Enchanted to meet you | TK |...

De snowi_3031

6.2K 1K 1K

හැමදේම පරණ විදියට තියෙනවනම් මන් කැමති. මොකද , සතුටින් නැතත් ඒක එක අතකින් සැනසීමක් ........ " උබ හැගීම් හංගන... Mais

පලමු දිගහැරුම 🔅
දෙවන දිගහැරුම 🔅
තෙවන දිගහැරුම 🔅
සිව්වන දිගහැරුම 🔅
පස්වන දිගහැරුම 🔅
හයවන දිගහැරුම 🔅
හත්වන දිගහැරුම 🔅
අටවන දිගහැරුම 🔅
නමවන දිගහැරුම 🔅
දසවන දිගහැරුම 🔅
එකොළොස්වන දිගහැරුම 🔅
දොලොස්වන දිගහැරුම 🔅
දහතුන්වන දිගහැරුම 🔅
දහහතර වන දිගහැරුම 🔅
පහලොස්වන දිගහැරුම 🔅
දහසයවන දිහහැරුම 🔅
දාහත්වන දිගහැරුම 🔅
දහඅටවන දිගහැරුම 🔅
දහනමවන දිගහැරුම 🔅
විසිවන දිගහැරුම 🔅
විසිදෙවන දිගහැරුම 🔅
විසිතුන්වන දිගහැරුම 🔅
විසිහතරවන දිගහැරුම 🔅
විසිපස්වන දිගහැරුම 🔅
විසිහයවන දිගහැරුම 🔅
විසිහත්වන දිගහැරුම 🔅
විසිඅටවන දිගහැරුම 🔅
විසිනමවන දිගහැරුම 🔅
තිස්වන දිගහැරුම 🔅
තිස්එක්වන දිගහැරුම 🔅
තිස්දෙවන දිගහැරුම 🔅
තිස්තුන්වන දිගහැරුම 🔅
තිස්පස්වන දිගහැරුම 🔅
තිස්හතරවන දිගහැරුම 🔅
තිස්හයවන දිගහැරුම 🔅
අවසාන දිගහැරුම 🔅

විසිඑක්වන දිගහැරුම 🔅

144 27 41
De snowi_3031







පපුව තාමත් ගැහෙන්නෙ නුහුරට .ස්නේහගෙ තොල් ගෑවුන මුල්ම වෙලේ ඇගදිගේ ගිය හිරිය තාමත් ඇගපුරා දුවන්නේ මට මාවත් අමතක කරල . වාහනේ ඇතුලෙ වාඩි වෙලා හිටියත් මන් ඉන්නේ පියවි සිහියෙ නෙවෙයි .
එයා ...එයා ....ඒ කලේ කොහෙත්ම බලාපොරොත්තු නොවෙන දෙයක් ! ඒක මට මැවිල පෙනුන දෙයක් නෙවේ . නෑ කොහෙත්ම නෑ .එහෙනම් ස්නේහ මොකක්ද මේ කරන සෙල්ලම .එයාට මන් කිව්වා .මන් එයාගෙන් ඇහුවා .ඒත් ඒවා මන් විශ්වාස කරන්න ඕනෙද !? මන් මන් ආයිම අතරමං වෙයිද .එයා කිව්ව දේවල් ගැන මන් හිතන්න ඕනෙද !

එයා දැන් ටිකකට කලින් කරපු දේ ඇත්තටම එයා ! නෑ වෙන්න පුළුවන් නරකම දේ ඒක ! මන් ඇයි එයාව නැවැත්තුවෙ නැත්තේ .ඒක එයා හැගීමෙන් කල දෙයක් වෙන්න බෑනෙ .
යටි හිත සතුටෙන් කෑ ගහන්න ගත්තත් මන් ජීවත් වෙන යථාර්ථයට මුහුන දෙන්න ඕනෙ .

" ස්නේහ ..... කලින් උන දේවල් වලට මට පැහැදිලි කිරීමක් මන් කොහෙත්ම බලාපොරොත්තු වෙන්නෙ නෑ . "

' සොරී ඒත් උබ මගෙන් මුකුත්ම අහන්නෙ නැද්ද ? හේ-   '

" මන් මේ ගෙව්ව ජීවිතේ ගෙවන ජීවිතෙයි කියන්න තරම් වෙනසක් වෙලා නෑ. අලුත් දෙයක් ලං උනොත් මන්  ඒවගෙන් විදෙව්වා මිසක මට ලැබුන දෙයක් නෑ . කලින් උන දේවල් ! මතකෙන් මන් පුළුවන් ඉක්මනට අයින්කරගන්නම්  . ඒකනෙ වෙන්න ඕනේ ? හැබැයි උබ එක දෙයක් කිව්වා මන් අහන්නේ මන් ඒවත් අමතක කරන්න ඕනෙද ? "

' මන් කිව්ව දේවල් ගැන මට ආයි මතක් කරන්න දෙයක් නෑ .මන් උබෙන් ඉල්ලන්නෙ පුළුවන් නම් ඒක කරපන් .අල්ලන් හිටියා වගේ තව කාලයක් අල්ලන් හිටපන් '

" ඊටපස්සෙ !? මට අතාරින්න හිතුනොත් එතකොට ? "

' එහෙම අතාරින්න වෙන මොහොතක් එන්න නොදී ඉන්න මන් උබට පොරොන්දු උනොත් ? '

" වචන කියන්නෙ සමහර විට පිහිතුඩවල් වගේ කියනවා ස්නෙහ .හැබැයි දැන් මන් උබට කියනවා.උබේ කටින් පිටවෙන හැම වචනෙකම තීන්නේ හුස්ම කියල !! .
මට උබේ  වචන විශ්වාස කරන්න තරම් බැදීමක් උබ මං හංගන්න හදන හැගීම වලට දීලා නෑ .ඒත් මන් උබව විශ්වාස කරන්නම් ..ඒත් "

' ඒත් !? '

" මතක තියාගනින් උබේ වචන හුස්මගන්නවා කියල. ඒ වචන උබේ අතින් මැරෙනකන් හුස්මගනීවි .ඒක අමතක කරන්න එපා. "

' මට කොහොමත් අමතක වෙන්නෙත් නෑ අමතක වෙන්න දෙන්නෙත් නෑ .
ඒ හැමදේම ටිකකට පැත්තකින් තියපන් මන් උබව මෙහෙම එක්කන් ආවේ දවස් ගානක් මන් දැක්ක උබේ මූනෙ කියාගන්න බැරි ප්‍රශ්නයක් !
මන් හිතනවා උබට ඒක ගැන මට දැන්වත් කියන්න වචන එයි කියල.උබට අඩන්න ඕනෙ නම් අඩපන් හැබැයි අකුරක් නෑර හැමදේම කියපන් . '

" ම්ම්ම් කියන්නම් වචන වලින් නෙවේ අකු- "

' ඔහ් ෆක් දිස් සන් ඔෆ් බිච් '

ආයිමත් අර සේව් නොකල නම්බර් එක .ඉන්න ඇයි ඒක මට මේ තරම් දැකල පුරුදුයි කියලම හිතෙන්නේ ඒක !? නෑ නෑ ඒක කොහෙත්ම වෙන්න බෑ .

