| අපේ යාලු පුංචි භූතයා | Ongo...

By t_Sukii_7

19.5K 2.1K 3.3K

| දෛවයට හැකිනම් වෙන් කරන්න. අපිට ඇයි බැරි ආයෙ ආයෙත් හමුවෙන්න | ❝ දන්නවද නුඹ, මා මතක් කරලම හුස්ම ගත් පළවෙනි ද... More

පිවිසුම 💭
පළමුවන සිහිනය 💭
දෙවන සිහිනය 💭
තෙවන සිහිනය 💭
හතරවන සිහිනය 💭
පස්වන සිහිනය 💭
හයවන සිහිනය 💭
සත්වන සිහිනය 💭
අටවන සිහිනය 💭
නවවන සිහිනය 💭
දහවන සිහිනය 💭
එකොළොස්වන සිහිනය 💭
දොළොස්වන සිහිනය 💭
දහතුන්වන සිහිනය 💭
දාහතරවන සිහිනය 💭
පහළොස්වන සිහිනය 💭 bonus
දහසයවන සිහිනය 💭
දාහත්වන සිහිනය 💭
දහඅට වන සිහිනය 💭
දහනව වන සිහිනය 💭
විසි වෙනි සිහිනය 💭
විසි එක් වන සිහිනය 💭
විසි දෙවන සිහිනය 💭
විසි තුන්වන සිහිනය 💭
විසි හතරවන සිහිනය 💭
විසි පස්වන සිහිනය 💭
විසි හය වන සිහිනය 💭
විසි හත්වන සිහිනය 💭
විසි නව වන සිහිනය 💭
තිස්වෙනි සිහිනය 💭
තිස් එක්වෙනි සිහිනය 💭
තිස් දෙවෙනි සිහිනය 💭
තිස් තුන්වෙනි සිහිනය 💭
තිස් හතරවැනි සිහිනය 💭
තිස් පස්වැනි සිහිනය 💭
තිස් හයවැනි සිහිනය 💭
තිස් හත් වන සිහිනය 💭
තිස් අටවන සිහිනය 💭
තිස් නව වන සිහිනය 💭
හතළිස් වන සිහිනය 💭
හතලිස් එක් වන සිහිනය 💭
හතලිස් දෙවන සිහිනය 💭
හතලිස් තුන්වන සිහිනය 💭
හතලිස් හතරවන සිහිනය 💭
හතලිස් පස්වන සිහිනය 💭

විසි අට වන සිහිනය 💭

269 42 40
By t_Sukii_7

කලින් චැපියේ නොටිෆිකේෂන් ඇවිල්ලා නෑ ගොඩක් අයට...ඒකත් කියවලා එන්න ළමයී....

───────────────────────────────

"තීනු පුතා..!!"

"ඔව් ටීචර්...."

"පුතාට පුළුවන් නේද සිහිනට ක්ලාස් එක පෙන්නන්න. අද ඉදන් ඔයා එයාට මෙහේ වැඩ පිළිවෙල කියලා දෙන්නකො."

"ඔක්කොම වැඩ ටික හරි. සිහින දැන් මේ ඉස්කෝලෙ ශිෂ්‍යයෙක්...තීනු පුතා සිහිනට පන්තිය පෙන්නාවි දැන් අම්මට පුළුවනි ගෙදර යන්න."

තීනුට සිහිනව භාර දුන්න පන්තිභාර ගුරුතුමීම අනික් පැත්තට සිහිනගෙ අම්මට එහෙම කියද්දි මල්ලිකා ගෞරවය පිරුණු බැල්මෙන් යටහත් පහත් විදියට ගුරුතුමිය සමග හිනා උනා...

ඇය නිහතමානී සතුටක් වින්දා...

තම සැමියත් නොමැතිව තමන්ගෙ හැම දේම කැප කරලා තම එකම දරුවගෙ හීන දිය වෙන්න නොදී ඒ අනාගතය ගොඩගන්න ඇය දරාපු වෙහෙසට හරියන්න අද සිහින ඒ ජීවිතයෙන් ගොඩ එන්න එක පියවරක් තව ඉස්සරහට තිබ්බා.....පියතිලක සොයාගෙන එන සොච්චමෙන් වගේම සිරියාවතී වලව්වෙන් ලබපු දෙයකින් ජීවිතය ගැටගහගත්ත ඒ ජීවිතේ සිරියාවතී නැති වීමත් එක්ක තව තවත් අමාරු වෙද්දි වලව්වේ කුමාරිහාමිටම කන්කෙදිරි ගාලා කොහොමහරි මුළුතැන්ගේ වැඩපළ කරලා මොනවහරි උපයගන්න මල්ලිකාට ඔවුන් ඉදිරියේ දෙකට නැවෙන්න සිද්ද උනා... එතැන් පටන් සිරියාවතී මෙන් මල්ලිකාට උනෙත් වලව්වෙ මුළුතැන්ගෙ හැම වැඩක්ම බලාකියාගන්න. වලව්වේ මුළුතැන්ගෙටම කොටු වෙලා වලව්වේ උන්ගෙ ඉදුල් හෝදන්නම ඇය මේ අවුරුදු ගාණ ගෙවලා දැම්මා...වයසට කලින් වැහැරිලා ගිය ගොරෝසු අත්ලෙන් සිහිනගෙ හිස පිරිමදිමින් මල්ලිකා දිගු සුසුමක් පහළට අතෑරියා...

ඒ තුන් දෙනාගෙන්ම සමුගෙන ඇය කොරිඩෝව දිගේ ඈතට යන හැටි මල්ලිකා මොහොතක් බලාගෙන හිටියා...

මේ අතරතුරේ මල්ලිකාගෙ සාරි පටේ එල්ලිලා හිටපු සිහින වටපිට ඔලුව හරව හරව බැලුවේ කාර්යාලය ලගින් එහෙ මෙහෙ යන ළමයි දිහා වෙද්දි ඔවුන් ලගින් ඇවිදගෙන ගිය තරුණ පිරිමි ළමයෙක් ලග සිහිනගෙ ඇස් නැවතුනා.. ඔහුගේ අත් දිග කමිසයේ පපුව මට්ටමේ සිට පහළට වෙනතෙක් එල්ලා තිබුණ බැජ් එක දිහා බලන් හිටපු සිහිනගෙ ඇස් පොල් ගෙඩි තරම් ලොකු උනා...ඔහුට තව බොහෝ අලුත් දේවල් මේ ඉස්කෝලේදි දකින්න ලැබේවි කියලා සිහින හිතුවා.

වලව්වට යන්නත් උවමනා නිසා ඉක්මනින්ම යන්න හිතුව මල්ලිකා තීනු දිහාවට හැරුණෙ ඔහුව දැන අදුන ගන්න හිතාගෙන....

"පුතාගෙ නම මොකක්ද දරුවෝ?"

