í† íѕ †hє TᖇᑌTᕼ ¦ Ongoing

By Seyanethuitzme

2.3K 202 22

"...භාතිය අයියෙ, ඔයා ඔය කරන විකාර දැන්වත් නවත්තගන්න... මොකද අම්මයි, තාත්තයි නෑ කියලා විනාස නොවෙන්න ඕන කෙනෙක්... More

モㄗ. 01
モㄗ. 02
モㄗ. 03
モㄗ. 04
モㄗ. 06
モㄗ. 07
モㄗ. 08
モㄗ. 09
モㄗ. 10
モㄗ. 11
モㄗ. 12
モㄗ. 13
モㄗ. 14
モㄗ. 15
モㄗ. 16
モㄗ. 17
モㄗ. 18
モㄗ. 19

モㄗ. 05

144 11 2
By Seyanethuitzme

"මේ දොර ඇරපන්... අරූෂ්... උඹ passenger seat එකෙන් නැගපන්... යකෝ ඉක්මනට... මල්ලි, ශාක්‍ය, drive කරන්න පුළුවන්ද???"

"අහ් අයියෙ පුළුවන්!!"

"එහෙනම් -- නෑ එක්කෝ මං ම drive කරන්නම්... මේ ඔයා ඉසුකත් එක්ක පිටිපස්සෙන් නගින්න..."

නෙතඟ අයියගෙ වචනෙට මං භාතිය අයියවත් මට‍ වාරු කරගෙන පිටිපස්සේ seat එකට නැග්ග... නෙතඟ අයිය නම් භාතිය අයිය ගැන මාර විදියට වද වෙනවා...
                 නෙතඟ අයිය car එක drive කළේ 80වට‍... ඒ තරම් ම වේගෙන්... ඊටපස්සේ Queensbury එකට ඇවිත් car එක park කරල භාතිය අයියව එයාගේ ඇඟට වාරු කරගෙන hoslital එක ඇතුළට ගියා... ඉතුරු වුණේ අරූෂ් අයියයි මායි විතරයි!!!

"අරූෂ් අයියේ, එක පාරට ම භාතිය අයියට මොකක්ද වුණේ??? මට‍ නම් තාම හිතාගන්න බෑ..."

"එයාට තරහ ආවම control කරගන්න බැරි වුණා ම තමයි ඔහොම වෙන්නේ... එයාට IED තියෙනව..."

"IED කිව්වෙ???"

"INTERMITTENT EXPLOSIVE DISORDER...මේ ලෙඩේ පෙන්නන්න ගන්නෙ තරහ පාලනය කරගන්න බැරි වුණා ම..."

"ඒත් එයාට තරහ යන්න තරම් දෙයක් වුණේ නෑනේ..."

අර භාතිය අයියට සිහිය නැතුව ඉන්නව... මූ මෙහේ ඉඳන් හිනා වෙනවා!! මස්සිනා කියලා බලන්නෑ... කොහොමත් තියන්න වටින්නෑ මූව නම්!!!

"ඔයා මොනවද දන්නේ කියන්නකෝ???"

"මොකක් ගැනද අහන්නෙ???"

"නෑ... එහෙම දෙයක් නෙවෙයි!!! ඔයා මීට පස්සෙ ඉසුකය ඉන්නකොට කාගෙවත් අත් එහෙම අල්ලන් කතා කරන්න යන්න එපා... ඒක කොහොමත් ඔයාට හොඳයි... මින් එහා දේවල් කියන්න මට බෑ... අනික මං දන්නෙත් නෑ... මං කිව්ව දේ තේරෙන්න ඇතිනේ???"

"මොකක්ද ඔයා කියන්නෙ??? මට මොනවත් තේරෙන්නේ නෑ... කියන දෙයක් හරියට කියහන්කෝ..."

