Spirit Angel ✨️
ලගට යද්දි මට දැනුනා ඒ පිරිමි රූපෙ මට දැකල පුරුදුයි කියලා.. එයාගෙ එක පැත්තයි පෙන්නෙ මට. එයා හරියට... එ.. එයා... හරියට... මගෙ පපා වගේ.... නැ... ඒ මගෙ,
" යිබෝ.... ඒ... එ මගේ... මගේ.... "
" හ්ම්ම්... ඔව් බනී... ඔයාට හිතුන දේ හරි... මීට අවුරුදු පහලවකට කලින් කාර් ඇක්සිඩන්ට් එකක් නිසාම ඔයාව දාලා යන්න වුන ඔයාගෙ පපා තමයි ඒ.... "
" අනෙ..හ්... මගෙ පපා.... "
මට කොහොමද ඒ රූපෙ අමතක වෙන්නෙ. ගේ පුරාම තාම අපි එකට ගත්ත ෆොටො වලින් පිරිලා තියෙද්දි, මේ අවුරුදු ගානටම පපාව මතක් නොවුන දවසක් නැති වෙද්දි, දැන් මේ දකින රූපෙ මගෙ පපාගේ කියලා අදුරගන්න බැරි වෙවිද මට.
එතකොට එයාට අතැරගන්න බැරිවුන බෑදිම... ඒ අපියි.. මගෙ පපා.... එයා අපි නිසා අවුරුදු ගානක් මේ විදියට බලන් ඉන්න ඇති. මට එයා ගාවට යන්න ඕන. මට එයාට කතා කරන්න ඕන.. ඉස්සර මාව කරේ තියාගෙන වත්ත වටේම යන ගමන් මම ලොකු වෙලා එයා තරමට උස ගිහින් ඉන්නවා දකින්න ආසයි කිව්ව පපාට මම දැන් ලොකු කොල්ලෙක් පපා කියලා කියන්න ඕන.
" බනී.... බනී... අහන්න...කලබල වෙන්න එපා... මම කියන දේ අහන්න "
යීබොගෙ අතඇරපු මම පපා ගාවට දුවන්න හැදුවත් එයා මට යන්න නොදී උරහිස් වලින් අල්ලගෙන මූනට එබුනෙ මගෙ ඇස්දිහා කෙලින් බලාගෙනයි. යිබෝ මට වැඩිය අගල් පහක් විතර උසයි. මගෙ ඇස් මට්ටමට එන්න එයාට පාත් වෙන්නම වෙනවා. පපා දැකපු වෙලෙ ඉදන් නොනවත්වාම ගලන මගෙ කදුලු එක අතකින් පිහිදුපු එයා,
" මතකයි නේද මම කලින් කිව්ව දේවල් ම්ම්ම්.... එයාව කලබල නොකර කතා කරන්න ඕන ඔයා... ඔයාට දුකයි මට තේරෙනවා බනී... එත් අමතක කරන්න එපා.. එයා දැනටමත් මැරුණ කෙනෙක්... බැදීම් වලින් ගැලවෙන්න මිසක් බැඳිම් වල තව හිරවෙන විදියට කතා නොකරන්න ඔයා පරිසම් වෙන්න ඕන....."
" ................. "
" ඔයාගෙ පපා අවුරුදු ගානක් තිස්සේ මෙ විදියට ඉන්නෙ... හොඳ පුතෙක් හැටියට ඔයාට කරන්න පුලුවන් ලොකුම දේ තමා එයාට මේ ලෝකෙන් ගැලවෙන්න උදව් කරන එක.... මේ දේ හොඳට මතක තියාගන්න.. ඔයාගෙ පපාට ලැබෙන අන්තිම චාන්ස් එක වෙන්න පුලුවන් මේ...."
යිබෝ කියන එක ඇත්ත.. මගෙ පපා... ඔයා මේ ලෝකෙන් ගිහින් ගොඩක් හොඳ තැනක ඉපදෙන්න ඕන. ලොකු හුස්මක් අතඇරපු මම යිබෝ දිහා බලලා ඔලුව වැනුවෙ එයා හිනාවෙලා මගෙ ඔලුව ආයෙත් පාරක් අතගාලා අයින් වෙද්දියි.
" මගෙ බනී... අහම්... මම් මෙ.. කිව්වෙ.. හොඳ බනී කිය...ලා.... යන්න ඔයා කතා කරන්න ගිහින්... "
යිබෝගෙ කටින් කියවුන වචනෙත් එක්ක මගෙ කන්දෙකත් එක්ක රත්වීගෙන එනවා දැනුනා. ' මගෙ බනී '..... එයාටත් කිව්වට පස්සෙ තමයි මීටර් වුනෙ ඒක.... ඔලුවත් කස කස මාව ඉස්සරහට තල්ලු කරපු යිබෝ පාලම දිගෙ අපි ආව පැත්තටම යන්න ගියා. එයාට ලැජ්ජ හිතුනා....
