ඩේසි මල (Daisies) 🌼 (Sinhal...

By JaiNez__CooLer

2.5K 186 42

මම වැඩිපුර මල් ගැන දන්නෙ නෑ.. හැබැයි මම මල් වලට ආසයි.. සුවද උනත් නැති උනත්.. මම මල් වලට මාර ආසයි.. මම කැමතියි... More

හැදින්වීම......
part 1
part 2
part 3
part 4
part 5
part 6
part 7
part 8
part 10

part 9

192 13 5
By JaiNez__CooLer

" උබට කියන්න බං.. මූ එක්ක මං ආයෙ නං නිදා ගන්නෑ.. මගේ මේ පැත්තම දාලා ගිහිං.. "

කෝමත් මම අද ගිහිං විස්තරේ කිව්වම තොට අවසන් නින්දට යන්නත් වෙයි සමහරවිට..

" ඉතිං අපි බලෙං යැව්වෑ.. තෝනෙ පැනගෙන ගියේ.. මට ඈන් ගාව නිදා ගන්නෝන කියලා.. උබලගෙත් මහ #කේ කතා තියෙන්නෙ "

ආන් දැක්කද ආන් දැක්කද මූ නං මහ........ ඉදපංකො මම කලබලා ගන්නං...

" මං මුට කිව්වා.. මා ලගට එන්නෙපා.. ශාහිම් ගාවිං නිදා ගනිම් කියලා.. මූ කිව්වා..........
මේ මෙහෙ ලගට වරෙංකො.. හයියෙං කියන්න බෑ.. මෙව්වා.. "

" ඕ ඕ කියහං.. "

ඈන්ගෙ කතාව අහන්න ගෑනු ටික වගේ කොල්ලො ටික ඔක්කොම ලගට ගියා.. මුං අපිටත් අන්තයිනෙ යකෝ... ඈයියා...

" මූ කිව්වා.. ඌ මහ රෑට මුගෙ කොන කපයි කියලා මුට බයයිලූ.. "
නෙදකිං ජාතිවාදී කකුළා..

" ඔටුවෝහ්.  තෝ නං මහ #රියෙක් ඕඉ.. ඒම නෑ ඕඉ ඌ.. උඹ ජාති වාදය අවුස්සන්න ද හදන්නෙ.... "

අපි හිටියෙ ආට් එක ගාව ගල් බංකුවෙ වාඩි වෙලා දත් මදින ගමං... යාන්තං එළියක් වැටෙන උදයවල් තියෙන්නෙ අන්න ඒ වගේ උදේක මූණ හෝදන්න ඇවිල්ල මුං තවත් කියවනවා.. පොඩ්ඩක් හිරි යනකල් වත් ඉදපල්ලකො දෙමළු වගේ කෑ නොගහ.... සුදු දෙමළු ටික....

ඊයෙ මට ඇහැරෙද්දි.. මිෂී මා ලග හිටියෙ නෑ.. එයා ගිහිං බිමින් නිදා ගෙන.. මට ඇහැරෙව්වෙ වත් නෑ.. මම මොකාද එකා වගේ බිත්තියට ඔලුව තියාගෙන.. උරහිස හෙල්ලෙන්නැති වෙන්න තියා ගෙන ගල් පිළිමෙ වගේ නිදාගෙන දැං උරපත්ත රිදෙනවා ඉන්න බෑ.... මිෂී නං තාම නිදි.. මම අහරවන්න ගියෙත් නෑ... මම දැක්කා.. රුමීෂා මිෂීගෙ ඇගට රෙද්දකුත් දානවා... ඔය ඔක්කොම පේද්දි මට නිකං දැනුනේ මාව ඇතුලෙං පිච්චෙනවා වගේ.. අනේ මේ නටන්නැතුව ඉදහං හේගා.. අනේ තොගේ පිච්චිල්ල..

අපි දත් මැදලා මූණ සෝදගෙන එද්දි.. මිෂීත් wash දාගෙන ඇදුම් මාරු කරගෙන ඉදියෙ.... පස්සෙ අපිත් change කරගෙන ටක් ගාලා line up උනා.. අද දවසෙ වැඩ ටික ඉවර කරගන්නොන නිසා..

