Spirit Angel ♡︎✨️ ( 𝑌𝑖𝑍ℎ𝑎...

By Shen024

1.2K 148 9

මංමුලා වූ මගේ ආත්මයට පාර කියා දුන් ඔහු.... More

පළමු කොටස
තෙවන කොටස
සිව්වන කොටස
අවසන් කොටස

දෙවන කොටස

213 29 2
By Shen024


Spirit Angel ✨️




       මේ වෙන කිසිම දෙයක් තෙරුම් ගන්න බැරුවයි ඉන්නෙ මම.  මම මෙ ඉන්නෙ හීනෙකද. අනෙ එහෙනම් ඉක්මනට මාව ඇහැරෙන්න.. මට බයයි... මට මගෙ මමා ලඟට ගිහින් තුරුලු වෙන්න ඕන. පිරිමියෙක් වුනත් මේ දැනෙන තනිකමට මම බයයි.

ඇම්බියුලන්ස් එක යනවත් එක්කම එතන පොලිස් වාහන දෙකක් ඇවිත් නතර වෙද්දි වට වෙලා හිටපු සෙනඟත් සිසිකඩ යන්න ගත්තෙ මෙතන ඉඳලා කටඋත්තර දෙන්න වෙවි කියලා දන්න නිසාමයි. හ්ම්ම්... ඒක මිනිස්සුන්ගෙ හැටිය. සාදාරනයක්ද අසාධාරණයක් ද වෙන්නෙ, ඒක තමන්ට අදාල නැති තාක් මිනිස්සු හදන්නෙ පැනලා දුවන්නයි.

මාත් එතන බලන් හිටියා කියලා තෙරුමක් නැතිවෙද්දි පාර දිගෙ ඉස්සරහට ඇවිදගෙන ආවෙ කිසිම හැගීමක් නැතුවයි. මාව හිස් වෙලා.... මම මැරුන ආත්මයක්.. හොල්මනක්. ඒත් කාටවත් මාව පේන්නෙත් නැ. මාව නොදකින මිනිස්සු කි දෙනෙක් මගෙ ඇග හරහා ගියාද. එයාලා දන්නවා නම් මැරුන එකෙක්ගෙ ඇඟ ඇතුලෙන් ගියා කියලා.. - හා හා -

ඇඩන්නත් කදුලු නැතිවෙද්දි මම හිනාවෙවි ඉස්සරහ තියෙන children park එකට එලියෙන් දාලා තියෙන බෙන්ච් එකකින් ඉදගත්තා. මම දැන් හොල්මනක්... මගෙ ජිවිතෙ මෙ අවුරුදු 23 ට මට කියලා මම මොනවද කරගත්තෙ. නිකමෙක් වගෙ මැරිලා ගියපු එක විතරයි වුනෙ අන්තිමෙ.

" ම්ම්ම්.... ඔයා එහෙම හිතන්න ඉක්මන් වැඩියි ලමයා "

කල්පනාවෙම හිටපු මම ගැස්සිලා ගියෙ පිරිමි කෙනෙක්ගෙ කටහඬක් ඇහිලයි.

" ඔයාට කාලය තියෙනවා තවමත් හැමදේටම "

බෙන්ච් එකට අඩි දෙකක විතර දුරින් හිටපු ඒ කෙනා එහෙම කියාගෙනම ඇවිත් මම හිටපු බෙන්ච් එකෙන්ම ඉඳගත්තෙ මගෙ දිහා බලාගෙනමයි.

ඒ කෙනාට මාව පේනවද...? එත් කොහොමද ? එයත් මම වගේම මැරුන කෙනෙක් ද ? හොල්මනක් ද මේ ?

