චෙරි මල් 🌸 ( Complete ✔ )

By QingKATU2002

19.4K 2.4K 425

චෙරි මල් පිපේවි... වසන්තයට කලියෙන්ම... 🖇️🍁 More

1.) කොටස 🌸
2.) කොටස 🌸
3.) කොටස 🌸
4.) කොටස 🌸
5.) කොටස 🌸
6.) කොටස 🌸
7.) කොටස 🌸
8.) කොටස 🌸
9.) කොටස 🌸
10.) කොටස 🌸
11.) කොටස 🌸
12.)කොටස 🌸
13.) කොටස 🌸
14.) කොටස 🌸
15.) කොටස 🌸
16.) කොටස 🌸
17.) කොටස 🌸
18.) කොටස 🌸
19.) කොටස 🌸
20.) කොටස 🌸
22.) කොටස 🌸
23.) කොටස 🌸
24.) කොටස 🌸
25.) කොටස 🌸
26.) කොටස 🌸
27.) කොටස 🌸
28.) කොටස 🌸
29.) කොටස 🌸
30.) කොටස 🌸
31.) කොටස 🌸
32.) කොටස 🌸
33.) කොටස 🌸
34.) කොටස 🌸
35.) කොටස 🌸
36.) කොටස🌸
37.) කොටස 🌸
38.) කොටස 🌸
39.) කොටස 🌸
🌸...වසන්තයට...🌸

21.)කොටස 🌸

385 49 12
By QingKATU2002

Dhiwan pov ;

ඒයි... යසියා... උබ හොදින්ද... ඒ ..... බල්ලෝ..... කන් ඇහෙන්නැද්ද උබේ.... යසියාආආආඅ.....

ආ... ඇ... ඇයි බන්...

මොකූ හු## කතා නැත්තේ.. උබ පිට්ටු ගිලලද ඉන්නෙ.. හොල්මනක් දැක්කා වගේ තාම පාර දිහා බලන් ඉන්නෙ...

ම්ම්ම්..මේ... බන්...

කියපන්....

මාව පොඩ්ඩක් කොනිත්තපන්...

..........

ආ...ව්.....

මොකෝ උබ, ඇතිද කෙනිත්තුවා...

යකෝ ඔච්චර හයියෙන් කොනිත්තන්න කිව්වෙ නෑ ප#... අම්මෝ... හමත් ගියා ...

මේ... ඇත්ත කියපන් මොකක්ද ඒ උනේ...

මන් දන්නෑ.. මට හිතාගන්න බෑ දේව...

අදීල් අයියා මාවත් එක්කන් එලියට එද්දි යසියා පාර දිහා හොල්මනක් වගේ බලන් ඉන්නව... මන් ඌ ලගටම ගිහින් කතා කලත් ඇහුන්නෑ... කොහොම හරි ඌව ආපහු යතා තත්වෙට ගන්න මට උගෙ හම යන්නම කොනිත්තන්නත් උනා... මේ යකාට මොන යකෙක්  ගැහුවද මේ හවස...

ශෙලීන් අයියා කියපුවා ඇත්තද යසියා...

යසිරු මල්ලි , මාත් අහන්න හිටියේ.. මොනාද ඒ අපෙ අයියා කියෙව්වේ...

අභිත් අපි දෙන්න ලගට ඇවිත් ඇහුවේ, පුදුමෙන් වගේ...

අනේ මන්දා මට තාම හිතාගන්න බෑ... මන් මේ හීනයක් නෙමේ නේද දකින්නෙ... ඈ දේව... මට නිකන් පිස්සු වගෙ...

ඉස්සෙල්ලා කියහන් අයියා කියපුවා ඇත්තද....

හ්ම්...
ආ...ව්. බන්... ගහන්නෙ...

යකෝ තෝ කරපුවට ගහල මදි , හමගහන්න ඕනෙ... මන් එහෙම නම් දනි කරන දේ...

කරගත්තු හරිය ඇති , අම්මෝ මේ ආයෙනම්  ඕන්නෑ...

ඌ නිකන් ඒක කිව්වෙ අමුතුවට... මොකද උනේ කියල අහන්න ඕනෙ, පස්සෙ හිමීට...

යසිරු මල්ලි ඒවගේ දේවල් කරන්න හේතුව...

