🌹 රෝ ස 🌹14
..
..
..
..
මොකද අද තමුසෙ රතුවෙලා...
ආ....
වලව්වෙ පුංචි කුමාරයා... වලව්වට අඩිය ගැහුවා විතරයි.. වෙනදට ස්කූල් එකට ගිහින් එනවට වඩා අද ලොකු වෙනසක් වලව්වෙ වැඩ බලන කුමාරිහාමිට පෙනෙද්දි සාලේට වෙලා කකුල් දෙකත් වන වන ටී වී බල බල උන්න ශූලී ශාන්ගෙ ඉස්සරහට ඇවිල්ලා ප්‍රශ්න කරද්දි තමයි කල්පනා ලෝකේ ගිලිලා ගෙට ආව ශාන් ගැස්සිලා හොද සිහියට ආවේ...
එතකොට දවල් කඩේ අයියගේ ඇදේදි කඩේ අයියගෙන් ලැබුන උනුසුම් හාදුව.. ඒ උනුසුම් වැළදගැනීම ගැන හිත හිත ඇවිල්ලා ශාන් ලැජ්ජාවට රත් පැහැ ගැන්විලාද...
මගදි මන් නයි කොච්චි කෑවනෙ.. ඒකයි.. ඇයි තමුසෙට පාන්ද ඈ...
දවල් වෙච්චි දේවල් වෙන පැත්තකනෙ ඉතින්.. ඒවා වන්ග් පපාට සහා වන්ග් පුතාට අයිති දේවල්.. ඒවා මේ වලව්වට අදාල නෑනෙ.. කොහොමත් මේ ඉන්න කුන්ඩවාලී ශාන් ගැන හොයනවාට නම් ශාන්ගෙ පොඩි වත් මනාපයක් නෑ...
නෑ නෑ අද තමුසෙගෙ මොකාක් හරි වෙනසක් තියෙනවා...
ගෑනූ ඇස් කියන්නෙම හරි තියුණු දෙයක්නෙ.. ඒවට වැලි ගහනවා කියන්නෙ කරන්න අමාරු දෙයක් නෙවෙයි ගොඩාක් වෙලාවට කරන්න බැරි දෙයක්....
ඔව් අද මට කිරි පණු ගායනෙ... පස්ස කසනවා...
ඔව් ඔව් මොකා....ක් හරි ගායක් නම් හැදීගෙන එනවා වගේ නම් මටත් පේනවා.. හොදයි මන් හොයාගන්නම්කෝ....
නියපොතු වල ගල්වලා තියන කියුටෙක්ස් ටිකටත් පිඹ පිඹ ශූලී ආපස්සට යන්න හැරෙද්දි....
මගේ ගාය ගැන හොයන්නැතුව තමුසෙ තමුසෙ ගැන බලාගන්නවකෝ.. බලනවකෝ බදින්න කොල්ලෙක් වත් නෑ නෙහ් තාම... ගේ අස්සට වෙලා පාට පාට නියපොතු වල උල උල පිඹ පිඹ හිටියාම සේරම හරි.. සැක් වලව්වටම නාකී වෙන්නද ඕයී කල්පනාව...
මොකක්ද තමුසෙ කිව්වේ ආ...
ඇයි කන් දෙකට පොට්ටයා ගහලද තමුසෙගේ... ගොබ්බී...
තොට මන්...
ඇයි ඇයි මොකද පොඩි අක්කෙ... කොහොමත් මට තමුසෙ එක්ක සෑහෙන්න ඇරියස් කන්දරාවක් තියෙනවා.. ලගට එන්නෙපා උස්සලා ගහනවා පොලවෙ දැනගනින්...
ආ.. ගහපන් බලන්න.. ඉතින් ගහපන්...
ආ එතකොට ඒකත් එහෙමද.. මල්ලි උනත් මේ ඉන්නෙ කොල්ලෙක් නේද කියලා පාඩුවෙ පැත්තකට වෙන පාටක් මේ අක්කන්ඩි ගාව නෑ.. එයා එන්නෙ රණ්ඩුවටමයි...
