බෝපතක පිනි කඳුලු ❦( MalexMal...

By BLinkergurl

25.8K 3.4K 763

සඳක් 𖥔 ࣪ ᥫ᭡ꗃ⋆࣪. බෝ පතක පිනි කඳුලු.. ❦ පොත් දෙකක් තියෙනවා මේකෙ.. තව ඒව පටන් ගන්නවනම් මේකෙ තමා දාන්නෙ.. More

- INTRODUCTION -
බෝ පතක පිනි කඳුලු - 01
බෝ පතක පිනි කඳුලු - 02
බෝ පතක පිනි කඳුලු - 03
බෝ පතක පිනි කඳුලු - 04
බෝ පතක පිනි කඳුලු - 05
බෝ පතක පිනි කඳුලු - 06
බෝ පතක පිනි කඳුලු - 07 -
බෝ පතක පිනි කඳුලු - 08 -
- බෝ පතක පිනි කඳුලු - 09 -
- බෝ පතක පිනි කඳුලු - 10 -
බෝ පතක පිනි කඳුලු - 11 -
- බෝ පතක පිනි කඳුලු ✨ - 12 - ( republish කරනව නෙවෙයි අලුත් චැපියක් 🤐🖤 )
බෝ පතක පිනි කඳුලු 💚✨ - 13 -
- බෝ පතක පිනි කඳුලු ❦ - 14 -
- ❦ බෝ පතක පිනි කඳුලු ❦ - 15 -
- බෝ පතක පිනි කඳුලු - 16 -
බෝ පතක පිනි කඳුලු 💚✨ - 17 -
- බෝ පතක පිනි කඳුලු 💚✨ - 18 -
- මචකද 👉👈💚✨ -
- INTRODUCTION -
සඳක්.. ☪︎ ִ ֶ֢࣪⋆ - 01
සඳක්.. ☪︎ ִ ֶ֢࣪⋆ - 02
සඳක්.. ☪︎ ִ ֶ֢࣪⋆ - 03
සඳක්.. ☪︎ ִ ֶ֢࣪⋆ - 04
සඳක්.. ☪︎ ִ ֶ֢࣪⋆ - 05
සඳක් ☪︎ ִ ֶ֢࣪⋆ - 07 -
ස‍ඳක් ☪︎ ִ ֶ֢࣪⋆ - 08 -
- සඳක්☪︎ ִ ֶ֢࣪⋆ - 09 -
සඳක් 🌙 - 10 -
සඳක් 🌙 - 11 -
සඳක් ☪︎ ִ ֶ֢࣪⋆ - 12 -
සඳක් 🌙 - 13 -
- සඳක් -
සඳක් ✨ - 14 -
- සඳක් ✨ - 15 -
සඳක් 🌙✨ - 16 -
සඳක් ✨ - 17 -
- IFLY - 01 -
- බෝ පතක පිනි කඳුලු 💚✨ - 19 -
- බෝ පතක පිනි කඳුලු 💚✨ - The Last Chapter -
- Author's note එකක් පමණයි 💔 Interested නැති අය බලන්නෙපා -

සඳක්.. ☪︎ ִ ֶ֢࣪⋆ - 06 -

458 70 8
By BLinkergurl

" මූද?! "

" ........."

" කියපිය ගොං බැල්ලියෙ ට හුකන්ඩ, මූ ද? "

" අනේ අයියේ ප්ලීස්... ඒක දැන් අතාරින්න "

සඳක්ට ළාබාල තරුණ යුවතියගේ හැඩරුව මතක තිබුණි. ඇය වෙව්ලමින් සිටියාය. පාසල් නිල ඇඳුමින් සැරසුණු තරුණයන් පස් දෙනෙකු මැද ඈ ඈ එකම තරුණිය වූවාය. සුදෝ සුදු නිල ඇඳුම පොඩි වී කම්මුල් පෙති මඳක් රත් පැහැයට හැරී තිබුණු ඇයගේ දෑස් කොනේ කඳුළු බිඳක් නලියෑවේය. කරුණු කාරණා නොදැනත් සඳක්ගේ හිතට දැනුණේ වරදකාරී හැඟීමකි.

