Enchanted to meet you | TK |...

By snowi_3031

6.2K 1K 1K

හැමදේම පරණ විදියට තියෙනවනම් මන් කැමති. මොකද , සතුටින් නැතත් ඒක එක අතකින් සැනසීමක් ........ " උබ හැගීම් හංගන... More

පලමු දිගහැරුම 🔅
දෙවන දිගහැරුම 🔅
තෙවන දිගහැරුම 🔅
සිව්වන දිගහැරුම 🔅
පස්වන දිගහැරුම 🔅
හයවන දිගහැරුම 🔅
හත්වන දිගහැරුම 🔅
අටවන දිගහැරුම 🔅
නමවන දිගහැරුම 🔅
දසවන දිගහැරුම 🔅
එකොළොස්වන දිගහැරුම 🔅
දොලොස්වන දිගහැරුම 🔅
දහහතර වන දිගහැරුම 🔅
පහලොස්වන දිගහැරුම 🔅
දහසයවන දිහහැරුම 🔅
දාහත්වන දිගහැරුම 🔅
දහඅටවන දිගහැරුම 🔅
දහනමවන දිගහැරුම 🔅
විසිවන දිගහැරුම 🔅
විසිඑක්වන දිගහැරුම 🔅
විසිදෙවන දිගහැරුම 🔅
විසිතුන්වන දිගහැරුම 🔅
විසිහතරවන දිගහැරුම 🔅
විසිපස්වන දිගහැරුම 🔅
විසිහයවන දිගහැරුම 🔅
විසිහත්වන දිගහැරුම 🔅
විසිඅටවන දිගහැරුම 🔅
විසිනමවන දිගහැරුම 🔅
තිස්වන දිගහැරුම 🔅
තිස්එක්වන දිගහැරුම 🔅
තිස්දෙවන දිගහැරුම 🔅
තිස්තුන්වන දිගහැරුම 🔅
තිස්පස්වන දිගහැරුම 🔅
තිස්හතරවන දිගහැරුම 🔅
තිස්හයවන දිගහැරුම 🔅
අවසාන දිගහැරුම 🔅

දහතුන්වන දිගහැරුම 🔅

141 24 26
By snowi_3031







ᴥ︎︎︎ හිනා වෙද්දි ඇස් පේන්නෙ නැති ලස්සන පිරිමි ලමයෙක්ගෙ දින පොතක කොලයක්  ................

