✅ අභිරන් 🌹 | Sinhala BL

By januLoveTK

151K 16K 13.5K

මට ඕනේ හැමදාම... නුඹෙ තුරුලටම වී ඉන්න... 🌹 TaeKook Non Fanfiction #1 roses #1 marshmallows #1 nonfic #1 no... More

නැවුම් ඇරඹුමක් 🌹
02 🌹
03 🌹
04 🌹
05 🌹
06 🌹
07 🌹
08 🌹
09 🌹
10 🌹
11 🌹
12 🌹
13 🌹
Not an update
14 🌹
15 🌹
16 🌹
17 🌹
18 🌹
19 🌹
20 🌹
21 🌹
22 🌹
23 🌹
24 🌹
25 🌹
26 🌹
27 🌹
28 🌹
29 🌹
30 🌹
32 🌹
33 🌹
34 🌹
35 🌹
36 🌹
37 🌹
38 🌹
39 🌹
40 🌹
41 🌹
42 🌹
43 🌹
44 🌹
45 🌹
46 🌹
47 🌹
48 🌹
49 🌹
50 🌹
51 🌹
52 🌹
53 🌹
54 🌹
55 🌹
56 🌹
57 🌹
58 🌹
59 🌹
60 🌹
61 🌹
62 🌹
63 🌹
64 🌹
65 🌹
66 🌹
67 🌹
68 🌹
69 🌹
70 🌹
71 🌹
72 🌹
73 🌹
74 🌹
75 🌹
Author Note 🌹

31 🌹

1.8K 201 277
By januLoveTK


ඇදේ ඉදගෙන ඉන්න ටෙරාන්ගේ උකුලෙන් ඔලුව තියාගෙන අභිත් phone එකෙන් reports වගයක් බල බල හිටියා.

"මේ ඒයි... ඔයා වැදගත් වැඩක් නෙමේ නම් phone එක චුට්ටකට දෙන්නකෝ. "

අභිත්ගේ ඔලුව අතගාන ගමන් හිටිය ටෙරාන් කියද්දි අභිත් phone එක ටෙරාන්ට දික් කරා. Note pad open කරපු ටෙරාන් තව ටිකක් පිටිපස්සට වෙලා හොදට head board එකට හේත්තු වෙලා ඉදගත්තා. 

" මේ අපි ලබන සතියෙ ඉදන් උයමු ."

" හා. "

" මට කියන්නකෝ මොනාද කුස්සියට ඕන බඩු කියලා. මන් මේකේ note down කරන්නම් ."

" මගෙන් අහන්නේ ?"

" මන් දන් නෑ ඉතිං මොනාද ඕන කියලා. Spices වර්ග වල ඉදන් හාල් , පොල් වෙනකන් ඕන ඔක්කොම කියන්න. මාසෙටම එක පාර බඩු ගේමු. "

" මාත් දන්නෑ බන්. "

" එහෙනම් උයල කමු කිව්වේ ?"

" මන් හිතුවෙ ඔයාට උයන්න පුළුවන් ඇති කියලා. "

"වෙන වෙලාවට කියන්නේ මන් පොඩී එකා ඔයා මහ එකා ගගා... ඔහේ දැන් මේ පොඩි එකා ලව්වා උයවගෙන කන්නද බලන් හිටියේ..."

" අනේ මේ රන් මන් අවුරුදු 6 යි වැඩිමල් 60 ක් විතර වැඩිමල් වගේනේ තමුසෙ කතා කරන්නේ. "

" තමුසෙ තමුසෙ ගාන් එන්න එපා. "

ටෙරාන් ඇගිලි දෙකෙකින් අභිත්ගේ නහය මිරිකද්දි අභිත් ටෙරාන්ගේ අත එහාට කරා.

" දැන් එතකොට හැමදාම අපිට කඩෙන්ද බබා කන්න වෙන්නේ ?"

" අවුරුදු 8 ක් රට හිටිය නේද ? එතකොට එක දවසක් වත් උයන් කාල නැද්ද ? "

" නෑ බන්. ඔය පොඩියට මොනා හරි හදා ගන්න පුළුවන් ඉතින්. ඒ උනාට බත් උයල නෑ . එහෙ ඉන්නකන් මන් එළියෙන්මයි කෑම ගත්තේ. "

" දැන් ඉතින් You tube එකෙන් බලලවත් උයන්න පුරුදු වෙමු . හැමදාම කඩෙන් කකා ඉන්නත් බෑනේ . "

" හෙන ආතල් වැඩේ හැබැයි 😂 මන් ඔයා උයල දෙනකන් බලන් හිටියා. ඔයා මන් උයල දෙනකන් බලන් ඉදලා . "

" දැන් ඉතින් දෙන්නම එකට උයන්න ඉගෙන ගමු. "

" ඒකත් මරු. "

" එතකොට ඔයා restaurants වල වැඩ කරා කිව්වේ. "

" Restaurants වලට එහෙම ආවට ගියාට උයන්න මිනිස්සු ගන්නෑ බන්. waiter , cashier , office and management side එකෙන් තමා මන් ගොඩක්ම job කරේ."

