"ජන්කුක්ගෙ ජීවිතේ මොන වගේ එකක් වෙන්නැතිද කියලා හිතලා බලලා තියෙනවද? එයත් සාමාන්‍ය මනුස්සයෙක් නෙවෙයිද අනිත් හැමෝම වගේම? සතුට, දුක, බය, ආදරය, රීදීම් මේ වගේ දේවල් එයාටත් දැනෙන්නෙ නැද්ද? එයාට මොනවගේ දෙයක් දැනුණත් අපි හැමදාම දකින්නේ එයා අපිට පෙන්නන දේවල් විතරමයි.. ජන්කුක් තමන්ගෙ පවුලෙන් ඈත් වෙලා තමන්ගෙ හීනෙට යන්න පාර කපාගන්න පටන්ගත්තේ ගොඩක් පොඩි වයසක ඉදන්.. ඒ වයසට දරාගන්න බැරි දේවල් කීයකටනම් එයා මුහුණ දෙන්න ඇතිද? හ්‍යුන්ග්ලා හයදෙනා කොච්චර එයත් එක්ක හිටියත්, ආදරේ දුන්නත් ජන්කුක්ට ඕනි හැමදෙයක්ම එයාලටත් දෙන්න බෑ නේද? ජන්කුක්ගෙ හිතෙත් ඇති වචනවලට හරවගන්න බැරි නැත්තම් වචන කරන්න එයාට තහංචි දාපු හැගීම් තොගයක්..
ට්‍රෙනි කෙනෙක් වෙන්න කලින් ඉදන් ජන්කුක් ගොඩක් ආදරේ කරපු එයාගේ පළවෙනි ආදරේ තමයි 'සේවොන්' කියන්නේ.. ජන්කුක්ව මුළු ලෝකයක්ම දන්නම වුණාට ජන්කුක්ගෙ ලෝකෙ වෙලා හිටපු මේ කෙල්ල ගැන දන්නේ අතේ ඇගිලි ගාණක තරමක පිරිසක් විතරයි..
ජන්කුක්ට දැන් ආදරේ කරන අය අතර එයාට ඇත්තටම ආදරේ කරන අතළොස්ස ඇරෙන්න, එයාගෙ පෙනුමට, එයාගෙ තත්වෙට, ප්‍රසිද්ධියට ආදරේ කරන- නෑ! උමතුවෙන් ඉන්න මිනිස්සුන්ගෙන් ජන්කුක් වටවෙලා ඉන්නේ.. ඒ වගේ අය එක්ක සසදල බලද්දී කිසිම දෙයක් නැතිකාලෙ, කිසිම දෙයක් බලාපොරොත්තු නොවී අහිංසකව ආදරේ දුන්නු සේවොන් ජන්කුක්ට ඇත්තටම ආදරෙයි නේද? හැමදේම තියෙන කාලෙක ආදරේ කරන අයයි, කිසි දෙයක් නැති කාලෙ ආදරේ දුන්නු අයයි අතර ලොකු වෙනසක් තියෙනවා..
අපිට දෙයක් ලබාගන්නම් ඒකට දෙයක් කැපකරන්නම වෙනවා.. ඒකයි ලෝක ධර්මතාවයි.. හීනයකට ලංවෙන්න වුණත් ඒදේ කරන්නම සිද්ධ වෙනවා.. අමාරුවෙන් වුණත් පවුලෙන් වගේම සේවොන්ගෙනුත් ඈත් වෙලා සෝල් යන්න ජන්කුක් හිත හදාගත්තේ 'කොච්චර කාලයක් ගතවුණත් ඔයා එනකම් මං බලන් ඉන්නවා, ඔයා අමතක කරත් මං ඔයාව අමතක කරන්නෙ නෑ.. මට ඔයාට දෙන්න දෙයක් නැති නිසා මේ පොරොන්දුව ඔයා ළග තියාගන්න..' කියලා සේවොන්ගෙන් ලැබුණු අහිංසක පොරොන්දුව නිසයි.. මේ ලෝකෙ ගැන කිසිදෙයක් නොතේරෙන කාලෙක වුණත් සේවොන්ගෙ ඒ පොරොන්දුව අව්‍යාජ එකක් බව ජන්කුක් දැනගෙන හිටියා.. ඒ නිසාම ඒක විශ්වාස කරා.. හයියක් කරගත්තා.. ඒත් තමන්ටත් වඩා විශ්වාස කරපු ඒ පොරොන්දුවම නිසා මෙච්චර විදවන්න වෙයි කියලා ජන්කුක් හීනෙකින්වත් හිතලා නැතුව ඇති.. ඒ මීට මාස 4කට කළින් දැනගන්න ලැබුණු දේ නිසා!
