Spirit Angel ♡︎✨️ ( 𝑌𝑖𝑍ℎ𝑎...

By Shen024

1.2K 148 9

මංමුලා වූ මගේ ආත්මයට පාර කියා දුන් ඔහු.... More

පළමු කොටස
දෙවන කොටස
තෙවන කොටස
සිව්වන කොටස

අවසන් කොටස

243 30 5
By Shen024


Spirit Angel ✨️



" නැ.. යිබො.... පපුව එකපාරට... හිරවෙනවා වගෙ දැනෙනවා. "

" ඔයාට අමාරුයිද.... "

" නෑ නැ.... දැන් ටිකක් අඩුවුනා "

පපුව රිදෙන එක අඩුනොවුනත් යිබොගෙ කලබල ඇස් මග ඇරලා මම අහක බලාගනෙ කතා කරා. එයාව කලබල කරන්න ඕන නැ මට.

" අපි යමු බනී... මට හිතෙනවා දැන්ම අපි යන එක හොඳයි කියලා... "

" එත් ඇයි.... "

යිබෝගෙ ඇස් දිහා බලන්න ඉක්මන් නොවුන මම අහක බලාගෙනම එහෙම ඇහුවත්,

" අපි යමුකො.... "

මගෙ අතින් අල්ලගත්ත යිබෝ එහෙම කියලා ඉක්මන් අඩි තියලා ඉස්සරහට යන්න ගත්තා. ඇයි එයා කලබල වෙලා ඉන්නෙ...

ඒවුනත් දැන් මට අමාරුවක් දැනෙනවා... පපුව පැත්තකින් රිදෙනවා වගේම ඇගම පණ නැතිවෙගෙන එනවා වගේ දැනෙනවා.

" බනී...... ඉක්මනට යමු..... තව ටික දුරයි "

" යිබෝ....... "

එයාට මම කතා කරපු එක ඇහුන පාටක් නැ. අපි දැන් ඇවිදිනවා කියනවට වඩා දුවනවා කිව්වනම් හරි. එයා මාවත් ඇදගෙන පාර දිගෙ දුවගෙන ඉස්සරහට ගියා. ඈත ලොකු ටවර් එකක් පේනවා.

" ⁣යිබෝ... මට හරිම මහනසියි... තව ඇවිදගන්න බැ මට.... අනෙ ඇයි මේ යිබෝ... "

මට දුවාගන්න තියා දැන් කෙලින් හිටන් ඉන්නවත් පණක් නැහැ. මම එහෙම කියනවත් එක්කම යිබෝ දුවන එක නතර කරලා මගෙ දිහාවට හැරුනා. එයාගෙ මූන ගොඩක් වෙනස්.. ඇයි ඒ..... කලින් දැක්ක හිනාවෙ සේයාවක් වත් දැන් නැ ඒ මුනෙ.

" බනී.... ඔයාට යන්න කාලෙ ඇවිල්ලා දැන්... "

යන්න කාලෙ.... එ කියන්නෙ මම මගෙ ලෝකෙට යන්නද යන්නෙ.

" හ්ම්ම්.... ඔව්..... ඔයාට පැවරුන රාජකාරිය ඔයා හිතුවටත් වඩා හොදට කරපු නිසා ඔයාගෙ කාලෙ අඩුවෙලා... ම ම... හිතුවෙ... නැ ඔයාව මෙච්චර ඉක්මනට යවයි කියලා "

යිබෝගෙ ඇස්වල කඳුලු පිරිලා.

" යමු බනී.... මගෙ කරට නගින්න අපි අර පේන ටවර් එක ලගට යන්න ඕන දොරටුව වැහෙන්න කලින් "

මට තව වචනයක්වත් කියන්න නොදුන්න යිබෝ මාව කරට අරන් ඒ පැත්තට දුවන්න ගද්දි මම එයාගෙ බෙල්ල වටෙන් අත්දෙකම දාලා යිබෝගෙ උණුසුම් ඇඟට තව ගුලිවුනා. අපිට තියෙන්නෙ තව ටික වෙලාවද.... මම⁣ කොහොමද  එයාව දාලා යන්නෙ. හම්බුන ඉක්මනින් අපිව වෙන් කරන්න හදන්නෙ ඇයි දෙයියනෙ මෙහෙම.