" ඇයි අයියෙ මොකක්ද වෙන්නෝන? " සඳක් ඇසුවේ උත්ප්‍රාසයක් වචන කෙළවර දවටමිනි.

අම්මා සහ අක්කා සමග ඔහු ආවේ තාත්තාගේ උපන් දිනයට තෑගි තෝරන්නට වුවත් අම්මාගේ සහ අක්කාගේ ඇස් මුලින්ම යොමු වූයේ කාන්තා ඇඳුම් හා ආයිත්තම්  සදහා වෙන් කර තිබූ මහළ වෙත ය. තාත්තා ගේ තෑගි පිරිමි මහලේ ඈත කොණක වේලෙමින් ඔවුන්ගේ පැමිණීම වෙනුවෙන් බලා සිටින අයුරු ඔහුගේ සිතේ මැවී වියැකී ගිය වාර ගණන අමතකව යන තරම් වේලා තිලකවර්ධන ටෙක්ස්ටයිල්ස් කාන්තා අංශයෙහි කොනක කුඩා සෝෆාව මත කල් මැරූ ඔහු අවසානයේ නැගිට එන්නට ආවේ අක්කා ගේ දුරකථනයට කෙටි පණිවිඩයක් පමණක් තබමිණි .

උදෑසන හොඳින් ගොතා තිබූ බවට ඔහු සැක කළ හිසකේ ඇවිස්සී ඒ මේ අත ද මුහුණ පුරා ද ඔහේ විසිරි සුළඟ ගෙන ගිය මඟ ඉබාගාතයේ ගමන් කළේය. පාසල් වියේ පෙම්වතා ගැන සඳක්ට ඇති වූයේ කෝපයකි.

ඔහු නිකරුණේ අසරණ දැරියට අත ඉස්සුවේය. නැවත වරක් පහරක් ඇගේ රෝස කම්මුල් මත සටහන් වන්නට පෙර ඔහු පාසල් සිසුවාගේ අතින් ඇද පසෙකට තල්ලු කර දැමුවේ ය.

" ලැජ්ජ නැද්ද පොන්නයො කෙල්ලන්ට අතපය දික් කරන්නේ?. කලිසම පාත් කරලා බලහන් පොඩ්ඩක් උබෙ තියෙන්නෙ මොකද්ද කියල හරියට ශුවර් නැත්තම්. පරයා! "

    සඳක්ගේ පපුව වේගයෙන් ඉහළ පහළ යන්නට විය. ගොදුර වට කර ගත් කපුටන් රැලක් සේ නිල ඇඳුමෙන් සැරසුණු තරුණයන් පස්දෙනාම ඔහු වටා අඩ කවයක්ව සිට ගන්නට මෙය හේතු විය. පාසල් සිසුන් වුවත් ඔවුන්ගේ කරඳඩු සඳක්ගේ ඒවාට වඩා බොහෝ දරදඬු ඒවා විය. සාමාන්‍ය පෙළ සිසුවියක යැයි ඔහු විශ්වාස කළ තරුණියගේ පෙම්වතා උසස් පෙළ සිසුවෙකු විය හැකි වුවත් ඔහු සඳක්ට ඉහලින් දැවැන්ත වෘක්ෂයක් සේ උස්ව දිස් විය.

" තොගෙ කලිසම ඔලුවෙන් ගලෝලා පකක් සෙට් කරන්න තමා බල්ලො මං දවස් ගාණක් තිස්සෙ තෝව හෙව්වෙ! මේ වේසි එක්ක බස් හෝල්ට් ගානෙ හුරතල් වෙන්න තෝ කවුද?! ඒකි මගෙ. වට වේසියක් වුණත් ඒකි මගෙ! "

    " වට වේසියක්නං තව ළඟ තියන් ඉන්නෙ පකටද හුත්තො?! තෝත් දාර බඩ්ඩක් වෙන්නැති.. නැත්තං කෙල්ලට බොරුවට බැනලා publicly humiliate කරන එක උබෙ kink එකක් වෙන්නැති. "