" pufff හාම්කෝ....."

" මේ අපි බඩු list එකක් ලියා ගන්නේ කාට කියලද ?"

" රත්නෙ අංකල්ට කියමු. "

"හැමදේටම ඒ මනුස්සයට වද දෙන්න බෑ බන්. "

" ඔයා ඉන්නකෝ එයා කරල දෙයි. "

අභිත්ගේ ඔලුව අරන් කොට්ටේ උඩින් තිබ්බ ටෙරාන් ඇදෙන් බැහැල ගිහින් මේසෙ උඩ තිබ්බ එයාගේ phone එක අරන් ඇදට ආවා. ටෙරාන් ඉදගත්ත ගමන් අභිත් ආයෙම රෝල් වෙලා ගිහින් ටෙරාන්ගේ බඩ උඩින් ඔලුව තියාගත්තා.

" කාටද call කරන්නේ ?"

අභිත් අහද්දි ටෙරාන් තොල් උඩින් දබර ඇගිල්ල තියලා අභිත්ට කතා කරන්න එපා කිව්වා.

" හෙලෝ සුරේෂ්. "

" කොහොමද ඉතින් ?"

" මන් මේ පොඩි උදව්වක් ඉල්ල ගන්න කතා කරේ."

" නෑ නෑ අනේ..."

" ඔව් ඔව් ."

අභිත් ගැන වගේ වගක් නැතුව ටෙරාන් phone එකෙන් කොමල පපා ඉන්න එකට තද වුණු අභිත් රිදෙන්නම ටෙරාන්ගේ බඩ හැපුවා.

අභිත්ගේ කොණ්ඩෙන් ඇද්ද ටෙරාන් අභිත්ට රවල බඩ අතගගාම ආයෙ සුරේෂ් එක්ක කතා කරන්න ගත්තා.

"අදාල දේ විතරක් කතා කරනවා...... "

කන ළග තිබ්බ ටෙරාන්ගේ phone එක එහාට කරල අභිත් රහසින් වගේ කියද්දි අභිත්ගේ ඊරිසියාකාර හැසිරීම ටෙරාන්ට අමුතු සතුටක් ගෙනාවා.

" සුරේෂ් රත්නෙ අංකල්ට පොඩි පණිවිඩයක් කියන්න පුළුවන් ද ?"

" මන් හෙට දවල් වෙලා site එකට එනවා. දෙන්නෙකට මාසෙකට කන්න උයන්න ඕන කරන බඩු list එකක් ලියන දෙන්න කියපන්කෝ. කුළු බඩු ඉදන් හාල් ,පොල් වෙනකන් කුස්සියට ඕන හැම කලවනාවම ඕනේ. "

" හරි සුරේෂ් Thank you. "

Call එක cut කරල ටෙරාන් අභිත් දිහා බලද්දි මූණත් දෙක කරන් ඉන්න අභිත්ව දැකලා ටෙරාන්ට හිනා යන්න ආවත් අභිත්ව තවත් කේන්ති ගස්සන්න ඕන නෑ කියලා හිතුන ටෙරාන් අභිත්ගේ බඩ උඩට ඇවිත් ඉදගෙන අභිත්ගේ මුළු මූණම ඉඹගෙන ඉඹගෙන ගියා .

" අනෙ අම්මේ ඊරිසියාව. "

" මගේ නම් මගේ විතරයි. "

" ඔයාගේ විතරයි . "

අභිත්ගේ පපුවෙන් හාද්දක් තියලා ටෙරාන් අභිත්ගේ ඇග උඩින්ම හාන්සි වුණාම අත් දෙකම ටෙරාන්ගේ පිට වටේ යවලා අභිතුත් ටෙරාන්ව තවත් තද කරලා තුරුලු කරගත්තා.





"අපි කොහෙන්ද  බඩු ගන්නේ ?"