වැඩිවෙලාවක් ගත නොවී අපි ඒ ටවර් එක ලඟටම ආවා.. හරියට කිව්වොත් අපි දැන් ඉන්නෙ ඒකෙ යට.

මාව පරිස්සමෙන් බිමට බැස්සුව යිබො මාව එයා දිහාට හරවගන්න ගියත් පණක් නැතිව හිටිය මාව බිම ඇදන් වැටෙන්න ගියා. එත් ඉක්මන් වුන යිබෝ මාව වැටෙන්න නොදී අල්ලගෙන බිම තණකොල ගොඩෙ වාඩි⁣කෙරෙව්වා.

" මට දැන්ම යන්න ඕන නැ.... යිබෝ.... මට ඔයා එක්ක.... ඉන්න ඕන.... "

හිරවෙන හුස්ම අල්ලගෙන අමාරුවෙන් මම කතා කරෙ අත්දෙකෙන්ම යිබෝගෙ මූන අල්ලගෙනයි.

" ම..ට..... මට..... ඔයාව දාලා යන්න බැ යිබෝ.... අනෙ... මාව යවන්න..... එපා.... "

" ...................... "

මට ඇඬෙන්නැ... මගෙ කඳුලු හිදිලා ගිහින් ද.... මගෙ හිත හොල්ලපු මේ පිරිමි රූපෙ දාලා යන්න හිත හදාගන්නෙ කොහොමද මම. යිබෝ මුකුත් කියන්නැ.... අනෙ ඇයි ඒ.... ඔයාට මුකුත් ම කියන්න නැද්ද යිබො... කතාකරගන්න අමාරුම තැන එයා දිහා බලාගෙනම මං එහෙම හිතුවෙ කදුලු පිරිලා තිබ්බත් එ මූනෙ පුංචි හිනාවක සේයාවක් ඇඳෙද්දයි.

" ඔයාට ඇයි බනී මාව දාලා යන්න බැරි ම්ම්ම්.... අපි හම්බවෙලා එක දවසයි ගෙවුනෙ... ඔයාට ඒ තරමටම මාව දැනුනද බනී... "

" මෙ දැනෙන හැඟිම... වචන... කරන්න.... මම දන්නැ..... යිබෝ... ඒ වුන...ත්... එවුනත්... මට ඔයාව.... දාලා යන්න.... ලෝබයි බෝබො....... "

" බෝබො.......... "

" ඔයා... බනී කියනවා.... වගේ තමයි..... මගෙ බෝබො...ඔයා "

අමාරුවෙන් වුනත් මම එහෙම කියද්දි එයාගෙ මුනෙ හිනාවක් ඇඳුනා.

" එහෙනම් මේක.... මගෙන් මගෙ බනීට හම්බෙන ලාස්ට් මිශන් එක..... ඔයාගෙ ලෝකෙදි මේ දැනෙන හැගීමට නමක් දෙන්න.... ඔයාගෙ බෝබො ඔයාව හොයන් අනිවාර්යයෙන් එනවා එදාට..... අනාගතෙ දවසක මල් වැස්සක් මැද්දෙදි අපි හම්බෙමු "

යිබෝගෙ වචන මගෙ කන්ඇතුලෙ දොංකාර දෙනවත් එක්කම ලොකු එලියක් එක්ක මගෙ ඇස් නිලංකාර වෙලා ගියෙ මාව පාවෙනවා වගෙ හැගිමක් මට දැනෙද්දයි. මට මොකද්ද මේ වෙන්නෙ.... මට.. ලොකු.. නිදිමතක්.... දැනෙනවා.. ඔව්......







