𝓽ꫝꫀ ꪑꪖ𝘴𝘬
[ වෙස් මුහුණකට මුවා වූ ජීවිතය..🗡🩸 ]
Last Episode.
___________________________________________.
" අපි අප්පාව බලන්න යන්නැද්ද පපා. "
" ම්ම්ම් යමු ලෑස්ති වෙන්නකෝ. "
පුංචි කොල්ලෙක් තමන්ගේ පපාගෙන් තමන්ගේ අප්පාව බලන්න යමු කියලා ඉල්ලන්නේ දැන් අවුරුදු ගානක ඉදන්. ඒත් පපා ඒ දේ පස්ස ගහන්නේ කොහොමද තමන්ගේ දරුවට තමන්ගේ අප්පා ඉන්න තත්වේ පෙන්නන්නේ.
" කොහෙද යන්නේ. "
" සෙමට්‍රි එකට හ්‍යොන්. ඉක්මනට එනවා. "
කුස්සියේ උන්නූ ජින් අහද්දි හෝසක් උත්‍තර දුන්නේ පොඩි එකා කාර් එකට ගිහින් වාඩි වෙද්දි. එහෙන්මම සුදු ඕකීඩ් පොකුරක් අරන් කා එකේ පිටිපස්සෙන් තිබ්බ හෝසක් එහෙන්මම කනත්තට වාහනේ හැරෙව්වේ පොඩි එකාට කිසිම දෙයක් හිතාගන්න බැරි වෙද්දි. කනත්තේ හිටපු කෙනා ගේට්ටුව අරිද්දි හෝසක් පොඩි කොල්ලාව අතින් අල්ලන් ඕකීඩ් පොකුරත් අරන් එක සොහොන් කොතක් ලගින් නැවතුනා. ජැක්සන්ගේ photo එක තිබුනු කොලේ උපන් අවුරුද්ද වගේම මැරුණු අවුරුද්ද සටහන් වෙද්දි හෝසක් ඕකූඩ් පොකුර ඒ කොත උඩින් තියලා එතන දනගහගත්තේ පොඩි කොල්ලා ජැක්සන්ගේ පින්තූරේ උඩින් තමන්ගේ පුංචි අත තියද්දි.
" අප්පා.. "
" අප්පා. මට ඔයා නැතුව හරි පාලුයි. ජන්කුක් සම්චොන් කිව්වේ අප්පා අහසේ තරුවක් වෙලා කියලා. මම හැමදාම රෑට අප්පාට කතා කලා. අනේ අපි ගාවට එන්නකෝ අප්පා. "
පුංචි කොල්ලා අඩ අඩා සද්දෙන් කියද්දි හෝසක් පැත්තකට වෙලා බලාන් හිටියේ තමන්ගේ අප්පා ආය එන්නේ නැහැ කියලා කොල්ලා තේරුම් ගන්න ඕන නිසා. අවුරුදු අටක්. අදට අවුරුදු අටක් ජැක්සන් නැති වෙලා. ජැක්සන් නැතිවෙලා මාසෙකට පස්සේ හැමෝම ආයෙත් සෝල් වලට ඇවිත් ජීවත් උනේ ඇවිත් පහුවෙනිදම අලුත ඉපදුන පොඩි කොල්ලෙක් ගෙදර දොර ලග දාලා ගිහින් තියෙද්දි. ජැක්සන්ගේ මතක එක්කම ජීවත් උනු හෝසක් ඒ පොඩි කොල්ලාව හදන්න බාරගත්තේ නීතියෙන්මයි. ජැක්සන්ට පස්සේ වෙන කිසිම කෙනෙක්‍ට ආදරේ නොකරපු හෝසක් මෙහෙම කෙලින් ක්ටින් ජීවත් වෙන්නේ මේ පොඩි කොල්ලා නිසා.
" මම ඉක්මනට උබලා ගාවට එන්නම් මැණික. ටිකක් ඉවසපන්. "
කනත්තෙන් පිටවෙලා යන හෝසක් දිහා කලු හූඩි එකක් දාගත්ත කෙනෙක් බලාගෙන මුමුනව්වේ ඒ වැටුනු කදුලු තමන්ගේ අත් වලින් අතුරුදන් වෙද්දි.
" හ්‍යොන් කෝද අනේ ගියේ. "
ගෙදට්ට ඇතුලු වෙද්දිම ජන්කුක්ගේ දුව පුංචි යෝරා යූන්ගේ බෙල්ල බතාගත්තේ අවුරුදු තුනක් වෙන පුංචි කෙල්ලව යූන් තමන්ගේ ඇගෙන් අයින් කරද්දි.