" කළුබෝවිල SPAR එකක් තියනව ඒකෙන් ගමු. "

" හරේ... "

සිකුරාදා හවස් වෙන්න කලින් දවසෙ වැඩ ටික ඉවර කරපු දෙන්නා එනගමන් රත්නෙගෙන් එයා ලියපු බඩු list එකත් ඉල්ලගෙනම ආවා.

සෙනසුරාදා දවසෙ ගෙදර ඉදන් මංගල භෝජනේ හදන්න හිතාගත්ත අභිත් ටෙරාන් දෙන්නා බඩු ගේන්න යන්න හිතන් හවස හතට විතර ගෙයින් එළියට බැස්සා.

SPAR එකට ඇතුල් වුනාට පස්සේ Cart එකකුත් තල්ලු කරගෙන ටෙරාන් list එකේ තියන බඩු හොය හොය යද්දි Snacks packet 10ක් විතර උස්සන් ආපු අභිත් ඒ ටික cart එකට අතඇරියා.

" මේ මොකද මේ ?"

" ඇයි ?"

" ඔය ඔක්කොම මේකට දැම්මාම මන් උයන්න ගන්න බඩු දාන්නේ මොකේද ?"

" හරි ඉතිං මන් ඕව ගත්තෙත් ඔයාට කන්න තමයි ."

" හරි එහෙනම් ඔයා මේක අරන් ගිහින් ඔයාට ඕන ඒව දාගන්න. මන් වෙන trolley එකක් අරන් එන්නම් kitchen එකට ඕන බඩු දාන්න. "

" මල සමයං . "

ටෙරාන් අභිත් snacks දාපු cart එක එයාටම අරන් යන්න දීල දොර ගාවට ගිහින් තවත් cart එකක් තල්ලු කරගෙන ආවා.

ටෙරාන් spices තියන rack එක ගාව ඉදන් ඕන කරන ජාති ලියල තියන gram ගණන් වලින් තෝර තෝර දාගනිද්දි අභිත් cart එක පිරෙන්න Snack , biscuit , cake , බීම , cheese , ice cream  වගේ දේවල් ගොඩක් පුරවන් ටෙරාන් ගාවට ආවා . අභිත් මුළු super market එක වටේම වට දෙකක් ගිහින් ආවත් ටෙරාන් තාමත් list එකෙන් හතරෙන් එකක් වත් බඩු අරගෙන තිබ්බේ නෑ.

Shopping කිරිල්ල එපා වෙලා තිබ්බ අභිත් Cart එක අත ඇරලා හෙමීට ටෙරාන් ගාවට කිට්ටු වුණා. ඉස්සි ඉස්සි උඩ rack වල තියන දේවල් ගන්න ටෙරාන් ගන්න හැම බඩුවෙම වගේ පිටිපස්සෙ ගහල තියන ඒවත් කියෙව්වා. මේක ටෙරාන් living together ඉන්න Boyfriend කෙනෙක් විදියට ලබන පලවෙනි Super market අත්දැකීම නිසා ටෙරාන්ට මේ වැඩේ හරිම විදියට කරන්න ලොකු ඕනකමක් තිබ්බා.

සෝස් බෝතල් දෙකක් අත් දෙකේ තියාගෙන මොකක්ද ගන්නේ කියල කල්පනා කර කර හිටිය ටෙරාන් ගාවට හිමින් සැරේ පාත් වුණු අභිත් ටෙරාන්ගේ කම්මුලකින් හාද්දක් තිබ්බාම ටෙරාන් ගැස්සිලා වට පිට බැලුවා.

" අභූ එපා මෙතන මිනිස්සු ඉන්නවා. "

" කෝ කවුරුත් නෑ නේ. "

ටෙරාන් ආයෙම යටිපතුලින් ඉස්සිලා උඩම rack එකක තිබ්බ සෝස් බෝතලයක් ගන්න යද්දි අභිත් ටෙරාන්ගේ ඉණෙන් අල්ලල ටෙරාන්ව උඩට ඉස්සුවා.

" අභූ මන් එක පාරක් කිව්වා. මේ මිනිස්සු ඉන්න තැන විකාර කරන්න එපා. "

ටෙරාන් කකුල් ගස ගස දගලද්දි අභිත් ටෙරාන්ව බිමින් තිබ්බා.

" මොකක්ද බබා ? දකින මිනිස්සු හිතයි ඉතින් ඔයා මගේ මල්ලි කියලා. "

"චඃස්."

Wife mode on වෙලා හිටිය ටෙරාන් අභිත්ගේ අතත් ගසල දාලා trolley එකත් තල්ලු කරන් ඉස්සරහට ඇවිදන් ගියා.

