ඩේසි මල (Daisies) 🌼 (Sinhal...

By JaiNez__CooLer

2.5K 186 42

මම වැඩිපුර මල් ගැන දන්නෙ නෑ.. හැබැයි මම මල් වලට ආසයි.. සුවද උනත් නැති උනත්.. මම මල් වලට මාර ආසයි.. මම කැමතියි... More

හැදින්වීම......
part 1
part 2
part 3
part 4
part 5
part 6
part 7
part 9
part 10

part 8

239 16 9
By JaiNez__CooLer

" මට බෑ බං.. මට මහ වරදකාරී හැගීමක් දැනෙනවා... බැරිවෙලාවත් අම්මලා දැනගත්තොත්.. අපේ ගෙවල් අතරෙ තියෙන ෆිට් එකත් නැතිවෙලා යයි... මට බයයි හේගා... ඒකයි මම හේෂ් අයියාට කිව්වෙ මට කෙල්ලෙක් ඉන්නව කියලා.. "

" හරි එතකොට උඹ ඔහොම හැමදාම විදව විදව ඉන්නද හදන්නෙ.."

" මම දන්නෑ.. "

" ඔක්කොටම කලිං මට කියපං උඹ අපෙ අයියට සිරා ද කරන්නෙ... "

" ඔව්... ඒත්... මට බයයි.. "

" ඇයි.. "

" ගෙවල් වලිං දැනගත්තට පස්සේ මොනවා වේවිද කියලා.. අනේ අපී දෙන්නව මරලා දායී බං.."

" පිස්සුද හුත්තෝ.. ඒම වෙන්නෑ.. අපේ අම්මලා තාත්තලා ඒම නෑ.. මට ඒක විශ්වාසයි.. "

අපි හිටියෙ ඉස්කෝලෙ මැද මිදුලට ඇවිදං යන ගමං..
ඔවේන්ලගෙ අම්මා මොනවා හරී දැනගෙනද දන්නෙ නෑ.. ඒත් ආන්ටි මොනාහරි කියනවනෙ එහෙනං.. මුගේ බය සාධාරණයි... ඒ උනාට කට්ට කා ගෙන හරි අල්ලගෙන ඉන්න එකා තමා වටින්නෙ.. මූට බයයිලුනෙ..

අද වර්ක්ෂොප් එක.. ෂවේන් අයියා උදෙන්ම අපි දෙන්නව ඉස්කෝලෙට ඇරලවලා.. වීණා එක්කත් පොඩ්ඩක් කතා කර කර ඉදලා යන්න ගියා. ෂවේන් අයීයා උනත් හිටියෙ අවුලෙං මුං ආයෙ මට මොනවා හරි හංගනවා.. හැබැයි මේ පාර නං මම මුං තුන්දෙනාගෙ වලු තුන විකුණලා තමයි පස්ස බලන්නෙ.. කපටි වදුරො තුන්දෙනා..

අපි ඉස්කෝලෙට එද්දි ගොඩක් උං ඇවිල්ලා හිටියෙ... කෙල්ලොන්ට වඩා හිටියෙ කොල්ලො.. යෂානිලා එහෙම ඇඹරි ඇඹරි එහාට මෙහාට යනවා මම ලාවට වගේ ඈත තියා දැක්කා.. ඒ අස්සෙ.. රුමීෂා.. මැද මිදුලෙ බංකුවක් උඩ ඉදගෙන කකුල් දෙකත් උඩට අරං.. කොල්ලො පස් හය දෙනෙක් එක්ක.. බර කයියක.. අපි තුන්දෙනත් ඒ පැත්තට ඇදුනා.. මිස් තාම ඇහිල්ල නෑ මයෙ හිතේ.. නැත්තං මුං මෙහෙම කාලකණ්ණි වගේ ඉන්නෙ නෑනෙ..