' තමුසෙට කියන සිංහල තේරෙන්නෙ නැද්ද මනුස්සයො අහ්. කිව්වනෙ අකවුන්ට් එකට සල්ලි දාන්නම් කියල.අදින් ඔක්කොම ඉවරයි . තමුසෙ ආයි ප්‍රශ්න දාන්න ආවොත් ඕන දෙයක් වෙන්න කියල මන් තමුසෙ ගැන කම්ප්ලේන් කරනවා . '

දන්නවද සතුට කියන හැගීම එක්ක දුක කියන එකත් බැදිලා තීනවා .දුක විතරක් වින්ද මට සතුට කියන හැගීම එක හෝරා ගානකට මෙච්චර ඉක්මනට සීමා වෙයි කියල මන් හිතුවෙ නෑ.ස්නෙහට හැමදේම කියන්නම් කියල මගෙම අතින් ලියපු කොලදෙක එලියට ගන්න සාක්කුවට අත දැම්මත් අර නම්බර් එක මතක් වෙනකොට ඒ කොල ටික සාක්කුව ඇතුලෙම මගෙම ඇගිලි අතර පොඩි උනේ හදවත කියාගන්න බැරි තරම් වේදනාවක් එක්ක කෑලි සියදහස් ගානකට බිදිලා යද්දි .
දෙවියනේ මේකනම් කොහෙත්ම වෙන්න එපා මට හිතෙන දේවල් මගේ මනස්ගාත විතරක් කියල කාට හරි මට කියන්න පුළුවන්ද !?
එපා ඒක නම් දෙවියනේ කොහෙත්ම වෙන්න එපා මන් හුස්ම ගන්න පටන් ගත්තා විතරයි .
නෑ ඒක වෙන්න විදියක් නෑ .මෙච්චර පිරිසිදු හැගීම් නලියන හිතෙන් කොහොමද මන් එච්චර පහත් දෙයක් හිතුවෙවත් .
ස්නේහ උබේ වචන නිසා මන් හුස්ම ගන්නම් හැබැයි මේ කොල ටික මන් හිතන්නෙ උබේ අත් උඩ තියන්න මට තව කාලයක් ඉන්න වෙයි ! ඔව් සමහර විට .

කේන්තියෙන්ම ෆෝන් එක ඕෆ් කරල දාන්න ගියත් ස්නේහට ආපහු කෝල් එකක් ආවා .හැබැයි ස්නේහගෙ මූනෙ තිබ්බ කේන්තිය බලන් ඉද්දි නැතිවෙලා ගියා.

' හෙලෝ අම්මේ .....'

"'………"'

' ඔහ්හ්හ් අනේ එහෙමද අපි මේ ලග ඉන්නේ .ඉන්න අම්මේ ඉක්මනටම එන්නම් '

"'……………"'

' ආහ් ඔව් ඔව් යාලුවෙක් එක්ක ආවේ .හම්බුනාම කතා කරමුකෝ . මන් තියන්නම් ඔහොම ඉන්න ටිකක් ටෙන් මිනිට්ස් දෙන්න අම්මේ '

ෆෝන් එක කට් කරල ස්නේහ හරි ලස්සන හිනාවක් එක්ක මන් දිහා බැලුවා .මෙච්චර ඉක්මනට මූනෙ එක්ස්ප්‍රෙශන්ස් වෙනස් කරන මනුස්සයෙක් මන් දැක්කමයි .

" ස්නේහ අපි පරක්කුද ? පහට නේ අම්මා ඕෆ් වෙනවා කිව්වේ ? "

' ඔව් ඒත් දොලහට ඕෆ් වෙලා .බෝඩිමටත් ගිහිල්ලා අම්ම ලේස්ති වෙලාමයි කතා කරල තීන්නේ. '

" අපි නතර කරපු කතාව වෙන දවසක නතර කරපු තැනින් පටන් ගන්න පුළුවන් නේ !? "

' අද බැරි නම් උබ ඉක්මනට ඕක මට කියපන් .නැත්නම් උබට නෙවේ මට- '

ස්නේහ මේ දේවල් කියන කොට මට දැනෙන්නෙ ස්නේහ ඇත්තටම මන් හිතනවා වගේ හැගීමක් මන් ගැන තීනවා කියල! එයා මන් ගැන ඇත්තටම වද වෙනවා කියල .ඒත් මන් ඒවා විශ්වාස කරන්න ඉක්මන් වැඩිද කියල මට බයයි .මොකද මේ විදවන දේවල් එක්ක කාලෙකට කලින් එයාවත් නොදන්න හැගීම් එක්ක ස්නේහ නිසා බිදිල ගිය හිත මන් අමාරුවෙන් අල්ලන් හිටියත් එයා නිසා නම් කොහෙත්ම ආයි දරාගැනීම කියන එක වචනයක් විතරක් වෙයි  .එක වචනයක් එයාගෙ කටින් පිට උනොත් මේ මන් අගුලට හිරකරන් ඉන්න හැගීම් ඉක්මන් වෙලා මොනවගේ දේකින් මේවා කෙලවර වෙයිද කියල මට හිතාගන්න බෑ.

එයා කලින් මට කිව්ව දේවල් එක කොල්ලෙක් තව කොල්ලෙක්ට ඌගෙ ප්‍රශ්න වලින් හිත හදාගන්න කියපු වචන ටිකක් විතරක් නේද කියල හිතන් ස්නේහගෙ හැම වචනෙකටම මන් උත්තර දුන්නේ .
ඒත් මගෙ හිත ඒ වචන බාර ගන්නවා උනත් ඒ කොහෙත්ම මගෙ උඩු හිත තරවටුකරල කියන ඒ  විදියට නෙවෙයි.

ස්නේහ කියන්න ගිය එක ආයිම ගිලගත්තේ ඇයි කියන්න මන් දන්නෑ .
වෙලාවකට මට හිතෙනවා ස්නේහත් එයාට දැනෙන දේවල් වචනෙන් කියාගන්න බැරුව මන් වගේ හිරවෙලාද කියන්න . ඒක මෙහෙම හිතුන පලවෙනි පාර මේක නෙවෙයි එදා එයාගෙ ඇස් දිහා බලන් ඉන්න කිව්ව වෙලාවෙ මේ දැන් ටිකකට කලින් හැමදේම අමතක උන ගානට මගෙ තොල් එයාගෙ තොල් එක්ක පැටලුන වෙලාවෙ එයාගෙ ඇස් වල මට පෙනුන දේවල් !
ඒත් ඒක නිකන් කල්පිතයක් විතරයි මොකද මගේ හිත ඕනෙවටත් වඩා දන්නවා සෙනායයි ස්නේහයි අතර තීන්නෙ කොච්චර ලොකු බැදීමක්ද කියන්න. එතකොට මම ?
මම නිකන්ම ඒක පාර්ශ්වික හැගීම් ගානක් එක්ක ලතවෙන හිස් මනුස්සයෙක් විතරයි .

වචනෙ ගිලගත්තත් ස්නේහගෙ ඇස් වලින් එයා මගෙ ආත්මෙම ගිලගන්න වගේ බැල්මකින් මන් දිහා බලන් ඉන්නවා .මන් මොකක්ද දෙය්යනේ කරන්නෙ !? මාව මෙච්චර හිරකරන්න එපා .මට කාගෙන ඉන්න කිව්ව කෙනා නිසාම මන් අල්ලන් ඉන්නම් ඒත් ඔය කියන දරාගැනීමේ සීමාවෙ උපරිමේ ඉන්න මන් හැගීම් එක්ක කොච්චර කාලයක් අල්ලන් ඉදීවිද කියන්න මන් දන්නෑ .

" ස්නේහ අ අම්මා බලන් ඇති නේද "

මගේ වචන එක්ක සිහියට ආවා වගේ ස්නේහ ඩ්‍රයිව් කරන්න ගත්තා .එතනින් නතර උන කතා බහ තව කොච්චර කාලෙකට කොතනින් කොහොම පටන් ගනීද කියන්න මන් දන්නෑ .

