Sandata Pem Bandinnam | සඳට ප...

By Apsara_Kumarasinghe

6.4K 671 34

ඉතිං සඳ.., මා නුඹට පෙම් කරන්නෙමි.. ඔබේ අඳුරු පැත්තටත්, ඔබේ අඳුරු ආවාට වලටත්, වෙනසක් නොකරම... මගේ සඳ.., මා නු... More

පෙර සටහන
100
101
102
103
104
105
106
107
108
109
110
111
112
113
114
116
🎉
117
118
119
120
121
122
123
124
125
126
127
128
129
130
131
132
133
134
135
136
137
138
139
140
141
142
143
144
145
146
147
148
149
150
151
152
153
පසුවදන

115

105 12 0
By Apsara_Kumarasinghe

සඳට පෙම් බඳින්නම්... 🖤🌙
115

අකුරු අඩුපාඩු තිබුණොත් සමාව දෙන්න මට 🥺

ඊයේ සද්දයක් දාන් ගියපු හැමෝටම ස්තූතියි!

ආ.. තව පොඩ්ඩෙන් කියන්න අමතක වෙනවා.. දැන් ඇනොනිමස් පෝස්ට් දාන්නත් පුළුවන් ගෲප් එකේ.

⚡🖤⚡♥️⚡🖤⚡♥️⚡🖤⚡♥️⚡🖤⚡

"මොනාද නුරායා කල්පනා කරන්නේ?" මධුමිතා විමසුවේ දහවල් ආහාරය ගන්නා වේලාවේදී බත්පත අත ගගා කල්පනාවේ යෙදෙමින් සිටී නුරායාගෙනි. නමුත් ඇයට එය ඇසුණු බවක් දක්නට ලැබුණේ නැහැ.

"නූ..?" නුරායා එක්වරම තිගැස්සී ගියේ රදීෂ්ගේ ආමන්ත්‍රණයෙනි. ඇය පසෙකට වූ වේගයට නිරාශාගේ රෝස පැහැති වතුර බෝතලයත් බිම වැටුනේ ආපනශාලාවේ පොළොව පුරාම වතුර ඉහිරවමිනි.

"හයියෝ අනේ... මගේ ගුජුන්ප්‍යෝ බෝතලේ....." එක්වරම අසුනින් පැන ගත් නිරාශා තම බෝතල අහුලාගත්තේ වතම අදුරු කරගනිමිනි.

"අනේ... අක්කේ.. වැටෙයි කියලාමයි ඔයා ළඟින් තිබ්බේ පරිස්සමට... ඒක බිඳිලානේ..." හඬන්නට ආසන්නව නිරාශා නුරායා දෙසට හෙළුෑයේ නොරිස්සුම් බැල්මකි.

"අ..නේ.. සොරි නිශා... මම... මම.. මේ..." නුරායා ගොත ගසන්නට වූයේ නිරාශාගේ කඳුළු පිරුණු කෝපවත් දෑස් දෙස බලමින් තරමක් බියෙනි.

"හරි නිශා.. කෑ ගහන්න එපා.. මම ඔයාට ගෙනත් දෙන්නම්කෝ ඔය වගේම බොට්ල් එකක්.. දැන් හොඳ ළමයා වගේ මෙහෙ එන්නකෝ..." අරවින්ද ඇයව ඇමතුවේ තවත් ප්‍රශ්නය දුර දිග නොයවා හිදීමට ඇති වූ බලවත් වුවමනාව නිසාවෙනි.

"මේක.. ඔයාට අරන් දෙන්න බෑ අයියේ... මේක මගේ යාළුවෙක් එව්වේ කොරියාවෙන්මයි.. අනේ... ඒක ඉවරයි දැන්" නිරාශාගේ කොපුල්වලින් කඳුළු ඇද හැලෙන්නට එතරම් වේලාවක් ගත නොවිණි. නුරායා ඈ දෙස බලා සිටියේ පසුතැවීමෙනි. තමා නදීශ්ගේ කුරිරුකම්වලින් ගැලවෙන ආකාරය කල්පනා කරමින් සිටියා පමණි. ඉතිං සිදුවූයේ නොසිතූ දෙයකි.