මෙතෙක් වෙලා තුන්දෙනා අතර තිබුණ නිහඬතාවය බිදලා මල්ලිකා කතා කරන්න ගත්තා. මල්ලිකාගෙ ඇමතුමෙන් තීනු වගේම කාර්යාලය තුළට ගිය පිරිමි ළමයට දීලා තිබුණ සිහිනගෙ ආවධානයත් ගිලිහුණා.. තවමත් තුන්දෙනාම විදුහල්පති කාර්යාලය ගාව හිටගෙන වෙද්දි ළමයින් වගේම ගුරුවරුන්ද එහෙ මෙහෙ යන විනාඩි ගණනට ඔවුන් එකිනෙකා දැන හදුනාගත්තා...

"නැන්දෙ, මම තිනාල් කාව්‍ය බණ්ඩාර. හැමෝම මට කියන්නෙ තීනු කියලා. නැන්දත් එහෙම කියන්න..."

" හොඳයි දරුවෝ!"

තීනු දිහා බලලා මල්ලිකා හරිම ආදරණීයව හිනා උනා... ඇය තීනු සමග සුහදව කතා කරමින් උන්නත් ඒ අතරතුරේම සිහින නම් හිටියේ තීනු දිහා රවලා බලාගෙන...

සිහිනට තීනුව වගේම මේ පරිසරය තවමත් ආගන්තුකයන් විදියටයි පෙනුනේ....

ඒ අතරවාරයේ තීනු සහ මල්ලිකා අතර උන පුංචි සංවාදයෙන් මල්ලිකා වගේම තීනුත් ගොඩක් මිත්‍රශීලි උනා...

සිහින තුළ තිබුණෙ නොරිස්සුම් පෙනුමක් බව තීනුට වැටහුණත් ඔහු මල්ලිකා ඉදිරියේ සිහිනගෙ හැසිරීම නොදුටුවා සේ උන්නා...යන්තම් නෙත් අගින් සිහින දිහාත් දෙතුන් වර බලමින් ඔහු මල්ලිකා සමග කතා කරා....එක් මොහොතක තීනු තමන් දිහා බලන බව දුටුව සිහින ඒ මූණෙ මවාගත්ත බොරු තරහවකින් ගස්සලා අහක බලාගත්තා.

ඒත් ඒ දෙන්නගෙ කතාවනම් සිහින හොදින්ම කන් දීලා අහගෙන හිටියේ තීනු ගැන විස්තර දැනගන්නත් ඒ යටි හිතේ තිබුණ උවමනාවට වෙන්නැති...

මල්ලිකා වගේම සිහිනත් දැන අදුන ගත් විදියට තීනු කියන්නෙ ඔවුන්ගෙ ගමට එහා ගමේ රජයේ කාර්යාල සේවකයෙක්ගෙ පුතෙක් වුණා.. ඔහුගෙ අම්මා ගුරුවරියක් උනා...නමුත් ඔවුන් බොහෝ කලකට පෙර නගරයේ පදිංචියට ආ බව තමයි තීනුගෙන් දැනගත්තේ.. නමුත් තවමත් බොහෝ අවස්තා වලදි ඔහු ආත්තම්මා බලන්න මහ ගෙදර යන බවත් ඔහු මල්ලිකා සමග කියා සිටියා...

"නැන්දා බය වෙන්නෙපා මන් සිහිනව බලාගන්නම්!"

කතාබහ අවසානෙ මල්ලිකා දිහාම බලාගෙන මූණෙ පිරුණු හිනාවකින් එහෙම කියපු තීනු මල්ලිකාගෙන් උත්තරයක් ලැබෙනකන් කුතුහලයෙන් හිටියා... තීනු දිහා බලලා ස්තූතිපූර්වක බැල්මක් හෙලුව මල්ලිකා සිහිනගෙ යන්තම් එහෙ මෙහෙ වෙලා තිබුණ කොලර් එක නැවත හරි ගස්සලා ළමයි දෙන්නවත් එක්කරගෙන මඳ දුරක් ඉදිරියට ඇවිදගෙන ආවා.

"ලොකු දෙයක් පුතේ....මයෙ පුතා මේ දරුවා එක්කම ඉන්න පුළුවන් නේද...මන් මාමාව එවන්නම් එක්කරගෙන යන්න"

"හරි අම්මේ"

සිහිනගෙ මූණ ආදරයෙන් අතගාන ගමන් මල්ලිකා පියතිලක සිහිනව ඉස්කෝලෙන් ගන්න එවන බව කියලා තමන් අතැති මුදල් පසුම්බියෙන් සුළු මුදලක් අතට ගෙන එය සිහිනගෙ අතේ ගුලි කර සිටියා...

"ඕක තියාගනින් පුතේ...ඕන උනොත් මොනාහරි ගන්න"

සිහින මොනවහරි කියන්න ගියත් ඔවුන් දෙදෙනාගෙම අවධානය තීනු දිහාවට යොමු වුණා..

"සිහිනට පුළුවන් ඕනිනම් මාත් එක්ක යන්න"

මල්ලිකා වගේම සිහිනත් තීනු දිහා මොහොතක් බලන් හිටියා...සිහින මල්ලිකා දිහා ඔලුව උස්සලා බලලා හිස වැනුවේ ඔහු එක්ක යන්න බෑ කියන්න වගේ...මල්ලිකාත් සිහින දිහා වගේම තීනු දිහාත් මාරුවෙන් මාරුවට බලමින් හිටියේ කරන දෙයක් ගැන අදහසක් නැතුව...

"මමත් අද ආත්තම්මාලහ යනවා. සිහිනට පුළුවන් නේ ගෙවල් ලගින් බහින්න."

"අනේ අම්මේ මාමාට එන්න කියන්නකො...මට බෑ මෙයත් එක්ක එන්න."

මල්ලිකාගෙ ඇගේ එල්ලිලා තීනුගෙ අදහසට අදිමදි කරපු සිහින දිහාත් බලමින් මල්ලිකා තීරණයක් ගත නොහැකිව ලත වෙවී හිටියා.. සිහින ලොකු ඉස්කෝලෙට ආව පළවෙනි දවස අද නිසා සිහිනව තනියම යවන්නත් මල්ලිකා අදිමදි කරා. ගමේම ජීවිතේට හුරු වෙලා හිටපු සිහිනට නගරෙ ළමයින් ඇත්තෙන්ම ගොඩක් ආගන්තුක උනා...ඒ බව මල්ලිකා හොදාකාරවම දැනන් උන්න නිසා මල්ලිකා සිහිනව තනියම යවන්නත් තරමක් බිය උනා...

"මන් කෝකටත් මාමව එවන්නම්...පුතාලා දෙන්නම එකට එන්න...පුරුදු වෙනකන් එහෙම හොඳයිනෙ"

අන්තිමේ මල්ලිකා තමන්ගෙ හිතට දැනුන හොඳම අදහස දෙන්නටම කියලා තීනුගෙත් හිත නොරිදෙන විදියට හැමදේම හරිගස්සලා සිහිනව තීනු එක්ක තනිකරලා ඔවුන්ගෙන් සමුගෙන නිවසට ගියේ ඇයට වලව්වේ වැඩවලට ප්‍රමාද උනොත් විසුමක් නොවන නිසා..

දෙන්නම හිටියේ පන්ති කාමරයට ඇවිදගෙන එන ගමන්....