බොම්බෙලි නොවන කරවලයි සුදු ලූනුයි එතෝට අපේ චූටි බබාට ලෙමන් ගෙඩි දෙකයි කොකෝවා ඇට පැකට් එකයි අම්මට තෙබු කොල මිටියයි.... මාකට් එකෙන් අරන් ඉතුරු ටික කාගීල්ස් එකෙන් ගත්තා.ඒකෙ කැශියර් එකේ ඇන්ටිගේ හොර එක මිනියට අහුවෙලාද කොහෙද ෆෝන් එක කනේ ගහන් 'හනේ සුඩූ ඔයාට මන් ඒම කරයි කියල හිතන්නෙවත් කෝමද ' යැයි යැයි තමයි හැබැයි හොර එකට පින් දෙන්න හිතුනෙ මලාට ඉතුරු වරද්දනෙ නැති ඒකි මට වැඩිපුර දෙසීයක් දීලා.එක අතකට අම්මා එන්නෙ නැති එක හොදයි ඒම නැත්තං වැඩිපුර දුන්නම අනේ පුතේ මේන්න වැඩිපුරත් දීලා කියල ආයිඒ ගෑනිටම දේවි. ඒ තරම සුපේශල ශික්ශා කාමීවතමයි දිවන්ගත සීයයි ආච්චී අම්මව හදල තීන්නේ.නෑ හදල වදල තීන්නෙ.
සීතලට හුරුවෙලා ඉදල එක පාර මෙහේ ආව නිසා තොල් පැලුනත් මන් හිතුවෙ කාලයක් යද්දි ඒක අඩුවෙයි කියල.කොහෙ ! තාම ඉඩෝරෙට අහුවෙච්ච මාස්මිලො එක වගේ මගෙ තොල් තාමත් පැලෙනවා .පැලෙන්නෙ හීතල නැති නිසාද නැත්නම් රස්නෙ හින්ද්ද කියලනම් ඩිස්පැන්සරියෙ ආරියලතා ඇන්ටිගෙන් අහනත් පුලුවන් ඒ උනාට ගෑනිට ඕක අහල මල පැන්නොත් කන්න වෙන්නෙ එයාගෙ සදාදරනීය ප්‍රේමනීය වයසක හස්බන්ඩ් රෑට් මීමින්නො ආවම මරන්න අරන් යන දෙකේ දෙකේ තුනට නවන කුඩෙන්.ලිප් බාම් එකට කෙල වෙන වැඩක් තමා ඒකෙන් වෙන්නෙ.
ලේන් එකට අලුතෙන් කපල් එකක් ඇවිල්ලා.දෙන්නම අවුලක් නෑ ඒ දෙන්නගෙ හැටියට එකාට එකිනෙකා ගැලපෙනෝ . තාම වාහනයක් ඒම අරන් නෑ. ඇත්තටම නැතුවැති .මගෙ අනුමානෙ ඒක.ඒකෙන් වැඩක් නෑ කෝම හරි තාම හිතාගන්න බැරි එයාලා දෙන්න එකට පාරේ යද්දි අක්කගෙ පස්සට වඩා ටිකක් කොටට තීන ඒ කිව්වෙ පස්ස ගාවට වෙනකන් දිග නැති කොන්ඩෙ අර කොල්ලා  යාර ගානක් දිගට අත දික් කරල යනකන් එනකන් ඒක අතගාන්නෙ ඇයි කියල . සාධාරනයි වට්ටක්කෙන් අත තියන් ගියා නම් .දැන් මෙතන බොන්න ඕනෙ ප්‍රශ්නෙ කියන්නෙ අහවල් එකටද මූ කොන්ඩෙ අගිස්ස අතගාන්නෙ.මට එක එක කොණ්ඩ මතක් උනත් . කොල්ලගෙ මූන දිහා බැලුවම නම් එච්චර අසහනකාර ලයින් එකකුත් නෑ කෝමහරි ඒක අදති දෙසීය විසි වෙනි වතාවටත් ,කෙල්ලගෙන් අහන්න ඕනෙ පොතේ ආපහු වතාවක් ලියාගත්තා .කියන්න බෑනෙ ඕකි හම්බෙනකොට මට අහන්න අමතක උනොත්.
දහසක් පැතුම් ඉටුවන මේ සුන්දර උදෑසනේ පතන්නම් ඔබට - කියල උදේට අර මීඩියා එකේ ගෑනි දෙය්යනේ කියල පටන් ගන්න කාලකන්නි වරු ගානට පින් සිද්ධ වෙන්න සුඩු මගෙ කලු හම පෑදෙන්න අරන් . ඇයි මන් අහන්නෙ පිනාටයි උගෙ හොර මිනිස්සු දෙන්නටයි කියන්න තීන ඒවා උන් උන් කතා කරන් ඉවර කරල අන්තිමට සාරාංශ කරල අපිට රූල් තුනකට අරන් හැමදාම කියන අර එක විනය  දෙක ඉගැනුම තුනත් විනය කියන එක හැමදාම යටිගිරිය පලාගෙන වගේ කෑගහන බට් කොවුලියක් කියල හිතන් ඉන්න කොන්ඩෙ ඇදේට ගොතන නංගිට දුන්නනම් අපිත් සතුටින් මගෙ ස්කින් එකත් සතුටින් එතකොට මගෙ පොඩි එකත් සතුටින් .දෙය්යනේ ඒම උනානම් මගෙ පොඩි එකාව මට හැම්දාම සතුටු කරන්න ඕනෙ නෑ සුඩු මගෙ ලස්සනට වසී උන එකියක් උදව්වට ගන්න තිබ්බනේද . මේවට වක්‍රාකරයෙන් වග කියන්න ඕනෙ පිනාගෙ උප පිරිමි බිසව.
පිනා ස්ටේජ් නැග්ග ගමන් පිනා විනාඩියක් කතා කරනො 'එහෙම නේද විනය බාර සර් ' .මූ කියන කියන වචන දහයක් ගානේ අනුප්‍රාසාලංකාරෙ දාන්න වගේ අරූගෙ දිහා බල්ල ඕක කියනො ඉතින් වරු ගානක් ඉන්න මගෙ ස්කින් එක අවුට් යන එක අහන්න දෙයක්ද .
ම්ම් දෛනික කටයුතු සාමාන්‍යයයි .එතෝට මේ දවස් ගානටම අල්ලපු ගෙදර ත්‍රී විල් හයර් කරන එකාව පේන්නවත් නෑ. සැක කරන්න තරම් හේතුවකුත් නෑ ඒත් මිනිහව දැක්කම උගෙ දත් ඇන්දෙ කොනේ ඉදන් පේලියට ගලවන්න තරම් ෆීලින් එකක් එන්නෙ ඇයිද මන්ද . හැබැයි මිනිහා එච්චර කලබල නැති පාඩුවේ ලේන් එකේ ඉන්න පොරක්.
අදත් අම්මගෙන් හැමදාම අහන ප්‍රශ්නෙ ඇස් තෙමාගෙන පල්ලම් බහින කදුලු වලින් නතර උනා.
තාමත් අම්ම ඒ දවස ගැන මතක් කරද්දී පවා ගැස්සිලා යනවා.එක්කො එයාට ඒවා මතක නෑ එක්කො එයා මට කියන්න කැමති නෑ.මාව එයා තාමත් දකින්නෙ අක්ක එක්ක රණ්ඩු උන අවුරුදු හයේ හතේ පොඩි කොල්ලෙක් ගානට .
කවද කොහොම උනත් සාධාරණය කියන දේටත් ලෝකෙ කොහේ හරි ඉඩක් ඇතිනෙ එතකන් ඉවසිල්ලෙන් ඉන්නවා.

#හැමදේම හරියයි .!
#මාව අහන් ඉන්න ඩයරියට කතා කිරීමේ ශක්තිය ලැබේවා !.
#මට කෙල්ලෙක් සෙට් වේවා !