"මං ඔයාට අරන් දෙන්නම් නිශා ඕක... exactly same brand එකෙන්.. ඒ නිසා දැන් අඩන්න එපා.. මට WhatsApp කරන්නකෝ details ටික.." රදීෂ් පැවසුවේ නිරාශාව සනසවමිනි. නිරාශා හඩමින්ම යමක් පැවසීමට ගියත් ජනිත් සහ අරවින්ද ඇයව ඔවුන් දෙදෙනාගේ මධ්‍යයෙහි වූ අසුනින් ඉන්දවූයේ ඇයට රවන ගමනුයි.

"නූ..., ඔයා මොනාහරි ප්‍රශ්නෙක ද ඉන්නේ?" රදීෂ් හෙමින් සීරුවේ ඇයගේ කනට කර විමසුවත් නුරායා කළේ ඔහු දෙස බලා සිටීම පමණකි. අවසන කිසිවක් නොපැවසූ නුරායා හිස දෑතට සැලුවේ එසේ නොමැති  බව ඇඟවීමටයි.

。☆✼★━━━━━✧・🖤🌙♥・✧━━━━━★✼☆。

"මේ.. උඹ දැන් මේ ගේ අස්සේ රිංගනවා වැඩියි ආආ..හ්.. යකෝ මගේ කෙල්ලවවත් මම උඹව තරම් ගෙදෙට්ට එක්කන් ඇවිත් නැතුව ඇති" අරවින්ද ජනිත්ගේ උරහිස වටා අතක් යවා ඔහුව තද කරමින් පැවසුවේ, අනෙක් අතින් ජනිත්ගේ හිසකෙස් ද අවුස්සමිනි.

ඔවුන් දෙදෙනාම නිවසට ඇතුළු වෙද්දීම පොතකුත් අතේ තියාගෙන එහෙ මෙහෙ ඇවිදිමින් කලබලයෙන් මෙන් පාඩම් කරන සේපාලිකාවයි ඔවුන්ගේ නෙත ගැටුනේ.

"මොකෝ තමුසේ අහස පොළොව ගැටලන්න පාඩම් කරන්නේ?" සේපාලිකාගේ හිසට පහරක් ගසමින් නිවසට ඇතුළුව තම ගමන් මල්ල ගලවා පුටුවක් මතට දැමූ අරවින්ද විමසුවා.

"අනේ යනවා යන්න බූරුවෝ.. හෙට ටෙස්ට් එකක්.. අනේ මට පිස්සු වගේ ඕයි... මම මේ සියවෙනිපාරට වෙන්නැති පාඩම් කරන්නේ.. මට මතක හිටින්නෙම නෑ ඕයි මේ විකාරේ... අනේ අයියේ....." කන්කෙඳිරි ගාමින් අරවින්දගේ ඇඟේම එල්ලුනු සේපාලිකා තවම ඉදිරි දොරටුව අසල සිට ඈ දෙස බලා සිටින ජනිත්ව දුටුවේ නැත.

"මට බෑ ඕයි ආයේ එක්සෑම් එක කරන්න...." හිසකෙස් අවුස්ස ගනිමින් සේපාලිකා නැවත වතාවක් කන් කෙඳිරි ගාද්දී අරවින්ද මෙන්ම ජනිත් ගේ ද කෝපවත් දෑස් ඈ වෙතට යොමු වූයේ ක්ෂණයෙනි.

"පිස්සු හැදිලා ද ලොකූ ආහ්? මේ යකා මෙච්චර මහන්සිවෙන්නේ මොකට කියලද තමුසේ හිතන්නේ? උඹලා දෙන්නව හොද තැනකට ගේන්න නේද? කන පලාගන්නේ නැතුව ගිහින් පාඩම් කරනවා!" ජනිත්ගේ හඩ මුළු නිවසම දෙවනත් කරද්දී එක්වරම ඔහුව දුටු නිසා පුදුමයෙන් වූ සේපාලිකා අසුන්ගෙන සිටී පුටුවෙන් නැගිට තම කාමරය වෙතට දිව ගියේ විදුලි වේගයෙනි.

දිව යන සේපාලිකා දෙස බලා ජනිත් දෙසට හැරුණු අරවින්ද අත්පුඩියක් ගැසුවේ ජනිත් හටයි.

"උඹ යකෝ... මාර බඩුවක්නේ..."

"එහෙම තමයි ඉන්න ඕනේ. තෝ හුරතල් කරලා වැඩියි මුන් දෙන්නව" ජනිත් තම කමිසයේ කොලරය ඔසවමින් පැවසුවේ  ආඩම්බරයෙනි.