" හ්‍යොන් වොශ් දාන් එන්නම් හරිද. එතකන් ඉන්නකෝ. "
යූන් එහෙම කියලා උඩට ගිහින් වොශ් දාන් ආවේ හැමෝම දවල් කෑමට වාඩි වෙද්දි. ටෙහ්‍යොන් පුංචි යෝරාට වගේම යූන්ට කවද්දි ජන්කුක් ගෙදර ආවේ ටයි එක බුරුල් කරන ගමන්.
" ඔයාලාට අදුන්වලා දෙන්න කෙනෙක් ඉන්නවා. අදුරනවද බලන්නකෝ. "
" කව්ද හ්‍යොන්. "
" බලන්නකෝ. අඩෝහ් මෙහේ වරෙන් යකෝ ලමාතැනී වගේ ඇබරෙබ්නේ. "
ජන්කුක් කෑ ගහද්දි දොරෙන් ඇතුලු උනේ කැප් එකක් දාලා ඒකට උඩින් හූඩි එකක් දාපු මනුස්සයෙක් වෙද්දි ඒ මනුස්සයා හූඩි එක වගේම කැප් එකත් ගලවව්වේ හෝසක්ගේ වගේම අනිත් හැමෝගෙම ඇස් ලොකු වෙද්දි උනත් යූන් ටෙහ්‍යොන්ගේ ඔඩොක්කුවෙන් බිමට පැනලා හිටිය කෙනාගේ කකුලක් ගිහින් බදාගත්තේ අඩන ගමන්මයි.
" අප්පා. "
" හ්‍යොන්. "
" ජැක්සන් හ්‍යොන් ඔයා. "
ඔව් ඒ හිටියේ අවුරුදු අටකට උඩදි මේ ලෝකෙන් සමුගත්ත ජැක්සන්. ඒත් මම කිව්වා මේලෝකෙන් සමුගත්තේ සාතන් විතරයි කියලා. ජැක්සන්ගේ දෛවය එච්චරටම ජැක්සන්ට අසාධාරණයක් කලේ නැහැ. ජන්කුක් හෝසක්ව කට්ටිය එක්ක යවලා ජැක්සන්ව හොස්පිටල් එකකට අරන් ගියේ කොල්කාට හිසිය නැතිවෙලා විතරයි කියලා තේරුම් ගනිද්දි. ඒත් කොල්ලා නොහිතපු විදිහට කෝමා එකකට වැටෙද්දි ජන්කුක් හෝසක්ට කිව්වේ ජැක්සන් නැතිවුනා කියලා. අවුරුදු හතහමාරක් කෝමා එකේ හිටිය ජැක්සන් මීට මාස හයකට කලින් කෝමා එකෙන් නැගිට්ටා වුනත් ඇග රිකවර් වෙනකම් ජැක්සන් ජන්කුක්ට කිව්වේ හෝසක් ඉස්සරහට එන්න බැහැ කියලා. කෝමා හිටපු අවුරුදු ගාන පුරාවටම ජන්කුක් ජැක්සන්ව පොඩි එකෙක් වගේ බලාගත්තා. ජන්කුක් අඩුම මේ ගැන ටෙහ්‍යුන්ටවත් කිව්වේ නැහැ. අන්තිමට අද හොදම දවස වෙද්දි හෝසක් ඉස්සරහට එන්න ජැක්සන් ජන්කුක් හම්බෙලා කිව්වේ තමන්ව හෝසක් ඉස්සරහට එක්ක යන්න කියලා. අවුරුදු හතකට වැඩියෙන් කෝමා එකක හිටියත් ජැක්සන් පරණ ජැක්සන් වගේන හිටියේ ජන්කුක්ට පිං සිද්ද වෙන්න. රැව්ල කොන්ඩේ කපලා ජැක්සන් කෝමා එකේ ඉන්න අවුරුදු ගාන පුරාවටම ජන්කුක් ජැක්සන්ව පිලිවෙලකට තිබ්බා.
