"අර ප්‍රොජෙක්ට් එක අත්තනායක සර්ට කියලා අදවත් ඇප්‍රව් කරගමු ඈ. නැත්තං රිපීට් වැදුනොත් පුක හපන් මැරෙන්න වෙන්නේ"
"ඔව් ඔව් උදේට කෑවා"
"කෝමත් සර් කාරයා හෙන හොද එකා. මේ මට උබට කියන්න බැරි උනානේ. Engineering Faculty එකේ exhibition එක්කට අපෙන් හෙල්ප් එකක් ඉල්ලලා තියෙනවා. උඹ ඉතින් උන් එක්ක වැඩිය නෑනේ. හැබැයි අපේ සෙට් එක උබව තමා රෙකමන්ඩ් කරේ. මොකද කියන්නේ උබ කැමතිද? "
"හරි හරී............. ඔච්චර කෑ ගහන්න එපා බං මන් වෙලාවට කන්නම් ආයෙත් "
"ඒ කියන්නේ උබ කැමතිද?? ඒනම් මන් කියනවා උබත් එනවා කියලා. මායි උබයි ගෙමිදුවයි මොහොමඩයයි එහෙනම් ඈ. අයේ පස්සේ බෑහ්: ගාන්න තියාගන්න එපා ඈ...."
"හරි හරි බං.... මේ දවස් ටිකේ වැඩ වැඩි නිසානේ බං කන්න බැරි උනේ. දැන් ඇති බං කියෙව්වා. ඉස්සරහ බලාගෙන එලවපන්. නැත්තම් උබයි මායි එලොව යන්නේ මේ ලදරම් දඩු මොණරෙන්.."
පවිරුවා බයික් එක හැටට හැටේ පාගන ගමන් යටි ගිරියෙන් කෑ ගහලා මොනවදෝ මගුල් වගයක් කියෝනවා. හුළගේ වේගෙට ඇහෙන්නෙත් නෑ. පොර අනිවාරෙන්ම ඊයේ ඉතුරු බාගේ කන්ටිනිව් කරනවා ඇති. සද්ද නැතුව යන්නත් බෑ නැත්තං මූ නවත්තලා කියවන්න ගන්නවා. ඒ නිසා හිතට එන මගුලක් කියලා බැරිම තැන උරහිසට පාරක් ගහලා පාර පෙන්නුවම මූ සද්ද වහලා පාඩුවේ යන්න ගත්තා.
හරියටම 8ට පහක් තියල දෙන්නම ආවා කැම්පස් එක ඇතුලේ පාකින් ලොට් එකට. පවිරුවා බයික් එක පාර්ක් කරද්දි මන් හෙල්මට් එක ගලවලා අතට ගත්තා. මේ දවස් වල හරි ග්‍රීස්මේ. මන් ඉතින් අපිට එහා පැත්තේ නවත්තලා තිබ්බ බයික් එකේ කණ්නාඩියෙන් බලලා කොණ්ඩේ හදන්න ගත්තා. කොච්චර කොණ්ඩේ හැදුවත් වැඩක් නෑ මේ පපඩම් හෙල්මට් එක නිසා ඇවිස්සෙනවා. කොණ්ඩේ කෝම තිබ්බත් කොල්ලා ලස්සයි. ඔය ඉන්නේ කිරි කැටියා වගේ.
"මේ උබ දැන් මන් එන ගමන් කිව්ව එකට එකගයිනේ?? හැබැයි මන් නරක මිනිහා කරගන්න එපා වචනේ වෙනස් කරලා ඈ"
පවිරුවා ඇගිල්ලත් උරුක් කරගෙන දිවත් හපාගෙන මැර සීන් එකෙන් මට කියවන් ආවා. කාපාන් බීපන් ඕක දීපාන් ඕක කරපාන් කියන්න විතරයි මූ දන්නේ. මූ මාව පාලනේ කරනවා වගේ. මීට වඩා මං ඉන්ඩිපෙන්ඩන් වෙන්නෝන. මොනා උනත් යාළුවා නිසා ඉවසනවා. නැත්තං මං එහෙම කාටවත් බයේ ඉන්න මිනිහෙක් නෙවේ. මුගේ කටටනම් ටිකාක් බයයි. කියන දේකට ඔලුව නමන්න ඕන නිසා මන් ඉතින් උට දොහොත් මුදුන් දීලම වැන්දා.