"හරි හරි මේ..  වරෙන්කෝ කුස්සිය පැත්තේ... මොනාහරි හදන්න.." අරවින්ද සපත්තු ගලවා තම කමිසයේ බොත්තම් කීපයක්ම ගලවා දැමුවේ වෙහෙසකර සුසුමක් හෙළමිනි.

"ඒ.. උඹ ද බං අයියේ රෑට උයන්නෙත්..?"

"නැතුව.. මුන් දෙන්නා තාම පොඩියිනේ බං.. අනික ක්ලාස් ගිහින් ඇවිත් මහන්සිවෙලා ඇත්තේ ගොඩක්" අරවින්ද සිනාසී පැවසුවේ මුළුතැන්ගයෙට ඇතුළු වෙමිනි.

"හොද පොඩි... අනේ ඇත්තට උඹ නම්.. මුන් දෙන්නට පොඩ්ඩක්වත් වැඩක් කරන්න දෙන්නෙම නෑනේ..." ජනිත් පැවසුවේ නොරිස්සුම් හඩකිනි.

"එහෙම නෙවේ බං.. මේ ටිකේ තමයි කෙල්ලෙක්ට සැනසීමේ ඉන්න තියෙන්නේ.. කසාද බැන්දාම, ලමයි හැදුවාම කෙල්ලොන්ට සැනසීම කියලා දෙයක් ඇත්තෙම නෑ බං. උදේ නැගිට්ට වෙලාවේ ඉදන්ම හස්බන්ඩ්ගේ වැඩ, නැන්දම්මලාත් එක්ක ඉන්නවා නම් එයාලාගේ වැඩ, උයන්න, රෙදි හෝදන්න, ගෙවල් අස් කරන්න.. කීයක් කියලා වැඩ ද? අනික එකක්හරි මගෑරුණොත් ගෙදරම බැනුම් ඒකී අහන්න ඕනේ.. අනික පීරියඩ්ස් එහෙම හැදුනාම උන්ට හෙන අමාරුයි. පිරිමි අපි වගේ නෙවේ බං... අන්න ඒ ටික උඹ හොදට මතක තියාගනින් ජනිත්..." අරවින්ද මුළුතැන්ගේ වැඩ කරමින්ම කතා කල අතර මොහොතකට නතර වූයේ ජනිත් දෙස බැලීමටයි.

"අනික තමයි උඹට ලොකූට ලංවෙන්න මම චාන්ස් එකක් දුන්නේ ඒකෙන් ලොකූට හොඳක් වෙනවා කියලා මේ ඇස් දෙකට පෙනුනු නිසා. . . එහෙම නැත්නම් මම මේ ආත්මෙට දැන්ම ලොකූව කොල්ලෙක්ට ලං කරන්න හිතන්නෙවත් නෑ ජනිත්.. ඒ තීරණේ ඒකිටම ගන්න ඉඩ දෙනවා මිසක්. උඹට පේන්නේ මාව ආත්මාර්ථකාමී එකෙක් විදිහට වෙන්න ඇති. කමක් නෑ.. ඒත්.. ඒක උඹ මතක තියාගනින්... ලොකූට ලංවෙන්න උඹට චාන්ස් එක දුන්නා වගේම දවසක උඹ නිසා ලොකූට අවැඩක් වෙනවා කියලා හිතුනොත්,  අන්න එදාට ලොකූගෙන් උඹව ඈත් කරලා දාන්නත් මම දෙපාරක් හිතන්නේ නෑ.." අරවින්දගේ ස්වරයෙහි වූ තීරණාත්මක බව හේතුවෙන් ජනිත් ඉක්මනින්ම හිස සැලුවා.

"මම හිතනවා උඹ මම තරම්ම හොදට මගේ එකීව බලාගනියි කියලා.." ජනිත්ගේ උරහිසට තට්ටුවක් දැමූ අරවින්ද දෑස්වලින් ම පැවසූවේ ඔහු ජනිත්ව කෙතරම් විශ්වාස කරනවාද යන්නයි.

"තෝ බා, තුම්හාරේ යේ ඉෂාරේ
හම් තෝ, දීවානේ හේ තුමාරේ.."

එක්වරම හින්දි ගී ස්වරයකින් මුළුතැන්ගෙයම පිරී යද්දී අරවින්ද ඉක්මනින්ම තම කලිසම් සාක්කුවෙන් පිටතට ගත්තේ තම ජංගම දුරකතනයයි.

