අස්ථාවර-❕

By Celeste_Lilou

6.6K 620 310

අස්ථාවර පද පෙළක් අන්තරාවක පටලලා නොලී ඒ පෙම් කවක් ලියන්නට සිදුවුනා! -අස්ථාවර.. Nonfic-01 ශ්‍රී ලංකා-02 Nonfict... More

1 වන පරිච්ඡේදය
2 වන පරිච්ඡේදය
3 වන පරිච්ඡේදය
4 වන පරිච්ඡේදය
5 වන පරිච්ඡේදය
6 වන පරිච්ඡේදය
-6 හි අවසන් කොටස.
7 වන පරිච්ඡේදය
08 වන පරිච්ඡේදය
09 වන පරිච්ඡේදය
10 වන පරිච්ඡේදය

11 වන පරිච්ඡේදය

453 27 14
By Celeste_Lilou

"ඔයා ආපහු ටීම් එකට එනවද?.."

"මොන පිස්සුද ආදී..ආපහු ක්‍රිකට් ගහන්න අරන් එක්සෑම් අනාගන්න බෑ..කලින් වගේ නම් මන් දුනිත වගේ ආට් වලට මාරු වෙනවා.."

"හ්ම්ම්...දුනිතලා මාරු උනේ මුලදිනේ..අනික ඔයා කෝමත් මාරු වෙන්න එපා..මන් හිච්චි ඩොක්ටර් ට කැමති...මගේ හිත හොද දොස්තර.."

"අම්මෝ ඉතින් නේද.."

මන් එයා ලගට ගිහින් කම්මුලක් මිරිකුවා.වේලාවට ස්කෝලේ ඇතුල නිසා පේන මානෙක ළමයි නෑ.පොඩි උන් උන්ගේ වැඩ.මෙන්න මේ මනුස්පයා රතුවෙලා අහක බලාගෙන.යස වැඩක් උනානේ මේක.

"ආග්‍රට කතා කරනවද?"

"ඌ කතා කරොත් විතරයි ඉතින්.."

"යුගාභිෂේක ළගයිනේ..."

"හ්ම්ම්...පහලොස්වෙනිදා කිව්වෙ.."

"එදාට ඔයා හෙඩ් බැච් එක ගහනවා බලන්න මන් හෙන ආසයි..."

"ෆෝන් ගේන්න නම් ලෑස්ති වෙන්න එපා දිව්‍යපුත්‍ර හාද?..."

"අනේ යනවා...හෙඩ් ප්‍රිෆෙක්ට්ව බොයිෆ්‍රෙන්ඩ් කරගත්තම නැද්ද හලෝ කිසිම වරප්‍රසාදයක්.."

"වරප්‍රාසාද නැහ්! සැමට එක නිතීය.."

"1978 මුලික අයිතිවාසිකම් ද?.."

"හඥේ.ඔව් ඔව්..පොලිටිකල් පොත් බදාගෙන ඉන්න මැත්ස්කාරයින්ව නම් යකාම කාපිය.."

"අනේ නිකන් ඉන්නවා..යකා කෑවොත් තියෙවි..එතෝට ඔව් තමුසෙට පුලුවන් නේ කොහෙන් හරි කෑල්ලක් හොයාගන්න.."

"මේ කෑල්ල ඉද්දි වෙන කෑලි මට එපා.."

ආද්විනුව අවුස්සත් හිතාගෙන මන් ආපහු කම්මුල මිරිකලා ඉණෙන් ඇදලා ගනිද්දි මට රවාගෙනම ලගට ආවා.වෙන්න හෙඩ් ප්‍රිෆෙක්ට් බයෝ ලැබ් එක පිටිපස්සේ මැයි ගහ ගාව පාරේ ක්‍රිකට් ටීම් කැප්ටන් ව තුරුල් කරන් ඉද්දි දකින උන් මොනා හිතයිද!! අවුලක් නෑ...දකින උන් මොනාහිතන්නත් කලින් කියලා තමා මන් හැමතැනින්ම කවර් උනු බෝගන්විලා ගහ අස්සේ හැන්ගුනේ.ඇත් දළ පාට හම අව්වට පිච්චිලා....අව්වත් එක්ක ඉරිසියායි මන් දැන් නම්.මොන මගුලක්ද මන්දා අප්පා..මේ මනුස්පයාව අව්වෙන් හංගලා තියන්න බැරිද දන්නෑ?