අදීල් අයියේ, im sorry... ඒත් ඔයාගේ අයියා ගොඩාක් නපුරුයි අනෙ.. එයා අපේ තාත්තට බනින විදිය, ඒවගේම අනිත් අයට කෑ ගහන හැටි දැකල මට තරහ ගියා... පොඩි පොඩි දේටත් යකෙක් වගේ හැසිරෙද්දි , මිනිස්සු එයා ලගින් යන්නත් බය යි අදීල් අයියේ .... මන් තාත්තව ඔෆිස් එකට ගෙනත් දාන්නයි, ගන්නයි සමහරදාට බයික් යනවා...ඒ දවස් වල දැකපුවා තමා ඒ... තාත්තත් මට කලින් විස්තර කියල තියේ... ඉතින් මට ඔය වගේ ඒව පේන්න බෑ , ඒ හින්දයි පාඩමක් උගන්නන්න කියා හිතන් එහෙම කලෙ.... ඒත් මන් හිතුවෙ නෑ, එයා මාව අදුරගනී කියල... මාත් ඉතින් මෝඩයනෙ....

ඔයා  එහෙම කලා කියල වෙනසක් උනාද....

මුලින් නම් උන්නෑ, පස්සේ මන් තව එයාට වැදෙන්න චිට් පවා ලිව්වා.. කියෙව්වද නැද්ද දන්නෑ, හැබැයි තාත්ත කිව්වා මන් කැම්පස් ආවට පස්සේ වගේ එයා වෙනස් උනා කියල... ඒ කියන්නේ ගිය අවුරුද්දේ අවසානෙ මන් අතින් අර පූල් සිද්දියෙනුත් පස්සේ.... දැන් එහෙම එයා බොරු දේටත් කෑ ගහන්නෑ කියල තාත්තා මට කිව්වා...ශෙලීන් අයියා දැන් ටිකක් කන්ට්‍රෝල් කියල කිව්වා...

ම්ම්.... මටත් අයියගෙ ලොකු වෙනසක් ඒ කාලෙ වගෙ ඉදන්ම තේරුනා...

අභී... ඒ කියන්නේ අයියා ඉස්සරට වඩා දැන් වෙනස්ද.....

ඔව්, ඔයා දන්නෑ, ඉස්සර ලගින් ගියත් ඇහැක් නෑ වගෙ... දැන් එච්චරම ඒ ගතිය නෑ... හැබැයි තරහ ගියොත් ඉවරයි ...

එකපාර වෙනස් වෙන්න හේතුව ....

ඒක මාතේ දවස් වල හිතුවා... මන් හෙව්වා, ඒත් මට හොයාගන්න බැරි උනා....

ඒ කියන්නේ ශෙලීන් අයියා ඉස්සර මේවගේ නැද්ද.... ඇයි එයා යසියට මොකුත් නොකියම යන්න ගියේ...
මේක නම් බොන්න ඕනෙ ප්‍රෂ්නයක්..

.
.
.

දේවා මන් යනවා බන්..

කොහෙද උබ යන්නෙ...

යසියා ඉදගෙන හිටපු තැනින් එකපාරම නැගිට්ටේ යනවා කියාගෙනමයි...

බෝඩිමට..උබ අදීල් අයිය එක්ක හිමීට වරෙම්... මන් යනවා...

මොකෝ බන් උබට එකපාර උනේ... දැන් කොහොමද යන්නේ...

බස් එකක යන්නම්... මන් ගියා,අදීල් අයියට කියන්න මන් ගියා කියල..

ඒ ඔහොම හිටහන්...

මේ යකාට මොකෝ මේ උනේ.. එවේලේ ඉදන් යකෙක් ගහල වගේ ඉන්නේ... මන් දැන් හොදට නෝට් කරන් හිටියේ... යසියා හිටියේ සිහියෙන් නෙමේ... නිතරම කටට අතක් තියන්, ලිපස් අල්ල අල්ල හිටියේ... මෙතන මොනා හරි වෙලා තියෙනවා... මූ මගෙන් මොනා හරි හංගනවා... මන් හොයාගන්නම්කෝ ....

ධීවාන් කෝ යසිරු...