ශාන් දාන් ආව පොත් බෑග් එකත් අල්ලලා විසික් කරලා දැම්මා සැටියට... එයා ගේම නම් ඇයි ශාන් තව දුරටත් අත පය අකුලන් ඉන්නෙ.. නෑ නෑ එහෙම ඉන්න ඕන නෑ...ශානුත් ලෑස්ති වුනා වලියට...
ගෙදර කවුරුත් නැද්ද කියලා දන්නෙ නෑ... ඒත් කවුරුත් පේන්නත් නෑ... මේක තමයි වෙලාව මෙච්චර දවස් ශූලී ශාන්ට කියපු කතා වලට පලි ගන්න...
ශූලී ශාන්ට ගහන්න ලගට එනකල්ම ශාන් බලන් උන්නා... ශාන් බලන් උන්නා වගෙම ශූලී ශාන්ට ගහන්න පනිද්දි...
ශාන් දෙපාරක් නොහිතා ශූලීගේ උඩට කරලා බැදලා තිබ්බ පෝනිටේල් එකෙන්ම ඇදන් ගිහින් කෙල්ලව ගැහුවා බිත්තියේ....
ආව්වා..... අනේ මමා.......
නෑ මේක මෙතනින් ඉවර වෙන්න බෑ... ශාන් එහෙම්ම කකුල් වෙට්ටුවක් දාලා ශූලිව බිම පෙරල ගත්තෙ මේ ඉන්නෙ තමන්ගෙ අක්කා කියලා අමතක කරලා වගේ.. කොල්ලා හිතන් ඉන්නෙ ශූලී කියන්නෙ ශාන් එක්ක මල්ලවපොර ක්‍රීඩාවෙ යෙදෙන ප්‍රතිවාදියා කියලා...
ආශ්... අතෑරපන් යකෝ මගේ කොන්ඩේ....
ඉදා.. ඉදා තොට... ආ... මේක හැම තිස්සෙම මගේ ලොක්කකට කතන්දර කියනවට... ඉදා කටුස්සී...
ආහ්......අනේහ්....
ශාන් ශූලිගේ මූණටම පාරක් දුන්නා... වැඩිය අතින් පයින් ගහන්න හොද නෑ.. ඒ නිසා කොල්ලා බිම ඇදන් වැටිලා ඉන්න ශූලීව කොන්ඩෙන් ඇදලම ගත්තා කෙලින් කරලා...
මා...ව... අතෑ....ර්....පාන්.... ය..කෝ...
ඒවා කොහෙද.. ශාන් ආයෙමත් වතාවක් ශූලීව කරකෝලා විසික් කරේ බිත්තියේ කෙල්ලව වැදිලා එහෙම්ම බිමටම ඇදගෙන වැටෙන්නමයි...
ඒ වැදුන පාර සැරටම වදිද්දි ශූලී මර ලතෝනී තියද්දි ශාන් පටස් ගාලා බෑග් එකත් උස්සන් එතැනින් පැනලා දිව්වෙ එයාගේ කාමරේට....
මහන්සිද පුතා....
අම්මෝ ඔව්... අද නම් හොද ගනන් පපා... වැඩ වැඩි උනානේ අප්පා...
ඒක නම් ඇත්ත... වේලාසනින් නිදා ගමු අපි...
කඩේ වැඩත් එක්ක අද සෑහෙන්න මහන්සියක් දැනෙද්දි ලග කෑම කඩේකින්ම රෑට කන්නත් අරන් ඇවිල්ලා තාත්තලා පුතාලා කතා කරන ගමන් මේ කන්නෙ...
මේක තමයි ඉතින් අද තාත්තටයි පුතාටයි පොඩ්ඩක් නිවී සැනසිල්ලෙ කතා කරන්න ලැබුන වෙලාව...
අද චූටී බේබී මොකද අප්පා නින්දෙන් නැගිට්ට වෙලාවෙ ඉදන් ජම්බු ගෙඩියක් වගේ රතු උනේ...
කැහ්.. කැහ්... ආම්... මේ... වතුර...
යීබෝට කොහේද මන්දා තිබ්බ කැස්සකුත් ආවා.. වන්ග් ඉක්මනින් නැගිටලා දඩිබිඩි ගාලා කොල්ලට වතුර එක ලන් කරා.. පොඩි එකෙක් වගේ වෙලාවට.. හිර කර ගන්නෙ නැතුව කන්නවත් බෑනේ... මීට වඩා හොදයි අර බටු ඇටේ වගේ ඉන්න චූටී බේබී...