මේ විනාඩි දහය ඇතුලත අපි දෙන්නගෙන් කිසිම කෙනෙක් කතා කලේ නෑ. මගේ ඇස් ශටර් එකෙන් එලියෙ අපිට පාස් වෙන බිල්ඩින් ගස් වාහන වලට නතර උනත් ඇස් කොනෙන් මට පේනවා ස්නේහ ඩ්‍රයිව් කරන්නේ ඉස්සරහ බලන් උනත් මොන මොනවදෝ දේවල් ගොඩක් කියාගන්න බැරුව ලතවෙන ඇස්වලින් සැරින් සැරේ ඒ ඇස් මන් ලග නතර උනා.

වාහනේ නතර උනාමවත් මන් කෙලින් ස්නේහ දිහා බැලුවෙ නෑ .ඒකට හේතුව එයාගෙ ඇස් කෙලින් බලනකොට එයා අවේගෙන් මගෙ තොල් පටලගත්ත වෙලේ ඒ ඇස් වල තිබ්බ හැගීම් .කොච්චර මොන දේවල් උනත් ඒ ඇස් ඉස්සරහ රතු පාටට ලේ බැහැල රත් වෙන මගේ මූන අද දවසට මන් හංගන්න උත්සහ කරත් ඒක අසාර්ථකයි කියන්න මන් හොදටම දන්නවා .

ස්නේහගෙ අම්මව මන් කලින් දැකලත් නෑ එයා මාව අඩුම අදුරන්නෙවත් නෑ .හිතටත් ටිකක් අමුතුයි වගේ . පැසෙන්ජර් සීට් එකෙන් බැහැලා කා එකේ දොර ඇරන් මන් බහිනකොටත් ස්නේහ බැහැල මන් එනකන් වගේ නතරවෙලා හිටියා .
මන් ඒ ඇස් මගෑරල එයා ලගට අඩියට දෙකට ලං උනාම උනේ මාව ආයිම රත්වෙලා ගිය එක .
මන් ගිය සැනින් එයා මගෙ අතින් අල්ල ගත්තා .
මේ දේවල් වලින් වෙන්නේ මාව මගෙ ඇතුලෙම අතරමං වෙන එක .එකපාරක් වත් පිටිපස්ස නොබල එයා මාවත් ඉස්සර කරන් ගිහින් නතර උනේ ෆ්ලැට් එකක් ලග . පේලියට තියපු snake plant පෝච්චි වල අන්තිම පෝච්චිය ලගින් උඩට තීන පඩිපෙල දිගේ යන්න ගියත් ස්නේහ මග නතර උනා .මමත් එයාට පහල පඩියෙ නතර උනේ .

" නේහ !! පුතා ඔයා ඉක්මනටම ඇවිල්ල ඔහොන්මම බහින්න මන් බෑග් ඔක්කොම ගත්තා ."

' දෙන්න මන් එකක් ගන්නම් '

ස්නේහගෙ අම්මගෙ කටහඩ ඇහුනත් මූන පෙනුනෙ ස්නේහ බෑග් එක ගන්න පහත් උනාම. මූන හරි ලස්සන හිනාවක් තියාගෙන හිටියේ මාව දැක්කම ආගන්තුක හිනාවක් මට දුන්නම මමත් තොල් අදින ගමන් හිනා උනා .
එයාගෙ මූන හරි ආදරණීයයි .සමහර මිනිස්සු ඉන්නවා ලස්සන නෑ ඒත් එයාලට අහේතුකව බැදෙන්න පුළුවන් ආදරනීය පෙනුමක් තීනවා .උරහිසේ ගෑවෙන්න තිබ්බ කොන්ඩෙ එක්ක එයාට තිබ්බෙ ගොඩක් තරුනකමට ලග මැදිවියේ පෙනුමක් .එයාගෙ ඇහිබැම් ස්නේහගෙ වගේමයි .හැබැයි ආන්ටිගෙන් කියල ස්නේහට ඇවිත් තීන්නෙ ඒ රූප ලක්ශනේ විතරයි .අනිත් ඔක්කොම අරවින්ද අන්කල්ගෙ තමයි.
බෑග් අරගෙන එන ස්නේහගෙ අම්මයි ස්නේහගෙයි ඉස්සරහින් මන් එන්න ආවේ ඒ කල්පනාවෙන්.එතකොට අම්ම කියන්නෙ "නේහ" කියල .අනේ ඒක !!!

" පුතා මේ ස්කූල් එකේ යාලුවෙක්ද ? .මම කලින් දැකල තීනවද ? "

ප්‍රශ්නෙ ස්නේහගෙන් ඇහුවත් එයා ඒ ගමන් මන් දිහාත් බැලුවා .

' අපේ ක්ලාස් එකේ නම් තමා ඒත් අම්ම කලින් දැකල නෑ . '

" අහ් ඒකනේ ...ඉතින් පුතා නම මොකක්ද !"

' සහස් ආන්ටි '

මන් දන්නෑ ඒක එහෙම කිව්වෙ ඇයි කියන්න නම් ඒත් ආන්ටි ස්නේහට නේහ කියන නිසා මටත් හිමංස නොකියා සහස් කියල ආන්ටි කියනවනම් කියල මට හිතුනා.
කා එක ලගටම ඇවිත් .මන් කිව්ව එකට ස්නේහනම් පුදුමෙන් වගේ මූන දිහා බැලුවෙ සහස් කිව්ව එකට වෙන්නැති .

" ම්... ම් ....ම්  සහස් පුතා ඔයා පැසෙන්ජර් සීට් එකේම යමු එහෙනම් ."

' අනේ නෑ ආන්ටි මන් පිටිපස්සෙ එන්නම් බෑග් ටික දෙන්නකො'

ආන්ටිගෙ අතේ තිබ්බ බෑග් එක පිටිපස්සෙ සීට් එකේ කොනෙන් දාලා මන් පස්සට උනාම ස්නේහ එයා අරන් ආව එකත් ඇතුලට දැම්මම මන් සීට් එකට ගිහින් දොර වැහුවා.
ස්නේහල සීට් එකේ වාඩි උනාම ආපහු සැරයක් හැරිල මගෙ මූන දිහා බැලුවා .
ස්නෙහ මේ කරන දේවල් වලින් කලබල වෙන මගෙ හිත අන්තිමට කන් වලට ලේ බස්සනවා .

' අම්මේ මහන්සි පාටයි මූන.

" අද වෝඩ් එකේ ඩොක්ටර් කෙනෙක්ගෙ බර්ත් ඩේ එකක් දවස් දෙකක් ඩොක්ටර් ගානෙ ට්‍රිප් එකක් ඇරේන්ජ් කරල .පේශන්ලා නැති වෝඩ් නම් කමක් නෑ .බලන්න පුතා උගත් උනත් කරන වැඩ . සතුටු වෙන්න දෙයක් කරන්න ඕනෙම නම් වැකේශන් අල්ලල කරන්න පුළුවන් .මේ දවස් වල වෛරස් එකක් යනවා .වෝඩ් පිරිලා .ඒ අස්සේ මේක දාගත්ත එක නම් මට කේන්ති .මම මේ දවස් දෙකක්  නිවාඩු ගත්තේ තාත්තාගෙන් බේරෙන්න බැරි කමට .ඒත් අද ආවත් මගෙ හිතට මොකක්ද වගේ පුතා. "

' අම්මේ සතියක් ඉන්නවා කියලනෙ ප්‍රොමිස් උනේ .දැන් ! අනේ මන්දා අම්ම කියන කොට කොහොමද .!
දැන් යං අම්මට නම් කිව්වට වැඩක් නෑ .'