කාර්යාලයෙන් පිටවෙලා ඔවුන් ආවේ දෙමහල් ගොඩනැගිල්ලක් වෙතට....බිම ඉදන්ම ඉහළට නැගුණ ගොඩනැගිල්ල දිහා ඇස් උස්සලා බැලුව සිහින තමන්ට වඩා වේගයෙන් ඉදිරියට ඇදෙන තීනු ගාවට හනික දිව ආවේ ඔහු මගහැරෙයි කියලා හිතලා...

"ඒක නෙමෙයි සිහින...!"

"ම්ම්ම්"

පඩිපෙළ නැගගෙන ඔවුන් දෙවන මහලට ආවා. තවමත් පාසල පටන් ගෙන නොතිබුණ නිසා කොරිඩෝ දිගේ ළමයි එහෙ මෙහෙ ඇවිදමින් උන්නා... තමන්ව පහු කරගෙන ඉදිරියට යන වගේම තමන්ට ඉදිරියට මුණ ගැහෙන ළමයින් දිහාත් යන්තම් ඇස් උස්සලා බලන ගමන් ළමයි අතරින් සිහින තීනු පස්සෙම ඇවිදගෙන ආවා...

"දැන් ටිකකට කලින් කිව්වා නේද මාව උස්සලා නුවර වැවට දානවා කියලා."

"ම්ම්ම්..."

තමන් දිහා අමුතුවට බලන ළමයි දිහාත් බලලා යන්තම් බිමට ඇස් අයාගත්ත සිහින තීනු පස්සෙන්ම ආවේ ටිකක් තැතිගැන්මෙන්....නුපුරුදු තැනක නුපුරුදු මිනිස්සු ගොඩක් අස්සෙ සිහිනට ඔහු අද තනිවෙලා වගේ දැනුනා...

"හැබැයි මන් දැන් ටිකකට කලින්නම් දැක්කෙ අම්මගෙ අස්සෙ හුරතල් වෙන පුංචි හා පැටියෙක්..."

ඒ වචනත් එක්ක සිහිනගෙ ඇස් ඉහළට එසවුනා...තමන්ගෙ පිටිපස්සෙන් ඇවිදගෙන එන සිහින දිහාවට හැරිලා තීනු එහෙම කියලා සිහිනට ඔහුගෙ ලස්සනම හිනාවක් පිරිනැමුවා... දවසක්දා ආක්ෂ තමන් හා පැටියෙක් වගේ බව කියාපු මොහොතක් සිහිනගෙ මතකයට නැගුණා.. ඒ බෝල ඇස් දිහා බලාගෙනම, තීනු කල්පනා කරා...

"ඔය ඇස් වලින් කවුරුවත් දිහා බලන්න එපා සිහින!!"

කටින් කියාගන්න බැරි උනත් ඔහුගෙ හිත එහෙම හිතුවා....

"එහෙම තමයි අයියා මට කියලා තියෙන්නෙ අදුරන්නෙ නැති අය එක්ක කතාවට යන්නෙපා කියලා..හුම්"

"ඉතින් අපි අදුනගමු."

තීනු හරිම උද්‍යෝගයෙන් එහෙම කිව්වත් සිහින එය ගනන් නොගත් තැන ඔහු නැවතත් ඉදිරිය බලාගෙන දිගටම ඇවිදගෙන ගියා...

"ඒක නෙමෙයි කවුද ඔය කියන අයියා...?"

"ඔයාට මොකටද ඒක..?"

තීනුට රවලා බලපු සිහින දිගටම ඔහු පස්සෙ ඇවිදගෙන ආවා..අවසානෙ ඔවුන් නතර උනේ ඔවුන්ගෙ පන්ති කාමරය ගාව...මෙතෙක් වෙලා දැකගන්න කුතුහලෙන් හිටපු සිහිනගෙ අලුත් පන්ති කාමරය ඉදිරියේ ඔහු හිටගෙන හිටියා...

පන්තියට ඇතුළ් වෙන තැනම බිත්තියේ හය ශ්‍රේණිය B ලෙස සදහන් උන නාමපුවරුව දිහා සිහින මදක් බලාගෙන හිටියා... සිහිනගෙ හිතට දැනුනේ නැවුම් හැගීමක්...

තමන්ගෙ ගමේ ඉස්කෝලෙට වඩා ගොඩක් ලොකු මේ ඉස්කෝලෙ අලුත් පන්තියත් සිහින හිතුවට වඩා ගොඩක් ලොකු එකක් උනා... පන්තියේ බිත්ති පුරා විවිධ පින්තූර පිළිවෙලට ගහලා තිබුණා.. සිහිනගෙ ඇස් ඉස්සෙල්ලම දිව්වේ පන්තිය ඇතුළෙ තිබුණ විසිතුරු දේවල් දිහාවට.....

අවසානෙයේ ඔහුගෙ ඇස් පන්ති කාමරේ ළමයි අතර නැවතුනා....ගමේ ස්කෝලෙට වඩා මෙහි පන්තිය කාමරයම ළමයින්ගෙන් පිරිලා තිබුණා...

පන්තිය ඉස්සරහම හිටගෙන ඉන්න තීනු වගේම සිහින දිහාත් පන්තියෙ ළමයි බලාගෙන හිටියා...ඔවුන් හැමෝගෙම වගේ අවධානෙ තිබුණෙ තමන් දිහාවට බව තේරුම් ගත්ත සිහින, තීනුගෙන් පස්සට වෙලා බිම බලාගත්තෙ දැනුන චකිතයට වගේම ලැජ්ජාවට....

"ළමයි මේ ඉන්නෙ අපේ අලුත් යාලුවා...සිහින"

පන්තිය ඇතුළට ඇවිදගෙන ආව තීනු පන්තිය ඉස්සරහම හිටගෙන පන්‍තියටම ඇහෙන්න එහෙම කියද්දි හැමෝම ළමයි අතරෙ පුංචි පුංචි කසුකුසු ඇහෙන්න ගත්තා...

"සිහින එන්න.."

සිහින දිහාවට අත දිගු කරලා අඩගහපු තීනු දිහා බලලා පන්තියේ ළමයි දිහාත් බලමින් ඉදිරියට ආපු සිහින තමන්ගෙ අලුත් පන්තිය ඇතුළට පළවෙනි අඩිය තිබ්බා...

තවමත් තැන තැන කල්ලි ගැහිලා කියවන ළමයින්ගෙ අවධානය තමන් දිහාවට ගන්න ගමන් තීනු ආයෙත් කතා කරන්න ගත්තා...

"ඔයාලා හැමෝම සිහිනට අපේ ඉස්කෝලෙ දේවල් කියලා දෙන්න ඕන හරිද...?"

"එන්නකො...ඔයා මන් ඉන්න තැනින් වාඩි වෙන්න"

කොහොමහරි තමන් ලග හිස්ව තිබුණ ඉදිරිපෙළම ඩෙස්ක් පේළියේ සිහිනව වාඩි කරගත්ත තීනු සිහිනට ඔහු අලුත් පන්තියට හුරුවෙන තෙක් ඔහු ලගින්ම ඉන්න හිතාගත්තා...