මොකෝ අප්පා..
කැස්සක් ආවා පපා...
දැන් හරිනෙ...
ඔව් ඔව්.. ශේප්....
යීබෝ වැඩිය කියවන්න නොයා ඉක්මනින් කටට දෙකට කාලා දැම්මා... වැඩිය අද නම් මෙතන රැදෙන්න හොද නෑ...
චූටී බේබිත් මොකට රතු උනාද මන්දා එච්චර.. එයාටත් ඉතින් පුරුදු නැතුව ඇතිනෙ පිට මිනිහෙක්ගෙන් කිස් එකක් එහෙම හම්බෙලා...
ඉතින් යීබෝටත් පුරුද්දක් නෑ ඒ විදියට කිස් දීලා... හැබැයි කොල්ලා රතු උනේ නෑ... යීබෝ ශාන් නින්දෙන් අවදි උන වෙලාවෙ ඉදලා ශාන් දිහා සැරින් සැරේ බැලුවා... කොහෙද ඒ රෝස මල හරියට මූණ දිහා බලන්නෑනෙ... යීබෝටත් ශාන්ගෙ හැසිරීම නිසාම ලැජ්ජා හිතිලා උන්නෙ... අනේ මන්දා ඉතින් ශාන්ගෙන් කිසිම විරුද්ධත්වයක් තිබ්බෙත් නෑනේ...
කොල්ලව දෑත බදලා මිරිකන් අල්ලන් හිටියනෙ.. ඒ කියන්නෙ ඒ රෝස මලත් යීබෝගේ ඒ උනුසුම් හාදුව හදවතින්ම වින්ඳා.... හැබැයි ඒත් කොල්ලට ලැජ්ජ නිසා...
ඩොග් ගාලා බලලා අහක බලනවා..
මන් නිදාගන්න යනවා පපා...
හරි පුතේ.. හෙට උදෙන්ම නැගිටින්නත් එපැයිනේ... අපි උදෙන්ම කුඹුරට යන් නේද.. ඒ මිනිස්සුන්ට උදව් ඕන වෙලාවට එපැයි අපි යන්න...
ඔව් පපා... උදෙන්ම යන්... කෝ ඔයා යන්න නිදිය ගන්න හොදට..
යීබෝ කාමරේට ගියේ කාපූ බීපූ බාජන ඔක්කොම සෝදලා.. අද වන්ග් සෑහෙන්න වැඩ කරලා ඉන්නෙ... ඉතින් තව වැඩ දෙන්න බෑ... මේක ලොකු වැඩකුත් නෙවෙයිනේ.. යීබෝම ඒ රාජකාරියත් ඉවර කරා...
අම්බේ මේන් මගේ හුරතලේ කුස්සියටම ඇවිල්ලා... ඇයි මැණික....
බඩගිනී අප්පා... කන්න දෙන්නකෝ මට....
දැන් වැඩ ඉවරයි මැණික.. අපි කමු... කෝ පපා ආවද...
මන් නම් දන්නෑ ඉතින්.. මන් දැක්කෙ නෑනේ....
ඔව්.. ශාන් ඉතින් දැන් නෙහ් ගෙදර ආවත් හරි පහළට බැස්සෙ.. කොල්ලා මෙච්චර වෙලා උන්නෙ එයාගෙ කාමරේට වෙලා යම් යම් දේවල් මතක් කරන ගමන්...
අද නම් ඕන් මන් එයාට මුලින්ම මැසේජ් කරන්නෙ නෑ සත්තයි...
තියන ලැජ්ජාව නිසාම ශාන් ඇවිල්ලා ඉන්නෙ ඒ වගේ තීරණයකට.. ඒ තීරණයෙන් පස්සෙ තමයි ශාන් කෑම කන්න පහළට ආවේ...
ආ ලොක්කක්කේ... එන්න එන්න කන්න... ආ.. කෝමද පොඩි අක්කෙ... ආනේ... මොකෝ මේ පොඩි අක්කගෙ ඔලුව ගෙඩි ගැහිලා... ඔයා වැටුනද පොඩි අක්කෙ බාත් රූම් එකේ වත්...
