| අපේ යාලු පුංචි භූතයා | Ongo...

By t_Sukii_7

19.5K 2.1K 3.3K

| දෛවයට හැකිනම් වෙන් කරන්න. අපිට ඇයි බැරි ආයෙ ආයෙත් හමුවෙන්න | ❝ දන්නවද නුඹ, මා මතක් කරලම හුස්ම ගත් පළවෙනි ද... More

පිවිසුම 💭
පළමුවන සිහිනය 💭
දෙවන සිහිනය 💭
තෙවන සිහිනය 💭
හතරවන සිහිනය 💭
පස්වන සිහිනය 💭
හයවන සිහිනය 💭
සත්වන සිහිනය 💭
අටවන සිහිනය 💭
නවවන සිහිනය 💭
දහවන සිහිනය 💭
එකොළොස්වන සිහිනය 💭
දොළොස්වන සිහිනය 💭
දහතුන්වන සිහිනය 💭
දාහතරවන සිහිනය 💭
පහළොස්වන සිහිනය 💭 bonus
දහසයවන සිහිනය 💭
දාහත්වන සිහිනය 💭
දහඅට වන සිහිනය 💭
දහනව වන සිහිනය 💭
විසි වෙනි සිහිනය 💭
විසි එක් වන සිහිනය 💭
විසි දෙවන සිහිනය 💭
විසි තුන්වන සිහිනය 💭
විසි හතරවන සිහිනය 💭
විසි පස්වන සිහිනය 💭
විසි හය වන සිහිනය 💭
විසි අට වන සිහිනය 💭
විසි නව වන සිහිනය 💭
තිස්වෙනි සිහිනය 💭
තිස් එක්වෙනි සිහිනය 💭
තිස් දෙවෙනි සිහිනය 💭
තිස් තුන්වෙනි සිහිනය 💭
තිස් හතරවැනි සිහිනය 💭
තිස් පස්වැනි සිහිනය 💭
තිස් හයවැනි සිහිනය 💭
තිස් හත් වන සිහිනය 💭
තිස් අටවන සිහිනය 💭
තිස් නව වන සිහිනය 💭
හතළිස් වන සිහිනය 💭
හතලිස් එක් වන සිහිනය 💭
හතලිස් දෙවන සිහිනය 💭
හතලිස් තුන්වන සිහිනය 💭
හතලිස් හතරවන සිහිනය 💭
හතලිස් පස්වන සිහිනය 💭

විසි හත්වන සිහිනය 💭

245 36 40
By t_Sukii_7

නුවර අහස යට.............

අවුරුදු ගානක් ගෙවිලා ගියා...ඒ අවුරුදු ගානටම නුවර අහස යට ගොඩක් දේවල් වෙනස් වෙලා තිබුණා.....

දැන් සිහිනට වයස අවුරුදු දහයයි......

කාලය හරි ඉක්මනින් ගත වෙලා ගිහින් තිබුණෙ ඒ ගමේ හැම කෙනෙක්ගෙම ජීවිත වල ගොඩක් වෙනස්කම් ඇති කරලා. මල්ලිකාගෙ ධෛර්යය නිසාම පුංචි සිහිනගෙ එක වසරෙ ඉදන් මේ වෙනකන්ම ඉස්කෝලෙ ගමන නතර නොවී තිබුණා...සිහින ඉගෙනීමට ගොඩක් දක්ෂයි....සිහින දැන් ශිෂ්‍යත්ව විභාගේ සමත් වෙලා ලොකු ස්කෝලෙට යන්න ඔක්කොම සූදානම් වෙලයි තිබුණෙ...

"මේ දරුවා කොහෙ ගියාද?"

උදේ පාන්දරම මැටි හට්ටිය ලිපේ තියන ගමන් වලව්වට යන්න දතකට මදින පියතිලකට ඇහෙන්න කෑ ගැහුව මල්ලිකා ඉස්සරහ දොරකඩට ඇවිත් හිටගත්තා...

"සිහින!!!!!!!"

සිහිනගෙ නම කියමින් පුළුවන් තරම් සද්දෙන් කෑ ගැහුව මල්ලිකාගෙ හඩට මිදුලෙ ගස් වල වහලා හිටපු කුරුල්ලො රංචුවත් සී සී කඩ විසිරිලා ගියා....ඒත් සිහිනගෙ රුව නම් පේන මානෙක තිබුණෙ නෑ...ගෙවුණු අවුරුදු පහටම සිහින පියතිලක සමග ටවුමට ගිය මොහොතක හැර තනිවම ගමෙන් පිටතට ගිහින් නොතිබුණා...

"මේ දරුවා පාන්දරම කොහෙ ගියාද...."

මල්ලිකා තමන්ටම මුමුණමින් කල්පනා කරේ මේ කොල්ලා තමන් යන්න තහංචි කරපු අහකවත් ගියාද කියලා...

ආක්ෂ ගිය පසුව දොළ පාරත් ඇහැළ සෙවණත් ඔහු නැතුව පාලුවට ගියා...පාසල් වැඩ නිමවී මොහොතක් ඇහැළ සෙවණේ රැදෙන්න සිහින අමතක නොකළත් ගෙවුණු අවුරුදු කිහිපයම ඇහැළ හෙවණ පුංචි කොල්ලො දෙන්නගෙ දගකාරකම් නැතුව වෙල් යාය මැද තනි උනා.....

"ආන් නංගියේ මන් දැක්කා කොල්ලා සොහොන ලග ඉන්නවා."

හැම අවුරුද්දකම වගේ කුඹුරෙ වැඩ කරන ගමේ පිරිමි උන්දැලෑගෙ අත් උදව්වට වගේම කෑම බීම එක්කාසු කරගෙන සහයෝගයෙන් වැඩ කරන ගැමි ගැහැණු තම තමන්ගෙ රාජකාරි අකුරටම ඉටු කරා....

ඉතින් අදත් ඒ වගේම වේවැල් කූඩවල බහාලපු කෑම බීම රැගෙන ගැහැණු උදවිය පෙළට කුඹුරු දිහාවට පියමනින මොහොතක සිහිනගෙ ගෙදර ඉදන් ඇහුණ මල්ලිකාගෙ කටේ සද්දෙට කඩුල්ල ලගම නතර උන ගැමි ගැහැණියක් මල්ලිකාට උත්තර බැන්දෙ කොපමණ කතා කරත් මල්ලිකාගෙ ගිරිය කැඩෙනවා මිසක්කා කොල්ලා නම් ඇහෙණ මානෙක නෑ කියලා දැනගෙන ඉදපු නිසා...

ගැමි ගැහැණිය එහෙම කියලා යන්න යද්දි මල්ලිකා ආයෙම කුස්සියට ගෑටුවේ තරහෙන්....

