Spirit Angel ✨️
" මට ? එ මොකද්ද.... අනික නිකන් ආත්මයක් වෙච්චි මම මොනා කියලා කරන්නද "
බෙන්ච් එකෙන් නැගිටින්නවත් අදහසක් තිබුනෙ නැති මම එහෙම කිව්වත් එයා කරෙ මම දිහාට කලකිරුන බැල්මක් දිපු එකයි.
" ඔයාගෙ සෘණාත්මක ආකල්ප වලට උඩට එන්න දෙන්න එපා ශාන්.... ඒවා ඔයාව දුර්වල කරනවා.... මිනිස්සුන්ගෙ තියෙන භයානකම දෙයක් ඕක.. දෙයක් කරන්නත් කලින් ඒකෙ වැරදෙන පැත්ත ගැන තමයි ඉස්සෙල්ලම හිතන්නෙ.... ඒක එහෙම නෙවෙයි. බලාපොරොත්තුවක් නැතිම මොහොතකත් ලැබෙන පුංචිම හරි අවස්ථා වලට පයින් ගහන්න තරම් මෝඩ වෙන්න එපා... කෝ කෝ නැගිටින්න.... මෙහෙම හිටියට මම හරි සැරයි හොදේ "
මාව අතින් ඇදලා නැගිට්ටව ගත්ත එයා එ අත අතාරින්නෙම නැතුව ඉස්සරහට යන්න ගත්තෙ මාත් වචනයක් වත් නොකියා ඒ අල්ලගත්ත අතෙ සිහියෙන් ඉස්සරහට ඇදිලා යද්දියි. එයාගෙ අත් රස්නෙයි. ඒක...ඒක මට කියාගන්න තෙරෙන්නැ. කෙනෙක්ගෙ ස්පර්ශයක් මට මේ විදියට දැනුනනමයි මේ. මමාව, ජියේව, පුංචි කාලෙ ඉදන්ම හිටපු එකම යාලුවා ඇරෙන්න මට වෙන සමීප සම්බන්ධකම් තිබිලම නැ. මේ ගෙවුන අවුරුදු 23ට ලවර් කෙනෙක් වත් ඉදලා නැ මට. ඒත්.... අද මෙ පිරිමි රූපෙ මගෙ හිත හෙල්ලුවා. ආදරෙ ගැන මුලකුරුවත් නොදන්න මම තාම දන්නැ මේ දෙ ආදරයක් ද කියලාවත්.. දැකපු පමාවෙන් කෙනෙක් ට ආදරයක් ඇතිවෙන්න පුලුවන් ද ? මම දන්නැ... ඒවුනත් යිබෝ මට විශේෂ කෙනෙක්.
වෙලාව යන විදිය මට තෙරුම් ගන්න බැ. අපි ඇවිදන් එන්න පටන් අරගෙන ටික වෙලාවක් යද්දි පරිසරයම කලුවර වීගෙන ආවා. හරියටම බැලුවොත් හවස හයහමාර හත විතර වෙලාවක් වෙන්න පුලුවන්. එත් ඒක කොහොමද වෙන්නෙ. මාව ඇක්සිඩන්ට් වුනෙ උදෙ.. අපි බෙන්ච් එකට වෙලා කතා කරකර හිටියෙත් උදෙ.. වෙලාව බලාගන්නවත් අඩුම මට බැ වොච් එක නැවතිලා. නැ ඒක කැඩිලා නැ.... වෙලාව නතරවෙලා.
" මේ.... දැන්ම කොහොමද රැ වුනේ.... වෙලාවත් නතර වෙලා.... මොකද්ද මේ වෙන්නෙ "
හිතලා හිතලා මොලේට සමනල් ගැට වැටීගෙන එද්දි මම යිබෝගෙන් ඇහුවෙ එයා යන ගමන නතර නොකරම මගෙ දිහා බලද්දීයි.