" - හහ් හා හා - නැ නැ.... මම කොහොමටවත් හොල්මනක් නෙවෙයි... මෙච්චර හැන්සම් මගෙ දිහා බලලද ඔයා හොල්මන ගැවේ ආ... "

මොකක්... එයා... කොහොමද මම හිතුව දේ ගැන කිව්වෙ. හැන්සම්... ම්ම්ම්... එ කතාව නම් ඇත්ත. මට වඩා වැඩිමල් පෙනුමක් තිබ්බත් එ තරම් වයසක් පෙනුනෙ නැ එයාගෙන. ලස්සනයි.. චාම් පින් පාට මූනක් තියෙන්නෙ.

" අහම්.... "

මම ඒ පිරිමි ළමයා දිහා බලාගෙන කල්පනා ලෝකෙක ගිලෙද්දි එයා උගුර පාදලා ආඩම්බර හිනාවක් මට දුන්නෙ මගෙ හිතත් එක මොහොතකට ගැස්සිලා යද්දි යි. ඒ හිනාව.... මම මෙච්චර කාලෙකට දැකපු ලස්සනම හිනාව.

" ඔච්චර වර්ණනා නොකරට කමක් නැ ඉතිං.... ලස්සන නිසානෙ මේ ඔක්කොම "

එ පිරිමි ළමයා නාට්‍යානුසාරිව එහෙම කියනකොට මගෙ කටිනුත් හිනා⁣වක් පැන්නා.  ඒකටත් එ කොල්ලා මගෙ දිහා බලල ගස්සලා අහක බලාගත්තා. ඇයි යකඩො.... ලොකු කොල්ලෙක් නෙද මේ දහඅටක ලමිස්සියෙක් වගෙ හැසිරෙන්නෙ.

කවුද ඇත්තටම මේ. එයාට මම හි⁣තන දේවල් ඇහෙනවද ?

" හරි.. ඔයා කවුද....? කොහොමද මාව පෙන්නෙ ඔයාට...? ඔයාට මම හිතන ඒවා ඇහෙනවද ? එ කොහොමද ? "

" හොව් හොව් හොව්..... යාාාහ්.... එක පාරට ඔහොමත් අහනවද... එක ප්‍රශ්නෙ ගානෙ හිමිට අහන්න "

මේ මනුස්සයා විකාර කියවනවා. මම හොඳටම කලබල වෙලා ඉන්නෙ මේ වෙන දේවල් වලට.

" හරි හරි.... අහන්නකො.. මම කියන්නම්... ඔයා හිතනවා වැඩියි ඕනවට වඩා ලමයෝ "

මුකුත් නොකියා මම එයා දිහා බලාගෙන හිටියා.

" පලවෙනි එකට උත්තරෙ... මම වන්ග් යිබෝ..... මම කවුද කියලා කියන්න බැහැ දැන්ම ඔයාට, හැබැයි මම විශේෂ කෙනෙක්... ඒ විශේෂ කම තමයි මට ඔයාලා වගෙ අයව දකින්න පුලුවන් වෙන එක "

මොකක්... එ කියන්නෙ..... මෙයා මට විහිලු කරනවද මේ.

" මේක විහිලුවක් නම් අනිත් අයට නොපෙනුන ඔයාව මම දකින්නෙ කොහොමද කියන්නකො ම්ම්ම්...."

".................... "

" හරි හරි අහන්නකො... ඒක මම මෙහෙම කියන්නම්.... ඔයා වගේ ශරීරෙන් මිදුන ආත්ම එක්ක මට කතා කරන්න, දකින්න පුලුවන්. අතරමං වෙලා ඉන්න ඔයාලට හරි පාර හොයලා දෙන එක තමයි මගෙ රාජකාරිය.. මම ඔයාව එක්කන් යන්න ආව දූතයෙක් කියලා හිතන්නකො "

ආත්මයක්.. ශරිරෙන් මිදුන...

" ඔව්... ඔයත් ආත්මයක්.. හොල්මනක් නෙවෙයි... හප්පො..... ඔහොම පුදුම වෙන්න එපා අනේ.. මට ඔයාගෙ ඇස් දිහා බැලුවම හිත කියවන්න පුලුවන් ⁣- හෙ හේ - "

ඇස් දිහා බලලා හිත් කියවන්න..... මොනවද අප්පා මේ වෙන්නෙ. ඉතිං ආත්මයක් කියන්නෙ හොල්මනකට නෙවෙයිද.