අද නම් පපා පේන්න නැති නිසා එයා ගෙදර එන්නෙ නැතුව ඇති කියලා හිතලා ශාන් පටන් ගත්තා ශූලිව බයිට් එකට ගන්න...
වැටුනා... වැටුන එක මන් තමුසෙට කියන්නෙ නෑ ඉතින්...
ඇත්තටම පොඩි දූ මොකෝ මේ නලල ගෙඩි ගැහිලා...
ශාන් මදිවට ගුමී... එයත් පටන් අරන් ඔලුවෙ ගෙඩිය ගැන ප්‍රශ්න කරන්න... ඒවා නිකන්ම වැටිලා ඇති වෙච්චි ගෙඩි නෙවෙයි.. ඒවා අම්බානකට ගුටි කාලා ඇති වෙච්චි ගෙඩි...
අද හරි ශෝක් දවසක්.. ශියාඕ කායී නැති කෑම මේසේ කියන්නෙ ශූලීට නම් වතුර නැති කාන්තාරයක් වගේ උනාට ශාන්ට නම් මල් ඇට්ටි හැලෙන්න පිපුන මල් වත්තක් වගේ.. කොල්ලා ඉන්නෙ පුදුම සතුටකින්....
මට මොකක් උනාම ඔයාලට මොකද ආ....
ඒක තමයි මමා... ඔයා හොයන්නෙපා.. එයාට මොනවා හරි උනොත් එයාව බලාගන්න එක පැත්තක වලව්ව තියෙනවා. අනිත් පැත්තෙ බම්බුව වගේ එයාගෙ නම්බුව තියෙනවනෙ... ඔයා එයා ගැන හිතන්නෙපා ඒයී.. මේ රත්තරන් ටිකට චූටී පුතෙක් ඉන්නෙ හිතනවා නම් ඇට්ටි හැලෙන්න හිතන්න... නැද්ද ලොක්කක්කේ..
එසේයී එසේයී...
කෑම මේසේ අද නම් හරින රසවත්... ශාන්ට එයාගෙ අම්මා ලොක්කක්කා එක්ක කියව කියව කන්න පුලුවන් ඇති වෙන්න.. හැබැයි ඒකට ශූලී... ශූලී දැන් ඉන්නෙ දුම් දාන කෝච්චියක් වගේ.. කෙල්ල සෑහෙන්න පිඹිනවා...
ඒනම් පොඩි අක්කෙ... චූ කරලා නිදියන්න ඈ...
මන් ඉතින් තොට කියන්නෑ...
ඉතින් කියන්නෙපා.. මොකෝ මන් ඔයාගෙන් බලෙන් අහනවද ඒයී...
යනවා ඕයී යන්න....
අද නම් හොද......ට නින්ද යයි... සෑහෙන්න කාලෙක ඉදන් හිතේ තිබ්බා අතේ පයේ හිරි ඇරගන්නෝනේ කියලා.. පොඩි අක්කෙ ඔයාට කියන්න අද මන්...............
කට වහ ගනින් බූරුවා.. මතක තියා ගනින් මල්ලි මේක.. උබට වැඩිකල් නටන්න වෙන්නෙ නෑ...
හහ්.. කෝමද ඒක... ශූලී තමන්ගෙ කාමරේට යන්න කලින් ශාන්ට ඇගිල්ලක් උලුප්පලා කියද්දි ශාන් ආවේ කට කොණට හිනාවකුත් ඇදගෙන....
මේකයි පොඩි අක්කෙ... මන් නටන්නෙ එලිපිට... තමුසෙට පුලුවන් දෙයක් තමුසෙ කරනවා...
අනේ ඇත්තට.. උබ එලිපිට නටලා උබට වෙන්නෙ මේ වලව්වෙන් හිගන්නෙක් වගෙ දොට්ට බහින්න තමයි...
ශූලී එයාගේ කාමරේට ගියේ ශාන්ට තවත් මුකුත් කියන්න ඉඩක් නොතියා... ශාන් කේන්තියෙන්ම කාමරේට ඇවිත් දොරත් වහලා දාලා....
වලව්වෙන් පිට හැදුන මට මේ වලව්වෙන් දොට්ට බහින්න හරි අමාරු වෙයි කියලා වෙන්නැති ඒ මගුලි හිතන් ඉන්නෙ... හරි බලාගමුකෝ අපි... ඊලග පාර මන් තොට දෙන්නෙ රෝද පුටුවෙන් යන්න....