යිබෝ ටික දුරක් ගිහින් නැවතිලා මගෙ දිහා බලල යන්න කියලා ඇස් වලින් ඉගි කරා. හුස්මක් උඩට ගත්ත මම හිමින් හිමින් පපා ලගට ලන්වුනත් හිටිය කල්පනාවෙ හැටියට මම ලඟට යනකනුත් එයාට තෙරුනෙ නැ.
මට පපාව බදාගන්න ඕන... එත් කලබල කරලා බැ එයාව.
" අහම්.... "
පපා ලගටම ගියපු මම උගුර පාදනවත් එක්කම පපා මගෙ දිහා බැලුවා. දැන් තමයි එයාගෙ මූන හරියටම පෙනුනෙ මට. මගෙ පපා..... එයා තාම තරුණ පෙනුමයි. පපා නැතිවෙද්දි එයාට වයස මට මතක විදියට 35 ක් විතර වෙන්න ඇති. ඉතිං මගෙ පපා තාම තරුණ පාටින්ම ඉන්න එක අහන්නත් දෙයක්ද. එවුනත්... එයාගෙ තිබ්බ ලස්සන හිනාව මේ මූනෙ නැ. හෙම්බත්වුන පෙනුමක් තිබ්බෙ එයාගෙ... මේ අවුරුදු ගානටම ඇයි පපා ඔයා මෙච්චර දුකක් වින්දෙ.
පපා තාමත් මම දිහා බලාගෙන ඉන්නවා. එයාට මාව අදුරගන්න නම් බැරුව ඇති. මම එයා ඉදන් හිටපු කොටේම පැත්තකින් ඉදගත්තෙ එයාට කටපුරවලා හිනාවකුත් දිගෙනමයි. අවුරුදු ගානකට පස්සෙ පපාව දැක්කට සතුටු වෙන්නද නැත්තං එයා මෙ විදලා තියෙන වේදනාව දැකලා දුක්වෙන්නද කියලා මට හිතාගන්න බෑ.
" ඔය දරුවව මට හොඳට දැකලා පුරුදුයි... ඒත් ඒ කොහෙද කියලා මතක් වෙන්නැ දැන්.... මට ගොඩක් තැන් අමතක වෙලා "
කතා කරන්න වචන හොයාගන්න බැරුව මම ලත වෙවි ඉද්දි පපාම කතාවට මුල පිරුවා. එයාගෙ කටහඩ තාමත් එදා වගේමයි.. ගැඹුරුයි.. එත් බලාපොරොත්තු බිදුනු හඬක් ඒ.
" ඔයා... මාව අදුරනවා "
" මම...?? ඒත් මට මතක් වෙන්නැනෙ දරුවො "
පපාට මතක නැ තමයි. මම පපා දිහා බලාගෙනම බෙල්ලෙ තිබ්බ මාලෙ ගලවල අතට අරගත්තා.. මේ දේ දැක්කට පස්සෙ නම් පපාට මතක් නොවි තියෙන එකක් නැ. මේක ලොකට් මාලයක්.
ඉදන් හිටපු තැනින් නැගිටපු මං පපා ඉස්සරහින් දන ගහගෙන ඒ මාලෙ පපා අතින් තිබ්බෙ,
" මේක ගන්නකො.. ඕක ඇරල බලන්න.. ඔයාට මතක් වේවි "
මගෙ දිහාත් එකපාරක් බලපු පපා ඒ මාලෙ අත් දෙකෙන්ම අල්ලගෙන හරව හරව බැලුවා. එයාගෙ ඇස් ගැස්සුනා.... පපා එකපාරින්ම ලොකට් එක ඇරලා ඒ දිහා බැලුවෙ කදුලු පොදි ගැහීගෙන එන ඇස් වලිනුයි.
" මගෙ... මගෙ දරුවා.... ශාන්.... එයාට මගෙ අතින්මයි මම මේක දැම්මෙ "
එකෙ එක පැත්තක මගෙ පොටො එකකුයි, අනිත් පැත්තෙ මමා පපා දෙන්නගෙම පොටො එකකුයි තිබුනෙ. මට වගේම ජියේටත් මේ වගේම මාලයක් තියෙනවා.