                                        2024-01-28

____________________________________










"සෙනායා වරෙන් ඇතුලට හිමංස එන්න ඇතුලට....... කේශානයා ඔය ටීවී එකේ සද්දෙ අඩු කරහන් අවලමෝ .කන කටේ දාන්න්ද ඉන්නෙ උබ "

හොද පිලිගැනීමක් උනත් අන්තිම ටික කිව්ව සද්දෙට කන කීං ගෑවා වගේ.කතා උන විදියට අපි අද ස්කූල් ගියේ නෑ දවස් දෙක තුනකට හරියන්න ඇදුම් අරන් තේජාන්ලහ ආවා.
එනකොටත් කේශානුයි ඩිලානුයි ඇවිල්ලා.
මේන් රෝඩ් එකෙන් හැරිල එක දිගට ගෙවල් නැති පාර කිලෝමීටර් බාගයක් විතර ආවම සිමෙන්ති ගල් අල්ලපු සමගි මාවත කියල ගහපු තනකොල වවපු පාත්තියේ ලොකු ගල  හම්බෙනො. ඒ හරියම තනි කොල පාටයි.පහු කරන් ආව කිලෝමීටර් බාගෙට වඩා හාත්පසින්ම වෙනස් පරිසරයක් ඒ හරියෙ තීන්නෙ.ඇයිද මන්දා ස්විස්ලන්ඩ් මතක් උනා මට ඒක දැක්කම.හැරෙන්න කොහෙන්වත් නෑ කෙලින්ම පාර දිගටම තිනවා.පහු කරපු හැම ගෙයක්ම මාරම ලස්සනයි . ඒවා සුඛෝපභෝගී කියන්න පුළුවන් ඒත් ඒවා බැලූ බැල්මට හරි සරල ගෙවල් වගේ.හැම ගෙයකම පාක් කරපු හොදම වර්ගෙ කාර් තිබ්බා.හරිම නිස්කලංක පරිසරයක්. උස ගේට්ටු නෑ .ඉන ගාවට වෙනකන් තීන ලී වැට.ලී උනත් ඒවගෙත් තීන්නෙ ඩීසන් ලුක් එකක්. එක ගේක නෙවෙයි හැම ගෙයක්ම එක වගේ පේන්නෙ.වැට දිගේ එක එක ජාතියේ වැල් වර්ග යවල.ගෙයින් ගෙට එකම ජාතියේ ගස් නොතිබ්බත් හැම ගේකම වගේ රතු හෝ රෝස ලොකු මල් පිරිච්ච බෝගනවිලා ගස් .මේක ඇත්තටම නිකන් නේචර් එක ෆෝකස් කරන් ෆොරෙන්‍ස්ලටම විතරක්  හදපු හොටෙල් විතරක් තීන ලේන් එකක් වගේ.තේජාන්ලගෙ ගෙදරත් වෙනසක් නෑ .ලී වැටේ එක එක ජාතියේ වැල් .මල් නෙවේ එවගෙ කොල පිරිලා.හොද සාත්තුවක් දෙන්න ඕන ඇති. තේජාන්ගෙ අම්මට වැඩ එක්ක කොහෙන් වෙලාවක් තීනවද මන්දා.
ස්නේහගෙ ගෙදර තේජාන්ලගෙ ගෙදරට කලින් තීන් තුන්වෙනි ගෙදර .ඒකත් පුදුම තරම් ලස්සනයි . වහලෙ පවා මල් වැල්.ස්නේහගෙ අම්ම ගෙදරත් නැතුව ! පිටින් සිරියාව පිරුණු ගෙයක්.!

කොහොම හරි අපි එන නිසා සෙනසුරාදත් කොහොමත් නිවාඩු නිසා තේජාන්ලගෙ අම්ම නිවාඩු දාලා.
නංගිලා දෙන්න ක්ලාස් ගිහිල්ලලු.මන් එන වගක් තේජාන් කියල නෑ .අද දෙන්නගෙ බර්ත්ඩේලු ඒක රෑට සෙලිබ්‍රේට් කරනවලු සප්‍රයිස් කරන්න ඕනෙ නිසා කියල නෑ.අපි ගෙදරින් එද්දි දහය පහු වෙලා . නංගිලා දෙන්නට ක්ලාස් තීන්නේ ටිකක් දුර නිසා තේජාන්ලගෙ තාත්ත ගිහිල්ලා .වයලින් ක්ලාස් එකක්ලු.