එයා ගියා අභි... ආ... ආන්ටි... ඔයා ආවාද අනේ... කොහෙද අප්පා මෙච්චර වෙලා ගිහින් හිටියේ....

ඇතුලට ගියපු අදිල් අයියා එලියට ඇදිත් යසිය ගැන අහද්දි , ඇතුලට ආවේ අභීගෙ අම්මා... වෙනද වගේම එයා නම් ලස්සනයි අප්පා... අම්මෙක් කියල කියන්නත් බෑ...එයා හුගක් තරුන පාටයි... හිනා උන ගමන්මයි ඉන්නේඑ... මේ ගල් ඉබ්බ වගේ නම් නෙමේ....

අනේ... මේ කව්ද බොලේ මේ... කොල්ලා දැක්කෙ නැති ටිකට තව ලස්සන වෙලාද මන්ද...

අනේ නිකන් ඉන්න ආන්ටි.. මොන ලස්සනද....

ආන්ටි මගෙ ඔලුවත් අතගාල , කම්මුලකුත් මිරිකල කියද්දි මන් ලැජ්ජාවෙන් ඇඹරුනා...

ධීවාන් පුතා කොහොමත් ලස්සනයිනෙ... පුතා හිනාවෙද්දි තවත් ලස්සනයි .... මන් මේ ෆුඩ්සිටියට ගියා පුතා..

එහෙමද...

ඔව් ඔව් අනෙ..... චූටි පුතා මේ දරුවට කන්න මොකුත් දුන්නැද්ද ලමයෝ...

දුන්නා අම්මේ... ඔය දැන් ගිලල ගිලල ඉන්නේ, පේන්නැද්ද...

එහෙම කියන්න එපා, තව ලස්සන වෙන්න හොදට කන්න ඕනෙ, බොන්න ඕනෙ... කොල්ලෙක් උනාම ඒම තමා ඉන්න ඕනේ... ඉන්නකො මන් මොනා හරි හදන් එන්නම්...

ඇන්ටි ඔහොමමයි... හැමදාම මගෙ බඩ පුරවලා මිසක් යවන්නෑ... එක එක ඒව හදල දෙනව...

.
.
.
.
.

චූටි පුතා ඔයත් යනවද එතකොට ...

ඔව් අම්මෙ...

හරි, අයියා දන්නවද ..

නෑ, එයාට කියන්න ඕන්නෑ...

................

ඔව් ඔයා දැන් ලොකු එක්කෙනානේ නේ... තනියමම වැඩ කරගන්න පුළුවන් ... ආ... චූටි...

අයියේ....

ලොකු පුතා දැන්ද ආවෙ...

ඔව්.... මෙයා කොහෙ යන්නද හදන්නේ මේ....

ලොකු පුතා ඉස්සෙල්ලා ඉදගන්න, මහන්සිත් ඇතිනේ... මන් බොන්න මොකු...

මන් දැන් ඔයාට එහෙම එකක් කිව්වෙ නෑනෙ... මන් ඇහුවේ මෙයා කොහෙද යන්නෙ කියල...

අපි කට්ටියම හිටියේ කෑම මේසෙ වාඩි වෙලා... අභී එයාගෙ අම්මට අපි හෙට අනුරාධපුරේ යන ගමන ගැන කියද්දිම ආවේ ශෙලීන් අයියා... එයාගෙ කටහඩත් එක්ක මාත් ගැස්සුනා...

ආන්ටි එයාට හොදින් කතා කලත් එයා නෙමේ එයාව ගනන් ගත්තේ... ඒ මොකො ඒ...එයා නිකන් තරහකාරයෙක්ට වගේනේ අම්මට කතා කරන්නෙ... එයාලගෙම අම්මා නොවුනට, ඒ ඉතින් දැන් එයාලගෙ අම්මනෙ... ඇයි මේ...

අපි හෙට අනුරාධපුරේ යනවා...

අනුරාධපුරේ ...

ම්ම්..

අභී උත්තර දුන්නේ,අයියව ගනන්වත් ගන්නැතුව... මුන් දෙන්නගෙම මහ පඩේ ලයින් තියෙන්නේ... මරු අයිය මලෝ...