"  පුතා ඔයා තවත් උස ගිහින්ද මන්දා . මේ ලමයි බලන් ඉද්දි ලොකු වෙනවා වගේ .අවුරුද්දට ආවත් හරි මන් මේ ඊට පස්සෙ නේ දකින්නේ . මේ පුතා සෙනායා දුව අනේ කෙල්ලව මට නිතර මතක් උනා . කෝල් එකක්වත් ගන්න බැරි උනා."

' ම්ම්ම් ගියාම හම්බෙන්නකො . '

ආන්ටිගෙයි ස්නේහගෙයි කතාව යාලුවො දෙන්නෙක්ගෙ වගේ .
මම කිසි දෙයක් නොකියා එයාලගෙ 
කතාව අහන් හිටියා .
දන්නවද හැගීම් කියන ඒවා තීන තරමක් රිද්දනවා .ඉරිසියාවක් නෙවෙයි .ඒත් මගෙ හිතේ ආන්ටි සෙනායා ගැන අහද්දි හිත ඇතුලෙ නොදන්න තැනක් ලොකු රිදිල්ලක් දැනුනා.මන් හිතපු ලෝකෙ නිකන් හීන මාලිගාවක් වගේ . හැමදේම අමතක කරන්න හදපු එක ! දැන් හිතෙනව ඒක වෙන්නැති මන් ගත්ත හොදම තීරනෙ කියල.

ඒත් !,

මට පේනවා ස්නේහ මිරර් එකෙන් මගෙ ඇස් දිහා කෙලින්ම බැලුවා .හරියට හිත කිවෙව්වා වගේ .මට රිදුනා කියල එයාට දැනෙනවා ද !  .එයාගෙ ඇස් හම්බුන ගමන් මන් ඉක්මනින් අපේ ඇස් එකට පැටලෙන කලින්ම ශටර් එකෙන් එලිය බලාගත්තා .
ඉතින් අමාරුවෙන් හදාගන්න හදන හිත ! හංගන්න හදන හැගීම් ! මේ දේවල් එක්ක එයාම ආයි මාව අතරමං කරේ එක බැල්මකින් .

පැයගානක් යන්නැති මට ඇහැරෙනකොට ස්නේහලගෙ ලේන් එකටත් ඇවිල්ලා .මන් නිදිගැට කඩන ගමන් නිදිමත බේරෙන ඇස් වලින් ඉස්සරහ බැලුවා .ආන්ටිත් තාම නිදි .ස්නේහ නම් වෙනසක් නෑ .ඉස්සරහ බලන් .

" නිදි කුමාරයා නැගිට්ටද !? "

ඔන්න ආයිම .! හදවත එක්ක ස්නේහගෙ වචන එක්ක මොකක් හරි බැදීමක් තීනවා .ඒක මන් දන්නවා .ඒත් මෙච්චර.. එක වචනයක් ඇති ඒක ගැහෙන රිද්මෙ වෙනස් වෙන්න තරම්.

' ම්ම් ස්නේහ ඇයි හෝල්ට් එක ලගදි ඇහැරෙව්වෙ නැත්තේ !? මන් ආපහු තකහනියක් යන්න ඕනනෙ . '

" මන් එක්කන් ආවේ මට ඕන තැනින් බස්සන්න . ඔයාට ඕන තැනින් බහින්න නම් බැරි වෙයි "

'  ස්නේහ විහිලු නෙවෙයි . කලුවරත් වැටිලා '

" මාත් විහිලු කරා නෙවෙයි . ඉන්න ටිකක් ඔච්චරටම හදිස්සිද මාව දාල යන්න ම්ම් ?! "

දීගන්න උත්තර නැතිවෙන ප්‍රශ්නයක් අහල ස්නේහ වාහනේ එයාලගේ ගේ ලගටම අරන් ඇවිල්ල තිබ්බගෙන් මන් අසරණ නොවී බේරුණා.

" අම්මේ නැගිටින්න . "

ආන්ටිගෙ බෑග් ටිකයි හෑන්බෑග් එකයි ඔක්කොම ස්නේහම එලියට අරන් දුන්නම ආන්ටි ගේට් එක ලග නතර උනා. මන් බායි කියන්නද නැත්නම් වෙන මොකක් හරි කියන්න ඕනෙද !?

' සහස් පුතා අද මෙහේ ඉදී කියල මන් හිතුවෙ . නේහ කියනවනෙ අහන්නැතුව නතර කරගන්න බෑ කියල. අපි අහන්න ගියත්  පුතා නිදන් හිටිය විදියට ඇහැරවන්න ලෝබ හිතුනා. අනිද්දට එන්න  හොදද '

කිව්වා එක්කට ලැජ්ජාවෙන් හිනා උනා මිසක් දෙන්න ඕනෙ උත්තරේ මට හිතාගන්න බැරි උනාම මන් ස්නෙහ දිහා බැලුවා.

' අම්මේ මන් සහස්ව එහෙනම් ගෙදරින් ඩ්‍රොප් කරල එන්නම්. '

"' යන්නම් ආන්ටි . පස්සෙ හම්බෙමු එහෙනම් "'

' හරී අනිද්දා එන්න එහෙනම් '

මන් ආන්ටිට සයිඩ් හග් එකක් දීලා වාහනේ පිටිපස්සෙ නගින්න ගියාම පිටිපස්සෙන් ආව  ස්නේහගෙ කටහඩට නතර උනා.

" දැන් පැසෙන්ජර් සීට් එකට වරෙන් "

මන් මුකුත් නොකියා හිතේ එන හිරියක් එක්කම දෙගිඩියාවෙන් සීට් එකේ වාඩි වෙලා දොර වහගත්තාම ස්නේහත් වාඩි වෙලා ඩ්‍රයිව් කරන්න ගත්තා.

"' ඇයි අනිද්දා එන්න කිව්වේ ? "'

" මමද එන්න කිව්වේ අම්මනේ ඒක අම්මගෙන් අහපන් ඉතින් "

"' අහන්න වෙලාවක් තිබ්බැයි ඔයා ඇදන් වගේ එක්කන් ආවනෙ "'

" හරි හරි අනිද්දා ආවම කතා කරගනින් ඇති වෙනකන් "

"' ඉතින් මන් එන්නම් මොකක්ද කියන්නකො විශේශෙ ? "'

" ඒක ආවම බලාගනින් . "

එතනින් එහාට අහන දෙයකට උත්තර නැ කියල තේරුන නිසා මන් කටපියාගෙන ඉස්සරහ බලාගත්තා .

ස්නේහ හිතල හරි නොහිතා හරි කියන මේ දේවල් එයාට වචන වලින් අංශුමාත්‍රයක් විතරක් වෙන්නැති . ඒත් එයාම දීපු හේතුවකට හුස්ම ගන්න තීරණය කරපු මට එයාගෙ වචන වල තීන්නේ මෙච්චරයි කියල කියන්න බැරි තරම් දෙයක්.!

ඇස් පියාගන්න හැම වෙලේකම මැවුන අප්පිරිය මනුස්සයා වෙනුවට මට දැන් පේන්නෙ ස්නේහව ස්නේහගෙ තොල් එයාගෙ ඇස් කලබලෙන් මගෙ තොල් වල පැටලුන විදිය  මේ හැමදේම .
විනාඩි දෙක තුනකට සීමා වෙච්ච ඒ දේ අද සමාජෙ විදියට ආදරේ කියන හැගීම නිසාම උන දෙයක් කියල හිතන්න තරම් මන් බොලද නෑ .
ඒත් එයාගෙ වෙලාවෙන් වෙලාවට මේ හැසිරීම් වෙනස් කරන විදියට හිතාගන්න බැරි ප්‍රහේලිකාවක් !

