සඳට පෙම් බඳින්නම්... 🖤🌙
116
⚡🖤⚡♥️⚡🖤⚡♥️⚡🖤⚡♥️⚡🖤⚡
"නූ.., මට කියන්න ඇයි ඔයා අවුලින් ඉන්නේ කියලා.." සවස හය පසුවී විනාඩි හතලිස් පහක් වද්දී නුරායා මෙන්ම රදීෂ් සිටියේ කයිසරයේ රථ ගාල තුළ ඔවුන්ගේ රථය තුළයි.
නුරායා කල්පනාවෙන්ම දිනය ගත කළ නිසාදෝ මන්දා රදීෂ් ඒ පැනය විමසුවේ.
"මම..හ්.. මේකයි.. මම.. අහන්න රදීෂ්.. මට ඔයාට කියන්න දෙයක් තියෙනවා.. මම දන්නෑ කොහොම මේක කියන්නද කියලා.. ඒත්.." නුරායා එක හුස්මට කියවගෙන ගියේ තම සිතෙහි පවතින පීඩනය කෙසේ හෝ රදීෂ්ට හැඟවීමට මෙනි.
"කියන්න බබා.. මොකක්ද ඔයාට වුණේ?" රථය පණගැන්වීම පසෙක හෙළූ රදීෂ්, නුරායා හට සියලු අවධානය ලබා දුන්නා.
"රදීෂ්... අහන්නකෝ... ඔයාට.. ඔයා.. ආහ්.. මම කොහොමද මේක කියන්නේ.. අහන්නකෝ.. අපි ආයෙත් psychiatrist (මනෝවෛද්‍යවරයා) ව මුණගැහෙන්න යමුද? අනේ.. මම කියන දේ අහන්නකෝ... අනේ... ප්ලීස්..." නුරායා රදීෂ්ගේ දෙඅත් තම දෝතින්ම අල්ලාගත්තේ දෙනෙත්වලින් ඉබේටම කඳුළු ගලාගෙන යද්දීයි. ඉතිං ඒ කඳුළුවලට කොහෙන්ද නැවතිල්ලක් සිත මෙතරම්ම වේදනා දෙද්දී.
"Psychiatrist ගාවට යන්නේ ඇයි නූ..ර්? මොකක්ද හේතුව?"
"රදීෂ්.. මේ අහන්නකෝ.. ඔයා මට ආදරෙයි නේද? ප්ලීස්.. ඒ නිසා යමු.. අහන්න රදීෂ් ඔයාට.. ඔයාට psychiatrist කෙනෙක්ගේ උදව් ඕනේ.. ඔයා.. ඔයා ඇතුළේ තවත් මනුස්සයෙක් ඉන්නවා රදීෂ්.. ප්ලීස් මං කියන එක අහන්නකෝ..." නුරායා හැකි තරම් පැහැදිලි කිරීමට උත්සාහ කළේ නදීෂ් පිළිබඳවයි.
"එයා මං වගේද බේබි?" එක්වරම රදීෂ්ගේ හඩ තරමක් වෙනස් ස්වරූපයක් ගත් අතර, ඔහු තම දෑතින්ම කොන්ඩය පසුපසට පීරුවේ නුරායා දෙස සිනාසී බලමිනි. ඒ සිනාවෙන්ම ඇයට කිවහැකි වූවා, මේ නම් රදීෂ් නොවන බව.
"තමුසේ...?" නුරායාගේ මුවින් එලෙස පිටවනවාත් සමඟම සමච්චල් සහගත සිනාවකින් මුළු රථයම දෙදරුවේ නුරායා කෝපයෙන් රතු වද්දීයි. මොහුට පහර දෙන්නට තරම් සිතුනත්, නුරායා තමාව පාලනය කරගත්තේ ඒ සිරුර රදීෂ්ගේ වූ නිසයි.
"ඔයා මං ගැන ගොඩක් හිතනවා වගේ මට පේන්නේ බේබි.." සිනාසෙමින්ම නදීෂ් රථය පණ ගන්වා ඉදිරියට පදවාගෙන ගියේ නුරායා දත් මිටි කමින්, තම දෙඅත් මිට මොළවාගනිද්දීයි.
"වැරදිලාවත්... රදීෂ්ට නෙවේ, මේ නදීෂ්ට ආදරේ හිතුනාවත් ද?" නදීෂ් නුරායා දෙස බලමින්ම සිනාසුනේ ඉදිරි කැඩපතින්ම බලමින් තම වත පරීක්ෂා කරමිනි.
"මං කොහොමත් රදීෂ්ට වඩා හැන්ඩ්සම්නේ..." නැවතත් ඇසුනේ සමච්චල් සහගත සිනාවකි.