මේ ලේන් එකම අයිති වෙලා තිබිලා තීන්නෙ ෆර්ඩිනන්ඩ් කියල මනුස්සයෙක්ට ලන්දේසි කාලෙ ඉදන්ම එයාගෙ පරම්පරාවට මාරුවෙන් මාරවට අයිති වෙලා.පස්සෙ ඒ පවුලෙ මුනුබුරෙක් ඉඩම් විකුනල තීනවා .කොහොම හරි ඒ පැත්තෙ ගෙවල් හැම එකක්ම ටිකක් ලංකාවෙ පෙනුමෙන් වෙනස් .ඒ අයිති වෙලා තිබ්බ  මනුස්සයා ගස් වැල් වලට මාර ආදරෙයිලු .විකුනපු නැති ඉඩම් වලත් මල් ඉන්දලා ගස් වවල තීනවලු .එන මගදි එහෙම එක තැනක් හම්බුනා බෙන්ච් ගහල පොඩි පාක් එකක් වගේ. ඉතින් ගෙවල් හදද්දි ගොඩක්ම මේ තරම් ස්වභාවික දේවල් එක්ක ඒ ගේ ලස්සන කරන එක ලේන් එකේ අය පුරුදු වෙලා.මේ විස්තරේ මට කලින් පාරක ආපු වෙලාවක තේජාන්ම තමයි.
පොඩි බලු පැටව් දෙන්නෙක් ඉන්නවා ලයන්ශෙපර්ඩ් .ඒ නිසා ගෙදරම පාලු නෑ.සෙනාය නම් ආව වෙලේ ඉදන් දෙන්නවම උකුලෙ තියන් .







" හනේ තෙමුවා නේද මෝඩ කුක්කා "

හුරතල් ඔක්කොම ඉවරයි . බිබී හිටපු සරුවත් එකත් ඉස්මොල්ලෙ යනෝ සෙනායගෙ කෑ ගැහිල්ලට .අපි ලිවින් රූම් එකේ ටිවී එක බල බල හිටියෙ සෙනායගෙ ඇදුමෙම බලු පැට්ටෙක් වැඩේ දීලා.



" එහ් තේජාන් අනේ ..... මූව ගනින් කෝ......''


" කෝ ......   උඩ නංගිලා දෙන්නගෙ කාමරේ ඇති චේන්ජ් කරගනින්.ටවල් එකක් ඕනෙද ? "

" නෑ නෑ එපා මන් ගෙනවා .මේ ... කෝ අනේ ස්නේහ එන ගමන් කතා කරන් එනවනෙ මන් හිතුවෙ ඇවිල්ලා කියල... එක්කන් වරෙන්කො ගිහිල්ලා . "

සෙනායා එහෙන්මම උඩ තට්ටුවට ගියේ හුරතල් කරපු බලු පැටව් දෙන්නගෙ අම්මටත් බැන බැන.


" කේශානයා කතා කරල වරෙන්කො .නිදිද දන්නෙ නෑ ඌ තාම "

"' යකෝ ගෙදරට ආපු මනුස්සයාව ආපහු වෙන වෙන උන් කුදලන් එන්න යවන්නෙ ලැජ්ජ නැද්ද පරපෝශිතයො '"


"ඒ ඩිලාන් පලයංකො "


"" උබට පේන්නෙ නැද්ද මන් මෙතන වැඩක් කියල.යකො සයන්ස්ඩේ එකේ රෙදි නැතුව ඉන්නද ආස.මන් මේ ඔර්ඩර් එක දීපු ටේලර් ශොප් එකට කතා කරන්න හදන්නෙ ...උබ පලයංකො ""

" අම්ම ෆුඩ් සිටියට යන්නලු බන් නැත්තං තොපිට කියන්නෙ නෑනෙ "

"" හිමංස ඒනම් උබ පලයං ""


' මං !? '


"" ඇයි දැන් උබේ නමින් මෙතම වෙන එකෙක් ඉන්නවද නෑනෙ උබට තමා කිව්වෙ ""


' .......... '



" අහ් ඕනෙ නෑ මන් එහෙනම් අම්මට යන්න කියන්නම් හිමංස යන්න ඕනෙ නෑ "



"" යකෝ මු බලහං එතකොට තෝ අපිව යවන්න හැදුවෙ .!? ""


" හිමංස යන් මාත් එක්ක එහෙනම් ටවුන් එකට පස්සෙ යන්නම්."

" පුතේ ඉක්මනට අරන් එන්නකෝ නැත්නම් පරක්කු වෙනෝනේ .අනේ හිමංස පුතේ ස්නේහව කතා කරන් එන්න ඔයා එහෙනම් දැන් ඔයාල සරුවත් බිව්වට කන වෙලාවත් ලගයිනෙ "


තේජාන්ලගෙ අම්ම කිචන් එකේ ඉදන්ම කතා කරේ අපි කතා උන එක අහන් ඉදලද කොහෙද.තේජාන් මන් ස්නේහව එක්කන් එන්න තනියෙන් යවන්න අදිමදි කරා වගේ දැනුන නිසා තේජාන්ලගෙ ගෙදර ඉදන් අපි දෙන්නම එකට ඇවිත් ස්නේහගෙ ගෙදර ලග නතර උනා.තේජාන් ෆුඩ් සිටි එකට ගිහින් එන්නම් කියාගෙන සයිකල් එකෙන්ම ගියේ එච්චර දුරක් නෑ කියන් .
මට එක පාර තනියෙන් යන්න හිතට මොකක්ද වගේ උනත් ස්නේහ පහුගිය දවස් ටිකේ සලකපු විදිය එක්ක හිත එච්චර කලබල උනේ නෑ.මුල්ම දවසෙ ඩ්‍රග්ස් අරන් හිටි නිසා එහෙම හැසිරෙන්න ඇති ! මන් එහෙම හිතන් දොරේ බෙල් එක ගැහුවා.ගේට් එකත් ඇරපු ගමන් තිබ්බේ.කා එක පාක් කරල තිබ්බා .ඒ කියන්නෙ මිස්ට අරවින්ද ගෙදරද ?
ටිකකින් දොර ඇරුනා .