තීනුට දැඩි කැමැත්තක් තිබුණා සිහිනව තමන්ගෙ යාලුවෙක් කරගන්න. මොකද ඕනම කෙනෙක්ට යාලුවෙක් වෙන්න හිතෙන ගතිගුණ සිහින ලග අඩුවක් නැතුව තිබුණා...ඒ හැමදේටම වැඩියෙන් සිහින හුරතල් වීමත් එක හේතුවක් වෙන්න ඇති.. ඒ නිසාම සිහිනව මුණ ගැහුණ වෙලේ පටන්ම ඔහුව තමන්ගෙ යාලුවා කරගැනීම තීනුගෙ දැඩි අපේක්ෂාවක් උනා... නමුත් සිහිනටනම් එහි අනික් පැත්ත. ඒත් ඒක හැමදාටම එහෙම වේවිද.....

"සිහින ඔයා ගැන විස්තර කියන්නකො ඉතින්... ඔයාලගෙ අම්මා නම් හරිම හොඳ පාටයි. ඇයි අද තාත්තා ආවේ නැත්තෙ?"

ඉස් ඉස්සෙල්ලම ලොකු ස්කෝලෙකට එන පළවෙනි දවසෙ සිහිනගෙ තාත්තා ආවේ නැත්තෙ ඇයි කියලා තීනු හිතුවා...සිහිනගෙ තාත්තා නොමැති බව නොහිතුව තීනු ඔහු ගැන අහද්දි සිහින ඩෙස්ක් එක උඩ තියාගෙන ඉදපු දෑතේ ඇගිලි එකිනෙක මිරිකන්න ගත්තේ එකපාරම දැනුන දුකට...මොකද මෙච්චර කාලෙකට මල්ලිකාවත් සිහිනට ඔහුගෙ පියා මතක් වෙන විදියෙ කිසිම දෙයක් නොකරා... ඇය ඒ අඩුව දැනෙන්න නොදුන්නත් මේ වගේ මොහොතක ඔහුගෙ සිතට ගෙන ආවේ දුකක්....සිහිනගෙ ඇස් බිමටම හැරිලා තිබුණේ ඒ ඇස් වලට උනපු කදුලු හංගන්න වගේ...ඒ හැසිරීම දිහාම බලන් ඉදපු තීනුට සිහිනගෙ වෙනස තේරුණා...

"සිහින.මොකද උනේ...මම වැරදි දෙයක් ඇහුවද?"

තවමත් බිම බලාගෙනම ඉන්න සිහින දිහාවට හැරිලා ඒ උරහිසට අත තියලා කතා කරපු තීනු තරමක් කලබල උනේ සිහිනගෙන් ප්‍රතිචාරයක් නැති නිසා..

"මගෙ තාත්තා නෑ..."

"අනේ සමාවෙන්න සිහින...."

"ඒකට කමක් නෑ"

"එතකොට අම්මා මොකද කරන්නෙ?

"අම්මා වලව්වේ වැඩ කරනවා..."

එහෙම කියලා සිහින බිමට නැවුණ ඇස් උස්සලා තීනු දිහා බැලුවා...තීනු හිටියේ සිහින දිහාම බලාගෙන...ඔහු කිසිවක් නොකිව්වා...සිහින හිතුවේ තමන් වලව් වැඩකාරයෙක්ගෙ පුතෙක් නිසා තීනු ඔහුව ප්‍රතික්ෂේප කරයි කියලා....බිමට නැවුණ ඇස් වලින්ම මූණෙ ලා හිනාවක් ඇඳගත්ත සිහින ලොකු දෙයක් කියන්න වගේ තීනු දිහාවට හැරුණා...

"මන් වැඩකාරියක්ගෙ පුතෙක් නිසා ඔයා අකමැති ඇති. එහෙමනම් මන් එක්ක ඉන්නෙපා."

සිහින එහෙම කියලා ඉස්සරහ බලාගත්තා...

"ඉතින් අපෙ අම්මලත් වැඩ කරන්නෙ... අපි හැමෝම වැඩ කරනවා...ඕවා ගම් වල හදාගත්ත දේවල් සිහින.."

"හරි දැන් අපි ඒක අමතක කරමු...මන් ඔයාට විහිළු කතාවක් කියන්නද................"

වාඩි වෙලා හිටපු විදියෙන්ම සිහින දිහාවට හැරුණ තීනු දෑත් විසිරුවමින් ලොකූ විහිලු කතාවක් රගපාලා පෙන්නන්න ගත්තා...සිහිනගෙ ඇස් එක එල්ලේම තීනු දිහාවට හැරිලා තිබුණා...කදුලු වලට දිලිසෙමින් තිබුණ ඒ බෝල ඇස් වල තිබුණ මලානික පෙනුම නැති කරලා ඒ මූණට හිනාවක් ගේන්න අවසානෙදි තීනුට හැකි උනා...

සිහින හිනා උනා...ඒ ලස්සන හිනාව දිහා බලාගෙනම තීනුත් හිනා උනා...

මුලු පන්ති කාමරයේම ළමයින් එකිනෙකා තම තමන්ගෙ රාජකාරි වල යෙදිලා ඉද්දි පන්තිය පුරාම ඇහුණ කසුකුසු අතරින් ඔවුන්ගෙ හීන් හිනා හඩ පන්තිය පුරාම පැතිරිලා ඉන් එළියටත් විහිදිලා ගියා....

පාසලේ උදය කාල පරිච්ඡේද සියල්ලම ගුරුවරුන් දැන හදුනාගනිමින් ගෙවලා දැම්ම සිහින පාඩම් වැඩ ටිකත් හොදින්ම කරගත්තා... විවේක කාලය දැනුම්දෙන සීනුව නාද වෙනවත් එක්කම ළමයින් බහුතරයක් දෙනා පන්තියෙන් එළියට යද්දි සිහින තවමත් තමන්ගෙ අසුනෙම වාඩි වෙලා හිටියා..

පන්තියෙන් එළියට යන්න හිතාගෙන තමන්ගෙ පොත වහලා පැන්සල් පෙට්ටියත් එක්ක පුටුවේ එල්ලලා තිබුණ බෑග් එකට දාපු තීනු හදිසියේම සිහිනගෙ පැත්තට හැරුණේ දැනුන සුවඳ ඉහළට ඇදගන්න ගමන්...

"ම්ම්ම්..සුවඳයි...!!"

සිහිනගෙ අම්මා කෑමවෙලාවෙදි කන්න කියලා කෙසෙල් කොලේ ඔතලා දීපු බත් එක අරින ගමන් ඒ සුවද ඉහළට ඇද ගන්න ගමන් හිටපු සිහින ලගට පුටුව ඇදලා කිට්ටු කරගත්ත තීනු සිහිනගෙ අම්මගෙ කෑම එක ගැන පැහැදුනු ඇස් වලින් බලන් ඉන්න හැටි සිහිනත් බලාගෙන හිටියා..

"කමුද?"

"කමු."

නගරෙ ජීවත් වෙන තීනු වගේ ළමයෙක්ට ගමේ රහට හැදෙන කෑම වේලක් ලැබෙන්නෙ හදිසියෙන් වෙද්දි බොහෝ වෙලාවට ඉස්කෝලේ ආපන ශාලාවෙන් කෑම ගන්න තීනුට සිහිනගෙ කෑම එකේ වෙනස හොදින්ම දැනුනා...

