බෝපතක පිනි කඳුලු ❦( MalexMal...

By BLinkergurl

24.9K 3.3K 760

සඳක් 𖥔 ࣪ ᥫ᭡ꗃ⋆࣪. බෝ පතක පිනි කඳුලු.. ❦ පොත් දෙකක් තියෙනවා මේකෙ.. තව ඒව පටන් ගන්නවනම් මේකෙ තමා දාන්නෙ.. More

- INTRODUCTION -
බෝ පතක පිනි කඳුලු - 01
බෝ පතක පිනි කඳුලු - 02
බෝ පතක පිනි කඳුලු - 03
බෝ පතක පිනි කඳුලු - 04
බෝ පතක පිනි කඳුලු - 05
බෝ පතක පිනි කඳුලු - 06
බෝ පතක පිනි කඳුලු - 07 -
බෝ පතක පිනි කඳුලු - 08 -
- බෝ පතක පිනි කඳුලු - 09 -
- බෝ පතක පිනි කඳුලු - 10 -
බෝ පතක පිනි කඳුලු - 11 -
- බෝ පතක පිනි කඳුලු ✨ - 12 - ( republish කරනව නෙවෙයි අලුත් චැපියක් 🤐🖤 )
බෝ පතක පිනි කඳුලු 💚✨ - 13 -
- බෝ පතක පිනි කඳුලු ❦ - 14 -
- ❦ බෝ පතක පිනි කඳුලු ❦ - 15 -
- බෝ පතක පිනි කඳුලු - 16 -
බෝ පතක පිනි කඳුලු 💚✨ - 17 -
- බෝ පතක පිනි කඳුලු 💚✨ - 18 -
- මචකද 👉👈💚✨ -
- INTRODUCTION -
සඳක්.. ☪︎ ִ ֶ֢࣪⋆ - 01
සඳක්.. ☪︎ ִ ֶ֢࣪⋆ - 02
සඳක්.. ☪︎ ִ ֶ֢࣪⋆ - 03
සඳක්.. ☪︎ ִ ֶ֢࣪⋆ - 05
සඳක්.. ☪︎ ִ ֶ֢࣪⋆ - 06 -
සඳක් ☪︎ ִ ֶ֢࣪⋆ - 07 -
ස‍ඳක් ☪︎ ִ ֶ֢࣪⋆ - 08 -
- සඳක්☪︎ ִ ֶ֢࣪⋆ - 09 -
සඳක් 🌙 - 10 -
සඳක් 🌙 - 11 -
සඳක් ☪︎ ִ ֶ֢࣪⋆ - 12 -
සඳක් 🌙 - 13 -
- සඳක් -
සඳක් ✨ - 14 -
- සඳක් ✨ - 15 -
සඳක් 🌙✨ - 16 -
සඳක් ✨ - 17 -
- IFLY - 01 -
- බෝ පතක පිනි කඳුලු 💚✨ - 19 -
- බෝ පතක පිනි කඳුලු 💚✨ - The Last Chapter -
- Author's note එකක් පමණයි 💔 Interested නැති අය බලන්නෙපා -

සඳක්.. ☪︎ ִ ֶ֢࣪⋆ - 04

644 94 51
By BLinkergurl


සඳක්.. ☪︎ ִ ֶ֢࣪⋆

" මොකද්ද බූරුවො දොර වහගෙන කරන්නෙ?! "

" මට නින්ද ගියා... හොරු පනියි කියලා අර අයියා දොර වහන්න ඇති "

" ඔලුවවත් පීරගන්න එපා උබ. කටකෙල පෙරාගෙන ඉදපං දවසම. "

" පීරුවා.. ඔයාට වැඩක් නෑනෙ ඒ පන්ඩිතකං. "

රුශාල් රැව්වේය. නමුත් දොර විවර කරගෙන කාමරයට ගියේය.. පපුවට අතක් තබාගෙන සෝෆාව මතට ඇදවැටුණු ඔහු දිගු සුසුමක් ගත්තේය.