ගිම්හාන කාර්තුවේ ඉඩෝරෙකට අහුවුන වේලුන කොලයක් වගේ හුලගට ගහන් යන මගේ හුස්ම මන් හිතුවෙ අද අන්තිම වතාවට ගන්නවා කියල.
ඒත් මන් මුලු හිතින්ම හැගීම් වලින් විතරක් වැලදගත්ත පන ගැහෙන හිස් හදවත ඇතුලෙ මුල් බැහැගත්ත හැගීම් වල අයිතිකාරයා දුන්න එකම වචනයක් විශ්වාස කරල තව කාලයක් අවකාශෙ එක්ක හුස්ම මාරු කරගන්න තීරණය කරා .ඒත් හුස්මගත්ත පලියට ජීවත් වෙන්න පුළුවන්ද !?
අද දවස මන් හිතන්නේ දෙවියො දුන්න දෛවයට පටහැනි දවසක් වෙන්නැති .ඒකනෙ මගෙ හිත ආත්මෙ සතුටින් ! පුදුමයක් නෙවේද ! අන්තිමට සතුටු උනා කියල දවසක් මගේ මතකෙ ඉතුරු වෙලා තීන මතක වල නම් නැති තරම් !
බාප්පගෙ වියරු ආසාවෙන් පිරිච්ච ඇස් මන් අමතක කරන්න ගියත් මන් යන්නෙ ගෙදර නේද කියල මතක් වෙනකොට මනස පුරාම ඒ දේවල් උඩුදුවන්න පටන් අරන්.
අද දවස ඇතුලත ගෙවුන හැම තත්පරයක්ම මන් අමතක කරන්නම් කිව්වත් ඒක කරන්න තියා හිතන්නවත් මට අමාරුයි .!
අද දවස මන් මේ නැවතුමක් නැතුව දුවන ගමනට ලාවට වැටුන වතුර පොදක් විදියට හිතේ තියාගන්නම්. හරියට ගිම්හානෙ එකම එක හීතල හුලං රැල්ලක් වගේ .

* ටක් ටක් *

ශටර් එකේ එලියෙන් තට්ටු කරන්නෙ කවුද !? ඒත් ඒ මොන විකාරයක්ද පාරේ යන වාහනේකට ? මගෙ ඔලුව විකාර වීගෙන එනවද .මන් හැරිලා ස්නේහ දිහා බැලුවත් සීට් එකේ ස්නේහ නෑ .වාහනේ ඩ්‍රයිව් කරන්නෙ කවුද !?
අකුණක් ගැහුවා වගේ මන් ඉස්සරහ බලද්දි ! දෙය්යනේ ගෙදරටම ආවද ! එතකොට එලියෙ ඉන්නෙ ස්නේහද ? ලැජ්ජ වෙන එකේ සීමාවක් නෑ . මන් සීට් බෙල්ට් එක ගලවලා දොර ඇරන් එලියට එද්දි ස්නේහ අත් දෙක හරහට බැදන් ඉන්නවා .
මගේ මූනට ආයිම ලේ බහින්න වගේ .මේක නම් මාරම වදයක් වීගෙන එන්නේ. මන් ස්නේහ දිහා ඔලුව උස්සල බලනකොටත් කන්න වගේ බලාගෙන ඉන්නවා.

" ම්ම් තෑන්ක්ස් ස්නේහ හැමදේටම ! සොරි මන් කල්පනාව පිට හිටි නිසා ගෙදර එනකන් දැක්කේ නෑ .නැත්නම් හෝල්ට් එක ලගින් බහින්න තිබ්බනෙ . නිකන් කරදර වෙලානෙ . මන් එහෙනම්.... යන්නම් "

' ඔහොම ඉන්නවා පොඩ්ඩක් '

ගෙදර ඉස්සරහම නිසා මන් බැලුවේ ආච්චිඅම්මල ආවද කියලවත් ඒත් පේන්න කවුරුත් හිටියෙ නෑ .ඒත් මන් බලල ආයි ස්නේහ දිහා බලන්න හැරෙන කොටම එලියට ආවේ බාප්පා.
මෙච්චර වෙලා තිබ්බ හැම සැනසීමක්ම සතුට කියන වචනෙ ගත්ත හුස්ම එක්කම අමතක උනා වගේ .මන් එකපාරම නොදැක්ක ගානට ස්නේහගෙ මූනට හැරුනා.
ස්නේහත් බාප්පා ඉන්න බව දැක්කා.ඒ බලල ආයිම මන් දිහාවට හැරුනෙ කිසිම ගානක් නැතුව.අඩුම හිනා උනේවත් නෑ බාප්පා එක්ක.

" ඇ ඇයි ස්නේහ ..ම්ම් බාප්පත් බලයි මොකද කියල "

' හරි උබව මෙතන කිස් කරන්න යන්නෑ .අනිද්දා අනිවාරෙන් වරෙන් '

" හ් හා එන්නම් . ඔයාගෙ බර්ත්ඩේ එකද ස්නේහ ? "

'  ආවම බලාගනින් . '

ස්නේහ එහෙම කියාගෙන අඩියක් මන් ලගට ඇවිත් කොන්ඩෙ එකපාරක් අවුස්සලා .හිනා නොවීම එහාට ගිහින් කා එකට නැග්ගා .
අද දවසට මෙහෙම අමුතු දේවල් උන පලවෙනි පාර නොවුනත් හෙන හතක් වැදුන ගානට මන් ඒ විදියට එතන .
ස්නේහ වාහනේ අරන් ගිහින් විනාඩි ගානක් ගියාම කෙල ටිකක් අමාරුවෙන් ගිලගෙන මන් ගෙදර  පැත්තට හැරුනා.
බාප්පා තාමත් ස්තෝප්පුවේ තීන වේවැල් පුටුවේ වාඩි වෙලා මගේ උඩ ඉදන් පල්ලෙහාටම ඇස් අරන් ගියා.
ලස්සන හීනෙක හිටිය මාව ආපහු වතාවක් හීනෙන් අවදි උන ගානට බය වේදනාව පිරිච්ච මතක එක්ක මන් අඩියෙන් අඩිය ගේ ඇතුලටම ගියේ මන් දිහා මාරාන්තික බැල්මකින් බලන් ඉන්න් බාප්පාව නොදැක්ක ගානට.

අද දවසටම මට ෆෝන් එක අතටගන්න හේතුවක් තිබ්බේ නැ. වෙලාව බලන්න දෙතුන් පාරක් ඔන් කරපු ස්ක්‍රීන් එකේ වැඩකරන සිම් එකක් දාලා තිබ්බත් ඩේටා ඕෆ් කරල තිබ්බේ කිසිම හේතුවකට සතුට කියන අකුරු තුනට කිසිම විදියකින් කදුලු එකතු නොවෙන්න ඕන නිසා .ඒත් මන් අකැමැත්තෙන් උනත් ජීවත් වෙන යථාර්ථයෙන් පැනල යන්න බෑ .
කාමරේට යන්න ගියත් සාලේ සීයාඅප්පච්චි හිටිය නිසා මන් ටිකක් නතර උනා.

