සඳට පෙම් බඳින්නම්... 🖤🌙
107
⚡🖤⚡♥️⚡🖤⚡♥️⚡🖤⚡♥️⚡🖤⚡
"ඉතිං හෂ්.., ඔයා වැඩියෙන්ම ආදරේ කාටද?
නුරායා ට ද?
මට ද?"
තරප්පු පෙළ නගිමින්ම සුලෝචනා විමසුවේ රදීෂ් ගෙ නි.
"ඔයාටනේ සුලෝ... වෙන කාටද? ඔයා නිසානේ මම එයාටත් ළං වුණේ.. සුලෝ කියන නම නිසා මට ඔයාව මතක්වුණ නිසානේ" ඔහු සිනාසී පිළිතුරු ලබා දුන්නෙන් සුලෝචනා ද හිනැහෙන්නට විය.
"එහෙනම් ඇයි ඔයා මාව මරලා දැම්මේ රදීෂ්? ඇයි?! එයාව මරන්න!! එයාව මරලා දාන්න!!!! නුරායාව මරන්න!!!!!!!!" එක්වරම රදීෂ්ගේ දෙනෙත් වෙනස් වී ඒ මතට ආරූඪ වූයේ මහා බයානක මාරක ස්වරූපයකි. ඔහු වියරු සිනාවකින් සිනාසෙද්දී සුලෝචනා ද ඔහුගේ සිනාවම බෙදාගත්තා. එක්වරම තරප්පු පෙළ නගිමින් සිටී ඔවුන් දෙදෙනා නැවතී තමන් දෙස බලද්දී නුරායාගේ හදවත නවතින්නට විය.
"අනේ... අනේ.. මාව මරන්න එපා...හ්.. ප්ලීස්.. මාව මරන්න එපා... අනේ.........." ඔහු එක්වරම ඇයගේ ගෙල මිරිකද්දී ඈ මරහඩ දෙන්නට ගත්තේ හඬමිනි.
"අනේ..........හ් මාව මරන්න එපාආආආහ්...... ප්ලීස්.... අනේ දී.....ෂ්...." රදීෂ් ද නින්දෙන් ඇහැරුණේ නුරායාගේ කෑ ගෑමටයි.
"නූ.... නූ... මොකද මේ?" ඔහු ඇයව ඇහැරවන්නට උත්සාහ දැරුවත් නුරායා නින්දෙන්ම හඩමින් සිටියා. "අනේ... මා....ව මරන්න එපා..... මට... ජීවත්වෙන්න ඕනේ.... අපි.. මැරි කරන්නනේ ඉන්නේ... අනේ.... එපා...... ප්ලීස්...." රදීෂ් නුරායාව ඇහැරවන්නට උත්සාහ කලත් ඇය නම් හිටියේ සිහියෙන් නොවේ.
"නූ... නූ... නැගිටින්න... කෝ.. නැගිටින්න...." මෙවර ඔහු ඇයගේ කොපුල්වලට තරමක් තදින් තට්ටු දමමින් කතා කලෙන් නුරායා හඬමින්ම දෙනෙත් විවර කලා.
"අනේ මාව මරන්න එපා..... ප්ලීස්...." එක්වරම රදීෂ්ගේ පපුවෙම හිස ගසාගෙන නුරායා හඩා වැටුනේ ඉකි ගසමිනි.
"නූ... මොකද මේ?" රදීෂ් විමසුවේ ඇය වටා දෑත් යවමිනි.
"අනේ.... මා..ව.. මරන්න එපා..හ්.. මට ඔයා.. ළඟින් ම ඉන්න ඕනේ... මං... මං.. ඔයා..ට ආදරේ...යි.." ඉකි ගසමින්ම ඈ මුමුණද්දී රදීෂ් හිමින් සීරුවේ ඒ ඇවිස්සී ඇති කපුටු කූඩයක් මෙන් හිසකෙස් පිරිමැද සකසන්න වූවා.