" උබද දොර වැහුවෙ.. "

" නිදිමතක් වගේ ආව හින්දා දොර වහන් ආවා.. "

රුශාල්ගේ කාමරයෙන් නික්මෙන සතර කන් මන්ත්‍රනය යන්තමට සඳක්ගේ සවන වැකුණේය. ඔහුගේ පපුව තවමත් යන්තම් ගැහෙමින් තිබුණේය. වෙව්ලන දෙපා මතට පැන්න ඔහු කාමරයට රිංගාගත්තේ මදක් ඇල වීමට සිතාගෙන ය. සයනය මත අමතකව ගොස් තිබූ කලු කෙල්වින් ක්ලයින් යටඇදුම ඇගිලි තුඩු දෙකකින් අල්ලා මේසය මතට දැමූ ඔහු වහල සිවිලිම් ගලවන්නා වූ වේගයකින් උගුරට ආ හිනාව මහත් වෙහෙසකින් තද කරගෙන කොට්ටය තුල මුහුණ එබුවේය..

' පාරෙ පල දැන් හොල්ල හොල්ල සිවිල්පිට.. ගොං පකයා '

**************

" අද යං අපේ දිහා.. "

" පිස්සුද සුදූ.. එදා මතකනෙ.. රෙදිත් නැතුව එන්න උනේ.. "

බකස් ගා පැන්න හිනාව වලකාගන්නට උනන්දු නොවී බඩ අල්ලාගෙන දෙකට නැමුනු සඳක්ගේ හසරැල් රාවය අතුරු පාර උඩ පහළ දෝංකාර දුන්නේය. වාහනයක් පේන මානයක නොවුණත් ආරුශ් ඔහු අතින් ඇද අයිනට ගත්තේ ය.

" එහ්.. එදා කන්න ඇවිත් ඇඹරුන ඇඹරිල්ල තමා ඇඹරිල්ල.. හ්..හම්මෝ.. බැරිම තැන අතින් අල්ලන් කුස්සියට යනවා මං බලාගෙන.. ' පිපිඤ්ඤා සලාද ටිකක් බෙදන්නද පුතේ '.. ' එපා ආන්ටි.. පුලුවන් නං පිපිඤ්ඤා ගෙඩිය තියෙන හරියට ඇහැ නොයවා ඉන්න ඒ ඇති '.. මහ්ට බෑ හුත්තො.. පිට උගුරෙ ගිහින් මැරෙනවා තව පොඩ්ඩෙන් එදා... හම්මෝ.. කැරිම ආතල් සීන් එකක් වුනේ එදානම්.. "

" කට වහපං සුදාම්මි.. තෝ හින්දා තමා.. එක්කො අතේ මිටමොලවන් ඇවිත් දීහං සුදු අයියෙ ආ මේක මුල්ලකට ගිහින් දාගන්න කියලා.. කොහෙද.. කට පුක වාගෙ හදාගෙන ආතල් ගත්තා මිසක්.. ඇගේ ලේ හිදිලා හිටියෙ එදා කාටහරි නෝට් වෙයි කියලා. තමුසෙගෙ තිබ්බ තදියම හින්දා නේද මං දුක් විදින්නෙ කියලවත් හිතපං. "

" ඉතින් බොට තිබ්බනෙ රූම් එකට ඇවිත් ජංගිය දාන් යන්න. මං කෝමද ඔය ජරාව අතේ ගුලිකරන් ඇවිත් බත් කන්නෙ? "

" නෑ නෑ.. ආය බොට හුකලා හමාරයිනෙ.. "

" ඒ කෙලි කෝට්ටෙ පුතේ.. අද මං ආවෙ හොටෙල් රූම් එක්කට රිංගන්න හිතන්.. "

" රිංගපන් තනියම. මං එන්නෑ තෝ එක්ක. "