"ම්ම්ම්හ්..... "

මුලු ඇගම තලල දාලා වගෙ දැනෙන්නෙ. බරවෙලා තිබ්බ ඇස් අරින්න ගියත් එ පමාවෙන්ම මම ආයෙත් ඇස් පියාගත්තෙ ඇස් කඩාගෙන යන්න තරම් එලියක් ඇස්වලට දැනෙද්දයි. මම කොහෙද මේ ඉන්නෙ.... ටික වෙලාවක් ඇස් පියන් හිටපු මං ආයෙත් හිමිට ඇස් දෙක ඇරියෙ ඒ සුදු පාට එලියට ටික ටික ඇස්දෙක හුරුවෙන්න ඉඩදීලයි.

මගෙ ඔලුව හරවන්න අමාරුයි.. මොනාද මංද මැශින් ගොඩක් මැද්දෙ ඉන්නෙ මම. වටපිට බලන්නත් කලින්ම මට තෙරුම් ගියා මම ඉන්නෙ මෙ හොස්පිටල් එකක කියන්න. එතකොට මම කෝමා එකෙන් ඇහුරුනාද මේ... බොබො....

" ඩොක්ටර්.... පේශන්ට සිහිය ඇවිල්ලා..... "

මම හිටිය රූම් එකෙ දොරත් ඇරන් ඇතුලට එන්න ආවා නර්ස් කෙනෙක් ගෙ ඒ හඩට මාත් ගැස්සිලා ගියා.




දින සති මාස ගෙවිලා ගිහින් ඇක්සිඩන්ට් එක වෙලා හත්මාසෙකුත් වුනා. ඇක්සිඩන්ට් එකෙන් මගෙ ඔලුවට වගෙම කකුලකට තමයි ගොඩක් ම හානි වෙලා තිබ්බෙ. කකුලෙ ඇට කීපයක්ම බිදිලා ගිහින් තිබුනත් ඩොක්ටර්ස්ලගෙ, මමාගෙ ජියේගෙ සාත්තු සප්පායම නිසා මාස හයක් ගෙවෙද්දි ඇවිදගන්න පුලුවන් වුනා මට. ඒත් තාම පයින් දුර ගමනක් යන්න තරම් සුවයක් තිබ්බෙ නැ මට. ඔලුවට වෙලා තිබ්බ ඩැමෙජ් එක ගැන තමයි ලොකුම රිස්ක් එක තිබිලා තියෙන්නෙ. මම දවස් පහක් කෝමා එකෙ ඉදලා. ඩොක්ටර් ලා කියන විදියට මම බෙරිලා තියෙන්නෙ හාස්කමකින්ලු...

මොන දේ වුනත් මේ ගෙවුන මාස ගානට මට එයාව මතක් නොවුන දවසක් නැතුව ඇති. බෝබො....මුලදි මුලදි ඒ ආකර්ශනයක් කියලා හිතුවත් මට මුල් මාසෙ ගෙවෙද්දිම ඒක එහෙම නෙවෙයි කියලා තෙරුනා. මම එයාට ආදරෙ කරනවා... ඒකත් දැකපු මුල්ම වතාවෙන්... ඒ රූපෙ මම දැක්කෙ මීට මාස හතකට උඩදියි.. එත් ඒ මූනෙ එක රේඛාවක් නෑරම මට මතකයි. මගෙ බොබෝ.... අසම්මතයක් වෙන්න ඇති.. අපෙ ර⁣ට වගෙ රටක ඒකට පිලිගැනිමක් නැතිවෙන්නත් පුලුවන්.
එත්.. කාටද පුලුවන් ආද⁣රේට තහංචි දාන්න..

බොබෝට මාව අමතක වෙලා ඇතිද දැන්. ඒකද එයා එන්නැත්තෙ මාව හොයාගෙන. එයාව අඩුම හොයන්න කියලවත් මට තැනක් හිතාගන්න බෑ. කෝමා එකෙ හිටපු මාව එක්කන් ගියපු එයා සමාන්‍ය කෙනෙක් නෙමෙයි කියන්න මම දන්නවා.... එවුනත් මම බලාපොරොත්තු අතෑර ගත්තෙනැ.. යිබො එයාගෙ පොරොන්දුව කඩන එකක් නැ කියලා මට ⁣ලොකු විශ්වාසයක් තිබ්බා.