   " තෝ හුත්තිගෙ පුතා කැම්පස් පකයල සේරගෙම කටට අරන් ඒ පවර් එක මට විතරක් මට පෙන්නන්න ලෑස්ති වෙන්නෙපා පරයා. තෝ පාර මැද්දෙ හරහට දාල හුකන්නෙ "

     " හම්මෝ ආසද එච්චරම? කිව්වනම් චුට්ටක් ට්‍රයි කරන්න දෙනවනෙ "

   " මොකද්ද තෝ දැන් කියන්නෙ?... තොට දානවා පෝලිමක් මේ පාරමැද.. පකයා.. ආය මගෙ එකීට තොගෙ හුළගක්වත් වදින්න බෑ. එච්චරයි. "

" දැන් ඔයා මටද ආස එයාටද? අම් කම්පියුස්ඩ් "

   " තොට ආසයි, හුකල හපකරන්න. මාව අවුස්සගන්න එපා තෝ.. තෝ දන්නෙ නෑ මං කවුද කියලා "

     " ඔයා මට ආසනම් ඇයි ඒක කෙලින්ම කියන්නැත්තෙ ලස්සන ළමයො.. ඇයි මේ ලස්සන නංගිත් අල්ලන් වටේ යන්නෙ.. එයා පව්. "

         ගෙදරට ඇද සිටි ඩෙනිම් කොට කලිසම හා බාටා දෙකක් පැලඳගෙන ගෙයින් එළි බැස්ස සඳක් ඔවුන් ඉදිරියේ කුඩා හා පැටවෙකු සේ දිස් විය. තරුණයා ඔහු තල්ලු කළේ ය. සඳක් තට්ටම් මත ඇද වැටිණි. යටි උදරය දෙසට පයින් පහර තුනක් වැරෙන් එල්ල විය. එය ආරම්භක සංඥාව ව ලෙස ගත් තරුණයන් ඔහු මතට පැන පහර දෙන්නට පටන් ගත්තේ අවසර ලත් දඩ බල්ලන් රැසක් සේය.

නාරින සූදානමක් සඳක්ගේ ද නොවීය. කුඩා ඔහුට දිග දඩු අස්සෙන් රිංගා එල්ල වන පහරවලින් බේරීම වඩාත් පහසු කටයුත්තක් විය. ඔවුනොවුන්ගේ පහරවල් වල රහ වැඩිමනත් බැලුවේ ඔවුනොවුන්මය. සඳක් පසෙක හඬා වැටෙන යුවතියගේ පෙම්වතා බිම පෙරලා ගත්තේය. ඔහුගේ පහර සියල්ලක්ම එල්ල වූයේ ලාබාල කඩවසම් මුහුණ වෙතමය. සඳක්ගේ අත් වලින් අල්ලා ඔහුව පසෙකට ඇඳ දැමූ තරුණයන් සිය මිතුරාට නැගිටින්නට උදව් කළහ.

ත්‍රී රෝද රථ ගාල අසල රැස් වූ වැඩිහිටියන් බලා සිටියා පමණකි . අතීතයේ මෙන් නොව..ඔවුහු මැදිහත් වීමට මැලි කමක් දැක්වූහ. කසුකුසුවක් යන්තමින් පැතිර ගිය ද පාසල් සිසුන්ගේ මුවින් පිට වූ පරුෂ වදන් පරයා පිට වූ සඳක්ගේ වචන ඒ සියල්ල යටපත් කළේය.

       " අනේ අයියෙ නවත්තන්නකො.. අනේ අයියෙ ඔයා ඉක්මනට මෙතනින් යන්න ප්ලීස්.. " සිය පෙම්වතාගෙන් කළ ඉල්ලීම් වලට ප්‍රතිචාරයක් නොලැබෙද්දී ඇය සඳක් ඉදිරියේ දෑත් එක් කළාය. ඇය ගැහුනාය. රැස්ව සිටි පිරිසෙන් මුහුණ සඟවා ගන්නට ඇය බොහෝ වෙහෙසුනාය.