" ආවෙ නැත්තම් බලෙන් ඇදගෙන යන්නෙ.. "

" පුලුවන්ද ඉතින්? "

" අද යමං හාද?.. අරුන් ටික හලල කැපුනෙත් ඒකයි.. ලොකූ දීපු සල්ලිත් තියෙනවා.. "

" සුදුමැනික මේ.. ආයනං බෑ. මාට්ටු වුණොත් ලොකූලගෙනුයි පොඩීලගෙනුයි අප්පලගෙනුයි ඔක්කොගෙන්ම ඇට තලාගන්නෙ මමනෙ.. ඔයා නම් එක්ටැම් ගේ දාල තියයි ටිකක්.. මගෙ ඇටේ අතගාන්න ඔයාවත් නෑ අන්තිමට. "

" අනේ..? තමුසෙට ගහන්න ආවොත් තමුසෙ දුවනවා.. අපේ අයියලට තව්සෙ එක්ක දුවලා දිනන්න බෑ.. තප්පර ගානකින් හරි තමුසෙනෙ හැමදාම එක වුණේ.. "

" මල්ලිට මං හිකුවා කියල දැනගත්තම උට එනවා යෝධ බල යෝධ ශක්තිය... කේන්ති ගියාම මිනිස්සු එහෙමයි මයෙ බබා.. "

" සමහර විට මෙහෙම වෙන්නත් පුලුවන්. අයියා අපේ ලව ගැන එදා ඉදන්ම දැනගෙන ඉන්නවා වෙන්නත් පුලුවන්.. "

" මොකක් ? "

" නෑ ඕයි.. නිකමට හිතන්න මං මේව කියන්නෙ.. නිකමට හිතනවකො.. අපේ චූටි අයියා තමුසෙව උගෙ මස්සිනා කරගන්න කැමතිලු ඉතින්.. දැන දැන නොදන්නවා වගේ ඉන්නෙ මේ ලව් එක නැගලම යනකල් ලු.. එතකොට ලොකූ.. මගෙ සුදු ලොකු අයියා.. එයාගෙ චූටි මල්ලි මැනික කැමති ඕනම දෙයක් ගෙදරින් බැනුම් අහ අහ හරි දෙපතුල් ලඟටම ගෙනත් දෙන ඒ මහා ප්‍රොටෙක්ටිව් බලවේගය.. එයාගෙ මල්ලි පන අඩනවා බලන්න අකමැති හින්දා තමුසෙගෙ ගෙදරටම ගිහින් කතා කරලා මේ ලව් එකට තමුසෙගෙ දෙමව්පිය ආශිර්වාදය අරන් දෙනවලූ.. එතෝට අර පඩස්තරී.. තව්සෙ එයාගෙ මොට්ටසෝරි ලව් එක කියන නපුරු අතීතෙට හදවතින්ම සමු දීලා.. මල්ලි පැටියා එක්ක එක්ස් ශිප් කරන දරුණු ඝනයේ bl පිස්සුවක් ඔලුවට ගහපු පිස්සු කෙල්ලක් ලු.. එතෝට අපේ අම්මා.. මුලින් පොඩ්ඩක් අකමැති වුණත් චූටි මැනිකගෙ සතුට ගැන හිතලා ඔන්නොහෙ කැමැත්ත දීල දානවලු. එතෝට අපේ අප්පච්චි.. අම්මගෙන් අහපන් හා කිව්වොත් බැඳපන් කියලා පත්තරෙත් අරන් හාන්සි පුටුවට යනවලූ... ඊටපස්සෙ අපි මුලු ලංකාවටම පේන්න ලොකු වෙඩින් එකක් ගන්නවලූ.. අර ගෝතයො සැට්ටෙකත් ඇවිත් අපි එක්ක gay උන්ට කොලුකාරයො ලොල්ලො ගගා බැනපුවට සමාව අරන්.. - "

සඳක්ගේ මුව මත රැඳුනේ ලොකු හිනාවකි.. ඔහුට බාඳා කරමින් එකදු වචනයක් හෝ වැඩිමල් පෙම්වතාගේ මුවින් පිට නොවුණේය. සඳක් හැරී බැලුවේ එබැවිනි.. බැරෑරුම් පෙනුමක් පිටුපස ලොකු දුකක් සිර කරගෙන සිටි ඒ දෑස් මදක් ඔහු වික්ශිප්ත කළේය..