" අම්මට සිරි හේගා.. මොකද යකෝ ඔච්චර වෙලාසනිං එන්නේ.. "
" අපිට නෑනෙ ඔය පරක්කු වෙලා එන පුරුදු.. හැමදාම වෙලාසන වැඩ.. නැද්ද ඔවේනෙයා.. "

" ඇත්ත ඇත්ත.. මේ කෝ.. අනික් උං.. "

" උං අන්න අරෙහේ.. ලැවෙන්ඩර් හෝල් එක අරින්න ගියා බං.. security කොහේ ගිහිල්ලද දන්නෑ.. මුංලගෙ ඉස්කෝලෙ ඔහොම්මමයි බං... "

" යැයි යැයි තමා තෝ කට වහගනිං.. "

" අඩෝ ආන්න මිස් එනවා.. "

මිස් එනවා කියලා එතන හිටපු එකෙක් කියනවත් එක්කම රැමීෂා විදුලි වේගෙන් නැගිටලා එතන හිටපු එකෙක් ව බංකුවෙං වාඩි කරවල ටක් ගාලා මා ගාවට ආවා.... මිස් එහෙමම ආවෙ අපේ පැත්තට.. මෙයාගෙත් හරි ඒවා තමා.. අච්චර ළමයි ඉන්නව අපි විතරද පේන්නෙ... හුම්...

" ඔවේන්.. කෝ ඔයාලාගෙ මිස් ආවෙ නැද්ද.. "

" ආවා.. වර්ෂා මිස්.. ලැවෙන්ඩර් හෝල් එකේ ඇත්තෙ.. අපි ආවෙ දැං.. "

" අහ්.. හා හා එහෙනං ළමයි ඔක්කොම ලැවෙන්ඩර් එකට යං.. ලේට් උනොත් එහෙම අපිට වෙලාව මදි වෙනවා.. කෝ රුමීෂා මිෂී ආවෙ නැද්ද.. "

" ආවා මිස්.. එයාගෙ ඔළුව රිදෙනවා කිව්වා..මං හිතන්නෙ ඩ්‍රාමා රූම් එකේ වෙන්න ඇති.. අපි දෙන්නා ගිහිං එක්කගෙන එන්නං මිස්.."

" හා ඉක්මණ්ට එන්න.. අනික් අය යං ළමයී.. "

මාව මොකටද එක්කං යන්නෙ.. එතකොට තුනක් නෙ.. උබල පලයව්.. අතෑරපං මාව.. අම්මපා මේ ගෑනු ඔක්කොම ඉන්නෙ මාවම කන්න.. වීණා.. මාව බේරගනිං..
ඒ ගෑනි ඔකකෝටම හපං.... අය්යෝ.. මට බෑ අප්පච්චී...

රුමීෂායි වීණයි මාවත් ඇද ගෙන ඩ්‍රාමා රූම් එකට ගියා.. අපි ඇතුලට යද්දි බලු බල්ලෙක් හිටියෙ නෑ.. රුමීෂා පුහුණු කාමරේ.. දොර ඇරලා ඒකෙ කවුරුත් නැති නිසා.. නේපත්‍යාගාරය ඇතුලට ඔලුව දැම්මා.. මං හිතන්නේ ඒකෙ ඉන්නව වෙන්නැති.. මම හිටියෙ අර මොකාද එකා වගේ ඩ්‍රාමා රූම් එකේ දොර ගාව හිටගෙන එහාටත් නැති මෙහාටත් නැති එකා වගේ.. රුමීෂා.. මටත් අත වනාගෙන ඇතුලට ගියා..

හේගා.. යන්න නං එපා.... උබ අමුතුවට හැසිරෙයී... Risk එකක් ගන්නව නං පලයං..

" හේගා වරෙංකො.. මේ ළමෙයගෙ ඇගත් හීතල වෙලා බං.. "

" ආ.. ඕ එනවා.. "

මම යද්දි මිෂී හිටියෙ පුටුවක වාඩි වෙලා ඔළුව මේසෙට ගහගෙන... මේ වගේ වෙලාවකට මොනවද කරන්නෙ යකෝ.. වහ නැද්ද වහ... මම මාරුවෙං මාරුවට රුමීෂා දිහායි.. වීණා දිහායි බල බල විනාඩ් දෙකක් විතර හොල්මනක් වගේ හිටියා..

" මොකද ගෑනියේ .. "

" ඈ.. ම්.. මුකුත් නෑ.. හහ්හෙ.. "

" මේ අල්ලල බලහංකො.. සීතලයි බං.. "

" මේ මං කියන්නද.. උඹ මිෂී එක්ක පොඩ්ඩක් ඉදහංකො.. වතුර ඩිංගකුත් මූණෙ ගාපං.. මායි රුමීෂයි ගිහිං.. මිස්ට කියල එන්නං.. "

" ආ.. හා.. "

වීණයි රුමීෂායි ටක් ගාලා ගිහිං එන්නං කියලා කාමරෙං එළියට පැනලා ගියා.. මම මොනවද කරන්නෝන දැං.... මට දැනෙන්නෙ නිකං.. මම මේක අස්සෙ.. හිර වෙලා වගේ..