සිහිනට තීනු ගැන කොතරම් අකමැත්තක් තිබුණත් තීනු සමග කෑම එක බෙදාගන්න ඔහු අදිමදි නොකරා.. අවසානෙ දෙදෙනාම බත් මුල අන්තිම බත් ඇටය දක්වාම කාලා අවසන් කරද්දි සිහින තුළ තීනු ගැන තිබුණ කුහුලත්, ක්‍රමයෙන් අවසන් වෙමින් යන බත් මුල මෙන් යම් තරමක් අඩු වෙලා ගියා....නමුත් වැඩි හරියක්ම සිහින තම මුනිවත රකිද්දි තීනු නම් සිහින සමග නොයෙක් දේ කතා කරා...සිහින ඒ හැම වචනෙකටම දුන්නෙ කෙටි පිළිතුරක් හෝ පුංචි හිනාවක් විතරක් උනත් තීනුටනම් කතා කරනෙක කිසිම වෙහෙසක් නොගෙනාවා...

සමහරවිට මේ පියවර ඔවුන් දෙදෙනා සමීප වෙන්න එක අදියරක් වෙන්නැති...

"ඒක නෙමෙයි...ඔයාට අයියා කෙනෙක් ඉන්නවනේ...?"

ඉස්කෝලෙ ඉවර වෙලා පෝළිමට ඉස්කොලේ ගේට් එකෙන් එළියට එන ළමයි අතරෙන් ඇවිදගෙන එමින් හිටපු තීනුට සමාන්තරවම සිහිනත් ඇවිදගෙන ආවා...ක්ලාස් එක ඇතුළෙ තීනු එක්ක බයක් නැතුව හිටියත් ලොකු ළමයින් දැක්කම නම් සිහින තවමත් තරමක බයෙන් තමයි හිටියේ...

"ඕඕ ඕඕ...ඔයා කොහොමද දන්නෙ?"

වටපිට බලමින් ආපු සිහින ඉස්කෝලෙන් එළියට ඇදෙන සුදු දිග කලිසම් ඇදපු උස මහත තරුණ කොල්ලොන්ව හොඳට නිරීක්ෂණය කරා.. ඔවුන් දැක්කම නම් සිහිනට දැනුනේ පුංචි බයක්...ඒත් ඒ කොල්ලො දිහාම බලාගෙන ආව සිහිනට ආක්ෂත් හිටියානම් දැන් ඔවුන්ගෙම වයස පෙනුම ඇති බව සිහිනට සිහිපත් උනා...සිහින ඔවුන් දිහා බලාගෙනම තනියම හිනා උනේ ආක්ෂ මතක් වෙලා...අභී අයියත් තමන් එක්කලා මේ ඉස්කෝලෙ හිටියානම් හොඳයි කියලා සිහිනට හිතුණා...

"ඇයි උදේ කිව්වේ...ඒ සිහිනගෙම අයියද...?"

"නැහැ නැහැ...ඒත්...මගේම අයියා වගේ"

සිහිනට ආක්ෂව මතක් වෙද්දි මුවගෙ නැගුණෙ හරිම ආදරණීය හිනාවක්...තීනු බලන් හිටියේ ඒ හිනාව දිහා...

"එයා ගොඩක් ලස්සන ඇති.?"

"ම්හුක්...මගෙ අයියා තමයි ලස්සනම..."

එහෙම කියලා සිහින ඉස්සරහට ඇවිදගෙන යද්දි තීනු තවමත් එතැනම නතර වෙලා මොහොතක් බලාගෙන හිටියා...ඔහුගෙ මූණෙ මලානික හිනාවක් ඇදිලා ඒ සැනින් මැකිලා ගියා...

තත්පර කිහිපයක් ගත වෙන්නැති. තමන් එක්ක මෙච්චර වෙලා ආපු තීනු නැති බව හැගෙද්දිම සිහින කලබලෙන් වටපිට බැලුවත් තීනු ඔහු සමීපයේ නැති වෙද්දි සිහින තරමක් කලබල උනා...සිහින තමන් සොයන්න පිටුපස හැරෙන බව වැටහෙද්දි කලබල වෙලා බිම ඇන තියාගත්ත තීනු තමන්ගේ සපත්තුවේ ලේස් එක ගැටගහන බව ඇගවලා මොහොතකින් නැවතත් හිටගත්තා....

"එන්නෙ නැද්ද...මාමා බලාගෙන ඇති."

තීනුගෙ වෙනස නොතේරුණ සිහින පියතිලක තමන් එන තෙක් බලාගෙන ඇතිය කියන සිතුවිල්ල නිසා, අත වනමින් තීනුට කැ ගහලා අඩගහනකොට තීනු නැවතත් දුවලා ඇවිත් සිහින සමග ගමනට එකතු උනා..

ඉස්කෝලෙ ගේට්ටුව ලගම හිටපු පියතිලව දැකපු හැටියේ අත දිගු කරලා තීනුට ඔහුව පෙන්වපු සිහින ඔහුවත් ඇදගෙන පියතිලක ගාවට ආවේ අද ඉස්කෝලෙ ගැන හැමදේම පියතිලකට කියන්න හිතාගෙන උනත් තමන් ආවේ තීනුගෙ අතින් ඇදගෙන බවත් සිහිනට අමතක උනා....නමුත් තීනු නම් තමන්ව ඇදගෙන දුවලා ආව සිහිනගෙ ඒ අත දිහාම බලාගෙන හිටියා...තීනු ගැස්සිලා ගියේ සිහින ඒ අත අත්හැරලා පියතිලකට ඔහුව අදුන්වලා දෙද්දි......

"මාමේ මේ ඉන්නෙ තීනු...?"

"කොහොමද මාමේ...?"

"හොදයි දරුවෝ...ඔය ළමයද සිහිනගෙ අලුත් යාලුවා...?"

"තවම අපි යාලුවො නෙමෙයි..."

පියතිලක එහෙම අහනවත් එක්කම තීනු මොනවහරි කියන්න ගියත් සිහින නොරිස්සුම් පෙනුමකින් ඔහු තවමත් සිහිනගෙ යාලුවෙක් නොවන බව කියද්දි තීනුගෙ මූණෙ පිරුණු හිනාව මැකිලා යන හැටි පියතිලක බලාගෙන හිටියා...

පියතිලක හිතුවා පුංචි උන්ගෙ හිත් එහෙම තමයි කියලා... සිහින ඔහුව තමන්ගෙ යාලුවෙක් නෙමෙයි කියද්දි සිහිනට එය නොතේරුණත් තීනුට යම් අපහසුවක් ඇති කළ බව වයසින් හුගක්ම මුහුකුරා ගිය ඔහුගෙ හිතට වැටහුණා...