" අයියෙ.. "

" ඔයා ඉන්නෙ ඔච්චර ලොකු හීනෙකද මගෙ මැනික.. "

" මං විහිලුවට ඕයි- "

" විහිලුවටවත් ඔය වගේ දේවල් ගැන හිතන්න එපා සඳක්. "

සිනහව සඳක් වලාකුල්වලින් වැසුණු කළෙක සේ වියැකී මැකී ගියේය.

" ඕව විහිලුවටවත් හැබෑවෙන හීන නෙවෙයි කියලා තේරුම්ගිය දවසට මැනිකට අඩන්න ඇස්වල කදුලු මදි වෙයි.. "

" .......... "

" මගෙ මැනික අඩනවා බලන්න මං ආස නෑ වස්තුවෙ.. අනේ ඇහැරුනම අඩන්න වෙනවා කියලා දැන දැන හීන මාලිගා හදන්න එපා.. මට බයයි ඕයි ඔය වචනයක් ගානෙ.. "

" තමුසෙ මූඩ් එකම කනවනෙ අප්පා.. දැන් මට ඇඩෙන්න එනවා.. " සඳක් දෙපාවලින් ගිලිහුණු ප්‍රාණය නැවත ලැබෙන තෙක් ආරුශ්ගේ පපුවට හේත්තු විය.. දෑත් ඔහු වටා පැටලුණ ද හිස මුදුනේ දෙතොලක් රැඳුන ද ඔහුට වාවාගත නොහැකි විය. ඉකියක් පිට විය.. කදුලින් කම්මුල් තෙත් විය..

" ටික ටික අඩන්න මගෙ සුදුමැනික.. එකපාර අඩන්න ගියාම ඔයාට කලන්තෙ දානකල් අඩන්න වෙයි. රුශාල් මේව දැනගත්තොත් ඌ මාව මරනවා.. ඒත් මට අයිතියක් නෑ උට එක අතක් උස්සන්න මොකද මම තමයි යාලුකම් පිටින් ගෙට රිංගලා උගෙ මල්ලිගෙ ජීවිතේ විනාශ කරේ කියලා මං හොදටම දැනන් ජීවත් වෙන්නෙ. තමුසෙට ඉල්ලන හැමදේම අරන් දෙන තමුසෙගෙ ඕවප්‍රොටෙක්ටිව් ලොකු අයියා මේක දැනගත්තොත් තමුසෙව මට හොයාගන්නවත් බැරි වෙන්න කොහෙහරි ගෙනිහින් හංගයි.. ඌ ඉල්ලන මැටීරියලිස්ටික් හැමදේම දුන්නයි කියලා මිනිහෙකුත් ගේන්න දෙයි කියලනං බලන් ඉන්න එපා මැනික. එතකොට තමුසෙගෙ අක්කා.. හිතන් ඉන්නෙ වෙඩින් කේක් තෝරන්න තමුසෙ පස්සෙන් එයි කියලද අක්කා වුණ පලියට? හැම කෙල්ලම එහෙම ඔය කියන මොකද්ද ෆෑන්ස්ලා නෙවෙයි වස්තුව. තමුසෙගෙ අම්මා අප්පච්චි එහෙම මේ වගේ දේකට ඉඩදීල ඇස් කන් පියාගෙන ඉන්නෙ නෑ. එයාලට මේක ලොකු වැරැද්දක්.. ලංකාවේ මිනිස්සු කොල්ලෙකුට කෙල්ලෙක් බදින්න දෙන්නෙත් දාහක් ජාති ගලපලා.. පොරොන්දම් කුලමල වර්ජිනිටි උගත්කම් පවුල් පසුබිම වයස මේ ඔක්කොම ගලපලත් තව අදිමදි කරලා.. ඒත් අන්තිමට නැන්දම්මා ලේලි මරාගන්නවා.. එහෙම එකේ මේ වගේ දේකට කැමැත්ත ගන්නවා කියන්නෙ වැලි මිරිකලා තෙල් ගත්ත එකෙකුටවත් කරන්න බැරි වැඩක්. ඒ හින්දා ඕව හිත කොනකවත් තියාගන්න එපා සුදුමහත්තයා.. අපි බැඳලා සතුටින් ඉමු.. හැබැයි ගෙදර දිහා ආපහු හැරිලා බලන්නවත් හිතන් ඉන්න එපා මැනික.. එයාලගෙන් ගුටියි බැනුමුය් මිසක් වෙන දෙයක් අපිට ලැබෙන්නෑ ඒකයි තිත්ත වුණත් යතාර්ථය "

