්දි මෙවාන් අයියගෙ කට්ටිය ආක්ෂ අයියට ගහන්න ඉස්සරහට පැන්නත් මෙවාන් අයියා උන්ට නවතින්න කියලා අතින් පෙන්නුවම හැමෝම ඒ ඒ තැනම නතර උනා.

"මේක අපි දෙන්නා විසදන්නම්"

මෙවාන් අයියගෙ යාලුවො ටිකක් කලබලේ අස්සෙ එතනට වට උනේ මෙවාන් අයියගෙ උදව්වට වෙද්දි සනුක අයියලා විශාක අයියලත් ආක්ෂ අයියා එක්ක එකතු උනා...පොලු මුගුරු මානගෙන බලන් ඉන්න කොල්ලො දිහා මගේ ඇස් දිව්වා...මගෙ ඔලුව පුරාම එක එක චිත්‍ර මැවෙන්න ගන්නකොට මන් අඩියක් පස්සට උනත් මට ඇවිදගන්න බැරි තරම් මගෙ කකුල් ලොක් වෙනවා වගේ දැනුනා...

"අඩේ ආක්ෂ යමන් බං සිහිනව හොයාගත්තනෙ! මොකෙක් හරි ආවොත් හිරකූඩු ගානෙත් ලගින්න වෙයි උඹට"

සනුක අයියා එහෙම කිව්වම මන් බැලුවේ අභී අයියා දිහා...එයාගෙ පෙනුම හරියට මෘගයෙක්ගෙ පෙනුමයි. මේ හා සමානවම මන් හීනෙන් දැකපු සිද්ධිය ඔලුව පුරාම දුවන්න ගත්තම මන් ඔලුව තද කරලා අල්ලගත්තා.

.

.

.

.

මන් එද්දි මෙවාන් ගෙ අත තිබුණෙ සිහිනගෙ කම්මුල් මිරිකගෙන අල්ලගෙන වෙනකොට මට යකා ආවේස උනා...

මෙච්චර ආදරේ කරලත් රිදෙන්න අල්ලලවත් නැති ඒ රෝස කම්මුල් ගොරෝසු අතකට තෙරපිලා රතු ගැහෙන හැටි බලන්න උන මට මෙවාන්ගෙ අත කඩලා දාන්න තරම් තරහක් ආවා...

තවත් ඉවසගෙන ඉන්න බැරි උන මම ඊළග තප්පරේම උගෙ දත් දෙකක් බඩට යන සයිස් එකෙන් කම්මුල හරහාම පාරක් ගැහුවම ඌව අඩි දෙක තුනක් පස්සට විසි උනා....

"උඹට කොහෙන් ආව හයියක්ද බල්ලො..?"

ගහපු පාරෙ සැරට උගෙ තොල් අග යන්තම් පැලිලා තිබුණා. ඇගිල්ලකින් තොල් කොන පිහදාන ගමන් පුදුම තරම් කේන්තියකින් ඌ කෑ ගහද්දි උගෙ සෙට් එක ගේමට බැස්සා...උනත් මෙවාන් උන්ව නැවැත්තුවා.

මන් හැරුණෙ සිහිනගෙ පැත්තට....

"රිදුනද...?"

මන් අහපු දේත් එක්ක එයා කලේ එයාගෙ තොල් එකට තද කරගත්ත එක...ඒ කරගෙන ඇස් දෙක එහෙ මෙහෙ යවලා මගෙ ඇස් මගෑරියා...

උඹ නොකිව්වට මන් දන්නවා උඹට රිදුන බව. උඹෙ කදුලු පිරුණ ඇස් කිව්වෙම 'අනේ අයියේ අපි මෙතනින් යමු. මට බයයිනේ' කියලා වෙනකොට ඒ අහිංසක ඉල්ලීම අහක දාන්න බැරි උනත් මේ ප්‍රශ්නෙ ආයෙම හෙට දවසටත් අරගෙන යන්න අකමැති උන මම මේක අදම විසදගන්න හිතුවා. කොහෙද මේ ආක්ෂ ගෙ හිතත් මුරණ්ඩුයිනේ...

මාව ගැස්සුනා... හිතටත් කලින් ශරීරය ප්‍රතිචාර දැක්වපු බව පෙන්නලා මෙවාන්ගෙ සිහියෙන් හිටපු මගෙ ඇග එකපාරම ගැස්සිලා ගියා.......