" චූටි මහත්තයා වාහනේ ආවෙ ඔයාද !? බලන්න කියල ගිය එකා  තාම ගෙට ආවේ නෑ !? "

' අහ් ඔව් සීයාඅප්පච්චි මන් යාලුවෙක් එක්ක ආවේ '

"' අපේ මහත්තයා...... !! කවුද ??? "'

" චූටි මහත්තයනේ. යාලුවගේ වාහනේ ඇවිත් තීන්නේ. "

' සීයාඅප්පච්චි මහන්සි මන් යන්නම් කාමරේට '

" හරි කොල්ලෝ .මේ ඔය යන්න කලින් මට ටීවී එකේ රිමෝට් එක මෙතන්ට දීගෙන පලයං......... චූටි දුව යන්න කුස්සියට ආත්තම්මට කියල සුප් එක පොවාගන්න. "

මන් ටීවි එකේ රිමෝට් එකත් දීලා කාමරේට ගිහින් ඇතුලෙන් දොර ලොක් කරගත්තා. මන් නාගෙන ඇදේ වාඩිවෙලා ගැස්සෙන හිත එක්කම ඩේටා ඔන් කරා .
මන් බලාපොරොත්තු උනා වගේම මැසේජ් එකක් හැබැයි ෆොටෝ එකක් නෙවෙයි .ඒකත් උදේම .

+94*********
උබ ඇබ්බැහියක් ලොකු පුතේ .මන් ගෑනු ඇගකටවත් මෙච්චර ආස වෙලා නෑ.

                                  9.24

ගිය තැනකින් ඉක්මනට වරෙන් මට උබේ සුවද නැතුව හුස්ම හිරවෙන්න වගේ .       

                               4.56

ලොකු එකෝ උබ එනකන් මන් තව කොච්චර බලන් ඉන්න ඕනෙද !
                            
                                      5.21

බයට ගැහෙන පපුව හිතාගන්න බැරි තරම් කලකිරීමක් එක්ක මන් ඩේටා ඕෆ් කරපු ෆෝන් එක කොට්ටෙ උඩට දාන ගමන් ඔලුව අත් දෙකෙන්ම අල්ලගෙන ඇදේ හාන්සි උනේ තාමත් දණහිසින් නවාගත්ත කකුල් දෙක ලාවට පොලවෙ ගෑවෙද්දි.

ඇස් දෙක තදට පියාගත්තා.බේරෙන්න කදුලු නැතුවද ? එහෙමත් නැත්නම් මට ඇඩෙන්නෙ නැද්ද කියන්න මන් දන්නෑ .බයට වැලපෙන හිත අද මොකක්දෝ කියන්න නොතේරෙන හේතුවකට වෙන විදියකට වෙන දේකට කල්පනා අරන් යන්න ලතවෙනවා .
අමාරුවෙන් උනත් පිලිගන්න අකමැති ඇත්ත ,ඇත්ත නොවුනනම් !
අනේ ස්නේහ මගේ උනානම් !! නොවෙන දෙයක් තමයි ඒත් මට හිතන්න හරි පුළුවන් නේද !? අර යටි හිත නම් දැන් ඕනවටත් වඩා දැන් මට බලපෑම් කරන්න පටන් අරන්.

මන් ඇස් ඇරියෙ දොරට ගහන සද්දෙයක් එක්ක .අනේ බාප්පා නම් වෙන්න එපා !! මන් ඉල්ලන්නෙ එච්චරයි .
මන් ආයිම ඇදේ වාඩිවෙන ගමන් අවුල් උන කොන්ඩෙ අතින් හදාගත්තා .

" චූටි මහත්තයා කන්න එන්න පුතේ "

අනෙහ් ආච්චිඅම්ම

"' අ ආ මන් එන්නම් ආච්චිඅම්මේ "'

එහා මෙහා උන බෙඩ්සීට් එක අතින් හදලා .මන් කාමරෙන් එලියට ආවා.එනකොට සාලේ බාප්පා ලොකු නංගිගේ පොතක් අතේ තියාගෙන. මාව දැක්කේ නෑ . ලොකු නංගි මාව දැකල කතා කරාම මාව ගැස්සුනේ එයා කතා කල නිසා නෙවෙයි එයා කතා කරනකොට පොත දිහාබලන් හිටිය බාප්පාගෙ ඇස් මන් දිහාවට හැරෙනකොට .

' ඔහ්හ් අය්යේ මන් හිතුවෙ ආයි ඔයාව දකින්න වෙන්නෙ අනිද්දා කියල '

" එ ඇයි නංගි "

' නෑ .හෙට අපි ට්‍රිප් එකක් යනවා ස්කූල් එකෙන්.  '

" අහ් කොහෙද යන්නේ "

' එක දවසයිනෙ අය්යේ සෆාරි යනවා කිව්වා තව ඒ ගමන් උණු වතුර ලිං බලන්න යනවා කිව්වා .තව මොන මොනාද පන්සලක් .නම මතක නෑ . '

" ම්ම් පරිස්සමෙන් ගිහින් එන්න එහෙනම්. "

' ගේන්න ඕනේ මොනාද !?? නූලක් '

ලොකු නංගි හිනාවෙන ගමන් ඇහුවත්  අර මනුස්සයා ඉන්න තැනක හිනාවෙන්න නම් මට කොහෙත්ම විහිලුවක් වගේ .නංගිට වෙනසක් නොපෙන්වා අමාරුවෙන් හදාගත්ත හිනාවක් එක්ක මන් කුස්සියට යන්න හැරුනත් අර ජරා ඇස් වලින් ඒ විනාඩි ගානටත් මන් දිහා බලන් හිටියෙ ඇස් වලින් මගෙ ඇගෙම ලෙවකන තරම් අප්‍රසන්න විදියට .

රෑ කෑම මේසෙ ඉදන්ම අරන් .හැමෝටම කලින් මන් කෑම කාලා ඉවරවෙලා මන් කාමරේ ඇවිත් දොර ඇතුලෙන් ලොක් කරගත්තා.
දැන් කොහොමටවත් එයාට ඇතුලට නම් එන්න විදියක් නැ . සැනසුම් සුසුමක් නොවුනත් බයට ගැහෙන ගමන් තිබ්බ පපුව පුරවගෙන බර හුස්මක් පිටකරල මන් කාමරේ කර්ට්න් සම්පූර්ණයෙන්ම ඇරියේ ගස් අස්සෙන් පෙරිලා කාමරේට ලාවට හද එලිය වැටෙන්න.

වෙනදට කදුලු එක්ක මගෙන්ම එන අප්පිරිය හැගීමකින් ඇදේ පෙරලෙන්න උන මන් අදත් ඒ දැනෙන අදුරු හැගීම නැතුවම නෙවෙයි ඒත් හිත පිරිච්ච හැගීමකින් මන් පොත් මේසෙන් වාඩි උනේ පැයගානක් පාඩම් කිරිල්ලකට හිත හදාගෙන.

එලාම් එක වදින සද්දෙට ඇස් ඇරියත් පපුවෙන් දැනුනෙ ලොකු රිදිල්ල්ලක්.
ඇස් ඇරියම තේරුනේ.මන් මේසෙ උඩ පොතුත් පෙරලිලා තීද්දි එහෙන්මම නින්ද ගිහිල්ලා . මේසෙ දාරෙට තදවෙලා පැය ගානක් හිටි නිසා ඇදුම් කන තරම් රිදිල්ලක් ආවා.

ඊයෙත් ස්කූල් නොගිය නිසා සපත්තු දෙකත් හෝදන්න වෙන්නෙ දැන්.අදනම් පරක්කු වෙලා තමයි යන්න වෙන්නෙ.මේසෙ අස් කරල බෑග් එකත් ලේස්ති කරල ගෙදරින් එලියට බහිද්දි හතයි.හතයි දහයේ බස් එකත් තව ටිකෙන් මිස් වෙනෝ. අන්තිමට ෆුට්බෝඩ් එකේ යාන්තං කකුල තියාගෙන බෙල් එකත් ගහල තීද්දි ස්කූල් එකට ගියේ.