ආයෙම ටෙරාන් ගාවට කිට්ටු වුණු අභිත් ටෙරාන්ගේ ඉණ වටෙන් අත දාලා ඉණ කෙනිත්තුවම උපරිමේට කේන්ති ගිය ටෙරාන් ඔරවගෙනම අභිත් දිහාට හැරුණා.

" තමුසෙට කියන දේ තේරෙන් නැද්ද මිනිහෝ ? මීටරෙන් ඉදපන්. "

Public place එකක මෙහෙම හැසිරිල නිකන් පද හදාගන්න ගන්න ඕන නැති නිසා ටෙරාන් අභිත්ට කෑ ගැහුවත් ඒ කෑ ගහපු විදියට අභිත්ගේ හිත සෑහෙන රිදුණා.

ආයෙ ටෙරාන් දිහාවත් නොබලා cashier එක ගාවට ගිය අභිත් එයා ගත්ත බඩු ටික bill කරල car එකට දාලා ඇවිත් food court එකට ගිහින් Iced coffee  2ක් ගත්තා. ආයෙ super market එක ඇතුලේ ඇවිදල ටෙරාන්ව හොයාගත්ත අභිත් ටෙරාන් එක්ක වචනයක් වත් කතා නොකර iced coffee එක cart එක ඇතුලෙන් දාලා ඇවිත් food court එකෙන් ඉදගෙන හිටියා.

එයා කෑ ගහපු විදියට අභිත්ගේ හිත රිදිල කියල තේරුණත් ආයෙ මෙතන අභිත්ව හුරතල් කර කර ඉන්න බැරි නිසා ටෙරානුත් ඒ ගැන නොහිතා iced coffee එකත් කටේ ගහගෙනම එයාගේ වැඩේට අවධානේ දුන්නා.

" Hello ඔයා කොහෙද ඉන්නේ ?"

" Cashier එක ගාවට එන්න. "

" Bill කරල ඉවරයි . මන් මේ දොර ගාව ඉන්නේ. "

ටෙරාන්ට ආපිට කිසිම උත්තරයක් නොදීම අභිත් call එක cut කරල දැම්මා.

Dinning area එකේ ඉදල bag එකකුත් අතේ අරන් දොර ගාවට ආව අභිත් ටෙරාන් එක්ක වචනයක් වත් කතා නොකර cart එකත් තල්ලු කරන් car එක ගාවට ගියා. ඩිකිය ඇරල අභිත් ඔක්කොම bag ඇතුළට දානකන් ටෙරාන් බලන් හිටියත් එතන ටෙරාන් නෑ වගේ අභිත් එයාගේ පාඩුවේ වැඩේ කරා . Cart එක ආයෙම ගෙනිහින් එළියෙ අදාළ තැනින් දාල ආව අභිත් කිසි කතාව නැතුව car එකට නගිද්දි ටෙරානුත් car එකට නැග්ගා.

අභිත් වාහනේ පාරට දාද්දි තවත් බලන් ඉන්න බැරිවුණු ටෙරාන් අභිත්ගේ අත උඩින් අත තිබ්බා.

"චඃස්. මීටරෙන් ඉදපන්. "

ටෙරාන්ගේ අත ගසල දැම්ම අභිත් ඉස්සරහ බලාගෙන drive කරා.

" අභූ ඇයි ???"

ටෙරාන් ආයෙම අභිත්ගේ උරහිසෙන් අත තියද්දි අභිත් ඒ අතත් ගසල දැම්ම නිසා ටෙරානුත් ආයෙ මුකුත් නොකර දොර පැත්තටම හේත්තු වෙලා shutter එකෙන් එළිය බලාගත්තා.

ගෙදරට එනකන්ම දෙන්න අතර වචනයක් වත් හුවමාරු නොවෙද්දි ටෙරාන් බැහැල ගිහින් ගේට්ටුව ඇරියාම අභිත් කාර් එක වත්තට දැම්මා. ඩිකිය ඇරලා බර බෑග් 4 ක් අතට ගත්ත අභිත් ටෙරාන් දොර ඇරියාම මළු ටික උස්සන් ගිහින් kitchen counter එකෙන් අත ඇරලා කාමරේට ගියා.