මම පිටේ එල්ලං හිටපු බෑග් තඩිය බිමිං තියලා..මිෂීගෙ ලගට ගිහිං.. දැනෙන්න නොදැනෙන්න.. උරහිසට හිමිං තට්ටුවක් දැම්මා.. ඒ එක්කම මිෂී.. මා දිහා බැලූවා..
මුණත් උඩට හරවලා දිග ඇස් පිහාටු උස්සල රවුම් ඇස් වලිං.. මා දාහි බැලුවා..
ඒ මූණෙ මහා.. තෙහෙට්ටු පාටක් තිබ්බා.. මූණ දෙපැත්තෙං දාඩිය රූටගෙන වැටෙනවා.. ටී ෂර්ට් එකේ පවා.. දාඩිය.... මට දැනුනෙ නිකං.. මාව ඔටෝ වැඩ කරනවා.. වගේ.. මම බොටම් එකේ සාක්කුවට අත දාලා.. ලේන්සුව අරගෙන.. දැනෙන්න නොදැනෙන්න... මිෂීගෙ මූණෙ තිබ්බ දහඩිය පිහ දැම්මා.. නළල දිගේ ඉදං.. නිකට.. බෙල්ල පවා.. හිමින් පිහදැම්මා.. ඒ පිහදානකල් මිෂී සද්ද නොකර මා දිහා නොබල දොර දිහා බලාගෙන හිටියා.. මම අන්තිමේ.. පුටුවක් ඇදල අරං එයා ඉස්සරහිං වාඩි උනා..

" උදේට කාල ද ආවෙ.. "

මිෂී ඔලුව දෙපැත්තට වැණුවෙ බිම බලා ගෙන..

" ඇයි.. "

" නිකං.. "

" දැං මොනවා හරි කමුද.. ?"

" බෑ.. "

"බෑ කියලා බෑ.. ඔහොම ඉන්නවකො.. "

මට වැඩිය අනුකම්පාවක් පෙන්නන්නත් බෑ.. බැරි වෙලාවත් වෙනසක් තේරුනොත්.. කනේ පාර තමා.. හම්මෝහ්...
මම මගේ බෑග් තඩිය අවුස්සලා අම්මා උදේ හදල දුන්න සැන්ඩ්විච් තියන ලන්ච් බොක්ස් එක අරගෙන මේසෙං තියලා දිගෑරියා..

" මේක තියෙනවා... සලාද කෝල..බිත්තර.. බටර්.. චීස් මයෝනීස්.. දාලා අපේ අම්මා රසට හදපු සැන්ඩ්විච් හයක්.. මම දෙකක් කන්නං.. ඉතුරු ටික ඔක්කොම කනවා.. හොදේ.. "

" අනේ මට බෑ .. "

" අනේ අනේ මේ බොරුව දාන්නැතිව කනව හලෝ.. ආ.. කියන්න කෝ.. "

මමත් ආ කියාගෙන මිෂීගෙ කට ලගට පාන් කෑල්ල අරගෙන ගියාම.. කන්න බෑ කියපු අය යසට කට ඇරියා.. මේ කෙල්ලොංගෙ තියෙන්නෙ මහ බොරුවමයි.. ඊට පස්සෙ.. එයාම අරගෙන පහක්ම කෑවා.. මම මුලිං එකක් කෑවෙ නැත්තං ඔක්කොම මේකි ගිලිනවා.. ඊට පස්සෙ ඩිංගක් පන ගහලා ආවා.. මං මේ කල්පනා කළේ අර බේසිකයො දෙන්නා.. නැට්ටෙ එල්ලිලා දව්යලෝකෙ ගිහිංවත් ද කියලා.. ඉදපංකො මම කරන්න උංට.. පරයො දෙන්නා..