"එහෙමයි අපේ ස්වාමින්වහන්සේ.. මන් උබ කියන ඕනි දේකට කැමති. දෙයියනේ කියලා දැන්වත් වහගනින් උබේ කටර් එක"
'පටන් ගත්තා උදේ පාන්දර'
"මොනවද තෝ මුනු මුනු ගන්නේ.... ඔව් ඉතින් උබට මන් හිටියේ නැත්තං බලාගන්න තිබ්බා. ඔහොමවත් දෙයක් කරගන්න පුළුවන් වෙයි නැත්තං"
මූ යකෝ මට උයලා දෙනවා වගේනේ කතාව. උයලා දෙනවනම් තව කමකුත් නෑ. යතුරත් කරක කරක ලතාවට එන හැටි විතරක්. හිටපං උබට කරන්න වැඩක්!
මන් උගේ අලි මැටි ඔලුවට එකක් ගහලා දිව්වා. අයේ පස්සවත් බලන්න හොද නෑ. මූ නාලා ගිරියා වගේ දඩ කුණුහරුපෙකුත් කියාගෙන වඩිනවා වැඩිල්ලක් මගෙ පස්සෙන් හෙල්මට් එකත් කිහිල්ලේ ගහගෙන නිකන් ටිකිරි ලියාත් වගේ. නිවාඩුවට මිනිහා ගමේ ගියාට පස්සේ මන් බුදු පාළුවෙන් හිටියේ. මොකද මූව අවුස්සන් ගන්න ආතල් එක ආයේ ලෙෂර් වර්ල්ඩ් ගිහිල්ලවත් ගන්න බෑනේ. හරීයට ඇවිස්සෙනවා අප්පා. මීතොටමුල්ල කුණු කන්ද වගේ.
මම හයියෙන් හැක හැක ගගා හිනා වෙවී ගස් අස්සෙන් ගිරිදුර්ග පරදාගෙන දුවන්න ගත්තේ මුට මේ වෙලාවේ මාව අහු උනොත් හපා කෑමකමට ලක් වෙන්න සිද්ද වෙනවා කියලා අත් දැකීමෙන් දන්න නිසා. අහු උනොත් ඉවරයි ඉතිං අය. අදනම් පුතෝ මන් ඉල්ලන් කෑවේ.
"එයී නැවතියන් ගල් මූසලයා. තෝ අහු උනොත් කනවා මන්"
"අල්ලයි මගේ ඇට දෙක"
"නැවතීයා.....න් ආයේ කියන්නෑ, හරි ගහන්නෑ නැවතියං"
"උබ ඕක කියපං කොණ්ඩේ බැදපු චීනෙක්ට"
"නැවතියං ඕයී එහ්... අඩෝ...නෝ.....පෘථිවි බලාගෙන"
"fuck"
බ්‍රාස්.... ගාලා සද්දෙට මගේ කකුල් ඉස්සරහ නැවතුනේ කාර් එකක්. එකපාරට නිකන් මුළු ලොකේම තප්පර ගානකට නැවතුනා වගේ. ඒ අස්සේ කන කීං ගාන සද්දෙකුත් එක්ක වටේ පිටේ හැමදේම ලාවට බොද වෙන්න වගේ ගත්තා. මන් ඒ නිසා ඇස් දෙක තදට වහගගෙන ඔලුව දෙපැත්තට ගැසුවේ යලි දර්ශන පථය පැහැදිලි කරගන්න. ඇස් දෙක ඇරියම මන් දැක්කේ බ්ලැක් කලර් අවුඩි ලේබල් එකක්. වාව් දෙපාමුලටම ඇවිත්. වාහනේ අදුරගන්න මට ඒ හැටි වෙලාවක් ගියේ නෑ. මේ වන්ඩිය කාගෙ කවුද කියන්න මන් විතරක් නෙවේ මේ කැම්පස් එකේ කුක්කෙක් උනත් දන්නවා. මීට වඩා හොදයි මන් මේකට හැප්පිලා චොර වෙලාම ගියානම්.