මන් මේ මැරිගෙන බිස්නස් වැඩ කරනවා... මෙයා ඉදගෙන රව්ම් ගහනවා... හෙට විතරයි මට ටිකක් නිදහසේ ගෙදර ඉන්න තියෙන්නේ, තමුසෙට කියල වැඩක් තියනවා කරවගන්න... තමුසෙ දැන් හෙට නැද්ද චූටි ඈ...

නෑ කියල දැන් එකපාරක් කිව්වනෙ...

දවස් කීයකටද...කාත් එක්කද යන්නෙ...

සතියක් විතර, ධීවාන් එක්ක...

ම්හ්... කව්ද දැන් යන්නේ..

කවුරු  ගියා නැතත් ඔයාට වැඩක් නෑනේ... ඔයා ඔයාගෙ වැඩක් බලාගන්න, මන් මගේ වැඩක් බලාගන්නම්...

මේ දෙන්නගෙ කියවිල්ල කවද ඉවර වෙයිදෝ මන්දා... මුන් නිකන් නයි පොලොන්ගු වගේනේ.... මන් කටත් අරන් මාරුවෙන් මාරුවට අභි දිහයි, ශෙලීන් දිහයි බලන් හිටියා... ආන්ටිත් එහෙමමයි...

.. හාහ් හරි හරි... මන් මගේ වැඩක් බලගන්නම්... තමුන් යනවකෝ...මන් එපැයි මේ සේරම ඔලුවට අරන් තනියම කරන්න... එක දවසකට මන් නිවාඩු ගන්න හදද්දි මෙය නෑ,, එයා රෝන්දෙ යනව... අඩුම තමුන්ට එක දවසක්වත් බැයිද උදව්වක් වෙන්න...

මන් කිව්වනෙ, ඔයා ඕව ඔලුව උඩ දාගත්ත නම් ඔයාම ඕව බලාගන්න... මාව ගාවගන්න එපා... මන් ආස නෑ ඔය වගේ ඉන්න...

හරි හරි...චූටි තමුන් එහෙමයි නේ....

.............

ශෙලීන් අයියා එහෙමම රූම් එකට ගියා...අභීට නම් ගානක් නැති වෙද්දි , ආන්ටි නම් බය වෙලා උන්නේ...

ඇන්ටිගේ අලුත් කෑම එක කන ගමන් අපි දෙන්නා ආයෙමත් වල්පල් කියවන්න ගත්තේ, අභි ෆෝන් එකට කොට කොටා ඉද්දි.... මොනා කොටනවද මන්දා ඔයහැටි... කාටද දන්නෑ....

මගෙ උගුසු ඇහැ දාල , බෙල්ලෙ පොටත් යවාගෙන හිමීට හිමීට බලන්න ගියත් ඒ වැඩේ සාර්තක උන්නෑ යකෝ.. එයා දැක්ක..

මොකෝ...ම්ම්...

නෑ මේ... මේ හරියෙන් කණාමැදිරියෙක් ගියානේ...ඒකයි බැලුවේ...

කණාමැදිරියෙක් විතරද... උගුස්සෙක් එහෙම ගියේ නෑ....

ආ... ගියා ගියා... මෙතනින් උගුස්සෙකුත් .....ඈ... උගුස්සා.... පිස්සුද....මොන උගුස්සොද..... මොකෝ ඔහොම බලන්නෙ... ඈ....

එයා උගුස්සෙකුත් ගියේ නැද්ද අහද්දි,මන් ගියා ගියා කිව්වෙ ඇත්තටම සිහියකින් නෙමේ... පස්සෙයි මීටර් උනේ උගුස්සා කියන්නෙ මොකාද කියල...

ටියුබ් ලයිට්...

මොකක්...

මොකුත් නෑ...

එයා කුටු කුටු ගගා මොනාද කියෝලා, කට කොනකින් හිනාවක් දාල ,ආයෙම අර මගුලට කොටන්න ගත්තා....
.
.
.
.
.

මේ.... ඔය කව්ද .. ධීවාන්නෙ...

ඔ..ඔව් ශෙලීන් අයියේ  කියන්න......

මෙච්චර වෙලා දොරකඩ ලග ඉදන්ම කියවපු ශෙලීන් අයියා මට කතා කලේ එකපාරම...

මේ.... ඔයා කව්ද .. ධීවාන්නෙ...