" ..... ඒම වෙන්නෙ නෑ.. කවදහරි එයාල අපිව පිලිගනී.. තමුසෙ හැමදේම නෙගටිව් පැත්ත විතරයි බලන්නෙ.. තමුසෙ delusional "

" ඔයා මැනික.. හැමදේම පොසිටිව් පැත්ත විතරයි බලන්නෙ.. ඔයා හරි ignorant.. කිඹුලා පෙනි පෙනි ගඟට පනින්නමයි ඔයාගෙ ට්‍රයි එක.. "

" මට හිතන්න ඕන්නෑ.. මට හු කන්නෝනෙත් නෑ.. මට ඕන තමුසෙට මේම තුරුල් වෙලා පැය ගානක් ඉන්න විතරයි. තමුසෙට තුරුල් වෙලා නිදාගන්න ඕන මට.. "

" බයික් එක ගමුකො ඉතින්.. අඩන එක නවත්තන්න දැන්.. "

" අඩවලා.. කිව්ව පලියට ඒම නවත්තන්නෙ නෑ. "

ආරුශ් නැවත වරක් සඳක්ගේ හිසකේ ඇගිලි තුඩින් පිරිමැද නලල් තලය සිපගත්තේය..

" ඔයා පව් මැනික.. "

ඔහුගේ හදවත ඇත්තෙන් ම බොහෝ රිදුම් දුන්නේය..


☪︎ ִ ֶ֢࣪⋆

ගොඩක් හිනාවුණාම ගොඩක් අඩන්නත් වෙනවලු 🌝💔

Continue Reading

You'll Also Like

3.6M 152K 61
The story of Abeer Singh Rathore and Chandni Sharma continue.............. when Destiny bond two strangers in holy bond accidentally ❣️ Cover credit...
7.8K 1.1K 6
නැවත හමු නොවන සංසාර ගීයේ හිතක තනි මකනවා අපගේ ප්‍රේමයට පසු වදන ලිව්වේ කවුදෝ අපි සොයනවා...
881 82 15
දේශප්‍රේමීන්ට ආදරේ කරන්න එපා සහෝදරයා . උන්ට හිතක් පපුවක් නෑ උන්ට තියෙන්නෙ මොලයක් විතරයි......... (මෙය උරුමක්කරු වෙනුවෙන් රාවණ බැතිමත් හෙලයේ වංශ ගනණාව...
265K 26.5K 18
𝐒𝐡𝐢𝐯𝐚𝐧𝐲𝐚 𝐑𝐚𝐣𝐩𝐮𝐭 𝐱 𝐑𝐮𝐝𝐫𝐚𝐤𝐬𝐡 𝐑𝐚𝐣𝐩𝐮𝐭 ~By 𝐊𝐚𝐣𝐮ꨄ︎...