       නමුත් දැනටමත් ඔවුන් ඈට අර්ථකථනයක් දී අවසන් බව ඈ දැන නොසිටියා නොවේ.

     සඳක්කේ නලල තුවාල වී තිබුණි. දෙතොල් පැලී ලේ ගැලුවේය. නමුත් ඔහුට පසෙකින් වූ රාත්තල් දෙක තුනක් බර කළු ගල ඔසවන්නට තාමත් ඔහුට ශක්තිය ඉතිරිව තිබුණි.

    එය ඔහු අතට ගෙන නැගිටිනවාත් සමඟ ප්‍රතිවාදීන්ගේ මුහුණුවල යම් පසුබෑමක් සටහන් විය. පාසල් යුවතියගේ පෙම්වතා හැර අනෙකුත් තරුණයන් අඩියක් දෙකක් ආපස්සට ගත්හ. බිම වැටී බාහුවල වාරුවෙන් සිටි ඔහු වෙත සඳක් ආවේ කළුගල හිසට ඉහළින් ඔසවා ගෙනය.

අත් හා පය වල උදව්වෙන් තරුණයා අඩි කිහිපයක් ආපස්සට බඩගෑවේය. සදක්ගේ අඩි වල වේගය එන්න එන්නට අඩුවෙනවා වෙනුවට ඒවා තව වේගවත් වන්නට වූ බව පෙනුණු හෙයින් ඔහු නැගිට අඩි කිහිපයක් ඈතට දිව්වේය. කගවේනෙකුගේ වේගයෙන් ඔහු පසුපස කුඩා කොල්ලුවා එන බව දුටු තරුණයා මහ සෙනඟ පීරාගෙන මඟ සාදා ගනිමින් ඔහුගෙන් හැකි තරම් ඈතට දුවන්නට විය.

සඳක් අතුරු වීදි දිගේ ඔහු පැන්නුවේය. අතට යමක් හසු වන තුරු ජීවිතය වෙනුවෙන් දෙපාවලට වාරු ගත් තරුණයා වසා දැමූ කඩ පිලක තිබූ ගැලවී ගිය ලී පුටු කකුලක් අහුලා ගත්තේ යන්තම් කලු ගල ඔහුගේ හිසේ ගෑවී නොගෑවී බිම පතිත වනවාත් සමගමය.

දත් කාගෙන හති හලන සඳක් මදක් වටපිට බලා මග පසෙක වූ යකඩ බටයක් අහුලා ගත්තේය.

     ";ඇයි හුත්තො බලන් ඉන්නෙ.. තොට ඕන මට පාර මැද්දෙ හුකන්නනෙ නේද දාන්?! ඉතින් හුකහං ඇවිත්! ඇයි බලන්නෙ හුත්තො වරෙන්!! "

" සඳක් !! "

ඔහු අතේ තිබූ යකඩ පොල්ල ඇඳ පසෙකට දමා හති දමමින් දෙපා මතට වාර වූ තරුණයා හිස ඔසවා සදක්ට රැව්වේය. ඔහු පසුපසම මෙන් ආ පොලිස් ජීප් රථය ඔවුන් අසල නතර විය.

පාසල් සිසුවාගේ පමණක් නොව සඳක්ගේ දෑත් වලටද මාංචු වැටුණි. දෙදෙනාම ඇඳගෙන ගොස් ජීප් රථය තුළට තල්ලු කරනු ලබන්නට පෙර ආරුශ් හැකි දරුණුතම රැවුම සදක් වෙත එල්ල කරන්නට යන්තමින් අවස්ථාව හිමිකර ගත්තේය.

*************

" ආව්! "

" වහගනිං! "

ආරුශ් වෙන කිසිත් නොකීවේය. ඔහු සඳක්ගේ තොල් හා මුහුණ මත වූ ලේ පුළුන් කඩකින් පිස දමා බෙතඩීන්වලින් එම තුවාල පිරිසිදු කළේය.

" අයියේ.. "

සඳක් මිමිණුවේය.