"හරියට තමයි බන් කිව්වේ... උඹ මීට පස්සෙ ඉසුකය ඉස්සරහ වෙන කෙල්ලෙක්ගෙවත් කොල්ලෙක්ගෙවත් අත් අල්ලන් කතා කරන්න යන්න එපා... මං උඹට මේක කිව්ව කියලා කාටවත් කියන්නත් එපා හරිද???"

මට මේක තේරෙන්නේ නෑ... ඇයි භාතිය අයිය ඉස්සරහ වෙන කොල්ලෙක් එක්කවත් කෙල්ලෙක් එකක්වත් කතා කරන්න එපා කියන්නෙ??? හරි වැඩක්නේ...

"මං දන්නෙ නෑ ඕවා..."

"දන්නෙ නැත්නම් ඉසුකයට සනීප වුණා ම උගෙන් ම ගිහින් අහගනින්... ඇත්තටම තමුසෙ මොනවද බන් අපෙ අයියත් එක්ක අච්චර කතා කළේ???"

"මන් ද???"

"ඔව් තමුසෙ තමයි!!! මොනවද බන් කතා කළේ??? මටත් කියපන්කො ඉතිං..."

අර... කේලම් අහනවා... අරූෂ් අයියෙ තමුසෙත් ඇත්තට....

"මං මොනවත් කතා කළේ නෑ!!! අන්න නෙතඟ අයියා... කොහොමද දන්නෑ භාතිය අයියට..."

මං shape එකේ අරූෂ් අයියගෙ කතාව මග ඇරිය... දෙවියොන්ට පෙනිලද කොහෙද මං පත් වුණ අපහසුතාවය...

"අයියෙ භාතිය අයියට කොහොමද දැන්??? ලොකු ප්‍රශ්නයක් නෑනේ???"

"නෑ මල්ලි එහෙම ලොකු අවුලක් නෑ... ඒත් එයා එක පාරට ම shock වෙලා තියෙන නිසා තාම සිහිය ඇවිත් නෑ... සිහිය ආවත් තව දවස් දෙකකින් වගේ discharge කරනව කිව්වෙ..."

"ආ නෙතඟයා... අරූට අවුලක් නෑනේ??"

"නෑ බන්... තාත්ත කිව්ව දවස් දෙකකින් වගේ discharge කරන්න පුළුවන් වෙයි කියල..."

"ඔයාලගෙ තාත්තා doctor කෙනෙක්ද???"

"ඔව්..."

නෙතඟ අයියගෙ තාත්තා Doctor ලුනේ... එයා තමයි දැන් භාතිය අයිය in charge ඉන්නෙ...

"මල්ලි මේ, උඹට අපි මාර ම කරදරයක් වගේ නේ???"

"නෑ එහෙම නෑ..."

"ඒ අතින් බැලුවම ඔයා මාර හොඳයි... ආදිගේ ලැබීම තමයි... මටත් ඔයා වගේ කෙනෙක් හිටිය නම්... Thank you for everything..."

"ඇයි ඔයාට siblings ල නැද්ද???"

මං ඒ වෙලාවෙත් අනවශ්‍ය දෙයක් ඇහුවද මන්ද... නෙතඟ අයිය ආයෙත් මං දිහා බලලා ලාවට හිනා වුණා...

"නෑ... මං විතරයි..."

එයාට දුක හිතුනවත්ද??? එහෙම නැතුව ඇතිනේ...

"නෙතඟයා, මේ බලපං... මුගෙන් අහපන්කො අපෙ අයියත් එක්ක කියෙව්වෙ මොනවද කියලා... උඹත් එක්ක විතරනෙ එහෙමවත් කතා කරන්නෙත්..."

නෙතඟ අයිය ආයෙත් අහිංසක විදියට මං දිහා බැලුව... අනේ හොම බලන්න එපා අයියේ... ඒ බැල්මට නම් ආස හිතනව... Oops!!

"Mr. Nethanga Akash? Dr. Shanaka asked for you... Patient ට දැන් සිහිය ඇවිත්... එන්න... "

එවෙලෙ Sister කෙනෙක් ඇවිත් අපිට එහෙම කිව්ව නිසා මගෙ කතාවත් නැවතුනා... ඉක්මනට ම අපි තුන් දෙනා භාතිය අයියව බලන්න එයා ඉඳිය ward ගියා...