"මොනාද ඔච්චර කල්පනා කරන්නේ.."

"ඇත්තටම වෙන කෑල්ලක් හොයාගන්න බැලුවෙ..."

"ආ?.......ඇත්තටම මාව එපාද..."

ආතල් එකට කිව්වට මොකද ඒ ක්ෂනිකව මට හිතුනා කිව්වේ අපරාදේ කියලා.මූණත් බෙරිකරගෙන ඔලුව පාත් කරගනිද්දි අප පාසලේ අභිමානවත් ක්‍රිකට් කණ්ඩායමේ නායක ආද්විනු දිව්‍යදර අඩන්න ඔන්න මෙන්න ඉන්නේ කියලා මට පැහැදිලි උනා..

"ආදී...ළමයො..මොකද බන් මේ.ඇත්තටම මේ මගේ ආදීද? "

මට හෙන සැකයි...මීට අවුරුදු දෙකකට කලින් මන් ආදරේ කරන්න පටන් ගනිද්දි හිටපු ඒ ආදීයි....දැන් ඉන්න මේ ආදීයි..සම්පූර්ණයෙන්ම දෙන්නෙක්!!! ඉස්සර අඩනවා තියා හිතපුවත් නැති තනිකර බුම්මගත්තු කෙනා අද අනිත් මිනිස්සුන්ගෙන් ඈත්ම වෙලා මන් ලග ඉද්දි පොඩ්ඩ බැරිවෙන්න අඩන්න ගන්නවා කියලා මට තේරුනා.මේක මට මීටර් උනේ අද නෙමෙයි..එදා පුස්තකාලේ පිටිපස්සෙදිත් ආදී අඩපු දවසෙ...ඊටකලින් එයාලගේ ක්ලාස් එකෙදී...එදා මැච් එකෙදි...පස්සේ හොස්පිට්ල් එකෙදී...ඒ හැමදවසක්ම මට මැවිලා පෙනෙද්දි මන් ආපහු එයා දිහා බැලුවේ ඒ අළු පාට ඇස් මගෙන් පිට වෙනතක් බලා දුවද්දි...මට මේ වේලාවේ එන ප්‍රශ්න දැන් අහන්න බැහැ.ඒකට හොද වේලාවක් තියෙන්න ඕන.මේවට හේතු මොනවද කියලා මම හොයන්න ඕන...ගෙදරින් එන මොකක්ම හරි ප්‍රශ්නයක් මේවාට හේතු විදිහට මට ගන්න පුලුවන්!! ආදීගේ මේ වෙනස්වීමට තදේටම බලාපාලා තියෙන්නේ මිස්ටර් අතපත්‍තුද? ඔය පිස්සු මිනිහා මිසිස් අතපත්තු මැරුනු එකට බැන්නෙම ආදීට බව මම,ආග්‍ර අතර නම් රහසක් නෙමෙයි.ඒක අපි දෙන්නම හොදට දැනගෙන හිටපු දෙයක්.ඒත් කොහොමද මේවාට හොට දාන්නේ? ශිට් ශිට් ශිට්!!! මේවාට හොට දාන්න නම් මගේ ස්ථිරභාවයක් තියෙන්න ඕනමයි!..

"බබා....මේ අහන්න..මන් ඒක කිව්වේ විහිලුවට.ආයේ එහෙම කියන්නෑ හරිද..අනේ ඇයි මේ? මූණ එල්ලගන්නෙපා..මටත් අවුල් නේ.."

"ඔයා දාලා යන්නෑ නේද.....මොන දේ උනත්.."

"පිස්සුද බන්..දාලා යනවා නම් එදා උබට මන් අර වගේ කතා කරයිද? මැරෙන්න,මරන්න,මරාගන්න උනත් මේ ආර්යන් ඉන්නවා! ඒ ගැන සැකයක් තියාගන්න එපා.."

"ආරෝ අම්මා අපි මැද්දට ආවාත්?.."

"මේ මගෙන් අහගන්න එපා...කවුරු ආවාත් උබව දෙන්නෑ! මගේ කියලා එකපාරක් කිව්වනෙ..අම්මට බැරි නම් අර නමට ඉන්න අප්පටත් එන්න කියපන් උබව මන් කොහෙට හරි අරගෙන යනවා මිසක මන් උබව දෙන්නෑ!!!..."

"කොහෙද යන්නේ?"