" ඔයා ඔම හිත හිත ඉද්දි මගෙ කට තමා අප්පා රිදෙන්නෙ ඔයාට කතා කරලා.. "

මට හිනාවක් ගියා. කතා කරනවට වඩා ලෙසිනෙ හිතන එක ඉතිං.

" එවුනාට ඒක අසාධාරණයි..... මම කියවන්නයි, ඔයා හිතන්නයි... බැ බැ... මම ඔයාගෙ දිහා බලන්නැ "

මෙ කොල්ලට නම් පිස්සු....

" හරි හරි..... මම කතා කරන්නම් "

" අන්න එහෙම එන්න..... අහ්.. ඔයාගෙ අර ප්‍රශ්නෙට උත්තරයක් දුන්නැනෙ. ඔයා මැරුන කෙනෙක් නෙමෙයි. ඔයාගෙ ආත්මෙ ඔයාගෙ ශරීරෙන් එලියට ඇවිත් තියෙන්නෙ "

" ඒත්.... එ කොහොමද ? "

" ඔයා ඇක්සිඩන්ට් වෙනවත් එක්කම ඔයාගෙ ආත්මෙ ඔයාගෙ ඇඟෙන් එලියට විසි වුනා. මම එවෙලෙ එතනමයි හිටියෙ ඔයා දිහා බලාගෙන...  ඒක ඔයාට විශ්වාස කරන්න අමාරු දෙයක් වෙන්න ඇති. එත්.. ඒක තමයි ඇත්තටම වුනෙ "

එතකොට මම මැරිලා නැද්ද.

" නැහැ.... ඔයා මැරිලා නැ.. ඔයා දැන් ඉන්නෙ කෝමා එකක "

" මොකක් ?..... එතකොට මම දැකපු දේවල්... මම මමා එක්කත් ගෙදරින් එලියට එන්න කලින් කතා කරානෙ "

එයා එහෙම කියද්දි මාව ශොක්වෙලා ගියා.

" ම්ම්ම් අපි හිතමු ඒ ඔයා දැක්කෙ කෙටි කාලීන හිනයක් වගෙ දෙයක් කියලා.... ඔයා කතා කරත් මමාව දැක්කෙ නෑනෙ.. නේද ? "

ඇත්ත... කතා කරාට මම මමාව දැක්කෙ නැනේ.

" අපි ෆැන්ටසිය කියලා හිතන් ඉන්න හැමදේම මිත්‍යාවක් නෙවෙයි ලමයො.... රියැලිටිය අස්සෙ මේ වගේ පුදුම හිතෙන දේවලුත් වෙනවා "

එහෙමත් වෙන්න පුලුවන් ද ? බැරි නැ තමා මේ වෙලා තියෙන්නෙ. එත් මේ මනුස්සයා කියන දේවල් විශ්වාස කරන්න පුලුවන් ද ? ආාහ් ඒකත් ගොනා වගෙ එයා දිහා බලන්ම හිතුවා. යාාහ් මට අමතක වෙනවා මෙ මනුස්සයට මගෙ හිත කියවන්න පුලුවන් කියලා. අර අර දැක්කනෙ දැන් හිනා වෙනවා.....