"යකෝ මූ... හින්දි සින්දු දාගෙන ඉන්නේ... අපි ගද්දී තමයි අර හද්ද පරණ ලටේ රිගින්ටෝන් එකක් යන්නේ..."

"සුදූ.. සුදූ.. බං.. අරහෙට පලයන්කෝ මට කතා කරන්න දීලා මේකට" අරවින්ද ජනිත්ව තල්ලු කරමින් දුරකතනයට පිළිතුරු ලබාදුන්නේ එය දෙවෙනි වරටත් නාද වද්දීයි.

"සුදූ.. කියන්න.. බබා.." අරවින්ද තම හඩ අඩු කරමින් මිමිණුවේ ජනිත්ව පන්නමිනි. අනෙක් පසින් ඈ පිළිතුරු දෙන හඩත් යාන්තමට ඇසිනි.

"අනේ යකෝ... දවසම එකට ඇලිලා වගේ එක ළඟම වාඩිවෙලා ඉදලත් උඹලට ගෙදර ඇවිල්ලත් කතා කරන්න දේවල් තියෙනවද බං?" තම හිසටත් අතක් තබා ගනිමින් ජනිත් විමසද්දී ඔහුට ලැබුනේ අරවින්දගේ පා පහරකි.

"මේ ජනියා සුදූ... මුට පිස්සු.. නැට්ට වගේ මගේ පස්සෙන්මයි දැන්.. පලයන්කෝ ජනිත් කිව්වාම.. මල වදයක් වුණානේ මේක... අර ලොකූව බලපන් පොඩ්ඩක් ගිහිං... වද දෙන්නේ මගුල.."

"ආ.. උඹට දැන් මාව හරි වදයක් නේ? හිටපන්කෝ මම යනවා යන්න... තොට තේරෙයි එතකොට මේ වදේ නැතිවුණාම.. තොටත් ඉස්සෙල්ලා ආව කනට වඩා පස්සේ ආව අඟ ලොකු වුණානේ.. හිටපන්කෝ තොට" ජනිත් මුළුතැන්ගෙයින් පිටවූයේ කෝපයෙනි.

"නෑ නෑ බබා.. ඔයාට නෙවේ.. ජනියට අනේ... ඉතිං.. සුදූ මොකද කළේ..? වොෂ් දැම්මද?" අරවින්ද විමසුවේ අනෙක් පසින් යුවතිය කිංකිණි හඩින් සිනාසෙද්දීයි.

මේ අතර ජනිත් ගියේ සේපාලිකා සොයාගෙනයි. සයනයෙහි අසුන් ගෙන සිටී ඇය ඔහු දෙස රවා බැලුවේ නෝක්කාඩුවට මෙනි.

"මොකෝ රවන්නේ? මාව වදයක්ද? උඹලගේ අයියාටත් මාව වදයක් ලු නේ.. මං යනවා යන්න" ජනිත් ඒ කෝපයෙන්ම හැරී යාමට සැරසුනේ ඇයත් තමාව ගණන් නොගන්නා නිසා වුවත් එක්වරම ඔහුගේ අත පිටුපසට ඇදී ගියේ ඔහු නොසිතූ ලෙසිනි.

"අනේ අයියේ.. මට ඔයා වදයක් නෙවේනේ ඉතිං..." ජනිත් නැවත හැරී ඇයගේ වත දෙස බැලුවේ ඒ හැඟීම් වටහා ගැනීමට මෙනි. "ඇත්තටමද? වදයක් නෙවේ ද මාව?" පෙරදී ඇය අවුස්සා ගත් කොන්ඩය පිළිවෙලට හදමින් ඔහු ඇසුවේ වෙනස්ම හඩකිනි. හදවත ආදරයේ නාමයෙන් කකියද්දී ඇය වෙනදා මෙන් නපුරියක් නොවී සිටීම කෙතරම් නම් සහනයක් වූවා ද කියා දන්නේ ඔහු පමණි.

ලැජ්ජාවෙන් මෙන් හිස ඔසවා ජනිත් දෙස බැලූ සේපාලිකා හිස දෑතට වනා හිස ඔහුගේ උරෙහි ගසා ගත්තේ ජනිත්ගේ මුවට සිනාවක් ගේන ගමන්මය.

ඉතිං විටෙක ඇයගේත් කෝළම් ය. විටෙක නපුරියකි.