ඔ..ඔව් ශෙලීන් අයියේ  කියන්න......

ඇතුලට ගිහින් වොශ් එකක් දාන් ඇවිත් ටේබල් එකෙන් ඉදගත්තු ශෙලීන් අයියා මට කතා කලේ එකපාරම...

ඔයත් අනුරාධපුරේ නේ...

ඔ..ඔව් අයියේ...

ම්ම්....

ධීවාන් කාල ඉවර නම් අපි යමු...

ශෙලීන් අයියා ඇවිත් කන්න පටන් ගත්තට පස්සෙ අභි අපි යමු කිව්වා...ඒත් ඒක හරිත් නෑ වගේ..

ආ.. හරි හරි, ටිකක් ඉන්න , යසියට කෝල් එකක් ගන්න ඕනේ...

ම්ම්...ඉක්මනට...

.
.
.
.

📳

හෙලෝ...

ආ යසියා , උබ බෝඩිමට ගියා නේ...

ඔව් බන්.. දැන් ටිකක් වෙලා ඇවිත්...

හරි, හරි.. අපිත් දැන් එන්න හදන්නෙ...

එන්නඩලා... ආ... මේ දේවා... මාත් හෙට එනවා ඔයාලා එක්ක ගෙදර යන්න...

එහෙමද... යමු යමු එහෙනම්...මොකෝ එකපාර,කලින් යන්නෑ කිය කිය නේද හිටියේ...

මට යන්න හිතුනා බන්.. පොඩිත් එනවා කිව්වා.. අපි මේ බඩු ලෑස්ති කරන ගමන්...

හරි හරි, ලෑස්ති කරගන්නකෝ... රෑට කෑවද උබල...

නෑ තාම...

හරි මන් එද්දි කඩෙන් මොනා හරි අරන් එන්නම්....

හරි...

...........

හෙට යසියලත් ගෙදර යන්න එනවයි කිව්වා... එකපාර මොකෝ දන්නෑ... කොහොම හරි කට්ටියටම එහෙනම් එකට යන්න පුළුවන් නේ....

යමු නේ...

හරි...

චූටි... හෙට මාත් අනුරාධපුරේ යන්න ඉන්නේ... තමුන්ලා කීයටද යන්නේ...

දැන් ඔයා හෙට ගෙදර නේද ඉන්නවා කිව්වෙ....

ආ...න්නෑ.. හදිසි වැඩක් සෙට් වෙලා...යන්න වෙනවා... කීයටද යන්නේ කිව්ව නම්..

ධීවාන්ගෙ අම්මලා ආවාම යනවා... එකොලහ වගේවත් වෙයි...

හ්ම්...හ්ම්.......

යන්න හදපු අපිව නවත්තන්, ශෙලීන් අයියටත් හෙට අනුරාධපුරේ යන්න තියෙනවා කියල කිව්වා... මේ මනුස්සයත් එක එක වෙලාවට වෙස් පෙරලන්නේ කටුස්සෙක් වගේනේ අප්පා... ටිකකට කලින් දෙන්න එක්ක මරාගත්තා,දැන් ආයෙ හොදයි....

ඇන්ටියෝ... අපි ගිහින් එන්නම්...

හරි දරුවෝ... පරිස්සමෙන් ගිහින් එන්නකෝ... තෙරුවන් සරනයි දෙන්නටම...

ඇන්ටිටත් වැදල අපි මගින් ආප්පත් අරන් එන්න ආවෙ ආපහු බෝඩිමට...

ඔයාගෙ අයියා හරි අමුතුයි නේද...

එයාගෙ හැටි ඒ...

දෙන්නම එක වගේ තමා ඉතින්...

මොකක්ද කිව්වේ...

මොකුත් නෑ...ආ...ව්  ...අනෙ මගෙ කන... ඔයා දවසක මගෙ කන කඩනවා මන් දන්නව....

අපි දෙන්න එක වගේ නෑ.... මෝඩයා...

හාකො හාකො...

මන් එයාට වඩා වෙනස්...

හරි ඉතින්... මෙ අභි, ඇයි අයියා අම්මා එක්ක කතා නැත්තේ...