"අම්මේ...."

මොහොතකට පසු ගෙදර සාලෙ කෑල්ල දිහාවෙන් ඇහුණ සිහිනගෙ කටහඬට මල්ලිකා අත තිබුණ හැන්දත් ඇතිව සාලෙ දිහාවට ආවේ කෑ ගහගෙනමයි...

"මන් උඹට කියලා තියෙනවා නේද මහ පාන්දරටයි හවස් ජාමෙටයි තනිපංගලමෙ සොහොන් කෑල්ල අස්සෙ යන්නෙපා කියලා."

තමන් ඉදිරියේ හිටගෙන ඉන්න සිහිනට හැදිමිට මානවමින් තරවටු කරද්දි ඉහළට එසවුණ දෑස් වලින් මල්ලිකා දිහා බලාගෙන ඉදපු සිහිනගෙ ඒ තොල් පුංචි කාලෙ වගේම නොපිට පෙරළුනා.

සිහිනගෙ කොණ්ඩෙ ඒ ගෙල තෙක් වැඩිලා තිබුණා...ඒ ඇස් වල ඉස්සරටත් වඩා ගැඹුරක් පෙනුනා.. සුදුම සුදු බෝලයක් වගේ උන සිහින එන්න එන්නම ලස්සන කොලු ගැටයෙක් වෙද්දි ගමේ හැමෝගෙම වගේ ආකර්ෂණය සිහිනට ලැබිලා තිබුණා....

"අනේ...අම්මේ...අත්තම්මා මන් එනකන් බලන් ඉන්නවනෙ"

පුංචි කාලෙ ඉදන් ඇගිල්ලෙ එල්ලිලා වලව්වට එක්කරගෙන ආව ගිය, සිහිනව හැමදේකින්ම පරිස්සම් කරපු පුංචි සිහිනගෙ ආත්තම්මා සිහිනව තනි කරලා ගිහිල්ලා දැනට අවුරුද්දක් පමණ ගත වෙලා තිබුණා... ඇයව සිහියට නැගෙන හැම මොහොතකම අවේලාවේ කියලා නොබලා මල්ලික්කාගෙත් ඇස් වලින් වහන් වෙලා සිරියාවතීගේ සොහොන් කොත වෙත යන සිහින මඳ වෙලාවක් හෝ ඇය සමග එහි රැදෙමින් කතා කරන්න පුරුදු වෙලා හිටියා....

පොළවට දැනෙන නොදැනෙන ගානට මල්ලිකා ඉස්සරහ අඩි හප්පමින් කකුල් ගසපු සිහින අත් දෙකත් පපුවට කරලා බැදගනිද්දි මල්ලිකා ආයෙම කුස්සියට දිව්වේ ලිපේ තිබ්බ කිරි හොද්ද මතක් වෙලා... සිහිනත් තම මව පස්සෙනම කුස්සියට ඇවිත් කුස්සිය මුල්ලෙ තියලා තිබුණ ලී බංකුව අරන් වාඩි උනා...

"උඹට බඩගිනිද..?"

තවමත් ලිප උඩ පැහෙන කිරි හොද්ද හැදිගාන ගමන් එහෙම ඇහුව මල්ලිකා හැදි අගට ගත්ත හොදි ස්වල්පයත් අල්ල මතට දාලා රස බලලා හැඳ සිටි රෙදි කඩේම අත පිහදාගත්තා...

"නෑ අම්මේ.."

"ඇයි උඹ මොනවද කෑවේ..?"

"පේර ගෙඩියක් කෑවා."

"කොහෙන්ද? උඹ අර සොහොන් කෑල්ල ලග ගහෙන්ද ඒකත් කැඩුවේ?"

හැදි මිටත් ඉදිරියට දිගු කරමින් තරවටු කරන මල්ලිකා දිහා ඇහැ කොනෙන් බැලුව සිහින ආයෙම තමන් ගේ වැඩේට අවධානෙ දීලා බිම බලාගෙන කේන්තියෙන්ම තමන්ගෙ තොල් දෙක උල් කරගත්තා...

"නැහැ සොහොන් කෑල්ලෙ ගහේ පේර රස නැහැ අම්මේ දොළ පාර ගාව ගහෙන් කැඩුවේ.."

නරියා මිදි තිත්තයි කිව්වා වගේ ලොකු බේගලයක් ඇද බාලා බාගෙට සුද්ද කරලා තිබුණ පලා මිටියෙ ඉතුරු ටිකේ නටු කඩමින් ඉන්න සිහින මල්ලිකා දිහා හොර වැඩක් කරපු ගානට ඇස් උස්සලා බලලා ආයෙම පලා ඇහිදින්න ගත්තා...මල්ලිකා නම් ලිප එක්ක ඔට්ටු වෙන නිසා සිහිනගෙ ඉරියව් ගැන ඇයට ගානක් නැති උනා...

"සිහින!! උඹට බෑ මට බොරු කරන්න."

"හ්ම්ම්...."

"උදේ පාන්දර රවුම් ගහන් නැතුව පොතක පතක වැඩක් කරගනින් පුතේ."

"හරි හරි අම්මේ...අද පියුම් මාමා ආවේ නැද්ද...?"

"තවම නැහැනෙව..."

.

ට්‍රීං ට්‍රීං ට්‍රීං.......................

මතක් කරලා මොහොතක් යන්න කලින් ඈතින් ඇහුණ පියුම් මාමගේ බෙල් එකේ සද්දෙ ඇහෙන දිහාවට ඉබේටම ඔලුව හැරෙව්ව සිහින අතේ තිබුණ පලා මිටියත් බිම දාලා ඉස්සරහට දුවගෙන ආවේ හැමදාමත් අපේක්ෂාවෙන් බලාගෙන ඉන්න ඒ ලියුම් කඩදහිය අදවත් ලැබෙයි කියන දැඩි අපේක්ෂාවෙන්.....

අවුරුදු පහක් කියන්නෙ ලේසි පහසු කාලයක් නෙමෙයි... වලව්වට මසකට පමණ පෙර දුරකතන ඇමතුමක් ලැබී තිබුණ බව සිහින දැනගෙන උන්නා...ඒත් ඒ කතා කරේ සජීවනීද ආක්ෂද කියන වගක් නොදන්න සිහින දුක් උනේ ආක්ෂ නගරෙට ගිය පසුව තමන්ව අමතක කරලා කියලා හිතලා....නමුත් ඒ අවුරුදු පහටම ආක්ෂ තමන්ට දුන් පොරොන්දුව ඉටු කරලා ලියුම් කඩදහියක් එවනකන් හැම සිකුරාදා දිනකම කඩුල්ල ලගට වෙලා බලන් ඉන්න එක සිහින තම පුරුද්දක් කරගෙන තිබුණා....