"යන තැන එදාට පෙන්නන්නම්කෝ..හැබැයි ඒ තැනට එනකම් සද්ද නැතුව ඉන්න වෙනවා ආදී තේරුනාද? අන්න එදාට අතපත්තු යුවළට කොකා පෙන්නනවා මම...අනික මගේ යකා අවුස්සන්න එපා ඔය සමුගැනීම් ගැන කියවලා..මදිද දෙපැත්තක ඉදන් විදෙව්වා?..."

මිස්ටර් අතපත්තුත් කවදහරි පනීනේ මැද්දට.පනින්න කියන්නකෝ මන් මේ පනිනකම් තමා අතපය හතර බැදගෙන බලාගෙන ඉන්නේ! මටද යකෝ යන්න තැන් නැත්තේ? ලංකාව කියන්නේ එක තැනක් විතරයි.ඕන වෙලේක ඉන්දියා/කොරියා යන්න පුලුවන් මනුස්සයෙක් මේ ආර්යන් කියන්නේ...අප්පච්චිගේ පවුලේ අය ඕන තරම් ඉන්නවා.ඒ මිනිස්සුන්ව මන් අමතක කළාට ඒ මිනිස්සු මාව අමතක කළේ නැහැ.ආර්‍යන් මිතාශ්ම කියන්නේ හතරෙන් දෙකක් ඉන්දියන් ලේ කියලා වටේ ඉන්න හැමඑකාටම අමතක වෙන එකනේ වැඩේ..මගේ මව්රට ඉන්දියාව...තාත්තාත් ඉන්දියාවේ..ආරෝ අම්මාට විතරයි උපතින් නීත්‍යානුකූලව ශ්‍රී ලංකානු පුරවැසිභාවය හම්බුනේ..ඒත් ඉතින් එයාටත් කොරියන් සිටිසන් තියෙනවා..එතකොට මට? කොරියන් සිටිසන් නැති උනාට ගන්න විදි තියෙනවා! දැනටමත් ඉන්දියාවේ වගේම ලංකාවේ සිටිසන් තියෙනවනේ....

"යමුද.."

"යමු....අද හවසට මන් එනකම් ඉන්න..දවල්ට හම්බෙයි ද දන්නෑ..."

"හ්ම්ම්..."

"යුගාභිශේක ලග හින්දා අපිව කන්න හදනවා බන්...ස්කෝලේ නිතීවගයක් වෙනස් කරන්නලු යන්නේ! ඔයාට නම් මොකද ඉතින් මන් ලබන අවුරුද්දත් ගාටන්න එපැයි.."

"මටත් එන්න වෙනවා.."

"ආ? ඇයි? "

"ජුනියර් ක්‍රිකට් ටීම් ට්‍රේනින්"

"වොහ් ඇත්තනේ..ඒනම් හොදා...මට පාලු නැතිවෙයි..ඒත් ඉතින් ඔයා ග්‍රවුන්ඩ් එකෙනේ!! හඥේ මට බෑ අප්පා.."

"ඒත්......මන් ක්‍රිකට් වලින් අයින් වෙන්න හැදුවේ..."

"ආදී..."

"සොරි...මට ඒක කරගෙන යන්න අමාරුයි...ඇත්තටම.."

"ඒකට කමක් නැහැ..ඔයාට බැරි නම් අත් අරින්න! අල්ලන් ඉන්න එපා...."

"Thank you aru..."

"Its okay!"

එයා ඉන්නේ ඇත්තටම ප්‍රශ්නෙක!!
ක්‍රිකට් අතාරිනවා? මන් ගියේ මගෙ අතීතෙට...ඔලේවල් ඉවර වෙනකනුත් Under 16 ප්ලේ කරපු මම ක්‍රිකට් නවත්තද්දි ඒක කොච්චර වේදනාවක් උනාද ? දවස් ගණන් නොකා නොබී හරි ජීවත් වුනු ග්‍රවුන්ඩ් එක! ග්‍රවුන්ඩ් එකට බහින්න කලින් බදාගෙන ඉඹින බැට් එක...ගෙදර ඇවිත් රාජසුනක වගේ බෝලේ තියලා තියෙද්දි,ක්‍රිකට් බෑග් එක පුටුවක් උඩින් තියලා ඇහැ මානෙ තියාගෙන බලාගත්තු එ කාලෙ....ආයෙ එනවා නම් අන්න එන්න ඕන කාලේ!!
මෙලො මගුලක් නොහිතා අග්‍ර,මම,අනූප,ආදී ඔක්කොමලා එක ටීම් එකෙ සෙල්ලම් කරපු කාලෙ...ප්‍රැක්ටිස් මැච් වලට හවුස් බෙදිලා මරාගත්තු කාලේ...ඉදල හිටලා වලි යද්දි ගහන්න අරන් යන්න කැති පොලු නැති වෙද්දි විකට් පොලු උස්සන් ගියපු කාලේ...බිග්මැච් දවසක සෙන්ට්‍රල් එකෙ එකෙක්ට විකට් පොල්ලකින් ගහලා ඌව හොස්පිට්ල් තියලා ටීම් දෙකටම තහනම් වැටිලා හෙන මගුල් වුනු කාලෙ....ආයේ එනවා නම් මගේ ජිවීතේ මන් ආසම කාලේ..