" එත්.... කොහොමද ඔය දරුවා ගාව මේක තියෙන්නෙ...
" පපා....ට එගැන මුකුත් ම හිතාගන්න බැරිද.. "
" ප...පා... පපා... මම..... මගෙ දරුවා... දෙයියනෙ... මගෙ ශාන් පුතා.... කොහොමද... කොහොමද ඔයා මෙච්චර ලොකු වුනෙ.... ඇයි දෙයියනෙ මට ඔයාව අදුරගන්න බැරිවුනෙ... මගෙ දරුවා "
පපා අදුරගත්තා මාව..... දණ ගහගෙන හිටපු මාව බදාගත්ත පපා මාව තද කරගෙනම අඬන්න ගත්තෙ මගෙ අත් දෙකක් පපාගෙ ඇඟ වටේ එතෙද්දියි.
" ශින්හා ගෙ රූපෙමයි ඔයාට තියෙන්නෙ ශාන්... මට කොහොමද මේ රූපෙ අමතක වුනෙ... මම ගොඩක් නරක පපා කෙනෙක්... මට... මට සමාවෙන්න මගෙ පුතෙ... මේ පපාට සමාවෙන්න මගෙ රත්තරනෙ.... උඹලව තනිකරල ඉක්මනටම මට එන්න වුනා වගෙම ආයෙත් මාව හොයාගෙන ආව මගෙ පුතාව අදුරගන්න මට බැරුව ගියා.... මට සමාවෙන්න මගෙ දරුවො.. "
පපා අඬනවා...
" අඬන්න එපා පපා...... ඔයා වරදක් කරෙ නැනෙ.... ඇයි මෙ සමාව ගනන්නෙ...."
" නැ මගෙ දරුවො..... මට මුකුත් මගෙ පවුල වෙනුවෙන් කරගන්න වුනෙ නැ... මම... වැඩකට නැති මිනිහෙක්... පොඩි උන් දෙන්නෙකුත් එක්ක ශින්හව මම තනිකරල දාලා ආවා.... එයාලා ඉන්න තැනක් වත් මට හොයාගන්න බැරිවුනා.... මගෙ ළමයි ලොකුවෙනවා මට දකින්න බැරිවුනා.. මම නිකමෙක්.... මම වැඩකට නැති පපා කෙනෙක්... වැඩකට නැති හස්බන්ඩ් කෙනෙක්...."
පපාව සනසවන්න මට තෙරෙන්නැ..... මට දැනෙනවා මම ඇඳන් ඉන්න ශර්ට් එකෙ උරහිස් පපාගෙ උණු කඳුලු වලට පෙගිලා යනවා. මගෙ පපා අවුරුදු ගානක තියන් හිටිය දුක පිටදානවා. ඒ කැඩි කැඩි ඇහෙන හුස්ම වල බර මටත් දරාගන්න බැරි තරම්.
පිරිමි අඬන්නැලු. පිරිමි ඉන්නෙ දුක වාවගෙන කලු ගල් වගෙ නොසෙල්වි ඉන්නලු. එත් අඬන පිරිමි හැමෝම දුර්වලද... නෑ මම ඒක විශ්වාස කරන්නැ. ඉවසලා ඉවසලා අන්තෙටම ආව තැන අඬලා හරි ඒ පීඩනෙ පිට දාන්න ඕන. ඒක දුර්වල කමක් නෙවෙයි. අඬන්නත් හයියක් තියෙන්න ඕන පිරිමියෙක්ට. නැත්තං කවදක හරි වෙන්නෙ මගෙ පපාට වගෙ අඩන්නවත් හේතු හොයාගන්න බැරි හිස් ආත්මයක් වෙන්නයි.
වෙලාව යනවා තෙරුන්නැ... පපා ගොඩ වෙලාවක් යනකන් නොනවත්වාම ඇඬුවා. දැන් වෙද්දි අඬන එක නතර වෙලා තිබුනත් පපා මාව අතාරින්නැතුව බදාගෙනම හිටියා.
" බනී.... කාලය ගතවෙනවා.... "
යිබෝ ඇවිත්..... යිබෝ දිහා ඔලුව විතරක් හරවල බලපු මම පපාව හිමින් සැරෙ මගෙ ඇඟෙන් එහාට කරන් එයාගෙ අත්දෙකෙන්ම අල්ල ගත්තා.
" මගෙ පපා...... පපා ඇඬුව තරම මේ හොඳටම ඇති.. ඔයාට ඇඬුව එකෙන් නිදහසක් දැනෙනවා නේද දැන් ම්ම්ම්.... "
මම එහෙම අහද්දි පපාගෙ මුනට ලා හිනාවක් ආවා.