ඉස්සරහ දොරෙන් එළියට පැනලා වැට කඩුල්ල ගාවට ආව සිහින ඒ ආවේ පියුම් මාමා කියල තහවුරු කරගත්තට පස්සෙ කඩුල්ලෙන් එබිලා බලන් හිටියේ උන්දෑ තමන්ගෙ ගෙදර ලගටත් ඒවි කියලා....

සිහිනගෙ හිතේ තිබුණ සතුට එන්න එන්න වැඩි කරලා ඔහුගෙ බයිසිකලය සිහින ඉස්සරහම කඩුල්ල ගාව නතර උනා....

"මාමේ අදවත් ම..ට.. ලියුමක් නැතිද...?"

දිලිසෙන ඇස් වලින් බලාගෙන හරිම දුක හිතෙන හඩකින් එහෙම අහපු සිහින දිහා බලලා පියුම් මාමාත් ලාවට හිනා උනේ මේ අවුරුදු ගානටම ලියුම් බෙදන්න ආව හැම දවසකම මේ වාක්‍යය අහලා අහලම ඔහුට දැන් හොඳට හුරු පුරුදු නිසා... පුංචි කොල්ලා ගැන තිබුණ අනුකම්පාවකුත් ඒ බැල්ම ඇතුළෙ ගැබ්වෙලා නොතිබුණාම නෙවෙයි.....

"ඉන්න ඉන්න...අදනම් මෙහාට ලියුමක් තිබුණා..."

ඔහු එහෙම කියද්දි නම් සිහිනගෙ ඇස් සතුටෙන් දිලිසෙන්න ගත්තා...නොඉවසිල්ලෙන් සිහින බලාගෙන හිටියේ ලියුම් ගොඩෙන් සිහිනට අයිති ලියුම තෝරන පියුම් මාමා අතැති ලියුම් ගොඩ දිහා...

"ම්ම්...ඔන්න අන්තිමේ පුංචි මහත්තයාගෙන් ලියුම් කඩදහියක් තියෙනවා"

අවසානෙදි තමන්ට අයිති ලියුම තමන්ගෙ අතට ලැබෙනවත් එක්ක කියාගන්න බැරි සතුටකින් ඒක අත් අතරට ගත්ත සිහින නිරායාසයෙන්ම එය පපුවට කරලා අල්ලගෙන පියුම් මාමා දිහා බලලා හරි ලස්සනට හිනා උනා...ඒ ඇස් වලට නොදැනිම උනපු කදුලු වලට හිනාවෙන ඒ ඇස් දිලිසෙන්න ගත්තා...

"එහෙනම් මන් ගිහින් එන්නම් කොල්ලො..."

සිහින යන්තම් ඔලුව වනද්දි පුංචි කොල්ලගෙ සතුටු කදුලු වලට හේතුවක් වෙන්න ලැබුණ සංතෝසයත් එක්ක සිනාමුසු මුහුණින් කොල්ලගෙ ඔලුව යන්තම් අතගාලා බයිසිකලේ හරිබරි ගැහුණ ඔහු නැවතත් යන්න සැරසුනා...මැටි පාර දිගේ ඈතට ඇදෙන පියුම් මාමා දිහා සිහින බලාගෙන හිටියා...වසර ගණනක බලාපොරොත්තු එක්ක ආක්ෂගෙන් ලැබුණ ලියුමට ඒ හදවතේ ගැස්ම වැඩි කරන්න පුළුවන් උනා....

පපුවට තුරුල් කරගත්ත ලියුම් කඩදහිය තම පපුවෙන් මෑත් කරලා ඉස්සරහට අරන් ආව සිහින එකවරම දුවන්න ගත්තේ තමන්ට හැමදාමත් පුරුදු ඇහැළ සෙවණ හොයාගෙන....

කුඹුරෙ වැඩ කරන ගොවියොන්ගෙ පවා අවධානෙ අරගත්ත පුංචි සුරදූතයෙක් වගේ, සිහින නියර දිගේ දුවගෙන ඇවිත් ඇහැළ ගහ යටට ගොඩ වෙද්දි හමං ආපු සුළං රැල්ලත් අද සිහිනගෙ සතුටට හේතුවක් උනා...ඒ හිතේ අද තිබුණෙ පුදුමාකාර සතුටක් වගේම කුතුහලයක්...ආක්ෂ ලියුම් කඩදහියෙ මොනවා කියලා එවා ඇතිද යන කුතුහලය ඔහුගෙ හැසිරිම කලබල කරලා තිබුණා..

ඈත කුඹුරු යායේ වැඩ කරන ගොවීන් තම තමන්ගෙ රාජකාරි වල නියැලිලා ඉන්දෙද්දි මෙහා මායිමේ ඇහැළ සෙවණ යට පුරුදු විදියටම තණ පිස්සෙ වාඩි උන සිහින මෙතෙක් තම අත් අතරෙ රැදිලා තිබුණ ලියුම් කඩදහිය හරි පරිස්සමට කඩන්න ගත්තා...

ආක්ෂ තැපැල් කළ දිනට වඩා ලියුම සිහිනගෙ අතට ලැබෙනකොට දින කිහිපයක් ගත වෙලා තිබුණත් ආක්ෂගේ සුවද තාමත් එහි යන්තම් රැදිලා තිබුණා.. ලියුම දිගඇරලා හෙමින් සැරේ නාසය ලගට ගෙනාව සිහින නාස් පුඩු වලින් ඒ පුරුදු සුවද ඉහළට ඇදගත්තා... ලියුම් කඩදහියේ රැදුණ සුවද නිසා සිහිනගෙ ඇස් වල නොදැනිම කදුලු පිරුණේ ආක්ෂගෙ සුවද පිරුණු ඒ උණුහුම මතක් වෙලා....

කොතරම් කාලයක් ගත වෙලා තිබුණත් ඒ පුංචි හිතේ ආක්ෂගෙ සුවද තවමත් හොදින් රැදිලා තිබුණා...ඒ වගේම කොතරම් කාලයක් ගියත් ආක්ෂට තමන් දුන් පොරොන්දුවත් මතකයේ තිබුණා..

අවසානෙ දිගෑරගත් ලියුම් කඩදහියේ උඩම පේළියේ අකුරු කරලා තිබුණ ආක්ෂගෙ වචන උඩ සිහිනගෙ ඇස් නතර උනා...

.

❝ ආදරණීය සිහින..,

ඉතින් කොහොමද මගෙ සුදු බෝලේ....?

මන් දන්නවා දැන් ඔය මූණෙ හරි ලස්සන හිනාවක් තියෙනවා කියලා. ඒ හිනාවට හේතුවක් වෙන්න මෙච්චර කල් ගත්තට සුදු බෝලෙගෙ අභී අයියට සමාව දෙන්න සිහින...සමාව දෙනවා නේද?