"හරි මැණික... ඉට්ස් ඕකේ... ඉට්ස් ඕකේ... ඒක හීනයක් විතරයි... ඒකට කමක් නෑ... ඒක හීනයක්ම විතරයි.. ඔයා මගේ ළඟම තමයි... කාටවත් බැහැ අපිව වෙන් කරන්න... හරිද? කෝ අඩන්නේ නැතුව ඉන්නකෝ... ප්ලීස් ඩෝන්ට් ක්‍රයි නූ... ඇති දැන්... මං ඔයා ළඟමයි මැණික..."
ඉතිං ඈ හඬමින්ම ඔහුව තදින්ම වැළඳගත්තා.
。☆✼★━━━━━✧・🖤🌙♥・✧━━━━━★✼☆。
"දැන් කොහොමද නූ ඔයාට?" රදීෂ් විමසුවේ තවමත් මැළවී සිටින ඇයගෙනි.
"අවුලක් නැහැ" ඈ එලෙස පැවසුවත් තවමත් ඒ වත මැළවී තිබුණා.
"වැඩට යන්න පුළුවන් කියලා ෂුවර් ද?" ඔහු විමසුවෙන් ඈ හිස සැලුවා.
"මොකක්ද නූර් ඔයා හීනෙන් දැක්කේ? ඔච්චරටම අවුල් යන්න තරම්?" රදීෂ් විමසුවේ කිසිවක් සිතාගත නොහැකිවයි. පෙරදින රාත්‍රියේ ඇය බිය වී හැඩූ ආකාරය ඔහුට නැවත නැවත සිහිවේ. නමුත් කිසිවක් නොපැවසූ නුරායා අසුනින් නැගී සිටියේ කාර්යාලයට යාමට සූදානම් වීමටයි.
"අද එළියෙන් කෑම ගමු.. ඔයා මහන්සි වෙන්න ඕනේ නැහැ..." රදීෂ් හඩනගා පැවසුවත් එය ඇසුණු බවක් හෝ නොහඟවා ඇය නාන කාමරයට වැදුනා.
。☆✼★━━━━━✧・🖤🌙♥・✧━━━━━★✼☆。
"රදීෂ්..., සාගර සර් කිව්වා ජෙනීලාගේ project එක අද හවසට finalise කරන්න කියලා. හෙට උදේ වෙද්දී ඒ project report එක ලැබෙන්න ඕනේ කිව්වා. තව HR එකෙන් ඔයාට employees ලගේ report එකක් දෙයි කිව්වා... ඒක බලලා ඔයාගේ decisions මොනාද කියලා වෙනම report එකක් හැදෙන්න ඕනේ කිව්වා. අනික salary improvements ගැන meeting එකට ඔයාවත් add කරලා තියෙන්නේ.. එතකොට.. ආයේ අද හතරට තියෙනවා account team එකේ meeting එකක්. ඔයාත් must කියලා කිව්වා සර්.. තව.." නුරායා තම සටහන් පොත දෙස බලාගෙන කියවාගෙන යද්දී රදීෂ් තම අසුනේ සිටම අත් දෙකත් පපුවට කර බැදගෙන ඈ දෙස බලා සිටියේ අවධානයෙනි.
"නූ ඇති... මොකද වෙලා තියෙන්නේ මැෂින් එකක් වගේ ඔහේ කියවගෙන යන්නේ... can't you see me?" අවසානයේ ඔහු හඩ නැගුවේ තවත් ඉවසා සිටිය නොහැකිවයි. "මේ...ඒ.. නෑ රදීෂ්.. මේකයි.. මේ.. හදිසි නිසා... අනික.. මම ඔයාට හැමදේම මේල් එකක් දාලා තියෙන්නේ... මං.. මං යන්නම්.. එහෙනම්.." නුරායා ඉක්මනින්ම රදීෂ්ගේ කුටියෙන් පිටත්ව යාමට සැරසුණත්, ඇයට වඩා ඉක්මන් වූ ඔහු අසුනින් නැගිට නුරායාගේ අතකින් අල්ලාගත්තා.