මම මේ ඉන්නෙ වැඩ ඇරිලා ගෙදර එනගමන්. අම්මගෙ බර බරේ නිසා පයින් ගමන් තහනම් වෙලා තිබ්බ මම හැමදාම ඔෆිස් ආවෙ ගියෙ ටැක්සි වලයි. ඒත් අද ඇයි කියන්න දන්නැ මගෙ හිත කිව්වෙම පයින් යමු කියලයි.

මේ වෙලාවට ටවුන් එක තනිකරම ඇවිස්සුන කඩිගුලක් වගෙයි. මට මෙහෙම ඇවිදන් යද්දි බොබො එක්ක එදා කඩවීදි දිගෙ ඇවිදන් ගියපු හැටි මතක් වුනා. අනෙ එයත් අද හිටියා නම්... එයාගෙ අතින් අල්ලන් මට යන්න තිබ්බ නම්.... ඒක මහ බොලඳ ආසාවක් වගෙ. එවුනත් කවුද අකමැති තමන් ආදරෙ කරන කෙනාගෙ අතින් අල්ලන් ඇවිදින්න.

  කකුලට හොඳ නැති නිසා වේගෙන් ඇවිද්දෙ නැ මම.. ටවුන් එක පහු වෙද්දිමයි පාර්ක් එක හම්බවෙන්නෙ. එ හරියට එනකොටම වගෙ වැස්සක් වැටෙන්න ගනිද්දි මම ඉක්මනට බැග්එක ඇවිස්සුවෙ කුඩෙ එලියට ගන්නයි.

" යාාාාහ්... ඉදල ඉඳල පයින් ආව දවසෙම වහිනවනෙ... කෝ මෙ කුඩෙ.. අහ්.... මේ ඉන්නෙ මැන්ස් "

කුඩ රෙද්දෙ මොකද්ද කොක්කක් පැටලිලා. අපො.... කුඩෙ අරිද්දි මම තෙමිලා ඉවරවෙයි වගෙ.

" මෝඩ බනී.... තෙමි තෙමි යනවා නේද ආ..."

" බ.. නී..... "

ඒ කටහඬ ඇහෙනවත් එක්කම ඉහලන්න හදපු කුඩේ මගෙ අතින් අතැරිලා බිම වැටුනෙත් ඒ කටහඬ ආව දිහාවට මම හැ⁣රුනෙත් එක වෙලාවෙමයි.

" බෝ බෝ........... "

මං හිතන්නෙ මට එයාව දැකලා කැගැස්සුනා. ඒ ශ්‍රනිකෙන්ම මගෙ ඇස්වල කදුලු පිරුනෙ එයා  ටික ටික මගෙ ලගට ඇවිදගෙන එද්දියි. අදත් එදා වගෙමයි.. අපෙ පලවෙනි හමුවීම වුන පාර්ක් එක ගාවදිම එයාව ආයෙත් වතාවක් දකින්න පුලුවන් වෙවි කියලා මම හිතුවෙම නෑ.

" මොකද බනියො.... කාලෙකින් දැක්ක නිසා හග් එකක්වත් දෙන්නෙ නැද්ද මට ම්ම්ම්.... "

මෝඩ තකතිරුවා.... මම මෙච්චර කාලයක් බලන් හිටියා.. හග් කරන්න නෙවෙ මේ බෙන්ච් එක අස්සෙ රොල් කරලා ඔබන්න ඕන.

" යාාාාහ්..... බෙන්ච් එක අස්සෙ ඔබන්න. ඔයා හිතන එවා මට තෙරෙනවා හොදෙ.. අමතක වුනාද හාවෝ.... "

ආාායිශ්.. ඒක කොහොමද මට අමතක වුනෙ. එකපාරට දකිද්දි සතුටක් දැනුනත් අනිත් අතට දුකත් එක්ක දැනුන නොරිස්සුම නිසා මම හිතින් බැනපුවා යිබෝට ඇහුනා. දැන් නම් මගෙ කන්දෙක රත්වීගෙන එනවා දැනෙනවා.... ආාාහ්... මට දැනෙන්නෙ එකපිට එක එන හැගිම් නිසා මාව පුපුරන්න ලංවෙලා කියලයි.