එහෙව් සෙල්ලම් කරපු ක්‍රීඩාව නවත්තද්දි පිස්සු නොහැදුනු ටික විතරයි! හවස හත,අට වෙනකම් ග්‍රවුන්ඩ් එකෙ එහෙ මෙහෙ ගියපු ජිවීතේ ගෙදරට හුරු කරගන්න එක ලේසි පහසු දෙයක් නෙමෙයි..මටත් වඩා ක්‍රිකට් වලට කැප වුනු දැන් කැප්ටන් වෙලා ඉන්න ආදී ක්‍රිකට් නවත්තනවා කියන්නේ? පිස්සු හැදිලා ආයේ හැදෙන කතාවක් නේ යකෝ!! මට කිව්වොත් පියානෝ එක අයින් කරන්න කියලා...ඒක නම් මන් මැරුනත් කරන්නෑ!!

එවගේ තමා..ආදීත් මාරම ලව් එකෙන් හිටියේ ක්‍රිකට් වලට....නියමයි ආර්‍යන් දැන් උබ හොයපන් මේ අදහසට හේතුව වුනේ මොකද්ද කියලා..අනූප එක්ක කතා කරන්නම වෙනවා වගේ...මන් නොදන්න හුගක් දේවල් ඌ දන්නවා....

----

ඉන්ටවල් එකට පස්සේ පිරීයඩ් එකෙ ක්‍රිකට් ටීම් කැප්ටන්ටයි වයිස් කැප්ටන්ටයි එන්න කියලා අනවුස්මන්ට් එකක් යද්දි ආග්‍රත් අපේ ක්ලාස් එකෙන් එළියට බහිද්දි මැත්ස් ක්ලාස් එකෙ ජනේලෙන් මට එවෙලෙ නැගිටපු මූණක් පෙනුනා.ඒ පැත්තට ලාවට හිනාවක් දුන්නු මමත් නැගිටලා එලියට ආවේ මැත්ස් එකෙ අනූපව හම්බෙන්න යන්න කියලා හිතාගෙන.ඒත් උන්ගේ ඉංග්‍රිසි මැඩම් ඇවිත් උගන්නනවා.උගන්නනවා කිව්වට මොකද පුටුවේ ඉදන් ෆෝන් එකට කොටනවා.කොල්ලෝ ඔක්කොම වෙන වැඩ!! මන් ඉතින් නැති හයිය ආරූඪ කරගෙන මැඩම්ට ලොරි ටෝක් එකක් දුන්නා....වෙන්ඩ හෙඩා කියලා ඉතින් එලේවල් සෙක්ශන් එකෙ මැඩම්ලා දන්න නිසා සැලකුමත් වැඩීනේ!

"Excuse me Madam,Can I talk to Anupa Sashithya for a moment.As the secretary of Western Music Club."

"Okay Aryan."

අනූප මන් දිහයි-මැඩම් දිහායි මාරුවෙන් මාරුවට බලද්දි මැඩම් ඔලුව වැනුවා.මමත් ඉතින් අඩියට දෙකට ක්ලාස් එකෙන් එලියට ඇවිත් වංගුව හැරිලා පහල මිදුලට පඩිපෙළ බහින්න ගත්තේ අනූපත් පිටිපස්සෙන් එද්දි...පහළ මිදුලෙ කොට්ටම්බා ගහ ගාවින් මන් නැවතුනා.අපිට ඉස්සරහ බාස්කට්බෝල් කෝට් එක..ඉතින් මේ පැත්තේ කෝමත් ළමයි නැහැ.

