꧁ රෝස ꧂...

By Madhu_96

39.6K 7.5K 6K

ඔයාව දැක්ක මුල්ම වතාවෙයි මට හිතුනෙ.. ඔයා රෝස කියලා.. එක පාරටම මගෙ ඇස් ඉස්සරහට කඩන් පාත් වෙලා මගෙ ඇස් දිහා බලල... More

🌹CHARACTER INTRODUCTION 🌹
🌹 පළමු දිගහැරුම 🌹
🌹 දෙවන දිගහැරුම 🌹
🌹 තෙවන දිගහැරුම 🌹
🌹 සිව්වන දිගහැරුම 🌹
🌹 පස්වන දිගහැරුම 🌹
🌹 හය වන දිගහැරුම 🌹
🌹 අටවෙනි දිගහැරුම 🌹
🌹 නව වන දිගහැරුම 🌹
🌹දසවන දිගහැරුම 🌹
🌹එකොලොස් වන දිගහැරුම 🌹
🌹 දොළොස් වන දිගහැරුම 🌹
🌹 දහ තුන් වන දිගහැරුම 🌹
🌹 දා හතරවන දිගහැරුම 🌹
🌹 පහළොස් වන දිගහැරුම 🌹
🌹 දහසය වන දිගහැරුම 🌹
🌹 දා හත්වන දිගහැරුම 🌹
🌹 දහ අට වන දිගහැරුම 🌹
🌹 දහ නවවන දිගහැරුම 🌹
🌹 විසිවන දිගහැරුම 🌹
🌹 විසි එක්වන දිගහැරුම 🌹
🌹 විසි දෙවන දිගහැරුම 🌹
🌹 විසි තුන්වන දිගහැරුම 🌹
🌹විසි හතරවන දිගහැරුම 🌹
🌹 විසි පස්වන දිගහැරුම 🌹
🌹 විසි හයවන දිගහැරුම 🌹
🌹 විසි හත්වන දිගහැරුම 🌹
🌹 විසි අටවන දිගහැරුම 🌹
🌹 විසි නවවන දිගහැරුම 🌹
🌹 තිස්වන දිගහැරුම 🌹
🌹 තිස් එක්වන දිගහැරුම 🌹
🌹 තිස් දෙවන දිගහැරුම 🌹
🌹 තිස් තුන්වන දිගහැරුම 🌹
🌹 තිස් හතරවැනි දිගහැරුම 🌹
🌹 තිස් පස්වන දිගහැරුම 🌹
🌹 තිස් හයවන දිගහැරුම 🌹
🌹 තිස් හත්වන දිගහැරුම 🌹
🌹 තිස් අටවන දිගහැරුම 🌹
🌹 තිස් නවවන දිගහැරුම 🌹
🌹හතලිස් වන දිගහැරුම 🌹
🌹 හතලිස් එක්වන දිගහැරුම 🌹
🌹 හතලිස් දෙවන දිගහැරුම 🌹
🌹 හතලිස් තුන් වන දිගහැරුම 🌹
🌹 හතලිස් හතර වන දිගහැරුම 🌹
🌹 හතලිස් පස්වන දිගහැරුම 🌹
🌹 හතලිස් හයවන දිගහැරුම 🌹
🌹 හතලිස් හත්වන දිගහැරුම 🌹
🌹 හතලිස් අටවන දිගහැරුම 🌹
🌹 හතලිස් නවවන දිගහැරුම 🌹
🌹 පනස්වන දිගහැරුම 🌹
🌹 පනස් එක්වන දිගහැරුම 🌹
🌹 පනස් දෙවන දිගහැරුම 🌹
🌹 පනස් තුන්වන දිගහැරුම 🌹
🌹 පනස් හතරවන දිගහැරුම 🌹
🌹 අවසන් දිගහැරුම 🌹

🌹 හත්වන දිගහැරුම 🌹

814 152 114
By Madhu_96

🌹 රෝ ස 🌹7

..

..

..

..

මේක මටද අනේ...

ශාන්.. වන්ග් ගෙ චූටී බේබී.. එයා පරිස්සමෙන් ලෑස්ති කරපු.. පුංචි දවස්වල පුංචි අත් වලින් ලස්සනට ගොතපු ලස්සන ඒ වගේම උනුසුම දෙන ශෝල් එකේ හැඩ එහාට මෙහාට හරවමින් ඇහුවේ ඇස් දෙක සතුටින්ම කදුලුත් එක්ක නලියද්දි.....

ඔව්නේ... ඔයාට තෑග්ගක් මගෙන්...

අනේ ඉතින්...

