හෙල්මට් එක ගැලෙව්වමයි දැක්කෙ ඒ එදා වික්ටර්ගෙ ඔෆිස් එකේ මේඝනා එක්ක හිටිය අනික් කොල්ලා....එකපාරටම මන් දිහාවට ගන් එක එල්ල කරපු විදියට ටික වෙලාවකට මාව හොදටම බය කෙරෙව්වා..ඒක විහිලුවක් වගෙත් නෙවෙයි ඒ මනුස්සයගෙ ඇස්වල තරහව පිරිලා..ඒ මනුස්සයගෙයි මගෙයි ඇස් එකට ගැටිලා..එකපාරටම වෙන්න යනදේ තේරුණ මන් ඇස් පියාගත්තා..එකපාරට වෙඩිල්ලක ශබ්දයක් කන් දෙක පුපුරන තරම් ශබ්දයක් ඒත් මන් තාම ඒ විදියමයි ඇස් පියන් හිමීට ඇස් ඇරියෙ මොකක්ද උනේ කියල බලන්න..
ඔව් මගේ ඉස්සරහා තවත් කෙනෙක් හිටගෙන මගේ පපුව පසාරු කරන්න ආව වෙඩිල්ල මගෙ ඉස්සරහ ඉන්න කෙනාගෙ පපුවට වැදිලා..ඒ වෙන කවුරුත් නෙවෙයි මේනා...වෙඩි තියපු මනුස්සයත් වටේ හිටපු හැමෝමත් ගල් ගැහිලා...මේනා වැටෙන්න කලිම් මේනව ඉක්මනට අල්ලගත්ත මන් මේනා දිහා බැලුවෙ ගොඩක් දුකින්...කාර් එකෙ හිටිය විශූ පවා එලියට ඇවිත්..එකපාරටම අර බයික්කාරයා ආය බයික් එකෙන් බැහැලා ඇවිත් මට පයින් පාරක් ගැහුවා...ඒ පා පහර මන් බලාපොරොත්තු උන්නැති නිසා මේනා මගේ අතින් බිම වැටෙද්දි මන් නතර උනේ පාරේ මැද උඩුබැලි අතට වැටිලා..වැටිච්ච පාරට මගේ මූණ වැදුන පාරට මගේ මූණ හීරිලාගිහින්...මෙච්චර වෙලා නිහඩ වෙලා හිටිය බයික්කාරයා මේනා ලගට දුවන් ගිහින්
"මගේ නන්ගි..රත්තරනෙ මේ අයියට සමාව දිපන් බන්.."
හිමීට වචන එකතු කරන් අමාරුවෙන් ඒ බයික්කාරයා දිහා බලපු මේනා...
"දේශිව මරන්නෙපා අයියෙ.." එකපාරටම සිහිසුන් උන මේන දිහ අපි හැමෝම බලන් හිටියෙ ලොකු හිතේ අමාරුවකින්...ඒ එක්කම මන් ළගට දුවන් ආව විරාට් මාව නැගිට්ටවලා අශ්වින් ලගට ගිහිම් අශ්වින්ගෙ බෙල්ලෙන් අල්ලලා ඉස්සුවෙ කාටුන් චරිතෙක බොඩි බිල්ඩර් ඉරට්ට වගේ ඉන්න මනුස්සයාව උඩට උස්සනව වගේ ...විරාට් එක්ක ආව මගෙ අනික් බොඩිගාඩ්ස්ලාට ඉක්මනට මන් මේනාව අරන් ප්‍රයිවට් හොස්පිටල් එකකට යන්න කිව්වෙ කරදරයක් වෙන්න කලිම් මේනා එක්ක විශූවත් යැව්වෙ මෙතන ඉදලා විශූට කරදරයක් වෙයි කියල බයට...
ඒත් විශූට බය එයා ගැනවත් මේනා ගැනවත් නෙවෙයි මන් ගැන..."ඔයා පරිස්සමෙන් ඉන්න දේශි ,තුවාල කරගන්නෙපා ..මන් සනූට මොකක් කියන්නද ඒම උනොත්"
එහෙම කියපු විශූ වාහනේ නැගලා මේනවත් අරන් වන්ගුවේ නොපෙනි යනකම් මන් බලන් හිටියා...ඒ එක්කම විරාට්'ට කතා කරපු මන් බයික්කාරයව ජීප් එකට දාගත්තේ මේ වගෙ කරදරකාරන්ව අරන් යන තැනට යන්නකියල හිතන්...