ශාන් එහෙම්ම ඇදට වැටුනා හතර ගාතේ දාලා...
හෙට ගොයම් කපන දවස... වැඩක් නම් කරන්න හම්බෙන එකක් නෑ.. නමුත් ශාන්ට මේක හරි ලස්සන අත්දැකීමක් වේවී කියලා ශාන්ට හිතුනා...
අහ්...
උඩ බලාගෙන කල්පනා කරපු ශාන්ව ගැස්සිලා ගියේ තමන්ගෙ දුරකතනය නාද වෙන්න ගත්ත නිසා...
අයියෝ.. අද මැසේජ් නෙවෙයිද.. කෝල්ද අප්පා...
වෙනදට එන මැසේජ් නෙවෙයි අද එන්නෙ කඩේ අයියගෙන් කෝල් එකක්.. ඉතින් කොහොමද කතා නොකර ඉන්නෙ.. හදිසියේ වත් මේ කතා කරන්නෙ අංකල් වන්ග් පපා වුනොත් ඒම...
හෙලෝ....
ශාන් කෝල් එක ආන්සර් කරා.. මොන තරම් ලැජ්ජාවක් හිතේ තිබුනත් ශාන් කැමති නෑ යීබෝගෙන් එන කෝල් එක නම් මිස් කරන්න...
ඇයි අද මැසේජ් නැත්තෙ.. නිදිද...
නෑ.. නැ... මේ මන් .. දැ...නුයීනෙ... මේ...
චූටී බේබී.. ඔයාට දැන් මන් එක්ක කතා කරන එක අපහසුතාවයක්ද... මන් තියන්නද....
ඇත්තටම ඉතින් ඒක යීබෝගෙත් පළවෙනි අත්දැකීම.. හැබැයි යීබෝ ශාන්ව මග අරින්නෙ නෑනේ.. දැන් යීබෝ ශාන්ට මැසේජ් කීපයක්ම එව්වා.. නමුත් ශාන්ගෙන් රිප්ලයි නාව නිසා යීබෝට හිතුනා ශාන් ලැජ්ජ නිසා හරි තමන්ව මග අරිනවා කියලා.. නෑ ශාන්ව අපහසුතාවට පත් කරන්න යීබෝට ඕන නෑ...
අනේ නෑ.. තියන්නෙපා....
එහෙනම් ඇයි කියන්න ඔහොම කරන්නෙ... යද්දි යන්නම් කඩේ අයියේ කියලා වත් නොකියා යන්න තරම් මන් කරේ බලු වැඩක්ද රෝස මල....
යීබෝ අවංකවම තමන් කරපු දේ ගැන දුක් වෙමින් උන්නා.. වෙනදට ගෙදර යද්දි හුරතල් වෙලා යන කොල්ලා අද චුට්ටක් බලලා යන්න ගියා.. යීබෝට එහෙම මදි.. යීබෝ ශාන්ගෙන් ඊට වඩා දෙයක් බලාපොරොත්තු වෙනවා....
මට ලැජ්ජ හිතුනා....
ශාන් තවත් පැකිළෙන්නෙ නැතුව කතා කරා.. වෙනදට කතා කරන හඩ අද එයාගෙ කඩේ අයියා ගාව නෑ.. ඒක වෙනස් වෙලා...
තමන් ආසාවෙන් විඳපු ඒ ලස්සන හැගීම නිසා යීබෝවත් ශාන්වත් දුක් වෙන්න ඕන නෑ...
උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්මා...
ශාන් ලැජ්ජා හිතුනා කියලා කිව්වත් ආයෙමත් යීබෝ වචනයක් වත් කතා නොකර ඉද්දි ශාන් පුංචි හාදුවක් දුරකතනෙ තිරයට තිබ්බෙ යීබෝගේ මූණෙත් හිනාවක් ඇදෙන්න....
ඒ වෙලාවෙ ඉතින් මට දෙන්න ඉඩ දුන්නෑනේ... ශ්... නිදාගන්න කිව්වනේ...
චූ...ටී.. බේබී....