ඒක ලස්සනයිද අංකල් වන්ග්....

ශාන් ශේප් එකේ තවමත් වාඩි වෙලා ඉන්න පැන්ටිය උඩ ඉදන් ඔලුව අරන් ගිහින් තියා ගත්තේ වන්ගෙ ගෙ බෙල්ල අස්සෙන්...

ශාන් ඒකට හරි ආසයි... කෙනෙක්ගෙ ගෙලෙන් දැනෙනවා. ඒ මනුස්සයගෙ ජීවන සුවද... උනුසුම.. ආදරෙත් දැනෙනවා ඇති.. ඒකනෙ පුංචි දරුවො උනත් බෙල්ල අස්සෙ රිංගන් ඔලුව ගහ ගන්නෙ...

මගේ චූටී බේබී මට තෑගිත් ගෙනල්ලා අප්පා....

ඒම තමයි ඉතින් මන් ඔයාට ආදරෙයිනෙ අංකල් වන්ග්....

ඇයි වස්තුවේ මේ...

ශෝල් එකේ හැඩ බල බල ඉදපු වන්ග් හිනාවෙන් කියෙව්වට එයාගෙ ගෙලට දැනෙන රස්නෙ... ඒ වගේම ශාන්ගෙ බිදුන කටහඩ නිසා වන්ග් ඉක්මනින් ශෝල් එක පැත්තකින් තියලා ශාන්ගෙ මූණ දෝතටම අරන් ඒ මූණ දිහා බැලුවෙ...

කදුලු ඔයාට ගැලපෙන්නෙ නෑ පුතේ.. ඔයාට හිනාව විතරයි ගැලපෙන්නෙ... ම්ම්ම්...

ශාන්ගේ බැල්ම තනිකරම අහිංසක අසරණ බැල්මක් වෙද්දි ඒ දුක හිතෙන මූණ දිහා බලාගෙන වන්ග් ශාන්ගෙ කදුලු පිහලා දැම්මා...

ඔයා නම් මට ආදරේ නොවී ඉන්න එපා හරිද....

අනේ ඒම කරන්නෙ නෑ රත්තරන්...

පුංචි ළමයින්ගෙ හිත් මල් වගේ කියනවනෙ අංකල් වන්ග්.. ඔයා හිතන්නකෝ... අපි අපේ ඕන කමට ආසාවට දරුවො හදලා.. අපිට ඕන විදියට පාලනය කරන්න උත්‍සහ කරලා.. ගුටි දීලා.. බැනලා.. ඊටපස්සෙ ඒ දේවල් හරි නොගියම පුංචිම සන්දියේදි තමන්ගෙ දෙමව්පියන්ගෙන් දරුවව ඈත් කරලා තියලා.. ඊටපස්සෙ අවුරුදු නවයටම ඕන නම් දහ දොලොස් වතාවක් විතරක් ඒ දරුවට තමන්ගේ මූණ පෙන්නලා.. අම්මව නම් ඒ තරම් වත් දරුවට පෙන්නන්නෙ නැතුව ඉදලා.. අක්කලා දෙන්නෙක් අයියෙක් ඉන්න ඒ ළමයට අඩුම තරමෙ එයාලව වත් පෙන්නන්නෙ නැතුව ඉන්නකොට... ඒ ළමයට එයාගෙ ජීවිතේ ගෙවුන අවුරුදු නවටම මොනවා හිතෙන්න ඇතිද අංකල් වන්ග්... ම්ම්ම්...

ඇත්ත.. ශාන්ගෙ පුංචි ජීවිතේට එයාගෙ පපා කරේ ඒක.. ඇත්තටම එයාගෙ පපා අවුරුදු නවයක්ම පවුලෙන් ඈත් කරේ මෙන්න මේ ගම නිසා.. මේ ගමේ මිනිස්සු නිසා...

අනේ රත්තරන් මැණික.. මේ අහන්නකෝ....

එයා මට මාවම නැති කරා අංකල් වන්ග්...

ලස්සනට හිනාවකින් පිරිලා තිබ්බ ඒ මූණ දැන් කදුලු ගොන්නකින් වැහිලා තියෙද්දි ශාන් ඒ කිව්ව කතාවත් එක්ක වන්ග් ගෙ හිතට දැනුනෙ අසීමිත දුකක්.... මේ දරුවා කොච්චර දුකක් විදින්න ඇතිද..

ඒ දේවල් සේරම අතීතයනෙ පුතේ.. අපිට කවදාවත්ම අතීතය වෙනස් කරන්න බෑ පුතේ... නේද... දැන් මයේ මැණික ඇඩුවා කියලා පුලුවන්ද අපෙ මැණිකට චූටී කාලේ වෙච්ච දේවල් ආයේ හරි ගස්සන්න... ම්ම්ම්...