" ඔහ්... ඔයාට ඒක දැන්ද තෙරුනෙ ලමයො... ඔයා එ ශරිරෙන් එලියට එද්දිමයි වෙලාව නතරවුනෙ ඔය වොච් එකෙ... අපි ඉන්නෙ ජීවයත් අජීවයත් අතරෙ තියෙන අවකාශයක. එ නිසයි එහෙම වුනෙ.. ඔයා හිතන්නකො මෙ ඉන්නෙ සමාන්තර ලෝකෙක කියලා... ඔයා අහල ඇතිනෙද ඒ ගැන "
" ම්ම්ම් ඔව්..... එතකොට වෙලාව වෙනස් ද මෙහෙ "
මම එහෙම අහද්දි එයාගෙ මූනට ලොකු හිනාවක් ආවා.
" අන්න හරි..... ඔයාට තේරුනා.... මෙ අවකාශෙයි ඔයා ජිවත් වෙන ලොකෙයි කාලය ගමන් කරන්නෙ එකකට එකක් වෙනස් වේගෙකින්.... හරියටම කිව්වොත් මෙ වෙද්දි ඔයා කෝමා වෙලා දවස් එකහමාරක් ගෙවිලා ඉවරයි... එත් ඔයාට දැනුනෙ පැය ගානක් ගෙවුනා වගෙනෙ. නේද ? "
මම ඔව් කියන්න ඔලුව වනද්දි යිබෝ හිනාවක් දාලා ඉස්සරහ බලාගෙන ඇවිදන් යන්න පටන් ගත්තා.
දවස් එකහමාරක්.... එච්චර වේගෙන් කාලෙ ගිහින් ද ?
" එකනෙමෙ.... මට, ඔයා මෙයා ගාන්න එපා.... මට යිබෝ කියන්න... මමත් ඔයාගෙම වයසෙ අප්පා "
" මොකක්.... ඒක වෙන්න බැ.... ඔයා මට වැඩිය වයස පාටයිනෙ "
යිබෝ මගෙ වයසෙ ?? නැහ් ඒක වෙන්න බැ.... එයාගෙ මටවඩා වැඩිමල් පෙනුමක් නෙ තියෙන්නෙ.
" යාාාාහ්.... ඔයා කියන්නෙ මම වයසයි කියලද ආ.... මෙ මොන ලැජ්ජාවක් ද වුනේ..... අනෙහ් මමා.... "
යකො... මේකා බිම ඉදගත්තා නේද...... එ පාර කැගනවා මෙතන දෙවනත් වෙන්න. 23 නෙවෙයි අවුරුදු තුනද කොහෙද වයස. මට හිනත් එක්ක යිබෝගෙ විකාර දැකලා.
" මෙහ්.... මෝඩ හාවා... හිනාවෙන්න විතරක් එන්නෙපා ඇ.... මම හොඳ වැඩක් කරනවා "
" හාවා....?? "
" ඔව්.... හාවෙක් තමයි... පේන්නැද්ද මෙ ඉස්සරහ තියෙන හා දත් දෙක "
ඉදන් හිටිය තැනින් නැගිටපු යිබෝ මගෙ කටටත් ඇගිල්ල දිග් කරලා කෑගැහුවෙ මම අතින් කට වහ ගනිද්දියි.
චුට්ටක් වැඩියි තමා... එත් ඕකට හාවා ගාන්න ඕනයැ... මල විකාර. යිබෝටත් ඔරවපු මම එයාව එතනම දාලා ඉස්සරහට යන්න ගියත් යිබෝ අඩියට දෙකට මං ලගට ඇවිදගෙන ආවා.
එරෙව්වට මොකො මට තරහක් හිතුනෙ නැ එයා එක්ක. මට පාර පෙන්නන්න කියල ආව දූතයෙක් කිව්වට මේකා තනිකර පිස්සු බූතයෙක්.