"එන්නකෝ අනේ.. මට පාඩම් කරන්න ඕනේ..." සේපාලිකා ජනිත්ව ඇද්දේ තම කාම‌රය තුළටයි.

"ඉතිං පාඩම් කරන්න මම ඕනේවැයි?" චුට්ටක්වත් හෙලවෙන්නේ නැතුව තම අත ඇයගෙන් අදිමින් ජනිත් විමසුවේ ඇයව අවුස්සන්නයි.

"ඕනේ අනේ.. මට මතක හිටින්නේ නෑ.. ඔයා ඕනේ.."  ජනිත්ගේ මුවෙහි සිනා මලක් පිපුනේ ඒ කියවිල්ලටයි. ඔහු සුපුරුදු පරිදි ම සේපාලිකාගේ සයනය අසලම බිමින් වාඩි වූයේ සයනයට හේත්තු වෙමිනි. සේපාලිකා ද ඔහුව අනුගමනය කරමින් ඔහු අසලම අසුන් ගත්තේ නුහුරු බැල්මවල් කීපයක්ම ඔහු වෙතට පා කරමිනි. ජනිත් ඒවා නොදුටුවා නොවේ.. නමුත් ඔහු නොදැක්කා වගේ සිටියේ ඇයගේ මීළඟ ක්‍රියාව කුමක්දැයි නොදත් නිසයි.

"අහන්නකෝ අයියේ.. මම විචාරයක් ලිව්වා.. ඔයාට කියවන්න දෙන්නද? හොඳයි ද බලනවද?" සේපාලිකා හිමින් සීරුවේ මිමිණුවේ ජනිත්ගේ අතක් අල්ලාගෙන, තම අතැඟිලි අතර පටලවාගනිමිනි.

ජනිත්ගේ කට ඇඳ වුණේ ඉබේටමය.

"අනේ ලොකූ මේ.. මම ඕවා බලන්න දන්නේ නෑ අනේ.. අනික මට මහන්සියිත් එක්ක අප්පා.." ජනිත් පැවසුවේ සැබෑවක් වුවත් සේපාලිකාගේ මුව ඇදවී යන්නට ගියේ මොහොතකි.

"දැන් මොකද මූණ ඇද කරගත්තේ ඉතිං?" මෙතරම් කාලයකට කෙල්ලන් සිටියාට ඔවුන්ව මෙතරම් නළවා නැත. බැන්නොත් බැන්නා, ගැහුවොත් ගැහුවා යන නියමයට  අනුව තම ආදරවන්තියන් ආශ්‍රය කළ නිසාවෙන් දෝ මන්දා ජනිත්ගේ ආදර කතාවන් කිසිවක් මාස තුනකට වැඩි නොවීය.

නමුත් තමා සේපාලිකාගේ නපුරුකම් ඉවසගෙන මෙලෙස ඈ සමීපයට වී සිටීම ම ඔහුටත් පුදුමයකි.

"අනේ.. මට බයයි අයියේ.. හෙට විභාගේ ලකුණු අයියාටත් පෙන්නනවා... මට බයයි අප්පා.. අයියා ගහයි මට ලකුණු අඩු වුණොත්" සේපාලිකා හිමින් සීරුවේ මිමිණුවේ ඔහුගේ කමිස අතේ කොනක් සමඟ තනිව සෙල්ලම් කරන අතරයි.

"දැන් පාඩම් කළේ නැද්ද මෙච්චර බයවෙන්නේ?" ඇයගේ හිස පිරිමදිමින් ජනිත් කාරුණිකව ඇසුවේ සේපාලිකාව මෙල්ල කළ හැක්කේ ආදරයෙන්ම පමණක් බව දන්න නිසායි.

"කළා අනේ.. ඒ වුණාට මට බයයි වැරදෙයි කියලා..." තවත් නඩුවකි.

"හොඳට පාඩම් කළා නම් ඇයි බයවෙන්නේ?"

"මම විභාගවලට බයයි අනේ.. අනික එකපාරක් ෆේල් වුණත් එක්කනේ.." ඉතිං ඒ මානසිකත්වය වටහා ගැනීම ඔහුට අපහසු නොවීය.