"ඇයි ආර්‍යන්? මොකක් හරි ප්‍රශ්නයක්ද...මන් ඊස්ටන් එකෙ වයිස් ප්‍රසිඩන්ට් නේ? වෙස්ටන් මැඩම් මොනා හරි කිව්වද?.."

ඔව් ඉතින්,අනූප මෙහෙම අහන එකෙ වරදක් නැහැ.මොකද මන් මූත් එක්ක වැඩිය කතා කරන එකෙක් නෙමෙයි නේ.අනූපයි මමයි දෙන්නම කරේ සංගීත උනාට එයා පෙරදිග මන් අපරදිග....සාමාන්‍යයෙන් මැඩම්ලට බොරු කියද්දි පෙරදිග සීන් තකන්නේ කවුද? කලින් පිරීයඩ් එකෙ වොශෘම් ගිහින් ඇවිදින් ඊටපස්සෙ එකෙත් ආයෙ යන්න අහන උන් අපි!

"අනේ මියුසික් එකක් නෙමෙයි බන්! මන් උබෙන් අහන්න ආවේ වෙන එකක්..."

"මොනාද? ෆොටොග්‍රැෆි එකෙ මොනාහරිද?.."

"ෆොටොග්‍රැෆි බම්බුව! මට දැනගන්න ඕන ආද්විනු ගැන..හැබැයි මන් අහපු වග එයා දැනගන්න බෑ! මට ඇත්තම කියපන් හරිද? නිකන් බොරු කියලා වරද්දගන්න ලෑස්තිවෙන්න එපා.."

"මොනාද දැනගන්න ඕන..."

"ගෙදරින් මොනාහරි ප්‍රශ්නයක් වෙලාද? මිස්ටර් අතපත්තු මොකක් හරි කේස් එකක් දාලාද?.."

"බිස්නස් ගැන කියලා නම් නැටුවා වතාවක්...තව...උබ ගැන කියලත් බැන්නා.."

"මට හිතුනා...! මිසිස් ආරොටත් අමතන්න කාලේ ඇවිත් වගේ.."

"වලියට යන්න එපා බන්...ඕවා ඉවරවෙන්නෙ ආද්විනුගේ නිදහස නැතිවෙලා.."

"කවුද බන් අතපත්තුගෙ වයිෆ් ට කතා කරන්න යන්නේ? මන් යන්නේ මාව දාලා ගියපු වදපු අම්මට කතා කරන්නනේ..."

"ආර්‍යන්..."

අනූප මගේ දිහා බැලුවේ බයෙන් වගේ.ආරෝ අම්මව දැකලා දුක හිතෙන වේලාවල් වගේම තරහා යන වේලාවලුත් තියෙනවා! මන් සාධාරණයි...හා නැද්ද?

"මොකක්ද බිස්නස් වන්නම?..."

"එදා ආදී අපේ ගෙදර ආපු වෙලෙ..මේවා උබට නොකියලා වැඩක් නෑ.අන්කලුත් කේන්තියෙන් වගේ ආවා.මගෙන් ඇහුවම ටිකකට ආදීට කතා කරන්න එළියට යන්න පුලුවන්ද කියලා...මන් ගාඩ්න් එකෙ ඉද්දි මට ඇහුනා ඇතුලෙන් කෑගහනවා.ඒත් ටිකකින් එළියට ඇවිත් අන්කල් හිනාවෙලා ගියා..මන් ආදීව බලන්න ගියාට එයා හිටියේ නැහැ..ටික වෙලෙකින් වොශෘම් එකෙ ඉදන් ආවෙ...රෑ ආදීගේ කාමරේ බෙතඩීන් ටියුබ් එකක් දැකපු වෙලෙයි මට වෙන්න ඇති කියලා හිතුනු දේ තේරුනෙ...මේවා ලගකදි පටන්ගත්තුවා නෙමෙයි...ටික කාලෙක ඉදලා අතපත්තු මැන්ශන් එක ඇතුලේ වෙන දේවල්..."

"එතකොට මිසිස් ආරෝ??"

"එයා මොන ලෝකේ ඉන්නවද කවුද දන්නේ බන්? මිසිස් ආරෝ වැඩිහරියක් ඉන්නේ ලංකාවෙන් පිටනේ.."

"හ්ම්ම්...මන් ගැන කියලා මොනාද බැනලා තියෙන්නේ.."