"මොකද ඔයාට වෙලා තියෙන්නේ? හ්ම්?" රදීෂ් ඇයව තව තවත් තමා දෙසට ඇද ගනිමිනුයි විමසුවේ.
නමුත් නුරායා හට නම් ඔහුව දකිද්දීත් සිහි වූයේ පෙරදින තමන් දුටු සිහිනයයි. සිතට දැනුනේ නොරිස්සුමකටත් වඩා වේදනාවකි. සැමදා ඇයගේ සිත තැළුව යමක් තිබේ නම්, ඒ ඔහු තමාට සමීපවූයේ තමන්ගේ නාමයත් ඔහුගේ පලමු පෙම්වතිය වූ සුලෝචනාගේ නමට සමාන නිසා බවය. නොඑසේනම් ඔහු කෙදිනකවත් තමාට ළං නොවෙනු ඇත.
එමෙන්ම නදීෂ්...
ඔහු පිළිබඳව මතකයත් නුරායාගේ සිතට ගෙනාවේ තවත් පීඩනයකි.
"මං.... ය..න්න...ම්...කො.." සිහින් හඩින් මිමිණූ නුරායා රදීෂ්ගේ අතින් ගැලවෙන්නට හැදුවත් ඔහුගෙන් නම් ඉඩක් නොවීය.
"කොහේ යන්නද? චුට්ටක් ඉන්නකො.. මොකද වෙලා තියෙන්නේ ආ..හ්.. තාම හීනේ ගැනද හිත හිත ඉන්නේ නූර්?" ඔහු විමසුවේ නුරායාගේ නිකටින් අල්ලා තමා වෙතට හරවා ගනිමිනි.
ඈ කිසිවක් නොපවසාම දෑතට හිස වැනූ අතර ඔහු හෙමින් සීරුවේ ළං වූයේ ඒ රෝස සායම් ලූ දෙතොල් පෙති මතටයි. රදීෂ් සැරසෙන්නේ කුමකටදැයි වැටහුණත් නුරායා ඔහුගෙන් ඉවත්වූයේ සැනිනි. හාදුවකට ඉඩක් දෙන්නට තරම් මානසිකත්වයක් ඇයට නොවීය.
"මට යන්න ඕනේ දීෂ්.. වැඩ වැඩියි.. බායි.." නුරායා රදීෂ්ගේ කුටියෙන් පිටතට ගියේ විදුලි වේගයෙනි. ඈ ගිය දෙස රදීෂ් බලා සිටියේ කිසිත් සිතාගත නොහැකිවයි.
වේගයෙන් තම අසුන වෙතට ගිය නුරායා, තම වේගයෙන් ගැහෙන පපුව මත අතක් තැබුවේ හැඬෙන්නට ඔන්න මෙන්නව තම දෙනෙත් සැලෙද්දීයි.
ඒ සමඟින්ම ඇයගේ ජංගම දුරකතනය හඩ නැගුවේ ඊට කෙටි පණිවිඩයක් ලැබුණු බව හගවමිනි.
"Nuuu.., Dn Berila giyata ada dawasa athulatha me kiss eka mma kohomahri gnnawa hode. Wait & watch! Oyaata ehema lesiyen maawa magaarinna bha mage kelle... ewa hande Noor..."
නුරායාට ඉබේටම සිනා ගියේ ඒ කෝළම් පණිවිඩයටයි. නමුත් ඒ සැනින්ම ඇයගේ වත අඳුරුව ගියේ තම දෙනෙත් අභියස ඇඳී ගිය සුලෝචනාගේත්, නදීෂ්ගෙත් රූ නිසයි.
。☆✼★━━━━━✧・🖤🌙♥・✧━━━━━★✼☆。
"හායි... බරටම වැඩ වගේ..."
නුරායාගේ නිතඹට එල්ලවුණ පහරත් සමඟම ඈ රවා බැලුවේ ඔහු දෙසයි. ඔහු දසන් විහිදවා සිනාසෙමින් ඇයට ඇසක් ඉඟිමැරුවා. නුරායා සිටියේ රැස්වීම වෙනුවෙන් රැස්වීම් කාමරය සූදානම් කරමිනි.
