He Is My Type

By lazy-kitty

3.6K 610 471

Cause you're pretty...and you're smart...and you're ignoring me...So you're obviously My Type. I'm sorry...w... More

1 》》
3 》》
4 》》

2 》》

694 154 107
By lazy-kitty

Lee කම්පැනි එකත් එක්ක දාගත්ත මීටින් එකේ presentation එක දිහා බලන් හිටපු ටේහයුන්ග්ගෙ අවධානය වෙනස් උනේ කවුරු හරි තමන්ගෙ කකුල දිගේ යටි පතුල අතුල්ලනව දැනුන නිසා...ඒ කෙනාගෙ කකුලෙ ඇගිලි තමන්ගෙ කකුල දිගේ උඩ පහල යනව දැනෙද්දී තමන්ට ඉස්සරහ බලපු ටේහයුන්ග් දැක්කෙ මිස්ට.ලී ගෙ Secretaryව...

තද කලු පාටට අයිලයිනර් ඇදපු ඇස් කොනෙන් හනා ටේහයුන්ග් දිහා බැලුවත් ටේහයුන්ග්ට දැනුනෙ තමන් බය උනා වගේ...වැඩිය හැඩ කරන්න ගියපු හනාගෙ මූණ වෙස්මූණක් වගේ වෙද්දී අවංකවම පොඩ්ඩක් බය හිතුන ටේහයුන්ග් තමන්ට එහා පැත්තෙන් වාඩි වෙලා ඉන්න ජන්ග්කුක්ට කතා කරා...

" ජන්ග්කුක්...ඒයි...ජන්ග්කුක්..."

" ඇයි සර් ?"

" ඉස්සරහ ඉන්න ගෑනි මගේ කකුල දිගේ ඒකිගෙ කකුල යවනව...මාව බේරගනින්කෝ මොනව හරි කරල"

" කකුල එහාට ගන්න ඉතින්"

" මේ පුටුව තව පස්සට කරගන්න බෑනෙ බන්...ඊලඟට කට්ටිය බලයි ඇයි කියල "

" හ්ම්..."

පොඩ්ඩක් කල්පනා කරපු ජන්ග්කුක් ෆයිල් එකක පින් කරල තිබුන ඩ්‍රෝවින් පින් එක අතට අරගෙන තමන්ගෙ සපත්තුවක් ගලවලා මහපට ඇගිල්ලයි අනිත් ඇගිල්ලයි අතරෙ ඩ්‍රෝවින් පින් එක හිරකරගෙන ලාවට කකුල ඉස්සරහට කරල ටේහයුන්ග්ගෙ මූණ බැලුවම දැක්කෙ බෙරි වෙලා තියෙන ටේහයුන්ග්ගෙ මූණ...

" ඔය අනින්නෙ මගෙ කකුලට...තව ටිකක් ඉස්සරහට කරල අනින්න"

ටේහයුන්ග් කිව්ව වගේම තමන්ගෙ කකුල පොඩ්ඩක් ඉස්සරහට කරපු ජන්ග්කුක් එහෙමම කකුල තද කරේ ඩ්‍රෝවින් පින් එක මිස්.හනාගෙ කකුලෙ ඇනෙද්දී...

ජන්ග්කුක් මොකුත් නොකරා වගේ presentation එක දිහා බලන් හිටියත් මිස්.හනා නම් කෑ ගහගෙන නැගිට්ටෙ තමන්ගෙ කකුල හිල් වෙනව දැනුන නිසා...

හැමෝම කලබල වෙලා වගේ හනා දිහා බලද්දී ජන්ග්කුක් නම් ෆයිල් එකක් චෙක් කරන්න ගත්තෙ ටේහයුන්ග්ට දාඩිය දාන්න ගද්දී...මොකද වැඩේ කරේ ජන්ග්කුක් උනාට හනා ඉස්සරහ වාඩිවෙලා හිටියෙ ටේහයුන්ග් නිසා...

" මිස්ට.කිම්...මේ ටේබල් එක එහෙම හරියට චෙක් කරේ නැද්ද...බලන්න මගෙ Secretaryට වෙලා තියෙන දේ..."