බෑ.....

ඒකනෙ කියන්නෙ... ඔයා දන්නවද මගේ කතාව...

මොන.....

ශාන් රිංගන් ඉදපු වන්ග් ගෙ පපුවෙන් ඈත් වෙලා වන්ග් ගෙ මූණ දිහා බලද්දි තමයි ශාන් දැක්කෙ වන්ග් ගෙ පිටිපස්සෙන් හිටගෙන ඉන්න යීබෝව...

හැබැයි යීබෝ එයාගෙ කටටම ඇගිල්ලක් තියලා සද්ද කරන්න එපා කිව්ව නිසා ශාන් යීබෝ ආවා කියලා වන්ග්ට ඇගෙව්වෙ නෑ...

ඒකනෙ... මෙච්චර කියනවා මගෙ යාලුවා කියලා.. ඒ උනාට මගේ කතාව වත් දන්නෙ නෑ.. ශෝක් යාලුවෙක් තමයි මටත් ඉන්නෙ...

හිකිස්... ඉතින් මන් දන්නවා ඈ... මන් මේ ගමේවත් හිටියෙ නෑනෙ.. අනික මන් පොඩි උනාට ඔයා ඒ දවස් වල ලොකුයිනෙ.. ඔයාට තිබ්බනෙ මාව හොයාගෙන එන්න.... සමයන්....

දීපන්කො දැන් මේවට උත්තර.... යීබෝත් බිත්තියට හේත්තු වෙලා හිටියා...

ඔයාගෙ කඩේ අයියා ඉන්නවනේ නේද...

ඈ.. ආ ඔව් ඉතින්...

එයා ඉපදිලා දවස් ගානයි.. එයාගෙ මමා අපි දෙන්නවම දාලා වෙන මනුස්සයෙක් එක්ක පැනලා ගියා...

හෑ... නෑහ්... ඒ මන් හිතුවෙ එයා නැති වෙලා කියලනෙ...

ඒකනේ ඉතින්... ඇත්තටම උනේ එයා අපිව දාලා ගියා....

අරයා චූටී බබා කාලෙදිම.. කුක්කු වත් දෙන්නැතුව...

යීබෝටම ඇගිල්ලක් දික් කරලා පෙන්නලා ශාන් අහද්දි තමයි වන්ග් දැක්කෙ යීබෝ ඉන්නවා කියලා.. යීබෝ ඉතින් මේ කතාව නොදන්නවා නෙවෙයිනෙ.. එයා මොනවද නොදන්නෙ තමන්ගෙ පපා තමන් වෙනුවෙන් කරපු කැපවීම....

ම්ම්ම්... එයාට කුක්කු බොන්නත් බැරි උනා...

පව්...

ම්ම්ම්.. මන් එයාව බලාගත්තා... ගිය ගෑනිට වෛර කරේ නෑ.. හැබැයි මන් හොයාගෙන ගියෙත් නෑ පුතේ.. ඕන නැති නිසානෙ ගියේ... අඩලා අඩලා මාත් දුක් උනා නම් මට මගෙ දරුවව වත් බලාගන්න වෙන්නෙ නෑ හරියට... ඒ නිසා අඩන එක ප්‍රශ්න වලට උත්තරයක් නෙවෙයි...

ඉතින් ඇඩෙනවනෙ...

ඒ ඉතින් අපේ හිත් සන්වේදී නිසානේ වස්තුවේ....

ඔයාලත් දත් මදින්නෙ සෙන්සොඩයින් වලින්ද එතකොට...

පූහ්.... පපා මේ... ඔන්න ඔය චූටී බේබී එක්ක සීරියස් දේවල් කතා කරන්නෙපා අප්පා... හිනා වෙලා මැරෙයි අපිව...

ඇයි ඇයි මෙයා මොකෝ.. සංවේදී කිව්ව නිසානෙ මන් ඒම ඇහුවෙ.. විකාර...

ඔරලෝසුවේ කටු වේගයෙන් ගමන් කරන නිසා දැන් ශාන්ට ස්කූල් එකට යන්න වෙනවා.. අද යීබෝ ටවුන් යනවා කිව්ව නිසා ශාන්ටත් යන්තමින් ඒකේ එල්ලිලා යන්න පුළුවන්.. ඒකට නම් ශාන් ආසයි.. මොකද කොල්ලා බයික් වල ගිහින් නෑ තවම...