"අ..යියේ සොරි වෙන්න ඕන"
"පැත්තකට වෙයන්"
මන් දන්නෑ මට හත්ගොව්වක් පිටිපස්සෙන් හිටිය පවිරුවා තප්පරේට මගේ ඉස්සරහට ආවේ කොහොමද කියලා. හැබැයි ඌ මගේ ඉස්සරහින් හිට ගත්තේ කාර් එකෙන් බැහැලා එලියට ආපු කෙනාගෙන් මාව කාවර් වෙන්න. මූ නම් අමු ගොනා. ආව ගම ෂොරි ගෑවා. මූට යාළුවෙක් කියන්න පුළුවන්ද මන් අහන්නේ. කොහෙවත් යන ගොබිලයෙක්ට ෂොරි ගාන්නේ. මං වගේ ගැම්මට ඉන්න ඕනී. මම පපුවත් චුට්ටක් ඉස්සරහට දාගත්තා. එන දේකට මූණ දෙන්නෝන.
"කිව්වම අහලා අයින් වෙයන් පවිරු මල්ලි"
"ගවේෂ් අයි-"
"මල්ලි අ යි න් වෙ ය න්"
ගවේෂ්, මේ කැම්පස් එකේ මන් ආසම නැති චරිතේ. අදටත් මූණ ඉස්සරහින් ගියත් මන් මගෑරලා යන එකම චරිතේ. හැමෝම ආස ඒත් මට දිරවන්නේ නැති එකම චරිතේ. හේතුවක් ඇතුව හෝ නැතුව එයාට මාව පේන්න බෑ. මටත් එයාව පෙන්න බෑ. ඒක ඉතින් කැම්පස් එකේ හැමෝම දන්න රහසක්. මන් උගේ ලගින් ගියොත් ඇහැක් නෑ. ලග පාතක හිටියොත් වැහි නැති හෙනයක් හරි මට වදිනවා. ඒ තරමට මට ගවේෂ්ව ඇ ල ජි ක්.... මොනා උනත් මන් මේ සතියේ ඉල්ලං කෑමේ නැකතට අහු වෙලා ඉන්නේ. ඉදිරි සතිය මීට වඩා තීරණාත්මක වෙයි.
මැද්දට පැනලා ඇඩ් එක දාපු පවිරුවට ගවේෂ් අයියා බර කරලාම අයින් වෙන්න කියද්දි මගේ බඩ බොකුත් එක්ක කැලබිලා ගියේ කන දෙපැත්තෙන් දාඩියකුත් දාද්දි. මන් මුට බය නෑ. බයටත් නෙවේ මන් මේ වෙව්ලන්නේ. මන් මොකටද උට බය වෙන්නේ. මොනවා උනත් හැප්පුනානම් මොන දෙයියන්න කියන්නද. මන් අහන්නේ මට මොනවහරි උනොත් පවිරුට මොකද වෙන්න. නැට්ටයි පුකයි වගේ ඉන්න අපි දෙන්නාගෙම් ඇයි මමම මුලින්ම මැරෙන්න ඕනි. කෝමහරි පවිරුව තල්ලු කරලා ගවේෂ් අයියා ආවේ මගේ මූණ ඉස්සරහට.
'චටාස්....'
දුන්නා නේද මූ මට කම්මුල් පාරක්. උබ කවුද යකෝ මට ගහන්නේ. කනත් කීං ගානවා. හත්දෙයියනේ මට කැරකිල්ලත් වගේ. වැටෙන්න එපා පුතුවියෝ අල්ලන් හිටපන්. මේ විදියව රවාගෙනම හිටපන් හෙල්ලෙන්නවත් එපා. නැත්තම් මූ හිතයි මන් රිදුනා කියලා. වැරැද්ද මගේනේ අදට විතරක් පසු බැහැපන්.
"මොන සිහියෙන්ද මිනිහෝ පාරේ යන්නේ. හැප්පුනානම් උබේ කැලිත් නෑ. මොළයක් නැද්ද උබට හරකෙක් වගේ පාරේ දුවන්න???
ආහ්... මට අමතක උනානේ උබට කෝමත් මොළේ නෑනේ. උබ දන්නේ පෑනයි පින්සලයි අරන් බෝඩ් වල උලන්න විතරනේ.
