වෙනදා වගේ එලාම් එක වැදුනෙත් නෑ. හෙන සීත්ලක් ආවා. ඇදේ අත යැව්වට කොල්ලත් නෑ. රෑ කෙදිරි ගගා ඉදපු එකාට නින්ද යද්දි පාන්දර හතර හමාරට ඇති.
අසමෝදගම් දුන්නා දෙහි මිරිකල ගම්බිරිස් කුඩු දාල දුන්නා.. කොල්ලගෙ බඩේ කැක්කුම ඒත් අඩු වුන්නෑ. කමලක්කා පිරිත් කරපු පැන් ටිකක් පොවලා කොල්ලට දෙහි ගෙඩියක් හතරට පලලා ලුණුයි ගම්බිරිසුයි දාල බලෙන් බලෙන් කැව්වා පොත්ත පිටින්ම.. ඊටපස්සෙ ඌ හෙම්බත් වෙලාමද මංදා බිත්ති දොරජනෙල් වලට වාරු වෙවී ගිහින් ඇදට වැටිල ටික්කින් නින්ද ගියා...
මං ඇදෙන් බැහැලා කුස්සිය පැත්තට යද්දි කමලක්කා උයනවා.. වෙනදට කැරට් අලයක් සුද්ද කර කර හරි පොල් ටිකක් ගගා ඉදල හරි මං එනවා දැක්කම දුවල ගිහින් උනුවතුර බෝතලෙන් තේ එක පෙරලා අරන් මං ලඟට ඇවිත් බිම බලාගෙන ඇඹරෙන කොල්ලා අද කුස්සියෙත් නෑ.. මගෙ පපුව ඩිංගක් ගැස්සුණා..
කිව්වත් වගේ කමලක්කා කොල්ලව ගෙනිහින් දාලවත්ද කොහෙහරි.. ?
මට හුස්ම ගන්න අමාරු වීගෙන එනවා වගේ දැනුනා.. මං පුටුවක් අල්ලගෙන ඉදගත්තෙ ඒකයි. පැනික් ඇටෑක් එකක්.. මං දන්නවා මේ ඇගට දැනෙන ෆීලින්ග් එක...
" ලොකුඅම්මෙ.. " එලියෙන් ආව කටහඩට ඒක එහෙම්ම යටපත් වෙලා ගියෙ මටවත් හිතාගන්න බැරි විදියට.. කොල්ලගෙ කටහඩ වෙව්ලනවා.. ඒත් ඒ වෙව්ලන කටහඩ මගෙ ඇගේ වෙව්ලීම නැවැත්තුවා අසුරු සැනෙකින්..
" පෘත්වියො... අන්න අරූ එක්කරගෙන ගිහින් බෙහෙත් ටිකක් අරන් වරෙන්. ආහ්... උබ මොකද පපුව අල්ලගෙන.. ?! "
" ඇම්මක් වගේ ආව කමලක්කා.. දැන් හරි. "
" උබලට තියෙන ඇම්මවල් ගැනනං මට අහන්න ඕන්නෑ පෘත්වි. අරූ දැන් උදේ නැගිට්ට වෙලේ ඉදන් වමනෙ දානවා. ඇග හෝදවලා ඇදුමක් දැම්මුවා මං. ගිහින් බෙහෙත් ටිකක් අරන් වරෙන්. අද වරුවයි බෙහෙත් දෙන්නෙත්. "
මං කුස්සියෙන් පිලිකන්නට බැස්සෙ මයෙ රන්කඳ පිලිකන්නෙ ඉදගන්න හිටෝපු කොටකැල්ලක් උඩ ඉදගෙන ඔහෙ බලාගත්තු අත බලාගෙන කල්පනාවක ඉන්නවා දකින්න.
" බෝපත්... "
" ...... " කොල්ලා ගැස්සිලා මං දිහා බැලුවා.. ලැජ්ජාවෙන් වාගෙ හිනාවෙලා බිම බලාගත්තට හිනාවෙන්නවත් පනක් නෑ කොල්ලට.