තමන් යාලුවෙක් කරගන්න බලාගෙන ඉන්න සිහින තමන්ව යාලුවෙක් විදියට පිළිනොගනිද්දි තීනුගෙත් හිතේ පොඩි දුකක් ඇති නොවුණාම නෙමෙයි...තීනු කියන්නෙ හොඳට ඉගෙන ගන්න පන්තියේ දක්ෂම ළමයෙක් උනා...යහළුවො ගොඩක් හිටියත් තීනුට හොඳම යාලුවෙක් කියලා කෙනෙක් නැති වෙද්දි සිහින තමන්ගේ හොඳම යාලුවා කරගන්න ආසාවක් සිහිනව දැකපු මුල්ම මොහොතෙ ඉදන් තීනුගේ හිතේ වැඩ කරා....එය යාලුකමක් විතරක් ද කියලා දැනගෙන උන්නෙ තීනුගෙ හිතම තමයි...

"අර මොකද...??"

"අනේ ඉක්මනට ගෙදර යමුකෝ"

සිහින කතාව මගෑරලා යන්න ඉක්මන් කරේ අද පාසලේ හැමදේම මල්ලිකාට කියන්න තිබ්බ හදිසියත් එක්කයි... පියතිලකගෙ අතින් අදිමින් හදිස්සි කරපු සිහින නිසා පියතිලකගෙ කතාවත් එතනින් අහවර උනා...

සිහින සහ තීනු දෙන්නම එක්ක පියතිලක බස් නැවතුමට ආවේ ගෙදරට යන්න බසය අල්ලගන්න...

යන ගමන් තීනු නම් පියතිලක එක්ක නොයෙක් දේ කතා කරා... සිහින නම් බසයේ ජනෙල් අතරින් පේන ගස් කොළන් දිහා බලාගෙන ඒ සුළග විදගනිමින් ජනේලෙන් ඔලුව දාගෙන බහින තැන වෙනකන්ම කතා බහක් නැතුව ආවා...

තීනුගෙනුත් සමුගෙන ගෙදර ආපු සිහින හවස් වරුවේ මල්ලිකා ගෙට ගොඩ උන හැටියේ අකුරක් නෑර හැමදේම ඇය එක්ක කියලා තමයි මල්ලිකාට වැඩක් කරගන්න ඉඩ දුන්නේ...ඇගපත සෝදගන්න ටිකටත් සිහිනගෙ කතාව අහගෙන ඉන්න ඇයට සිද්ධ උනා...වතුර කරාමෙ ලග නාගන්න ගමන් හිටපු මල්ලිකාට ඇහෙන්න පිළිකන්නෙ දොර ලග වාඩි වෙලා සිහින රස කර කර ඉස්කෝලෙ හැම විස්තරයක්ම මල්ලිකා එක්ක කිව්වා....

.

.

නුවර අහස යට අලුත් දවසක්.....

සිහින හිටියේ පාසලේ වතුර කරාමෙ ලග...කෑම කාලා අත සෝදන්න පැමිණි සිහින එක්කම තීනුත් අත සෝදමින් උන්නා...අද මල්ලිකා තීනුටත් එක්කම හරියන්න බත් මුල බැදලා දුන්නෙ සිහින පෙරදින තීනු තමන් සමග කෑම ගත්ත බව කියාපු නිසා....දෙන්නෙකුට හරියන්න බැද තිබුණ බත් මුලෙන් බාගෙකටත් ටිකක් වැඩියෙන් තම බඩට දාගත්ත තීනු සිහිනව ඇදගෙන ආපන ශාලාවට ආවේ සිහිනට අයිස් පලම් අරන් දෙන්න හිතාගෙන....

ඉස්කෝලේ පුරාම සිහිනව එක්ක ගිහින් හැමදේ ගැනම තීනු හොඳ පැහැදිලි කිරීමක් කරා... ඉඩක් පවතින හැම වෙලාවකම ඔහු සිහිනට අලුත් දෙයක් කියා දෙන්න උත්සාහ කරා...ඒ අතින් තීනු ඇත්තටම සිහිනට හොඳ යාලුවෙක් උනා...තීනුව හොදින් අදුනගත්ත තැන සිහින තීනුට තරමක් ලං උනත් ඔහු තමන්ගේ යාලුවෙක් කියලා වචනයෙන් කිව්වෙ නැති වෙද්දි තීනු හිතුවේ සිහින තවමත් තමන්ට අකමැති කියලා...

"සිහින දැන් අපි යාලුවොද...?"

"මන් එහෙම කිව්වෙ නැහැනෙ.."

"ඔයා හරි ආඩම්බරයි සිහින.."

සිහිනගෙන් යාලුවෙක් වෙන්න අහපු හැම වතාවකම තීනුට ලැබුණෙ ඒ වගේ ප්‍රතිචාරයක්....

.

උදේ උනා රෑ උනා...දවස් කෙමින් කෙමින් ගෙවිලා ගියා...

අදත් ඉරිදා දවසක්.....

සිහින හිටියේ උදේ ඉදන්ම ලොකු රාජකාරියක.. පොත් මේසෙට වෙලා ආක්ෂ වෙනුවෙන් ලියුම් කඩදහියක් ලියමින් හිටිය සිහින ලියා අවසන් වූ ලියුමත් දෙකට තුනට පරිස්සමින් නවලා ඒකත් අරගෙන ගේ ඉස්සරහ මිදුලට දුවලා ආවේ පියතිලක හොයාගෙන...

"මාමේ...!!!!!"

පියතිලක ඉස්සරහ මිදුලෙ පේන්න නැතිකොට සිහින උස්හඩින් කෑ ගැහුවා...

"මොකද කෑගහන්නෙ ළමයෝ....මන් මේ වත්ත පහළ"

සිහිනගෙ කෑ ගැහීමට වත්ත පල්ලෙහා පුවක් ගස් වලින් වැටුණ පුවක් අහුලමින් උන්න පියතිලකත් උස් හඩින් එහෙම කියලා නැවතත් තමන් කරමින් හිටපු වැඩේම නියලුනා...

"මාමේ මේක තැපැල් කරලා දෙන්නකො"

පියතිලකගෙ කටහඬ ඇහුණ වත්ත පල්ලෙහාට දුවලා ආපු සිහින එහෙම කියමින් බැද්ද පුරා බිම අවුස්සමින් පුවක් ගස් පාමුල වැටිලා තියෙන පුවක් අහුලන පියතිලක ලගට කිට්ටු කරා...

"මම අද ටවුමට යන්නෙ නැහැ දරුවෝ..."

බිමට නැමිලා පදුරු අත පත ගාමින් හිටපු පියතිලක කෙලින් හිටගෙන දිගෑදුණේ බොහෝ වෙලා දෙකට තුනට නැමිලා තුනටිය ඇදුම් දෙන්න ගත්ත නිසා...

"අනේ මාමේ..."

"ඉතින් ලබන සතියෙ ටවුමට ගියාම මන් ඕක තැපෑලට දාන්නම්...අනික ඕකෙ මුද්දර ගාස්තු ගෙවන්න මන් ලග දැන් කාසි නැහැ කොල්ලො.."

තරහෙන් මූණත් පුම්බගත්ත සිහින බර අඩි තියමින් ගේ ඇතුලට රිංගගත්තේ ඉක්මනින්ම ලියුම තැපැල් කරගන්න විදියක් හිත හිතා...එකවරම ඔහුගෙ හිතට කෙනෙක්ව මතක් උනා...ලියුම තැපැල් කරවාගන්න උදව් ලබා ගත හැකිය යන සිතුවිල්ලත් එක්ක ලියුම් කඩදහිය පොත ඇතුළෙ පරිස්සමින් රදවපු සිහින නැවතත් තමන්ගේ පොත් මේසෙන් වාඩි වෙලා පාඩම් වැඩ වලට අවධානෙ දුන්නෙ හිතට දැනුන නිදහසත් සමග....