" දැං අවුලක් නෑ නේද.. යං නේ.. විනාඩි තිහකටත් වඩා මෙතන.. මිස් වර්ක්ෂොප් එක පටං අරං ඇති.. කෝ දෙනවා.. මම ඕකත් ගන්නං.. "

" Thanks.. "

" මොකටද.. බෑග් එක ගත්තටද.. කන්න දුන්නට ද.. නැත්තං එදා පික් කළාටද.. සෑහෙන්න ඒවාට තෑන්ක් කරන්න තියේ ඔයාට.. හරිද.. "

" ඔක්කොටම.. "

" ඔක්කොටම එකයිද .... "

" හ්ම්.. ඇයි එකක් මදිද.. "

" නෑ නෑ ඇති ඇති.... ඔය දොරත් වහගෙනම එළියට බහින්න.. "

අපි දෙන්නා.. ලැවෙන්ඩර් එකට එද්දි.. කැම්පස් අයියලා අක්කලා ටිකත් ඇවිල්ලා හිටියෙ.. මම අපි දෙන්නගෙ බෑග් දෙකත් තියලා ඇතුලට යද්දි ඔක්කොමලා ගෲප් වලට බෙදලා ඉන්දවලා තිබ්බෙ..මම අපේ එක හොයා ගෙන එතනිං ගිහිං වාඩි උනා.. මිෂී.. එයාගෙ එකෙං වාඩි උනා.. ප්‍රැක්ටිකල් ගැන මහා.. දේශනේකිං... පස්සෙ.. අපේ ගෲප් වල ඩ්‍රාමා ටික ඇක්ට් කරන්න තිබ්බෙ.... ඊට පස්සෙ අයියලා අක්කලා අපේ වැරදි ඒම කියලා දීලා ඔය පොඩි පොඩි සෙල්ලම් කෑලිත් කරලා.. මහ රෑ වෙනකල් අනං මනං ඔය ප්‍රැක්ටිකල් ගැන හද්දා පත දේසනයක් දුන්නා...

ඒ අස්සෙ මම දැක්කා රුමීෂා මූණ මදුරුතලා පැළයක් වගේ කරගෙන ඉන්නවා.. මම හිතන්නෙ ෂුවර් එකටම මුට කක්කා බර හැදිලා වෙන්න ඇති.. මටත් ඉතිං ඕන්නැති ලබ්බකි නෑනෙ.. දේසනේ ඉවර උන ගමං මම රුමීෂගෙ ටීම් එකේ උං හිටිය තැනට ගියා.. රුමීෂගෙ ටීම් එකේ තමා මිෂීත් හිටියෙ.. උදේ ඉදං.. තාම මගේ මූණ දිහා හැරිලවත් බැලුවේ නෑ.. ඇයිද දන්නෙ නෑ..

මම හිමින් සැරේ.. රුමීෂා ලගට ගිහිං කන ගාවට ලං උනා..

" මේ මොකක් හරි අවුලකිං ද ඉන්නෙ.."

" තෝ පකක් කියවනවා.. මට කක්කා බරයි පරෙයො.. "

" මං හිතුවා.. වරෙං.. යන්න ඒසපරයා.. කියන්නෙපැයි තෝ.. තොටත්.. දකුණට වමට නවතිං පලයං කියලා යටි ගිරියෙං කෑගහන්න පුළුවන් කක්කාබරයි කියන්න බෑ.. "

" කෑ ගහ්නනෙපා දැං යමං ඉතිං..."

රුමීෂායි මායි වීණායි වොෂ්රූම් ගිහිං ආවට පස්සෙ.. අපිට නා කියා ගන්න කියලා කිව්ව නිසා.. ආ පිටම අපි ආපහු වොෂ්රූම් එකට ගියා..

" මම රෙදි ටික අරං එන්නං.. උබ මේ වොෂ්රූම් එකට කාටවත් යන්න දෙන්නෙපා හොදේව්.. "

" හා හා... ඉක්මණ්ට අරං වරෙං ඉතිං.. "

අපේ බෑග්ස් තියලා තිබ්බෙ ලැවෙන්ඩර් හෝල් එකේ එළියට වෙන්න.. මම බෑග් එක අරං ඉක්මණින් යන්න හිතාගෙන විදගෙනම එනකොට අහවලා එතන එයාගෙ බෑග් එක තෝරනවා.. මම සැනින් බ්‍රේක් එකක් ගහලා ආයෙ හැරෙන තැපෑලෙං එන්න හදද්දිම තියෙන කාලකණ්ණි කමට අහවලා මාව දැක්කා..

"ප්ස් ප්ස්.. "

" අහ්ම්.. මේ මගේ ලේන්සුව වැටුනා ඒකයි.. ආපහු හැරුනෙ.. "

" ම්.. එතකොට ඔය සාක්කුවෙ තියෙන්නෙ මොකක් ද"

" ආ.. ඒකනෙ.. මට නිකං වැටෙනවා වගේ දැනුනා. ඒ උනාට.. "

උබ නං මහ හරකෙක් හේගා.. නෙදකිං.. සායමෙං ඩිංග ඩිංග හෝද ගනිං අහවලා ඉස්සරහ.. ගන්න දෙයක් නෑ උබ නං...