ජන්කුක් අයිඩල් කෙනෙක් විදිහට ඩෙබියුට් වුණාට පස්සෙ ගොඩක් කාර්යබහුලයි කියන එක රහසක් නෙවෙයි.. තමන්ගෙ පවුලෙ අයව වුණත් හිතු හැටියෙම මුණගැහෙන්න බැහැ.. අයිඩල් කෙනෙක් වුණාට පස්සෙ මේ ලෝකෙම බලන්න පුළුවන් වුණත්, මතක තියාගන්න බැරි තරමට මිනිස්සු මුණගැහුණත්, ජන්කුක්ගෙ හදවත බලන් හිටියෙ සේවොන්වම විතරයි.. අවුරුදු ගාණකින් දැකලා නැතත්, කටහඩවත් අහන්න බැරිවුණත් සේවොන්ව මතක් වෙනකොට ජන්කුක්ගෙ මූණෙ ඇදෙන හිනාවෙ වෙනසක් වුණේ නෑ.. ඒකයි ආදරේ ලස්සන!
ජන්කුක්ට සේවොන් එක්ක තිබුනු ලස්සනම මතකය, ඉස්කෝලෙ ඉවරවුණාම ඒ දෙන්නාගෙ රහසක් වුණු කන්දක් උඩට නැගලා බිම වාඩිවෙලා, අත් අල්ලගෙන ඉර බහින විදිහ බලන් ඉන්න එක.. හවස් හිරු එළියෙන් නැහැවෙන බුසාන්වල ලස්සන ගැන සේවොන් හැමදාම හිනාවෙවී කියෙව්වත් ජන්කුක් නම් හැමදාම බලන් හිටියේ ඒ හිරුඑලියට රත්තරන් පාටින් දිලිසෙන සේවොන්ගෙ මුහුණ දිහයි.. පොඩි දේවල් වුණත් ජන්කුක්ට ඒ මතක තාමත් අඩු නැතුව වටිනවා.. Such memories are still 'Golden' to him!
සේවොන් හම්බවෙන්න බලාපොරොත්තුවලින් හිත පුරවගෙන ජන්කුක් අන්තිමේදී සේවොන්ව හොයන් ගියත් එදා සේවොන් හිටියේ නෑ.. කාලයක් තිස්සෙ හෙව්වත් හොයාගන්න බැරිවුණා.. අන්තිමේදී ජන්කුක්ට දැනගන්න පුලුවන් වුණු දේ තමයි සේවොන්ගෙ පවුල බුසාන්වලින් මීට අවුරුදු කිහිපයකට කළින් ගිය බව.. හිත කලබල වුණත් සේවොන්ව හොයාගන්න ඕනි නිසා ජන්කුක් එයාගෙ කාර්‍යබහුල ජීවිතෙන් කාලය වෙන් කරගෙන, හ්‍යුන්ලගෙත් උදව් ඇතිව මාස කීපයකින් සේවොන්ගෙ පවුලෙ අය හියපු තැන හොයාගත්තා.. ඒක පොඩි ගමක්.. අන්තිමේදී සේවොන්ගෙ ගෙදර හොයාගත්තු ජන්කුක්, නොඉවසිල්ලෙන් සේවොන් දකිනකම් බලන් හිටියත් සේවොන්ගෙ අම්මා ඇස්වල කදුළු පුරවන් කියපු දෙයින් ජන්කුක්ට දැනුණ දේ තාමත් දන්නෙ ජන්කුක්ම විතරයි..'සේවොන් අපි හැමෝවම දාලා ගියා පුතේ!' එදා හ්‍යුන්ග්ලා ජන්කුක් එක්ක නෑවිත් හිටින්න ජන්කුක්ට ආයෙත් සෝල්වලටවත් එන්න බැරිවෙනවා..