"උබ ගැන කියලා නම් ඒ තරම් දෙයක් වෙලා නෑ..නිකන් බොරුවට යාදව් ලේ වලට අහුවෙලා විනාශ වෙන්න එපා කියලා.."

"ඔව් ඔව්..යාදව් ලේ වලට අහුවුනු හැමඑකාම විනාශ උනානේ.හිටහන්කෝ...යාදව් ලේ වලින් මුලින්ම විනාස කරන්නේ මම ඔන්න ඔය අතපත්තු පවුල."

"උබට ඕන මොනවද? ඒ පවුල විනාස කරන්නද?..."

"තවත් විනාස වෙන්න දෙයක් ඒ පවුලේ තියෙනවද?...මගේ පවුල මට නැති කරපු මිනිහටත් නමට විතරයි උගෙ පවුල තියෙන්නේ..ආදීව ඔය අපායෙන් මන් එළියට ගන්නවා..එදාට පස්සේ අතපත්තු ෆැමිලි එකෙන් විනාස වෙන්න දෙයක් නැතිවෙවී!"

"මොන දේ කරත්....තවත් ආදීව රිද්දන්න එපා.."

"ආපහු..මන් නිසා එහෙම නොවෙවී.."

අනූප මට ලාවට හිනාවෙද්දි මන් වැටිලා තියෙන කොට්ටම්බා කොළ දිහා බැලුවේ අමුතු ආවේගයක් ඇග පුරා දුවද්දි! ආදීගේ මේ වෙනසට හේතුව.....මිස්ටර් ප්‍රවීන් අතපත්තුගේ හැසීරිම!!

මේ දවස්වල මිනිහා ලංකාවේ නැති බව නම් මුළු රටෙන්ම භාගයක් දන්නවා ඇති.ඊටකලින් ආරෝහි කිම් එක්ක නම් කතා කරන්න වෙනවා.ඔක්කොටම කලින් මේවා ගැන ආද්විනු එක්ක කතා කරන්න ඕන...ඊටපස්සෙ තමයි කරන මගුලක් කරන්නේ..තව අර රතු ලියුම්කාරයා වුනු රෙඩ් ලේටර් සෙන්ඩර්වත් හොයාගන්න තුහාන් එක්ක ඇග්‍රිමන්ට් එකක් ගහන්නත් ඕන!! ඒක අද හවසට ගහමුකෝ....

--12 වන පරිච්ඡේදයෙන් හමුවෙමු --

හෙලෝව් ගායිස්ස්!!
රාත්‍රී දොළහත් පසුවී විනාඩි හතලිස් නවයක් ගත වෙලා...

ඔන්න ඉතින් අප්ඩේට්ස් දුන්නා...🤎🌙
සතියට දෙපාරක්වත් එන්න කියපු රීඩර්ස් ලා නිසාම තමා...mention කරන්න ඒ අයව හොයාගන්න නෑනේ...

කෝ වයිට් පෙයාස් එහෙම ඉන්නෝද??🤍🌚
*එක්කෙනෙක්ට ස්පෙශල් කරනවා නෙමෙයි.පෙයාස් ගෙඩියව මතක හිට්ටා ෆෘට් එකක් නිසා..*

ආයෙම එන්නම්කෝ හාද....බලන්න ඕන ආයේ එද්දි නම්..ටර්ම් ටෙස්ට්ස් ස්ටාට්ස් නේ..!!😶💗

-ගුඩ් නයිට් ළමායි!!
සෙලෙස්තේ ලීලෝ!

Continue Reading

You'll Also Like

6.6K 197 47
WOC SERIES SAMPINGAN XAVIER ADREAN X DAHLIA ARYANA Merupakan Karya Kedua Sha Dahlia Aryana. Dipaksa bekerja di kelab malam oleh ibu kandungnya sendir...
44.2K 5.9K 53
"ඒයි ඇටිකිච්ච ඔහොම ඉන්නවා" "නේත්‍ර, නේත්‍ර... මගේ නම නේත්‍ර" "මොකද උඹේ කට ඔච්චර සද්දෙ, මට ඔය වයසට වඩා උඩ පනින්න දඟලන ඇටි කිච්චන්ව පේන්න බෑ. ඒ නිසා මට...
34.1K 528 51
What the title said. You are a Worker Drone BTW Slow Updates because My motivation is dying.
5K 259 31
Scar/ Charlotte was just a normal girl TRYING TO WATCH HER NINJAGO. When suddenly she was sucked into Ninjago? Now Scar has to finish all the seasons...