නොහිතා හෝ හිතා මතාම තව චුට්ටක් මගෙ අස්සට වෙලා එයා හෙව්වෙ ආරක්ෂාවක් කියලා මට හොඳටම දැනුනා....එයා මගෙ අත් ගොබයක් තද කරලා අල්ලගත්තම මාව හිරිවැටිලා ගියා උනත් ඒ ගැන හිතන්න පුළුවන් මානසික මට්ටමක මන් හිටියේ නැති වෙද්දි එයා මගේ අතින් ඇද්දා...

"අපි යමු අයියේ...!!"

ඒත් මන් ඒ අත අතෑරවගත්තා....විශාක සනුක පවා කේන්තියෙන් බලන් ඉන්නවා ඇස් කොනෙන් මන් දැක්කත් මන් අඩියක් අඩියක් ගානෙ අරූගෙ ලගට ලං උනා....

"උඹ හිතුවද මෙවාන්...මගෙ හොඳම යාලුවට ගහපු එකාට ගහන්න දෙපාරක් නොහිතපු මේ ආක්ෂ තමන් ආදරේ කරන කෙනාට රිද්දපු එකාව ලේසියෙන් අතාරීවි කියලා."

මන් උගෙ කොලර් එක අත් දෙකෙන්ම මිරිකලා අල්ලගෙන අරූට විතරක් ඇහෙන්න එහෙම කිව්වම ඌ මහ නෝන්ජල් විදියට කට කොනෙන් හිනා උනා..

මුට මෙහෙම කියලා හරි යන්නෙ නෑ වගේ...

"ඒ කියන්නෙ උඹ සිහිනට ආදරෙයි!?"

මහ කැත හිනාවකට පස්සෙ උගෙ ප්‍රශ්නෙ උනේ ඒක....ආදරේ නැත්නම් මෙච්චර දගලන්න මට ගායද යකෝ...

"හහ්...ඒක උඹ ප්‍රශ්නයක් කරගන්නෙපා....උඹ ආයෙ සිහිනට අත තියලා අහු වෙන්නෙපා..."

"මේක මෙතනින් ඉවර කරපන්. උඹෙ තාත්තා මැරයෙක් කියලා මන් බය නෑ. ආයෙ මොනවහරි උනොත් මම නරක මිනිහා කියන්නෙපා!"

මෙච්චර වෙලා උගෙ පැත්තට ඇගිල්ල දික් කරගෙන උට සුද්ද සිංහලෙන් තේරුම් කරද්දි මුගේ ඇස් මහ කෑදරකමෙන් සිහිනගෙ උඩ ඉදලා පහළට දිව්වා...ඒහා සමානව මගෙ ඇගේ ලේ නහරයක් ගානෙ ගිනිගද්දි තප්පරයයි මට බලන් ඉන්න පුළුවන් උනේ මන් අඩියක් තව ඉස්සරහට තිබ්බා...

එච්චරයි වෙන්න ඕන උනේ...ඒකගේ ඇස් ආයෙමත් අපිට ටිකක් එහායින් බයෙන් බලාගෙන ඉන්න සිහිනගෙ ලග නතර වෙනකොට මෙවාන් ගෙ බැල්ම තවත් ඉවසන්න බැරි උන මම අඩියක් ඉස්සරහට තිබ්බා උනත් මෙච්චර වෙලා පැත්තකට වෙලා බලාගෙන හිටපු විශාකයා දුවලා ඇවිත් මගෙ අත මිරිකලාම අල්ලගත්තා. 'ප්‍රශ්නයක් දාගන්නෙපා පුතෝ' කියන්න වගේ බැල්මක් දාපු ඌ වටේටම බැලුවා. මෙතන හත් දෙනෙක් එක්ක මොනා උනත් අපි ටිකට ගහගන්න බැරි නොවුණට උන් අතේ පොලු මුගුරු පවා තිබුණා...

"අයියලා........මොකද උනේ.....සිහින!!!"

අපි කිට්ටුවට දුවගෙන ආවේ තේව් මල්ලි. විශාක උට කියන්න ඇති. තේව් එතනම ගල් ගැහිලා වගේ බලන් හිටියත් ඊළග තප්පරේ සිහින ලගට දුවලා ගිහින් අල්ලගත්තම මට සිහින දිහා බැලුනා...එයා අමාරුවෙන් වගේ.. මූණත් බයෙන් පිරිලා දාඩිය බේරෙමින් තියෙනකොට මගෙ හිත යන්තම් ගැස්සුනා...

මන් උට අන්තිම පාරටත් වෝන් කරා.

විශාකයි සනුකයි ඈතින් බිම වැටිලා තිබුණ අපේ බෑග් ටික එක්කහු කර ගනිද්දි මන් සිහින ලගට එන්න ආවේ කලබලෙන්....එයාව ගැහෙනවා....මගෙ මුළු හිතම බයකින් පිරිලා ගියා...තේව් පවා බය වෙලා සිහිනව කොන්ට්‍රෝල් කරන්න දගලද්දි මන් වේගෙන් සිහින ලගට දුවන්න ගත්තා...