ගියපු ගමන් විරාට් අශ්වින්ව පුටුවකට තියලා ගැට ගැහුවේ මූ පාලනය කරගන්න අමාරු යක්ෂයෙක් නිසා..
ඊටපස්සේ ටිකක් වෙලා යනකම් කාටවත් අශ්වින් ලගට යන්න දුන්නැති මන් අශ්වින්ට පේන්නැති තැනක ඉදන් අශ්වින් දිහා බලන් හිටියෙ අත්බැදලා ගැටගහලා තිබ්බත් කටේ සැරනම් පොඩ්ඩක්වත් අඩු නැතිනිසා...
"මාව එකම එකපාරකට අත් ඇරපන් දේශි..මන් කව්ද කියල ඊටපස්සේ මන් උබට පෙන්නන්නම්..."
"ආශ් මේ මිනිහගෙ කට යකෝ..දෝන්කාර දෙනව..විරාට් යන් එතනට"
මන් එහෙම කියන් විරාට් එක්ක අශ්වින් ඉන්න තැනට ගිහිම් හරියටම අශ්වින් ඉස්සරහින් වාඩි උනේ කකුලක් උඩ කකුලක් දාගෙන
කොහොම උනත් අශ්වින් ඉස්සරහට ගියාම රතුපාටට හැරිච්ච ඇස්වලින් මන් දිහා අශ්වින් බැලුවේ මරන් කන්න වගේ...
ඒ එක්කම ඌ
"මාව අතෑරපන් බැල්ලියේ..තෝව මරනවා මන් අද"
මට කතා කරපු විදියට මගේ රතු කට්ට පනින්න ආවත් මන් ඉවසුවෙ මගේ එකම එක වචනෙකින් මූව ඉවර කරන්න බලන් විරාට් ඉන්න නිසා..
"අශ්වින්..මොකක් නිසාද තමුසෙ මෙච්චර මගෙ පස්සෙන් පන්නන්නෙ අහ්.."
"තමුසෙ කරපු පාහර වැඩේ නිසා...උබ ගෑනියෙක් වෙලත් පිරිමියෙක්ට අත උස්සපු නිසා.."
"මන්..මොන පිරිමියටද අත ඉස්සුවෙ අහ්.."
"ඇයි උබ දන්නෙම නැද්ද අහ් ..උබට මතකද මේනගෙ තාත්තව හම්බෙන්න ගිය පලවෙනි දවසෙ උබ එක මිනිහෙක්ට අත ඉස්සුවා..අන්න ඒ මනුස්සයගෙ එකම පුතා යකෝ මන්...ඒ දවස් වල මන් හිටියෙ ඇමරිකාවල මේඝනා එක්ක..තාත්තා මට උබ කරපු වැඩේ ගැන කිව්වෙ නැතත් මේඝනාගෙ තාත්තා මට හැමදේම කිව්වා"
"ආ...ඇත්තද 😂...හැමදේම කිව්වද...මන් දන්නවනම් උබ ඒ තිරිසනාගෙ පුතා කියලා උබව දැක්ක පලවෙනි දවසෙ උබමට දාපු සමච්චල් හිනාවට තාත්තගෙ වගේම පුතාගෙත් කන රත් කරලා යන්නෙ"
"උබ ..උබ ..කරපු වැරැද්දවත් පිලිගනිම් යකෝ..මගේ අහින්සක තාත්තට උබ අත ඉස්සුවේ"
"අහින්සක කොහෙද කවද්ද යකෝ උබේ ඔය තාත්තා අහින්සක උනේ...මගේ මුලු පව්ලම විනාස කරේ උබේ ඔය මහලොකු තාත්තා තමයි"
"මගේ තාත්තා කවද්ද යකෝ උබේ ෆැමිලි එකක් විනාස කරේ..උබට පව්ලක් තිබිලා එපැයි පව්ල විනාස කරන්න.."
"මට තිබුණ පව්ල නැති කරේ උබේ තාත්තම තමා යකෝ.."
එහෙම කිව්ව මන් විරාට්'ට කතා කරලා ලැප් එක අරන් අශ්වින්ගෙ ඉස්සරහට ආවේ අශ්වින් කවදාවත් දැනගෙන නොහිටිය ඇත්තක් අශ්වින්ට පෙන්නන්න...