වන්ග් හනිකට කෑම පෙට්ටි වලට කෑම අසුරද්දි යීබෝ බලන් හිටියේ ශාන් දිහා.. ශාන් තවම යීබෝට රවනවා...

එයා චූටියි.. ඒ වගේම හුරතල්... ශාන් හරි පිරිසුදුයි... එයාට ආස හිතෙනවා....

මේහ්...

ම්ම්ම්...

පොඩ්ඩක් එන්නකෝ...

පැන්ට්‍රිය පුටුව කරගෙන ඉන්න ශාන් යීබෝට අඩගහද්දි යීබෝත් නිකන්ම නැගිටලා ආවා කොල්ලා ලගට...

යීබෝ ශාන්ගෙ කිට්ටුවටම තාම ගිහින් නැති උනත් ශාන් අතත් දික් කරගෙන යීබෝට තව තව ලගට කතා කරපු නිසා යීබෝත් ලගට ගියාට මොකෝ කවදාවත් නැතුව යීබෝගේ හිත නම් නොසන්සුන් වුනා නොසෑහෙන්න...

දකුණු අත දෙන්න කඩේ අයියේ...

ඇයි...

දෙන්නකෝ අප්පා.. පැහෙන්නැතුව...

ඒ පාර මොනවා කරන්න යනවද මන්දා.. යීබෝ අත දුන්නෙ දෙගඩියාවෙන් වගේ.. කියන්න බෑනේ... අත හපන්නද දන්නෑනේ.....

ඔහ්... මේ....

හී.. ඔයාටත් මගෙන් තෑග්ගක්....

චූටී බේබී... ඒක...

ඒක ලස්සනයිද අනේ....

තමන් අරගෙන ආව යීබෝගේ තෑග්ගත් හොරාට යීබෝගේ දකුණු අතට ශාන්ම දාලා හොරා වගේ හිනා වෙලා අහද්දි යීබෝ බැලුවෙ වන්ග් දිහා...

නෑ නෑ වන්ග් බලාගෙන නෑ මෙව්වා.. එයා ශාන්ට කෑම ලෑස්ති කරනවා....

ලස්සනයිද කියන්නකෝ.. ඕක මන්ම හදපු එකක්...

ඔයා වගේම මේ තෑග්ගත් ගොඩාක් ලස්සනයි චූටී බේබී.. ඇත්තමයි...

යීබෝ අවංකවම එයාගේ හිතද දැනෙන දේ කිව්වා.. ආයේ මොකටද හිතට දැනෙන දේ වෙනස් කරන්නෙ.. එච්චර ආසාවෙන් දීපු මේ පුංචි වුනත් ලස්සන තෑග්ග කොච්චර වටිනවද..

අනික පපාව නම් මුල ඉදලම දන්නවා.. නමුත් යීබෝව... ශාන් අදුන ගත්තෙම ඊයේ.. ඉතින් එච්චර චූටී කාලයක් විතරක් ගෙවිලා ගිහින් තියෙද්දි මේ කොල්ලා තමන්ටත් තෑග්ගක් දුන්න එකම කොච්චර වටිනවද යීබෝට..

ඇත්තටමද... මාත් ලස්සනයිද.. ම්ම්

හරි කෝලමක් උනානේ මේක... පපා කියලද දන්නෙ නෑ දැන් ශාන් යීබෝවත් හිතාගෙන ඉන්නෙ... ශාන් යීබෝටත් හේත්තු දාන්න පටන් අරන්... යීබෝ ශාන්ගෙ යසට තිබ්බ කොණ්ඩෙ අවුල් කරලා දැම්මා...

ඔහොම තමයි ලස්සනම...

හිකිස්.. ඒනම් මන් මේම්ම ඉන්නවා... හාද...

කෝලම...

යීබෝ හැරුනෙ කුස්සියෙන් එලියට යන්න... වන්ග්ට ශාන්ට හේත්තු වෙලා හිටියට තමන්ට ශාන් ඒ විදියට හේත්තු වෙන එක නම් අමුතුයි.. ඒක හරි වෙනස් හැගීමක්.. ඒ නිසා යීබෝ හැදුවෙ ශාන්ගෙන් ඈත් වෙන්න..

සෙනසුරාදා ගොයම් කපනවා කියන්නෙ ඇත්තද කඩේ අයියේ...

ආ...

යන්න ගිය යීබෝ ආපහු හැරිලා ආවා ශාන් ලගට.. ගමට ඇවිල්ලා දවස් කීයද.. කොල්ලා ගමේම විස්තර හොයාගෙන වගේ..

කොහොමද දන්නෙ...

ලොක්කක්කා කිව්වෙ...