ඔව්! සේවොන් ලේ පිළිකාවකින් නැති වෙලා..!
ජන්කුක්ට ඒක තාමත් විශ්වාස කරන්නවත් අමාරුයි.. හිතලා බලන්න එයාගෙ තැන හිටියනම් මොනවගේ අසරණකමක් දැනෙයිද කියලා.. තමන් වෙනුවෙන් බලන් ඉන්නම් කියලා පොරොන්දුවුණු කෙනා නොකියාම දාලාගියාම! ඒ කොහොාම වුණත් සේවොන් නම් තාමත් පොරොන්දුව රැකගෙන ජන්කුක් දිහා බලන් ඇති.. ඒත් ජන්කුක් මේ ලෝකෙ තනියෙන් විදවනවා.. ඒ හිත ලෝකෙට පේන්න හිනාවෙලා කොච්චර වේදනාවක්ද දරාගෙන ඉන්නේ.. කෙනෙක්ට පුළුවන් කියන්න එයාව අමතක කරලා මූව් ඔන් වෙන්න කියලා.. ඒත් ඒක කොච්චර අමාරු දෙයක්ද, ඒ වචන ටිකම මොනතරම් වේදනාවක්ද කියන එක දැනෙන්නෙ ඒ තත්වෙ අත්දැකපු කෙනෙක්ම විතරයි..පැළයක් ගලවලා අයින් කරනවා වගේ ආදරයක් උදුරලා දාන්න බෑ..ජන්කුක් ආයෙත් ආදරේ කරන්න හරි බයයි.. ආයෙත් බිදෙන්නයි බය.. පොරොන්දු දීලා ඒවා කැඩිලා යනහැටි බලන්න ඉන්නයි බය.. ඒකයි එයා මගෑරියේ ඔයාවත්.. ජන්කුක් වගේ බිදිලා ඉන්න කෙනෙක්ව තේරුම් අරන්, එයාගෙ බිදුණු කෑලිවලට අලුත් වටිනාකමක් දෙන එකයි කරන්න පුළුවන් දේ.. එහෙම කරද්දී ඔයාට තුවාල වෙන්න ත් පුළුවන්.. ඒත් එයාට ඇත්තටම ආදරෙයි නම්, එයා ගැන හිතනවනම් එයාව තේරුම්ගන්න බලන්න.. එයාට මේ වෙලාවෙ කවුරුත් නෑ නාරී!"
නාරි තාමත් උන්නේ කළුවරේම කාමරේට වෙලා අඩනගමන්..
එදා ටේහ්‍යුන් නාබිට කිව්වෙ මේ ගැන තමයි..නාබිගෙ වචන එකක්වත් අඩුනැතුව මතක් වෙනකොට නාරිට කියාගන්න බැරි තරම් දුකක් දැනුණා.. ඒත් එක හේතුවකටම සීමා වෙලා නෙවෙයි.. කිසි දෙයක් හොයන්නෙ බලන්නෙ නැතිව ජන්කුක්ට කියපු දේවල් නිසා නාරි ගොඩක් පසුතැවුණා.. සේවොන්ගෙ නැතිවීමත් එක්ක ජන්කුක් විදවන එකට තවත් දුක් වුණා.. ඒ වගේම නාරිගෙ හදවත පතුළේ රිදුම් දුන්නු තව එක කාරණයක් තමයි, ජන්කුක්ට ආදරයක් තිබුණයි කියන එක.. ඒත් නාරිට අයිතියක් නෑ ඒකට දුක්වෙන්න.. මොකද ඒ ජන්කුක්ගෙ ජීවිතේ නිසා.. ඒත් නාරිගෙ ජීවිතෙන් කොටසක් නෙවේද ජන්කුක් කියන්නෙ? ජන්කුක් සේවොන්ට කළා වගේ නාරිත් කළේ ජන්කුක්ට ආදරේ කරපු එකම තමයි..
