Spirit Angel ✨️
- ට්ර්ර්ර්ර්ර්ර්.......... ට්ර්ර්ර්ර්ර්ර්....... -
ආාාහ්... හීනයක් දැක දැක නිදාගෙන හිටපු මාව ගැස්සිලා වගේ ඇහැරුනෙ බෙල් එක වදින සද්දෙට. දැක්කෙත් මහ විකාර හීනයක්. ම්හු... අපි නැගිටින්නම ඕනෙද අප්පා උදේට... හැමදාම නිදාගෙන ඉන්න බැරිද දන්නැ.
- ට්ර්ර්ර්ර්ර්ර්............. -
ඉවරයක් නැතුව වදින බෙල් එකත් ඕෆ් කරගෙන මම ඇඳෙන් බැස්සෙ අතපය දිගඇරලා ඇඟමැලි කඩන ගමන්මයි. ආාාහ්.... වැඩට යන්න ඕනනෙ දැන්. අනෙහ් මට බැ........
- ටක් ටක් ටක්...... -
" ශාන්..... නැගිටලද ඉන්නෙ දරුවො.. පරක්කු වෙලා දුවන්නැතුව කම්මැලියා නැගිටින්න "
ඇඳෙන් බැහැලත් මං කම්මැලි කමේම එහෙට මෙහෙට වෙවි ඉද්දි මමා කාමරෙ ගාවට ඇවිත් කෑගහන්න පටන් ගත්තා. ඒ තමයි මගෙ දෙවනි බෙල් එක.
" හරි මමා.... ඇහැරලා ඉන්නෙ අනෙ...හ් "
" අනෙ හුනෙ නෙමෙයි.... අන්න මං කැම ලැස්ති කරා. කාලා යන්න ඕන ඔක්කොම.. ජියෙත් ගියා උදේන්ම අද.. මාත් මෙහෙන්මම කඩෙට යනවා ශාන්... "
මමා පල්ලෙහාට බහින ගමන්ම එ ටිකත් කියාගෙනම ගියා.
" හරි මමා... පරිස්සමෙන් යන්න "
අපෙ ගෙදර තට්ටු දෙකෙ ගෙයක්.. උඩ තට්ටුවෙ ඉන්නෙ මමයි ජියෙයි.. පල්ලෙහා තමයි මමා ඉන්නෙ. හ්ම්ම්..... පපා නම් අපි අතර නෑ දැන්. එයා අපිව දාලා ගියෙ මම පුංචි කාලෙමයි. එත් තාම මට පපාව මතක් වෙද්දි ලොකු පාලුවක් දැනෙන්නෙ. ඒක කියාගන්න තෙරෙන්නැ.
උදේම මුඩ් ගහන් ඉන්න බැරි නිසා මම ඉක්මනට බාත්රූම් එකට පැනලා වොශ් එකක් දාගෙන රෙඩිවෙලා පහලට ආවා. කෑම එකත් වහලා තියලා මමා ගිහින්. ප්ලාස්ක් එකට දාපු කිරි එකත් මගෙ කෝප්පෙට දාගෙන ඒක බොන ගමන්ම හදලා තිබ්බ සැන්විච් ටිකත් කාලා, බොක්ස් එකක දාලා ඔතල තිබ්බ දවල් කෑම එකත් බෑග් එකෙ දාගෙන පාරට ආවා.
අපෙ මමා එහෙම තමයි.... ඉස්සර ස්කූල් යන කාලෙ වගේම තාම මමා මගෙයි ජියෙ ගෙයි ලන්ච් බොක්ස් ලෑස්ති කරනවා උදේට. එයා පපා නැතිවුනාට පස්සෙ කෙක් ශොප් එකක් කරන්න පටන් ගත්තා. අපෙ පපා ටීච කෙනෙක්. එයාගෙ පැන්ශන් එක අම්මට තාම හම්බවෙනවා.. එත් දරුවො දෙන්නෙකුත් උස්මහත් කරන් ජීවත් වෙන්න එ සොච්චම හොඳටම මදි. මම, ජියෙ දෙන්නම ජොබ් කරන නිසා දැන් වෙද්දි සල්ලි වලින් අපෙ පවුලට ගැටලුවක් නොවුනත් මමා කැමති නෑ දැන්ම අපි පවුල් බර කරට ගන්නවට. අපේ කැමැත්තෙන්ම ගෙදරට දෙයක් ගෙනාවොත් ඇරෙන්න අපෙන් සතයක්වත් ගන්නෙම නැති තරම් මමා. එයාගෙ අතපය තාම හයියයිලුනෙ එයාගෙ දරුවො දෙන්නව බලාගන්න. එතනින් එහාට මමවත් ජියේවත් තර්ක කරන්න යන්නෙ නෑ. අම්මෙක්ගෙ ආදරේ එහෙමයි.