ආ... ම්ම්.. ගොයම් කපනවා...

මාත් එන්නම්ද...

ගොයම් කපන්න...

නෑ අනේ බලන්න....

දැන් එතකොට ඒ කුඹුර යීබෝගෙද.. ශාන් යීබොගෙන් අහන්නෙ.. නැත්තම් ‍යීබෝ කියන්නෙ ශාන්ගෙ පපාද.. මෙහෙම අවසර ඉල්ලන්නෙ...

තනියම එපා... අවුලක් වෙයි ඊටපස්සෙ..

ඉතින් ලොක්කක්කා එක්ක එන්නම්කෝ.. අනේ...

ම්ම්ම්... උදේ 7 වෙද්දි වැඩ පටන් ගන්නවා... ඉවර වෙන වෙලාවක් ඉතින් කියන්න බෑ.. අපිත් කඩේ වහන්න ඉන්නෙ චූටී බේබී... අපිත් උදව්වට යනවා.. ඔයාට ඕනම වෙලාවක ඔයා එන්න...  පපා ඉන්නවනෙ.. ඔයාලා පැත්තකට වෙලා බලන් ඉන්න.. ම්ම්...

ඔයාට ගොයම් කපන්න පුලුවන්ද...

පුළුවන් ඉතින්...

ශා ඒනම් මටත්...

නෑ නෑ... ඔය දෑකැති වලට අත් කැපෙනවා... ඔයා බලන් ඉන්න...

ආශ්.. නපුරු කඩකාරයා... හුහ්...

යීබෝත් රවලා ගියා යන්න.. ආවා මෙතන බටර් ගාලා ගොයම් කපන්න.. ඒවා නම් ඉතින් හදේ තමයි ශාන්... ඔය ආයුධ හොදට මුවහත් කරලා තියෙන්නෙ.. නොදන්න කමට වැඩ කරන්න ගිහින් ඊටපස්සෙ අත කැපිලා ගියාම අර වලව්කාරයා මේ කොල්ලගෙ ඉහේ ඉදන් පට්ට ගහයි...

ශානුත් තනියම බැන බැන හිටියා.. අහිංසක කඩේ කොල්ලට...

ආ ආ කෑම එක.. දුවන්න ඉක්මනින් දැන් නම් පරක්කුයි චූටී බේබී....

හරි හරි හවසට එන්නම් ලස්සන කොල්ලෝ මම... ආයේ වැඩ මුකුත් කරන්නෙපා හොදේ.. අද දවසටම මේ ඇති.. හවසට ආවාම අපි ඔයාගෙ ඇදට වෙලා කයියක් ගහමු...

හරි රත්තරනේ... එහෙම කරමු.. දැන් පරිස්සමෙන් යන්න මගෙ දරුවෝ...

ශාන් වන්ග් ගෙ මූණට දරාගන්න බැරි තරමටම ඉබලා බෑග් එකත් උස්සන් එලියට යද්දි ‍යීබෝ ඉන්නවා බයික් එක උඩ වාඩි වෙලා...

යකඩෝ..... අනෙ කඩේ අයියේ මට නම් මේකේ යන්න බෑ අප්පා...

ඒ මොකද...

අයියෝ මේ හෙන උසයිනෙ අනේ... මන් කොහොමද මේකේ වාඩි වෙලා කෙලින් ඉදගන්නෙ...

යීබෝට බකස් ගාලා හිනා ගියා.. පොඩ්ඩක් ඉතින් පිටිපස්සෙ සීට් එක උසයි තමයි ඉතින් බයික් එකේ.. මේකේ යනවා කියන්නෙ ඉතින් පිටිපස්සෙ කෙනාට අනිවාර්යයෙන්ම ඉස්සරහා කෙනාව අල්ල ගන්න වෙනවා... අනික කකුල තියලා නගින කෑල්ලත් තියෙන්නෙ හෙන උඩ.. ඒක දැකලා බයික්. නුපුරුදු ශාන්ට නම් බයික් එපාම උනා කිව්වොත් තමයි හරි...

හරි හරි කෝ එන්නකෝ ඉක්මනින්.. ඔයාට පරක්කුයිනෙ දැන් කොහොමත්... දෙන්න බෑග් එක..

ඇයි...

මන් නගින්න කියලා දෙන්නම් එන්න.. බය වෙන්නෙපා..

හනේව් මට හුරුත් නෑ අප්පා...

ඉතින් හුරු වෙන්න...

ඒකනෙ ඉතින් බෑ කියලා හැමදේම අහක දාන්න බෑනේ.. යීබෝ ශාන්ගෙ බෑග් එක අරන් තියා ගත්තා ඉස්සරහින්.. බෑග් එක පොඩ්ඩක් බරයි.. ඒ නිසා මෙහෙම තිබ්බාවේ....