" මගෙ බනී....."

කුඩෙත් පැත්තකට දාපු යිබො තෙමෙන එකවත් ගනන් නොගෙන මගෙ මූන එයාගෙ අත්දෙකෙන් අල්ලගෙන මගෙ ඇස්වලට එබුනා.

" මට සමාවෙන්න ඔයාට මෙච්චර කල් බලන් ඉන්න සිද්ද කරාට.. ඒකට මම හිතුවටත් වඩා කාලයක් ගත වුනා.... අනික නිතියක් කඩපු  නිසා එයාලගෙන් පනිශ්මන්ට් කන්නත් වුනානෙ... එත් මම මගෙ බනීට දුන්න පොරොන්දුව කැඩුවෙ නැ... මම ඔයාව හොයාගෙන ආවා "

" ඒකට කමක් නැ බෝබො.... එවුනත්... ආයෙ ඔයා යන්නැ නෙද..... මමවත් දන්නැ.... බො බෝ... මෙ මාස.. හත.... මම කොහොම... ගෙව්වද කියලා.... ආයෙත් මාව තනිකරන්න... එපා බොබො "

මට ඇඬුනා... යිබෝ නැතුව මට තව ඉස්සරහට යන්න හිතාගන්න බැහැ. එයා ගාවදි මෙහෙම බොලඳ කෙනෙක් වගේ හැසිරෙන එක මට නවත්ත ගන්න අමාරුයි. මම එයාගෙ ආදරේට ලෝබයි...

" ශ්.... සේරම හරි මගෙ බනී... ඔයා මාව එලෙව්වත් ආය යන්නැ ඉතිං..... යන්න ඕන නම් එහෙ ලොකු වලියකුත් අල්ලලා, හැමදේම අතැරලා ඔයා ලගට එන්නැනෙ එහෙනම් මම "

" ඒ කිව්වෙ... මොකද්ද වුනෙ බොබො.. "

කදුලුත් එක අතකින් පිහිද ගත්ත මම යිබොගෙන් එහෙම අහද්දි එයාගෙ මූනට ආවෙ නසරානි හිනාවක්.

" අපෙ නීති වලට අනුව කෝමා එකකින් හරි වෙන මොනාම හරි දේකින් හරි ශරිරෙකින් එලියට ආව ආත්මයක් ආපහු එයාගෙ ශරීරෙට යද්දි එ කෙනා ආත්මයක් හැටියට හිටපු කාලෙ හැම මතකයක් ම මකලා දාන්න ඕන... "

" එවුනත් ඔයා මගෙ මතකෙ මැකුවෙ නෑ.. "

" හ්ම්ම් ඔව්.. "

" එත් ඇයි එහෙම නොකරෙ... ඔයාට දඩුවම් හම්බෙනවා කියලා දැන දැනම.. "

" ඔයා කියන්නෙ මට ඔයාගෙ මතක මකන්න තිබුනා කියලද.... එතකොට හරිද බනී හැමදේම ම්ම්ම්..... ඔයාට මාව අමතක වුනා නම් හරි කියලද කියන්නෙ "

එයාට තරහ ගියාද.....

" නැ... බෝබො..... මම කොහොමද එ මතක අමතක කරල ඉන්නෙ... මාස ගානක් මාව ජීවත් කෙරෙව්වෙම ඒ මතකයි. ඒ වුනත් ඔයාට දඩුවම් ලැබෙනවා කියලා දන්නවා නම්.. මම... කොහොමටවත්... එහෙ.. "