" I'm really sorry මිස්ට. ලී...මීට කලින් මෙහෙම දේවල් වෙලා නෑ...මිස්.හනා කකුල් එක විදියට තිතාගත්ත නම් ඉවරයි නේද"

ටේහයුන්ග් කියපු දේත් එක්ක හනාගෙ මූණ වෙනස් වෙද්දී හැමෝගෙම අවධානය හනාට ගියා...

" මම බෙහෙත් දාගෙන එන්නම් සර්...මේක අවුලක් නෑ...මගේ වැරැද්ද "

හනා එතන හිටපු තව ගර්ල් කෙනෙක් එක්ක ඉක්මනට එතනින් එලියට යද්දී මිස්ට.ලී ආපහු presentation එක කරන්න ගත්තා...

කම්පැනි දෙකටම සාධාරණ විදියට වාසි ලැබෙන විදිහට හදල තිබුන contract එකට ටේහයුන්ග් අත්සන් කරාම මීටින් එක ඉවර උනත් මිස්ට . ලී විතරක් රූම් එකේ නැවතුනා...

" මිස්ට. කිම්...මට පොඩ්ඩක් තනියම කතා කරන්න ඕන ඔයා එක්ක "

" කියන්න මිස්ට. ලී...ජන්ග්කුක් හිටියට කමක් නෑ එයා මගේ Secretaryනෙ"

" මේකයි කාරණාව මිස්ට. කිම්...මිස්ට.කිම් ට තාම අවුරුදු විසි අටයිනෙ...ඉතින් ටේහයුන්ග්ව මට මගෙ පුතෙක් වගේ...මට ඉන්නව ටේහයුන්ග්ට වඩා අවුරුද්දක් බාල දුවෙක්...ඉතින් ටේහයුන්ග්ට proposal එකක් ගේන්න කැමතී මම..."

මිස්ට.ලී කතා කරල ඉවර වෙනවත් එක්කම තමන්ගෙ ෆෝන් එක අතට ගත්ත ටේහයුන්ග් තමන්ට එහා පැත්තෙ ඉන්න ජන්ග්කුක්ට මසේජ් එකක් දැන්මා...

" ජන්ග්කුක් මාව බේරගනින්....
මුගේ දූ හෙන කැතයි බන්"

" සොරි සර්...Secretaryගෙ වැඩ
කොටසට මේව ඇතුලත් වෙනව කියල
තිබුනෙ නෑ මට මතක විදියට...
මේවත් කරන්න මට ලැබෙන පඩිය මදියි සර්"

ටේහයුන්ග්ට රිප්ලයි කරපු ජන්ග්කුක් ෆයිල්ස් ටික අරගෙන නැගිටලා යන්න හදද්දී ටේහයුන්ග් ජන්ග්කුක්ගෙ අතකින් අල්ලල නවත්තගත්ත...

" ඔයා කියන ගානකින් මම පඩි වැඩි කරන්නම් ජන්ග්කුක්"

" අනේ ඕන නෑ සර්...මේ ප්‍රොජෙක්ට් එක සාර්ථක උනාම අපිටමනෙ වාසිය...මම එහෙනම් යනව මිස්ට. ලී"

මිස්ට. ලීටත් ආචාර කරපු ජන්ග්කුක් මීටින් රූම් එකෙන් එලියට යද්දී ටේහයුන්ග් දත් තිස්දෙකම පෙන්නල මිස්ට. ලී එක්ක හිනා උනේ කරන්න දෙයක් කල්පනා කරන ගමන්...


කැබින් එකට ආපු ජන්ග්කුක් දොර වහල එහෙමම දොරට හේත්තු වෙලා ටේහයුන්ග් අල්ලපු තමන්ගෙ අත අල්ලගෙන ඒකට හාදුවක් දුන්නා...

" ඔහ්...එයාගෙ අත රෆ්නෙ...මගේ අතටත් වඩා ටිකක් රෆ් වගේ...දෙවියනේ ඇගේ කරන්ට් එකක් ගියා වගේ"

ටික වෙලාවක් තනියම උඩ පැන පැන හිටපු ජන්ග්කුක් පොඩි ඩාන්ස් එකකුත් දාල තමන්ගෙ තැනින් වාඩි උනේ ටේහයුන්ග් ආපහු ආවොත් කියල...