"චුට්ටක් ළඟට එනවකෝ නූ.. ආඩම්බර වෙන්නැතුව..." රදීෂ් ඇයගේ අතකින් ඇද, ඇයව තමා වෙතට ගෙන පසුපසින් වැළඳගත්තේ ඇයගේ උර මතින් හිස තබමිනි. ඔහු මෙලෙස අමතන්නේ හුරතල් වීමට අවැසි වූ විට කියලා නුරායා අත්දැකීමෙන්ම දනී.
"අහකට යන්න දීෂ්..., මට වැඩ තියෙනවා. ටෙන් මිනිට්ස්වලින් මීටින් එක පටන්ගන්නවා..." නුරායා තම බඳ වටා එතී ඇති රදීෂ්ගේ දෑත් ඉවත් කිරීමට උත්සාහ කළත් ඔහු හිස දෑතට වැනුවේ ඇයගේ ගෙලෙහි ද සීත දෙතොල් වද්දමිනි.
"බෑ.. බෑ... තව ටෙන් මිනිට්ස් තියෙනවනේ... මට ෆයිව් මිනිට්ස් දෙන්න... ඊටපස්සේ මාත් ඔයාට හෙල්ප් වෙන්නම් රූම් එක රෙඩි කරන්න.. හා ද?" රදීෂ් ඇයගේ කමිසයේ කොලරයෙන් නිරාවරණය වූ ගෙල සිඹිමින් මිමිණුවා.
"ප්ලී..ස්... එපා..." ඈ මිමිණුවේ හඬන්නට ආසන්න හඩකිනි.
ඒ සැනින් රදීෂ් ඇයගෙන් ඉවත්ව ඇයව තමා වෙතට හරවාගෙන ඒ දෙනෙත්වලට එබුනේ තරමක කේන්තියකිනි.
"මොකක්ද වෙලා තියෙන්නේ ආහ්? හැමවෙලේම මාව ඈත් කරන්නේ! ඔයාට දැන් ඕනේ වෙලා තියෙන්නේ මගෙන් ඈත් වෙන්නද ආහ්?" ඔහු කේන්තිය උපරිමයෙන් පාලනය කරගෙන විමසුවේ ඇය තම යටිතොල සපාගෙන ඉකිය පාලනය කරගනිද්දී..
"Oo.. shi..t! I'm fed up with all of these. Just leave me alone! When you want to talk, let's have a good talk! I'm waiting, Nuuu..." (මට මේ ඔක්කොම එපා වෙලා තියෙන්නේ. මට තනියම ඉන්න දෙන්න. ඔයාට කතා කරන්න ඕනේ කියලා හිතෙන වෙලාවට, අපි කතා කරමු. මම බලාගෙන ඉන්නවා නූ)
රදීෂ්ගේ කෝපය මුසු වදන් හමුවේ නුරායා ටයිල් පොළොවට තම දෙනෙත් යොමු කළේ තවත් ඒ කෝපාන්විත දෙනෙත් බැලිය නොහැකි නිසාය.
"I'll not be able to be in the meeting. Just inform Mr. Sagara!" (මට මීටින් එකට ඉන්න බැරිවෙයි. මිස්ටර් සාගරට දන්වන්න) මහා හඩින් රැස්වීම් ශාලාවේ දොරටුව වැසී යන හඩ ඇසුණෙන් නුරායා හුස්මක් පිට කළේ මෙතෙක් වේලා සිරවී තිබුණු කඳුළක් දෙනෙත් අඟින් මිදී කොපුල හැඩි කරමින් කඩා වැටෙද්දීයි.
ඔහුට ළංවීම මෙතරම්ම අසීරු ලෙසින් දැනෙන්නේ ඇයි?
ඒ නදීෂ් නිසා ද?
සුලෝචනා නිසා ද?
නොඑසේනම් තම හිතේම පවතින යම් පැටලුමක් නිසා ද?
🖤⚡🌙⚡♥️