උදේ 6:45 ට විතර පටං අරගත්ත පාර ඔක්කෝම වඇඩ ඉවර වෙද්දි 4:30 විතර උණා.. වැඩිය රෑ වෙනකල් ඉදියෙ නෑ.. මොකද අපිට අනිද්දා ප්‍රැක්ටිකල් නිසා හෙට රෙස්ට් එකේ ඉන්න කිව්වා..
මිෂී සැරින් සැරේ මා එක්ක හිනා උනත් වැඩිය කතාවට ආවෙ නෑ.. මටත් ඒකි දැක්කට ඒම කතා කරන්න ඒව මතක් වෙන්නෑ.. මාත් ඒ නිසා වැඩිය දෙන්නැතුව ඉදියා..

ඔක්කොම ඉවර වෙලා ගේට් එක ගාවට එද්දි.. කාර් ඒකේ හිටියෙ... අපේ අම්මා අරං හදාගත්ත එකා.. ඌව දැක්කා විතරයි ඔවේන් රතු වෙලා.. උට හීන් දාඩියත් දාන්න ගත්තා.. ඊට පස්සෙ දගර පණුවා වගේ එහෙට මෙහෙට පැන පැන ඉදලා.. ඌ මට බෑග් දෙක දීලා බස් එකේ එන්නං කියලා යන්න හදද්දීම අයියා සුටුස් ගාලා වාහනෙං බැහැලා ගිහිං.. ඔවේනෙයාව ඇදගෙන ගිහිං කාර් එකේ දොර ඇරලා ඒක අස්සට එබුවා.. මම ඔය ඔක්කොම ඉවර වෙනකල් කවුද වගේ.. බෑගුත් උස්සගෙන කාර් එක ඉස්සරහට වෙලා ඉද්දි.. මිෂීත් වාහනේ යන ගමං ඔලුව වනලා යනවා කියලා කට හෙල්ලුවා.. මං වට්ටි අම්මා වගේ.. බෑගුත් එල්ලගෙන පරිස්සමින් යන්න කියලා කියද්දිම අපේ අයියා ඇවිල්ලා ඔලුවට එකක්.. ගැහුවා.. කැර්ර්රියා..

" මෙහෙ වරෙං යන්න... මට බුලත් ගෙනියන්න කියලා නං ෂවේන් කිව්වෙ නෑ.. "

" ආව්වා ඕඉ.. මොකටද බුලත්.. "

" උබට දෙන්න.. "

" කෑ ගහන්නැතුව එනවා යන්න දැං ඉතිං... මම මේ හිටියෙ ඕ ගොල්ලොන්ගෙ ෆිල්ම් එක ඉවර වෙනකල්.. "

" කට නං තියෙනවා මොනා නැතත්.. "

" මොනා නැතත් කියන්නෙ මොකක්ද ඔක්කොම තියෙනවා.. "

" ඔව් මටත් පේනවා.. ඔක්කොම තියන වග.. නැගපං.. "

අපි දෙන්නා.. එන ගමනුත් වැඩකට නැති වචන වලිං ඇන කොටාගෙන ආවෙ.. ඔවේන් හ්ම් සද්දෙයක් නොකර ඔහේ.. උලමා වගේ ෂටර් එකෙන් එළිය බලාගෙන ආවා... අපි ඇවිත්.. අම්මගෙ විශේෂ බෝජන සංග්‍රහය බඩ පැලෙනකල් බුක්ති විදලා.. ඇටි හැලෙන්න.. නිදා ගත්තා.. මරල දැම්මා වගේ නින්දක් සෙට් උනාම කෝමත සැප.....

" හේගා... මේ ඉස්කෝලෙං කෝල් එකක්.... හේගා... ළමයො නැගිටිනවා.... දැං දවල් වෙලා.. මේ ඉස්කෝලෙං කෝල් එකක්.. "

ඉස්කෝලෙං..!!! මල හත්තිහුත්තයි යකෝව්..
මම රිටක් වගේ සිං ගාලා නැගිටලා ෆෝන් එකත් උස්සගෙන විදගෙන ගියේ ගේ පිටි පස්සට..