මොකද තෝ වැරද්දත් කරලා මටත් රවන්නේ ඈ... ඇයි උබට ඕනිද අනික් කම්මුලටත්?"
ඕකනේ මං කිවේවේ. හැප්පිලා චුරු වෙලා යන්න තිබ්බේ. පගයගේ කියවිල්ල මට පේන්න බෑ. මූ හිතන් ඉන්නේ චාර්ල්ස් කුමාරයා කියලා. අපි ඉන්නොනි මුට බයේ. මං කියන්නේ මං වැරදි. හැබැයි මූ බනින එක ඊට වඩා වැරදි. අයියෙක් නිසා ඉවසනවා. නැත්තං අනික් පැත්තට දීලා අරින්න දෙපාරක් හිතන්නෑ. මෙහෙම මේ කෙට්ටුවට හිටියට ෆිට්නස් තියෙන කොල්ලෙක් මං.
මං කට අරින්න ගියා විතරයි කොහෙන්ද ආව තිවාන් අයියා අර වසවර්ති මාරයව පස්සට ඇදලා ගත්තා. අනේ අනේ තිවාන් අයියා .... ඇල්වතුරත් නිවලා බොන අහිංසක කොල්ලා. මේන්න කොල්ලෝ. මූ වගේ හැම ලබ්බටම නැට්ට පාගන් දගලන්නේ නෑනේ. මන් අහන්නේ තිවාන් අයියා මොකට මූ එක්ක ඉන්නවද මන්දා. පන්සලක් වගේ දේවදූතයෙක් කරවෙච්ච බෙට්ටක් පස්සේ යනවා වගේ තිවාන් අයියගේ වැඩේම ගවේසානයගේ පස්සෙන් යන එක. හැබැයි මෙහෙම වෙන්නත් පුළුවන්. ගවේසානයා තිවාන් අයියා පස්සේ වැටීගෙන ඉන්නවා බැරිද. මොකද බැජ් ටොපෙක් ලග ඉන්නවා කියන්නේ අතේ වාසිනේ...
"මාව අතෑරපන් තිවානයා. මුට මං අද කියලා දෙන්-"
සිතුවිලි වල අතරමං වෙලා හිටිය මන් පියවි සිහියට එන්නේ ගවේසානයගේ සද්දෙට. පලාතම දෙදරනවා.
"ගවී යන්න දීපන් බං. පෘථිවි මල්ලි අවුලක් නෑනේ. මීට පස්සේ මේ වගේ කෙයාලස් විදිහට දුවන්න තියා ගන්න එපා හොදද? අනික මේ පාර්ක් එරීයා එකනේ මල්ලි. වාහන කොච්චර එනවද. පවිරු මල්ලි මූව එක්කන් යන්න "
"තිවාන් මට කියන්නේ මූ මැරෙ-"
"අපි මේ ගැන පස්සේ කතා කරමු ගවී. ප්ලීස්"
තිවාන් අයියා අරූගේ අතකින් ඇදලා පස්සට කරලා පවිරුට ඇස් වලින් කිව්වේ යන්න කියලා. දේවදුතයෙක් වගේ අනේ. ඇයි ඔයා ඔච්චර සුකුමාල. මට ඒ අස්සේ නිකන් තිවාන් අයියා වටේ රැස් වලල්ලක් දිලිසෙනවා දිලිසෙනවා වගේ පේන්න ගත්තා. මෙච්චර දෙයක් වෙලත් මට එච්චරයි පේන්නේ.
"සොරි ගවේෂ් අයියේ, සොරි තිවාන් අයියේ. අපි යන්නං"
පවිරුවා ගොබ්බයා වගේ උන්ට ඔලුව නමාගෙන මාව අතින් ඇදගෙන ගියා. උගේ පස්සේ ඇදි ඇදි යන ගමන් පිටිපස්ස හැරිලා බලනකොට මෙන්න ඉන්නව ගවේසයා මන් දිහා කන්න වගේ බලාගෙන. වලිප්පුවද දන්නෑ අච්චර හුස්ම ගන්නේ. මන් රැව්වා. ඇයි යකෝ මගේ කම්මුල පුපුරු ගහන්න වගේ. ඊට පස්සේ ඌ අත මිටි ගුලි කරලා දුන්නා පාරක් කාර් එකේ දොරට. අන්න අන්න ඒවා හොද වැඩ. තව ටිකක් හයියෙන් ගහපන්කෝ. ඔය අතින් තමා උබ මට ගැහුවේ. බලාන හිටපන් ගවේසයෝ. මේකේ වාඩුව මන් ගන්නවා. එදාට උබට ඇපත් නැති වෙයි.