අපි එනකොටත් භාතිය අයිය එයා හිටිය ඇඳේ වාඩි වෙලා Doctor uncle එක්ක කතා කර කර හිටියේ... ඒ කිව්වෙ නෙතඟ අයියගෙ තාත්තා එක්ක...

"පුතා... අන්න යාළුවො ටික එනවා... මුලින් එයාලත් එක්ක කතා කරල ඉන්න..."

Uncle එහෙම කියලා අපිට පොඩි හිනාවක් දාල ward එකෙන් එළියට ගියා...

"මචෝ... කොහොමද දැන්... නෙතඟය බාගෙට මැරිල වගේ හිටියේ..."

"එහෙමද??? දැන් අවුලක් නෑ බන්... අඩෝ නෙතඟ... මෙහෙ වරෙන්..."

"දැන් උඹට හිනා නේ??? හරි හ‍රි ඉක්මනට discharge වෙලා යමන්..."

"හ්ම්... මාත් try කරනවා... කෝ අරයත් ආවද???"

"අරයා??? කවුද බන් ඒ 'අරයා' කියන්නෙ radius ද ???"

"නෑ පරයෝ... මං කියන්නෙ අරයා..."

"ආ... අර ආදිගේ අයියද?? තෝත් හොඳයි... ඔව් ඔව් අර ඇවිත් ඉන්නෙ..."

මං ගැන ද කොහෙද අහන්නෙ... එයා මං ගැන නේ එතකොට ඇහුවේ??? එක අතකට මේකා මට කැමතිද කියලත්  හිතෙනවා අර බයියො කියන ඒවා ඇහුවම... ඒත් මං කොල්ලෙක්!!! එහෙම වෙන්නෙ කොහොමද??? භාතිය අයිය බැරි වෙලාවත් මට කැමතියි නම්... බලන්නකො... ආදිත් නෑනේ මේ වෙලාවෙ...

"අහ්... අයියේ... ඔයාට හොඳයිද දැන්???"

මං භාතිය අයිය ළඟට ගියා විතරයි එයා මගේ අත් දෙක තද කරල අල්ල ගත්ත... එයා ලෙඩින් ඉන්න නිසා මං අත් දෙක ගලවගන්න try කළෙත් නෑ... එහෙම්ම හිටිය... ඊටපස්සේ අර අරූෂ් කියන එකයි, නෙතඟ අයියයි හෙන ම වල් හිනාවක් දාගෙන හිටියේ...

"ම්ම්ම්... දැන් හොඳයි... අද class එහෙම නැද්ද???"

"අයියෙ මං කොළඹනේ... "

"ඇයි chemistry sir මෙහෙත් class කරනව නේ??? ගියේ නැද්ද???"

මෙයා කොහොමද මගෙ class ගැන දන්නෙ...

"අද යන්න නෙවෙයි හිටියේ... ඔයා ඒක දැන ගත්තෙ කොහොමද?? අපෙ මල්ලිද කිව්වෙ???"

"ආ --ඕ -- මල්ලි තමයි... මේ class cut කරගන්න එපා... ඇයි ගියේ නැත්තෙ???"

"ඇයි අනේ... මං අදමනෙ ගාලු ආවෙත්..."

"මේ මගෙන් මොකුත් නාහ හෙටවත් class පලයන්..."

"ඇයි ඔයා වද වෙන්නෙ??? මං class එකට යන්නෙ මට‍ ඕන විදියට..."

"ඒකත් එහෙමද... මේ... තවුසෙ තාම දන්නෑ Chemistry කියන්නෙ මොකක්ද කියලා..."

"ඇයි අයියා දන්නවද???"

"දන්න නිසා තමයි කියන්නෙ... පණ්ඩිත නොවී හෙට ඉඳන් වත් පන්ති පලයන්..."