"උඹ කොහොමද අපේ එකාට ගහලා ලේසියෙන් යන්නෙ??"

ඒත් මට එන්න පුළුවන් උනේ අඩියක් දෙකක් විතරක් වෙනකොට සිහිනගෙ සිහියෙන් දුවලා ආව මම ඌ ගහපු පාරෙන් පැත්තකට විසික් උනා...

"ආක්ෂ!!!!!!"

"තේව් උඹ සිහින බලපන්!!....ආක්ෂ උඹ හොදින්ද...!?"

කෑ ගහගෙන දුවලා අපු අරුන් දෙන්නත් අරුන් ටිකට නෙලාගෙන යද්දි විසික් උන මමත් ආයෙම නැගිටලා මට ගහපු එකාගෙ අම්මා අප්පා සිහි වෙන්න පාරක් දුන්නම වැදුණ තැනත් අල්ලගෙන බිමට නැවුණා..

"අ...අභී අයියේ අනේ බලාගෙන....."

එයාට කෑ ගැස්සුනා...මන් හිතන්නෙ මගෙ පිටිපස්සෙන් කවුරුහරි ගහන්න පැනපු හිනදා වෙන්නැති අමාරුවෙන් උනත් සිහින කෑ ගැහුවම මන් පිටිපස්ස හැරුණා...

"සිහින..මොකද උනේ ඇස් අරින්න, සිහින!!"

මට දැනුනෙ ඇස් දෙක නිලංකාර වෙලා හැමදේම බොද වෙලා යනවා විතරයි මන් මගෙ නලල අල්ලගෙන බිම දණගැස්සුනා...පිටිපස්සෙන් ඇවිත් ගහන්න ලැජ්ජ නැද්ද යකෝ..!! මෙවාන් වගේම නැතෑ උගෙ යාලුවොත්. විශාකයත් මගෙ ලගට දුවගෙන එද්දි අරුන් ටික හෙමින් සැරේ පැන ගන්නවත් මම ලාවට දැක්කා....කොන්ද පණ නැති හරක්.....

විනාඩි ගානක් ඇතුළත මේ හැමදේම සිද්ධ වෙනකොට මන් බැලුවා අන්තිම පාරට මගෙ කොල්ලා දිහා...සිහින හිටියේ තේව් ගෙ අත උඩ වෙනකොට මට තේරුණේ එක දෙයයි ඒ සිහිනට සිහිය නැති වෙලා...අනේ මගෙ කොල්ලා...

"අනේ ලොකූ මන් ඊයෙ නරක හීනයක් දැක්කා පුතේ...මගෙ කොල්ලො පරිස්සම් වෙයන්" කියපු අපේ අම්මගෙ ආදරේ පිරුණු ඇස් දෙක මට මතක් උනා...

ඒත්,,

අම්මගෙ ලොකූ පරිස්සමින් එන්නම් කියපු වචන මට මතක් වෙනකොට කලන්තෙ දාපු එයා සිහිනැතුව බිම වැටිලා ඉන්නවා විතරයි මතක එයා ඉස්සරහම මාව ඇදගෙන වැටුණා....මගෙ සිහිය යන්තම් ඈතට ගිහින් නැති වෙලා ගියා.



___________________________________________

කොහොමද ළමයි.....

මුලින්ම කියන්න ඕනි. 1K likes වලට තැන්ක් යූ ඔයාලට....❤️😘

ඒකට පුංචි තෑග්ගක් මේ කොටස...

එත්,,
ආක්ෂ පව් නේද...සිහිනත්...🥺

ඒවගේම මේ කොටස ඔයාලට කොහොමද දැනුනෙ කියාගෙන යන්න...😊

.

සුකී ඔයාලට ගොඩක් ආදරෙයි ❤🥺

මම සුකී

Continue Reading

You'll Also Like

91.8M 2.9M 134
He was so close, his breath hit my lips. His eyes darted from my eyes to my lips. I stared intently, awaiting his next move. His lips fell near my ea...
194M 4.6M 100
[COMPLETE][EDITING] Ace Hernandez, the Mafia King, known as the Devil. Sofia Diaz, known as an angel. The two are arranged to be married, forced by...
15.3M 467K 32
"We can't do this." I whisper as our lips re-connect, a tingling fire surging through my body as his hands ravage unexplored lands; my innocence di...
4.7M 218K 200
The main character always ends up with the male lead? Even if they're backstabbing, evil, and cruel, they will live happily ever after just because t...