" අහ් මේ පුතානෙ.... එන්න ගෙට "

මන් හිනා වීගෙනම ගෙට ගියා .ඇතුල හරිම සිරියාවයි.ගැහැනු කෙනෙක් නැති ගෙයක් මෙච්චර ලස්සනට තියෙනව දැක්කමයි. අන්කල් හිනා වෙලාම වාඩි වෙන්න කියද්දි මන් වාඩි උනේ ලී පුටුවක.සෝෆා එක තිබ්බත් වැඩි වෙලා ඉන්න නොආපු නිසා මන් ඒකෙන් වාඩි උනා.

' අන්කල්  ස්නේහ !? '




'' අ මේ ස්නේහ තාම නිදිද නම් දන්නෙ නෑ .මේ ... ඔයා ....... නෑ මන්ම කතා කරන්නම් එක්කෝ "

'" කමක් නෑ අන්කල් මන් එහෙනම් කතා කරන්නම් අන්කල් වැඩක ඉදලනේ ආවෙ."'

අන්කල්ගෙ අතේ ක්ලිෆ් එක උඩින් ගහපු පෑනත් අතේ තිබ්බ නිසා මට එහෙම හිතුනා.මන් කලින් ලොච්චර තේජාන්ලහ ආවත් ස්නේහලාගෙ ගෙදර ඇවිල්ල නැහැ.

"පුතේ එහෙනම් කතා කරන්න උඩ ඇති.මන් බොන්න මොනා හරි ගේන්නම්."

"' අනේ එපා අන්කල් . දැන් තේජාන්ලගෙ අම්මා බීම එකක් දුන්න .තෑන්ක්ස් අන්කල් .මම මේ ස්නේහව එක්කන් යන්න ආවේ.ස්නේහ කිව්වෙ නැද්ද ?අද තේජාන්ලහ අපි වැඩ වගයක් කරන්න ආවෙ."'




" අහ් හා ... නෑ නේ මේ එයාට අමතක වෙන්නැති . "


එයා එහෙම කියන් ගියාම මන් උඩ තට්ටුවට යන්න පඩිපෙල නැගං ගියා.හිතටත් මොකක්ද වගේ.එක්කො තේජාන් එක්ක එන්න තිබ්බේ.ස්නේහ එක්ක මන් මෙහෙම තනියම කතා කරල නෑ .ඒක හිතට මහ තිගැස්මක් වගේ .මුලින්ම තනියම හම්බුන දවසෙ බෙල්ලට උන එක මතක් උනාම නොදැනුවත්වම කෙල ගුලියක් උගුරෙන් පහලට ගියා.
උඩ තට්ටුවෙත් ටීවී එකක් එක්ක කුශන් සෙටියක් දෙපැත්තට කාමර දෙකක්.එකක්නම් ලොක් කරල වගේ .අනිත් එකේ දොර බාගෙට ඇරිලා.බාගෙට කිව්වට කලුවරයි .ඒ නිසා ඇතුල පේන්නෙ නෑ.
මොනා උනත් එකපාරම කතා නොකර දොර ඇරන් යන්න බෑනෙ.

"" ස්නේහ ""

සද්දෙක්වත් නැති නිසා මන් දොර ඇරුන කාමරේ ලගටම ගිහින් ආපහු දොර ලග ඉදන් කතා කරා .

"" ස්නේහ ....""

එක පාර මාව ගැස්සුනේ ඇතුලින් වීදුරුවක් බිදුනා වගේ ඇහුනම.ටිකක් වෙලා බලන් ඉද්දි එලියෙ ඉදන් උනත් කලුවරට ඇහැ හුරුවෙලා .සද්දෙත් ආව නිසා මම දොර ඇරගෙනම ඇතුලට ගියා.
ස්විච් එකක්වත් තීන තැනක් දන්නවයැ ලයිට් එක ඔන් කරන්නවත්. මන් අඩිය තියනකොටම පෑගුනේ වීදුරුවක් .

" ස්නේහ "

මන් දැක්ක ඇදේ වාඩිවෙලා ඉන්න ස්නේහ .එයාගෙ මූන නම් පැහැදිලව පෙනුනෙ නෑ .මේ මනුස්සයාට මොනා වෙලාද .කමරෙ ඇතුලට ආවම කාමරේම සිගරට් ගදයි. කාමරේට ආව කෙනා කවුද කියල  නොපෙනුනත් අඩු තරමින් නැගිටපන් ! එහෙමත් නෑ බිම බලාගෙන වගේ ! .මට බය හිතුනත් මන් ලගටම ගිහින් උරහිසින් අල්ලලා කතා කරා .
ලං වෙන කොට එයා ලගින් පුදුම තරම් සැර සුවදක් ආවේ.උහුලගන්න බැරි තැන මගෙ නහයත් නිකන්ම හැකිලුනා.