"මේ අහන්න ලොකූ.. හෙට තියෙන්නේ ක්ලාස් එකේ නිකං එක්සෑම් එකක්.. ඒලෙවෙල් නෙවේනේ.. අනික තමයි ඔයා එකපාරක් ඒලෙවෙල් ෆේල් වුණා තමයි.. ඒත් ඒකම ඔළුවේ තියාගෙන ඉන්න එපා.. එතකොට කොහොමද ඉස්සරහට යන්නේ? ඒ ෆේල් වීම ඔයාගේ ජීවිතේට පාඩමක් කියලා හිතන්න.. ආයෙත් ට්‍රයි කරන්න. අතාරින්න එපා.. අනික ඒලෙවෙල් කියන්නේ එක එක්සෑම් එකක් විතරයි. ඔයා හිතනවා නම් එතනින් ඔක්කොම ඉවරයි කියලා අන්න ඒක ලොකු වැරැද්දක්. අපේ අධ්‍යාපන ක්‍රමයේ උගන්නන්නේ ඒලෙවෙල්වලින් පස්සේ ඔක්කොම ඉවරයි කියලා. එහෙම නෑ... ඒලෙවෙල් වලින් පස්සේ තමයි හොඳම හරිය පටන්ගන්නේ.. ඔයා හිතන්නේ දැන් මම ජොබ් එකක් කරන නිසා මම මේ දේවල් හරිම සැහැල්ලුවෙන් කියනවා කියලා ද? දන්නවද මමත් රස්සාව කරන ගමන් කොච්චර පාඩම් කරනවද කියලා? කොච්චර එක්සෑම් ලියනවද කියලා..? අපි හැමෝම එහෙමයි ලොකූ.. ගොඩක් මහන්සි වෙනවා ඉගෙනගන්න.. මොකද ඒක තමයි අපේ එකම ගැලවීම. අපිට බැරි නෑ.. ඒත් ඔයා හැමවෙලේම බෑ බෑ කියලා ඔයාවම පල්ලෙහාට දැම්මාම කොහොමද ලමයෝ විභාගයක් කරන්නේ?

කවුරු මොනා කිව්වත් මම දන්නවා ඔයාට පුළුවන් කියලා මේ පාර නම් එක්සෑම් එක ගොඩ දාන්න.. අනිවා කැමිපස් යනවා කියලත් මම දන්නවා.."

ජනිත්ගේ වදන් හමුවේ සේපාලිකා ඔහු දෙසම බලා සිටියේ බර කල්පනාවක් එක්කමය. ඉතිං සෑම විටම විහිළු තහළු කරමින් සැහැල්ලුවෙන් සිටින ඔහු මෙතරම් ඉගෙනීම වෙනුවෙන් මහන්සි වන බව කෙලෙස නම් විශ්වාස කරන්නද?

"ඔයා.. එහෙම හිතනවද?" සෑමවිටම දිදුලන ඒ දෙනෙත් දෙස ඍජුව බලා සේපාලිකා විමසුවා.

"මට ඔයාව විශ්වාසයි ලොකූ.. මම දන්නවා ඔයා මගේ විශ්වාසේ කඩන්නේ නෑ කියලා"

සේපාලිකාගේ වතත් දිදුලන්නට ඒ හැටි වේලාවක් ගත නොවිණි. නිතර සිනාසෙන්නැති වුවත් මෙවර ඇයගේ වතෙහි සිනාවක් ඇදී ගියෙන් ඈ ඔහුගේ දෙනෙත් මගෑර වෙනතක් බලාගත්තේ තරමක් ලැජ්ජාවෙනි.

"හරි ද දැන් කෝළම් ඔක්කොම" ඉතිං ජනිත් හටත් ඉන්නට බැරිය. ඇයගේ ගොතා තිබූ කොන්ඩෙන් ඇද්දේ අවුස්සන්නටය.

"අනේයියා..  මොකද අප්පා ඔයාට වෙන්නේ....?"

ජනිත්ගේ අතට පහරක් ගසා ඈ නෝක්කාඩුකම් පවසද්දී ඉතිං ඔහු හොද හැටි සිනාසුනේ යුවතියව කෝපගන්වායි.

"මැරෙන්න කෑ ගහලා ගෙන්නපන්කෝ උඹලැයි අයියාව.."

"අනේ මේ... මට උඹ බං බොලන් කියන්න එපා හරිද? ලස්සනට කතා කරනවකෝ මෝඩයො..." ඈ කොමළ ලියක් වී ඇත්තේ මේ දවස් කීපයටය. ජනිත්ගේ පපුවට පහරක් ගසමින්ම ඇය ඔහුගේ පපුව මතට හිස හේත්තු කරගත්තේ ඔහු නම් පුදුමයෙන් ගල් ගැසෙද්දීයි.