කෝ මෙහේ බලන්න චූටී බේබී...

ඇයී...

මූණත් දෙක කරන් ශාන් බැලුවා යීබෝගේ මූණ දිහා... ඒ මූණ දැකලා යීබෝටත් හිනා... යීබෝ එයාගෙ අතේ තිබ්බ හෙල්මට් එක ශාන්ගේ ඔලුවට දැම්මෙ මූණත් හොදට කවර් වෙන්න...

හරි.. මේ කෝට් එක දාගන්න.. දැන් ඔයාව මෙහේ කවුරුත් අදුර ගන්නෙ නෑ..

හිකිස්.. ඒක නම් හොදයි...

දැන් ශාන් බිල්ලෙක් වගේ... නියමෙට ඉන්නවා..

හරි දැන් වම් කකුල තියන්න මේක උඩින්...

අප්පටසිරි ශාන් කකුල ඉස්සුවා සෑහෙන්න උඩට.. කොල්ලා පොඩියිත් එක්කනෙ...

හරි දැන් වම් අත මගෙ උරහිසින් තියලා.. අනිත් අත මගේ මේ උරහිසින් තියලා නගින්න බයික් එකට....

හ්ම්...

හ්ම් කිව්වට මොකෝ මේ තඩි බයික් එකට ශාන්ට නැග ගන්න තුන් හතර වතාවක්ම ගියා... කමක් නෑ ඉතින් එයාට පුරුදු නැති නිසානේ...

හරි නේද...

හයියෝ මීට වඩා හොදයි අප්පා මාව ඇද පිටින් උස්සන් ගියා නම්..

හිකිස්.. ඇයි ඉතින්...

මන් මේ ඔයාගෙ පිට උඩ නිදාගෙනනෙ ඉන්නෙ.. හුහ්...

හයියෝ හයියෝ... යීබෝ හිනා වෙලා බයික් එක ගේට් එකෙන් එලියට දාද්දි වන්ග් ඉන්නවා බලාගෙන...

ගිහින් එන්නම් සුද්දෝ... .

හනේ කෝලම්... බයික් එකේ නිදාගෙන හිටපු ශාන් කෙලින් වෙලා වන්ග්ට අත වනලා ආයේ යීබෝගෙ පිට උඩම හාන්සි වුනා..

අමුතුයි තමයි... ඒත් මරු.... ඒක වෙනස්ම අත්දැකීමක්...

චූටී බේබී මාව මැරෙයි... මිරිකන්නෙපා....

මට බයයි....

හෙමින් යන්නද එහෙනම්....

හා...

එතකොට ඔයාට පරක්කු වෙයි...

හයියෝ.. ඒනම් ඕම යන්.. මන් මේම ඉන්නම්...

චුට්ටක් ඔය අත් දෙක බුරුල් කරන්න අප්පා... මට හුස්ම ගන්නත් බෑ....

ශාන් හෙමීට අත් දෙක බුරුල් කරා... හත් දෙයියනේ පාරේ පහු වෙලා යන කිසිම දෙයක් පැහැදිලි නෑ අප්පා.. යීබෝ ඉගිල්ලෙනවද මන්දා..

අනේ හෙමින් යන්කෝ.. බයත් හිතෙනවනෙ......

කඩේ අයියේ... හෙමින් පලයා........න්...

බුද්දාම්මෝ ආයේ නම් එන්නෑ....

මැරෙයි යකඩෝ.....

යීබෝ ලොකුවට ගැහුවා බ්‍රේක් එකක්.. දෙයියනේ මේක කටක්ද.. පලාතම දෙවනත් කරනවනෙ...

චූටී බේබී...

ඇයි අනේ.. හූම්...

මේක ගම අනේ.. කෑ ගහන්නෙපා..

මට බයයි..

ඔයාව මන් වට්ටන්නෙ නෑ.. බය වෙන්නෙපා.. අනික හෙමින් ගිහින් කවුරු හරි අපිව අදුන ගත්තොත්.. මට නම් කමක් නෑ.. ඔයාව දැක්කොත් ඊටපස්සෙ ප්‍රශ්න පිට ප්‍රශ්නනෙ.. ඒ නිසා හයියෙන් යන්.. බය වෙන්නෙපා ඔයා පොඩ්ඩක් වත්.. මන් ඔයාව තුවාල කරවන්නෑ...

ඔයා නම් කියයි.. මගෙ බඩබොකුත් එලියට එන්න වගේ අනේ...