ඔව් මන් ඒ වීඩියෝ එක අශ්වින්ට පෙන්නනකම් අශ්වින් නිශ්ශබ්දව ඉස්සෙල්ලා තිබුන මුරණ්ඩු ගතිය අතෑරලා හොද අවදානෙන් ඒ වීඩියො එක බැලුවා...එකම එක තැනකදි අශ්වින් ඇස් තදට පියාගත්තා මට එතනදි තේරුණා මන් දකින්න අකමැතිම දර්ශනේ අශ්වින් පවා දැන් දැක්කා කියල...
තිබුන නිහැඩියාව බිදමින් මන් කතා කරන්න ගත්තෙ ඇස්වලින් කඩා හැලෙන කදුලු ඔහේ ගලාගෙන යන්න දීලා
මීට අවුරුදු 15 කට කලිම් හරියටම මට අවු:10 දි මටත් හිටියා මටත් තිබුනා ලස්සන පව්ලක් ..සේමසින්හ කියල රටේ නම ගිය බිස්නස් ෆැමිලි එකක්..කවදාවත් බිස්නස් නිසා තමන්ගෙ පව්ල අමතක නොකරපු තාත්තා කෙනෙක්...ඊටම ගැලපෙන ආදරනීය අම්මා කෙනෙක්..ඒ වගේම යන්තම් අවු:6 ක් උන මල්ලි පැටියෙක්...
අපි ගොඩක් සතුටින් සහයෝගෙන් ජීවත් උන..අපේ කියල නෑදැයො කවුරුත් නොහිටිය පව්ලක්..මොකද මගේ අම්මයි තාත්තයි දෙන්නම අනාත නිවාසෙක හැදුනේ..මගේ අම්මටනම් අම්මගෙම කියල නන්ගි කෙනෙක් හිටියත් තාත්තට එහෙම කෙනෙක් හිටියෙ නෑ..ඒ නිසාමදෝ මගේ අම්මටත් තාත්තටත් පව්ල කියන්නෙ ගොඩක් වැදගත් තැනක් උනා..ඒත්...මගේ තාත්තගෙ බිස්නස් නිසා අපි නොදැන අපිට ගොඩක් හතුරෝ හැදිලා තිබ්බා...එදත් ලස්සන දවසක්...මගේ පව්ලෙ අය එක්ක මන් අවසානෙට හිටිය දවස ඒ දවස...මන් මතක් කරන්න අකමැතිම ඒත් මට අමතක කරන්නම බැරි දවස...එදා වැස්ස දවසෙ තාත්තා එක්ක බිස්නස් වැඩකට කියල තවත් කෙනෙක් ගෙදර ආවා...එයාලා හොදින් ඒ වැඩේ කරා...ඒත් එකපාරම වෙඩි සද්දයක් ඇහුනා ...ඒ තාත්තාලා හිටිය බැල්කනිය පැත්තෙන්..මායි අම්මයි එතනට යන්න කලිම් එතනට දුවන් ගියෙ මල්ලි...තාත්තා ලේ පෙරන් බිම වැටිලා ඉන්නව දැක්ක මල්ලි තාත්තෙ කියලා කෑ ගහන් අඩනකොට ඒ තාත්තා එක්ක හිටිය මනුස්සයා මගේ මල්ලිගෙ ඔලුවට වෙඩි තිව්වෙ අපි බලන් ඉද්දිමයි..අම්මා මාව අම්මගෙ පිටිපස්සට දාලා බය වෙලා බලන් ඉන්නවත් එක්කම මට ක්ලාන්තයක් ආවෙ ලේ දකිනකොට මට කරකැවිල්ල එන එක සාමාන්‍ය දෙයක් නිසා..මල්ලි ලග හිටගෙන හිටිය ඒ මනුස්සයා අම්මටයි මටයි වෙඩි තිව්වෙ අපි දෙන්නත් ඉක්මනට තාත්තයි මල්ලියි ලගට යවන්න හිතන් වෙන්නැති ඒත් ආව වෙඩි පහරවල් සේරම මට නොවැදී තියෙන්න අම්මා බලාගත්තා...මට වෙඩි වැදුන බව අගවන්න අම්මා මගේ මුලු ඇග පුරාම අම්මගෙ ලේ තැවරුවා...