" හරි හරි.... මම යිබෝ කියලා කියන්නම් ඔයාට... ඔයා මට වඩා වැඩිමල් පෙනුම නිසයි කලින් එහෙම කිව්වෙ "
" හාකො ඉතිං..... හැබැයි ඔන්න මම ඔයාට මීට පස්සෙ කතා කරන්නෙ ' හාවා ' කියලා හාද.. ඒක අපි ටිකක් ස්විට් කරල ගමු.... ම්ම්ම්..... ' බනී ' අන්න හරි... මම ඔයාට ' බනී ' කියලා කතා කරන්නෙ ඔන්න..... ඇවරයි.. දෑවරයි.. තුන්ඇවරයි.. "
මං බොරුද කිව්වෙ.. මේ කොල්ලට විසිතුන නෙවෙයි අවුරුදු තුනයි වයස.
තව දුරක් ඇවිදන් ආවත් තාම යිබෝ මට කිව්වෙ නැ මොකද්ද මට කරන්න තියෙන රාජකාරිය කියලා. ඒ මොකක් වෙන්න ඇද්ද ? දැන්නම් හතරවටෙන්ම කලුවර වෙලා. ඇවිදන් ආවට මම දන්නැ මෙ කොහෙද ඉන්නෙ කියලවත්. මොකද මම දන්න කියන මගෙ ගම නෙවෙයි මේ. ගොඩක් ජනාකීර්ණ පැත්තක්. සාමාන්‍ය මිනිස්සු වගෙ අපි ඇවිදන් යන්න ගියත් පාර දිගෙ කලබලෙන් එහාට මෙහාට යන්න ගිය කීප දෙනෙක්ම මගෙයි යිබෝගෙයි ඇගවල් හරහා නොගියාමත් නෙවෙයි.
ජනාකීර්ණ වීදි ගානක් පහුකරලා ඉස්සරහට එද්දි අපිට හම්බුනේ ලොකු පාලමක්. මට පාලම දැක්කම තමයි අපි මෙ ඉන්නෙ කොහෙද කියලා තෙරුම් ගියේ. මම පොඩිකාලෙ ජීවත් වුන ගම. පපා නැතිවුනාට පස්සෙ මමා මෙහෙ ගෙවල් විකුණලා දාලා දැන් අපි ඉන්න පැත්තෙන් ගෙයක් අරන් පදිංචි වුනා. එතකොට මට අවුරුදු 8 ක් විතර ඇති. නෑදැයෙක් කියලවත් කෙනෙක් නැති නිසා අපි කවුරුවත් ආයෙ මේ පැත්තට ආවෙ ගියෙ නැ. ඉතිං මෙ ගම මගෙ මතකෙන් ගිහින් තිබ්බ එක අහන්නත් දෙයක්ද.
එත් ඉන්න..... මෙහෙ ඉදලා අපෙ දැන් ගෙවල් වලට කිලෝමීටර් 10 කට වැඩිය දුරක් තිබ්බා මට මතකයි.
" යිබෝ..... අපි මෙ ඉන්න තැනට මෙච්චර වේගෙකින් ආවෙ කොහොමද... "
" ආහ්..... ඔයාට මතක් වුනානෙ එහෙනම් මේ තැන... මං කිව්වනෙ බනී... අපි මෙ ඉන්නෙ ලෝක දෙකක... මේ හැමදෙයක්ම සාමාන්‍ය මට්ටමෙන් එහාට ගියපු දේවල් "
එයා කියන එක හරි.... මට ඒ දේවල් වලට හැඩගැහෙන එක තමයි අමාරුම දේ.
" හිතන්න එපා බනී.... තව ටික දුරයි යන්න තියෙන්නෙ... ඔයාට මහන්සි නෑනෙද "
මගෙ හිත කියවපු එයා මගෙ ඔලුව අතගාලා එහෙම අහද්දි මම නැ කියන්න ඔලුව වැනුවා. අනෙ එහෙම ඔලුව අතගාද්දි සනීපයි. මට මගෙ මමාව මතක් වුනා. මමාව මතක් වෙද්දි වෙනස් වුන මගෙ මූන දැකපු යිබෝ මගෙ අතින් ආයෙත් අල්ලගත්තෙ ඇස් පිල්ලම් ගහලා ' මම ඉන්නවා' කියලා අඟවලයි.