" මට කතා කරන්න එපා උබ! "

" උන් ගහල පාරෙ මරල යනකල් අතපය අකුලන් ඉන්නද ඕයි මට කියන්නේ.. ?! "

" සඳක් මං උඹේ හැටි දන්නවා. ඒ හින්දා වහපන් කට "

" මං ෆයිට් බැක් කරේ නැත්නම් උන් මෙලහට මාව එතන මරල දාලා. තමුසෙ කියන්නෙ මට ඒ වෙලාවේ සිල් රකින්න කියලද ?! "

"උබේ කට හොඳ නෑ! උබ මැරුම් කන්නේ ඔන්න ඔය කට හින්දා දවසක.. අද කිව්වයි කියල ලියල තියාගනින් මං "

" හැමෝටම පේන්නේ මගේ වැරදි විතරයි . අයියත් දැන් මාව මරයි ගෙදර අරන් ගිහින්.. තමුසෙවත් හිත හැදෙන්න වචනයක් කියනවා ඕයි.. තුවාල දිහා බලාගෙන වත් ! "

" තොට හැමදේම විහිලු.. ගොං පකයෙක් තෝ "

" මං රණ්ඩුවට ගියේ නෑ දෙයියනේ! ඌ එදා අර බස් හෝල්ට් එකේ හිටපු කෙල්ලගේ boyfriend. "

" මොන කෙල්ලගෙද ?! "

" අර අරුන් උඹට සෙට් කරන්න හදපු කෙල්ලගෙ "

" මං කිව්වනේ උඹ මැරුම් කෑවොත් උඹේ කට හින්දා කියලා "

" මං මොනාද කළේ?! "

" රුශාල් එනවා.. නවත්තගන්නවා දැන්.. "

වැඩිමල් සොහොයුරාට වඩා ඔහු කෙරෙහි කෝපය පල කළේ ආරුශ් ය. ගෙදරදී සිදුවන්නට යන දේවල් සුනාමියකට සමාන වේවිද? නමුත් රුශාල්ට සඳක්ගේ මේ ගතිගුණ පුදුමයක් නොගෙනාවේය. සඳක් හිතුවක්කාර ඇට්ටර චරිතයකි.

" යමං.. කාලකන්නියා. මගෙ මාස දෙකක පඩියට කෙලියනෙ.. යම. අද ඉඳන් අවුරුදු දෙකක් තෝ මේ ණය ගෙවන්නෝන.. "

      " අනේ මගෙ සුදු අයියෙ.. "

" සුදු පයිය තමයි දැන්.. හම ගිහින් තෝ හින්දා "

" ගෙදරට කියන්න ඕන්නෑ ඉතින් නේද මේව?.. ඔයාල අපිනෙ.. ඔයා සුදුයිනෙ.. මගෙ හොට් අයියනෙ.. "

      " යමං. "

" අනේ අම්මලට කියන්නෙපා රෙද්ද.. මං පටන්ගත්තෙ නෑනෙ, පාඩුවෙ පාරෙ ඇවිදගෙන එනකොට එකපාරටම මෙන්න මාව මේම මේම... මේම මේම වටකරගන්නවා කලු තඩි කැත උස-"

     " දහය වසරෙ කොල්ලො ටිකක්. "

" දහ තුනේවත් වෙන්නැති ඉතින්.. ලෙට් මී එක්ස්ප්ලේන් අයියා.. "

"  අනේ සුදූ තෝ ඉංග්‍රීසි යූස් කරන්නනං එපා මොනා කරත්.. හෙන ක්‍රින්ජ්.. "

    " ඉදපංකො හුත්ත කියනකල්... ඉතින් මේ දඩාරයො බලු රැල මාව වට කරගත්තම අම්මල බාගෙට කන්න දෙන, හැදිල නැති චුටිම චූටි හා පැටවෙක් වාගෙ අහිංසක- "

    " කැම්පස් කොල්ලෙක්- "

" ඇඩ් නොදා ඉදපියකො හුත්ත.. "