කොට්ටේ අස්සේ මූණ ඔබාගත්ත අභිත් අතපය හතර දිග ඇරලා ඇදෙන් දිගා වුණා. ගේට්ටුවත් lock කරලා ඉතුරු වෙලා තිබ්බ පොඩි බෑග් තුන අතට ගත්ත ටෙරාන් car එකත් lock කරලා දොරත් lock කරගෙන ගිහින් එයාගේ අතේ තිබ්බ bag ටිකත් kitchen counter එක උඩින්ම තිබ්බා.

අභිත්ව යාලු කරගන්න හිතන් කාමරේට ගිය ටෙරාන් ඇද උඩ දපනෙ දාලා ඉන්න අභිත් දිහා ටිකවෙලාවක් බලන් ඉදල ඇදට නැගලා අභිත්ගේ ඇග උඩින් දිගා වුණා.

" මීටරෙන් ඉදපන් කිව්වනේ....."

ටෙරාන්ව ඇගෙන් ඇදල දාන්න try කරන ගමන් අභිත් කෑ ගහද්දි ටෙරාන් අභිත්ගේ පපුව යටින් අත් යවල අභිත්ව තද කරලා බදාගත්තා.

" මගේ ගෙදර , මගේ කාමරේ , මගේ ඇදේ , මගේ මිනිහ එක්ක මීටරෙන් ඉන්න මට ලාදුරු කියලා හිතුවද ?"

" තමුසෙට ඕන උනු වෙලාවට කරේ නගින්නයි අනිත් වෙලාවට මීටරේ මීටරේ ගාන්නයි. "

" අනේ බබෙක් වෙන්න එපා Buu Buu. Public place එකක වටේම මිනිස්සුන්ට පේන්න වෙලීගෙන ඉදල අනවශ්‍ය අවධානයක් අරන් චාටර් වෙන්න මට උවමනාවක් නෑ. "

" ආදරේ කරන දෙන්නෙක්ට ළගින් ඉන්න බැරිද හරි හුත්තක්නේ මේක. "

" මේක ලංකාව අභූ , මොකෙක් හරි දෙන්නගෙ photo එකක් ගහල ඕක social media දාලා ඊලගට pageකාරයෝ reach වැඩි කරගන්න හෑලි ලිය ලිය ඕක හතර අතේ share කරලා ඕක දකින් එවුන්ගෙන් හතරෙන් තුනක් කුණු හරපෙන් බැනලා comment දාලා , අපේ අම්මලා ඔයාලගේ අම්මලා ඔක්කොම මේක ගැන දැනගෙන , අපිට විතරක් නෙමේ පවුල් වල ඔක්කොම අයටත් පාරෙ බැහැල යන්න බැරි තත්වයක් උදා වෙලා මේක ඉවරයක් වෙලා යන්නද ඔයාට ඕනේ.... "

අභිත්ගේ පිට උඩ දිගාවෙලාම ටෙරාන් ආවේගෙන් කියවගෙන යද්දි නිහඩව ටෙරාන් කියන ඔක්කොම අහන් හිටිය අභිත් ටෙරාන්ව ඇගෙන් පහලට ඇදල අරන් ටෙරාන්ගේ පපුව උඩින් ඔලුව තියාගත්තා.

" බබා... "

" හ්ම්ම්..."

" අපි Australia යමු. "

" ම්ම්ම්... දැන්ම බෑ නේ අභූ. මගේ නංගි මල්ලි ගැන මම බලන්න ඕනේ. අම්මා ගැන බලන්න ඕනේ. මට ආත්මාර්තකාමී වෙන්න බෑ අභූ. මගේ පවුල ගැනත් මම හිතන්න ඕනෙ නේ... "

" හ්ම්ම්. මනුස්සයෙක්ට ආදරේ කරන්නවත් නිදහසක් නැති මේ වගේ රටක්. Shit . මට එහෙම ඉන්න බෑ රන්."

" ඇයි එහෙම කියන්නේ ? හැම වෙලේම ඇලීගෙන වෙලීගෙන ඉන්න ඕන නෑ අභූ. අපි දෙන්න තනියම ඉන්න වෙලාවල් ඕන තරම් තියෙන්නේ. ඒ වෙලාවට අපිට ඔය ඔක්කොම කෝලන් කරන්න පුළුවන් නේ. "

" ම්ම්ම්..."

" ඔය ඉතින් තාමත් දුකින්ද ඉන්නේ..."