ඒ වගේම සිහින පරිස්සමින් ඉන්නවා නේද...?ආයෙ දුවලා තුවාල කරගත්තෙ එහෙම නැහැ නේද... මන් දන්නවා, සිහින අයියට දීපු පොරොන්දුවක් කඩ කරන්නෙ නැහැ කියලා...

ඔයාගෙ අභී අයියා ලියන පළවෙනි ලියුම් කඩදහිය මේ.. ඉතින් මොනවා ලියන්නද කියලා අයියට හිතාගන්න බෑ..ඒ වගේම අවුරුදු පහක හැගීම් කොල කෑල්ලකට අරගෙන ඉවර කරන්නත් බෑ...සිහිනට දැන් හොඳට අකුරු කියවන්න පුළුවන් කියලා මන් දන්නවා. මගෙ පළවෙනි ලියුම ලියන්න මෙච්චර කල් ගන්න ඒකත් හේතුවක් වෙන්න ඇති....

මුලින්ම කියන්නොන, නගරෙ හරිම ලස්සනයි. උස ගොඩනැගිලි පිරිලා... ගමට වඩා ගොඩක් දේවල් මෙහේ තියෙනවා...ඒත් ගමේ තියෙන නිස්කලංක බවනම් මෙහේ නෑ...ඒත් සිහින ආසයි නම් අයියා ආයෙම ආවම සිහිනව එක්ක එන්නම් නගරෙ බලන්න....ඒත් ඒකට ටිකක් කල් යයි....අයියා එනකන් බලන් ඉන්නවා නේද....?

මන් දන්නවා මගෙ සුදු බෝලේ මේ අවුරුදු ගානම එකම එක ලියුම් කඩදහියක් වෙනුවෙන් බලන් හිටියා කියලා...ඒත් මෙහේ ජීවිතේ හරිම කාර්යයබහුලයි සිහින. අප්පච්චි කතා කරත් විභාගෙට ලකුණු මදි කියලා බනිනවා...එතකොට අයියා හිත හදාගන්නෙ සිහිනව මතක් කරගෙන...ලග නැති උනත් සිහින එයාගෙ අභී අයියගේ හිත හදන්න හැමදාමත් හිටියා...ඒ වගේ සිහිනටත් එයාගෙ අභී අයියව දැනෙනනවද දන්නෙ නෑ නේද...??

ඒක නෙමෙයි සිහින, මෙහේ ස්කෝලේ හරිම ලොකුයි වගේම ලස්සනයි. සිහින දැන් අලුත් ඉස්කෝලෙට යනවා නේද... මට මෙහේ යාලුවො ගොඩක් ඉන්නවා...ඒත් මට ඉන්නෙ හොඳම යාලුවො දෙන්නෙක්. එක්කෙනෙක් තමයි සදෙව්...එයාව සිහින දන්නවනෙ. අනික් කෙනා විශාක....මන් දවසක එයාවත් අදුන්වලා දෙන්නම්කො. එයත් ආසාවෙන් ඉන්නෙ මගෙ සුදු බෝලෙව බලන්න... නගරෙ යාලුවො හොඳ උනත් මට සුදු බෝලෙ නැති අඩුව හරියට දැනෙනවා සිහින...

අයියට සිහිනව මතක් නොවුණ වෙලාවක් නැති තරම්... සිහින දැන් ගොඩක් ලොකු වෙලා ඇති නේද?.. බලන්න ආසාවෙ බෑ ඔය මූණ... ඔයාගෙ අභී අයියත් දැන් ඕලෙවල් පන්තියේ... හැමදාම මගේ ඇගේ දැවටි දැවටි ඔඩොක්කුවට වෙලා කතා කිව්ව පුංචි සිහිනව හරියට මතක් වෙනවා අයියට... සුදු බෝලෙ නැතුව අයියට ගොඩක් පාලුයි.....

අපි හැමදාම තුරුල් වෙලා හිටපු ඇහැළ සෙවණ පාලුවට ගිහින්ද....?? කියන්න එයාට අභී අයියා ඉක්මනින්ම එන්නම් කියලා... එතකොට දොළ පාර?.... අපි නැතුවත් තාලෙට පහළට ගලන් යනවා ඇති නේද....?? ගමේ කොල්ලො කරදර කරොත් මට ලියුම් කඩදහියක් එවන්න.....මන් ඒගොල්ලන් ගැන බලාගන්නම්...

ලොකු විභාගෙ ලග නිසා අයියට හරියට වැඩ. ඔය ඔඩොක්කුවේ ඔලුව තියාගෙන ඇස් පියාගන්න ටිකට දැනුන සැනසීම හොරු අරන් ගිහින් වගේ.....සිහින දන්නවද, අයියා හැමදාම හිත හදාගත්තෙ අපි එක අහසක් යට හරි ඉන්නවා නේද කියලා හිතලා...කොළඹ අහස යට, නුවර අහස යට දෙතැනකට වෙලා හිටියත් අයියගෙ ලෝකෙම සිහින කියලා දන්නවා නේද.....???

සමහර දාට අයියා රෑ අහස දිහා බලාගෙන ඉන්නවා...ඒ ඈත පේන මගේ හඳ ඔයා...අයියා දැන් ලියන්නෙත් ජනෙල් කවුළු අතරින් පේන ඒ හඳ දිහා බලාගෙන. සමහර රැයවලට හඳ ගාව තියෙන්නේ එක තරුවයි. ඒ මම වෙන්නෝන.... ඒත් සමහර දවස් වලදී ඒ තරුව හඳෙන් ඈතට වෙලා හඳේ ලස්සන වැඩි කරනවා මන් බලාගෙන....තවත් කාලෙකදි හඳ ගාවින්ම ඉඳගෙන හඳේ තනි මකනවත් මම දැක්කා...ඉතින් අමාවක දවසට හඳ නොපෙනී ගියත් ඒ තරුව බලාගෙන ඉන්නේ ආයෙ ලස්සනට හඳ පායලා එනකම්... ඒ හිතේ තියෙන හැමදේම රහසින් මුමුණන්න...

හඳ අහසෙ ලස්සනට පායලා තියෙන හැම දවසකම ඒ තරුවෙ එළිය වැඩි වෙන්නේ ඇයි කියලා මං දැනගත්තෙ සිහිනත් මගේ ළඟින් හිටිය ඒ දවස්වල කියලා, දැන් මට තේරෙනවා... ඉතින් ආයෙම මට අයිති ඒ එළිය හොයාගෙන එනකන් පරිස්සමින් ඉන්න මගෙ සඳ.....!!

දන්නවද...සිහිනගෙ චූටි කමිසෙ තාමත් අයියා ලග පරිස්සමින් තියෙනවා. සිහින ලගත් මගෙ කමිසෙ තවමත් තියෙද.....??