ඉස්සර ඉදන්ම එහෙමයි... අපෙ අම්මා නැති උනාට පස්සේ මේ අම්මව ගෙනල්ල තියේන්නේ අපි ද්‍ර්න්නව බලාගන්නනේ... ඒත් එයා ඒකට කැමති වෙලා නෑලු.. පොඩි කාලෙ ඉදන් එයා අම්මට වෙනස් කම් කරනවා... මන් නම් ඉතින් දැක්ක දා ඉදන් මන් ල්ග ඉන්නේ මේ අම්මා තමා.. මන් අම්මට ආදරේ උනාට, එයා එහෙම නෑ.... ඒත් අම්මා අපි දෙන්නට වෙනසක් කරන්නෑ කවදාවත්...

පව් ඇන්ටි...

ම්ම්....

ශෙලීන් අයියා පුදුම එකෙක්... ඇත්ත අභීට වඩා එයා ගොඩක් නපුරුයි... එයා මහ අමුතු කෙනෙක් අප්පා... තේරුන් ගන්න බෑ...

අයියට වයස කීයද අභි...

විසි අටක් මන් හිතන්නෙ...

අම්ම නැති වෙද්දි එයාට අවුරුදු පහක් වගේ නේ... එයාට ඒක දැනෙනවා ඇති සමහරවිට...

ම්ම්...

.
.
.
.
.

දේව...

මොකෝ රුසී...

අපි බෝඩිමට ඇවිත් අභි වොශ් එකක් දාන් එනකන් මන් ඇදේ හාන්සි වෙලා හිටියා... එතකොට අපේ රූම් එකට ආවේ රුසියා...

ඒ බන් අර අපේ ලොකූට මොකෝ වෙලා තියෙන්නෙ.. ආව වෙලාවෙ ඉදන් මෙලෝ සිහියකින් නෙමේ ඉන්නේ...අද මොනා හරි උනාද..

ඒ මොකෝ ඒ... ආ... හැබැයි පොඩි ප්‍රශ්නයක් නම් උනා... ඒතේ තරම් දෙයක් උන්නෑනෙ...

ඒ මොකක්ද බන්...

අදීල් අයියගෙ අයියා, අපේ යසියව අදුරගෙන... මේක එහෙ ඉද්දි ශෙලීන් අයියව බයිට් කරලනේ කීප තැනකදිම.ඒකඑයා දැනගෙන, මේ රුසියා කියල අදුර ගෙන, මේකගෙන් ඇහුවා... ඒත් බැන්නෙවත් මොකුත් නෑ, ඒ වෙලාවේ ඉදන් ඔහොමයි.. මටත් තේරුනා ටිකක් අමුත්තක්...

එහෙමද... බලන්නකෝ දේවා.. මේ යකා මටත් නොකියනේ ඕව කරල තියෙන්නේ, මේකගෙ ඔය අසමජ්ජාති වැඩ නම් කොහොම නවත්තන්නද මන්දා..

රුසිරුවා කියන එක ඇත්තා.. රුසිරුට වඩා හාත්පසින්ම වෙනස් ගති තමා අපේ යසියට තියෙන්නේ.. රුසියා ටිකක් තැන්පත් එකා... මොනා උනත් ඌ මොලේ කල්පනා කරල වැඩ කරනවා... ඌ ටිකක් සයිලන් චරිතයක්... ඒත් යසියා කියන්නේ තනිකරම යක් පැටියෙක්... ඕක කරොත් කරන්නෙම එපා කරපු වැඩක්මයි... දුරදිග හිතල වැඩක් කරන්නෙම නෑ....

ඒක තමා බන්.. කෝ දැන්...

අර ඔලුවෙ ඉදන් පෙරවන් නිදන් ඉන්නේ...

එහෙමද... අපි බලමුකෝ බන්..

හ්ම්.. මන් යනෝ.. ගුඩ් නයිට් දේවා...

ගුඩ් නයිට්...

.
.
.
.
.
.

🌞

මගෙ මැනික...

ම්හ්හ්...

නැගිටින්නැද්ද...ම්ම්...

ම්හ්හ්හ්....

අම්මලත් එනවා ඇති... ම්ම්... නැගිටිමු දැන්... මූන හෝදල ලෑස්ති වෙමු...

ම්හ්හ්හ්...

මිරිකන්න හිතයි....