හිකිස්.. හරි හරි පොඩ්ඩක් වේගේ අඩු කරමුකෝ ඒනම්... ඔයා බයෙන් යන්නැතිව පොඩ්ඩක් හිනා වෙලා යන්න අනේ.. හයියෝ චූටී බේබියෙක්ම තමයි..

අනේ මේ.. මන් කියන්නම්කෝ අංකල් වන්ග්ට.. මේ බයික් එක කෑලි කරලා ලිපට දාන්න කියලා.. හූම්.. එයාට රත්තරන් ටිකට ඉන්නෙත් එක පුතයි.. ඒ යකාත් බයික් එකේ ඉගිල්ලෙන්න තියාගෙන.. ඔයාට මොනා හරි උනොත් එයා පව්...

හනේ ඉතින් බලන්නකෝ ශාන් යීබෝ ගැන කොච්චර හිතලද කියලා.. යීබෝ ඉතින් වෙනදට මේ බයික් එකේ යන්නෙ තනියමනෙ.. කාත් එක්ක හරි යනවා නම් යන්නෙ පරණ බයික් එකේ.. නැත්තම් කාර් එකේ... මේ බයික් එක අලුත්.. මේකේ පිටිපස්සෙන් තාම කවුරුත් වාඩි උනේ නෑ.. ශාන් තමයි හා හා පුරා කියලා එයාගෙ පස්ස පැත්ත අද තිබ්බෙ...

අලුත්ම බයික් එක අප්පා.. ඔයා මේ ලිපට දාන්න හදන්නෙ...

යීබෝ හෙමින් යන්න පටන් ගත්තා.. නැත්තම් පාරේ මිනිස්සු යීබෝට අල්ලන් ගහනවා කොල්ලෙක් පැහැරගෙන යනවා කියලා හිතලා..

ඒනම් හිමින් යන්න.. හූම්... මෙතන චූටී බේබිගේ හුස්ම ටිකත් ලෙෆ්ට් වෙනවනෙ අප්පා තව පොඩ්ඩක් ගියා නම්...

ඒම වෙන්නෑහ්...

ඔයා කෝමද මගේ හුස්ම ගැන දන්නෙ... ඒම වෙන්නෑහ් කියන්නෙ... සමයන්...

හරි හරි අප්පා.. මේ ගානින් යන්...

හා ඉතින්...

ශාන් ආයේ කියවන්න ගියේ නෑ.. යීබෝ ආයේ කියවන්න ආවෙත් නෑ.. පාඩුවේ පාර ගැන සෝදියෙන් ගියා මිසක්...

යීබෝ කල්පනා කරේ හදිස්සියේ වත් සොන්ග් ජී ඒම දැක්කා නම් යීබෝ චූටී බේබී එක්ක කතා කරනවා... ඌ දැන ගත්තා නම් එහෙම බොරුවක් කියලා යීබෝ චූටී බේබිව ස්කූල් එකට දාන්න ආවා කියලා.. ඌ දැන ගත්තා නම් යීබෝ චූටී බේබි එක්ක හරි හරියට කතා කරනවා කියලා.. ඌ මැරෙන්නෙ පුදුම වෙලා වැඩි වෙලා...

ඕන්න ආවා...

අම්බේ... නිවන් ගියා වගේ...

අමාරුවෙන් බයික් එකට නැග්ගට මොකෝ.. ඩබක් ගාලා බයික් එකෙන් පැනලා ශාන් කොන්දටත් අත් දෙක තියාගෙන කියද්දි..

හවසට එන්නද එක්කන් යන්න...

හෑ....

නෑ.. ආයේ ටවුමට එන්න වෙයි සමහර විට ඒකයි...

හී.. අනේ කඩේ අයියේ... මන් ඔයාට දණ ගහලා වදින්නම්..  එන්නෙපා හොදේ...

ඇයි ඒ...

මාව තාම ගැහෙනවා අනේ මේකේ ඇවිල්ලා... ඔයා එන්න ඕන නෑ.. මන් බස් එකේ හෙමීට ඇවිල්ලා කඩේට එන්නම්කෝ... නිකන් මොකටද ජීවිත අවධානමක් ගන්නෙ නෙහ්.... ඔයාට බයික් එකට නැග්ගාම ආච්චි වැහෙනවනෙ...

ඒ කතාවෙ බොරුවක් නෑ ඉතින්.. දැක්කනෙ ආව වේගෙ.. අප්පේ ඊට වඩා බස් එක හොදයි.. යීබෝටත් මොනවා වෙලාද මන්දා.. මේ ආව ගමනෙ ලොකු අවදානමක් තියෙනවා කියලත් දන්නවා... ඒ වෙලත් හවසත් එන්න අහනවා...