" ගුඩ් මෝනින්.. " මං හිනාවුණා.. පව්නෙ අප්පා මගෙ කොල්ලා..
" ගුඩ් මෝනින් අයියෙ.. " ඇයි අප්පා මූ මට මෙච්චර බය.. ඇයි මූණ බලලා කතා කරන්නැත්තෙ..
යා රයිට්.. යකා වාගෙ ඇගට කඩන් පැන පැන මාත් අහන මෝඩ ප්‍රශ්න..
ඒ වුණාට ඇයි බෝපත්ට බැරි අරූ වාගෙ මට කට පුරා සුදු අයියෙ කියල කතා කරන්න.. ?
ඌ වගේ කටපුරා හිනාවෙලා ඌ වගේම පුකපුරා කෙලෝලා ගියාම ආතල්ද හුත්තො තොට?!
නෑ මේම බයටම ඉන්න එක එකක්. බයට හරි ඉදී..
" බේත් ටිකක් ගන්න යං. "
මං එහෙම කියාගෙනම බාත් රූම් පැත්තට ගියා. එද්දිත් බෝපත් එතන...
මං කොල්ලට අත දික් කරම ඌ නැගිටලා මගෙ අතේ එල්ලුනේ මගෙ වාරුවෙන් ගෙට යන්න. ඒත් මෙච්චර දඩාර ඇගක් තියාගෙනත් මේ හාල්මැහි පැටියව අතින් අල්ලන් යන එක මගෙ තත්වෙටත් හොද මදි. උස්සල අරන් මනමාලි වගේ අරගත්තෙ... කෝමත් ඉතින් මගෙ මනමාලි වෙන්න ඉන්න එකානෙ.
මුගෙ පුදුමාකාර විලිලැජ්ජාවක් තියෙන්නෙ. ගේ මැදින් අරන් ගිහින් මගෙ ඇදේ තියනකල් මූ මගෙ මූණ බැලුවෙ නෑ. ඇදේ තියල මං සරම කඩල පැත්තකට දැම්මෙ හිතලම.. කමලක්කා කිව්වත් වගේ නහර පෑදිච්ච එකක් තියාගෙනත් ඕක හංගන් ඉන්නෝනැයි.
බෝපත්ගෙ කම්මුල් දළු ම බෝ දලු වගේ රතු වෙනවා දකින්න මං හෙන ආසයි... බෝපත් හුළගට ලෙලවෙන බෝ පත් වගේ ලැජ්ජාවට ඇඹරෙනවා දකින එක මට භාවනාවක්. මං ඇගේ නූල් පොටක් නැතුව උදේම ඇහැරිල ඉන්න පොඩි පෘත්වියාත් ඉස්සර කරගෙන කාමරේ පුරාම රෙදි හොය හොය බෝපත්ගෙ මූණ ඉස්සරහින්ම වගේ එහාට මෙහාට ඇවිද්දෙ මගෙ කොල්ලා මූණ රතු කරන් බිමබලාගෙනම ඉන්නව දකින ආසාවටමයි.
" මැනික- " ශිට්... මං මොකද්ද ඒ කිව්වෙ.. බෝපත් ගැස්සිල මගෙ දිහා බැලුවෙ බනින වෙලාවටත් වඩා බීරාන්ත වෙලා.
" මේහ්.. " අඩේ මටත් ලැජ්ජ නහරක් තිබිලනෙ... කම්මුල් රත් වීගෙන එනවා වගෙත් දැනුනා.
බොක්සර් බ්‍රීෆ්ස් ඇදලා ඩෙනිම් කලිසමක් ඇදගත්තෙ ලැජ්ජාවක් වගේ දැනෙන්න ගත්ත පාර.