"මේ.. මේ.. ලොකූ.. මගේ ඇඟේ... දාඩිය ලමයෝ.. ජරාව එකයි.. කෝ අයින්වෙන්න.."

"කමක් නෑ අප්පා.." සේපාලිකාගේ මුවෙහි ඇදුනේ සිහින් සිනාවකි. ඇය තම හුස්මක් පුරාම විඳගත්තේ ඔහුගේ සුවඳයි.

"කිව්වාම අයින්වෙන්න ලොකූ.. අපි මෙහෙම ඉන්න එක හොඳ නෑ.. අනික අයියා දැක්කොත්.. කෝ.." ජනිත් සේපාලිකාව තම සිරුරෙන් ඉවත් කරද්දීම ඇයගේ දෙනෙත් කෝපයෙන් රතු වී ගියේ ක්ෂණයෙනි.

"ඇයි එහෙම කළේ? යන්න ඔයා... යන්න..." එක්වරම කඳුළු පුරවාගත් දෙනෙතින් සේපාලිකා ජනිත්ගේ පපුවට පහරවල් කීපයක් ගැසුවේ ඔහු ඈ දිහා පුදුමයෙන් මෙන් බලා සිටිද්දීයි. මේ තරම් ආදරණීය වූ ඈ කෙසේද මෙලෙස වෙනස්වූයේ?

"යන්න කිව්වානේ.. යන්න... අහකට යන්න.. මෙතනින් යන්න.. මගේ දෑහැට නොපෙනී යන්න.." දෑසෙහි කඳුළු පුරවාගත් සේපාලිකා ඔහුට කෑ ගසද්දීම වාගේ කලබලයෙන් කුටියට ඇතුළු වූයේ අරවින්දයි.

"ලොකූ... ජනිත්... මොකද මේ සද්දේ? මං කියලා තියෙනවා ලොකූ ගොම්මන් වෙද්දී කෑ ගහන්න තියාගන්න එපා කියලා.. දෙනවා දෙකක් හොදේ..." අරවින්ද පරිප්පු හැන්දත් වනමින් කෑ ගැසුවේ ඔවුන් දෙදෙනාටමයි.

"අනේ.. අයියේ..." එක්වරම සේපාලිකා හඬන්නට ගත්තේ අරවින්දගේ පපුවෙහි හිස ගසා ගනිමිනි. අරවින්දගේ දෙනෙත් ජනිත් දෙසට හැරෙන්නට මහා වේලාවක් ගත නොවුනි.

"ජනිත්.., මට කියපන් මෙතන මොකක්ද වුණේ කියලා...." එක්වරම අරවින්ද ජනිත්ගේ ඇඟට කඩාගෙන පැන්නේ, පොල්කටු හැන්දත් ඔහුට දිගු කරමිනි.

"මේ.. මේ.. එහෙම මුකුත් වුණේ නෑ.. බං.. හරි ඉතිං මගේ වැරැද්ද.. මමයි වැරදි.." හඩමින් සිටින සේපාලිකා දෙස හොරැහින් බලමින් ඔහු මිමිණුවේ හිසත් කසමිනි.

"ඔයාහ් ඇයි බොරු කියන්නේහ්... මගේනේ වැරැද්ද..." අරවින්දගේ තුරුළට වී හඩමින්ම ඈ කියෙව්වේ ජනිත් මෙන්ම අරවින්දත් ඈ දෙස පුදුමයෙන් බලද්දී.

"බොරු නෙවෙයි.. මම තමයි වැරදි අයියේ..." ජනිත් නැවත වතාවක් පැවසුවේ සේපාලිකාව ප්‍රතික්ෂේප කරමිනි.

"ඔයා වැරදි නෑ.. මමයි වැරදි..."

"නෑ මමයි වැරදි!" ජනිත්ගේ හඩ උස් වූයේ ඇයව ඇවිස්සීමටයි. හඩමින් සිටිනවාට වඩා සේපාලිකා කොච්චි කරලක් මෙන් ඇවිලෙනවා බැලීමට ඔහු රුචි වූවා.

"මොනාද මෝඩයෝ කියවන්නේ... මම කිව්වනේ දැන්. මමයි වැරදි!" අරවින්දගෙන් මිදුනු සේපාලිකා ජනිත්ගේ පපුවට ගසමින් කෑ ගසන්නට වූයේ අරවින්ද නම් ඔවුන් දෙදෙනා දෙසම කෝපයෙන් බලා සිටිද්දීයි.