" ස්නේහ. "


























දැන් විනාඩියටත් වඩා වැඩි වෙලාවක් .මන් එකම විදියට .හුස්ම වැටෙනවද කියල මන් දන්නෙ නෑ.කලුවරට ඇස් හුරු උන එකට මන් හිතින් බැන බැන .විනාඩි දෙකක් තුනක්? කීයක්ද ! මන් දන්නෙ නෑ .මට තාම උන දේ හිතාගන්නවත් බෑ .
මන් ස්නේහට කතා කරන්න ස්නේහගෙ උරහිසින් අත තිබ්බ ගමන් එක පාර නැගිටපු ස්නේහ මං ලගට පුදුම තරම් වේගෙන් ආවා .මන් ඊටත් වඩා වේගෙන් පස්සෙන් පස්සට අඩිය තියන් ගිහින් නතර උනේ බිත්තියේ වැදිලා .
ස්නේහ බීලා ඉන්නෙ කියල තේරුන නිසා මන් එහෙන්මම කාමරේ දොර ඇරන් එලියට යන්න හැදුවෙ .

















ඒත් ... ඊට කලින් ඉකක්මන් උන එයා දොරට තිබ්බ අත තදින් අල්ලල අයින් කරන ගමන් වහපු දෙරටම දඩස් ගාන  සද්දෙන් මාව දොරට තියල අල්ලගත්ත අත උස්සල ඔලුවට උඩින් තද කරා.මාව සෙල්සියස් රින සීයටත් වැඩි ගානකට බයටම සීතල වෙලා .බීලා ඉන්න ස්නේහ එදා කරපු දේ එක් පාර මගෙ ඔලුවට වද දෙන්න අරන්.
මන් අනිත් අතින් එයා තදට අල්ලන් ඉන්න මගේ අත ගලවගන්න එයාගෙ ලොකු බාහුව තද කරලා එහාට කරත් බයට දාඩිය දාපු අත එයගෙ අත උඩ ලිස්සුවා .ඒ සැනින් ඒ අතත් අරන් මැනික් කටුව ලගින් අල්ලල දොර ලග බිත්තියට තියල තද කරා.
ඇහැ කලුවරට හුරු උනත් පාට පේන්නෙ නෑ හරියට .ඒත් හැමදාම වගේ රතුම පාටට ලේ බැහැපු තියුනු ඇස් මට අදුර ගන්න බැරි නෑ.කලු රතු පාටට කෝපි පාට වැහිලා.එයාගෙ හුස්ම වෙනදටත් වඩා රස්නෙයි .කිසිම රිද්මයක් නෑ වේගෙන් වේගෙන් හුස්මගන්නවා කියල විතරයි මට දැනෙන්නෙ.එයාගෙන් පිටවෙන හුස්ම මගේ ඇගේ ඇවිත් වදිනවා ! ස්නේහ ඉන්න ඇත්තෙ මට වඩා පුංචිම පුංචි දුරක් ඈතින්.ඒක තවදුරටත් දුරක් නොවෙන විදියට දොරටම තද වෙලා ඉන්න මගේ ඇගටම ස්නෙහ තදින්ම මගේ ඇගට තද උනා.
සැර වොඩ්කා සුවද කොච්චර තිබ්බත් එයා ලගින් එන එයාටම විතරක් ආවේනික අර ඇබ්බැහි වෙන සුවද ලාවට මගේ නාස් පුඩුවක් ලග දැනුනා.
මේ තාක එයාගෙ අර රතු උන හීනි ඇස් කෙලින්ම තිබ්බෙ මගෙ ඇස් දෙක එක්ක යා වෙලා. ස්නේහ කොච්චර තදට මගේ අත තදකරන් ඉන්නවද කිව්වොත් මට දැනෙනෙ මගෙ අත් දෙකේම මැනික් කටු ලගින් කැඩිල වගේ .


බාගෙට නැමිච්ච ඇගිලි එක්ක අත කරකවලා හිමංස ස්නේහගෙ අතෙන් තමන්ගෙ අත අයින් කරගන්න හදනවා.කතා කරගන්න තරම් හිතේ හය්යක් හිමංසට නැති නිසා තද කරන් හිටිය ඉකියක් එක්කම අත තව ටිකක් දෙපැත්තට කරත් මිට මෙලවිලා තීන  හීනි දිග ඇගිලි වලට අහුවුන මල් පෙත්තක වගේ හිමංසගෙ අත තව ටිකක් ඒ ඇගිලි වලටම තදවෙලා .කතා කරන්න ඇත්තටම හිමංසට ඕනෙ උනත් හිමංස කොච්චර බය වෙලාද කියනවනම් හිමංසගෙ ඔලුවෙන් එන ආවේගෙ ස්නායු වලින් මග නතර වෙලා වගේ.දෙවනි වතාවටත් අමාරුවෙන් තද කරන් හිටිය ඉකිය පිටවෙනවා එක්කම හිමංසට හුස්ම හිරවෙන තරමට ස්නේහ හිමංසට තදඋනා.දොරයි ස්නේහටයි හිර උන හිමංසට වචන එන්නෙ නැත්තෙ එක්කො ඉකියක් පිටවෙලා ඇඩෙන්න එන එක හිමංස නතර කරන්න හදන නිසා වෙන්නත් පුළුවන් .ඒක ඊටත් අමාරුයි.උගුර හිර වෙලා වගේ.!!