ආශ්... කොහෙද අප්පා චූටී බේබියෙක් ඉන්නෙ... රෝස මල.. මම රෝස..... මල... හරිද... මන් ඒකට ආසයි කඩේ අයියේ....
යීබෝගේ හිත පස්වනක් ප්‍රීතියෙන් පිනා ගියා කිව්වොත් හරි... දුකෙන් අවුල් වෙලා තිබ්බ යීබෝගේ මූණ හරි ලස්සනට එලිය වැටෙද්දි යීබෝ ලග තිබ්බ කොට්ටෙ තුරුලට අරන් ඇදේ ගුලි උනේ ෆෝන් එක තව තවත් කනට තද කරන්.....
එච්චර ආසයිද...
ම්ම්.. මට එහෙම කවුරුත් කතා කරලා නෑ....
දැන් මන් ඉන්නවනෙ...
හී හී ඒකනෙ.. ඔයා කෑවද ඒයී...
හිකිස්.. යීබෝට හිනා යන්නෙ මෙන්න මේ කතා විලාසෙටමයි... ගමේ ගොඩේ ගෑනූ තමන්ගෙ මිනිහට කතා කරනවා වගේ ශාන් නිකන් යීබෝට කතා කරන්නෙ..
ඔව් ඒයී... ඔයත් කෑවද...
ආයේ මොකටද යීබෝ කට පියන් ඉන්නෙ... යීබෝටත් ඕනේ එයාගෙ කම්මැලි ජීවිතේට තිත තියලා ශාන් එක්ක ශාන් කතා කරන විදියටම කතා කරන්න....
බඩ පැලෙන්න කෑවා...
ම්ම්... ඉතින්...
ඉති......න්.....
කියන්නකෝ රෝස මල...
මොනවද...
මොනවා හරි...
අනේ මේ කඩේ අයියා එක්ක බෑ අප්පා... ශාන්ට චූත් බරයි දැන්... බඩේ මොක්කු මොක්කු හරි පියාඹනවා වගේ....
හෙට මාත් එනෝ....
දග නොකර ඉන්නවා නේද...
අනේ අප්පා දග නොකර ඉදලා වැඩක් තියේද අනේ....
ඒක ඇත්ත.. කොල්ලෙක් උනාම දගලලා කරලා ඉන්න ඕනේ ෆුල් ෆන් එකේ.. හැබැයි ඉතින් කඩේට වෙලාම ඉන්න මේ කඩකාරයා ඕවා දන්නවා කියලා ඈ...
ඒම නෙවෙයි... මන් කියන්නෙ ආයුධ අස්සෙ එහෙම නොයා... පපා ඉන්න හරියට වෙලා ඉන්න ඕනේ කියලා...
එතකොට ඔයා එන්නෑද මගේ ලගට...
මන් එන්නද.... ම්ම්...
යීබෝ ඒක ඇහුවෙ රහසින්... ශාන්ගෙ ඇගේ හිරිගඩුත් පිපුණා ඒ යීබෝගේ හඩට...
ම්ම්ම්ම්...
ආවොත් මොනවද මට දෙන්නෙ... රෝස මල....
අනේයීයා... අද මෙයාට මොනා වෙලාද මන්දා අප්පා.. ලැජ්ජාවේ බෑ... හූම්ම්ම්ම්....
දැන් නම් කෝල් එක ඇති වගේ අප්පා.. මේ කඩේ අයියා එක්ක බෑනේ... අමුතුයි අනේ මේ මනුස්සයා අද....
හෙට පාන්දර නැගිටින්න ඕනනෙ... ඉතින් පොඩ්ඩක් කලින් නිදියන්නෝනේ.. ඒකයි අද මැසේජ් නැතුව කෝල් කරේ මම....
අද ඔයා ගොඩාක් මහන්සි උනා... ඔයාට අමාරුයිද කඩේ අයියේ....
අනේ ඉතින්... දැන් තමන්ගෙ අමාරුකම් ගැන හොයන්න තමන්ගෙ පපා.. තමන්ගෙ මිතුරා ඇරෙන්න තවත් කෙනෙක් ඉන්නවනෙ...
ටිකක් විතර...
පව්... අනේ.. අත් රිදෙනවද....
බෙල්ල රිදෙනවා..
මන් ආයේ ආවාම අතගාන්නම්... හාද...