"මුන්ට පිස්සු. මෙතෙන්ට ආව මගෙයි වැරැද්ද!"

අරවින්ද යන්නට ගියේ තම පරිප්පු හොද්ද ජනිත්ගේත්, සේපාලිකාගේත් කෝළම්වලට වඩා වැදගත් නිසාය.

එක්වරම සේපාලිකා ජනිත්ගේ පපුවට හිස තියාන හඩන්න ගත්තේ අරවින්ද පිටව යෑමත් සමඟය.

"මොකද ලොකූ මේ අඬන්නේ? මට මතක විදිහට නම් පුංචි පුංචි දේවල්වලට අඩන කෙල්ලෙක් නෙවේ ලොකූ කියන්නේ.." ජනිත් පැවසුවේ ඇයව වටහාගත නොහැකිව, නමුත් ඒ හිස පිරිමදිමිනි.

"එහෙනම් ඇයි ඔයා...හ් මට අයින්වෙන්න කිව්වේ...හ්" ඈ හඩමින්ම විමසුවේ තමන් මොහොතකට පෙර පැවසූ දේ බව වටහාගත්තත් එය ඇයට මෙතරම් හැඬීමට තරම් කරුණක් බව නම් ජනිත්ට නොවැටහුණි.

"ඉතිං ලමයෝ... අපි එහෙම ලංවෙලා ඉන්න එක හොඳ නෑ කියලා මට හිතුනු නිසයි එහෙම කිව්වේ.. අයියා එහෙම ආවා නම් වැරදියට හිතන්න පුළුවන්නේ.. එහෙම ඕනේ නෑනේ ඉතිං.." ඒ වදන්වලින් ඉතිං රිදුනේ ඇයගේ සිතයි.

ඈ හෙමින් සීරුවේ ජනිත්ගෙන් ඈත්වූයේ එනිසයි..

"හ්ම්ම්..." එපමණක් පැවසූ මූණත් බිමට හරවගෙන නහය උඩට ඇද්දේ ජනිත් නම් ඈ දෙසම බලා සිනාසෙද්දීයි.

"මොකද මේ... ඒ පාර?" ඔහු එලෙස විමසුවත් ඇය කිසිවක් නොපවසා හිස සැලුවේ සිත පතුළේ නම් වෙනම කතාවක් ලියවෙද්දීයි.

"ඔයා එදා මට ආදරෙයි කිව්වට දැන් එහෙම එකක් නැද්ද මංදා අයියේ.. ඔයා නිරාශා අක්කා එක්ක ඉන්නෙත් මං එක්ක ඉන්න විදිහටමනේ.. ඉතිං.. කෝ මට කියලා විශේෂයක්? අනික.. හැමවෙලේම මාව ඈත් කලාට නිරාශා අක්කාව එහෙම ඈත් කරන්නෙත් නෑනේ..

නිරාශා අක්කේ, ඔයා මුලින්ම මගේ අයියාව මගෙන් උදුරගත්තා, දැන් මගේ ජනිත් අයියාව..."

ඉතිං ඇයගේ සිතෙහි නොදැනුවත්වම නැවත වතාවක් නිරාශා කෙරෙහි ඇති වූයේ කෝපයකි.

🖤⚡🌙⚡♥️
කතාවට මේ කෝළම් කොටස් සම්බන්ධ වෙන්නේ මොන ලෝකෙන්ද කියලා කල්පනා කරන සැම වෙත,

මේ ඔක්කොම සම්බන්ධයි ලමයෝ.... ඒකනේ පණ දාගෙන ලියන්නේ මම 😌

Continue Reading

You'll Also Like

11.7M 302K 23
Alexander Vintalli is one of the most ruthless mafias of America. His name is feared all over America. The way people fear him and the way he has his...
7.3M 305K 38
~ AVAILABLE ON AMAZON: https://www.amazon.com/dp/164434193X ~ She hated riding the subway. It was cramped, smelled, and the seats were extremely unc...
11.5M 278K 29
#1 & 3 in the "There's A..." series. #2 is on my profile. [Editing] He's popular, I'm a nobody. He's a senior, I'm a freshman. He goes to wild part...
1.8M 114K 166
Choose me or Lose me ? I don't want to be your second CHOICE ! Start Date : 4th Feb 2022 End Date : 4th Nov 2022