" - හහ් හාහා - මොඩ කොල්ලා.... මාව විශ්වාස කරනවද නැද්ද කියන එක ඔයාට බාරයි ඉතිං.. මොකද ඒක ඔප්පු කරල පෙන්නන්න සාක්ෂි නැ මං ළඟ "

" හ්ම්ම්.... මට අවිශ්වාසයක් නැ එහෙම.... එත් ඔයා ඒ වෙලාවෙ හිටියා නම් ඇයි මාව බේරගත්තෙ නැත්තෙ.. එහෙනම් මෙහෙම දෙයක් වෙන්නෙ නැනෙ "

" හො හො....... දෛවය වෙනස් කරන්න මට බැ ලමයො.... ඒක වෙන්න තිබ්බ දෙයක්.. මට පුලුවන් ඒ දිහා බලන් ඉන්න විතරයි..... ඒවා වළක්වන එක අපෙ නීති වලට පටහැනීයි "

" ඒකත් එහෙමද..... ම්ම්ම්..... මොනවා වුනත් දැන් මම නිකන් ආත්මයක් වෙලා ඉවරයිනෙ දැන්  "

ලොකු හුස්මක් අතැරිය මම එහෙම කිව්වත් ඒ පිරිමි ලමයගෙ මූනේ ලා හිනාවක් තිබ්බෙ.

" නැහැ.... නිකන්ම ආත්මයක් නෙවෙයි.. මම කිව්වනෙ මේක වෙන්න තිබුන දෙයක්.  මේ ලෝකෙ වෙන හැමදේටම මොකක් හරි හේතුවක් තියෙනවා. ඔයා බෞද්ධ කෙනෙක් නෙ... ඒ නිසා මම කියන දේ ඔයාට තෙරුම් ගන්න පුලුවන් වෙන්න ඕන "

මෙයා ඒ ගැනත් දන්නවද ?

" හෙ හෙ.... මම ඔයා ගැන ගොඩක් දේවල් දන්නවා ලමයො... ඔන්න අහගන්නකො.... ඔයාගෙ නම ශියාඔ ශාන්... වයස අවුරුදු 23 යි. ලේ වර්ගෙ 'O' පොසිටිව්.. උස ⁣අඩි 5'8 යි.. මෙහෙ තියෙන ඉදිකිරීම් සමාගමක ඩිසයිනර් කෙනෙක්... මමා කෙක් ශොප් එකක් කරනවා.. තව ඔයාට ජියේ කෙනෙක් ඉන්නවා.. ම්ම්ම්.... පපා ඔයා පොඩි කාලෙදිමයි නැතිවුනෙ.... අවුරුදු 15 කට කලින්... මම හරිනෙ "

එයා එකින් එක මගෙ විස්තර කියාගෙන යද්දි මම පුදුමෙන් එ දිහා බැලුවත් පස්සෙ ආයෙ මට මතක් වුනෙ මේ සාමාන්‍ය මනුස්සයෙක් නෙමෙ කියන්නයි.

" මම හිතන්නෙ ඔයාගෙ ප්‍රශ්න ඔක්කොටම උත්තර හම්බවුනා... එහෙමනෙ "

ඉදන් හිටපු තැනින් නැගිටපු එයා මම දිහා බලල එහෙම ඇහුවෙ අර හිනාවෙන්මයි. ඔව් කියලා අගවන්න මම ඔලුව වනද්දි මං දිහා ටික වෙලාවක් බලාගෙන හිටිය එ පිරිමි ලමයා,

" අපි යමු..... ඔයාට දැන් රාජකාරියක් තියෙනවා කරන්න "









______________________________________

රාජකාරිය මොකක් වෙන්න ඇද්ද... ??


ඊලඟ කොටසින් හමුවෙමු..
මම Shen

Continue Reading

You'll Also Like

4.9K 867 10
වලා අසපුවෙහි නිහඬ බව බිඳිමින් ඇසුණේ මහ හඬින් කළ කෑ ගැසීමකි. "ලන් ඡාන්................." "................... අපි ඒ දෙන්නා ඒ පැත්තට ගිහින් හිටපු හාවෙක...
5.5K 546 14
එය අසුර හදක දළුලා වැඩුන ආදරයක් ❤️
8.2K 878 24
බලාපොරොත්තු නොවුණු මොහොතක හමුවූ මාගේ destiny එක 🎶
148K 3.3K 13
You've finally graduated from college, and have just bought a new house far away from where you used to live.