ඒවා මෙවා කල්පනා කර කරම මම දැන් විනාඩි දහයක් විතර හෝල්ට් එකට වෙලා බස් එක එනකන් මෙ බලන් ඉන්නෙ. වෙනදට එන බස් එක නැ වගෙ අද... එක්කො ඒක ගිහින් මම පරක්කුද කොහෙද.... අයියොව්... පයින් ගමනක් වගෙ අද තියෙන්නෙ. මම වැඩ කරන කම්පැනි එකට යන්න කිලොමීටරෙකට වගෙ කිට්ටු දුරක් තියෙන්නෙ. පයින් යන්නත් පුලුවන්... එත් කම්මැලි අප්පා දාඩිය පෙරාගෙන උදේම පයින් ගාටන්න.
බස් එකක් එන පාටක් නැ... කමන්නැ දැන්ම නොගියොත් අර වසවර්ති මිනිහා අදත් මාව කයි. බොස්ට හපන්නෙ ඒකෙ ඉන්නො නහුටු කුක්කො....
මම වැඩ කරන්නෙ චීනෙ ප්‍රසිද්ද ම ඉදිකිරීම් සමාගමක. එතන එක එක පැති ගොඩක් කියෙනවා. මම ඉන්නෙ ඩිසයින් සයිඩ් එකෙ. අපෙ ටීම් ලීඩ කියල ඉන්න ඔය මනුස්සයා තමයි හැමදාම අපෙ ඔලුව කන්න බලාගෙන ඉන්නෙ.. එ මිනිහට අපි වැරද්දක් කරත් නොකරත් මොකක්ම හරි රීසන් එකක් තියෙනවා අපිට බනින්න. ඉතිං අටට පටන් ගන්න ජොබ් එකට අටයි එකට ආවත් එයාගෙ හැටියට වැරැද්දක් ඒක. හුහ්...
මම ඉන්නෙ මේන් රොඩ් එකටම කිට්ටුවයි. මේන් රොඩ් එකෙන් අතුරුපාරකට හැරිලා තමයි අපෙ ගෙදර පැත්තට එන්න ඕන. පරක්කුමත් නැතිනිසා මම සාමන්‍ය වේගෙන් ඇවිදන් ආවෙ. අතුරුපාර ඉවර වෙලා හැරෙන කොටම මිනිස්සු ගොඩක් එතන එකතු වෙලා හිටියා.
හ්ම්ම්ම්... ඇක්සිඩන්ට් එකක් වගේ. ඕක බලන්න ගිහින් පරක්කු වෙයිද.. එක්කො කමන්නැ බලලම යමු. සෙනග ටිකකුත් නෙමෙ.. එතන මිනිස්සු විස්සකට තිහකට කිට්ටුවෙන්න ඉන්නවා. කාර් එකකුත් පේන්න තියෙනවා. කෝ පෙන්නැනෙ කට්ටිය වටවෙලා ඉන්න විදියට.
පෙන්නෙත් නැති නිසා ඉන්න කට්ටිය මැද්දෙන් මම රිංගලා වගෙ ඉස්සරහට ගියා.
ඔහ්....... ලේ ගොඩයි.. පව්.... තරුණ කොල්ලෙක් වගෙ හැප්පිලා තියෙන්නෙ. මෙයා ජීවත් වෙනවද තාම. ඇයි කවුරුත් බලන්නැත්තෙ එයා ලඟට ගිහින්.
එත් ඉන්න.... එ කොල්ලා ඇඳන් ඉන්න ඇඳුම වගේම එකක් නෙ මාත් අද ඇඳන් ඉන්නෙ. අර විසිවෙලා තියෙන සයිඩ් බෑග් එකත් මේ වගෙමයි. එ පිරිමි ලමයගෙ මූන පෙනුන්නැති වුනාට මට දැනෙන්නෙ ඇයි මෙයාව මං දන්නවා කියලා.
මම තව ටිකක් ඒ පිරිමි ළමයා ලඟට යන්න හැදුවත් ඇම්බියුලන්ස් එකක් ඇවිත් නැවැත්තුවෙ මගෙ ඇඟෙ ගැවෙන නොගැවෙන මට්ටමින්. මෙ මිනිස්සුන්ගෙ මොලේ හොඳ නැද්ද..... එකක් මදිවට තව ඇක්සිඩන්ට් එකක් කරන්න හදන්නෙ....
ගැස්සුන පාර මම පපුවටත් අත තියාගෙන ඇම්බියුලන්ස් එක දිහා බලද්දි ඒකෙන් කලබලෙන් වගේ නර්ස්ලා ඇතුලු කීප දෙනෙක්ම බිමට බැහැලා ට්‍රොලි එකත් වාහනෙන් එලියට ගත්තා. එයාලා ලේ ගොඩක් මැද හිටපු පිරිමි ළමයා ගාවට යද්දි මාත් තව කිට්ටු වුනේ ඒ මූන හරියටම බලාගන්නයි. මොකද මට මේ දැනෙන අමුතු හැඟිම නැතිකරගන්නයි ඕනකම තිබ්බෙ. එතන හිටිය පිරිමි නර්ස්ලා දෙන්නෙක් එ ලමයව ට්‍රොලියෙන් තියද්දි මම දැක්කා ඒ කෙනාගෙ මූන...