මන් දන්නවා ඔය පුංචි හිතට මේ වචන තාම බර වැඩි කියලා...සිහින තව ලොකු උනාම මේක අනිවාර්යයෙන් කියවන්න....එදාට මේ වචන වල තියෙන දැන් නොදැනෙන දේ ඔය හිතට තේරේවි........

තව කතා කරන්න ආස උනත් පිටුවෙ ඉඩ මදි....

මේ අලුත් ජීවිතේට සුදු බෝලේ නැති අඩුව පිටු සිය ගණනකින් ලිව්වත් ලියලා ඉවර කරගන්න බැරි වේවි...ඒ නිසා අභී අයියා මෙතනින් නවතින්නම්...

පරිස්සමින් ඉන්න....

පුළුවන් උනොත් උත්තර ලියලා පියතිලක අත මේ ලිපිනයට ලියුම් කඩදහියක් එවන්න.....අයියා බලාගෙන ඉන්නවා...

සුදු බෝලෙ ගේ ආඩම්බර අභී අයියා...❞

.

.

ලියුමෙ මුල්ම වචන පේළිය කියවගෙන ගිය සිහිනගෙ ඇස් වල කදුලු පිරුණෙ අවුරුදු ගණනකින් ආක්ෂගෙන් 'සුදු බෝලෙ' කියලා අහන්න ලැබුණ සතුටට වෙන්නැති...ඉතින් ඒ වචන දිහා බලාගෙනම ඒ අකුරු උඩ හරි පරිස්සමින් සිහිනගෙ ඇගිලි දිව්වා...

ලියුම් කඩදහියේ අවසානයට එනකොට ඒ ඇස් කදුලින්ම බොඳ වෙලා තිබුණා...ඒ ඇස් අස්සෙ පොරකාපු කදුලු බිදු අවුරුදු ගාණක්ම හිර කරගෙන හිටපු දුක වේදනාව දිය කරලා හරින්න වගේ පහළට කඩා හැළුණා...කදුලු බිදු දෙක තුනක් කම්මුල් දිගේ බේරිලා කඩදහිය තෙත් කරලා තිබුණා...අද ඒ කදුළු පිහින්න ආක්ෂ සිහින ලග නොහිටියත් ඒ වචන ටිකම සිහිනගෙ පුංචි හිත මහ ගොඩක් සැනසෙව්වා....

"අ...අභී අයියට....මාව...මතකයි......"

ලියුම් කඩදහිය දිහා බලාගෙන සිහින තමන්ටම මුමුණ ගත්තා....ආක්ෂව මතකෙට නැගෙද්දි උනපු කදුලු අතරින් ඒ මුහුණෙ හරි ආදරණීය හිනාවක් ඇදුණා...

අන්තිමට ලියුම් කඩදහිය පරිස්සමින් නවලා ලියුම් කවරෙ ඇතුළට ඔබපු සිහින ලියුම් කවරය සාක්කුවට දාගෙන ඇහැළ සෙවණෙන් නියරට බැස්සේ නිවසට යන්න හිතාගෙන...

"ඒයි කොල්ලො, වරෙන් ඉඹුල් කිරිබත් කෑල්ලක් කාලා යන්න"

සිහින ඇහැළ හෙවණ හොයාගෙන ආවට වඩා දැන් ඒ කකුල් වල වේගෙ අඩු වෙලා තිබුණා... නියර දිගේ හැලහොල්මනක් නැතුව ඉදිරියට ඇවිදගෙන යන සිහින දිහා බලලා ගැමි කාන්තාවක් එහෙම ඇහුවත් කොතරම් ඉඹුල් කිරිබත් කන්න රුසියෙක් උනත් අද සිහිනට ඒ ගැන ගානක් නැති උනා....

"අම්මා බලාගෙන ඇති නැන්දෙ...මන් ගිහින් එන්නම්"

කලින් වතාවන් වල නම් ගොවි මහත්තුරුන්ටත් වඩා කිරිබත් කෑලි දෙක තුනක්ම වැඩියෙන් බඩට දා ගන්න සිහිනව මතක් වෙලා ඒ ගැමි කාන්තාවත් මලානිකව ඉදිරියට ඇදෙන කොල්ලා දිහා පුදුමෙන් බලාගෙන ඉදලා නැවතත් තම රාජකාරි වලට බැස්සා...

"උඹ කොහෙද ගියේ...?"

පියුම් මාමා හොයාගෙන ඉස්සරහට දුවගෙන ආව තමන්ගෙ කොලු පැටියා ආ ගිය අතක් නැති වෙද්දි ඉස්සරහ දොරකඩට වෙලා මල්ලිකා බලාගෙන හිටියා...කොච්චර හුරතලයක් උනත් සිහින ලග තරමක් මුරණ්ඩු ගතිගුණත් පිහිටලා තිබුණා....කඩුල්ල පැනලා ගේ දොරකඩ දිහාට බිමට නැවුණ මූහුණත් ඇතිව ඇවිදගෙන ආව සිහින තමන් සමීපයට එද්දි මල්ලිකා එහෙම ඇහුවත් සිහින තමන්ගෙ හිස බිමටම නවාගෙන හිටියා...

"ඇහැළ ගහ යටට.."

"අදත් අර මනුස්සයොන්ට හදාපු කිරිබත් ටිකට වගකියුවද පුංචි මහත්තයා?"

මල්ලිකාගෙ ඒ වචන වලට උත්තර බදින්න වෙහෙස නොවුණ සිහින බිම බලාගෙනම යන්න ගියත් ඔහුව නතර කරගත්ත මල්ලිකා ඒ නිකට යටින් අත තියලා ඒ මූණ උඩහට හරවගත්තා...මල්ලිකා තරමක් ගැස්සුනේ ඒ සුදෝ සුදු මූණ යන්තම් රතු ගැහිලා තියෙනවා දැකලා....

"මොකද උඹේ මූණ රතු ගැහිලා...ඇඩුවද...?"

"නැ....හැ..."

යනතම් වචනයක් ගැටගහගත්ත සිහින දිහා බලන් ඉදපු මල්ලිකා ඒ කම්මුල් දෙකම තම දෝතින් පිසදාදදි ආක්ෂ මතක් වෙලා සිහිනගෙ කදුලු ආයෙම අලුත් උනා...

"මොකදෑ මේ... පොඩි බේබිගෙන් ලියුම් කඩදහියක් ලැබුණෙ නැද්ද...?"

"ආ..වා....ලියුමක් ආවා අම්මේ.."