රෑට කාලා බීලා ඔක්කොම කරලා ගේ ඉස්සරහ දොරකඩින් එළියට බැහැලා ආව සිහින මිදුල මැදම නතර උනා...හතර වටේම අන්ධකාරය ගිලගෙන තිබුණත් හඳ එළිය ඒ අදුර මඩිමින් පළාතම එළිය කරලා තිබුණා...

ඒ ඇස් යා වුණේ ඈත අහස එක්ක. ඒ එක් අතක ආක්ෂ දුන්න ලියුම් කඩදහිය රැදිලා තිබුණෙ ඔහු එය නැවත වරක් කියව කියව සිටි බව අගවලා.... සිහින තම ඇදුමට උඩින් ආක්ෂගෙ බොත්තම් දාන ලොකු කමිසය ඇගලාගෙන හිටියා...

දවස අහවර වෙන යාමේ මුළු පරිසරයම නිහඬතාවයේ ගිලිලා යද්දි ඈත අහසෙ පේන පිරීගෙන එන පුරහඳ වෙන්න අරික්කාලක් පමණ අඩු හඳ දිහාම බලාගෙන දිගු සුසුමක් වා තලයට මුසු කරපු සිහින ලියුමෙ කියලා තිබුණ පරිදිම ආක්ෂත් මේ මොහොතෙ, මේ විදියටම කොහේ හෝ තැනක මේ හඳ දිහාම බලන් ඉන්න බව සිහිපත් කරා...ඒ මූණෙ ආක්ෂ මතකයට නැගෙන හැම මොහොතකම ආදරණීයම හිනාවක් ඇදිලා තිබුණා... ඒ හිනාව ඇතුළෙ ගැබ් වෙලා තිබුණේ සහෝදරයෙක් වෙනුවෙන් නැගුණ අප්‍රමාණ ආදරයක්....

දෙතැනකට වෙලා තමන් දිහා බලාගෙන කල්පනා කරන කොල්ලො දෙන්නෙක්ට එළිය පතුරවමින් වළාකුළු වලින් වහන් නොවී හඳත් අද හරි ලස්සනට පායලා තිබුණා...

කොළඹ අහස යට....


මුළු කොළඹ නගරයෙම අන්ධකාරයෙන් ගිලී යන මොහොතක නගරයෙන් මදක් ඔබ්බට වෙන්න පිහිටි නිවසක මිදුලෙ ඉදගෙන තවත් අයෙක් මේ විදියටම ඈත අහසෙ පායපු තමන්ගෙ හඳ දිහා බලාගෙන කල්පනාවක ගිලිලා උන්නා....එක් අයෙක් ජීවිතේ සතුටුම දවසක් බෙදාහදා ගනිද්දි ඔහු තමන්ගෙ තවත් එක් දිගු පීඩාකාරි දවසක මතක බෙදාහදා ගනිමින් උන්නා......

හඳ දිහාම බලාගෙන හිටිය ඔහුගෙ ඇස් හඳ එළිය නිසා දිලිසෙමින් තිබුණා...ඒ ඇස් වල තිබුණෙ ඉතාම වෙහෙසකාරි බවක්...ඒ දුඹුරු පැහැ ඇස් ඇතුළෙ මඩ ගොහොරක සැගවිලා යන වියළුණු කොළයක් මෙන් වේදනාව සැගවිලා තිබුණා.. එක එල්ලෙම අහස දිහා බලාගෙන ඔහු යමෙක් ගැන කල්පනා කරමින් හිටියා...ඔහුගෙ ඇස් ඈත අහසට යොමු වෙලා තියෙද්දිම ඔහු මොහොතකට ඒ ඇස් පියාගත්තා...ඒ හිතට සැනසීමක් ගෙනෙන එකම රූපය ඔහු නැවත නැවතත් මතක් කරා...

"Life is not same for everyone සිහින. ඉන්න තැනක සතුටින් ඉන්න..එච්චරයි"

දෑස් පියාගෙනම ඒ සිතුවිල්ලේ ගිලිලා හිටපු ඔහුව ගැස්සිලා ගියේ පිටිපස්සෙන් ඇහුණ කටහඬට..

"ආක්ෂ උඹ මොකද කරන්නෙ....?"

මෙතෙක් වෙලා පුංචි කමිස කෑල්ලක් අතේ තියාගෙන ඇත හඳ දිහා බලාගෙන හිටපු ආක්ෂගෙ ඇස් වේගයෙන් ඒ කටහඬ දිහාවට යොමු උනේ මෙතෙක් වෙලා ඔහු හිටිය කල්පනා ලෝකය කඩා ඉහිරවලා...

"සදෙව්.....උඹ මොකද මෙතන..?"

එක එල්ලේම බොහෝ වෙලාවක් අහස දෙස බලාහිද දෑස් වලට උනපු කදුලු ඇස් පිය ගහලා ආපස්සට ඇදගත්ත ආක්ෂ සදෙව් දිහාවට හැරිලා ඔහු සමග යන්තම් හිනා වෙලා එහෙම ඇහුවා...

සමහරවිට ඒ ඇස් වලට කදුලු උනලා තිබුණෙ දිගු වෙලාවක් ඈතට ඇස් අයාගෙන හිටපු නිසා වෙන්න ඇති....?

"ප්‍රශ්නයක් ඇහුවම ප්‍රශ්නෙකින් උත්තර දෙන්න උඹ පුරුදු උනේ කවද්ද ආක්ෂ!!?"

හිතේ තිබුණ කලබලකාරී බවත් එක්ක ආක්ෂ සදෙව්ගෙ ප්‍රශ්නයට තවත් ප්‍රශ්නයකින්ම උත්තර දෙද්දි එහෙම කියපු සදෙව්, ආක්ෂ ලගටම ඇවිත් නතර උනා...කණ්නාඩි කුට්ටම ගලවලා කමිසය අතර රදවගත්ත ඔහු තම අත තිබුණ පොත වහලා ඈත අහසට නෙත් යොමා ගත්තෙ ආක්ෂ අහස පුරා මෙතෙක් වෙලා හෙව්වෙ මොනවද කියලා විපරම් කරන්න වගේ....

"හරි හරි සදෙව්...මන් මේ.. හඳ දිහා බලන් හිටියා"

"යමු කෑම කන්න. අම්මා කතා කරනවා."

"මන් එන්නම්. නැන්දට කියන්න"

ආක්ෂ මේ වසර පහටම ගොඩක් වෙනස් වෙලා තිබුණා.. පෙනුමෙන් වගේම මානසිකවත් ඔහු දරදඩු කෙනෙක් උනා.. ඔහුගෙ හැගීම් හරි ලේසියෙන් පිටතට නොපෙනුනා...ඒත් ඇත්තටම ඒ හිතේ හැගීම් නොතිබුණාද...නැහැ ඒ හිතේ ඕනෑවටත් වඩා හැගීම් පිරිලා තිබුණා...ඒත් මේ ගෙවපු ජීවිතේ ඇතුළෙ ඔහු හැගීම් හංගන්න දක්ෂයෙක් බවට පත් උනා...