" හුත්ත... පෙන්නනවා මං තොට හුත්ත! අනුන්ගෙ පවුල් කඩාකප්පල් කරන්න ගිහින් ගුටිකාල මෙතන පොයිය ගහන්නෙපා සඳක්.. කට කඩනවා හුත්තගෙ කුනුහරුප කිව්වොත්. "

    " තමුසෙත් කියන්නෙ... හුම්... "

" යමකො ගෙදර.. ලොකු රෙදි කන්දක් එහෙම තියෙනවා ගොඩගහලා.. "

     " අනේ මේ අපිනං තෙමෙයි වැස්සට.. "

" ආහ් හා හා.. කමන්නෑ එහෙම අවුලක් තියෙනවනම් මං අම්මලට කියලා මගෙ පාඩුව පියවගන්නං.. කිසී එකක් නෑ ඒකෙ- "

     " අනේ ඉතින්.. "

" මගෙ මාස දෙකක පඩිය.. තෝ අවුරුදු දෙකක් හෝදන්න ඕන මගෙ රෙදි.. "

      " බේල් එක කීයද? තොගෙ මාසෙ පඩිය විසිපන්දහද වල් බල්ලො?! "

" ඉන්නෙ මහපාරෙ හින්දා කඩන්නෑ තොගෙ කට.. යම ගෙදර. අද දෙන්නං තොට "

" අනේ... හරි හරි ඉතින් ... මාස දෙකයි හැබැයි හාද? මගෙ ඇගටත් හරි නෑ.. මග මැරෙයිද දන්නෙත් නෑ කාපු කෑමනාවෙ හැටියට- "

" මෙන්න මුගෙ කට තලපංකො රුශාල්! " ආරුශ්ගේ මුවින් පැන්න වදන්වලට පෙරහනක් නොම විය.. ඔහුගේ මුහුණේ ඇදුනු කෝපය කිසිසේත් වසන් කළ නොහැකි විය. " ඕව කට තිබ්බ පලියට කියන්න හොද වචන නෙවෙයි.. අපෙ අම්මා හිටියනං මුගෙ හක්ක ගලවලා... "

ආරුශ් එක් කළේ ය.

සඳක් බිම බලාගත්තේය.

    රුශාල් සඳක්ගේ හිස් ආවරණ පළදවන අතර සඳක්ගේ ඇස් ආරුශ්ගේ ඒවා මුණගැසුණි.. ඔහු ඇසක් ඉගිමැරුවේ.ආරුශ්ගේ කෝපය තව අවුස්සන්නට ම මෙනි. හිස දෙපසට වනමින් සිය මෝටර් බයිසිකලයට ගොඩ වූ ආරුශ් සිය හිස් ආවරණය පැලඳගත්තේ ද කඩිනමිනි. 

🌕✨️

Continue Reading

You'll Also Like

3.6M 152K 61
The story of Abeer Singh Rathore and Chandni Sharma continue.............. when Destiny bond two strangers in holy bond accidentally ❣️ Cover credit...
836K 85.2K 30
في وسط دهليز معتم يولد شخصًا قاتم قوي جبارً بارد يوجد بداخل قلبهُ شرارةًُ مُنيرة هل ستصبح الشرارة نارًا تحرق الجميع أم ستبرد وتنطفئ ماذا لو تلون الأ...
13K 1.4K 15
මේක Supernatural category එකට යන කොටස් කිහිපයක BL කෙටි කතාවක්. මේ කතාවෙ එන නම් ගම් ස්ථාන සිදුවීම් සියල්ලම මනඃකල්පිත වන අතර කතාවෙ ඇතුලත් මන්තර පාඨ...
2.1K 381 8
𝑫𝒂𝒕𝒆 𝑾𝒊𝑻𝒉 𝑴𝒀 𝑳𝑶𝑽𝑬 ♡︎ 𝑌𝑖𝑍ℎ𝑎𝑛 𝑆ℎ𝑜𝑟𝑡 𝑆𝑡𝑜𝑟𝑦 - 𝑆𝑖𝑛ℎ𝑎𝑙𝑎 - COMPL...