"කට! කට වහගන්නවා! තමුසේගේ ඔය ජරා කටින් එහෙම දෙයක් කියන්නවත් එපා! තමුසේ වගේ ජරා මිනිහෙක්ට මගේ ජීවිතේ ඉඩක් නෑ...!!!" නුරායා උගුර කැඩෙනකම් කෑ ගැසුවත් නදීෂ්ගේ මුවින් පිටවූයේ සිනාවක්ම පමණි.
"දන්නවද බේබී.. ඔයා කොච්චර කෑ ගැහුවත්, මට ඒක වැඩක් නැත්තේ ඇයි කියලා? මොකද කිව්වොත් ඔයාට වඩා මම රදීෂ් ගැන දන්නවා" නදීෂ් සිනාසෙමින්ම පැවසුවේ නුරායා දෙස ද බලමිනි.
මොහොතක් නුරායා නදීෂ් දෙස බලා කල්පනා කළේ ඔහු මේ එන්නට යන්නේ මොකාටදැයි සිතාගත නොහැකි වූ නිසාය.
"ඔය කට වහගන්නවා.. මම තමුසෙට කිව්වා කට වහගන්න කියලා" නුරායා එලෙස පැවසුවත් නදීෂ් නැවත සිනාසුනේ ඇයට සරදමට මෙනි.
"මොකද කියන්නේ... ඔයා ද නැත්නම් එයාගේම ඇඟ ඇතුළේ ඉන්න මම ද එයා ගැන හොඳටම දන්නේ?" මුව කොනින් සිනාසෙමින් නදීෂ් විමසුවේ තම දකුණු ඇහිබැම ඔසවමිනි. නුරායාගේ තද රැවීමක් ලැබුණු සැනින් ඔහු නැවත වතාවක් සිනාසුනා. කෙතරම් නපුරෙක් වුවත් රදීෂ්ගේ කඩවසම් බව එසේම නදීෂ්ටත් පිහිටා ඇති බව නම් කිවයුතුමය. ඉතිං එය එසේම විය යුතුයිනේ. එකම ශරීරයක් බෙදා ගන්නා පෞරුෂ දෙකකි නදීෂ් සහ රදීෂ්.
"මේක හොදට අහන්නවා රායා! තමුසේ දන්නවට වඩා මම දන්නවා මම කවුද? රදීෂ් කවුද? කියන එක. හොඳම දේ තමයි... රදීෂ් දන්නේ නැහැ මම කියලා කෙනෙක් ඉන්නවා කියන එක. එතකොට රදීෂ්ගේ ඔළුවෙ මම ඉන්න වෙලාවට ඒ යකාට කිසිම දෙයක් මතක නෑ! හහ් හහ් හාආ...." නුරායා දත්මිටි කන්නට ගත්තේ නදීෂ්ගේ වදන් ඇයගේ සිතෙහි ඇති කළේ කෝපයක්ම පමණක් නිසාය.
"තමුසේ මේක හොඳට මතක තියාගන්නවා නදීෂ්.. තමුසෙට හැමදාම දිනන්න හම්බෙන්නේ නෑ... මම කොහොමහරි ක්‍රමයක් හොයාගන්නවා රදීෂ්ව හොඳ කරගන්න. ඩීඅයිඩී නෙවේ.. මොන අයිඩී හරි... මම දන්නවා මට පුළුවන් කියලා රදීෂ්ව බේරගන්න...! තමුන් හොඳට බලාගෙන ඉන්නවා.. මම රදීෂ්ට කියනවා තමුසේ කියලා සතෙක් එයාගේ ඇඟේ ඉන්නවා කියලා.. ඊටපස්සේ තමුසෙව එලවන හැටි මම දන්නවා! කොන්ද පණ නැති ජරා සතා...!" නුරායා කෙතරම් කෑ ගැසුවත් ඊට නදීෂ්ගේ ප්‍රතිචාරය වූයේ සිනාසීම පමණකි.
ඔහු සුක්කානමට කීපවරක්ම ගැසුවේ සිනාව පාලනය කරගත නොහැකිවයි.
"උඹට මාව එහෙම control කරන්න බැහැ බැ-ලියේ!! මේ නදීෂ් එක්ක සෙල්ලම් කරන එක ලේසි වැඩක් කියලද උඹ හිතුවේ? මේ අහපන්! උඹ මහලොකු එකී වගේ රදීෂ්ට මේක කිව්වා කියලා හිතපන්... ඌ ට දරාගන්න පුළුවන් වෙයි ද ඌ තමයි ඌ ආදරේ කරන උන්ව මරලා දැම්මේ කියලා? හහ්!" සිනාවෙන්ම නදීෂ් අසද්දී නුරායා තම දෙනෙත් තද කොට පියාගත්තේ දෙනෙත්හි එකතු වූ කඳුළුවලට ගලා යාමට ඉඩ ලබා දෙමිනි.
"තමුසේ... තමුසෙයි මිනීමරුවා.. මගේ රදීෂ් නෙවේ.. තමුසෙයි ඒ අපරාධකාරයා..!" ඈ නැවත වතාවක් කෑ ගැසුවේ ඉකිගසමිනි.