" ඉතින් ටේහයුන්ග් පුතාගෙ තීරණේ මොකක්ද...අනික දැන්ම තීරණ ගන්න හදිසි වෙන්න ඕන නෑ පුතා...මගේ දූව ආශ්‍රය කරල බලන්න මුලින්ම "

" මේකයි මිස්ට. ලී...ඔයාගෙ දූව ආශ්‍රය කරන්න බැරි කමක් නම් නෑ...ඒත් මිස්ට. ලී....

" ඒත් මොකක්ද පුතා?"

" මිස්ට. ලී කවදා හරි දැකල තියෙද මම ඩේටින් කියල නිවුස් එකක්..."

" නෑ පුතා...ඒකමයි පුතාට මම කැමති...හොද චරිතයක් තියෙන දරුවෙක්නෙ"

මිස්ට. ලී කියපු කතාවට ටේහයුන්ග්ට හිනා ගියේ මිස්ට . ලී ගෙ දූව මතක් වෙලා...

" හොද චරිතයක් තියෙන දරුවෙක්ට හොද චරිතයක් තියෙන දරුවෙක්ම එපැයි දෙන්න නේද මිස්ට. ලී..

" මොකක්ද ඒකෙ තේරුම පුතා?"

" මට Secretaryල දැනට දාසයක් හිටිය මිස්ට. ලී...දැන් ඉන්නෙ දාහත් වෙනි කෙනා...ඉතින් මට ඔය Secretaryල අතරින් ඕන කෙනෙක්ව ඩේට් කරන්න තිබුන මිස්ට. ලී...ඒත් මම එහෙම කරේ නෑ...ලස්සන ලස්සන කෙල්ලො ගොඩක් හිටිය මිස්ට. ලී...ඒත් මම ඒ කාවවත් ඩේට් කරේ නෑ...මිස්ට. ලීට තේරෙනවද මම කියන දේ?"

" ඇත්තටම නෑ පුතා"

" මම ඒ කෙල්ලොන්ව ඩේට් කරේ නෑ...එක කෙල්ලෙක් දිහා වැරදියට බැලුවෙ නෑ මිස්ට. ලී"

" ඉතින් පුතා ගොඩක් හොද හැදුන දරුවෙක්...අද කාලෙ ඔහොම පිරිමි ලමයි හොයන්න කොච්චර අමාරුද?"

" හොද කමක් නෙවෙයි මිස්ට . ලී...මම gay...ඒකයි මම කෙල්ලො දිහා බැලුවෙ නැත්තෙ...ඉතින් මිස්ට. ලීගෙ දූව මට propose කරල තේරුමක් නෑ...I'm really sorry මිස්ට. ලී "

" ඔහ්...ඒක නම් මම බලාපොරොත්තු උන දෙයක් නෙවෙයි...ඔව් නේද...මටත් හිතන්න තිබුන මෙච්චර හැන්ඩ්සම් තරුණ කොල්ලෙක්ට dating rumours නැත්තෙ ඇයි කියල "

" ඒකනෙ මිස්ට. ලී "

" එහෙනම් ප්‍රොජෙක්ට් එක launch කරන දවසට මීට් වෙමු ටේහයුන්ග් පුතා..."

" හරි මිස්ට. ලී "

" ඒක නෙවෙයි...දැන් ඉන්න Secretary ලස්සන කොල්ලෙක් නේද...මිස්ට . කිම් එයා දිහා බලනවද ?"

මිස්ට.  ලී හිනා වෙලා අහද්දී මේ පාර නම් ටේහයුන්ග්ට ලැජ්ජ හිතුනා...

" ඔව් ඉතින්...එයා ලස්සනයිනෙ මිස්ට. ලී "

සද්දෙන් හිනා උන මිස්ට. ලී ටේහයුන්ග්ගෙ උරහිසටත් තට්ටුවක් දාගෙන එලියට යද්දී පුටුවෙන් වාඩි උන ටේහයුන්ග් තමන්ගෙ උඩ ෂර්ට් බට්න් දෙකක් පන්නලා ෆයිල් එකකින් හුලන් ගහගන්න ගත්තා...