තුරුල් කරගන්න ඕනේ දැන් මට ඔයාව....
අනේ....
ශාන්ගෙ හීන් හඩ අහන් ඉන්න බෑ... යීබෝගේ හදවත පිස්සු නටනවා.. හරියට දවල් වගේ... ඇත්තටම හදවත පුදුම වේගෙකින් ගැහෙන්නෙ.....
මන් ගාව ඉන්න ආසද රෝස මල...
ම්ම්ම්... සනීපයි....
ම්ම්.. තව මොනවද.. තමන්ට මේ දැනෙන හැගීමම ඒ පුංචි කොල්ලටත් දැනෙනවා ඇති... ඇත්ත.. යීබෝ වලව්වට පොඩ්ඩක් වත් කැමති මනුස්සයෙක් නෙවෙයි.. වලව්වෙ සමහර මිනිස්සු හොද උනත් යීබෝ ඒ අය එක්ක වත් කතාවට යන්න කැමති මනුස්සයෙක් නෙවෙයි..
ඒත් දෙයියනේ කොහොමද.. කොහොමද මේ පුංචි කොල්ලාගෙන් අනිත් අයගෙන් ඈත් වෙලා ඉන්නවා වගේ ඈත් වෙලා ඉන්නෙ... හරියට කාන්දමක් වගේ...යීබෝගේ හදවත ඇදෙන්නෙම ශාන්ගෙ ලගට...
මන් ඉබිද්දි ...
අනේ.....
කියන්නකෝ.... කොහොමද දැනුනේ කියලා...
යීබෝ පුංචි එකෙක් වගේ කොට්ටෙ තදට තුරුල් කරන් ශාන්ට ඇවටිලි කරද්දි නොදැනීම ශානුත් ලග තිබ්බ කොට්ටෙ උඩින් හිස තියන් ඒ කොට්ටෙ බදා ගත්තා....
මමා... ලොකු අයියා... ලොක්කක්කා.. අංකල් වන්ග් පපා... ඒ හැමෝම මාව ඉබිනකොට දැනුනට වඩා ඒක ගොඩාක් වෙනස් කඩේ අයියේ...
ඒකද මාව තදට අල්ල ගත්තේ...
ම්ම්ම්ම්....
ආස හිතුනද...
ම්ම්ම්ම්...
අනේ කටින් කියන්නකෝ රෝස මල...
ඒ දැනුන හැගීම් වචනෙන් වචනෙ ශාන් එලියට දානවා බලන්නයි යීබෝට ඕන උනේ... යීබෝ ආසයි ඒ මතකේ ආයේ ආයේ අලුත් කර ගන්න....
ආසයි.....
ම්ම්... යීබෝට ඕන වෙච්ච උත්තරේ හරි අපූරුවට ශාන්ගෙ මුවින් එලියට එද්දි....
යීබොට දැනුනේ පුදුමාකාර සතුටක්... ඇත්තටම ඒක නිකන් සැනසීමක් වගේ දෙයක් කියලා යීබෝට හිතුනා....
ඇස් වහ ගන්න... අපි නිදියමු....
තුරුල් කර ගන්නකෝ....
..
..
..
..
මතු සම්බන්ධයි
..
..
..
..
අම්මෝ ලිව්ව මටත් නිකන් කිචි කිචි වගේ....
එයාලා තුරුල් වෙයි.. ඔයැයිලා එන්නකෝ කතාවෙන් එලියට... බලම් ඉන්නවා පෙරේතයෝ වගේ....
බලන්නකෝ එක උම්මියක් නිසා ඒ දෙන්නට වෙලා තියෙන දෙයක්...
හෙට අර උන්දෑ මොන ගොයමක් කපයිද දන්නෑ අප්පා....
මොකද කියන්නෙ කට්ටිය ශූලීට දුන්නා හොදද...
ශාන් හුරතල් තමයි.. හැබැයි ඒ එයාට ආදරේ මිනිස්සු ලග විතරයි ඈ... එයා සීනී බෝලයක් නෙවෙයි.. හැබැයි තාම පොඩි කොල්ලෙක්...
එහෙනම් ආයේ එනකල් ඔය හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න හොදේ...
මම ඔයාලගෙ මධූ 🤓