" අප්පා. "
තමන්ගේ කකුලක් බදාන් අඩන පොඩි කොල්ලාව වඩාගත්ත ජැක්සන් එහෙන්මම ගිහින් හෝසක්ගේ එහා පැත්තෙන් වාඩි උනේ හෝසක්ගේ නලලට හාදුවක් දෙන ගමන්. හෝසක් පුදුම වෙකා හිටියත් ඊලග තත්පරේම හරි හිසියට ඇවිත් ජැක්සන්ව කිටිකිටියේ බදාගත්තේ අයෙත් දාලා යාවි කියන බයට. ජන්කුක් හැමෝටම විස්තරේ කියද්දි හැමෝම ජැක්සන් දිහා බැලුවේ ඇත්තටම ජැක්සන්ගේ කියන්න තරම් වෙනසකට තිබ්බේ ජැක්සන් හිටියට වඩා කෙට්ටු වෙලා තිබුන එක විතරයි. හැමෝම කාලා බීලා ටිකක් එලියට ගියේ කාලෙකට පස්සේ මුලු පව්ලම ආයෙත් සම්පූර්ණ නිසා. රෑ වෙනකම් එලියේ ඇවිදලා කරලා ආහපු ගෙදර එද්දි යූන්ට ජැක්සන්ගේ අතේම නින්ද ගිහින් තිබුනා. පුංචි කොල්ලා අද ජැක්සන්ගේ ලගින් හෙල වුනේවත් නැහැ. ජැක්සන් පුංචි කොල්ලාව අතාරියෙත් නැහැ. ඉතින් මේ දිහා බලාන් හිටිය හෝසක්ට දැනුනේ දැන් තමන් සම්පූර්ණයි කියලා විතරයි.
තමන්ගේ කාමරේට ඇවිත් යූන්ව සෝදලා නිදිකරවලා හෝසක් වොශ් එකක් දාගෙන ඇවිත් බැල්කනි එකට ගියේ ජැක්සන් වොශ් දාන්න යද්දි. විනාඩි ගානයකට පස්සේ හුරුපුරුදු අත් දෙකක් තමන්ගේ ඉණවගේ එතෙද්දි හෝසක් ඒ පැත්තට හැරුනා. හෝසජ්ට වගේම ජැක්සන්ටත් මේ උණුහුම පුදුම තරම් විදිහට මග ඇරිලා තිබුනා. ජැක්සන්ගේ පපුවට ඔලුව තියාගත්ත හෝසක් හුස්ම ගත්තේ හරිම සැහැල්ලුවෙන් ජැක්සන් පවා. දේවල් හොදම විදිහට කාලය විසින් මෙයාලාට විසදලා දීලා තිබුනා. ඉතින් තමන්ගේ ආදරේ ආයෙත් තමන් ලග කියලා දැනෙද්දි හෝසක් වගේම ජැක්සන් පවා හුස්ම ගත්තේ පුදුම තරම් සැහැල්ලුවෙන්.
" ආයෙත් දාලා යන්නේ නැහැ නේද. "
" නැහැ මැණික. ආයෙනම් මේ අත අතෑරෙන්න දෙන්නේ නැහැ මම. පුලුවන්ද උබම මේ ආත්මේ විතරක් නෙවේ එන හැම ආත්මෙකම මගේ වෙන්න. මම උබට පුදුම තරම් ලෝබයි. උබගේ මගේ ජීවිතේ ඔබයි මගේ අනාගතේ. ඉතින් උබ නැති ජීවිතයක් මට නැහැ. "
" ආදරෙයි හ්‍යොන්. "
" මාත් ආදරෙයි. උබ හිතනවටත් වගේ මගේ වස්තුව. "
අවුරුදු ගානකට පස්සේ හෝසක් ජැක්සන්ගේ අත් අතර නින්දට ගියා. පොඩි කොල්ලාව වගේම හෝසක්වත් බදාගෙන ජැක්සන් හරි සැහැල්ලුවෙන් කාලෙකට පස්සේ නිදාගන්නවා. තමන්ගේ අත් අතර වගේන තමන්ගේ පපුව උඩ නිදාගෙන ඉන්න ජීවිත දෙක නේද තමන්ගේ මුළු ජීවිතේම කියලා හිතන ගමන් ජන්කුක් ඇස් පියාගත්තේ ලොකු හුස්මක් පහතට දාන ගමන්.
_නිමි_
_________________________________________
දෛවය හැමදේම හරි ලස්සනට විසදව්වා. සාතන් එහෙන්මම වැලලිලා ගියා. ජැක්සන්ට ලස්සන පව්ලක් ලැබුනා. කාලය හැමදේම හොදම විදිහට විසදව්වා. ඉතින් මේ ඒ යුද්ධේ නිමාව. එහෙනම් අලුත් කතාවකින් හම්බවෙන බලාපොරොත්තුවෙන් මම මෙතනින් නවතිනවා. 🎭♥️🌚