ඔහුගෙ හොඳම යහලුවො දෙන්නා හැරුණම ආක්ෂගෙ හිතේ තියෙන දේවල් වෙන කිසිම කෙනෙක් දැනගෙන හිටියෙත් නැහැ....ඒත් ඒ හැමදේමත් නෙමෙයි....

මොකද මේ ලෝකෙ හැම මනුස්සයෙක් ලගම කාටවත් නොකියන ලොකු කතන්දරයක් තියෙනවා...ආක්ෂ තුළත් එහෙම කතාවක් තියෙන්න ඇති....

"උඹ ඔය හූල්ලන්නෙ සිහිනගෙන් ලියුම් කඩදහියක් නැති නිසා නේද...?"

සදෙව් ආක්ෂ දිහා බලාගෙන එහෙම අහද්දි ඈත අහසෙ අතරමං වෙලා හිටිය ආක්ෂගෙ මූණෙ මලානික සිනහවක් ඇදුණා...

"සිහිනට මාව අමතක වෙලා ඇති නේද....?!"

හඳ පලුව අතරිනුත් මැවිලා පෙනුන සිහිනගෙ ඡායාව දෙසම බලාගෙන ඔහු එහෙම ඇහුවා...

"උඹ එහෙම හිතනවද..?"

"නෑ සදෙව්. ඒත් අවුරුදු පහක් ගෙවිලා. හැමදේම වෙනස් වෙලා.."

"උඹ හිතනවා වැඩියි ආක්ෂ..."

"මට ආයෙම ඇහැළ හෙවණට දුවලා යන්න ඕන සදෙව්...සිහිනගෙ ඔඩොක්කුවේ නිදාගන්න ඕන... ඒ කනට කරලා පුංචි පුංචි රහස් මුමුණන්න ඕන...වලව්වේ නාන කාමරේකට කොටු වෙලා ඇගට දා ගන්න රස්නෙ වතුරට වඩා සීතල දොළේ වතුරෙන් මට නාන්න ඕන...මට ආයෙම ඒ අතීතයට යන්න ඕන සදෙව්...ඒ බෝල ඇස් වල අතරමං වෙන්න ඕන. ආයෙම ඒ නුවර අහස යටට මට යන්න ඕන.......මගෙ සුදු බෝලෙ ගාවට මට යන්න ඕන..... මට හරි මහන්සි සදෙව්.."

ආක්ෂ එක දිගට කියවගෙන ගියා...ඔහුගෙ අවසන් වචන ඇහෙන නෑහෙන ගානට හඬ අඩු වෙලා ගියා... ඉතාම හදිසියෙන් අහන්න ලැබෙන ආක්ෂගෙ හිතේ තියෙන දේවල් අහහෙන සදෙව්ගෙ පපුවත් බර වෙන්න ගත්තා...

ඒත් එක්කම බර හුස්මක් ගිලිහුනු ආක්ෂ ලගට කිට්ටු කරපු සදෙව් ඔහුගෙ උරහිස වටා දමා ගත් අතේ අත්ලෙන්ම ඒ පිරුණු අත්ගොබයට හෙමින් සැරේ තට්ටු කරේ ඔහුව සංසුන් කරන අපේක්ෂාවෙන්...

"අප්පච්චි මොකද කිව්වේ..?"

කෝසල ලොකු හාමු ගැන අහපු හැටියේ ආක්ෂ දිගු හුස්මක් ඉහළට ඇදගත්තෙ නිරායාසයෙන්ම වගේ..ඒ ඇස් අහසෙන් ඉවත් වෙලා බිමට හැරුණා..ඒ ඇස් වල ලොකු කලකිරීමක් පේන්න තිබුණා...

"මන් කොච්චර ඉල්ලුවත් අප්පච්චිට ඕන මන් දිගටම මෙහේම ඉගෙන ගන්න.."

"......."

"අප්පච්චි සිහිනවත් වලව්වේ වැඩකාරයෙක් කර නොගෙන ඉන්නෙ මන් මෙහේ ඉන්නකන්.. එයා මාව මෙහේ තියන්න සිහිනව ඇමක් කරගෙන තියෙන්නෙ සදෙව්."

"අවුරුදු පහක් ගෙවිලත් උඹ මේ ඉවසන් ඉන්නෙ ඒ නිසා කියලා මන් දන්නවා..."

තවමත් මිදුලට වෙලා කතා බහේ යෙදිලා ඉදපු කොල්ලො දෙන්නා ගැස්සිලා ගියේ සාලේ දිහාවෙන් ඇහුණ කටහඬ නිසා...

"ළමයිනේ.......කන්න එන්න!!!!"

සජීවනීගෙ කටහඬට ආක්ෂ වගේම සදෙව්නුත් හැරුණෙ නිවස දිහාවට...

"දැන් යමන්"

"හ්ම්ම්"

ආක්ෂගෙ උරහිසෙන් අත දාලා ඔහුවත් ඇදගෙන ගෙට එන්න ආපු සදෙව්ගෙ උරහිසට එපිටින් ඔලුව හරවලා ආක්ෂ අයෙත් ඈත අහසෙ දිලිසි දිලිසි උන්න හඳ දිහා බැලුවා....

"උඹව ආයෙත් දැකපු දවසක මන් හඳ අල්ලගත්තා වගේ දැනේවි මට"



.

.

─────────────────────────

අදහසක් ප්ලීස්......... 👉👈

වෝට් කමෙන්ට් කරන හැමෝටම තෑන්ක් යූ හොඳද...❤🙈🤗 ආදරෙයි

ඊළග සිහිනයෙන් හමුවෙමු...එතකන් පරිස්සමින් ඉන්න ළමයී ❤

මම
සුකී...

Continue Reading

You'll Also Like

59.6K 1.3K 21
"𝑪𝒂𝒖𝒈𝒉𝒕 𝒎𝒚 𝒆𝒚𝒆, 𝑰 𝒂𝒊𝒏'𝒕 𝒆𝒗𝒆𝒏 𝒂𝒕 𝒕𝒉𝒆 𝒔𝒑𝒐𝒕 𝒄𝒖𝒛 𝑰 𝒃𝒆 𝒐𝒏𝒕𝒐 𝒚𝒐𝒖"
2.3K 398 7
ආදරණීය ආමන්ත්‍රණයකට පුලුවන් ඕනිම ගල් හදවතක් දිය කරලා දාන්න!!!!!!!!!
13.2K 198 23
You are Serial designation B made with spare parts that JCJenson had lying around in your production they forgot to add the overheating fan instead y...
6.1K 1.4K 17
ලදු කැලෑව මැදින් වැටුනු අඩි පාර කෙළවර වුනේ මදක් ඉඩ කඩ සහිත භූමි භාගයකින්. තවමත් වල් පැලෑටි නොවැවුනු පොළවයි කෙලවරකට වෙන්න එක මත එක ගොඩ ගසා තිබූ මානා ප...