" ශ්ශ්ශ්..... ආදරේ කියලා, අනික් කෙනාගේ සතුට වෙනුවෙන් කියලා ඒක අතාරින එක වැරදියි බනී.. ඒ කෙනා වෙනුවෙන් තමන්ගෙ සතුට කැප කරන එක නෙමෙයි ආදරෙ. ආදරෙ කියන්නෙම ආත්මාර්කාමි හැගිමක්.. ඔයා මගෙ විතරයි කියන හැගිමක්..... දඩුවම් වින්දත් නැතත් මං අද ඔයා ඉස්සරහ ඉන්නවා... එ නිසා පහුගිය දේවල් ගැන දුක් වෙන්න තහනම් ඔයාට මීට පස්සෙ... මම මෙතනට එන්න ආව ගමන ගැන මට කිසිම පසු තැවීමක් නැහැ... තෙරුනා ද මගෙ මෝඩ හාවට ම්ම්ම්.... අද ඉදන්, මෙ දැන් ඉදන් මමත් සාමාන්‍ය මනුස්සයෙක්.... ඔයා වගේම "

එහෙම කිව්ව යිබෝ මගෙ නලලින් එ තොල් තිබ්බෙ ඒ හාදුවෙ සනීපෙටම මගෙ ඇස් පියවෙද්දියි. එයා හරි යිබෝ කියන්නෙම මට ලෝබ හිතෙන හැගීමක්.... මම ඔයාව කවදාවත් අතැරගන්න හිතන්නනෙවත් නැ මගෙ බෝබො. මමත් එයාගෙ ඇග වටෙන් අත් අරන් ගිහින් ඒ උනුහුම් පපුවට ගුලිවෙද්දි එයත් මාව අනිත් අතට තද කරල බදාගත්තා. වැස්ස නිසා අපි දෙන්නම හිටියෙ තෙමිලා. සීතලයක් තිබ්බත් එයාගේ උණුසුම මැද්දෙ ඒ හැම දෙයක්ම නැතිවෙලා ගියා.

" බනී....... "

" හ්ම්ම්.......... "

" ඔයාට මුකුත් කියන්න නැද්ද...... "

යිබෝ එහෙම අහද්දි මම එයාගෙ ඇඟෙන් අයින් නොවිම එයාගෙ මූන දිහා බැලුවා. ඔව් මට කියන්න දෙයක් තියෙනවා...

" මගෙ බොබො....... මං ඔයාට ආදරෙයි.... ඔයාව දැකපු දවසෙ ඉදන් තිබ්බ හැගිම තමයි ඒ.... මං ආදරෙයි ඔයාට "

එයාගෙ මූනෙ ලස්සන හිනාවක් ඇඳුනා. මම ආසම හිනාව.... මම ලෝකෙ දැකපු ලස්සනම හිනාව....

" මාත්...... මගෙ බනීට ගොඩක් ආදරෙයි "




  ✨️💚❤️ -  THE END - ❤️💚✨️




______________________________________

ආසාවට ලිව්ව short story එකක් මේ... මම සාර්ථකද කියලා නම් දන්නැ..

පුංචි කමෙන්ට් එකක් දාන් යන්න ඉතිං ගුණදොස් කියලා... ඒවගේම වෝට් කරපු හැමෝටම ගොඩක් තැන්ක්‍යු ❤️


'මල්සර' ඉවර වුනාම තව Yizhan හෝ zhanyi story එකක් එකක් අරන් එන්නං....

එහෙනම් මං ගියා...

කතාව කියවපු හැමෝටම තැන්ක්‍යු ගොඩක් 💚❤️✨️

Continue Reading

You'll Also Like

1.7K 314 14
හරිම අමුතු ආදර කතාවක්..... හිතාගන්න බැරි හමුවීමක්..... 💚💚💚💚💚💚💚💚
460K 31.3K 47
♮Idol au ♮"I don't think I can do it." "Of course you can, I believe in you. Don't worry, okay? I'll be right here backstage fo...
637K 32.2K 60
A Story of a cute naughty prince who called himself Mr Taetae got Married to a Handsome yet Cold King Jeon Jungkook. The Union of Two totally differe...
8.2K 878 24
බලාපොරොත්තු නොවුණු මොහොතක හමුවූ මාගේ destiny එක 🎶