"ඌප්ස්... ඔයාට පුංචි දෙයක් අමතක වෙලා baby.. let me correct it! මම.. මේ ඇඟ.. මේ හැමදේම රදීෂ්ගේ.. ඌ මේ ලෝකෙට අහිංසක වැඩියි! ඌව ආරක්ෂා කරන්නයි මම ආවේ! Got it? එතකොට කාගේ body එකද මේ හැමදේටම use වෙලා තියෙන්නේ baby?" නුරායාගේ කොපුලක් පුරා තම අතැඟිලි ගෙනයමින් නදීෂ් මිමිණුවේ කෙඳිරුම් ස්වරයෙනි. නුරායා ඔහුගේ අත ගසා දැමුවත් නදීෂ් සිනාසුණේ සරාඟී අයුරිනි.
"ඌ මේ දේවල් දැනගත්තොත් ඊළඟ මොහොතේ ඌ ජීවතුන් අතර ඉන්නේ නෑ! ඌ සූසයිඩ් කරගන්නවා කියලා මට hundred percent sure!" නුරායා විසල් කරගත් දෙනෙත් නදීෂ් වෙතට හැරවූයේ ඒ වදන් විශ්වාස කරගත නොහැකිවයි. "ඌට මේවා දරාගන්න තරම් හයියක් නැහැ.."
"එහෙම... න්..ඇ...හැ.." නුරායා සෙමින් මුමුණාගත්තේ තමන්ටමයි.
"ඌව හොඳටම දන්නේ උඹ ද? මම ද?" නැවත වතාවක් නදීෂ් විමසුවෙන් නුරායා නිහඩව කල්පනා කරන්නට වූවා.
"තමුසෙට මම දිනන්න දෙන්නේ නැහැ! ඒක මගේ challenge එකක් නදීෂ්! පුළුවන් නම් මාත් එක්ක හැප්පිලා බලනවා!" මෙවර ඈ නැවත වතාවක් පැවසුවේ නදීෂ් හට යටත්ව තවත් හිදිය නොහැකි නිසාවෙනි.
"හහ්! උඹ? මේ මාත් එක්ක?" එක්වරම නදීෂ් රථයෙහි වේගය වැඩි කළේ ආසන පටි පැළඳ සිටියත් නුරායා විසික්ව යද්දීයි. ඔහු ජනශුන්‍ය වූ මාර්ගය පුරාම අධික වේගයෙන් රථය ගෙන ගියේ උමතුවෙන් මෙනි.
"නදීෂ්.....! තමුසේ මොනාද කරන්නේ මේඒඒ?"
"උඹට පෙන්නනවා මාත් එක්ක හැප්පෙන එක කොච්චර අමාරුයි ද කියලා.. උඹ දැනටමත් බයවෙලාද මන්දා" නුරායා දෙනෙත් වසාගත්තේ තම පපුව දෑතින්ම අල්ලාගෙනයි. තවමත් කෙතරම් අමතක කරන්නට හැදුවත් තම මව, පියා සහ සොහොයුරා මිය ගිය ඒ අතීත දිනය ඇයට අමතක කළ නොහැකිය. ඉතිං නදීෂ්ගේ මේ ක්‍රියාව නිසා ඇයට නැවත වතාවක් මතකයට පැමිණියේ එදිනයි.
"ප්ලීස්... එපා....හ්... නදීෂ්.. අනේ... මට...හ්.. මටහ්.. හුස්ම ගන්න... ආහ්.." ඇය එක්වරම සිහිසුන් වූයේ නදීෂ්ගේ හෝ රදීෂ්ගේ හදවතේ සියුම් රිදුමක් ඇති වද්දීයි.
。☆✼★━━━━━✧・🖤🌙♥・✧━━━━━★✼☆。
සිහිසුන්ව සිටී නුරායාව ප්‍රවේසමට සයනය මතින් තැබූ ඔහු ඇයගේ හුස්ම ගැනීමේ රටාව මොහොතක් පරීක්ෂා කර අනතුරක් නොමැති බව වටහාගත්තා. ඉන්පසු ඈට අනෙක්පසින් සයනයෙන් අසුන්ගත් නදීෂ් කල්පනා කරන්නට ගත්තේ තම ඉදිරි සැලසුම් පිළිබඳවයි.
"උඹට මොනා කළත් උඹ යන්නේ නෑනේ රායා? එහෙනම් මට සිද්ධවෙයි මීට වඩා දේවල් කරන්න... උඹේ කැමැත්තෙන් හරි අකැමැත්තෙන් හරි උඹ අනිවාර්යයෙන්ම දවසක යන්න යයි.. ඒ දවස වැඩි ඈතක නෙවෙයි කියන එක මතක තියාගන්න සුදු නෝනා!"
🖤⚡🌙⚡♥️