" දුක නැත්තෙ නැ මගෙ පුතෙ... එත් ඇත්තටම මට ලොකු නිදහසක් දැනෙනනවා දැන් "
" ඒකනෙ.... පපා දුක් වෙන්න එපා අපි ගැන හිතලා. දැන් අවුරුදු ගානක් ගත වෙලා පපා.... මං දන්නවා පපාට මෙ ගත වෙලා තියෙන කාලෙ ගැන වැටහීමක් නැතුව ඇති... එත් මේක ලොකු කාලයක්.. හරියටම අවුරුදු 15 ක් "
" මොකක්.... එච්චර කල්... එ...ත්.... කොහොමද... "
පපාගෙ මූනෙන මම හිතුවා වගේම පෙනුනෙ ලොකු පුදුමයක්.
" හ්ම්ම් ඔව්.... කාලය ඉක්මනට ගිහින් පපා.... එ සිද්දියට පස්සෙ මමා අපි දෙන්නවත් අරන් ශැන්හයි වලින් එහා ගමකට ගියා.. ඒකයි පපාට අපිව හොයාගන්න බැරිවෙන්න ඇත්තෙ. මම ජියෙ දෙන්නම දැන් ජොබ් කරනවා.. එතකොට මගෙ මමා කේක් ශොප් එකක් කරනවා... පපාගෙ පෙන්ශන් එක වුනත් තාම මමාගෙ අතට ලැබෙනවා. අපි දුක්විදිනවා කියලා තාම ඔය හිතේ තියෙනව නම් ඒ දේවල් අමතක කරල දාන්න මගෙ පපා.... පපා නැති එක අපෙ පවුලට ලොකුම ලොකු හිස්තැනක්.. එවුනත් අපිට පුලුවන් තරමින් අපි සතුටින් ඉන්නවා පපා... "
" ඔය... ඔය කියන්නෙ ඇත්තමයිද මගෙ දරුවො... "
" ඇත්ත මගෙ පපා..... ඔයාගෙ ශාන් බොරු කියලා තියෙනවද ඔයාට ම්ම්ම්... "
" මගෙ පුතා..... එච්චර කාලයක් මට මගැරුනෙ කොහොමද... ඔයාලා සතුටින් ඉන්නවා දකින එක විතරයි මගෙ එකම ප්‍රාර්ථනා ව ශාන්... හ්ම්ම්..... මගෙ හිතට ලොකු සැනසිමක් දැනෙනවා දැන්... අවුරුදු ගානක් ඔලුව උඩ තියන් හිටිය බරක් නිදහස් වුනා වගෙ දැනෙනවා මට... "
එහෙම කිව්ව පපා ලොකු හුස්මක් අරන් අහස දිහා බැලුවෙ මම අල්ලගෙන හිටිය පපාගෙ අත් එන්න එන්නම සීතල වීගෙන එනවා මට දැනෙද්දයි.. පපාට මොකද වෙන්නෙ මෙ.. ඇයි එයාව සීතල වෙන්නෙ.
" යිබො...... පපාව... ඇයි සීතල.... වෙන්නෙ "
ඇඩෙන්න ආව මම ඉකිය හිරකරගෙනම යිබෝගෙන් ඇහුවෙ එයත් ඉක්මනින් මගෙ ළඟට ඇවිත් දණ ගහද්දියි.
" එයාට යන්න වෙලාව ඇවිත් බනී..... ඔයා සාර්ථකයි "
" ඒ කියන්නෙ.. "
" හ්ම්ම් ඔව්.... පපාගෙ ධනාත්මක සිතුවිලි වල අගය ඉහල යනවා... මෙච්චර කාලයක් තිබ්බ සෘණාත්මක මතක එයාගෙන ඈත් වෙන්න පටන් අරන්..... "
මම හිනාවෙන්නද අඬන්නද... එ කියන්නෙ තව ටිකකින් මට පපාගෙන් සමුගන්න වෙනවා කියන එක නේද.