" ඔව් කුක්කු ටිකක් දීලා නලවන්න. "

" මහ කපටියෙක්. පොඩ්ඩක් ඉඩ දුන්නාම ඔයා හපන්න ගන්නවනෙ අනේ ඊළගට දවසම මට ඕක අතගගා ඉන්න වෙනවා. "

" එහෙනම් මන් තාම ඔයත් එක්ක තරහයි. උඹත් මීටරෙන් ඉදපත් මාත් මීටරෙන් ඉන්නම්. ඇද මීටරේකට වඩා දිගයිනේ ඒ නිසා කිසිම ප්‍රශ්නයක් නෑ. "

" හපෝ හපෝ කෝ එනව ඉතින්. "

ඔලුව උඩින් කොට්ටයක් තියාගෙන ටෙරාන් ටිකක් ඉස්සෙද්දි අවසර ලැබුණු තප්පරෙන් ටෙරාන්ගේ ටී ෂර්ට් එක උඩට ඉස්සුව අභිත් මුළු ඔලුවම ටෙරාන්ගේ ටී ෂර්ට් එක අස්සට ඔබාගත්තා.

ටී ෂර්ට් එක උඩට ඉස්සුව ටෙරාන් අභිත්ගේ කෙස් අතරින් ඇගිලි අරන් යද්දි අභිත් මාරුවෙන් මාරුවට ටෙරාන්ගේ නිපල්ස් උරන්න ගත්තා .ටෙරානුත් හීන් කෙදිරිලි පිට කරන ගමන් අභිත්ට කැමති දෙයක් කරගන්න ඉඩ දීල ඇස් පියාගෙන හිටියා. ටික වෙලාවකින් දෙන්නම එහෙම්ම නින්දට වැටෙද්දි රෑ 11 ට විතර ටෙරාන් නින්දෙන් ඇහැරුණා.

ටෙරාන්ගේ පපුවට ඔලුව තියාගෙනම නින්ද ගිහින් හිටිය අභිත්වත් ටෙරාන් තට්ටුවක් දාලා ඇහැරෙව්වා.

" සුදු මහත්තයා... සුදු මහත්තයෝ... "

" ම්ම්ම්... "

" බඩගිනී නේ... මොනා හරි කාලා නිදාගමු. කෝ නැගිටින්නකෝ... "

"ම්ම්ම්... මන් කෑම ගෙනාවා. "

" කෝ නැගිටිමුකෝ... මට බඩගිනී. "

දහපහළොස් පාරක් විතර කතා කරලා කරලා අභිත්ව නැගිට්ටව ගත්ත ටෙරාන් අභිත් SPAR එකෙන් අරන් ඇවිත් තිබ්බ Spaghetti එකයි  lasagna එකයි Oven එකට දාලා රත් කරලා ගත්තා. රෑටත් කාලා , ගෙනාපු බඩු ටිකත් අස්කරපු දෙන්නා හෙට උදේට තියන mission එක ගැනත් පොඩි plan එකක් ගහලා නින්දට වැටුණා.








පහුවදා උදේ නැගිට්ට අභිත් ටෙරාන් දෙන්නා එයාලගේ මංගල භෝජනේ උයන්න ලෑස්ති වුණා.

"බබා මුලින්ම බත් එක ගහල ඉමු නේද ?"

"ඔව්."

" You tube එකේ පොඩ්ඩක් search කරල බලන්නකෝ. "

" බ..ත්..උ..ය..මු.. අම්මෝ මේ වීඩියෝ එක විනාඩි 26 ක් අනේ... ඕක බලන්න ඕන්නෑ පුළුවන් විදියට කරමු. First try එකනේ."

" හරි දැන් මොකක්ද මුලින්ම කරන්න ඕනේ ?"

" අපි දෙන්නටනේ හාල් rice cooker cup එකෙන් දෙකක් දාමු. "

හාල් bucket එක ඇරිය අභිත් Cup එකෙන් දෙකක් භාජනේට දැම්මා.

" හරි දැම්මා. "

" දැන් පස් පාරක් විතර හෝදලා වතුර දාලා තියන්න තියෙන්නේ. ඉන්න මන් කරන්නම්. "

අභිත්ගේ අතින් හාල් භාජනේ ගත්ත ටෙරාන් හොදට 5 පාරක් හාල් හෝදලා rice cooker එක plug කරා.

" වතුර කොච්චර දානවද බබා ?"

" මන් අහලා තියනව මේ ඇගිලි පුරුක් මට්ටමට වතුර දාන කතාවක්. ඉන්න මන් දාන්නම්කෝ. "

Filter එකෙන් වතුර කෝප්පයක් ගත්ත ටෙරාන් හාල් එක ඇතුළට අත දාලා ඇගිලි පුරුක් ඔක්කොම වැහෙනකන් ඒකට වතුර දැම්මා.