" හෙලෝව් ගුඩ් මෝනිං.. "

(" ගුඩ් මෝනිං හේගා.. මම කෝච් රේගන් කතා කරන්නෙ.... මේ පාර.. කලිංම මීට් එකකට යන්න වෙලා තියෙනවා හදිස්සියේ.. ඔයාට පුළුවන් නේද.. අද හවසට ප්‍රැක්ටිස් එන්න.. ")

ඔව් ඔව් පුළුවන් බැරි මොකද කියන කියන හැමවෙලේම එන්න යන්න උඹ පෙට්‍රලි ගහනවනෙ මට වැඩිය නැටුවොත් අපෙ අයියව සෙට් කරනව තොට අමු කුකුළා....

(" හේගා.. මම එහෙනං.... බලාගෙන ඉන්නවා.... 5:30 වෙද්දි එන්නෝන..  තව අය එනවා ඒ නිසා මට හෙල්ප් ඒකටත් එක්ක ඔයා අනිවා එන්නෝන.... ")

" ඕ ඕ හරි කෝච් මම එන්නං... "

(" ඕකේ එහෙනම් මම තියනවා.. බායි ජීසු පිහිටයි..")

" හරි කෝච්.. "

Beep beep beep

එස්සෑම් ලියලා නිදහසේ ඉන්න දෙන්නෑනෙ මුං.. අනෙ අම්මපා මම ගිය ආත්මෙ... මහ පජාත වැඩ කරන්නැතී නේ... මේ ආත්මෙ කියලා වෙනසක්යෑ.... ඒ කියන්නෙ හත්තිලව්වෙ මේ දුක් ටික ලබන ආත්මෙත් මේ විදියටම ගෙවන්න ඕනද.. බුදු හාමුදුරුවෝ නිවන් දකින්න අච්චර කට්ටක් කෑවෙ ඇයි කියලා.. තේරෙන්නෙ දැං තමා.. චැක්.. ඒ කාලෙ ඉඳිය නං මොකක් හරි කර ගන්න තිබ්බා මම කියන්නෙ නිවනට අහල පහලිං ඉඩමක් හරි ගන්න... ඇත්තටම ඒ කාලෙත් කාලකණ්ණියෙක් වගේ ඉන්නැතී බණක් භාවනාවක් වත් නොකර ඔහේ... ගල් පෙරේතෙයා වගේ.. නෙදකිං.. ආත්ම ගාණක ඉදං එන කාලකණ්ණි කමක් නේ යකෝ මේක... !!!!

"අම්මේ....... !!!!!"

(" මොකද බෙරිහන් දෙන්නේ... කන්න ඕනි වෙලාද... ඕනවට වැඩී දැං හොදද..... ")

" නෑ නෑ මේ මම නිකං.. ම් අහ්ම්.. උගුර සවුත්තු වෙලා වගේ දැනුනා ඒකයි මම බැලුවෙ මේ... හෙහේ.. "

මම පිටි පස්ස පැත්තෙං ඉස්සරහට එබිලා බැලුවේ අප්පච්චිගෙ කාර් එක තියේද කියලා.. මම හිතන්නෙ වැඩට යන්නැති... ඒත් අයියා කිව්වනෙ අද ඕෆ් එකක් කියලා... අනේ මංදා මහ පගෙයගෙ මරිසි වැඩී දැං.. ඉදපංකො ඔව්ව අල්ලයි මගේ ඔටුවා...
මම හිමින් හිමින් බිත්තියත් අල්ලං ඉස්සරහට ඇවිත් ඔලුව දැම්ම විතරයි.. එකපාරටම සුනාමියක් වගේ.. පචොස් ගාලා මගේ සොදුරු මූණත් තහඩුවට..  වතුර කන්දක් එක පාර වැදුනා...

" උගෙ අම්මටහ්.... කියනවා.... අප්පච්චී මං..... "

තව ඩිංගෙං උදේ පාන්දර.. ආ සමා වෙන්න දවල් පාන්දරම... කනව අප්පච්චිගෙං වතුර පිටිංම කනේ පාරක්.. ඈයිස් මැරතන් එකක් පරාද උනා වගේ ෆීලින් එකක් ගන්න තිබ්බා හැබියි..