කදුලු අතරින් උනත් හිතේ තිබුණ සතුටත් එක්කම එහෙම කියලා මල්ලිකාගෙ බඳ වටේ අත් යවලා බදාගත්ත සිහින මොහොතකට සැනසීමෙන් ඒ ඇස් පියාගත්තා... මල්ලිකාට තුරුල් වෙලා මෙතෙක් රහසින්ම ඉකි ගහපු සිහිනගෙ හැඩිල්ල ලොකු විලාපයක් බවට පත් වෙමින් මෙච්චර කලක් හිතේ තිබුණ ඒ බර ගතිය නැති වෙනකන්ම අද තම මවගෙ තුරුලට වෙලා පුංචි කොල්ලා ඉකි ගහමින් හැඩුවා....

මල්ලිකා ඒ හිස ආදරයෙන් පිරිමැද්දෙ කොච්චර ලොකු උනත් සිහින තවමත් ඉස්සරහ හිටපු පොඩි එකාම කියලා ඒ හිතට යලි යලිත් දැනෙද්දි.....

"එහෙනම් මොකදෑ මේ අඩන්නෙ...?"

"දන්නෙ නැහැ.."

"හරි හරි දැන් නාඩා ඉදින්... කෝ මෙහේ වරෙං මන් බත් ඩිංගිත්තක් කවන්න. උදේම නොකා ඉදලා බඩ පපුව දැවිල්ල ගනීවි..."

එහෙම කියලා කුස්සියට ගියපු මල්ලිකා පිගානක්ද අතැතිව යළිත් සාලෙට ඇවිත් පුටුවක් ඇදලා අරගෙන වාඩි වෙද්දි සිහිනත් ඇය අසලින්ම පුටුවක වාඩි උනා...කට ලගටම ලැබුණ බත් කට කටට අරගෙන හපන මොහොතටත් සිහින ආක්ෂගෙ ලියුමෙ යම් යම් තැන් නැවත සිහිපත් කරා...දැන් නොතේරෙන පසු කලෙක වැටහේව් යැයි කියූ ඒ දේවල් වල තේරුමක් ගැන සිහින කල්පනා කරා...

"මොන ලෝකෙද ඉන්නෙ දරුවෝ.."

මෙතෙක් වෙලා කල්පනා කරමින් කෑම කාපු සිහිනගෙ කට ලගටම බත් කට ගෙනාවත් ඔහුගෙන් කිසිදු ප්‍රතිචාරයක් නැති වෙද්දි කල්පනා ලෝකෙ ගිලිලා ඉන්න සිහින පියවි සිහියට ආවේ මල්ලිකාගෙ කටහඬට...

"ම්..මට ඇති අම්මේ..."

"මේ අන්තිම කටත් කාලාම ඉදින්කො"

"අනේ ඇති අම්මෙ"

සාලෙ මේසෙ උඩ ගෙනත් තියාපු වතුර ජෝගුවෙන් වතුර උගුරු දෙක තුනක් බීපු සිහින දොර රෙද්ද මෑත් කරගෙන කාමරේ ඇතුළට ඇවිත් පාඩම් මේසෙ උඩින් ගත්ත තමන්ගෙ පොතක් ඇතුළෙ හරි පරිස්සමට ආක්ෂගෙ ලියුම් කඩදහිය රදවලා පොත වහලා මේසෙ උඩින් තිබ්බා.....

.


.

නොදැනිම සතියක් ගෙවිලා ගිහින් තිබුණේ සිහිනගෙ අලුත් ඉස්කෝලෙ ඇතුළත් වීමේ දිනයත් උදා කරලා...ගෙවුණු සතියටම ආක්ෂගෙන් ලැබුණ ලියුම කටපාඩම් වෙන තරමට කොල්ලා ලියුමෙ අකුරක් නෑර ආයෙ ආයෙත් කියෙව්වා...කියවන සැරයක් ගානෙ ඒ හුස්ම බර වෙන වගක් වත් සිහිනට ගානක් තිබුණෙ නෑ...පොත් ටික ලෑස්ති කරන්න කලින් පොත ඇතුළෙ දාලා තිබුණ ලියුම් කවරය පරිස්සමින් අල්මාරි ලාච්චුවක තියන්නත් සිහින අමතක කරේ නෑ....

සුදු අත්කොට ෂර්ට් එකට නිල් පාට කොට කලිසම ඇදලා සපත්තු දෙකත් දාගෙන ඉදපු සිහිනව වෙනදා වගේම අදත් හරි ලස්සනට පෙනුනා...සිහින පැළදගෙන ඉදපු කලු සපත්තු දෙක කුමාරිහාමි සිහින ශිෂ්‍යත්ව විභාගේ පාස් උනාට දුන් තෑගි අතර තිබුණත් ඒ හැමදේම ආක්ෂගෙ බලකිරීමත් නිසාම උන දේවල් කියලා අඩුම මල්ලිකාවත් දැන නොසිටියා...

ආක්ෂ ගිය පසුව මසකට වරක් ඔහුට මුදල් යවනවාට අමතරව සිහින වෙනුවෙන් මල්ලිකා අත කීයක් හෝ ගුලි කරන්නත් කුමාරිහාමි අමතක නොකරා....ඒත් ඒ හැමදේම කෝසල ලොකු හාමුටනම් රහසක්ම උනා...

සිරියාවතීගේ වියෝවෙන් පසු සිරියාවතීගෙ රාජකාරිය මල්ලිකාට පැවරුනා...

"මයෙ කොල්ලා අද හැඩයිනේ..."

ඉස්කෝලෙ ඇදුම ඇදලා බිත්තියේ ගහලා තිබුණ කණ්නාඩි කෑල්ලෙන් මුහුණ බලලා කොණ්ඩෙ පීරමින් ඉදපු සිහින ලගට ආපු මල්ලිකා නිහතමානී ආඩම්බරේකින් තමන්ගෙ දරුවා දිහා බලාගෙන හිටියා....

"ඒ උනාට මගෙ කොණ්ඩෙ නැතුව කැතේ බෑ"


ලොකු ඉස්කෝලෙ ගමන නිසා බෙල්ල තෙක් දිගට වැඩී තිබුණ ඒ කැරලි කොණ්ඩෙ කොටටම කපලා තිබුණා. පියතිලක සමග ටවුමෙ සැලෝන් එකකට ගිහින් කොණ්ඩෙ කපවන් ආපු වෙලේ ඉදන් මූණ නාළු කරගෙන හිටපු සිහින ඉස්කොලේ ගමන වෙද්දිනම් යන්තම් හිත හදාගෙන තිබුණා...ගෙදර ආපු වෙලෙ ඉදන් සැලූන් කාරයා එක්ක තරහෙන් තොල් උල් කරගෙන තමන්ගෙ කපා දැමූ කොණ්ඩ අහුර දිහා බලාගෙන සැලූන් කාරයට බැනපු සිහිනව මතක් වෙලා මල්ලිකාගෙ මුවගට සිනහවක් ආවා....