ටික වෙලාවක් එහෙම හිටපු ටේහයුන්ග් තමන් කියපු දේ තාමත් විශ්වාස කරගන්න බැරුව තමන්ගෙ කැබින් එකට යද්දී ටේහයුන්ග් ෂර්ට් එකේ බට්නුත් පන්නගෙන කැබින් එකට යන දිහා බලන් හිටපු හොබී , යූන්ගි,  ජිමිනුත් ටේහයුන්ග් පස්සෙන් ගියා...

වැඩ කරන ගමන් හිටපු ජන්ග්කුක් දොර ඇරෙන සද්දෙට ටේහයුන්ග් දිහා බැලුවත් ෂර්ට් එකේ බට්න් පවා ඇරගෙන ඇතුලට ඇවිත් පුටුවෙන් වාඩිවෙනව වෙනුවට පුටුවට වැටුන ටේහයුන්ග් දිහා ජන්ග්කුක්ත් හිතාගන්න බැරුව බලන් හිටියා...

ඒත් එක්කම ඇතුලට ආපු හොබී , ජිමින් , යූන්ගි තුන් දෙනත් පැත්තෙ තියෙන සෝෆා එකේ වාඩිවෙලා බර කල්පනාවක ඉන්න ටේහයුන්ග් දිහා බලන් හිටියා...

" ටේ...ඒ බන් ටේහයුන්ග් ?"

" ඕ...කියන්න යූන්ගි "

" උබ හොදින්ද...මොකද අවුල?"

" අද ඉදල මට නම්බුවක් නෑ බන්...මිස්ට. ලී මගෙ නම්බුවත් අරගෙන ගෙදර ගියා"

" මොකක්ද උනේ සර් ?"

ඒ පාර ජන්ග්කුක් අහපු දේත් එක්ක පුටුවත් පස්සට කරල නැගිට්ට ටේහයුන්ග් ජන්ග්කුක් මේසෙ ලගට ආව...ටේහයුන්ග්ගෙ මූණෙ කේන්ති ගිය බවක් පේන්න තිබුනත් ජන්ග්කුක් ඕන දෙයක් කියල හිත හදන් බලන් හිටිය...

" මොකක්ද උනේ...මොකක්ද උනේ නේද...උන දේ උබ දැක්කනෙ...තව මොකක්ද උනේ අහන්නෙ"

" මම එලියට ආවට පස්සෙ මොකක්ද උනේ සර්?"

" අහන ලස්සන...ජිමින්...මේ මේකා ජිමින් අර ලී කාරය එක්ක මාව තනියම දාල ආව...දැන් අහනව මොකද උනේ කියල "

" හරි බන්...අපිට උබේ කේන්තිය සාධාරණ බව තේරෙනව...සිරාවටම මොකක්ද උනේ කියපන්කෝ"

" මේකයි යූන්ගි...මිස්ට. ලීට ඕනලු පොරගෙ දූව මට propose කරන්න...ඒකි හරි කැතයිනෙ බන්...අනික එදත් කොල්ලෙක් එක්ක නටනව දැක්කනෙ අපි ක්ලබ් එකේදි...මට ඕක මිස්ට. ලීට කියන්න බෑනෙ...මම ඉතින් මුට කිව්ව මාර බේරගන්න කියල...මේකා මාව දාල ආව...අස් කරනව මම උබව"

" CEO ව ගෑනූන්ගෙන් බේරගන්න කියල මට කරන්න බාර උන වැඩ වල නම් තිබුනෙ නෑ සර්"

" ඇත්තට...ඉන්නව එහෙනම් ඒකත් ඇඩ් කරන්න මම...කලින් හිටපු Secretaryල දාහෙන් සම්පතක්...උන් මගේ කරේ නගින්න ආවට වෙන උන් මට ලන් වෙන්න ආවම රවල ගස්සල ඔක්කොම කරල උන්ව එලෙව්ව...ඒකට මේකා...මාව බාරදීලම ආව"

ටේහයුන්ග් සසර කලකිරිල වගේ කියවනව බලන් හිටපු ජන්ග්කුක් කතා කරන්න ගත්තා...