භාතිය අයියට ආයෙත් යකා ආවේස වුණා... ඉතින් මටත් කේන්ති යනවනේ...

"හ‍රි හ‍රි යන්නම්... ඔක්කොට ම කලින් ඔයා හොඳ වෙලා ඉන්නකෝ... එතකොට මාත් class යන්නම්..."

"..."

"මං කිව්වෙ මොකක්ද කියල ඇහෙන්න ඇති නේ???"

"... ඇහුණා..."

ඒ වෙලාවෙ නම් මෙයා මූණට හඳ පායල වගේ ලාවට හිනා වුණා...

"දෙබස අවසන් ද බන්???"

භාතිය අයිය එයාගෙ මූණ ඉස්සරහට ම වෙලා හිටිය මාව පැත්තට කරල අරූෂ් අයියට reply හිනාවක් දැම්ම...

"අන්න උඹට ආදි call කළා... මං විස්තරේ කිව්ව..."

"අම්මෝ.... Thank you නෙතඟ අයියේ... ඌ පණ දමාගෙන බලන්න ඇති මං කොහේ ගිහින්ද කියලා..."

ඇත්තනේ... පොඩ්ඩක් ඇත්නම් ඕකා බය වෙනවා...
                 ඒ වෙලාවෙ නෙතඟ අයියගෙ තාත්තත් ward එක ඇතුළට ආවා...

"ඉසුක පුතා, ඔයාට ගෙදර යන්න ඕනද???"

"ඇයි uncle එහෙම අහන්නෙ??? යන්න තිබුණ නම් හොඳයි..."

"ඔයාට අද discharge වෙන්න පුළුවන්... ප්‍රශ්නයක් නෑ..."

"තාත්තෙ එතකොට ඉසුකට අද එන්න පුලුවන්ද???"

"ඔව්. බලාගෙන යනකොට ඉසුක පුතාට වැඩිය දගලන්නේ යාළුවොනේ..."

නෙතඟ අයියා doctor uncle ගෙ කරේ එල්ලුණා...

"පුතා අත ගන්න... මේ hospital එක..."

නෙතඟ අයියගෙ හුරතලේ... අම්මෝහ් ඒක... අරූෂ් අයියටයි, භාතිය අයියටයි, මටයි තුන් දෙනාට ම හිනා ගියා...

"දැන් එහෙම්ම යමු... උඹට යාගන්න පුළුවන් නේ??? Support එකක් ඕනෙද??"

"නෑ බන්... යන්න පුළුවන්..."

"හරි එහෙනම්... ළමයි පරිස්සමින් ගිහින් එන්න... බුදුසරණයි... පුතා, යාළුවට අර ලිස්ට් එක දෙන්න... Daily ගන්න බෙහෙත් තියෙනව නම් ඒවත් miss නොකර බොන්න කියන්න..."

"හරි හරි තාත්තෙ... අපි යනවා... බුදුසරණයි...."

අපි තුන් දෙනා භාතිය අයිය අද ම discharge වුණොත් ෂෙහාන් අයියලගේ ගෙදරම යන්න තමයි හිතන් හිටියේ... ඒත් ඒ වෙනකොටත් ටිකක් රෑ වෙලා නිසා කෙලින් ම ගියේ භාතිය අයියලගෙ ගෙදර...








Continue Reading

You'll Also Like

820K 18.6K 47
In wich a one night stand turns out to be a lot more than that.
2.7K 368 8
A/L කරන නන්ගිල මල්ලිලට physics ගොඩදාගන්න මන් ඉගන ගත්තු tricks ටිකක් .....
945K 58.1K 119
Kira Kokoa was a completely normal girl... At least that's what she wants you to believe. A brilliant mind-reader that's been masquerading as quirkle...
4.4K 434 31
මං උඹට ආදරෙයි තේව් ! මගෙ ජීවිතේ තියෙනකල්ම තේව් යුහස් අහිංස මගෙ වෙලා ඉන්නයි ඕනෙ!🍃🖤 -Ayesh Din...