"වරෙන් පරයා තව හැරි හැරිත් බලනවා. ඇයි තොට කාලා මදිද. යමංකෝ ෆැකල්ටියට මන් තෝව හමගහනවා"
මුඩුක්කුවා මට විතරක් ඇහෙන්න කුටු කුටු ගගා බනිනවා. මන් බලාගෙන වටේ පිටේ උනුත් විසිරිලා යනවා. මුන්ටත් ඉතින් ඕන්නැති රෙද්දක් නෑනේ. ගවේසයා කැස්සත් ඇති මුන්ට වට වෙන්න. මූ මාව ඇදගෙන යනවා මොන්ඩිසෝරි බබෙක් ඇදන් යනවා වගේ. හරියට මන් පැනලා ගිහින් අරූට නෙලයි වගේ. ඔව් ඔව් එක වෙන්නත් බැරි නෑ. උබ මෙහෙම මාව ඇදන් යන්නැත්තං අරූට මන් දෙකක් ඇනලා හූම්ම්ම්..
හැබැයි අදනම් පාඩුවේ යන්නොන්න මොකද පවිරුවට අද හොදටම නැගලා ඉන්නේ. අරූගෙන් කෑවා වගේ නෙවේ ඊටපස්සේ.
හක්ක නෑ වගේ අප්පා. ඒක සැරටම වැදුනා.මන් දිවෙන් විදුරු මහ ලෙවකාලා බැලුවා. ම්ම්ම්ම් ලේ රහායී.. ඔහොම හිටපන් ගවේසාන් මන් ප ලි ග න් න වා.....
.......................................................................................
"ඉන්ජොන්ගේ exhibition එකේ වැඩ බාරගත්ත උන් හවසට ඉදපල්ලා ඈ..."
මන් හිටියේ sculpture එක්කට ඕනි මැටි වගයක් මික්ස් කරන ගමන්. දැන් දවල් දොළහටත් ලගයි. කොහෙදෝ ඉදලා අපු රෙපා මලමගුල් exhibition එකක් ගැන කියලා පවිරුටයි, මොහොමඩ්ටයි, ගෙමිදුටයි කොළ වගයක් බෙදාන බෙදාන ගියා. මම නෑනේ ඕවට.
"පෘථිවියා උබේ ඩිසයින් එක මේසේ උඩින් තියනවා ඈ. අතේ මඩනේ පස්සේ බලපන්"
"මොන ඩිසයින් එකක්ද"
මන් තප්ප ගාලා මැටි ගුලියකට හොද සොට් එකක් දීලා උගෙන් ඇහුවේ මන් ඩිසයින් එකක් කාගෙන් වත් ඉල්ලුවද කියලා මතක් කරන ගමන්.
"ඇයි බං ඉන්ජොන්ගේ exhibition එකේ entrance එක බාරදිලා තියෙන්නේ උබට. මේක බලපන් හොදට. Architect එකේ උන් තොරණ ගහන්න බාරගෙන. උඹට තියෙන්නේ උන්ගේ තීම් එක බලලා ඩිසයින් එකක් ඇදලා අරුන් තොරණ ගැහුවම පේන්ටින් කරන්න"
රෙපා ඩිසයින් එක උස්සලා මේසේ උඩින් තිබ්බා. මට තාමත් කන්ෆියුස් උන්ග බන්ගා. මන් කොයි වෙලේද ඉන්ජොන්ගේ වැඩ බාරගත්තේ. අර ගවේසයා ඉන්න ටැප් එකක් ගාවින් වතුර බිදක් බොන්නැති මටද මේ උන්ගේ වැඩ බාර දෙන්නේ. ඕම ඉදපන් .. ඕහොම්ම ඉදපන්... කෝ මේ කඩප්පුලි පවිරුවා.
=============================♥