" Easy නේ. "

" දැන් ඒක ඉදෙයි ඊළගට මොනාද ?"

" අභූ ඔයාට පොල් ගාන්න පුළුවන්ද ? මන් පරිප්පුවට ඕනෙ ඒව ලෑස්ති කරන්නම්. "

" පොල් බිදින්නත් ඕනෙ නේද ?"

" ඔයාට පුළුවන් ද ?"

" Try එකක් දීල බලමු. "

පොල් ගෙඩියක් අතට ගත්ත අභිත් පොල් ගෙඩිය සුද්ද කරලා කාපට් එක උඩ තියලම මන්න පාරක් ගැහුවා.

" හයියෝ කුස්සියම විනාසයිනේ. "

පොල් ගෙඩිය ගාණට දෙකට බෙදුනත් පොල් වතුර මුළු කුස්සිය පුරාම විසිරිලා ගියා.

" හරි හරි අනේ මන් පිහිදාන්නම් . "

පොල් බෑයවල් දෙක පැත්තක තියල මොප් එක අරන් ආව අභිත් කුස්සියම මොප් කරලා පොල් ගාන්න පටන් ගත්තා.

මේ අතරේ ටෙරාන් rice cooker cup එකෙන්ම පරිප්පු එකක් භාජනේකට දාගෙන හෝදලා පැත්තකින් තියලා You tube එකෙන් පරිප්පු හදන video එකක් බල බල අනිත් අවශ්‍ය දේවල් ලෑස්ති කරන්න ගත්තා.

" සිහින්ව කපාගත් ළුණු ගෙඩියක්."

Video එක pause කරපු ටෙරාන් ළුණු ගෙඩියක් අරන් සුද්ද කරල හෝදල කැපුවා.

" තලාගත් සුදුළුණු බික් 3ක් "

ආයෙම video එක pause කරපු ටෙරාන් සුදුළුණු ගෙඩියක් සුද්ද කරල කැපුවා.

ටෙරාන් ඔය විදියට එකින් එකට අවශ්‍ය දේවල් kitchen counter  එක දිගට ready කරගනිද්දි එකින් එකට අත හෝදලා ශෝටේ පස්සෙන් අත පිහිදල ටෙරාන්ගේ ශෝටත් මේ වෙද්දි සම්පූර්ණෙම්ම තෙත් වෙලයි තිබුණේ . පැයක විතර Mission එකකට පස්සේ ටෙරාන් යන්තම් පරිප්පුව Hot plate එක උඩින් තියාගත්තා.

" අද අපි මුලින්ම ලේසි දෙයක් try කරමු. Meat balls deviled එකක් හදමුද ?"

" හා බබා ඔයාට ලේසි දෙයක් හදන්න ගන්නකෝ."

වැඩ කරනවට වඩා මේ දිහා බලන් ඉදලම එපා වෙලා තිබ්බ අභිත් snacks පැකට් එකක් කඩාගෙන කන ගමන් ටෙරාන්ටත් කැව්වා.

" ළුණු ගෙඩි 4 ක් කපල දෙනවද ?"

" හා දෙන්නකෝ. "

Cutting board එකයි පිහියයි ගත්ත අභිත් ළුණු කපන අතරෙ අනිත් ජාති ලෑස්ති කරල ඉවර කරපු ටෙරාන් අභිත්ගේ පැත්තට හැරුණා.

" ඒයි ඇයි අඩන්නේ අත කැපුනද ?"

" නෑ බබා මේ ළුණු පට්ට සැරයි නේ. "

" දෙකක් කැපුවනේ ඔය දෙකෙන් හදමු. "

"මේ බබා ළුණු කපන machine තියනව නේද ? ඒකක් බලල ගමු අනේ. මේ වදේ විදින්න බෑ. "

" හරි හරි. "

Hot plate එකේ එක පැත්තක පරිප්පුව හැදෙද්දි You tube video එකකින් බලන් ටෙරාන් අනිත් පැත්තේ Meat balls deviled එක හදන්න පටන් ගත්තා.

" මොකක්ද බබා ඔය you tube channel එක. "

" අපේ අම්මා. "

" එයා නේද අර සැරින් සැරේ live ඇවිත් මිනිස්සුන්ට බැන බැන යන්නේ ."

" ඔව් අනේ මේ පොඩි කොල්ලෙක් පස්සෙන් එල්ලි එල්ලි යනවා. මොන තරම් අසහනයක්ද ? මානසික ප්‍රතිකාර අවශ්‍යයි කියන්නේ එයාගේ සටන් පාඨ "

"වයසට ගැලපෙන වැඩ කරන්න ඕන."