අදුරු වෙලා තිබුණු කාමරේට ජනේලෙන් හද එළිය පෙරාගෙන ආවේ නාරිව සනසන්න වගේ.. ඇස්වල කදුළු පුරවන් නාරි ජනේලය ළගට ගියේ වේදනාව නැති කරගන්න..
"ජ- ජන්කුක්! මි- මියානෙ..හ්- මං කොහොමද ඔයාගෙන් සමාවවත් ඉල්ලන්නේ? ඇයි මං මෙහෙම!! සේවොන්! ඇ- ඇයි ඔයා ජන්කුක්ට පොරොන්දු ද්-දීලා එ-එයාව එහෙම දාලාගියේ.. කියලවත් නෙවෙයි ඔයා ගියේ.. කොහොමද ඒ වගෙ ආත්මාර්ථකාමි වුණේ!!! දන්නවද ඔයා?? ජන්කුක් ඔයා නැ- නැතුව කොච්චර විදවනවද කියලා? ඒ ආදරේ ලබන්න ඔයා වාසනාවන්තයි සේවොන්.. ඒත්- ඒත් එයා ළග ඉන්න ඔයාට පින නැතිවුණාද නැත්නම් ඔයාව නැති කරගන්න ජන්කුක් පවක් ක්-කරලද කියලා මට තේරෙන්නෙ න්-නෑ!..........."
හිතේ තියෙන වේදනාව වචනවලින් පිට කරන ගමන් නාරිට නින්ද ගිහින් තිබුණේ එයාටත් නොදැනීමයි..
___________________________________________________
"යාහ්!! ජියොන් ජන්කුක්! මේ දොර අරින්න!"
"මොනාද ජන්කුක් කරන්නේ.. කඩන්න කළින් මේ දොර අරිනවා!"
"ජින් හ්‍යුන්ග්! අනේ ජන්කුක්ට කියන්නකෝ"
රෑ දොළහත් පහුවෙලා ඩෝම් එකේ තාමත් කලබලේ ක්ලබ් එකේ ඉදන් බීගෙන ආපු ජන්කුක් හ්‍යුන්ග්ලව ඇහෙන්නෙවත් නැති ගාණට ගිහින් කාමරේ දොරත් වහගෙන, ඇතුළෙන් බඩු කැඩෙන බිදෙන ශබ්දත් ඇහෙන නිසයි.. හ්‍යුන්ග්ලා මෙච්චරටම කලබලවෙලා හිටියත් ජන්කුක්ට කිසි දෙයක් නෑගෙන ගාණයි..
මේ අතරේ ජන්කුක් බලන් හිටියෙ එයා අතින්ම බිදපු ෆොටෝ එක දිහයි.. ඒකේ වීදුරු කටු කාමරේම විසිරිලා.. වීදුරු කටුවටකට කැපිලා අතින් ලේ ගලන එක ගැනවත් ජන්කුක්ට හැගීමක් තිබුණේ නෑ.. එක දිගටම මුහුණ දෙන්න වුනු මේ දේවල් ජන්කුක්ට බර වැඩියි..