" අර මගෙ.. මේ.. ෆෝන් එක දැක්කද තමුසෙ? "
" කොට්ටෙ යට ඇති.. අයියා තියන්නෙ එතන නේද? "
මං බොරුවට ඇහුවෙ පගෝ... අනේ මගෙ හුරතලේ.. ච්.. ඇති හුත්තිගෙ හිත ඔක නවත්තපං.
ෆෝන් එකයි පර්ස් එකයි පිටිපස්සෙ සාක්කුවට ඔබාගෙන Imperial Majesty බෝතලේ හිතු මනාපෙ ඉහට උඩින් ගැහුවෙ ඇග පුරාම වාශ්ප ඇවිත් වැටෙන්න. බෝපතුත් ඒවයෙන්ම නෑවිල යනකල් මං පර්ෆියුම් අහසට විද්දෙ එයාට නොදැනෙන්න.
" යං.. කැබ් එකක් දාගමු. "
" පිස්සුද අයියෙ මට බයික් එකේ යන්න පුලුවන් "
ෆෝන් එක එලියට ඇදල අරන් කැබ් එකක් දාගත්තෙ ඇදේ ඉන්න බෝපත් දිහා හොර ඇහැක් යන අස්සෙ.. බිම බලාගෙනම ඉන්න එක එක වෙලාවකට හොදයි. මට ඇතිතරම් විඳගන්න පුලුවන් නෝට් නොවී.. ඒකෙ ලස්සන..!
මගෙ කනවැන්දුම් හිතත් ටික ටික කෝඩුකාරයෙක් වාගෙ ඉපිලෙන්න ගත්තා.. කම්මුල දැක්කම කිස් කරන්නමයි හිත.
පිරිමියෙක් වෙයං පෘත්වි.. ඌ ඉස්සර වෙනකල් හිටියොත් උබට වෙන්නෙ හිත හිත අතේ විතරක් ගස ගස ඉදලම මැරිල යන්න.
ගහන්නම නෙවෙයි.. කම්මුල ඉඹින්න විතරයි ඕන මට.
ඇද කොනක ඌ හිටියෙ කකුල් බිම තියන් ඇගිල්ලෙන් සිමෙන්තිය හාරන්න හද හද. මං ලඟට ගිහින් අත් දෙකෙන් කකුල් දෙක ඈත් කරලා ඒ මැදින් හිටගත්තා..
බිම බලපුවම පේන එක හින්දම වෙන්නැති කොල්ලා උඩ බැලුවා.. මූ ඔය බැලුවමයි මගෙ ඇස් දිහා හරියට කෙලින්.. එවෙලෙ මට දැනුනෙ මං මේ මේව කරන්නෙ ජීවිතේ පලවෙනි වතාවට කියල. බෝපත් එහෙම මං දිහා බලන් ඉද්දි ඌ ලස්සනයි.. ඒ අහිංසක ඇස් ලස්සනයි.. බෝපත් වගේ රවුමට පටන්ගෙන කෙලවරෙන් හීන් දිග වුණ ඒ ඇස් මං දැක්කමයි මනුස්සයෙකුට පිහිටල තියෙනවා. සිරියාවයි ඒ මුලු මූණම..
මං හිනා වුණා.. හිනාවෙද්දි මගෙ කම්මුල් වල ගැහෙනවා.. රැවුල් අස්සෙ ඒ වලවල් මුට පේන්න ඇති.. උගෙ මූණටත් හුරතල්, ලැජ්ජාවෙන් පිරිච්ච හිනාවක් ආවා.
මගෙ ඇගිලි ඒ කෙස් අස්සෙ රිංග රිංග ඇගිලිවලින් ඒ කෙස් පිරිමැන්දා..
මං නැවිලා රෝස කම්මුලක් උඩ තොල් තිබ්බා.. ඇත්තමයි කාලෙකින් මං මෙහෙම බොළද වෙලා නෑ.. ඒත් ඒ කම්මුල් මාව පිස්සු වැට්ටුවා.. අවුරුදු දාසයක කොල්ලෙක් ගානට මාව බොළද කරන තරම්ම..
💚