"අනේ නිකන් ඉදපන්. උඹ කොච්චර ලස්සනට ඉන්නවද බලාපන්"

"හ්ම්ම්ම්.."

"කෝ ඉක්මන්ට ගොහින් එන්න...මන් වලව්වට යන්නත් ඕන හවස් වරුවෙ"

මල්ලිකා එහෙම කියලා බෑගය හදන අතරට නිවසින් එළියට බැහැලා මැටි පාර දිගේ ඇවිදගෙන ආපු සිහින වලව්වෙ ගේට්ටුව ඉස්සරහට ඇවිල්ලා නතර උනා... කුමාරිහාමි අත තබන මුදල් වලින් සිහිනගෙ ඉස්කෝලේ ගමනට පිහිටක් උන තැන ඉස් ඉස්සෙල්ලම ලොකු ඉස්කෝලේ යන මොහොතෙ කුමාරිහාමිට කියලා එන්න ඕන බව හිතපු මල්ලිකා සිහිනව වලව්වට පිටත් කරා...

තවමත් ලොකු හාමු වලව්වේ ඉන්න මොහොතක් බව සිහින දැනගෙන හිටියා....ඒ හිතේ තිබුණ ගැස්ම යටපත් කරගෙන ලොකු හුස්මක් පහළට අතහැරිය සිහින වලව් වත්තට ගොඩ වෙලා හෙමින් සැරේ ඇවිදගෙන ආවා....


මුළු වලව්වෙම දොර ජනෙල් හායි ගාලා ඇරලා තිබුණත් වලව්ව ඉස්සරහම තිබුණ පොඩි බේබිගේ කාමරේ ජනෙල් පලු දෙකම අදත් වෙනද වගේම වැහිලා තිබුණා..

"සිහින..!!"

"මැණිකේ......."

ආක්ෂගෙ කාමරේ ජනෙල් කවුළු දිහාම බලාගෙන ආව සිහින ගැස්සිලා ගියේ කුමාරිහාමි ඉස්තෝප්පුවේ ඉදන් කෑ ගහපු නිසා...ලොකුහාමුත් ඊට ටිකක් එපිටහට වෙන්න හිනාව කළදක් නැති නපුරු කමකින් සිහින දිහාම බලාගෙන හිටියා...

"ආ මේක ගනින් කොල්ලො...."

"මොනවද මැණිකේ...."

"මෙහෙ වරෙං ඉස්සෙල්ලා...ඔතන ඉදන් ගන්න බැහැ නෙව"

මිදුලෙ ඉදගෙනම මොනවද අහපු සිහින දිහා බලාගෙනම කුමාරිහාමි එහෙම කියපු තැන සිහිනත් හෙමි හෙමින් බිම බලාගෙනම කුමාරිහාමි කිට්ටුවට ගෑටුවා...

"අද ලොකු ඉස්කෝලේට යන පළවෙනි දවසනෙ. මෙන්න මේක තියාගනින්...ඕන කරන දෙයක් ගනින් ඕකෙන්. "

"මේවා ඕන නෑ මැණිකෙ. මන් ආවේ කියලා යන්න."

"ඔන්න ඕක තියාගනින්"

මේ හැමදේම ලොකු හාමු ඉවසගෙන ඉන්නෙ ආක්ෂ කොළඹ රඳවලා උගන්නන්න බව නොදන්න සිහිනත් හිතේ බයකින් උනත් ඒ මොහොතෙ ඇති උන යම් සතුටක් නිසා කුමාරිහාමි දිගු කරපු මුදල් නෝට්ටුව දෝතින්ම ඒ අත් අතරට ගත්තා...

"හා හා වදින්න ඕන නෑ... කොල්ලො උඹ පලයන් දැන් පරක්කු වෙනවා ඇතිනෙ."

ගන්දෝ නොගන්දෝ කියලා හිතුනත් කුමාරිහාමිට පිටුපාන්න බැරි තැනම එය අතට අරගෙන වදින්න සැරසුන සිහිනව කුමාරිහාමිගෙ වචන නිසා අතරමග නැවතෙද්දි මේ හැමදේම බලාගෙන දොරකඩට වෙලා ඉදපු කෝසල ලොකු හාමු බර අඩි තියමින් ඇතුළට ඇවිදගෙන යන දිහා බලන් ඉදලා නොදැනෙන්න බර හුස්මක් පහළට දාපු සිහින ආයෙම එන්න ආවා......

.

.

.

"අම්මේ...මේ ඉස්කෝලෙ ගමේ ඉස්කෝලෙට වඩා ගොඩක් ලොකුයිනෙ"

සිහිනගෙ අලුත් ඉස්කොලේ අහස උසට පේන ගේට්ටුව ඉස්සරහ ඉදගෙන ගේට්ටු පියන් දෙකත් ඒ අතරින් ඈත පේන උස ගොඩනැගිලි දිහාත් ඇස් යවමින් සිහින එහෙම කිව්වේ පුදුමෙන් දිලිසුන ඇස් වලින් බලාගෙන...

"ඒකනම් ඇත්ත දරුවෝ...දැන් ඉතින් උඹ මහන්සි වෙලා හොඳට ඉගෙන ගනින්....එච්චරයි දවසක උඹට ඉතුරු වෙන්නෙ. තේරුණාද? "

"ඔව්ව් අම්මේ..."

සිහිනගෙ මුළු මුහුණම අතගාලා කොණ්ඩෙත් හදාපු මල්ලිකා සාරි පොටෙන් ඒ ඇස් අග උනපු කදුලු බින්දුව පිහදාගත්තා...

සිහිනගෙත් අතින් අල්ලගෙන ඉස්කෝලෙ ඇතුළට ආපු මල්ලිකා සිහිනගෙ ඇතුළත් වීමේ වැඩ කටයුතු එක්ක ඔට්ටු වෙද්දි සිහින තමන් අතැති පොතත් හරව හරව කාර්යාලය ඉදිරිපිට එහෙට මෙහෙට ඇවිද්දෙ දැනුන කම්මැලි කමට උනත් බිම බලාගෙන වටපිට ගානක් නැතුව ඇවිදපු සිහිනව කාගෙ හෝ උරහිසක වැදිලා පස්සට තල්ලු වෙද්දි ඒ අත් අතර රැදුණ පොතත් බිමට අතහැරුණා...

එහෙමම පොත ගන්න බිමට නැමෙන්න යද්දිම ඇගේ හැප්පුණ සිහිනගෙ වයසෙම උන සිහිනට වඩා තරමක් උස හීන් ඇගක් තිබුණ කොල්ලෙක් බිමට නැමිලා සිහිනට කලින් ඒ පොත අතට අරගෙන කෙලින් හිටගත්තා..