අපි දැන් ඉන්නෙ පාලම දිගේ ඇවිදගෙන යන ගමනුයි. පාලම කෙලවරෙම මම දැක්කෙ කපලා බිමට දාලා තිබ්බ ලොකු ගස් කඳක ඉදන් ගඟ දිහා බලාගෙන හිටිය පිරිමි කෙනෙක්. මේ අතරමගදි දහස් ගණනක් මිනිස්සු මම දැක්කත් ඒ පිරිමි කෙනාව මට පෙනුනෙ වෙනස් කෙනෙක් විදියටයි.
තව ලගට යන්න යන්න තමයි ඒ රූපෙ තිබ්බ වෙනස හොඳටම මම දැක්කෙ. ඒ පිරිමි කෙනාගෙ රූපෙ අපිට වඩා අදුරු, විනිවිද යන ස්වබාවෙකිනුයි පෙනුනෙ. මම යිබෝ දෙන්නම පේන්නෙ සාමාන්‍ය මිනිස්සු වගේම පෙනුමකින්.
" බනී.... "
ඇවිදින එක නතර කරපු යිබෝ අල්ලන් හිටපු අත අතැරලා මාව එයාගෙ පැත්තට හරව ගත්තෙ මම පුදුමෙන් එයා දිහා බලද්දියි.
" අර පේන පිරිමි රූපේ... ඒ තමයි ඔයාට තියෙන රාජකාරිය.... "
යිබෝ එහෙම කියද්දි මම ආයෙත් ඒ පිරිමි කෙනා දිහා බලල යිබෝ දිහා බැලුවෙ මට කිව්ව දේ තෙරුන්නැ කියන බැල්මකිනුයි.
" හරි අහන්න.... ඒ හිරවුන ආත්මයක්.. ඒ ආත්මෙ අගුලු අරින යතුර තමයි ඔයා. "
" මේ මම... ඒ කොහොමද... එයත් මම වගේම කෙනෙක් නම් ම...."
" නැ නැ බනී..... එයා ඔයා වගේ කෙනෙක් නෙවෙයි... ඔයා තාම ජිවත් වෙන කෙනෙක්. ඒත් එයා දැනට අවුරුදු ගානට කලින් මැරුණ කෙනෙක්. ජීවත් වෙලා ඉදපු ලෝකෙ අතඇර ගන්න බැරි වුන බැඳිම් නිසා හිරවුන ආත්මයක් එයා.. "
" ..................... "
" එයාට ආයේ අලුත් ආත්මෙක ඉපදෙන්න කර්ම ශක්තිය තිබුනත් එයාට මේ තැනින් මිදිලා යන්න උමනාවක් නැහැ... මං වගේ අය ගොඩක් ඒකට උත්සාහ කරත් ඒ වැඩෙ අපිට කරගන්න බැරිවුනා... එත් අපෙ වෙලාව.. නැ මං හිතන්නෙ ඒ පිරිමි කෙනාගෙ වෙලාව හොඳයි.. ඔයාට පුලුවන් ඒ අවස්ථාව එයාට අරන් දෙන්න "
මට මේක තෙරුම් ගන්න බැ.. ඒත් මම කොහොමද ඔය කියන දේ කරන්නෙ.
" ඔයා එයාට තෙරුම් කරල දෙන්න ඕන එයා මේ ලෝකෙන් දැන් මිදෙන්න ඕනෙයි කියලා.. තෙරුනාද බනී... "
" මම.... එත් කොහොමද "
" එන්නකො... තව ටිකක් ලඟට ගිහින් බලන්න.. ඒ ඔයා අදුරන කෙනෙක් "
පුංචි හිනාවකුත් එක්ක යිබෝ එහෙම කියනගමන් මගෙ අත ආයෙත් අල්ලගත්තා. මම අදුරන කෙනෙක් ? ඒ කවුද ??
______________________________________
ශාන් අඳුරන කෙනෙක් ලූ... ඒ කවුරු වෙන්න ඇද්ද... ?
ඊලඟ කොටසින් හමුවෙමු..
මම Shen