ඇතුලට යන්න චූටී බේබී.. ඔයාට පරක්කුයි...

හරි හරි.. මේ...

ම්ම්...

අරයට ආයේ දවසටම වැඩ කරන්න දෙන්නෙපා හරිද... ඇහැක් වගේ බලාගන්නෝනේ ඔයා එයාව... නොසන්ඩාල වැඩක් ඒම කරොත් මට කියන්න.. මන් ඒවට දඩුවම් කරන්නම්... ඔයා මුකුත් කියලා එයාගෙ හිත රිද්දන්න යන්නෙපා.. අනික කන්න කියන්න වෙලාවට... ම්ම්ම්... මගේ කොල්ලව පරිස්සමෙන් බලාගන්න හොදේ මන් එනකල්...

පපා බබෙක් නෙවෙයි...

බබෙක් තමයි... හුහ්.. මන් එයාට පස්ට ලව් හොදේ...

හකෝ ඉතින්...

බායී කඩේ අයියේ.. පරිස්සමෙන් යන්න.. බුදු සරණයි...

පපා ගැන විතරක්ම කියවද්දි පොඩ්ඩක් දුකක් වගේ එකක් මෝදූ වී ගෙන ආවත් අන්තිමට යීබෝට පරිස්සමෙන් යන්න කියලා ශාන් කියද්දි නම් යීබෝගේ මූණ එලිය වැටුනා...

ආ මේක...

මොකක්ද...

චොකලට් එක එපාද...

ආහ්... ආන්....නේ... ඔයා හරී....ම හොදයිනෙ... අංකල් වන්ග් වගේමයි..  තෑන්ක් යූ.. තෑන්ක් යූ කඩේ අයියේ...

චූටී චොකලට් එකක් උනාට මහා ලොකු තෑග්ගක් වගේ අත් දෙකෙන්ම අරන් හරි සතුටින් කෑ ගහන වලව්කාර කොල්ලා දිහා යීබෝ බලන් හිටියේ හරි සෙනෙහසින්..

යන්න...

බායී..

බායී....

ශාන් ගේට්ටුවෙන් නොපෙනී යනකල්ම යීබෝ බලන් හිටියා... ම්ම්ම්... හිතක් වසග කර ගන්න පුළුවන් රූපයක් විතරක්ම නෙවෙයි එයාට තියෙන්නෙ... එයාට තියෙනවා හිතක් වසග කරවගන්න පුළුවන් හැදියාවක්... ආදරණීය හිතක්.. ලස්සන වචන... ඒවා ඔක්කොම ඇවිල්ලා නතර වුනේ යීබෝගෙ පපුවේ...

..

..

..

..

මතු සම්බන්ධයි.

..

..

..

..

නිකමට හිතන්න යීබෝට ඔච්චර දේවල් හිතේ තියා ගන්න ඉඩ ඇති වෙයිද කියලා..

යීබෝ.. ශාන්ව මරන්නද හදන්නෙ මැට්ටො ඉගිල්ලිලා....

ශාන්ට දැන් උදේ හවස බේත් බොනවා වගේ කරන්න වැඩක් සෙට් වෙලානේ... ම්ම්ම්.. කඩ කාරයට නිදහසේ කඩේ කරන් යන්න බැරි වෙයිද කියලයි මට බය...

රෝස මලක් වගේ කොල්ලෙක් ඇවිල්ලා කරපු හදියක් කඩකාරයෝ දෙන්නෙක්ට...

ඉතින් කොහොමද කතාව... ලස්සන කොටස් ඉතින් ඉස්සරහට තමයි එන්නෙ.. අපි බලමුකෝ...

එහෙනම් ඔයාලා හැමෝම පරිස්සමෙන් සතුටින් ඉන්න ආයේ මන් එනකල් හොදේ.... ආදරෙයි..

මම ඔයාලගෙ මධූ 🤓

Continue Reading

You'll Also Like

2K 254 15
ප්‍රේමයක් ඇත.. හිස්තැනක් සමග... 🌼 ආසු 🚫 21+
221K 6.4K 75
Daphne Bridgerton might have been the 1813 debutant diamond, but she wasn't the only miss to stand out that season. Behind her was a close second, he...
24.4K 1K 12
Two boys who have been together for five months, they've never FaceTimed, only called each other to listen to each other's voices. Hoseok is from a...
2.8K 256 14
හෂේන් අත්තනායක නම් පොඩි හාමු ගේයි ආරොන් දිසානායක ගේ ආදර කතාව.......