" ම්.. ඒකනෙ.. ඒකනෙමේ ඔයා කොහෙද නිදා ගන්නෙ.. "

" ආ.. "

" මං අහන්නේ කොහෙද අද රෑ නිදා ගන්නෙ.. ලැවෙන්ඩර් එකේද.. හොස්ටල් එකේද නැත්තං ඩ්‍රාමා රූම් එකේද.. "

" තාම තීරණයක් නෑ.. "

" Mm here your bag..."

" තෑන්ක්ස්.. "

පලයං පලයං තත්පරයක්වත් ඉන්නනං එපා... දෙයියනේ.. මගේ හදවත ගැලවෙයි ද දෙයියනේ.. මිෂී ටිකක් වැඩියෙන් කතා කරද්දී අමුතුයි වගේ.. එයා සාමාන්‍යයෙන් ඒම කතා කරන්නෙ නෑනෙ..

මම බෑග් එකත් උස්සගෙන වොෂ්රූම් එකට යද්දි ඒක ඇතූලෙ එකෙක් ඉන්නවා.. අපි නෑවෙ ලැවෙන්ඩර් රූම් එකේ වොෂ්රූම් වලිං.. කොල්ලො නෑවෙ ඩ්‍රාමා රූම් එකේ වොෂ්රූම් එකෙං..
අපි ඔක්කෝමලා නාලා කරලා රෑට කාලා එහෙම.. කට්ටිය එක්ක ආපහු සෙට් වෙලා.. සින්දු කියන්න ගත්තා. සමහරු නං කාලකණ්ණි වගේ නිදා ගත්තා.. හපෝ ගෝතයො ටික ආතල් එකක්වත් ගන්න දන්නෑ සැක්. ඔවේන්ලගෙ යාළුවො ගොඩක් අය ට සින්දු කියන්න පුළුවන්.. ඔවේනුයි මායි නං කෝමත් සින්දු කියනවා අයියලා දෙන්නත් එක්ක..ඒ නීසා අපි හතර දෙනා ටොප් සිගර්ස්ලා..

" ශේහස්ට ලස්සනට සින්ග් කරන්න පුළුවන් වර්ෂා මිස්.. එයාට කියමු අපි සින්දුවක් කියන්න කියලා.. "

" ඇත්ත තමා මාත් දැක්කා ශේහස්ගෙ ටික් ටොක් වල එයා ලස්සනට sing කරනවා.. අපි ඉස්සරහත් කියලා පෙන්නන්න ඉතිං නේද ළමයි.. "

" ඔව්.... "

ශේහස් කියන්නෙ පට්ට ලස්සන වොයිස් එකක් තියෙන කොල්ලෙක්.. වොයිස් එක වගේම ඌත් මාර හැන්ඩි.. අපේ අයියා ඒම මූව දොක්කොත් අනිවා හිත වෙනස් වෙයි.. නෑ නෑ උං දෙන්න සෙට් නෑ නේ.. දෙන්නම හැගර්ස් ගිලලා වගේනෙ ඉන්නෙ... ශේහස් වාඩි වෙලා හිටියෙ රමීෂා ලග මම දන්නව දැං අපේ රුමීෂා මේ කොල්ලො ටික බඩ කරල තමා නවතින්නෙ.. මූ නං අම්මපා... හරිම අගෙයි..

" මේ තමුසෙත් කියනව හොදේ එකක්.. "

" අර මොකටද මට කහනවයෑ... "

" තනියම බැයි නං මාත් එන්නං.. "

" අනේ මේ ඔටුවො කට වහගෙන ඉදපං.. වීණා උබටත් එක්ක කිව්වෙ හොදේ.. "

" ඔවේන් ඩ්‍රාමා රූම් එකට ගිහිං ගිටාර් එක අරං එන්න කොල්ලො.. බොංගො එක විතරයි ගෙනැල්ලා තියෙන්නෙ මේ කෙල්ලො ටීක "

" හා මිස්.. "

" අද වරෙං හොදේ.. නැත්තං අනික් එවුනුත් නිදා ගනී.."