"බලාගෙන ඇවිදින්න දන්නෙ නැද්ද....?"

සිහිනගෙ ඇස් ඒ වෙලාවෙ තමන්ගෙ ඇගේ හැප්පුන අලුත් අමුත්තා ලග නතර උනා...

"මගෙ පොත දෙන්න"

මොහොතක් සිහින දිහා විපරම් කරන ඇස් වලින් බලන් ඉදපු ඒ පිරිමි ළමයා තමන්ට පොත දෙන පාටක් පේන්න නැති නිසා ඔහු දිහාවට අත දිගු කරපු සිහින තමන්ගෙ පොත ඉල්ලුවා...නමුත් ඔහු කල්පනා කරමින් කාර්යාලය දිහාත් බලලා සිහින දිහාවට ඇගිල්ල දිගු කරේ ඔහු යමක් වටහා ගත්ත බව අගවලා...

"ඔයාද අර අලුත් ළමයා..?"

"ඔව්..."

"මම තීනු...ඔයාගෙ නම මොකක්ද??"


සිහිනට තමන්ව අදුන්වලා දුන්න ඔහු සිහින දිහාවට අත දිගු කරා...නමුත් එහෙම දෙයක් ගැන නොදන්න සිහින අත් දෙකත් බැදගෙන අහක බලගත්තේ ඇගේ හැප්පුන වෙලේ ඔහු කෑ ගහපු කේන්තියට උනත් තරහ ගත්ත සිහින දිහා ඇහි බැම අකුලුවලා බලපු ඔහු ඉදිරියට දිගු කරපු අත ආපස්සට ගත්තා...

"මම සිහින...දැන්වත් මගෙ පොත දෙන්නකො"

"මොකද ඔච්චර හදිස්සිය...මමත් ආවේ ඔෆිස් එකට තමයි. ඔයාව ඔයාගෙ අලුත් පන්තියට එක්ක යන්න."

"ඔයා??"

"ඔව් මන් තමයි හය B පන්තියේ පන්ති නායකයා."

"හ්ම්ම්..කමක් නෑ....මගෙ පොත දෙන්නකො..."

"නොදුන්නොත්...?"

"නොදුන්නොත්...මන් ඔයාව උස්සලා නුවර වැවට දානවා.. දන්නවද මන් හරිම දරුණු කෙනෙක්."

සිහින දිහාවට නැමිලා නොදුන්නොත් කියලා කිව්ව ඔහු දිහා සිහින් කරගත්ත ඇස් වලින් බලලා කාර්යාලයට එහායින් කොරිඩෝ දිගේ එහාට මෙහාට යන ළමයි දිහාත් ඔලුව හරවලා බලපු සිහින තීනු ලගට තරමක් ලං වෙලා සිහින් හඩින් උනත් බැරෑරුම් පෙනුමකින් එහෙම කියලා පස්සට උනා...ආක්ෂගෙ උපදෙස් සිහින හරියටම පිළිපදිමින් උන්නා...

ඇස් දෙකත් හීනි කරලා බලාගෙන තොල් උල් කර කර කතා කරන සිහින දිහා ඔහු බලාගෙන හිටියේ හිනාවෙලා...

"ඔයා දන්නවද...ඔයා දරුණු නෙමෙයි ඔයා හුරතල් කියලා..."

"මන් හුරතල් නෑ හරිද..!!!"

"හරි හරි ඔයා හුරතල් නෑ ඔයා කියුට්...."

"කි...උ...ට්...ඒ මොකක්ද...??"

"අයියෝ ඒක දන්නැද්ද...කියුට් කිව්වෙ හුරතල් කියලා ඉංග්‍රීසියෙන්..."

"මන් ඔය ඉංගිරිසි දන්නෙ නෑ..."

"නගරෙ අයනම් ඉංග්‍රිසියෙන් කතා කරනවා..."

එහෙම කියමින් තීනු ඔහු අත තිබුණ පොත සිහින දිහාවට දිගු කරද්දි සිහිනත් පොත තමන් අතට ගත්තා...

"එහෙනම් අයියටත් ඉංගිරිසි පුළුවන් ඇති නේද..."

සිහින තොල් මුමුණමින් තමන්ටම කියාගත්තා...ඒ වචන එක්ක සිහිනගෙ හිතට ආපු පළවෙනි දේ උනේ ආක්ෂත් හොඳට ඉංග්‍රීසි කතා කරනවා ඇති කියලා වෙද්දි ඒ මූණෙ ආක්ෂ මතක් වෙලා ලස්සන හිනාවක් ඇදුණා.. ඒ හිනාවට හේතුවක් නොදන්න පොඩි පිරිමි ළමයත් සිහිනගෙ ඒ ලස්සන හිනාව දිහාම බලාගෙන හිටියා...

"කවුද අයියා...??"

සිහින තොල් මුමුණමින් කියපු දේ යන්තම් ඇසුණ ඔහු සිහිනගෙන් එහෙම ඇහුවත් ඒ එක්කම කාර්යාලෙ දොර ඇරෙද්දි සිහිනගෙ වගේම තීනුගෙත් අවධානෙ කාර්යාල දොර දිහාවට යොමු උනා...ඉතින් ඔවුන්ගෙ කතා බහ එතනින් අහවර උනේ එළියට ආපු මල්ලිකාත් පන්තිභාර ගුරුතුමියත් නිසා...

.

.

.

.

හායි ළමයි.......

අදහස් කියන් යන්න....

තීනු ගැන....?

ඉස්සරහට මොනවා වෙයිද ..?

වෝට් කමෙන්ට් කරන හැමෝටම සුකී ගොඩක් ආදරෙයි 😘❤

ඒ වගේම සමාවෙන්න ළමයි Announcement එකේ 28 කොටස කියලා දාලා තියෙන්නෙ වැරදිලා හොඳද 27 වෙනි කොටස වෙන්නෝනි... 👉👈

ඉක්මනින් හමුවෙමු...ඊළග සිහිනයෙන් 👉👈

Sukii ✍️

Continue Reading

You'll Also Like

55.3M 1.8M 66
Henley agrees to pretend to date millionaire Bennett Calloway for a fee, falling in love as she wonders - how is he involved in her brother's false c...
53.9M 1.3M 70
after a prank gone terribly wrong, hayden jones is sent across country to caldwell academy, a school for the bitchy, the dangerous and the rebellious...
Until You By Lily Orevba

Historical Fiction

3.4M 192K 50
With her family bankrupt and the man she loved now married to another woman, Gretchen decides to move to London to fix what's left of her life. Retur...
1.2M 27.6K 45
UNDER EDITING "Listen May" Ace said with a pleading voice. "No Ace! You listen, I was not the one who ended our relationship! I was not the one who d...