"සේවොන්!! කියනවා! දැන් තමුන්ට සතුටුද ආ?!? මුලින් මට ලොකු පොරොන්දු දුන්නා.. දන්නවද තමුන්ගෙ පොරොන්දු නිසා මට මැරෙන්න හිතිලා තිබුණු කාලවලදී මං හුස්ම ගත්තා කියලා? ඒත්! ඒත් දැන්! මං ඒ පොරොන්දු නිසාම මැරි මැරි ජීවත් වෙනවා වගේ!! ඇයි සේවොන් ඇයී! ඇයි මාව එහෙම දාලායනවනම් ඔයා මගේ ජීවීතේට ආවේ? ඇයි මාවත් එහෙනම් එක්කන් නොගියේ? ඔයා නිසා මට ආයේ ආදරේ කරන්න කොච්චර බයක් දැනෙනවද කියලා දන්නවද? ඔයා නිසා අද මේ මුකුත් නොදන්න අහිංසක කෙල්ලෙක්වත් මං ඇඩෙව්වා කියලා දන්නවද??! I Hate you Sewon ah!!"
ජන්කුක්ගෙ ඇස් රතුවෙලා, නහර ඉලිප්පිලා.. ඒත් එක කදුළක්වත් වැටුණේ නෑ.. උනන්න කදුළු නැද්ද, නැත්තම් අඩන්න එයා ළග කදුළු මදිද?
ඇල්කොහොල්වල සැරටත් එක්ක ජන්කුක්ට හිටගෙන ඉන්නවත් පණක් නෑ.. එයා එහෙමම බිමට වාරුවුණේ සේවොන්ගෙ බිදිලා ගියපු ෆොටෝ එකත් අතේ රදවගෙනමයි.. ජන්කුක්ගෙ හදවත පසුතැවුණා එයා කියපු දේවල් නිසා..
'ඔයා වැරැද්දක් කළේ නෑ සේවොනා.. But hating you is the only way it doesn't hurt!'
හ්‍යුන්ග්ලා දොරත් කඩාගෙන එනවත් එක්කම ජන්කුක් ඇස් වහගත්තේ එහෙම හිතන ගමනුයි..
----------------------------------------------------------------
"ඔ- ඔන්නී!! කෝ එයා??"
නාරි දුවගෙන ඇවිත් හති දාගෙනම ඇහුවහම නාබි රූම් එකක් පෙන්නලා ගියා..
නාරි දෙපාරක් නොහිතම ගිහින් දොර ඇරියා.. ඒත් කකුල් එතනම නැවතුනේ ඇතුළට යන්නද එපාද කියලා තීරණය කරගන්න බැරිව..
දොර ඇරෙන සද්දෙත් එක්කම ජන්කුක් ඉස්සරහ බැලුවම දැක්කේ බයවෙලා වගේ දොර ළග හිටන් ඉන්න නාරිව..
නාරි අන්තිමේදී දොරත් වහලා ජන්කුක් ළගට මුකුත් නොකියම ආවා.. ඊයේ රෑ ජන්කුක් සිහිසුන්ව කාමරේ වැටිලා ඉන්නකොට හ්‍යුන්ග්ලා එයාව හොස්පිට්ල් එකට ගෙනාවා.. ජන්කුක්ට ට්‍ර්‍රීට්මන්ට්ස් කළේ නාබි නිසා, නාබිගෙන් මේ ගැන දැනගත්ත ගමන්ම නාරි හොස්පිට්ල් එකට දුවන් ආවා.. ජන්කුක්ගෙ අත බැන්ඩේජ් කරලා.. මූණ මලානික වෙලා ගිහින්.. ජන්කුක්ව මෙහෙම දකින කොට නාරිට තවත් වේදනයි..
"ද්- දැන් කොහොමද ජන්කුක්ශී?"
නාරි අන්තිමේදී කටහඩ අවදි කළා.. ජන්කුක් හීනියට හිනා වෙලා කිව්වෙ එයාට ප්‍රශ්නයක් නෑ කියලා.. ඒත් ජන්කුක්ගෙ හිනාවෙ ව්‍යාජ බව නාරිට හොදින්ම තේරුණා..
"ජන්කුක්ශී"
නාරි ඇද ළග තිබුනු පුටුවෙන් වාඩි වුණා.. හෙඩ්බෝඩ් එකට හේත්තුවෙලා හිටපු ජන්කුකත් එයා දිහා බැලුවා..