ග්‍රවුන්ඩ් එකේ නම් තාම පොඩි කොල්ලො පිරිලා . බෙල් එක ගහල නිසා මන් අඩිය ඉක්මනට තියලා ක්ලාස් එන්න එනකොට කොරිඩෝ එකෙත් සෙනග . දුර තියා මන් දැක්කේ සෙනායව .ඒත් උඩ පැන පැන මොකක්ද කරන්නේ ? මන් ලගට ආවම සෙනාය පැනලා මාව බදාගත්තා .

" හේ සෙනායා මොකෝ මේ ආහ් පොඩි එකෙක් වගේ "

' අනේ මගෙ සුදු අය්යේ ඊයේ මොකද උනේ ෆෝන් ආන්සර් කරන්නෙත් නෑහ් කෝලම . මොකද උනේ ? '

" නෑ මේ මන් පෙරේදා ගෙදර යද්දි ටිකක්  උණ වගේ තිබ්බා.ස්කුල් එන එක හරි නෑනෙ එහෙම තියන්.හැබැයි ඊයෙ අඩුවෙලා ගියා.ඒකනෙ ආවේ අද "

' ම්ම් හොදනම් කමක් නෑ . අද ක්ලාස් එනවනෙ නේ '

" ඔව් ඔව් . මේ මොකක්ද අනේ ඉස්සෙල්ලා උඩ පැන පැන කරේ "

' ඇයි දැක්කෙ නැද්ද අර පිස්සු හෝහපුටුවා කර කර හිටිය අසමජ්ජාති වැඩේ . '

ඒ කතාවටනම් මතක් උනේ සෙනූව .මල්ලි තරම් නැත්තත් සෙනායගෙත් හිටි ගමන් කටට එන වචන කොහෙන් එනවද මන්දා .
මගේ හිනාවට සෙනායට කේන්තිත් ගියා.

" හෝහපුටුවා අර දේවින්ද ඒ මිනිහට නම් ඇත්තටම ඇම්මක් තීනො මොකක් හරි .ඊයෙ පුදුම මල වදයක් දුන්නෙ තමුසෙ ඉන්න පුටුවට ඇවිල්ලා ස්නේහත් නෑනෙ .... මේ පාන්දර මගේ ලේ රත් කරනෝ රිබන් එක ගලවගෙන බලනො පෝනි ටේල් එක ආයිම දාන්න දැන් පලයංකො වොශ් රූම් .
අනේ අය්යේ අර උඩ තීන රිබන් එක අරන් දෙනෝකො උස මදී . "

' ආහ් .. වොශ් රූම් යන්නේ මොකටද ඔන්න ඕක නිකන් ගැටගහගන්න සෙනායා . බෙල් එකත් ගහල නේ . '

මන් රිබන් එක දුන්නම් සෙනාය අතින් කොන්ඩෙ එකතු කරන ගමන් මගේ පිටිපස්සෙන් ආවා . මන් බෑග් එක පුටුවෙන් තියන ගමන් ලාවට වගේ ස්නේහ ඇවිත්ද කියල බලන්න ඒ පැත්තට ඇස් යවන්න හිතුනෙ එලියෙ කොරිඩෝ එකේවත් ගේට් එක ලගවත් හිටියෙ නැති නිසා .
ඊයෙ උන ලැජ්ජාව මදිවට අද උදේම ආයිම ලැජ්ජාව මදි නැතුවම හම්බුනා .මන් ඒ පැත්තට හොරෙන් ඔලුව හැරෙව්වත් ඒ වෙනකොටත් ස්නේහ බලන් හිටියෙ මන් දිහා .
කකුල් දෙකම ඉස්සරහ ඩෙස්(ක්) එකේ තියාගෙන පුටුවට හේත්තුවෙලා උකුල උඩ පොතක් පෙරලගෙන .මරු ප්‍රිෆෙක්ට් .
එයා මන් දිහා බලන් හිටියට මන් එයා දිහා නොබැලුව ගානට මන් සෙනාය ලගට ගියා.

" ආව් ආව් ආව් අනේහ් ආය්යේ මගේ කොන්ඩේ පැටලිලා . අනේ කොන්ඩේ කැඩේවී අනේ බලන්නකෝ "

කෑගැහිල්ලට ගැස්සුන්නෑ කිව්වොත් නම් බොරු . හැබැයි වෙලා තීන්නෙ පැටලිල්ලක් නෙවේ . පටලගැනීමක් .

' දේවින්දයා කොන්ඩේ අතෑරපන් නංගිගෙ '

" යැයි යැයි උබ ඉදහන් හිමංස දෙන්නැතුව . "

' තමුසෙට මම ...... '

අමාරුවෙන් එකතු කරගත්ත කොන්ඩෙ ආපහු අතෑරල දේවින්දගෙ ඔලුවට ගැහුවෙ පිස්සු හැදිච්ච කෙල්ලෙක් වගේ .

' දේවින්ද අයිසේ මේ මන් තමුසෙට තේරෙන සිංහලෙන් කිව්වා .ආයි නම් මන් කිය කිය ඉන්නෑ හොද වැඩක් කරනො .මොන කරුමයක්ද මෙහ් '

"' ඇයි ඇයි ඔයාගෙ ප්‍රේම කුමාරයට කියන්නද ? එයාට කියන්න මන් බය නෑ කියල .කෝ ඔයා මෙච්චර කෑ ගැහුවට අඩුම හැරිලවත් බැලුවද නෑනෙ නෑනෙ ."'

' ඒක මන් බලාගන්නම්. මේ වදින්නම් තමුසෙගෙ පාඩුවේ ඉන්නවද පරාල ඇණයක් නොවී. '

" දණගහලද වදින්නේ .ඔයාගෙ වෙන්ඩ ස්වාමිපුරුෂයා නම් කැමති වෙන එකක් නෑ හොදේ. "

"' සෙනායා නිකන් ඉන්න.එයා ඔයාව බොරුවට අවුස්සගන්නේ. ඉස්සරහ හැරෙන්න . ගාථා යනවා ."'

සෙනායා ඉස්සරහ හැරිලා කොන්ඩෙ පෝනි ටේල් එකක් දාගත්තා.
දේවින්ද මෙච්චර වද දෙද්දිත් ස්නේහ කිසිම ගානක් නෑ පොතක් පෙරලන්.සෙනායා ස්නේහ එක්ක ආපහු තරහ වෙලාවත්ද ! අහන්නත් බැ වගේ .


ස්නේහ සෙනායා එක්ක කතා නොකල එකට මට මන් ගැන වරදකාරී හැගීමක් ඇතිඋනා. මොකක්ද උනේ කියල නොදැන උනත් මට දැනුනෙ වැරැද්දක් උනා වගේ දෙයක් .
හැබැයි ඉන්ටර්වල් එක වෙලේ නම් හේතුව දැනගත්තා.ඩිලාන් කිව්වේ ස්නෙහ ඊයෙ දවසම සෙනායගෙ කෝල්ස් ආන්සර් කරල නෑ.
ඒක දවසම මගේ හිතේ මහ වද දෙන ප්‍රශ්නයක් උනා.ස්නේහ කොල් ආන්සර් නොකරේ ඇයි !? සෙනායා අවුලෙන් නෑ කියල ස්නේහ ඉන්න තැන් වල පෙන්නන්න හැදුවත් මට තේරුනා සෙනාය මාරම අවුලෙන් හිටියෙ.
සෙනාය අප්සට් එකේ ඉන්නෙ මන් නිසා උන දෙයක් නේද කියල මට හිත කියන්න ගත්තා.
ඒ එක්කම ඊයෙ උන දේ .ස්නේහ මාත් එක්ක හිටිය විදියට විනාඩි දෙක තුන උනත් එයා සෙනායට වගේම මගෙ අතින් සෙනායට උනෙත් වැරැද්දක් .
ප්‍රශ්න නැතුවට ද මේ ?  මන් විහින් ඇති කරගන්න දේවල් !