"I don't getting paid enough for this  nonsense sir "

" nonsense...මට එන ප්‍රශ්න nonsense එතකොට...මේකාව මම අස් කරනව හොබා...මට එපා මූව...කලින් අස් කරපු එකීටම ආපහු එන්න කියන්න "

ටේහයුන්ග් ආපහු තමන්ගෙ පුටුවට යද්දී බිම බලන් ඉන්න ජන්ග්කුක් දිහ බලපු හොබී ආපහු ටේහයුන්ග්ට කතා කරා...

" උබ ඉතින් මිස්ට.ලීට මොකක්ද කිව්වෙ...හා කිව්වද?"

" නෑ බන්...හා කියන්න තිබුන නම් හොදයි එක අතකට "

" මොකක්ද කිව්වෙ ඉතින්?"

" මම උට කිව්ව ජිමින්...මම ඇහුව මිස්ට. ලීගෙන් මට ඩේටින් රූමර්ස් යනව දැකල තියෙනවද කියල ...පොර නෑ කිව්ව...ඊලඟට මම කිව්ව ගොඩක් ලස්සන Secretaryල එක්ක වැඩ කරපු මම එක කෙල්ලෙක් දිහා වැරදියට බලල නෑ කියල...ඊලඟට...ඊලඟට බන්...

" ඕ ඊලඟට මොකක්ද? හැබැයි උබ ක්ලබ් වල නම් රූම් ගානෙ යනව හොදේ...අසරණ ලී කාරය පව්"

"ඒක ඌ දන්නෙ නෑනෙ...පොර මට කිව්ව හොදට හැදුන දරුවෙක් කියල...ඊලගට මම කිව්ව එහෙම බලන්නෙ නැත්තෙ මගෙ හැදුනකම නිසා නෙවෙයි මම gay නිසයි කියල "

ටේහයුන්ග් අන්තිම ටික කියල ඉවර වෙද්දී හොබී , ජිමින් , යූන්ගි තුන් දෙනා ගත්ත හුස්ම පහලට නොදා ටේහයුන්ග් දිහා බලන් ඉද්දී ජන්ග්කුක්ට නම් තනියම හිනා ගියා...

" අඩෝ නෝ...කමක් නෑ කොහොම හරි proposal එකෙන් බේරුනා කියල හිත හදාගනින් බන්"

" හ්ම් "

" අපි එහෙනම් යනව ටේ...ඕක ඔච්චර හිතන්න එපා...මිස්ට . ලී වටේට කියව කියව යන ජාතියේ පොර නෙවෙයි නෙ"

" ඒක තමයි ටිකක් හරි හිතට සැනසීම හොබා"

ටේහයුන්ග්ගෙ උරහිසට තට්ටුවක් දාපු හොබී එලියට යද්දී හොබී එක්කම යූන්ගි , ජිමින් දෙන්නත් එලියට ගියා...

ටිකකින් ලැප් එක ඔන් කරගත්ත ටේහයුන්ග් වැඩක බව පෙනුනත් ටේහයුන්ග් කලින් කිව්ව වගේ තමන්ව අස් කරල කලින් කෙල්ලවම ගනීදෝ කියන බය ජන්ග්කුක්ට අමතක කරගන්න නම් බැරිවුනා...

හෙමීට පුටුවෙන් නැගිට්ට ජන්ග්කුක් ටේහයුන්ග්ගෙ මේසෙ ඉස්සරහට ආවා...

" සර්..."

" කියන්න ජන්ග්කුක් "

" සර් මාව අස් කරන්නෙ නෑ නේද?"

ජන්ග්කුක් අහපු දේත් එක්ක ජන්ග්කුක් දිහා බලපු ටේහයුන්ග්ට මොහොතකට වචන අමතක උනා...අර බෝල ඇස් තවත් ලොකු කරගෙන තොලුත් පොඩ්ඩක් උල් කරගෙන ජන්ග්කුක් තමන් දිහා බලන් ඉන්න විදියට තමන්ගෙ හාට් එක වේගෙන් ගැහෙනව දැනෙද්දී ටේහයුන්ග් ඉක්මනට ලැප් එකට අවධානය දීල කතා කරන්න ගත්තා...