ඒක.... හරියටම... හරියටම මගෙ මූන වගේමයි... දෙයියනෙ එහෙම කොහොමද වෙන්නෙ. එයා ඇඳන් ඉන්නෙත් දැන් මම ඇඳන් ඉන්න ඇඳුන්මයි.. මේක..මේක කොහොමද වෙන්නෙ.
ඒ රූපෙ දැක්කත් හරි මගෙ ඇගම සීතල වෙලා යද්දි මම ඉස්සරහට ගිහින් එ කෙනාගෙ ඇඟ අල්ලන්න හැදුවත් ඇඟ ස්පර්ශ වෙනවා වෙනුවට මගෙ අත ඒ ඇඟ ගරහා ගියෙ මට... මට කියාගන්න නොතෙරෙන ලොකු බයක් දැනෙද්දියි. මම ආයෙ ආයෙත් ඒකම කරත් එ පිරිමි ලමයව වත් එතන හිටිය කාවවත් මට අල්ලන්න බැහැ... මම අත්දෙකෙන්ම ඔලුව බදාගෙන කෑ ගැහුවත් එතන හිටිය කවුරුවත් මට ඇහුන්කන් දුන්නැ... නැහැ.. එයාලට.. එයාලට මාව ඇහෙන්නෙවත් පේන්නෙවත් නැ... මොකද්ද මට වුනෙ... ම ම...... මැරිලද....
" දෙයියනෙ මගෙ දරුවා...... මගෙ පුතේ.... ශාන්.... නැගිටපන් රත්තරනෙ.... ඔයාට මෙහෙම අපිව දාලා යන්න බැ ශාන්.... "
" ශාන්..... මල්ලි..... නැගිටින්නකො.... මෙ බලන්න මමා ගොඩක් අඬනවා ශාන්.... ඔයා ආස නෑ නේද මමා අඬනවට... නැගිටින්නකො මල්ලි... "
අවසියෙන් වගේ ඒ දිහා බලාගෙන හිටගෙන හිටපු මගෙ ඇඟ හරහා ගෑනු රූප දෙකක් ගියෙ මට ඒ කවුද කියලා හිත හිත ඉන්න තප්පරයක්වත් ගත නොවෙන කොටයි.
මගෙ මමා.... ජියෙ... එයාලා අඬනවා... ඒ කියන්නෙ මම ඇත්තටම මැරිලද ??
" අනෙ ජියෙ.... මමා.... ඔයාලගෙ ශාන් ඉන්නවා... ජියෙ මාව ඇහෙන්නැද්ද දෙයියනෙ.. ඔයාලගෙ ශාන් ඉන්නවා මෙතන. මමා............ මම.. මම මැරිලා නැ... මම ඉන්නවා.. ඔයාලා ළඟ ඉන්නවා..... "
මම මමාට ජියේට කොච්චර කැගහල කිව්වත් එයාලාට මාව ඇහෙන්නෙ නෑ. එයාලව අඩුගානෙ මට අල්ලන්නවත් බෑ.
" මමා.... අඬන්න එපා ඔහොම... මමා අඬනවට කැමති නැනේ මම... ජියෙ කියන්නකො මමාට අඬන්න එපා කියලා..... "
එයාලා මගෙ ශරීරෙ.. ඔව්.. ඒක එහෙම තමයි.. එයාලා මගෙ පණක් නැති ශරීරෙ බදාගෙන අඬනවා. මං කොහොමද බලාගෙන ඉන්නෙ... ඇයි.. ඇයි.. දෙවියො මේ තරම් දරුනු ඉරණමක් දුන්නෙ මට. මට මොනව වුනත් කමක්නැ... මගෙ අම්මව සනසවන්න විදියක් කියලා දෙන්න මට... මට දරාගන්න බැ මේක.....
මගෙ බොඩි එක දාගත්ත ඇම්බියුලන්ස් එකටම මමායි ජියෙයි දෙන්නම නැග්ගත් එක්කම වේගෙන් ඇම්බියුලන්ස් එක හොස්පිටල් එක පැත්තට යන්න ගියා. එයාලා මං ගැන මොනව හරි කතා වුනත් මට ඒක තෙරුම් ගන්න බැරිවුනා....
______________________________________
හිතට ආව පුංචි අදහසකට ලියන්න ගත්තෙ මේක... මෙච්චර දවස් non fiction විතරක් ලිව්ව නිසා වෙනසකට yizhan එකක් ලියන්න හිතුනා.
දිගට ඇදෙන්නෙ නෑ... Chapter 5 ක වගෙ short story එකක්
කතාව කියවලා බලලා ගුණ දොස් එහෙම කියාගෙන යන්න.....
ඊලඟ කොටසින් හමුවෙමු..
මම Shen