"ම- මට සමාවෙන්න.. ඊයේ කියපු දේවල්වලට.. මං - අර්හ්! මට එහෙම කියන්න ඕනි වුණේ නෑ ජන්කුක්ශී! මං ඔයා ගැන හිතලා බලන්නෙවත් නැතුවයි එහෙම කිව්වේ.. සමා-"
"ඔයා සමාව ඉල්ලන්න ඕනි නෑ නාරි.. මට ඔයාට එහෙම නොකර ඉන්න තිබුණා.. මං නිසයි මේ හැමදෙයක්ම.."
"ඒ දේවල් ගැන දැන් හිතන්න එපා ජන්කුක්ශී! වෙච්ච දේවල් වෙලා ඉවර- ම්- මේ කව්ද?"
නාරි කියන්න ගියපු දේවල් නතර කරලා ඇහුවේ ජන්කුක්ගෙ කොට්ටෙට යට වෙලා තිබුණු පොඩි ෆොටෝ එක දැකලයි..
"මො- අහ් නෑ ! මේ..ම්ම්.. මුකුත් නෙවේ"
එහෙම කියපු ජන්කුක් ඒ ෆොටෝ එක ආයෙත් අතට අරන් ගුලි කරගත්තා..
"ඒ සේවොන්ද?"
නාරිගෙ කටින් ඒක පිටවුණේ එයාටත් නොදැනීමයි.. ඒත් ජන්කුක්ට ඒක ඇහුණා..
"ම්- මොකක්ද? ස්- සේවොන්? නාරි ඔයා එහෙමද ඇහුවේ?"
"අහ්!ම්.. නෑ නෑ ජන්කුක්ශී!"
"නාරි.. ඔයා ක්- කොහොමද සේවොන්ව දන්නේ?"
ජන්කුක්ගෙන් දැන් බේරිල්ලක් නෑ කියලා තේරුණු නිසා නාරි අන්තිමේදී කියන්න තීරණට කළා..
"ඔ- ඔන්නී ක්- කිව්වේ"
"......"
"ටේ ඔප්පා කියලා තියෙන්නෙ එයාට"
"....."
"ජන්කු-"
"දන්නවද නාරි? සේවොන් හරිම අහිංසක කෙල්ලෙක්.. එයා ගොඩක් කතාකරන්නෙවත් නෑ.. ඉස්සර හැමදාම පන්තියේ කොනකට වෙලයි ඉන්නෙත්.. මාත් ඒ වගේ නිසා එයා එක්ක කතාකරන්න ලැජ්ජාවෙන් හිටියේ.. එයා හරි ආසයි මේසේ උඩින් ඔලුව තියාගෙන පන්තියේ කොනේ ජනේලෙන් එළිය බලන් ඉන්න.. ඒ වෙලාවට එයාගෙ මූණටත් ඉර එළිය වැටිලා රත්තරං පාටින් දිලිසෙනවා.. මං ආසම ඒ දිහා බලන් ඉන්න.. ඔයාට මතකද අර ගෝල්ඩ්න් නෙක්ලස් එක? එදා මගේ අතේ තිබිලා ඔයා ඇහුවේ? සේවොන් මගෙන් කිසිම දෙයක් බලාපොරොත්තු වුනු කෙනෙක් නෙවේ.. ඒත් මං ඒ මතකවලට පාටක් දෙන්න ඒ නෙක්ලස් එක හැදෙව්වේ ආයේ එයාව හම්බෙන දවසට එයාට දෙන්න.. ඒත් මං එහෙම යනකොට..එ - එය-"
එහෙම කියද්දි, බිංදුව බිංදුව ජන්කුක්ගෙ ඇස්වල එකතුවෙලා තිබුණු කදුළු දරාගැනීමේ උපරිමේටම ඇවිත් කම්මුල් දිගේ කඩා හැලෙන්න පටන් ගත්තේ එයාගෙ කටහඩටත් විලංගු දාගෙනමයි..