ඔවේන් එනකල් අපි අප්පුඩි ගහ ගහ පුංචි කේතලේ මමයි සින්දුව කිව්වා... ඌ ආවට පස්සෙ ශවේන් හරි බරි ගැහිලා සින්දුව පටං ගත්තා.. සද්ද බද්ද කර කර ඉදපු උංගෙ  හ්ම් සද්දෙයක් නැති උනා.. ඉදඉකට්ටකි වැටුනත් ඇහෙන සයිස්..

"ඉඳහිට වැටෙන වැහි කෝඩෙක තෙමීගෙන
කහ මල් කිනිති පොළවට ඇස් අයාගෙන
ප්‍රේමය ගිය පසුව සුළගේ ගසාගෙන
දුරුතු සඳ වැටුණි අහසෙන් කඩාගෙන"

ඇස් පියාගෙන සින්දුවක් අහද්දි දැනෙන හැගීම නං සල්ලි වලට ගන්න බෑ.. අනික ශේහස්ගෙ කටහඩ නං භාවනාවක්.. මම හිටියෙ වශී වෙලා වගේ..  ඒ එක්කම  කවුරු හරි ඇවිත් මගේ ලගින් වාඩි වෙනවා වගේ මට දැනුනා.. මට බලන්න ඕනි ඒත් මට සින්දුව අහන්නත් ඕන..

රිදුම් දෙමින් ඉකිළන පුරා
ඇදුම් දෙවන හිස ඔය උරහිසින් දරා
නෙතින් වැටෙන කඳුළැල් පිස සසර පුරා
ඉතින් ආදරෙයි තාමත් යසෝධරා

ලගිං වාඩි උන කෙනා කවුරු උනත් මට ආවෙ හුරුපුරුදු සුවදක්.. ආහ් මේක මට කරදරයක්.. මට සින්දුව අහන්න දීපංකො... ටිකක් වෙලා එයා මගේ උරහිසට බර උනා.. මම සද්ද නොතුව එහෙමම ඉදියා..

රෑ වී වැටෙන කළුවට තරු එළි යා වී
රෑ හී සොවින් කී සි පද පෑහේවී
මා වී කෙතට වට සඳ දිය සේ ප්‍රේමී
පේ වී වරෙන් මගෙ පපුවට සීදේවී"

සින්දුව ඉවර කරනවත් එක්ක මම ඇස් ඇරලා කෙලින්ම බැලුවේ උරහිසට බර වෙච්චි හුරුපුරුදු සුවද මොකක්ද කියලා... මීෂී.. ඒ එයා.. මම ඒ පැත්තට හැරෙද්දී.. මගේ නැහැපුඩුව යන්තමට එයාගෙ ලාවට වේලිච්ච කොණ්ඩෙ වැදුනා.. සුවදයි..
මට ඕන උනා.. එයාට අහරවලා.. ගහිං බිමින් නිදා ගන්න කියන්න.. ඒත් මට එයාව මගේ උරහිසට බර කර ගෙනම තියා ගන්නත් ඕන උනා..

මම පරිස්සමට නැමිලා.. මිෂීගෙ.. මූණ දිහා බැලුවා..

" ඩේසි මලහ්.... "

මට රහසින්ම කියවුණා.. ශේහස් තව එකක් කියන්න පටං ගන්නවත් එක්කම මම බිත්තියට ඔලුව තියා ගත්තා විතරමයි මට මතක.. මට එහෙමම නින්ද ගියා.. ආස කරන සුවදක්... නහයෙ වැදි වැදිම..

                   අනේ දෙයියනේ මම මේ සුවදෙ ගිලේවිද..









See you in the next part guys 🌼
පරක්කු උනා නේද..
කමක් නෑ.. තරහ නැතුව කියෙව්වනෙ ඒ ඇති..
ආදරෙයී..
💐😩❤️

Continue Reading

You'll Also Like

472K 10K 35
Regardless of the shit they go through there love will always conquer all...And he being over possessive it doesnt help. King is a big time thug king...
35.5K 894 44
This is about JENKAI's life after the so-called "Breakup". Will they get caught again? ---------- "I love you so much. We made it, Baby. Welcome to...
3.5M 145K 61
The story of Abeer Singh Rathore and Chandni Sharma continue.............. when Destiny bond two strangers in holy bond accidentally ❣️ Cover credit...
2.8K 466 7
සැරි සරන මතක අතර... මම සොයමි තවම නුබව.... මම විදිමි තනිව නුබව........🥀🥺 නොකියමි...... මග බලා හිදින බව නුබට..... ඒත්, බලාගෙන හිදිමි එය, දැනෙනතුරු ...