ස්නේහ දන්නෙ නෑ එයා මේ කරන්නෙ මොකක්ද කියලවත් ඒක නිසා එයාට කොච්චර පසුතැවෙන්න වෙයිද කියලවත් .හෙමීට හිමංසගෙ මූනට ලං වෙලා කනට පහත් වෙලා හිමංසට විතරක් ඇහෙන ගානට මුමුනන්න ගත්තා.

" උබ සෙල්ලමක් කරනවා කියල හිතුවද ?! කාගෙන් අහලද තනියෙන් ඉන්න කොල්ලෙක්ගෙ කාමරේට රිංගුවේ  ආහ් ......... අම්මගෙ ගති උබටත් තීනව පෙන්නන්නද ආවේ අහ් !? "



" අහ් ස්නෙ - එ එ .. හා  .... අහ්  "

මුමුනන හැම වචනයක් ගානෙම හිමංසගෙ කනට පුළුවන් තරම් ලං වෙලා දැනෙන නොදැනෙන ගානට හිමංසගෙ සිනිදු කන්පෙත්තෙ ලාවට තොල ගෑව්වා.
උන දේවල් නිසා පන නැතුව ඉන්න හිමංසගෙ කන් පෙත්ත ලග කරන්ට් එකක් වැදුන තරම් හිරියක් එක්ක හිමංස තව තව සීතල වෙන්න ගත්තා.
කොහොමද එහෙම දෙයක් ! කවදාවත් වෙලා නැති නුහුරු දේවල් එක පාර දැනෙද්දි ඇග උනත් ඒ දේවල් නිසාම වෙවලනවා !!



" ඔහ් ඔහ් මොකද මේ ......ඔච්චර දගලන්න එපා ..අමතක කරන්න එපා ඔයා ඉන්නෙ මගෙයි මේ දොරයි අතරයි කියල.මගෙ ඇගේ උබ ඕනවටත් වඩා ගෑවිලා ඉන්නෙ.උබ දගලල මෙතන වෙන්න ඕනෙ නැති ඒවා කරගන්න හදන්න එපා. "


' අහ් ස්නේ.....හ අහ් අහ් අත '

එහෙම කියන ගමන් හිමංසගෙ අත තවටිකක් දොරට තියල තදකරා.
හිමංස ඉන්නෙ වචනෙන් විස්තර කරන්න බැරි තරම් අසරණ වෙලා.
කන ලගටම ආපහු වතාවක් පහත් උන ස්නේහ සැරින් සැරේ තොල් හිමංසගෙ කන් පෙත්තෙ ගෑවෙන විදියට මුමුනන්න ගත්තා.
මහ ගොඩක් ගැබුරු ඒ වගේ කටහඩකින් කෙනෙක්ගෙ කනලග තොල් ගෑවී නොගෑවි තියෙද්දි  මුමුනනවා කියන්නෙ ! ඒක ! ඒක කෙනෙක්ට දරාගන්න අමාරු තරම් හැගීම වලට අමාරු දෙයක් !




" උබ ආවෙත් ඒකටද !! ඔහ් නෝව්
වයි අය් ෆොගොට් දැට් යු අර් ද සන් ඔෆ් දැට් ෆකින් බිච් "


කන ලග තිබ්බ ස්නේහගෙ මූන හිමංසගෙ මූන ලගටම අරන් ඇවිත් ආපහු ස්නේහ හිමින් කතා කරා.

" උබට අමාරුනම් මොකටද මන් ලගට ආවෙ අහ් ! කියපන් ! ඇයි තේජාන් උබව සතුටු කරන්නෙ නැද්ද ?! "