සේවොන් ගැන කියද්දී වේදනාව එක්ක ආදරෙන් පිරුණු ජන්කුක්ගෙ ඇස් දෙක දිහා නාරි බලන් හිටියේ එයාගෙ පපුවටත් වේදනාවක් ගෙන එනකොටයි..
ජන්කුක්ගෙ ඇස්වලින් කදුළු එනවත් එක්කම නාරි නැගිටලා ජන්කුක්ව එයාගෙ පපුවට තදකරගෙන බදාගත්තේ එයාගෙ දුකින් ටිකක් හරි අරගන්න..
"අනේ-හ්- නාරි-හ්! ඇ-ඇයි එයා මාව දාලා ගියේ?"
ජන්කුකත් නාරිට තුරුල් වෙලා තවත් හයියෙන් අඩන්න පටන් ගත්තේ මෙච්චරකල් හිතේ හිරකරගෙන හිටපු හැම වේදනාවක්ම පිටකරනගමන්.. ඒත් එයා දැනගෙන හිටියේ නෑ වේදනාව එක්ක පිටවෙන එයාගෙ කදුළු නාරිවත් ඒ තරමටම රිද්දුවා කියලා..
"ජ- ජන්කූකී! සේවොන් ඔයාව දාලා ගියා තමයි.. ඒත් ඒකට එයා වැරදි නෑ ජන්කූකී.. සේවොන් හිටියනම් එයා කොච්චර නම් විදවයිද? එයා ඒ හැම දෙයකින්ම දැන් නිදහස්නෙ කුකී.."
නාරිගෙ වචන නිසා ජන්කුක්ගෙ ඇස්වලට තව තවත් කදුළු එකතුකරා.. ඉකී ගැසීම් එක්ක ගැස්සෙන ජන්කුක්ව පුළුවන් තරම් තදින් බදාගෙන නාරි මේ දේවල් ජන්කුක්ට කියන්න අමාරුවෙන් හරි හිත හදාගත්තේ ඒක කරන්න පුළුවන් හොදම දේ නිසයි..
"ඔයාට ඕනි එයා මීට වඩා හොද තැනක ඉන්නවට නෙවෙයිද කුකී? ඔයා එයාගෙන් ඈතට යන එක කොච්චර වේදනාවක් වුණත් සේවොන්ට ඕනි වුණේ ඔයා ඔයාගෙ හීනෙට යනවා බලන්න.. මොකද ඒක ඔයාගෙ සතුට නිසා.. ඔයත් එහෙම නෙවෙයිද වෙන්න ඕනී.. සේවොන්ගෙ සතුට ගැනත් ඔයා හිතන්න ඕනි නේද? ඒත් ඔයා මේ වගේ ඉන්නකොට සේවොන් කොහොමද හිත හදාගෙන එයාගෙ සතුට හොයන් යන්නෙ..ම්? එයා ඔයා දිහන් බලන් ඉන්නෙ කුකී! ඔයා එනකම් බලන් ඉන්නවා කියලා පොරොන්දු වුණු එයා තාමත් ඔයා දිහා බලන් ඉන්නේ.. ඉතින් ඔයාව මේ විදිහට දකිනකොට එයාට කොච්චර දුකක් දැනෙනවා ඇද්ද? මං ඔයා නෙවෙයි නිසා ඔයාගෙ හැගීම මට ඒ වගේම නොතේරුණත් මේක ගොඩක් අමාරුයි කියලා මං දන්නවා.. ඒත් ඔයාට ඒදේ කරන්නම වෙනවා කුකී.. සේවොන්ට දැන් යන්න දෙන්න.. එයා ගොඩක් සතුටින් ඉදී.. ඒ වගේම ඔයත් සතුටින් ඉන්න ඕනී.. එයාට ඕනි වුණා වගේ.. එයා වෙනුවෙන් ඔයාට කරන්න තියෙන්නෙ ඒකයි කුකී!"