ඉන්න දෙන්නකෝ...
අන්නේ.... අභීඊඊඊඊ....
ඔයා මිරිකලාම දැන් මගෙ කම්මුල් පිම්බෙනවා....

ලස්සනයිනේ... මේ...චෙරි මලක් වගේමයි....

පිස්සු......

උදේම එයාගෙ අත උඩ ඉන්න මාව හිමීට එයා ඇහැරෙව්වා.. ඒත් මට තාම දොයිමතයිනේ... මේ මනුස්සයා එක්ක බෑ අප්පා... අදත් මගෙ කම්මුල් දෙක මිරිකන්න ගත්තා.... නිකන් නම් කමක් නෑ, හයියෙන්මනේ මිරිකන්නේ , එතකොට නිකන්ම ඇස් ඇරෙනවා ඉතින්.... දෙන්න හිතයි ....

අභී...

ම්ම්...

📳.....

මන් එයාට කතා කරද්දිම මට  ආවේ කෝල් එකක්... මන් ආන්සර් කලා...

හෙලෝ....

මේ ධීවාන් නේද...

ඔව් , කව්ද මෙ...

මන් අමායා අනේ...

ආ , අමායා...

මන් බලාගෙන අභී අහක බලන් ඉන්නවා වගේ හිටියට අමායා කියද්දිම මගෙ පැත්ත හොරැහින් බලනවා...

ඔයාල අද අනුරාධපුරේ යනවද ...

ආ , ඔව්නේ....

අද අපිත් යනවා... කට්ටියම එහෙනම් එකට යමුකෝ....

ඈ.... ආ... මේ කව්ද කිව්වෙ...

මියුකිලා කිව්වේ...

ආ.... ම්මන් අහල කියන්නම්....

හරි....

මන් ෆෝන් එක මියුට් කරල එහෙමම අභීට කතා කලා...

අභි..

ම්ම්...

මේ අරමන් කිව්වේ, මියුකිගෙ යාලුවා එයා... එයාලත් අද ගෙදර යනවලු, එන්නද කියල අහනවා....

ම්ම්...

හා නේද... මියුකි, අමායයි විතරයි ... බිනූ මෙහෙ නෙමේනේ....

ම්ම්...

එයා පැත්ත බලාගෙනම ම්ම්... කිව්වා... ඒ කියන්නේ හා කියන එකනේ...

හෙලො අමායා.. ඔයාල එන්න එහෙනම්...

ආ... හරි ධීවාන් තෑන්ක්ස්... කීය වෙද්දිද එන්න ඕනෙ..

එකොලහ වෙද්දි එන්නකෝ...

ඕකෙ බේබී... බායි එහෙනම්...

ඈ.... ආ... බායි බායි...

මේකිට නම් සහවලාම පිස්සු... මටද ඒ බේබි කිව්වෙ... අභීට ඇහුන නම් මැරෙන්න හදයි මෙතන... ඒත් ඉතින් එයාට වැඩක් නෑනෙ, කවුරු  මට කතා කලත්....මන් මොකටද බය වෙන්නේ.... අභී මට කැමති කිව්වට මන් කියල නෑනෙ එයාට කැමති කියල... ඒ හින්ද මට නිදහස තියේ.... 😏

මෙයා දැන් මොකෝ මේ ඔරවන්නේ....

අභි... මේ.....

ගියා නේද... මාව ගනන් ගත්තෙ නෑනෙ.... තියෙන ලොකු කම...

මන් දිහා බලන්නෙවත් නැතුව, මන් කතා කරද්දිත් එයා එලියට ගියේ ඇහුන්නෑ වගේ... මේක යකෝ.... ගස් බම්ලා....

___________________________________

ගස් බම්ලා...😏









Continue Reading

You'll Also Like

124K 4.5K 39
❝ if I knew that i'd end up with you then I would've been pretended we were together. ❞ She stares at me, all the air in my lungs stuck in my throat...
862K 19.6K 48
In wich a one night stand turns out to be a lot more than that.
425K 10.8K 60
Lady Florence Huntingdon, daughter of the well-known and more importantly, well-respected Earl and Countess Huntingdon is stepping into the 1813 marr...
497K 7.6K 83
A text story set place in the golden trio era! You are the it girl of Slytherin, the glue holding your deranged friend group together, the girl no...