My Desire ♡ ||One Short||

By Asi_kookie

110 11 24

නපුරු ඇස් ළඟ හිත ගැස්සුනු, වචන පිහිතුඩු පපු කෙවෙනි රිද්දපු, අහිමි බව දැන දැන හෙමිහිට ළං වුණු, අතහරින්නට බැරිම... More

My Desire ♡

පාඨක සිතකින්..♡

27 4 4
By Asi_kookie

පාඨකයෙක් ලෙස කතාව ගැන වචනයක්....
සියලුම පාඨකයන්ට...❤

මේ කතාව ටිකක් සත්‍ය කතාවක් සමග මුසු වූ මනඃකල්පිත කතාවක්. මේ ලෝකේ මේ වගේ කතා ඕන තරම් ඇති. ඒවා හැංගිලා යනවා. ඒත් මේ ඒ කතා අතරේ වූ එක් කතාවක් පමණයි.
මේ වගේ අය ලෝකේ ඕන තරම් ඇති. ඔබට ජීවිතයේදි මුණ ගැහිලා ඇති. ඉදිරියට මුණ ගැසේවී....

අයුලි - තමන්ගේ හදවතින් එක් හදවතකට පමණක් ආදරය කරන අවංක ආදරවන්තියක්. මේ වගේ අයට කියන්න තියෙන්නේ ඔයාගේ ආදරේ හිතේම තියා ගන්න. ඒත් මොනා නිසාවත් ඔයාව වට්ටගන්න එපා.

විහඟ - ආදරේ නිසා රැවටුනු බොරු ආදරයක් නිසා දැන් පසුතැවෙන කොල්ලෙක්. ආදරය නිසා අන්ධ වෙන්න එපා. ඒකෙන් ඔයාට ගොඩක් දේවල් නැති වෙයි. ඒ වගේම කවදාවත් time pass කරන්න ආදරය තෝර ගන්න එපා. ගොඩාක් අය අද එක කරනවා. ඒත් එපා. ඒක අනිත් කෙනාට serious වෙන්න පුලුවන් වගේම ඔයාට කවදාහරි පසුතැවෙන්න වෙයි. Time pass කරන්න ආදරේ හෝ හැගීම් නැතිව ඕන දෙයක් තෝර ගන්න.

රනුඟ - තමන්ගේ යාලුවට හැමවෙලෙම හයියක් වුනු ශක්තිමත් හදවතක්. මෙතනදි කියන්න ඕනම දේ ආදරෙයි යාලුකමයි පටල ගන්න එපා. මේ වගේ යාලුකම් ඕනෙමයි. ඒ වගේම ඔයා ආදරයවන්තයෙක් හෝ ආදරවන්තියක් නම් අනිත් කෙනාගේ හොදම ගැහැනු හෝ පිරිමි යාලුවා අත අරින්න කියන්න එපා. ඔයා කවුරුත් කියනවට අත අරින්නත් එපා. ඒ වගේ යාලුකම් හරි අඩුයි. ඒ නිසා ආදරය කරන කෙනා ඔය ලග ඉන්නවා නම් අනිවාර්යයෙන් ඉදි. නැත්තන් දාලා යයි. ආදරයට වඩා යාලුකම් ගොඩාක් වටිනවා. පවතිනවා. ඒක නිසා ආදරයයි යාලුකමයි පටල ගන්නේ නැතුව යාලුකම් රැකගන්න.

අකීශා - සහෝදරියක් වගේ යාලුවෙක්. මේ වගේ යාලුකම් අත් ඇරගන්න එපා.

ශෙරෝන් - දරුණු තුට්ටු දෙකේ වැඩ කරන කෙනෙක්. මේ වගේ අය අදුරගෙන ජීවිතෙන් ඈත් කරන්න. නැත්නම් ඔයටත් ප්‍රශ්නවලට මුහුණ දෙන්න වේවි.

සෙරීනා - ආදරයෙන් අන්ධ වෙලා අතරමං වූ තරුණියක්. ආයිමත් කියන්නේ ආදරයෙන් අන්ධ වෙන්න එපා. හරි වැරද්ද මොකද්ද කියලා තේරුම් ගන්න වගේම හරි කෙනාව තෝර ගන්න. එයාගේ partnerගේ ආදරෙයෙන් අන්ධ වෙලා තමයි මෙයා වැරදි පාරක ගියේ. මේ වගේ අයට හරි පාරල පෙන්නලා වැටුන තැනින් ගොඩ ගන්න උදව් වෙන්න.

මේ කතාව ආදරයේ හැම පැතිකඩක්ම මනාව ඉස්මතු කරන කතාවක්. මේකෙන් වචනයක් හරි ඔයාගේ ජීවිතයටත් එකතු කර ගන්න.

ඔයාගේ ජීවිතයට සොදුරු මිනිසෙක් දිනක හමුවේවි. නැත්නම් ඒක පාර්ශිකව ආදරය කරමින් තනියෙන් ඉන්න. මොනවා නිසාවත් වැටෙන්න එපා. ඔයා එක්කෙනෙක් වෙනුවෙන් ආදරය කලාට ඔයාට නොපෙනෙන ඔයා නොදන්න අය ඇති ඔයාට ආදරය කරන. ඒ නැතත් ඔයා ඔයාට ආදරය කරන්න පටන් ගන්න. ආදරය දෙන අය මග ඇරගන්න එපා. ඔයත් ආදරය දෙන්න කවුරු වුනත්. ආදරයට වෛර කරන්න එපා. හැමෝටම ආදරය කරන ආදරණීය කෙනෙක් වෙන්න. ආදරයට ආදරය කරන්න.

~~ Sweet_Green_World ❤️


වෝට් කමෙන්ට් කරලා.. ශෙයා කරලා.. උදවුවක් ජීපල්ලාආආආආ🙂🙂🙂👍

Continue Reading

You'll Also Like

10M 516K 43
|| Featured FREE story with exclusive paid chapters - previously a paid story || When Haley discovers the truth behind Xavier, whose silence holds a...
186K 1.6K 193
🌹Not my story for Offline purpose only 🌹 Author: I am nine thousand years old Category: Time Travel and Rebirth Novels Status: Completed Recommende...
151K 2.3K 30
˚₊‧꒰ა ☆ ໒꒱ ‧₊˚ in which lando norris falls for oscar piastri's sister. or an upcoming rookie joins mclaren and his sister causes a stir.