" දුක් වෙන්න එපා බනී..... ඔයාගෙ පපා ගොඩක් හොඳ තැනක ගිහින් ඉපදේවි.. ආයෙ කවදාවත් මේ වගෙ දේවල් සිද්ද නොවෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරමු. පුතෙක් හැටියට ඔයා පපාට කරෙ මිල කරන්න බැරි තරමෙ උදව්වක්..... ඒක මේලොකෙ කාටවත් හම්බ නොවෙන්න පුලුවන් තරමෙ අවස්ථාවක් "
යිබෝ කොච්චර මගෙ හිත හැදුවත් මට දුකයි. පුදුම තරම් දුකයි... පපාගෙ අත් මට දැනෙන්නෙ නැ දැන්... එයාව ටික ටික බොඳවෙලා යන්න පටන් අරන්. එත් පපා ඉන්නෙ ලොකු සතුටකින්.. අවුරුදු ගානකට උඩදි එයාගෙන් දැකපු ඒ ලස්සන හිනාව ඒ මූනෙ තියෙනවා. මාත් කදුලු අස්සෙන්ම එයාට හිනාවුනා. මගෙ පපා..... ඔයා ගොඩක් හොඳ තැනක ආයෙත් ඉපදෙන්න ඕන.
විනාඩි කීපයක් යද්දි බොඳ වෙලා ගියපු මගෙ පපාව පුංචි පුංචි එලි ගොඩාක් විදියට විසිරිලා අහසට ඇදිලා ගියෙ කදුලු ගලන ඇස්වලින් මම ඒ දිහා බලාගෙනම ඉද්දියි. යිබෝගෙ ඇස් වලත් කඳුලු පිරිලා.
" අපි යමු බනී......... පපා ගැන උඩ ඉන්න කෙනා බලාගනීවි මීට පස්සෙ "
එහෙම කිව්ව යිබෝ මගෙ අතිනුත් ඇඳන් ආයෙත් පාලම දිගෙ එන්න ආවෙ මාත් වචනයක් වත් කතා නොකර එයා පස්සෙම ඇදිලා එද්දයි. අපි ආපහු අර ජනාකිර්ණ නගරෙ පහුකරගෙන එන්න ආවා. ගොඩ වෙලාවක් නිහඬව ඇවිදන් ආව අපි පාර්ක් එකක් වගෙ තැනකට ඇවිත් බෙන්ච් එකකින් වාඩි වුනා. කලින් කිලො මීටර් ගානක් ඇවිද්දත් ගානක් වුන්නැ.. එත් මේ ටික දුරට මට මහන්සියි දැන්.
" මොකද බනි.... හතිද ආ "
" න්...නැ නැ... මොන හතිද.... "
" ම්ම්ම්.... ඒක මිසක් "
මට ඇගිල්ලකිනුත් ඇන්න යිබෝ එහෙම අහද්දි මාත් අනිත් අතට යිබොගෙ අතට ඇගිල්ලකින් ඇනලා කියලා දැම්මා. මෙයාට අතපය නම් තියන් ඉන්නම බැ....
" ඔයා මම හිතුවටත් වඩා හොඳට ඒ රාජකාරිය කරා..... අවුරුදු ගානක් ගිහිල්ලත් අපි කාටවත් කරගන්න බැරිවුන දේ ඔයා පොඩි වෙලාවකින් කරා බනී.... මට ගොඩක් සතුටුයි ඒ ගැන.... මොකද ඔයාට හිතෙන්නෙ ඒ ගැන ම්ම්ම්...... "
" පපාව දැක්ක ගමන් මට කියන්න කියලා කිසිම දෙයක් ඔලුවට ආවේ නැ යිබො.... අවුරුදු ගානකට පස්සෙ මගෙ පපාව ඔය විදියට දකින්න මම බලාපොරොත්තු වුනෙ නැ.... එයා අපි ගැන ගැන හිත හිත මේ අවුරුදු ගානම දුක්විදලා.... මට ඇත්තටම සතුටුයි.. එයාට හොඳ තැනකට යන්න පාර පෙන්නන්න පුලුවන් වුන එක ගැන.. එත්... මට දුකයි... මගෙ පපාව කාලෙකට පස්සෙ දැකලත් ඒ ගත වේච්ච වෙලාවත් ඉක්මනටම ගෙවිලා ගියාට.. මට.. මගෙ පපාව... ආයෙ දකින්න වෙන්නෙ නැනෙ... "
මගෙ පපුව රිදෙනවා. පපාව මතක් වුනත් එක්ක ඇස්වල පිරුන කඳුලු මම එක අතකින් පිහිද ගෙන අනිත් අතින් මගෙ පපුව තෙරපව ගත්තෙ ඒ රිදුම තව තව වැඩිවෙනවා දැනිගෙන එද්දියි.
" බනී... ඇයි මේ... මොකද වුනෙ.. "
යිබෝ කලබලෙන් වගෙ මගෙ ගාවට ලන් වෙලා ඇහුවෙ මගෙ අතකිනුත් අල්ලගෙනයි.
______________________________________
මොකද්ද වෙන්න යන්නෙ...?
අවසන් කොටසින් හමුවෙමු..
මම Shen