" ඒ ගැන තව හිතල බලන්න ඕන"

" අනේ සර්...මම සර්ට ඒ වගේ වැඩ වලටත් උදව් කරන්නම්"

" දැන් එතකොට කිව්වෙ පඩි මදියි කියල"

" ඒක නම් ඇත්ත සර්...ඒත් ජෝබ් එක නැතිකරගෙන බෑනෙ...ඒ නිසා මාව අස් කරන්න එපා සර්...මම ඒ වගේ වැඩ වලදිත් සර්ට උදව් කරන්නම්...promise සර්"

" හ්ම් "

" කෝ මට පින්කි ප්‍රොමිස් වෙන්න සර්"

ජන්ග්කුක් තමන්ගෙ දකුණු අතේ සුලැගිල්ල ටේහයුන්ග්ට දික් කරල බලන් ඉද්දී ජන්ග්කුක් දිහා පොඩ්ඩක් බලන් හිටපු ටේහයුන්ග් ජන්ග්කුක් සුලැගිල්ල එක්ක තමන්ගෙ සුලැගිල්ල පැටලෙව්වා...

කලින් වතාවෙ වගේම මේ පාරත් තමන්ගෙ ඇග දිගේ කරන්ට් එකක් වගේ යනව දැනෙද්දී ජන්ග්කුක්ට ලාවට හිනා ගියත් ඒ විදියටම දැනුන ටේහයුන්ග්ගෙ කම්මුල් නම් ලාවට රතු වෙලා තිබුනා...

ජන්ග්කුක්ගෙ කම්මුලුත් රතු වෙලාද බලන්න ජන්ග්කුක් දිහා බලපු ටේහයුන්ග්ට දකින්න පුලුවන් උනේ හිනාවෙවී ඉන්න ජන්ග්කුක් කෙනෙක්ව...

තමන්ගෙ කම්මුල් රත් වෙලා දැනෙද්දී අනිවාර්යයෙන්ම රතු වෙලා ඇති බව තේරුන ටේහයුන්ග් ඉක්මනට පුටුවෙන් නැගිට්ට...

" ඔයාව අස් කරන්නෙ නෑ ජන්ග්කුක්...ඒ ගැන වද වෙන්න එපා...මම එලියට ගිහින් එන්නම්"

ඉක්මනට කැබින් එකෙන් එලියට ආපු ටේහයුන්ග් හොබීගෙ කැබින් එකට ගියේ දොර දඩාස් ගාල ඇරගෙන...

කැබින් එකට ආපු ටේහයුන්ග් එහෙමම සෝෆා එකෙන් වාඩිවෙලා මූණ අත්ලවල් අතර හංගත්තෙ කන්ෆියුස් උන හොබී තාමත් පෑනක් අතේ තියන් කට ඇරන් ටේහයුන්ග් දිහා බලන් ඉද්දී...

මේ අතරෙ තමන්ගෙ පුටුවෙන් වාඩිඋන ජන්ග්කුක් තමන්ගෙ බෑග් එකේ තිබුන ෆවුන්ඩේශන් බෝතලේ අරගෙන ඒකට උම්මක් දුන්නා...

" මාව බේරගත්තට අනේක වාරයක් පින්...හැබැයි ටේහයුන්ග් රූම් ගානෙ ගියා කියපුශෙකට නම් හිත රිදුන ඉතින්...කමක් නෑ ඉස්සරහට මගේනෙ"

එහෙම කියල ෆවුන්ඩේශන් එක බෑග් එකට දාපු ජන්ග්කුක් රත්වෙලා දැනෙන තමන්ගෙ කම්මුල් වලින් අත් තියාගත්තා...කලින් පාර තමන්ගෙ කම්මුල් වල රතු ගතිය අඩුවෙන්නෙම නැති තැන කෝකටත් කියල ගෙනාපු ෆවුන්ඩේශන් ගාගත්ත ජන්ග්කුක් හිතුවෙ නෑ ඒක තමන්ට මෙච්චර ප්‍රයෝජනවත් වෙයි කියල...