මූන ඉස්සරහට ගත්තමයි හිමංසගෙ ඇස් දිගේ බේරෙන් කදුලු ස්නේහගෙ ඇස් වලට පෙනුනෙ.සුදුපාට උනත් බයටම රෝස පාට උන කම්මුල් පැහැදිලි නැතත් අදුරගන්න ස්නේහට පුළුවන් උනේ ටේබල් ලෑම්ප් එකෙන් එන ලා එලිය නිසා .
හිමංසට ඇත්තටම මේ බිලා ඉන්න මනුස්සයා එක්ක වාද කරන්නවත් මරාගන්නවත් රණ්ඩු කරන්නවත් ඕන උනේ නෑ .හිමංසට ඕනෙ පුළුවන් තරම් ඉක්මනට මෙතනින් පැනල දුවන්න.
අඩුතරමින් හිමංසට හෙලවෙන්නවත් බැරි තරමට එයා හිර වෙලා .දාඩිය මූන දිගේයි පිට දෙගේයි බේරෙන්න අරන්.! බයටම !
ඇඩෙන්න එන එක කාගෙන නවත්තන් හිටියත් ඒක තවත් කරගන්න බැරි උන තැන හිමංසගෙ මූන කදුලු වලටම පෙගෙන්න තරම් !
බය ,තරහ ,දුක ,කේන්තිය උපරිමේ හිටිය හිමංසට ස්නේහගෙ කටින් පිට උන අන්තිම දේ එක්ක ඒකට තරහ පාලනේ කරගන්න බැරි තරම් කේන්තියක් දැනෙද්දි මෙච්චර වෙලා දොරටත් ස්නේහටත් හිර වෙලා හියටිය හිමංස පුළුවන් තරම් හය්යෙන් ඇදල අත් දෙක ගලවන් එහෙන්මම ස්නේහව තල්ලු කරා .වෙවුලන අත් දෙකෙන්ම දොර ඇරගත්ත හිමංස දොර එලියෙන් වහල වේගෙන් වේගෙන් හුස්ම ගන්න ගත්තා.
වෙවුලන අත් දෙකන්ම සාක්කුවට අත දාලා එලියට ගත්ත ටිශූ එක මූන පුරා යවලා කදුලු පිහිදල පඩිපෙල බැහැල පහලට ආව හිමංසට මිස්ට අරවින්දට යනවා කියන්න තරම්වත් සිහියක් නෑ .කකුල් දෙක පන නැති වෙලා වගේ .තාමත් බයටම වේගෙන් ගැහෙන පපුව ඕනවටත් වඩා බර වෙලා .
ස්නේහගෙ කටින් පිට උන වචන පුපුරු ගහන්න තරම් රත්වෙලා තීන  හීනිම හීනි යකඩ කූරක් හදවත පසාරු කරන්  ඇතුලට බස්සනවා වගේ දැනෙන්න ගත්තෙ හිමංස උන දේවල් නිසා ටික ටික හරි සිහියට එමින් හිටිය නිසා.
අම්ම මොන වගේ කෙනෙක් උනත් එයා තමන්ගෙම අම්ම නොඋනත් ඒ කිව්ව දේවල් හිමංසගෙ හිත මහ හිගක් රිද්දුවා .
එකපාර දරාගන්න පුළුවන් සීමාවක් තීනවා ! ඕනම මනුස්සයෙක්ට ! . ස්නේහ ඉන්න තැන තේජාන් අතින් ඇල්ලුවත් ඒක නොදැනෙන්න ඒ අත අයින් කරපු හිමංසට ස්නේහගෙ වචන පිහි තුඩවල් වලටත් වඩා දරුනු උනා.


ටික ටික හරිම සිහියට ආව හිමංසට ඕන උනේ නැ එයාහෙ කදුලු ලග කලබල වෙන සෙනායවත් තේජාන්වවත් බය කරන්න.එලියෙම මල් වලට වතුර දාන්න තීන හොස් බටේ ගලවලා මුන සෝදගෙන හිමංස ගේ ඇතුලට ගියා.ස්නේහගෙ ගෙදර ලග ඉදන් තිබ්බ හැම අඩියක්ම ඉස්සරහට යන්න ඕන නිසා තිබ්බ මිසක හිමංසට දැනුනෙ කකුල් පවා පුදුම තරම් බරට .
තේජාන්ගෙ සයිකල් එක වැටට හේත්තු කරල නෑ .ඒ කියන්නෙ තේජාන් තාම ඇවිල්ල නෑ. හිමංස ගේ ඇතුලට අඩිය තිබ්බත් ඊට වඩා වේගෙන් අඩි දෙක තුනක් පිටිපස්සට වීසි උනා .
















" පොඩි අය්යේයේයේයේයේ .............."













# ඉදිරියට …………




_____________________________________
















  සෙනූප ඉදුවර

( එයා හිනා වෙනකොට ඇස් දෙක පේන්නෙ නෑ  )  👀





___________________________________










        ___💚💜️ ___   
Imma be Imma be Imma be                          wherever you are !!

___________________________________






🍁වොට්ස් වලට කමෙන්ට් වලට තැන්කිවු ❤

🍁 පුළුවන් ඉක්මනටම ඊලග එක අරන් එන්නම් .❤




ආදරෙයි ______________ ❤












___________________ unknown ✍︎

                      ( snowi 🍁 )            

 
       

Continue Reading

You'll Also Like

192K 20.4K 56
"කේතු දන්නවද මම කේතුට කොච්චරක් ආදරෙයි කියල ?" "හැමතිස්සෙම වචනෙන් නොකිව්වත් සර්ගෙ ඇස් මගේ ඇස් එක්ක පැටලෙනකොට ඒ දිලිසෙන ඇස්වලින් මට පේනවා සර් මට කොච්...
2.5K 148 13
The scientists that time traveled back in ancient, where the war was on wei wuxian English is not my frist language , this is my sixth book im writi...
22.7K 712 29
the story takes place in Nevermore where Wednesday meet a tribrid that is Hope's twin sister who was misplaced at birth. her name is Faith Mikaelson...
288K 34.6K 63
" ම්-මං ඔයා-ගේ ක්-කවුද ජ-න්කූ..." Taehyung තමන්ගේ නළල jungkook ගේ නළල මතින් තියලා තද කරද්දි jungkook Taehyung ගේ කම්මුල් දිගේ පහළට වැටෙන කදුළු කැට ම...