" හයියෝ... සුදු නෝනේ.... මොනවද මෙතන කරන්නෙ... හම්මොහ් හ්හහ්හ්හා.. හේෂ්.... ඔය තුවායක් අරං එනවා... අයියෝ.. මගේ කෙල්ල... හ්හහ්හ්හා... "

" අනේ ඉන්නකො අප්පච්චි ඔයා නං හරි නරකයි.. "

" ඉතිං මම දන්නවද ළමයො.. ඔයා ඔයපැත්තෙං එනවා කියලා.. එක්කො අඩි සද්දෙයක්වත් දැමිමනං ඩිංගක් බේරෙන්න තිබ්බා.. මට දුක.. අරක වාහනේ රෝද ටික හෝදලා ඉතුර වෙච්චි වතුර එකම වැදිච්චී එක.. හොද එකක් නං කමක් නෑ..  "

" අම්මේ... !!!! "

(" මොකද බෙරිහන් දෙන්නේ නැගිටපු වෙලේ ඉදං.. ")

" අම්මෙ මේ අප්පච්චි වහ්ම්ක්හ්ම්ම්ම්... "

" කෑ නොගහ ගිහිං නා ගෙන එනවා එළියට ගිහිං එන්න.. කෝච් කෝල් කරල කිව්වා.. ඔයාට මීට් එකක් එනවා කියලා ලග... අපි යං බඩු ටිකක් අරං එන්න... හාහා ඉක්මන් කරන්න... "

" අන්නේම එන්නකො අප්පච්චි... මම ඕන්නං තව කුණු වතුර එකක් කන්නං... "

" යනවා යනවා... රස්තියාදුකාරයා... "

" උම්මා උම්මා උම්මා... "

දෙයියනේ අපේ අප්පච්චිට මොනා වෙලාද මේ... හරි පුදුමයි...
මම ටක් ගාලා එතනිං කැපිලා අප්පච්චිට උම්මා පා කර කර පස්සෙං පස්සට එන්නැද්දි.. අපේ මහ පගයා තුවායක් උස්සං එන ගමං ඉදලා මගේ ඇගේ හැප්පුණා... මම එතනම තොක් ගාලා ගෙම්බා වගේ වැටුනා... වැටුනා කියලා සැලෙනවද නෑ.. මම ආයෙ නැගිටලා අයියගෙ මූණ කුණු වතුරයි.. දූවිලියි තියෙන අත්දෙකෙන් අල්ලල කට උල් කරල උම්මා කියලා.. ගෙට දුවලා ගිහිං වොෂ් එකක් දාගෙන ටක් ගාලා කාලා එළියට පැන්නා....

මල්සර දෝණි සොපින් කරන්න යනවෝ........ !!!!!

කතාව පරක්කු වෙන්නෙ... ඇත්ත වශයෙන්ම මගේ තියෙන කාර්ය බහුලත්වය නිසා සහ.. 🙂😁 කාලකණ්ණි නිදිමත නිසයි තමා..
සමාවෙන්නෝන.... තරහ වෙන්නෙ නැතුව ඉන්න ඉතිං.. මම කතාව දෙනවා දිගටම... මාසයක් හමාරක් තමා කෝමත් පරක්කු උනොත්..

අද කෑල්ල නං පොඩී... හේතුව ඊ ලග එක සෑහෙන්න දිගයි ඒකයි... එහෙනං.. ළමායි.. ආයෙ මාසෙකිං හම්බෙමූ.. 

See you in the next part guys 🌼😉
Love you 😘🤟🏼

Continue Reading

You'll Also Like

1.3K 443 28
අහිංසකයෙකුගෙනුයි දාමරිකයෙකුගෙනුයි එක්කෙනෙක්ව ඔයාට තෝර ගන්න කීවොත්?? Theboyz ff ☑
1.8K 416 8
° A Sinhala Hanakaki GL story ✓ • Girl X Girl ✓ ° Sad ending ✓ ° completed ✓ ★ This is Just a fanfiction and Nothing is real!!!
607K 63.8K 25
في وسط دهليز معتم يولد شخصًا قاتم قوي جبارً بارد يوجد بداخل قلبهُ شرارةًُ مُنيرة هل ستصبح الشرارة نارًا تحرق الجميع أم ستبرد وتنطفئ ماذا لو تلون الأ...
685K 21.9K 64
#1 in Distance #1 in Girlfriend #1 in Living #60 in Discover #2 in Brothers #5 in Love #45 in Teen Fiction #64 in Sadness #8 in Dance Eight boys. One...