ඒත් තමන් ටේහයුන්ග්ගෙ ඇගිල්ල අල්ලපු පාර ටේහයුන්ග් රතු වෙනව දැකපු ජන්ග්කුක් තමන්ගෙ පුටුවෙ රවුමක් කැරකුනේ තමන් පොඩ්ඩක් සාර්ථක වීම පිලිබද දැනුන සතුටට...


තාමත් තමන්ගෙ කැබින් එකේ සෝෆා එකේ වාඩිවෙලා අඩනව වගේ මූණ හංගගෙන ඉන්න ටේහයුන්ග් දිහා බලන් හිටපු හොබී කතා කරන්න ගත්තා...

" උබ දැන් කඩාගෙන බිදගෙන ආවෙ මගෙ සෝෆා එකේ වාඩිවෙලා ඉන්නද?"

" උබේ වෙන්නෙ කොහොමද...මේව මගේනෙ...මට ඕන තැන මට ඕන විදියට මම ඉන්නව..."

ටේහයුන්ග් එකදිගට කියවගෙන කියපු පාර හොබීට බලාගන්න පුලුවන් උනා ටේහයුන්ග්ගෙ රතු උන කම්මුල්...

" දැන් මේ CEO මහත්තයගෙ කම්මුල් රතු වෙලා ඇයි?"

" ජන්ග්කුක් මගේ අත ඇල්ලුව බන්...කලින් මීටින් එකේදි මම ජන්ග්කුක්ගෙ අත ඇල්ලුවා...දැන් ජන්ග්කුක් ඇල්ලුවා...බන් මට දැනුනෙ ඇගේ කරන්ට් එකක් යනව වගේ...ඒ ෆීල් එක ශෝක් බන්...මට ජන්ග්කුක්ව අල්ලන්න ඕන"

" ඉස්සෙල්ලම කොල්ලගෙන් කැමැත්ත අහල ඉදපන් වනචර වැඩ කරන්න කලින් "

" ඕ නේද බන්...දැන් අහන්නද කැමැත්ත?"

" එහෙම නෙවෙයි...කොල්ලව හෙමීට ඩේට් එකකට එහෙම එක්ක ගිහින් අහන්න...ටිකක් ලස්සනට අහන්න...බෑ කියන්න බැරි වෙන්න අහන්න එතකොට හරිනෙ"

" ඕ නේද...හ්ම්"

ටේහයුන්ග් ජන්ග්කුක්ගෙන් කැමැත්ත අහන්න ඩේට් එකක් ප්ලෑන් කරද්දී ජන්ග්කුක් ටේහයුන්ග්ව තමන්ට සම්පූර්ණෙන්ම කැමති කරගන්න විදියක් හිතන ගමන් හිටියෙ අනිත් පැත්තෙන් ටේහයුන්ග් තමන්ට දාන්න රින්ග් එකකුත් තෝරන බව නොදැන...

<><><><><><><><><>

කොහොමද කතාව...

මෙහෙම දකින්න ලැබෙනව කියල දන්නව නම් ඉස්සර ෆොටෝ zoom කර කර අච්චර නහින්නෙ නෑනෙ අපි 😪

මම කිටී 😴😺

Continue Reading

You'll Also Like

32.2K 299 37
this is a korrasami book but it also has funny comics and other random stuff and none of these art and comics are mine, all credit goes to the creato...
546K 8.4K 85
A text story set place in the golden trio era! You are the it girl of Slytherin, the glue holding your deranged friend group together, the girl no...
803 167 5
පොරොන්දු තියෙන්නේ බිදෙන්න... ඒත් ආදරේ තියෙන්නේ රැකෙන්න. ගතින් එක තැන නොහිටියත්, වෙන් නොවෙන්නම බැදෙන්න... ✿ W i n t e r B e a r ✿ ♡Back To The Star...
385K 13.7K 60
𝗜𝗡 𝗪𝗛𝗜𝗖𝗛 noura denoire is the first female f1 driver in 𝗗𝗘𝗖𝗔𝗗𝗘𝗦 OR 𝗜𝗡 𝗪𝗛𝗜𝗖𝗛 noura denoire and charle...