ක්ලාස් පටන් ගන්න කලින් කැෆේ එකට ආවා.වෙනදට වඩා අද සෙනග වගේ .හැමදාම අපි වාඩ්වෙන ටේබල් එකත් නෑ . අන්තිමට හයදෙනාටම එක ටේබල් එකේ ඉන්න උනේ.

' සෙනායා උබ එනෝනේ.මූ එක්ක තරහ උනාට ආන්ටි එක්ක තරහ නෑ නෙ .'

" ඔව් ඔව් ආන්ටි පලි නෑනෙ එක එක අයගෙ වෙස් පෙරලෙන එකට .  මේ තේජාන් අම්මලත් එනවා කිව්වද ? "

"'  ඔව් රෑම ආන්ටි ගෙදරටම ඇවිල්ල කතා කරලා ගියා.  වෙන කාටවත් කියන්නෑ මුගේ යාලුවොන්ට විතරක් කියනවා කියල කියල තීන්නේ ."'

' ආන්ටි කොහොමත් ඇන්ටිසෝශල් නේ .පුතා එහෙම එකේ ඒ වගේ වෙන්න ඕනනෙ '

"'මන් එද්දි පරක්කු වෙයි . නංගිට නෙට්බෝල් ප්‍රැක්ටිස් ඉවරවෙලා එයාව ගෙදරින් බස්සන් තමයි එන්න වෙන්නේ. '"

"" ඒ හිමංස උබත් වරෙන් ආන්ටි අදුරන්නැ නැති උනාට මොකෝ ස්නේහව අදුරනවනෙ . ගියාම අදුරගනින්.මෙහෙම සෙට් වෙන්න චාන්ස් අඩුයි නෙ බොසා . ""

හෙට ආන්ටිගෙ බර්ත්ඩේ එක නිසා එන්න කියල තීන්නේ .ඒත් දැන් මට එන්න කිව්වා කියල කියව්වොත් සෙනායට බොරු කිව්වෙ කියල අහුවෙනො .මන් මන් මොකක්ද කියන්නේ..මට දැනෙන්න මන් ස්නේහ එක්ක හොර ගමනක් ගිහින් ඒක අහුවෙන්න යන ගානට .ඒත් එහෙම නෙවෙයි නෙ .ස්නේහ යාලුවෙක් විදියට මාව එක්කන් ගියා .ආයි මාව ගෙනැල්ල දැම්ම එච්චරයි .ඒත් ස්නේහට තිබ්බා සෙනායට යන ගමන ගැන කියන්න.අඩුම කෝල් ආන්සර් කරන්න තිබ්බනෙ ! දැන් මමයි වැරදි කාරයා වෙන්නෙ . මන් මොකක්ද කියන්නේ !!!!!!!
ස්නේහගෙ දිහා යන්තම් වත් ඔලුව උස්සල බලන්නත් හිතයි කියන්නෙ මොකක්ද කියල අහන්න ඒත් ඩිලානුයි!  කේශානුයි !තේජානුයි !සෙනායයි !
මොන විකාරයක්ද මේ උනේ.

මොක උනත් කමක් නෑ කියල මන් බැලුවෙ ස්නේහගෙ මූන දිහා . එයානෙ මෙතන වැරැද්දක් කරේ .මන් කිව්වේ ..සෙනායට නොකියා ගියේ !

" ඌ දිහා බලන්න ඕන්නෑ අපිනෙ කියන්නෙ.වරෙන් හොදේ ඒනම් "



මන් හා කියන්න ලාවට ඔලුව වැනුවත් හෙට වෙන්න යන දේවල් ගැන හිතද්දි පිස්සු වගේ .ස්නේහට කියන්නද අම්මට කියන්න කියල මාව නොදන්න ගානට ඉන්න කියල !? බෑනෙ .එපාර ස්නේහගෙ අම්ම මොනා හිතයිද ?
ඕන දෙයක් වෙච්ච දෙන් රෑට ස්නෙහට කෝල් කරල කියන්න ඕනෙ.
අනිත් අය ඉස්සරහ බොරුකාරයෙක් වෙන්න බෑනෙ.

පැයගානක් පන්තිය ඉවරවෙලා ගෙදර  යද්දි වෙලාව අද හතත් පහු. අද දවසම තේජාන්ව මගෑරල හිටියත් ඒක එයාට කොච්චර රිදෙන්න ඇතිද ! ඒක ඕනවටත් වඩා අත්දැකීමෙන් මමම දන්නවා .එහෙම කියල බොරුවට බලාපොරොත්තු දීලා එයා රවට්ටන්න බෑනෙ .කොහොමත් හෙට ස්නේහලාගෙ ගෙදර යන නිසා තේජාන්ලහත් ගියාම එයා එක්ක කතා කරනවා . මන් හිතනවා එයා මාව තේරුම් ගනි කියලා.




බාප්පා දුර පැත්තක හයර් එකක් ගිහිල්ල . ගෙදර ගියාම ඒක දැනගත්තම මට දැනුනෙ පුදුම සහනයක්.
ඒත් දැන් ලොකුම ප්‍රශ්නෙ හෙට මොකක්ද කරන්නේ !?
එක්කො නොගිහින් ඉන්නවද ? ඒත් ආන්ටි කිව්ව එකේ ඒක හිතට හරි නෑ වගේ නේ.
කරන්න දෙයක් නෑ .අන්තිමට කල්පනා කරලා විනාඩි ගානක ඉදන් ඩයල් කරන්න හිත දෙගිඩියාවෙන් හිටියත් මන් ස්නේහට කෝල් කරා .




" රෑට රෑට කෝල් කරන එක නම් හොද පුරුද්දක් නෙවේ හිමංස  "








# ඉදිරියට …………

_________________________________


🍁 වෝට් වලට කමෙන්ට් වලට ගොඩාරියක් තැන්කිවු 😽❤

🍁 ඊලග කොටස ඉක්මනටම දෙන්න ට්‍රයි කරන්නම් ❤






___________________________  ✍︎ .









Continue lendo

Você também vai gostar

2.5K 148 13
The scientists that time traveled back in ancient, where the war was on wei wuxian English is not my frist language , this is my sixth book im writi...
41.5K 1.5K 11
What will 2D do when Murdoc finally admits to him about his thoughts. His thoughts of love, life, and death. And his thoughts of suicide. How will S...
288K 34.6K 63
" ම්-මං ඔයා-ගේ ක්-කවුද ජ-න්කූ..." Taehyung තමන්ගේ නළල jungkook ගේ නළල මතින් තියලා තද කරද්දි jungkook Taehyung ගේ කම්මුල් දිගේ පහළට වැටෙන කදුළු කැට ම...
457 78 7
"හැමදාම මගෙ මේසෙ උඩ බාබන්ඩේසියා පොකුරක් තියලා ගියපු හොරාව දැන් මම දන්නවා" "ආ...ඒ කව්ද?" "මම බාබන්ඩේසියා වලට ආසයි කියලා දන්න කෙනෙක් ද කොහෙ" "පිස්සු...