" මොනා උනත් මෙයා උයන විදිය පැහැදිලිව කියල දෙනවනේ ඒයි. "

" බබා කර ගදක් එනවා නේද ?"

" අම්මට සිරි පරිප්පුව. දැන් මේකට කිරි දැම්මොත් අවුල් යයිද දන්නෑ නේ . "

" කොහොමත් අවුල් තමා බබා. ඔන්න ඔහෙ කිරි ටිකත් දාන්න. "

" මේ hot plate එක use කරන විදියත් you tube එකෙන් වත් බලන්න ඕන අනේ. "

" බබා..."

" ඇයි ?"

" මේ බත් එක කිරිබත් වලටත් හපන්නේ. "

අභිත් rice cooker එකට මූණ ඔබාගෙන කියද්දි ටෙරාන් ගිහින් rice cooker එකට හැන්දක් දාලා බැලුවා. හැන්දට ගත්ත බත් ටික බත් කැද වගේ පෙරිලා ගිහින් ආයේ භාජනේටම වැටුණා.

හිනා වෙවීම අභිත් ගිහින් පුටුවක් ඇදල වාඩි වුණාම සසර කලකිරිලා වගේ වැනි වැනි ආපු ටෙරානුත් එහා පැත්තේ පුටුවෙන් වාඩි වුණා.

" කන්න පුළුවන් දේකට තියෙන්නේ meat balls එක විතරයි ඒයි. "

" අපෙ අම්මගෙ power එක තමයි. "

අභිත් හිනා වෙවී කියද්දි උයලම පණ ගිහින් හිටිය ටෙරාන් අභිත්ට රැව්වා.

" මේ දැන් ඔයා ගෙදර යන්නත් එපැයි. මන් කඩේට ගිහින් පාන් අරන් එන්නම් meat balls එක්ක පාන් කාල යන්. "

" හුම්..."

"මන් එනකන් තරහ නැතුව අර වලං දෙක හෝදල දානවකෝ . "

" තවුසෙ promise වුණා වලං හෝදන්න. "

"හරි හරි අදට විතරක් හෝදනවකෝ."

"අදට විතරයි ."

ටෙරාන් ගස්සගෙන ආයෙ කුස්සියට යද්දි wash එකක් දාන් ඇවිත් කුස්සිය අස් කරන ටෙරාන්ට උම්මියකුත් දීගෙන අභිත් පාන් ගේන්න කඩේට ගියා.

Meat balls deviled එකත් එක්ක පාන් කෑව දෙන්නා එකට ගත කරපු දවස් 5 කට පස්සේ දෙන්නගේ ගෙවල් වලට යන්න පිටත් වුණා . යන මග දිගටත් උයන්න ගිහින් සිද්ද වුණු ඇබැද්දිය මතක් කර කර හිනා වෙවී ආව දෙන්නට අකමැත්තෙන් උනත් ටෙරාන්ගේ ගේ ගාවදී රැයවල් දෙකකට දෙන්නට දෙන්නා සමුදෙන්න සිද්ද වුණා.















18K 🌹

කොච්චර පොරක් උනත් අවංකව ආදරේ කරද්දි බොළද හත්වලාමක් වෙනවා වෙනවා...... මයි
👉👈

ඩබල බතට ලුණු දැම්මෙත් ඤැහ් 😭😂

Comment එකක් දාන් යන්න ඒයිලා ❤

Continue Reading

You'll Also Like

28.6K 4.1K 14
ආදරේ කරන්න නොදන්න හිතකට ආදරේ කරන්න කියලා දුන්නු එයා ඒ ආදරේ අමතක කරන විදිහ කියලා දුන්නේ නැත්තන්...? ° nonfiction °
151K 16K 77
මට ඕනේ හැමදාම... නුඹෙ තුරුලටම වී ඉන්න... 🌹 TaeKook Non Fanfiction #1 roses #1 marshmallows #1 nonfic #1 nonfanfiction #1 nonff #1 nonfanfic 2023.1...
6.3K 344 7
🐇 , 𝖳𝖧𝖨𝖲 𝖳𝖨𝖬𝖤 𝖨 𝖶𝖠𝖭𝖳 𝖸𝖮𝖴 ! ⠀⠀ ❝ a rich girl throws a punch ❞ various 𝒙 oc⠀⠀、 ⠀© illitzs
2.4K 756 65
A journey to future - Yr 3001 ?️?